
මේ කියන කාලෙ වෙද්දි මං බබා ටිකක් ලොකුයි. අම්මා සල්ලි ටිකක් අත මිට මෙලෙව්වම ළඟ තියෙන කඩේට ගිහින් ඒ කියන දෙයක් අරන් එන්නත් බබාට පුළුවන්. ඒ කාලෙ ඉතින් දැන් කාලෙ වගේ නෙවේනෙ. මග දිගට හිටියෙ තනියම පාරෙ යනවා දකිනකොට කොහේද යන්නෙ, කාත් එක්කද යන්නෙ කියලා අහලා ටවුන් එක පැත්තට යනවා නම් බබාවත් පරෙස්සමින් කඩේ ළඟට එක්කන් යන නැන්දලා මාමලා හින්දා බබාගෙ අම්මටත් බයක් දැනුනෙ නෑ වෙන්ටැ. ඉතින් මෙහෙම කඩේට යන බබා දවසක් හිස් වීදුරු බෝතලයක් අරන් ගිහින් ඒකට භූමිතෙල් ගැලුමක් ගේන්න කියලා අම්මා කිව්ව බවක් කඩේ මුදලාලි මාමට කිව්ව එක අහන්න ඔට්ටු නෑ හරිද?


