මේ සිදුවීම උනේ අර මං කලින් කියල තියෙන මුදල් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ, පිරිමි රාජධානියේ සේවය කරපු කාලෙ.... මං ටිකක් විතර කියල තියෙනවනෙ එතැන හිටපු එකම ගෑණු පරානෙ මං හින්දා මොනතරම් සීරුවට නූලට වැඩ කරන්න සිද්ද උනාද කියල ඒ කාලෙ.... මං විතරක් හිටපු එකෙන් අපේ පිරිමි සෙට් එක නම් පුදුම විදියට ආතල් ගත්තා මාව බයිට් කරලා.... ඒ සෙක්ශන් එක උපරිම විදියට කස්ටමර් සර්විස් තිබ්බ තැනක්.... කස්ටමර්ස්ලත් 100%ක් වගේම පිරිමි.... හරිම කලාතුරකින් තමයි ගෑණු පරාණයක් ආවෙ.... පිරිමින්ගෙම ලෝකයක්....
ඒ දවස්වල උදේ හවස අපට පොතක් තමයි අත්සන් කරන්න දාල තිබ්බෙ.... දැන් නම් ඒව වෙනස්වෙලා.... ඔය පොත අත්සන් කරන්නවත් මට නැවෙන්න බෑ ඒ කාලෙ.... ඉතින් මෝල් ගහ වගේ කෙලින් හිටගෙන තමයි ඕන මගුලක් කියල අත්සන ගහන්නෙ.... ඔතැනට ගිය අළුත දවසක් හෑන්ඩ් බෑග් එක පැත්තකින් තියලා අත්සන් කරලා ඔළුව උස්සලා බලනකොට ඒක ආ ගිය අතක් නෑ.... ඒ වෙනකොට කස්ටමර්ස්ලා ඇවිල්ලත් නෑ.... මං පණ යනකම් පුළුවන් තැන්වල හෙව්ව හෙව්වා, කට්ටියගෙන් ඇහුවා හොරාගෙ අම්මගෙන් පේන අහන්න වගේ...ම්හු... මට දැන් ඇඬෙන්නත් එනව.... මගේ සබ්බ සකලමනාවම ඒක ඇතුලෙ.... මෙන්න දහයහමාර විතර වෙනකොට අපේ ඩිරෙක්ටර් මහත්තයෙගෙන් පණිවුඩයක් එනවා එයාගෙ ඔෆිස් එකට එන්න කියලා.... එපාර ඒ මොකක්ද හෙන පතේ කියල හිතාගන්න බැරුව මාත් ඇදි ඇදි ගියා ඒ පැත්තට බොක්කෙ බිත්තර තම්බ තම්බ.... මට ඇහැ කොණින් පෙනුනා සමහරු මූණවල් හංගගෙන හිනා වෙනවත් වගේ.... ලොක්කගෙ කාමරේ තිබ්බෙ උඩ තට්ටුවේ... මං යන ගමන් කා.කා.ස. උන්නැහේගෙන් ඇහුව ලොක්ක කතා කරන්නෙ මොකටද කියා දන්නවද කියල... ඌ 'අනේ මන්දන්නෑ මිස්..' කියලා හිනාවෙලා නිකම් හිටියා.... මං ගිහින් කාමරේට ඇතුළු වෙනකොටම දැක්කෙ මොකක්ද.... ලොක්කගෙ මේසෙ උඩ දිලිහි දිලිහි තියෙන මගේ හෑන්ඩ් බෑග් එක.... මට හිතාගන්න බැරි උනා ඒක කොහොම එතැනට ගියාද කියලා....
'මේ බෑග් එක මිස්ගෙ වෙන්නැති නේද?'
ලොක්කා බෑග් එක පෙන්නල ඇහුවා....
'අනේ ඔව් සර්... මං දන්නෑ ඒක කොහොම මෙතැනට ආවද කියල...' මොනව කියන්නද කියලා හිතාගන්න බැරි වුනු හින්දා මං මෝඩ හිනාවක් දාල කිව්වා....
'ඔය නිකම් තියෙනකොට ඇවිදගෙන එන්න හිතෙන්නැති...' ලොක්ක කියපි...
'ඒකට ඇවිදන් එන්න හිතිල තියෙන්නෙ සර්ගෙ මේසෙ උඩටමනෙ' කියල කියන්න හිතුනත් මං කට පියාගෙන බෑග් එකත් අරන් ආපහු හැරෙනකොට ඉස්සරහ වීදුරුවෙන් දැක්ක ලොක්කා එක අතකින් ඇස් දෙක වහගෙන මේසෙ දිහා බලන් හිනාවෙනව.... සික්...වස නෝන්ඩිය... ඔක්කොටම වැඩිය නෝන්ඩියි වැරදිලාවත් බෑග් එක ඇරල බැලුව නම් හෙම.... ඒකෙ තිබ්බ එව්වා... හපොයි.... මං බෑග් එකත් කිහිලි ගන්නගෙන ආපහු සෙක්ශන් එකට එනකොට ඔක්කොම ඉන්නව හිනා වෙවී බලාගෙන... ඒ උනාට මගේ තරහෙන් පිපිරි පිපිරි තිබ්බ මූණ දැකපු ගමන්ම කට්ටිය ටිං ගාල පුටු හරෝගෙන තම තමුන්ගෙ මේසවලට නැමුනා.... එකෙක්වත් ඇහුවෙ නෑ මොකද උනේ කියලවත්.... මං සද්දෙ ඇහෙන්නම බෑග් එක ලාච්චුවට දාල දඩස් ගාලා වැහුවා.... එදායින් එදා මං නෙවෙයි ලාච්චුවට දාල ලොක් කරන්නෙ නැතිව හෑන්ඩ් බෑග් එක තිබ්බෙ....
ඔය කාර්යාලෙ හිටියා අපිත් එක්ක වැඩ කරපු මනුස්සයෙක් මකීම් කියලා.... පොර නියම කාලගෝල කෙනෙක්... වයස පණහකට වැඩි ඇති.... ඇෆ්‍රිකන් කළු... යටි තොල් බරිය එල්ලෙනවා.... මහතයි... කොටයි.... පොර නිතරම වගේ ඇන්දෙ තැඹිලි පාට කලිසමක්.... මිනිහට තිබ්බා මහා පත පස්සක්.... මොනතරම් සල්ලි තිබ්බත් පොර වැඩට ආවෙ මලකඩ කාලා කෑලි හැලෙන සයිස් එකේ පරණ කාර් ලඩියකින්.... මිනිහා කරපු වැඩක් තිබ්බෙ නෑ.... කාගෙ හරි මේසයක් ළඟට පුටුව ඇදගෙන ඕපදූප කියෙව්ව එක තමයි වැඩිපුරම කළේ.... මේ කියන දවස්වල මම වැඩ කරපු සබ් සෙක්ශන් එකේ හිටියෙ අට දෙනයි.... ඒකෙ මේස පුටු ඇරේන්ජ් කරලා තිබ්බෙ හෝර්ස් ෂූ එකක් විදියට.... මම හිටපු පැත්තෙ අපි හතර දෙනෙකුගෙ මේස බිත්තිය අයිනෙන් තියලා අපි වාඩිවෙලා හිටියෙ මේ හෝර්ස් ෂූ එක ඇතුළු පැත්තෙන්.... මම හිටියෙ එක පැත්තක මුලම.... මකිය හිටියෙත් ඇතුළු පැත්තෙ මැද.... කවුරු හරි කතා කරපු ගමන් පුටුව ඇදගෙන එතැනට යන්න ලේසියිනෙ....
දවසක් මොකක්දෝ ඩොකියුමන්ට් එකක තිබ්බ වැරැද්දක් සොයා ගත්තු මගේ කෙලින්ම අනිත් පැත්තෙ හිටපු රාජිත, ඒ කොලේ උස්සලා මට පෙන්නුවා...
'මියුරු, මේ බලන්නකො...'
ඒක ඒ මනුස්සයගෙ කටින් පිට වුනා විතරයි මකිය වැහුව එතැනට.... පුටුව එහෙම්ම දාල මිනිහා ගිහින් නැවුනා රාජිතගෙ මේසෙ උඩට....
'දැක්කද...?' රාජිත ආයෙම ඇහුවා...
මං ඔළුව දාල බැලුවට මට පෙනුනෙ මකියගෙ තැඹිලි පාට කලිසමින් වැහිච්චි රාජපස්ස විතරයි....
'කොහෙද... මට පේන්නෙ පත වට්ටක්ක ගෙඩියක් විතරනෙ...' මං කිව්වා...
ඒක ඇහුනු මට අනිත් පැත්තෙ හිටපු උපාලි, මේසෙක ගැට්ටකින් කැඩිලා අයින් කරලා එයාගෙ මේසෙ අයිනෙන් තියලා තිබ්බ පටිය අරගෙන, උඩ තියාගෙන හිටපු මකියගෙ පස්සට ඇන්නා 'අයින් වෙය...' කියල....
අනේ අර පට්ට ගහ ගහ ඇඳලා බාගෙට දියවෙලා තිබ්බ කලිසමට ඒ ෂොට් එක දරා ගන්න බැරිවද කොහෙද ඒක මැද මූට්ටුවෙන් පැලුනෙ නැතැයි.... මකිය දුන්න වගේ අනිත් පැත්තට නැවිලා 'හේයි..' කියලා අත් දෙකෙන්ම පස්ස රාජයා වහගන්න දැඟලුවා.... ඒත් එතකොට දකින්න ඕන කට්ටිය දැකලා ඉවරයි....හයියෝ... මට හිනා ගිහින් දඟලපු පාර රෝද පුටුවත් පෙරලගෙන මං වැටුනෙ නැතැයි බිම පසඟ පිහිටුවාගෙන..... සිකේ.... හතර විලි ලැජ්ජාවයි.... මං දඩ බඩ ගාල නැගිටගන්න හැදුවත් නැගිටගන්න බැරි වුනා, සාරි පොටේ කොණක් පුටුවෙ රෝදයක් අස්සෙ හිරවෙලා.... අන්තිමට කොහොම හරි නැගිට්ටා සාරි පොටින් පුටුවත් උස්සගෙනම.... කට්ටිය ඕකට මට හිනා වෙන අතරෙ මකිය හෙමින්ම මාරුවෙලා.... ඌ ආගිය අතක් නෑ....
අනේ ඉතින් ඔක්කොම වෙන්නෙ මටමනෙ කියල හිතාගෙන හැමෝගෙම හිනාවට ලක්වෙවී දවස ගත කරලා, පස්සෙන්ද ඇවිත් උදේ පොතේ අත්සන ගහනකොට කට්ටියගෙ මූණුවල අමුතු හිනාවල්... කසු කුසු කුට්ටම් හැමතැනම... ඇයි යකෝ... එපාර මොකක්ද කිය කියා හිත හිතා ඉන්නකොට කා.කා.ස. උන්නැහේ හොරෙන් හොරෙන් මට ඇඟිල්ලෙන් පෙන්නනවා නෝටිස් බෝර්ඩ් එක....
හනේ මට මැරෙන්න හිතුනා.... කවුදෝ ඒකෙ චිත්‍රයක් ඇඳල එල්ලලා කලිසම පැලිලා එලියට ආපු හෙළු පත පස්සකට, බිම වැටිලා පසඟ පිටුවාගෙන වැඳගෙන ඉන්න ගෑණු පරාණයක්ව....
කතාව පටන් ගන්න කොට මට හිතුනේ පිරිමින්ගේ ලෝකයේ කාන්තාවන්ට සිද්දවෙන පීඩනය ගැන කතාවක් කියලයි. මේ එතකොට අර හෝර්ස් ෂූස් එකක් කිව්වෙ මොකද්ද? නිකන්ම අශ්ව ලාඩමක් කියන්න බැහැයි කියලා හිතුනද ඔයාට?
ReplyDeleteමේ කතාවෙ මාතෘකාව කියෙව්වමත් ඔයාට හිතුනද මේක ඒ වගේ බැරෑරුම් ලිපියක් කියලා... අනේ මං කවදාවත් ඒ වගේ ලිපි ලියන්න යන්නෙ නෑ.... මට ඒවට දැනුමක් නෑ.... මගේ ලිපි කියවල තියෙන කට්ටිය දන්නවා මං ලියන්නෙ මොනවද, ලියන්නෙ මොන වගේ භාෂා ශෛලියකින්ද කියලා.... ඔයා කියපු වචනෙ විතරක් නෙවෙයි, තවත් ඉංග්‍රීසි වචන මේකෙ තියෙනවා ඒ විදියටම භාවිතා කරපු.... මොකද කතාවක් ලියනකොට මං මගේ අතීත අත්දැකීම හිතේ මැවෙන පිළිවෙලට හිතට එන වචන වලින් ලියා දාන කෙනෙක්.... ඊට වැඩිය දෙයක් හිතන්න යන්නෙ නෑ....
Deleteකමෙන්ට් එකට බොහොම ස්තුතියි රතු රජරට...
හයියෝඕ මෙයාටත් වෙන වැඩ :ඩි එයා එදා ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ නේද? කාරෙකට නගගත්තට පස්සෙනම් අවුලක් වෙන්න නැතුව ඇති.
ReplyDeleteමටත් ඔය හිනා යන ලෙඩේ නම් හරියට තියනවා. හිනා නොවිය යුතු වෙලාවට හිනා යනවා මදි නොකියන්න.
මොන කාර්ද සයුරි.... මං ඒ කාලෙ වැඩ ඇරිලා ආවෙ ඔෆිස් වෑන් එකක.... කාගෙන හිටියා එදා දවස...
Deleteඔය හිනා යන ලෙඩේ මට පරම්පරාවෙන් ලැබිච්චි එකක්ද කොහෙද.... අපේ අම්මත් එහෙමයි.... දැන් මගේ ලොකු දුවත් එහෙමයි.... :D
හැක් හැක් හෑ..... මරු කතාව.... පස්සට වදින ගාතාව මොකක්ද මියුරු ? :-)
ReplyDeleteඒ දවස්වල නම් කට්ටිය ඒකත් හොයාගෙන තිබ්බා.... මට දැන් මතක නෑනෙ... :D
Deleteකා කා ස පෙන්නපු චිත්‍රය හැරියට මකියගෙ අර පත හෙළු පස්සට බිම වැටිලා වැඳගෙන ඉඳලා තියෙන්නෙ මියුරු.... හි හි හි...ඒක තමා හොඳම හරිය
ReplyDeleteඔව්නෙ ඉතින්....... :D
Deleteහපොයි... මාර සීන් එක නෙ.
ReplyDeleteකියල වැඩක් නෑ අනේ.....
Deleteහපොයි කදුලුත් ආවා හිනා වෙලා.....
ReplyDeleteකොල්ලොත් එක්ක වැඩ කරන කොට ඉතිං ඔය වගේ දේවල් හිනාවෙන්ම ඉවසන එක හොදයි.... වැඩිය ගනන් ගන්න ගියොත් හිත හොදත් නැති වෙනවා.... ලෙඩත් වැටෙනවා.... හිනා වෙලා හොදින් හිටියොත් හිත රිදෙන දේවල් නෑ.... හිනා වෙන්න කට්ටිය පොඩි පොඩි ලෙඩ දානවා... ඒවා මතක් කර කර හිනා වෙන්න පුළුවන් පස්සටත්... නේද ......
කෙල්ලොත් එක්ක වැඩ කරනවට වඩා කොල්ලෝ එක වැඩ කරන එක ලේසියි.... කුහක කම් අඩුයි... සහයෝගය වැඩියි..... වියදම් අඩුයි.... ( කෙල්ලෝ ගොඩක් ඉන්න තැන කම්පිටිෂන් එකත් වැඩියි නේ.... පඩිය ඉවරයි ඇදුම් පැලදුම් වලටම...උන් එක්ක ෂොපින් යන්නත් එපැයි... ) විනෝදයත් වැඩියි... හැම එකටම මූණ එල්ල ගන්න කෙල්ලොත් එක්ක විහිළුවක් වත් කරන්න බෑ නේ.....
ඔව් අනේ... වැඩිය ගණන් ගත්තු බවක් පෙනුනොත් ඉන්න හිටින්න හම්බෙන්නෑ... ඔයා කිව්ව වගේ ඔය වගේ වැඩ ඇරුනම වෙන කරදර නම් නෑ කොල්ලොත් එක්ක වැඩ කරනකොට... ඔයාටත් අත්දැකීමක් තියෙන පාටයි.....
Deleteමාත් ඔය වගේ සෙක්ෂන් එකක වැඩ කලානේ..... සෙක්ෂන් එකටම මං විතරයි ගවුං කෑල්ලකට හිටියේ....
Deleteහපොයි..
ReplyDeleteහපොයි නේන්නම්....
Deleteලස්සන කතාව අනේ. චිත්‍රේ ඇඳපු කෙනාට කීයක් හරි දෙන්ට වටිනවා. රසවත් කාලයක් නේද? :)
ReplyDeleteස්තුතියි පොඩ්ඩි... රසවත් කියන්නෙ....හික්ස්...
Deleteඔය චිත්‍රෙ එල්ලලා තිබ්බ නෝටිස් බෝඩ් එක ඉබ්බෙක් දාලා ලොක් කරලා තියන ලොකු වීදුරු පෙට්ටියක්.... ඉතින් එන එන හැම එකාම ඕක දකින නිසා මට ඕක අයින් කරගන්න විදියක් නැතිව, මං ඒ චිත්‍රෙ ඇඳපු කෙනාව හොයනකොට කොහොමටවත් හොයාගන්න බැරි වුනා කවුද කියලා... පස්සෙ මං 'මට ඕක ඇඳපු කෙනා අහුවෙද්දෙන්කෝ' කියලා කිය කිය ඉන්නකොට කා.කා.ස. උන්නැහේ කියනවා, 'අනේ මිස් මං කිව්ව කියල නම් කියන්න එපා, ඕක ඇන්දෙ අපේ ඩිපියුටි ඩිරැක්ටර් මහත්තයා...'
//ඕක ඇන්දෙ අපේ ඩිපියුටි ඩිරැක්ටර් මහත්තයා...'// හිකිස්ස්ස්ස්ස්ස්..........
Deleteඒකනෙ... ඉතින් අර බැණ බැණ හිටපුවා ආයෙම මටම ගිලගන්න උනේ නැතැයි.... :D
Deleteකොහොම වුනත් හොඳට හිනාවුනා මේ පෝස්ටුව කියෝලා..හයියෝ අර චිත්‍රෙ දැක්කෙ නැතත් මැවිලා පෙනුනා සීන් එක..හික්ස්..
ReplyDeleteමමත් වැඩ කරන්නනෙ පිරිමි අය ගොඩක් ඉන්න තැනක..ඒත් පහුගිය අවුරුදු පහටම ඔය වගේ අපහසුතා නම් ඇතිවෙලා නෑ කවදාවත්...මම හිතන්නෙ ඔය ගෑනු ළමයින්ව බයිට් කරන එක එයාලගෙ පවුල් පසුබිම එක්ක එන දෙයක් වෙන්න ඕන..හික්ස්..
හික්ස්... ඔයා නම් හොඳටම වාසනාවන්තයි ඒ අතින්....
Deleteහුඟ කාලෙකින් නේ මියුරු ...
ReplyDeleteබ්ලොග් එකේ නමත් වෙනස් කරලානේ ...
මටත් කම්මැළි හිතිලා .. හුඟ කාලයක් මුකුත් ම ලියන්නේ නැතුව හිටියා ..
කාලෙකින් තමයි කුමාරයෝ... ඔය කම්මැලිකම ගැහුවම ලියන්න හිතෙන්නෙම නැහැනෙ....
Deleteබ්ලොගේ නම නම් වෙනස් කළේ නැහැ මම.... එදා මෙදා තුර මේක තමයි නම... ඔයාට පොඩ්ඩක් ටැපලයිස් වෙලාද කොහෙද.... :D
:D
ReplyDelete:D
Deleteහෙහ්... අක්කා තනි වෙලා නිසා හැමදාම කොහොම බයිට් වෙන්න ඇත්ද කියලා හිතා ගන්න පුළුවන්... :)
ReplyDeleteඅයියෝ කියල වැඩක් නෑ මල්ලි... සමහර එව්වා මේකෙ ලියන්නත් බෑ... දැන් ඉතින් මෙහෙට වෙලා එව්වා මතක් කර කර ඉන්නවා.... :D
Delete:D
ReplyDelete:D
Deleteහි හි..:)
ReplyDelete:D
Deleteහයියෝ හයියෝ පුරුෂාධිපත්‍ය සමාජය :D ඔයාලගේ ඔෆිස් එකේ හිටිය ඔය පිරිමි set එක තනිකඩ එවුන් සෙට් එකක්ද ??
ReplyDeleteහික්ස්.... තනිකඩ උන් නම් එකෙක්වත් හිටියෙ නැද්ද කොහෙද මාත් ඇතුළුව....
Deleteකාන්තා හිංසනය ..පුරුෂාධිපත්‍යය ..DDD . මියුරුයි කියලත් ඉතින් වැඩි වෙනසක් නැහැනේ . බලපුවම සේරම පිරිමි ඒ සෙක්ෂන් එකේ . ඇත්තටම පිරිම් නැත්නම් වැඩ කරන තැන කිසි ගතියක් නැහැ තමයි. සමහර පිරිමි නම් ගැනුන්ටත් එහා ඕපා දුපා සොයන්න . හැබැයි අපිත් ඉතින් දවසම හිනා වෙලා තමයි උන්නේ . දැන් දවාලට තනියම ගෙදරට වෙලා බුම්මන් ඉන්න කොට මතක් වෙන්නෙම වැඩ කරපු තැන විහිළුවෙන් ගෙවුන හැටි .
ReplyDeleteමේක බුද්ධියා දැක්කොත් විදෙස් චිත්‍ර ශිල්පියා ගෙන්නනවා ෂුවර්
අපේ සෙක්ෂන් ගොඩාක් තිබුණා බින්දි.... ඒවා තිබ්බෙ එකිනෙකට බොහොම දුරස්ව... ඉතින් එකකින් එකකට යනවා නම් සෑහෙන දුරක් යන්න ඕන... සමහර ඒවට පයින් යන්නත් බැරි තරමට දුරයි.... ඒ හැම තැනම රජ කරන් හිටියෙ පිරිමි.... ඔය ඔක්කොටම ගෑණු හිටියෙ විස්සක් විතර වගේ.....
Delete//හැබැයි අපිත් ඉතින් දවසම හිනා වෙලා තමයි උන්නේ . දැන් දවාලට තනියම ගෙදරට වෙලා බුම්මන් ඉන්න කොට මතක් වෙන්නෙම වැඩ කරපු තැන විහිළුවෙන් ගෙවුන හැටි.//
අනේ ඉතින් මමත් එච්චර තමයි බින්දි....
//මේක බුද්ධියා දැක්කොත් විදෙස් චිත්‍ර ශිල්පියා ගෙන්නනවා ෂුවර්//හික්ස්... තවම දැකලා නැතුව ඇති.... මේ දවස්වල ටිකක් බිසී වගේනෙ... පහුගිය දොහේ නම් මෙහේ තමයි මං හිතන්නෙ වැඩිපුර හිටියෙ, චිත්‍ර ශිල්පියම කියන විදියට....
නිර්මාණාත්මක චින්තනේ... මං හිතාගත්තා මේ බ්ලොග් එක ඔෆිස් එකේදි බලන්නේ නෑ කියලා. මියුරි මිස් වැටුන වෙලාවේ කට්ටිය හිනා වුනා වගේ තමා මං තනියම හිනාවෙද්දිත් මේ අසමජ්ජාතියෝ ටික මාව බයිට් කරන්නේ.... :)
ReplyDeleteහික්...හික්...හී....
Deleteඔන්න මියුරුගෙ ට්‍රේඩ්මාක් කතාවක්. කඳුලු පනින්න හිනාවුනා උදේම.
ReplyDeleteඒ කාලෙ කැමරා ෆෝන් තිබ්බෙ නෑනෙ නේද? එහෙම වුනානම් අර කාටූන් එකේ පින්තූරයක් මෙතන දාන්න තිබ්බනෙ! හෙහ් හෙහ්!
දීපාත් ඉස්සෙල්ලම උගන්නපු හම්බන්තොට පැත්තෙ ඉස්කෝලෙක ස්ටාෆ් එකේ හිටපු පප්පලා ටික පඩිය දෙනකොට ගානක් කපාගෙනලු දෙන්නෙ බෝතලයක් ගන්න. පස්සෙ කාලෙක ඒක ඇහුවම මටත් මල පැන්න. ඔන්න ඔහෙ කමක් නෑ වයසක උන්දලනෙ කියලා නිකං ඉඳලා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
කැමරා ෆෝන් එකක් තිබ්බත් මම නම් ගන්නෑ ඒකෙ ෆොටෝ එකක්... ඇයි හත්වලාමෙ විලි ලැජ්ජාව කියලත් එකක් තියෙනවනෙ.... ඩූඩ්ට නම් හොඳට චිත්ත රූප මැවෙන්න ඇති නේද.... :D
Deleteඒ කියන්නෙ මුන්දලා පඩිය අතට දීලා තියෙන්නෙ ඒකෙන් ගානක් තියාගෙනද...? හයියෝ... හයියෝ....
නියම කතා සෙට් එක.ඔයාව ඔහොම බයිට් කලා විතරනෙ.වෙන වෙන විදිහට බයිට් කරලා නෑ නෙ. ඒ නිසා සතුටු වෙන්න. :)))
ReplyDeleteමං මේකට මොකුත්ම නොකියා ඉන්නම්කො.... :D
Deleteපස්සවල් බැලීමට යෑමෙන් හොස්සවල් බිම ඇනේ!
ReplyDeleteනියම කතාව කැන්ඩියන්.... තව පොඩ්ඩෙන් පස්සවල් බලන්න ගිහිල්ලා එක්කෙනෙකුගෙ පස්සයි අනිකාගෙ හොස්සයි දෙකම නැති වෙනවා.... හික්ස්....
Deleteමට නිකමට හිතෙනවා ඔය මකියා ඊජිප්තු කාරයෙක්වත් ද කියලා. :) මොකක් උනත් ඌ දුක්වෙන්න ඇති සැහෙන්න.. අවුරුදු ගානක් ඇඳපු කලිසම නේ.. මෙහෙත් ඉන්නවා ලෙබ්බෙක් මම අපේ එවුන්ට කිව්වේ අපිවත් මුට මේ අවුරුද්දේ වෙන ඇඳුම් ටිකක් අරගෙන දෙමු කියලා. එකම ලා නිල්පාට ඩෙනිම එක්ක ලා නිල් කොටු කොටු ෂර්ට් එක දැන් අවුරුදු 2 ක්ම මූ අඳිනවා..
ReplyDeleteකියන්න බෑ අනේ... අමුතුම පෙනුමක් තිබ්බෙත් මිනිහට.... දුක් වෙන්න නම් ඇති තමයි නොසෑහෙන්න.... :D
Deleteමකියට වඳින මියුරු. කලකට හොඳ මාතෘකාවක් වෙන්න ඇති කස්ටියට.
ReplyDeleteහයියෝ... කියලා වැඩක් නෑ... අන්තිමට හෙඩ් ඔෆිස් එකට වැඩක් කරගන්න ගියාමත් කට්ටිය මට ඇහෙන්න අනං මනං කිව්වා කාලයක්ම... සමහරුන්ට මාව දකිනකොටමත් හිනා ගියා....
Deleteහෙන්රියා මගපෙන්වලා මේ පැත්තට ගොඩ උනේ. අපූරුවට කතාව ලියවිලා තියෙනවා. මේ වගෙ දේවල් සිද්ද වෙනකොට හිරිහැරයක් වගේ දැනුනට, ඒවා නැත්නම් අපේ ජීවිත වතුරෙන් තම්බපු පරිප්පු හොද්දක් වගේ වෙයි කියලත් හිතෙනවා.
ReplyDeleteඇත්තටම ඔව්.... ඒකනෙ මේ තනියම හිනාවෙලා මදිවෙලා ඔයාලටත් කියලා හිනාවෙන්නෙ....
Deleteහෙන්රි අයියා මේ ළඟකදි පාර හොයාගෙන ඇවිල්ලා සෑහෙන්න විනෝද උනා කියලා කිව්වා තමයි.... බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කියවලා කමෙන්ට් එකකුත් දාලා ගියාට.....
ඇඬෙනවෝ......හකහකහක....හක..හෙක්..හික්ස් මරු ඔෆිස් එකනෙ අක්කේ ඇයි දෙයියනේ ඔක දාල ගියේ අ...ප....රා...දේ......හික්ස්
ReplyDeleteඅපරාදෙ නේන්නම් රාජ්.... තවමත් ඒ කාලෙ කළ කී දේවල් මතක් වෙනකොට හිනා යනවා....
Deleteඇත්තම කියනවා නම් ඒක මේ ලෝකෙ මනුස්සයෙක් දාලා එන රස්සාවක් නෙවෙයි.... මංම ආවා මිසක්.... ඒක දාලා මෙහෙ තමයි ඇවිත් නැවතුනේ... මෙහෙදිත් කරපු රස්සාව කිව්වම කට්ටිය අහනවා මොන හත්තිලව්වකටද ඒක දාලා මෙහේ ආවෙ කියලා...
හම්මේ.. ඩූඩ් සික්ස් පැක්ස් දාන එක අහන්ඩ දෙයක්යැ!!! ඔයාගෙ ලියවිල්ලෙ මං ආසම දේ තමයි ඔයා සිද්ධීන් විස්තර කරන විදිය!!
ReplyDeleteහරිම ලස්සනයි මියුරු!!
ඒකට චිත්ත රූප මැවෙනව විතරක් නෙවෙයි හරියට ඒ දේ මට වුණා වගේ හැඟීමක් දනවනව.. මං මේකට හිනා වෙලා මාවත් පුටවෙන් වැටෙනව තට ටිකෙන්!!
කෝකටත් සූදානං සරීරෙ කියල අර ඩූඩ්ගෙ බ්ලොග් එක වගේ මේකත් කාර්යාල වේලාවේදි කියවිය නොයුතු ලේබලය අලවල රීඩරේට දාගත්ත!!
ඔයාලට විඳින්න පුළුවන් විදියට කතාව ලියැවිලා තියෙනවා නම් ඒක තමයි මගෙත් සතුට.... මං හිතන්නෙ මේවා වැඩි හරියක් මගේම අත්දැකීම් නිසා වෙන්නැති එහෙම ලියැවෙන්නෙ.... නැත්නම් ඉස්කෝලෙදි රචනාවක් හැරෙන්නෙ මෙලෝ කතාවක් ලියපු එක්කෙනෙක් නෙවෙයි මම..... බොහොම ස්තුතියි....
Deleteපව් අප්ප මොනා උනත් මකියා..ඔයා ඉතින් නියම වන්දනාවක්නෙ කරල තියෙන්නෙ..හිකිස්.....
ReplyDeleteඅනේ... අනේ... ඔයාට දුක හිතුනෙ අර බූරු මකියා ගැන... එතකොට මං...?
Deleteඅදයි හාහාපුරා කියලා මෙහෙට ආවේ... ආයෙත් එන්නම්...
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට... හොඳයි, ආයෙත් එන්නකෝ.... :D
Deleteඅයියෝ මියුරු අක්කා... මට නම් දැන් චිත්‍රෙ බලන්නමයි ඕන... පසඟ පිහිටවලා...අයියෝ අයියෝ!!!!
ReplyDeleteඔය ඩූඩ්ට හරි බුද්ධිට හරි කියන්නකෝ.... ලස්සනට ඇඳලා පෙන්වයි... හික්ස්...
Deleteහේයි මියුරු, කෝ මේ උන්දැ? අන්න අර Senna කොලුවා ඔයාට මියුරු ආච්චි කියලා කිව්වා.
ReplyDelete- කේලමකි
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මේ ඉන්නෙ... මේ ඉන්නෙ...
Deleteනෑඈඈඈඈ....... ඔය හාදයා ඔහොම්මයි.... අහුවෙද්දෙන්කෝ මට...
තැන්කූ කේලමට... :D
ඒක නෙවෙයි... ඔබතුමා පාර කියලා ගොඩක් කට්ටිය මේ පැත්තෙ ඇවිත් ගියා... බොහොම ස්තුතියි හොඳේ.... :D
අපේ බුද්ධි මහත්තයට කිවුවනම් අදියි චිත්‍රයක් ආයෙ ඉතිං.......
ReplyDeleteආයෙත් අහලා.... බැරිද කියන්න... මටත් ආසයි බලන්න.... :D
Deleteතව පොඩ්ඩෙන් මගෙත් පස්ස බිම ඇනෙනවා හිනාවෙලා.. ඉන්නතන ඔෆිස් එක කියලත් අමතක උනා. හෆොයි මේක නම් මේ ඔෆිස් එකේ ඉඳන් කියවන්න හොඳ බ්ලොගක් නෙවෙයි.. හෙන්රියා ඕක තමයි පාර කියන්න ඇත්තේ..
ReplyDeleteහික්ස්... ඔහොම අමාරුවක දාන්න හෙන්රිගෙ යටි හිතේ පොඩි පැලෑනක් තියෙන්නත් ඇති තමයි.... ඔන්න කට්ටිය පස්සවල් හොස්සවල් බිම ඇනගෙන පස්සෙ නෝක්කඩු කියනවා හෙම නෙවෙයි..... :D
Deleteඉස්ඉස්සෙල්ලමද කොහෙද මේ පැත්තෙ ආවෙ... බොහොම ස්තුතියි...
මේක අපේ කෙහෙල්කොටුවේ පුංචි මහත්තයා දැක්ක නම් අඳියි මරු කාටුන් එකක්..
ReplyDeleteඅනේ කියන්නකො බලන්න.... මං අඳුනන්නෙ නෑනෙ... සොයන්න ඕන... මටත් ආසයි බලන්න කවුරු හරි අඳිනවා නම්...
Deleteමට මතක් වුනේ මිස්ට බීන්ගේ ජොනි ඉන්ග්ලිෂ් රීබෝන් ෆිල්ම් එක.... ඒකෙත් සීන් එකක් තියෙනවා ඔහොම වැඳලා මර්මස්ථානයකට පහරදෙන විදියෙ... චිත්ත රූප මැවෙනවා එලටම.මට මේක ගිය පාර ආවාම මිස්වුනේ කොහොමද කියලයි මේ කල්පනා කලේ...
ReplyDeleteමියුරු අක්කගෙ පරණ කතා වගේම එල ඈ..
තැන්කූ ගැමියො....
Deleteඅරූ මර්මස්ථානෙ බේරගෙන පැනල ගියානෙ...
මේකනම් මරු ඈ....
ReplyDeleteස්තුතියි විදුල....
Deleteහයියෝ කුණු සංසාරේ කිව්වලු.
ReplyDeleteකුණු සංසාරෙද කියන්නෙ කෝරලේ මහත්තයෝ....
Deleteඅය්යෝ අදයි මම මේ පෝස්ට් එක කියෙව්වේ. හිනාව නවත්ත ගන්න බෑ තාමත්. හය්යෝ.. අර ෆොටෝ එක නම් මට මැවිලත් පෙනුණා..
ReplyDeleteමටත් මේ පෝස්ට් එක දකින දකින ගානෙ ඒක මැවිල පේනව අරුන්දතී... :D
Deleteමේවා කියෙව්වාම මම ලංකාවේ වැඩ කරපු කාලේ අපේ ඔෆීසියේ වෙච්චි රස කතා සෙට් එකක් කියන්න හිතෙනවා අප්පා . . .
ReplyDeleteමේක කියෝලා අමාරුවෙන් හිනාව නතර කර ගත්තේ . . හික් හික් හික්
ලංකාවෙ ඔෆිස්වල තමයි ඉතින් ඒ වගේ සිදුවීම් වැඩිහරියක් වෙන්නෙ නේද...? ඒ වගේ කතා අපතෙ යන්න අරින්න එපා දුකා... ලියන්න... එතකොට තව අයට තව තව කතා මතක් වෙනව... ඒකත් ඉන්ඩිරෙක්ට් පිං සිද්ද වෙන වැඩක්... හික්ස්...
Deleteඔව් අප්පා මාර ආතල් කාලයක් ඒක නම්.
Deleteපස්සෙ මෙහේ ඩුබායි ඔෆිස් එකේත් අපි ලංකාවේ 30ක් විතර එකාට වැඩ කලා.
පුදුම සතුටකින් ගෙව්වේ ඒත් අර ලංකාවේ ඔෆිස් එකේදි කල පිස්සු වැඩ මෙහේදි කරන්න බෑ වෙන ජාතිකයෝ ත් ඉන්නවනේ.
කොහොමත් උන් අපේ සෙට් එකට කිව්වේ ශ්‍රී ලංකන් මාෆියා කල්ලිය කියලා . . හික් හික් හික් නිදහසේ ලියන්නම් අර කතා ටික . .
කල්ලියේ නමෙන්ම හිතාගත්තැකි කොහොමට තියෙන්න ඇත්ද කියල... හික්ස්...
Deleteඅනේ ලියන්න අප්පා... එහෙම කතා කියවන්න ආසයි...