හැමදාම උදේට පොඩි උන් දෙන්නා ඉස්කෝලෙ යවන්න ලැහැස්ති කරනකොට මට නිතරම මතක් වෙන්නෙ අපි පුංචි කාලෙ ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙච්චි හැටි.... පාසැල් නිල ඇඳුම නිසා අපි වින්ද වදයක්... තවමත් එහෙම වෙන්න ඇති....
සුදු ගවුම් අයන් කරන එක තරම් පෙන්නන්න බැරි වැඩක් මට තවත් නෑ ඒ දවස්වල.....මොන තරම් පරෙස්සමින් ලස්සනට රැලි තියලා අයන් කරලා ඇඳන් ගියත් එක පාරක් කොහේ හරි වාඩිවුනු ගමන් ඒ ඔක්කොම ඉවරයි.... අනේ අර මහන්සිය.... ඒ මදිවට අපට තව යුද්දයක් තිබුණා..... ඉස්කෝලෙ යන්න හැතැප්ම දහයක් විතර බස් එකෙන් යන්න තිබ්බ නිසා ගොඩ වෙලාවට බස් එකේ පළවෙනි ගමනෙදි තමයි අපට යන්න වෙන්නෙ.... අනේ ඉතින් අර ලස්සනට රැලි තියාගෙන සුදට සුදේ ඇඳන් යන ගවුම ඔක්කොම ඉවරයි, ඒ බස් එකක කල්ප කාලෙකින් වතුර පොදක් නොදැකපු සීට් එකක වාඩි වුනු ගමන්.....අර සීට්වල තියෙන කුණු දහ ජරාව ඔක්කොම එක්කො පිටේ සීල් තියලා, නැත්නම් සායෙ..... අනේ ඉතින් මතක ඇතුව පත්තර කෑලි අරන් ගිහින් සීට් ඌරච්චි කරලා තමයි ඒවයෙ වාඩි වෙන්නෙ.... එහෙම කළත් හේත්තු වෙන්න බෑ....
ඊට පස්සෙ ඉතින් හවස ආපහු එනකොට අර චිරිබිරිච්චි වෙච්චි බස් එක ඇතුලෙ එක එකාගෙ කිහිළි අස්සෙ රිංගලා තනි අණ්ඩෙන් හිටගෙන ඇවිත් ගෙදර එනකොට හොඳ පුස්ඹ.... තමුන්ගෙ දාඩිය විතරක් නෙවෙයි අනිත් උන්ගෙ ඒවත් අරන්නෙ එන්නෙ....දවසක් ඔහොම අපි තුන්දෙනා එනකොට අහම්බෙන් වගේ තාත්ත ගෙදර.... තුන්දෙනා සුවඳ ගහගෙන ගෙට ගොඩ වෙනකොට තාත්තගෙ නහය කඩල යන්නැති... එදාම අම්මට ඕඩරේ දවස් පහට අඳින්න සුදු ගවුම් පහ ගානෙ මහල දෙන්න කියලා.... එතකම් තිබ්බෙ එකාට දෙක ගානෙ... කොට වෙච්චි, පරණ වෙච්චි තුන්වෙනි එකක් පැත්තකින් තිබ්බ.... ඒක ඇන්දෙ නෑ ස්ටයිල් එකට මදි හින්දා..... අළුත් ගවුම් ආවට පස්සෙ ලස්සනට ඇඳන් ගියාට අලි මදිවට හරක් කිව්ව වගේ සති අන්තෙ හෝදපල්ලකො සුදු ගවුම් පහක්.... ඒ විතරක්යැ... අයන් කරන්නත් එපැයි.... ඒ දවස්වල සුදු ඇඳුම්වලට නිල් දාන එක ගැන අම්මා ඇහැ ගහගෙන නොහිටියොත් අපේ සූටි නගා නම් ඊට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ රොබින් කුරුල්ලා වගේ..... අපි හිනාවෙනකොට රණ්ඩුවෙලා අඬලා තමයි පිටත් වෙන්නෙ....
ඒ ඔක්කොමත් හරි...සපත්තු..!! අපි ඒ දවස්වල දැම්මෙ සුදු පාට කැන්වස් සපත්තු... පස්සෙ කාලෙක නම් ඒව වෙනස් උනා.... හප්පොච්චියේ.... සුදු ගවුම් හේදිල්ලත් හරි, සපත්තු සුද්ද කිරිල්ලත් හරි..... ඒවා දාපු අය දන්නව ඇති රඟ.... සුද්ද කරලා, පයිප්ලේ උලල සුදු පාට කරලා, වේලලා.... අනේ ඒ අතින් දැන් ළමයි මොනතරම් වාසනාවන්තද..... ඒ මොනව කළත් එක පාරයි බස් එකේ යන්න ඕන.... බහිනකොට නොයෙකුත් පාටවල්..... ඒක දකිනකොට ඉතින් කකුළ් පාගපු උන්ට හිතෙන් %&$ කිය කියා තමයි යන්නෙ....
ඔන්න ඔය කාලෙ ආව අළුත් සපත්තු ජාතියක් 'නෝර්ත් ස්ටාර්' කියලා.... දන්න අයට නම් හිනාවක් යන්න ඇති නම කියවනකොට..... සුදු කරන්න ඕන නෑ, පණ යනකම් උලන්න ඕන නෑ.... ඉතින් මාත් ගත්ත පැන්න ගමන් ඔයින් දෙකක්.... ආයිස් අප්පා සනීපෙ.... මෙන්න බොලේ සති දෙකක් විතර යනකොට තමයි ප්‍රතිඵල එන්න පටන් ගත්තෙ.... ගෙදර ගිහින් සපත්තු දෙක ගලවල ඉන්නකොට ටික ටික නහය කඩල යන සුවඳක් එන්න පටන් ගත්තා.... වැඩේ තව ටිකක් නැගලා යනකොට අම්ම මට ඕඩර් කළා සපත්තු දෙක එළියෙ ගලවලා අව්වෙන් තියලා ගෙට එන්න.... හප්පට සිරි... අන්තිමේදි මට කකුල් සබන් දාල හෝදගන්නෙ නැතුව ගෙට එන්නත් තහනම්....ඒක තවදුරටත් සාර්ථක වෙච්චි පාර මට රෑටවත් සපත්තු දෙක ගෙට ගන්න තහනම් උනා.... අන්තිමට දවසක් උදේ බලනකොට එක සපත්තුවයි තියෙන්නෙ.... අනික බලුවහන්සෙ කෙනෙක් වළඳලා කරවල කියල හිතාගෙන.....
හඉල්ස් හිනා වෙලා පණ ගියා...
ReplyDeleteමටත් මතක් වෙනකොට හිනා යනව අනේ....
Deleteනෝර්ත් ස්ටාර් සපත්තු මටත් මතකයි.....
ReplyDeleteආයෙ ලියන්ඩ ගත්තු එක ගැන බොහොම සතුටුයි...
පැළඳලා අත්දැකීමක් හෙම නැද්ද...?
Deleteස්තුතියි සෙන්නා....
"අනික බලුවහන්සෙ කෙනෙක් වළඳලා කරවල කියල හිතාගෙන....
ReplyDeleteහි..හි.. හිනාවෙලා පන ගියා..
පස්සෙ පුදුම හිතුනා අනිත් එක ඉතුරු කරපු එක ගැන.... :D
Deleteබල්ලො ඇය් හැම තිස්සෙම එක සපත්තුවක් විතරක් කන්නේ?
Deleteඇත්තටම කතා කරන්න පුළුවන් බලු හාමි කෙනෙක් හොයාගෙන අහන්නම වටිනවා.... :D
Deleteමටත් ඔය කරවල සහ සපත්තු වල අත්දැකීම තියනවා ඒ හන්දා ඔන්න මමත් අත ඉස්සුවා
ReplyDelete…
…මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
හික්ස්... ඔය ඉන්නෙ කට්ටිය....
Deleteමාත් පොඩි කාලේ ඉස්කෝලේ ගිය හැටි ආපු හැටි මතක් උනා මේක කියෙවුවම...
ReplyDeleteදැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නෙ ඒ මතකය විතරයිනෙ නේද....?
Deleteහිකිස්...
ReplyDeleteහික්ස්...
Deleteලස්සන විස්තරයක්. චිත්ත රූප මැවෙන විදියට ලියලා තියනවා. කියවනකොට හිනා ගියත් එක්ක.:)
ReplyDeleteඔන්න මම එකද? තෑගි ඔනේ.
තෑග්ගට හම්බෙනවා ඉතිවුන සපත්තුව..
Deleteවැරදි තෑගි නෑ...
Deleteඔය පොඩ්ඩිට ඇති පදම් උත්තර ලැබිලා තියෙන්නෙ.... හික්ස්....
Delete//"අනික බලුවහන්සෙ කෙනෙක් වළඳලා කරවල කියල හිතාගෙන....//
ReplyDeleteමේ ටික නියමයි! ඇති වෙන්න හිනා වුණා!
ඒ සපත්තු දෙක නිසා මට වැඩිය වද වින්දෙ අපෙ අම්මා... එදා නම් අම්මට පුදුම සැනසීමක් දැනෙන්නැති.... :D
Deleteඅපේ මලයගේ සපත්තුවත් එහෙමයි. මහ කුණු කරෝල ගඳක් එන්නේ.
ReplyDeleteමේස් එක බැරි වෙලාවත් නහයට ලං කලොත් එදාට කලන්තේ දානවා !
ඒ කාලෙ දාපු මගේ මේස් දෙක නම් මංවත් නහයට ලං කොරේ නෑ වැරදිලාවත්.... ඒත් හැම එකටම ඉව අල්ල අල්ල යන අපේ ගෙදර හිටිය නැන්දා නම් දවසක් ඒක නහයට ලං කරලා හූ තියාගෙන දිව්වා.... වෙන මොනාවත් හින්ද නෙවේ... බැරිවෙලාවත් එයාට ඒක හෝදන්න වෙයි කියල බයේ.....
Deleteඅනේ නෝර්ත් ස්ටාර්නම් දන්නෙ නෑ.හැබැයි කැන්වස් සපත්තු අත්දැකීමනම් තියෙනවා.හුණු ගාලා ඉවරයක් නෑ. ඊට පස්සෙනම් හෝදන ඒවා තමා.නිවාඩු කාලෙ ඉවර වෙලා යනකොට කිරි සුදු කරගෙන යන්නෙ වරුවක් විතර හෝදලා.
ReplyDeleteමට උනේ ඔය සෝදන ඒවා දාන්න පටන් ගත්තට පස්සෙ, වතුර දාලා සෝදලා වැඩි දවසක් යන්න කලින් උඩ කෑල්ල වෙනමයි, අඩිය වෙනමයි අත් දෙකට ආපු එක..... ඊට පස්සෙ අරන් දීපුව නම් මොන දෙයියන්නාන්සෙ කිව්වත් හේදුවේ මම නෙවේ.....
Deleteඅපි නම් සුදු ගවුමටත් එක එක ෆැෂන් කළා. ගවුමෙ පටිය දාන තැන හිප් එකේ තැබීම, රැළි අඩු කිරීම, කරාබු නොදැනීම, කලු පාට ඔරලෝසු පටියේ ගල් ස්ටිකර් ඇලවීම..... එක එක ඒවා....
ReplyDeleteසපත්තු ගැන නම් කතා කර වැඩක් නැත. අපේ ජන්ප්‍රියම සපත්තු තමයි ඩී එස් අයි ස්පොර්ට්ස්... අවුරුද්දකට සැරයක්වත් හෝදන්නෙ නෑ. අප්පච්චි ඉස්සර හැමදාම මගෙන් අහනවා "පුතේ ඔයා යන්නෙ ජෙනිංස් එකටද කියලා" මොකද අපේ පැත්තෙ තියනවා දුඹුරු පාට සපත්තු දාන ඉන්ටනැෂනල් ස්කූල් එකක් ජෙනිංස් කියලා
අපි ලොකුවටම කළේ ඉණ පහළට දාල ඇඳපු එක.... බෙල්ට් එක ගවුමට ඇල්ලුවේ ගවුමේ පිටිපස්සෙන්.... ඒ කාලෙ අපේ සූලොජි මිස්ට ඕක පේන්න බෑ.... අපි ලැබ් එකේ වාඩිවෙලා ඉන්නකොට එයා යනව වටේට කෙල්ලන්ගෙ ගවුම් දිහා බලාගෙන.... වාඩිවෙලා ඉන්නකොට බෙල්ට් එක හරියට ඉණට යනවනෙ.... ඉතින් ඊට වඩා පහළින් බෙල්ට් තියෙන උන්ගෙ හරියට ඉණ තියෙන තැනින් මේ මනුස්සය අඳිනවා කාබන් පෑනෙන් ඉරක්.... ඕක යන්නෙත් නෑනෙ සේදුවට.... අපට ඉතින් ඌරු ජුවල් එයත් එක්ක ඒ දවස්වල.....
Deleteහික්ස්.... අර සපත්තු දෙකේ පාට ගැන හිතා ගත්තැහැකි..... අපේ ඉස්කෝලෙ එහෙම එව්ව දාන් ආව කොල්ලො නම්....
ඕ.. කාබන්.. ඒ දවස්වල මගෙත් හතුරා.. ඒත් සිග්නල් ටිකක් දැම්මාම යනවා..
Deleteඅපරාදෙ ඒක දැනගෙන හිටියෙ නැත්තෙ ඒ දවස්වල...
Deleteක්සැන්ඩර් නම වෙනස් කරල වගේ.... :D
ගූගල් ප්ලස් එක මාව කේජ් කළා..
Deleteඑහේම කට්ටක් කාපු නිසානේ දැන් ඔයවගේ හොඳ ජිවිතය්ක් ගතකරන්නේ නේද..අද කාලේ බොහෝ ලමයි සුරසැප විඳලා ජිවිතේ කටුකනව වැඩිහිටි උනහම මොකැ මහන්සියේ අගය නොදන්න නිසා. මටත් පාසල් කාලය මතකෙට ආවා
ReplyDeleteඅද ළමයින්ට තියෙන පහසුකම් වලින් අරික්කාලක්වත් තිබුනෙ නෑනෙ අපට ඒ දවස්වල.... ඒ උනාට අපි ඒ කාලෙ හොඳට ඒ දේවල් වින්දා නේද.... දැන් ළමයින්ට ඒ වාසනාව නෑනෙ.... ටියුෂන්...ටියුෂන්...ටියුෂන්....
DeleteBata Kiks my favorite
ReplyDeleteඅතරින් පතර එව්වත් දැම්ම කියල මතකයි.... සෝදන්න වැඩිය මහන්සි වෙන්න ඕනෙ උනේ නෑනෙ....
Deleteආවෙත් අදයි මේ පැත්තට...
ReplyDeleteආව ගමන් සුදු ගවුමක් මතක් කොරලා... ඉතිං කට පියං යන්න පුළුවනෑ.....
මටත් පෙන්නන්න බැරි වැඩේ තමයි ඔය අයන් කිරිල්ල... කොහොමත් පොඩි වෙන එකනෙ කියලා මම හොදට අයන් කරන්නේ උඩ කෑල්ල විතරයි... සාය එක පැත්තක් එක පාරයි... දෙපාරින් වැඩේ ඉවරයි... නොහොමත් ඔය සාය හොදට අතින් මැදලා ඉදගන්න සිරිතක් මට තිබ්බේ නෑ... ඉතිං ඕක පොඩි උනා කියලා මට ගානක් තිබ්බෙත් නෑ...
සපත්තු වල සුවද ගැන නම් ඉතිං ආයිත් කියලා වැඩක් නෑ නේ.......
ඔහොම අයන් කළා අපේ සූටි නගා නම්.... අර අයන් කරනකොට පිටේ ඉරිත් තිබ්බද උරහිස කිට්ටුවෙන්...? එහෙමත් මෝස්තරයක් තිබුනනෙ ඒ කාලෙ.... සමහරු ඉරි දෙක තුනත් තියාගෙනත් අයන් කරන් ආවා.....
Deleteසුදු ගවුමට මෝස්තර කරන සිරිතක් මගේ තිබුනේ නෑ....ඕක හවස් වෙනකම් ඇගේ තියෙනවනම් මට එච්චරයි... මට තියෙන දැගලිල්ලට ඕක කොහොමත් පොඩි වෙලා පාට පාට වෙලා තමා නවතින්‌ෙන්... අම්මත් එක්ක වලි දාගන්නේ දණිස්සටත් අඟල් දෙක තුනක් දිගට මැහුවම විතරයි... අම්මලට හොදයි අපිට නරකයි කියලා අඩලා අඩලා දණිස්සට අඟලක් විතර දික් වෙන්න හදා ගන්නවා....
Deleteඒ ලෙවල් වෙනකම්ම මම එහෙම තමයි....
අපේ තාත්තලා ඔය පුරුද්දටද මන්දා අපි ලඟක් වෙනකම් පාවිච්චි කරපු DSI සපත්තුත් සති අන්තෙදි අපිට කියෝලා හෝදලා වේලලා පොලිෂ් කරවනවා..ලික්විඩ් පොලිශ් එක අල්ලන්නවත් දුන්නේ නෑ!
ReplyDeleteහොඳ වෙලාවට අපට ඔය පොලිෂ් කිරිල්ල තිබ්බෙ නැත්තෙ... කළු සපත්තු දාපු කොල්ලන්ට නම් ඒ වදෙත් තිබුණා නේන්නම්....
Deleteඅපිත් ඔහොම්ම තමා .. හැබැයි බස් එකේ නොගිය නිසා අගහරුවාදා විතර වෙනකන් සපත්තු දෙක හොදට තිබුණා.. ගවුම් නම් කොහොමත් අපේ අම්මි අපිට හෝදන්න දුන්නෙ නෑ.. (දුන්නනම් වෙන සන්තෑසිය අම්මි දැනගෙන ඉන්න ඇති !)
ReplyDeleteබස්වල නොගියා නම් ටිකක් විතර බේරිලා.... අපේ තාත්ත තමයි අම්මට නීතිය දාල තිබ්බෙ අපේ ඇඳුම් අපටම හෝදගන්න අරින්න කියලා.....
Deleteමට හිනා උදේ පාන්දර..අපේ ගෙදර උන්න රෙදි කන බල්ලෙක්..
ReplyDeleteඔය බලුසන්ලා ඔය වගේ වැඩවලට පුරුදු උනාම ඒක අතාරින්නෙම නෑනෙ.... අර මං කිව්ව වහන්සෙ ඊට පස්සෙ එළියෙ තිබ්බ නම් කාගෙ හරි සපත්තු දෙකක්, දුන්න වැඩේ..... අන්තිමට අපෙ ගෙදරට එන අමුත්තන්ව, අපේ සපත්තු සෙරෙප්පු දීල පිටත් කරන්න වෙච්චි කාලෙකුත් තිබ්බ, උන්දගෙ හොඳකමට....
Deleteදැං තියෙන සපත්තූ ජාත් දැක්කම අපි ඒ කාලේ දාගෙන ගිය ටෙනිස් ෂූස් ගැන දුක හිතෙනවා. කිවි හුනු බෝතල් එන්න ඉස්සෙල්ලා තිබ්බේ සබං කැට වගේ ජාතියක් උරච්චි කරලා සපත්තු සුදු කරගන්න, දැං ඒකට...ලස්සන අතීතයක්...ඒත් දැං පොඩ්ඩන්ට ඔය වගේ ලස්සන අතීත නෑ..ඔක්කොම මොඩිෆයි වෙලා....
ReplyDeleteඒ සබන් කැටේ වගේ එකට කිව්වෙ පයිප්ලේ කියලා.... රවුම් කැටයක්.... සමහරු පොල් කොහු වලින් අතුල්ලලා, ඊට උඩින් පයිප්ලේ ගාගෙන එනවා කොහු කෑලි වලින් රටා තියාගෙන.... ඒ නිසා මං සුද්ද කළේ පරණ දත් බුරුසු වලින්....
Deleteදැන් ඉතින් කිළුටු වෙනකොට විසි කළා, අළුත් දෙකක් ගත්තනෙ.... අපේ උන්ගෙ සපත්තු කවදාවත් සෝදලා නෑ....
අපිට ඉතින් ඒ හැටි අමාරුවක් නැහැ කළු සපත්තු හිටපු ගමන පොල්තෙල් ටිකක් ගානවා මාර ෂයින් එක. දවල් වෙද්දී වටේම තියෙන දුවිලි එකතුවෙලා.
ReplyDeleteදිග කලිසම් අඳින්න ගත්තයින් පස්සේ තමා ඇඳුම ගැන ටිකක් උනන්දු වුනේ.
මට මැවිලා පේනවා පොල්තෙල් වලට දූවිලි ඇලිලා තියෙන හැටි... හික්ස්...
Deleteඅපි නම් ඉතින් සුදු ගවුම් ගැන උනන්දු වෙන්න පටන් ගත්තෙ හයේ පන්තියෙදි විතර.....
අපි දෙන්න මේ දවස් වල මියුරුගෙ පරණ පෝස්ට් ගවේශනය කරනවා. මාරයි ඈ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
පරණ පෝස්ට් අළුත් එව්වට වැඩිය හොඳයි මං හිතන්නෙ... හික්ස්...
Deleteබොහොම ස්තුතියි ඩූඩ්....දෙන්නටම...
අපේ ඉෆීසියෙත් ඉන්නවා එක පිරිමි ළමයෙක්. සපත්තු දෙකෙන් කුණු කරෝල ගඳ එන්නේ. අනේ මන්දා ඒක හෝදන්නෙ වේලන්නෙ නැද්ද මන්දා... වැස්ස දවස්වලට ඉදලා ඕනෙ නෑ.
ReplyDeleteඅර අන්තීමට ලියලා තියෙන ටික නම් නියමයි.
මගේ සපත්තු දෙක දාගෙන ඉන්දැද්දි කිසි අවුලක් නෑ... අවුල තියෙන්නෙ ගැලෙව්වොත්.... ඒ හින්දා අම්මෙ මුත්තෙ කිව්වත් මං නෙවේ සබාවකදි ඕක ගැලෙව්වෙ.... ඔයාගෙ යාළුවගෙ සපත්තු දාගෙන ඉන්දැද්දිත් සුවඳ හමනවද....? එහෙනම් ඉතින් මොකක් හරි කරන්නම වෙනවා....
Deleteවැස්ස දවස්වලට නම් කී දෙනෙක්ගෙන් ඔය එක එක පුසුඹවල් හමනවද අනේ... සපත්තු වලින් විතරක් නෙවේ... හරියට අව්වෙ වේලගන්න බැරි වෙච්චි ඇඳුම් වලිනුත්.... හාප්පා....
හපෝ සපත්තු හේදිල්ල මතක් කරන්න එපා. සමහර දවසට සපත්තු දෙක දැම්මට පස්සේ තමයි පේන්නේ හොඳටම කිලුටුයි කියලා. ඉතින් එතකොට මම කරන්න සපත්තුව කකුලේ තියෙද්දීම බාත්රු ම් එකේ සින්ක් එකට කකුල උස්සලා පොඩ්ඩක් බ්‍රෂ් කරගන්න එක :)
ReplyDeleteහික්ස්... ඔය කියනකොටනෙ මතක් උනේ මාත් එහෙම කළා කියලා.... සමහරදාට සුදු ගවුම හොඳටම පොඩි වෙලා නම් ඇඳන් ඉන්න අතරෙම ඒකත් අයන් කරගන්නවා.... අහන්න එපා කොහොමද කියලා..... හිතාගන්න පුළුවන්නෙ.....
Deleteහප්පා මාර සීන් දෙකක් නේ....
Delete:D
Deleteසපත්තුවල අරුමෙ තේරෙන්නෙ සෞන්දර්යය පීරියඩ් වලදි... :)
ReplyDeleteඒ මොකද පරිකල්පන එහෙම කිව්වෙ...? මම නම් සෞන්දර්ය විෂයය විදියට කළේ චිත්‍ර.... ඒ නිසා මං බේරුනාවත්ද...
Deleteහහ් හා සහතික ඇත්ත මේ කතාවනම් ... ස රි ග ම ගයන අතරේ කරවල ගන්දස්සාරේ බෑ ..
Deleteනැටුම් පන්තියටයි සංගීත පන්තියටයි යන්න ඕනි සපත්තු ගලවලා... ඉතිරි හරිය ඔය සම්මානි කියල තියෙන්නෙ... :)
Deleteහපොයි දෙයියනේ.... හොඳ වෙලාවට චිත්‍ර කළේ....
Deleteහි හි..ඔය පරිකල්පන කියල තියන එකත් ඇත්ත,:)
ReplyDeleteපොස්ට් එකේ අන්තිම පේලිය තමා ...පේලිය :) :)
හික්ස්... ඇත්ත නේන්නම්...
Deleteඅපි නම් සූටි කාලේ ඉඳන්ම බාටා, ඩී.එස්.අයි සපත්තුනේ දැම්මේ... මමත් චිත්‍ර කරපු නිසා සපත්තු ගෙදරින් දාගෙන ගියාට පස්සේ ආයේ ගැලෙව්වේ ගෙදර ඇවිල්ලම තමා...
ReplyDeleteසපත්තුවට හපන් වේලිලා නැති තෙත මේස් දාගෙන ගියාම... :)))
හපොයි... ඒ ගැන නම් කියල වැඩක් නෑ...
Deleteගවුම් අයන් කරන එක ගැන නම් මටත් ආයෙ මතක් වුනා..ඉරිදා හවස ඔක්කොම ගවුම් අයන් කරලා තියන්න ඕන කියලා අප්පච්චි කියලා තියන නිසා හවස පහ වෙද්දි හරකා මරන්න අරගෙන යනවා වගේ තමයි රෙදි ගොඩ ගහලා තිවුන කාමරේට යන්නෙ..පස්සේ පස්සෙ මල්ලිලා දෙන්නගෙ ෂර්ට් මදින්නත් සෙට් වුනෙ මටම තමයි..
ReplyDeleteහොඳ වෙලාවට උන් දෙන්නා දිග කලිසම් අඳින්න කලින් මම උසස්පෙළ කලේ..නැත්තං දිග කලිසං ටිකත් මදින්න වෙන්නෙ මටම තමයි...!!
මියුරුට පින් පරණ මතක බාස්කට් එක ඇවිස්සුවට..
හොඳ වෙලාවට මට අයියල මල්ලිලා හිටියෙ නැත්තෙ... හිටිය නම් හැබැයි එක්කො උන්ටම මැද ගන්න වෙයි, නැත්නම් මගෙ එව්වත් මැදල දෙන්න වෙයි... මට උනේ තාත්තගෙ ඇඳුම් මදින්න.... අම්ම හෙමීට ඇවිත් අහක බලාගෙනම ළඟින් තියල යනවා.... තාත්තගෙ හින්ද මොනාවත් කියන්න විදියක් නෑනෙ.... ඉතින් කෙඳිරි ගගා අයන් කරනවා...
Deleteඅප්පච්චිගෙ ෂර්ට් ටිකත් අයන් කරගන්න උත්සාහ කලත් ඒක හරිගියෙ නැත්තෙ මම අයන් කරපු ෂර්ට් එකක් ඇඳන්ගිය පළවෙනි දවසෙම ඔෆිස් එකේ යාළුවො හොඳ ප්‍රතිචාර දක්වපු නිසා..
Deleteඑදත් එදයි ආයේ අප්පච්චි එයාගෙ ෂර්ට් අයන් කරන්න දුන්නෑ මට..:)
මම ඔහොම එකක් කළා තත්තගෙ කලිසමක් අයන් කරන්න ගිහින්.... මොන මගුලකට මේ ඉරක් තියලද මන්දා කිය කියා කලිසම් කකුල්වල ක්‍රීස් තියපුවා හොඳට යන්න අයන් කරල දුන්නා මං තාත්තට... එදයින් පස්සෙ නම් දෙයියන්ගෙ පිහිටෙන් කලිසම් අයන් කිරිල්ලෙන් බේරුනා... :D
Deleteමන් ඒත් කල්පනා කළා මියුරුට මක් වුනාද කියල . පරණ පෝස්ට් එකකුත් මග ඇරිලා . පොඩි නිවාඩුවක් අරන් ආ ටිකට ලියවිලා තියෙන පෝස්ට් කන්දරාව කෙළවරක ඉඳන් කියවන ගමන් . සික් මටත් ඉස්සර පේන්න බැහැ සුදු ගවුම් සේදිල්ල මැදිල්ල සපත්තුවල හුණු ඇතිල්ලීම ...අය්යෝ අපි සැහෙන්න ඔය වැඩේට පක්ෂව සහ විපක්ෂව කරුණු එක්කහු කලත් එක්ක . අන්තිමට බලද්දී ගැහැණු අයට වඩා පිරිමි පරාණ [කසාදෙට කලින්] රෙදි මැදිල්ලට කැමතියි වගේ . අපේ හොඳ හෙන්රි අය්යා නම් තාමත් කැමතිලු.
ReplyDeleteඅනේ අප්පේ මේක කියෙව්වම දාඩිය ගඳ ඇතුළු සියලු ගඳවල් දැනී නොදනි ගියා . මන් නම් ආයේ කුණු කියල බලන්නේ නෑ. ස්කුල් බස් එකේ බැටරි පෙට්ටිය උඩ තමයි ඉඳගත්තේ . මොකද අපේ හරියට එද්දී සිට් ඔක්කොම පිරිලා . කුණු ගවේනවට අකමැති කෙල්ලෝ හිටගෙන . ලියන්න ඕන ස්කුල් බස් එක ගැන .
අර බල්ලා මලාද මියුරු . මන් නම් කැන්වස් වලින් DI සපත්තු දෙකකට මාරු වුනේ . හරිම පහසුයි. අපේ දෙන්නටත් යුනිෆෝම් නැහැ ,. ඒකත් මහා වදේ වෙලාවකට . අරක හිරයි. මේක කොටයි ..එක්කෝ ලොකුයි . උදේට නඩු ගොඩයි .
මාත් මේ පොඩි පහේ නිවාඩුවක් ගත්තනෙ අනේ... :D
Delete"අන්තිමට බලද්දී ගැහැණු අයට වඩා පිරිමි පරාණ [කසාදෙට කලින්] රෙදි මැදිල්ලට කැමතියි වගේ . අපේ හොඳ හෙන්රි අය්යා නම් තාමත් කැමතිලු." - හැබෑටම... ඇයි දන්නෑ උන්දලට (හෙන්රි අයියා ඇරුනම) කසාද බැන්ද ගමන් ඒක වහ උනේ....
"අනේ අප්පේ මේක කියෙව්වම දාඩිය ගඳ ඇතුළු සියලු ගඳවල් දැනී නොදනි ගියා" - හික්ස්... මටත් ඕක මතක් වෙන වාරයක් පාසා ඔහොම්මයි... :D
අනේ අපෙත් කුණු ගෑවෙනවට අකමැති කෙල්ලො කොච්චර සීට් තිබුණත් හිටගෙන තමයි යන්නෙ.... හැමදාම ඉන්න කොන්දොස්තර ඇරෙන්න වෙන එකෙක් හිටිදාට උන් බැණුම් අහනවා සීට් තියෙද්දි හිටගෙන යනවට...
බල්ලා මැරෙන්න කලින්ම මරන්න හෙව්වා කට්ටිය, ඌට සපත්තු රහ වැටුනු පාර... කොහොම රහට තියෙන්න ඇතිද මගේ සපත්තුව... හික්ස්...
අපේ දෙන්නට යුනිෆෝම් තියෙනවා බින්දි... උඩට ටී-ෂර්ට් එකයි, පහළට ස්කර්ට් එක හරි, පෑන්ට් එක හරි.... ඒවා මහලා තියෙන රෙදි පොඩි වෙන්නෙ නෑ.... ඒ හින්දා අයන් කරන්න ඕනත් නෑ.... සෑහෙන කාලයක් අඳින්නත් පුළුවන්....
"කසාද බැන්ද ගමන්" කවුද කසාද බැන්දා කිව්වෙ..? අපි තාමත් හොඳට අයන් කරලා අඳින කොල්ලො හරිද?
Deleteබින්දි මෙන්න....
Delete
ReplyDeleteසපත්තු කිව්වම මතක් වුනේ . මැලේසියාවේදී බාටා එකට ගොඩ වුනා . මොනවා වුනත් දන්නා කියන නමනේ .[ බාටා අන්තර්ජාතික සපත්තුවක් කියල දැන ගත්තේ බොහොම පහු කලෙක . ඉස්සර හිතන් හිටියේ අපේම එකක් කියලනේ ] අපේ බනියා අඬන්න ගත්තා .සපත්තු එපා කියලා . වෙන ළමයි එක එක ඒවා ඉල්ලලා අඬයි . හැබැයි මෙයා අනික් පැත්ත .
"බාටා අන්තර්ජාතික සපත්තුවක් කියල දැන ගත්තේ බොහොම පහු කලෙක . ඉස්සර හිතන් හිටියේ අපේම එකක් කියලනේ.." - මේක නම් මාත් හිතන් හිටියෙ මෙහෙමයි මෑතක් වෙන තුරුම.... මෑතකදි මට මෙහෙදි ලැබුනා බාටා සපත්තු ජෝඩුවක්....
Deleteඅනේ බනියා නම් වාසනාවන්.... :D
ඔන්න මම දැනුයි දන්නෙ බාටා ගැන..
Deleteබ්ලොග් වලින් අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද හරී....
Deleteකාලෙකින් මියුරු ආයේ ඇවිත්. අපි නම් ඉතින් කළු සපත්තු නේ. පොඩිම කාලේ ගානක් නෑ. නො පොලිෂ්. ඒත් ටිකක් ලොකු වෙද්දී පොලිෂ් කරලා සපත්තු කන්නාඩ් වගේ.
ReplyDeleteගෑණු ළමයි යුනිෆෝම් එක නිසා වින්ද වදේ හැටියට, පිරිමි ළමයින්ට ඔහොම දෙයක්වත් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑනෙ.... නැද්ද ක්සැන්ඩර් මහත්තයෝ.... :D
Deleteඅනේ ඉතින් අපි ඒ කාලේ ඔය සුදු ගවුම් දිහා කොච්චර නම් බලන් ඉන්න ඇත්ද ?
ReplyDeleteහික්ස්.... ඒ කාලෙ කරපු අනිමිසලෝචන පූජාවල් මතක් උනාද...?
Deleteමට නම් සපත්තු දාන්න ගත්ත කාලෙ ඉඳන්ම ඔය සන්තෑසිය වුනා අප්පා.... උ/පෙ කරලා අයින් වෙනකන්ම මම හිතාගෙන හිටියෙ සපත්තු කියන්නෙ කවදාවත්ම හෝදන්න පොලිෂ් කරන්න අවශ්‍ය නැති ඉස්තරම් දෙයක් කියලා.ඒ වගේම මේස් කියන්නේ එක දිගට සතියක් නොසෝදා දාන්න පුළුවන් දෙයක් කියලා... මේස් කුට්ටම් හතරක් තියාගෙන සතියට එක ගානේ දාලා ඊළඟ මාසේ යද්දි තමා මීටර් වෙන්නේ හෝදලා නෑ කියලා ඊට පස්සෙ තව මාසයක් ඉතින් මුලින් එකේ ඉඳන් පිළිවෙලට දානවා හරිම ලේසියි... රඟේ තේරෙන්නෙ නම් ගෙදර ඇවිත් ගලවද්දි තමා... ගෙදර ගලවපුවා ඇඳ යට හැබැයි...
ReplyDeleteමේස් නොදා ඉස්කෝලෙ ගියේ දික් කලිසම් අඳින්න ගත්තට පස්සේ.සමහර දවස්වලට ප්‍රිෆෙක්ට්ලා සුදු මේස් දාලද කියලා චෙක් කරන නිසා ඉස්කෝලේ ලං වෙද්දි A4 කොල දෙකක් අරගෙන රෝල් කරගෙන සපත්තුව ඇතුලට බස්සගෙනත් ගිහින් තියෙනවා... යන්තම් කලිසම් කකුල උස්සල බලන නිසා මාට්ටු වෙන්නේ නෑ
ගැමියව නම් තියන්න වටින්නෙ නෑ... කමෙන්ට් එක කියෙව්වෙත් නාහෙ වහගෙන... හොඳ කරෝල ගඳක් විහිදෝ විහිදෝ යන්නැති... දෙවෙනි මාසෙ ආයෙ මුල එකට යද්දි ඒක කාඩ්බෝඩ් වෙලා තිබ්බෙ නැද්ද... හික්ස්...
Deleteහයියෝ... මරු ප්‍රිෆෙක්ට්ස්ලා.... :D
hikizzzzzzzz
ReplyDeleteyou just remind me my schooling age!
ReplyDeleteNORTH STAR
tks!!!!