Total Pageviews

Thursday 30 August 2012

කේස් එක....



මේකත් මේ අර ගිය සැරේ කියපු ආයතනයෙම වැඩ කරන කාලෙ වෙච්චි දෙයක්.... 
ඒ කාලෙ අපිව අවුරුදු දෙකෙන් දෙකට සෙක්ශන් එකෙන් සෙක්ශන් එකට මාරු කරනවා.... මේ කියන සිදුවීම වෙච්චි දවස්වල මං වැඩ කරපු සෙක්ශන් එකේ හිටිය අයට බොහොමයක් වෙලාවට ආයතනයෙන් පිට යන්න වෙනවා එක එක වැඩ වලට.... දෙන්න තුන්දෙනා වගේම ගැන්සි පිටින් යන්න වෙන වෙලාවලුත් තිබ්බා.... ඒකෙ කස්ටමර් සර්විස් එකක් නැති නිසා සමහරදාට උදෙන් පිටත් උනාම එන්නෙ හවස, පාං කියා ගන්නවත් බැරුව.....

මෙතැන වැඩ කරපු කිහිපදෙනා අතරෙ හිටියා රංජිත් කියල අවුරුදු හතළිස්පහක් විතර පෙනුම තියෙන මනුස්සයෙක්.... පොර ළඟට එනකොට කට්ටිය ටිං ගාලා මාරු වෙන බව මට මෙතැනට ආපු මුල් දවස්වලම තේරිලායි තිබ්බෙ.... ඒත් ඒකට හේතුවක් නම් මට හිතාගන්න බැරි උනා.... ඕක අහන්න ගිහින් කොතනින් පත්තු වෙයිද කියල දන්නෙ නැති හින්දා මාත් නොදැක්කා වගේ හිටියා....

ඔන්න දවසක් රංජිත්ගෙ කේස් එකකට එළියට යන්න ලොක්කගෙන් අවසර අරගෙන ආයතනයෙ වාහනයකුත් ලැහැස්ති  කරගෙන එනකොට එකට වැඩ කරන පිරිමි පරාණ ටික වාෂ්ප වෙලා..... අනේ ඉතින් මේ මනුස්සය එහෙට දුවනව, මෙහෙට දුවනවා වැඩේට යන්න සහයට ඩැනී කෙනෙක් හොයාගන්න.... පැය කාලක් විතර දඟලලාත් පොරට බැරි උනා එකෙක් අල්ලගන්න.... බැරිම තැන මිනිහා ඇවිත් මට කතා කළාම, කේස් එක මොකක්ද කියලාවත් නොදැනම  මං එකඟ උනා යන්න.... ඒ වෙනකොට මට පොර ගැන පව් කියලා හිතිලයි තිබ්බෙ....

ඉතින් අදාල ස්ථානයත් වැඩි කරදරයකින් තොරව සොයාගෙන, ඒ ගෙදරට දාල තිබ්බ පත ගේට්ටුව ළඟට ගිහින් කිහිප වතාවක් බෙල් එක ගැහුවත් නෑ කිසිම ප්‍රතිචාරයක් ගෙදර ඇත්තන්ගෙන්..... දැන් රංජිත්ට මළ පැනලා.... මිනිහගෙ මූණ දැක්කම මට හිනා යනවා.... මං හිනා වෙනකොට මිනිහට තවත් තරහයි.... ඒ ගමන ගැහුවෙ නැද්ද පොර පයින් පාරක් අර ගේට්ටු පතේට.... හම්මා... හෙන ගැහුව වගේ සද්දයක් ආව.... ඒ සද්දෙත් එක්ක කොහෙද හිටපු බලු තඩියෙක් බුරාගෙන ආවෙ නැතැයි අපි දිහාට.... ඌව දැකපු ගමන් රංජිත් කෑ ගැහුවා, 'මියුරුවෝ දුවපං.... ඕකා කයි...' කියලා... මං පස්ස හැරිලා බලනකොට රංජිත් පාර දිගේ දුවනව හිටු කියලා.... ඒ ඇති මට.... මාත් උස්ස ගත්තා දෙපැත්තෙන් සාරිය ටිකක් උඩට... දිව්වා රංජිත්ගෙ පස්සෙන්.... බලු තඩිය එනව කඟවේනා වගේ.....එතකොටම වගේ පාර දිගේ යන්න ආව බයිසිකල්කාරයෙක්... මනුස්සයා තරඟෙට දුවන අපි දෙන්නාවයි, බලු රාලයි දැක්ක ගමන් කෑ ගැහුවා, 'දුවන්න එපා... හෙමිහිට නවතින්න...' කියලා. එතකොට මටත් තේරිලායි තිබ්බෙ දුවලා වැඩක් නෑ කියල... මාත් ඇස් දෙක පියාගෙන එහෙම්ම නැවතුනා.... ඒත් රංජිත් නෙවේ නැවතුනේ....

මෙන්න බොලේ මං නවතිනව දැකපු බලු රාළත් ගියර් එක මාරු කරලා, බ්‍රේක් ගහලා නැවතුනේ නැතැයි ටිකක් ඈතින්.... උගේ බලු ආතල් එක නැති උනාද කොහෙද..... එතකොටම වගේ එතැනට ආපු බයිසිකල්කාරයා ගල් ගෙඩියක් අරගෙන ඌට දමා ගැහුවම මේ දුවන්නෙ බලු වීරයා නගුට පශ්චාත් භාගයේ ගහගෙන..... 'මේ දඩාවතේ යන වල් බල්ලෙක් මිස්... අපරාදෙ මිස්ලා දිව්වෙ... ඌ පැන්නුවෙ ඕගොල්ලො දුවපු නිසා...'
'එතකොට ඌ අර ගෙදර බල්ලා නෙවෙයිද...' මං අර ගේට්ටුව පැත්තට අත දික්කරලා ඇහුවා...
'අපොයි නෑ..' කියලා ඒ මනුස්සයා හිනා උනා.... සික්...

ඔන්න මට එකපාරටම මතක් උනා රංජිත්ව.... මිනිහා පේන මානෙකවත් නෑ..... මං බයිසිකල්කාරයට කිව්වා 'අනේ පොඩ්ඩක් බලනවද අර පාර දිගේ දුවපු මහත්තයව අල්ලගන්න පුළුවන්ද කියලා...'
'මිස් එහෙනම් මෙතැනම ඉන්න....' කියපු මනුස්සයා ගියා රංජිත්ව හොයන්න...
මෙන්න විනාඩි දහයකට විතර පස්සෙ රංජිත් එනව අර මනුස්සයත් එක්ක බයිසිකලේ නැගලා.... ඒක දැකපු මට මැරෙන්න හිනා.... 
'මං යනකොටත් මහත්තය තාම දුවනවා මිස්....' බයිසිකල්කාරයා කට කණේ තියන් කිව්වා.... 



ආපහු ඔෆිස් එකට ඇවිත් සිද්දිය කිව්වම කට්ටිය හිනා උනා බඩවල් අල්ලගෙන... රංජිත්ට කාඩ් කෝටියයි.... අහක හිටපු මටත් එච්චරයි....
'ඕකනෙ අපි රංජියගෙ වැඩවලට ගෑවෙන්න නැත්තෙ....' කියලා එකෙක් කියනකොට මට තේරුනා කට්ටිය වාෂ්ප උනේ ඇයි කියලා උදේ.....
'මෙහෙ දීපං ඔය ෆයිල් එක... මොකක්ද කේස් එක...' කවුරු හරි බලහත්කාරයෙන්ම වගේ ෆයිල් එක අරගෙන බැලුවා.... 'අඩේ, උඹ ඇපොයින්ට්මන්ට් එක දාල තියෙන්නෙ අදට නෙවෙයිනෙ... ලබන බදාදටනෙ...' 

'කෝ...' රංජිත් ෆයිල් එක උදුරගෙන ආපහු බැලුවා....
අනිත් උන් ටිකත් ගිහින් ඌට උඩින් නැමුනා...
'මේ බං... අද නෙවේනෙ....'
'ඔව් නේන්නං...' අන්තිමට රංජිත් පිළිගත්තා....
මට ඌව මරන්න හිතුනා.... 



74 comments:

  1. මියුරුටත් වෙන්නේ හරි හරි වැඩනෙ. ආ අහන්න අමතක උනා ඔය දුවපු වෙලාවේ ටයිම් එක කවුන්ට් කලානම් රෙකෝඩ් එකක් තියන්න තිබ්බා නේද ?

    ReplyDelete
    Replies
    1. මට නම් සාරියයි හීල්ස් එක්ක සපත්තුයි නිසා එච්චරම වේගෙන් දුවගන්න බැරි වුනා.... එහෙම මොකුත් බාධකයක් නැති රංජිත් නම් රෙකෝඩ් එකට කිට්ටු කරන්න ඇති....

      Delete
  2. ඔහොම පුද්ගලයො බොහොමයක් කන්තොරුවල දකින්න ලැබෙනව. වැඩක් කරන්න අයනකොට බොරු කලබලය සහ ඉක්මන් කොපය නිසා වැඩ අනාගන්නේ ඔය වගේ කස්ටිය මදැ මියුරු අක්කටත් මරු ටොමැක් එක හික්ස්

    ReplyDelete
    Replies
    1. අයියෝ.... කියල වැඩක් නෑ..... රංජිත් ඒ වගේ වැඩ වලට නම් දරාපු එකෙක්... ඒ නිසා අනිත් උන් වැන්දත් පැත්ත පළාතෙ යන්නෑ.... මං අළුත් නිසා අහුවුනා මෝඩය වගේ... ඊට පස්සෙ නම් මොනවා කියාගෙන ආවත් මං නෙවේ උන්දත් එක්ක කේස් කොරන්න ගියේ....

      Delete
  3. පවු අර අහිංසක බල්ලාගේ නැප් එක කඩලා ඒ මදිවාට ඌට ගලුත් ගහලානේ..

    ReplyDelete
    Replies
    1. පව් කියන්නෑ ඌ ආව විදිය දැක්කනං... හප්පා.... අර කිව්වත් වගේ සමහර විට උගේ නැප් එක කැඩුව නිසාද දන්නෑ පොරට කේන්ති ගියේ එච්චර.... ඌව වඩාගන්න දීලා ගල් ගහන්න තිබ්බෙ රංජිත්ට....

      Delete
  4. අයියෝ ඔයාට සෙට්වෙලා තියෙන්නෙ මාර ඩයල් එකක්නේ.
    'මං යනකොටත් මහත්තය තාම දුවනවා මිස්....'
    පට්ට!

    ReplyDelete
    Replies
    1. බයිසිකල්කාරයා පස්සෙන් එනකොට ඌ තව හයියෙන් දිව්වද දන්නෑ බලු රාළ බයිසිකලෙන් එනවා කියලා හිතාගෙන.... කට්ටියගෙ කෙරුවාවල් හරියට දන්නෙ නැති නිසා,සෙක්ශන් එකකට ගිය අළුත් පිට ඔය වගේ වැඩමයි උනේ මට....

      Delete
  5. හපොයි දෙයියනේ.... කොහොමත් ඔය බලු වහන්සෙලා පොඩ්ඩක් බය නැති විදියට හිටියම ෂේප් වෙනවා... හැබැයි පාට් දාන්න යන්න හොද නෑ....

    දෙයියන්ගේ පිහිටෙන් මම ඔෆිස් හිටපු කාලේ කවදාවත් එළියට යන්න නම් උනේ නෑ.... උනා නම් අපේ කොල්ලෝ සෙට් එක මාව ලෙඩ වලට පටලවන හැටි මට මැවිලා පේනවා දැං.... උන්ට මං ඔෆිස් එක ඇතුලෙ හිටියත් ලෙඩ දාන්න සිස්ටම් තියෙනවානේ...... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත හිරු... ඒත් කොයි තරම් ඔය ගැන දැනගෙන හිටියත් අරකා එන විදිය දැක්කම රංජිත් කිව්ව එක අහලා දුවන්නමයි හිතුනෙ....

      හිරු දැන් නම් එතැන වැඩ නොකරන පාටයි... ඇති යන්තම් එයින් ගියා... හික්ස්...

      Delete
  6. කමක් නෑ කාගෙන්වත් අහලා කේස් එක දැන ගන්නේ නැතුව කේස් එකට එන්ටර් වෙලාව දැන ගත්ත එක කොයිතරම් හොඳද... හික්ස්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... ආයෙ උන්දත් එක්ක කිසිම කේස් ගනුදෙනුවක් තිබ්බෙ නෑ ඉන්පස්සෙ මගේ... අනිත් උන් වගේ මමත් නොදැක්කා නෑසුනා සේ හිටියා...

      Delete
  7. ඔය මනුස්සය කසාද බැඳලා නම්,අනේ අපොයි ගෙදර උන්දෑ....

    ReplyDelete
    Replies
    1. බැඳලා... බැඳලා... ඒකට නම් කතා සීරීස් එකක්ම හදලා තිබුණා කට්ටිය.... හික්ස්...

      Delete
  8. පව් අප්පා රංජිත්. ඔයා එයාට හෙල්ප් කරපු එක ලොකු දෙයක්.

    දෙන්නා දුවපු හැටි නම් මැවිලා පේනවා. සාරිය දෙපැත්තෙන් පොඩ්ඩක් උස්සගෙන හී හී.....

    ReplyDelete
    Replies
    1. //සාරිය දෙපැත්තෙන් පොඩ්ඩක් උස්සගෙන හී හී.....//
      පොඩ්ඩි එහෙම කියලා අර නෝන්ඩියට හිනාවෙලා තියෙන විදිය නම් මට ඇල්ලුවේම නෑ ඕං.... හරියට ආපහු ඇවිත් සිද්ද වෙච්චි දේ ඔෆිස් එකේ එවුන්ට කියද්දි වගේ....

      Delete
  9. මැවිලා පේනවා මෙයා දුවපු හැටි... කාලෙකට කලින් අන්තර් ජංජාලෙ දැක්ක අවුරුදු උත්සවේක ආන්ටි කෙනෙක් සාරිය දෙපැත්තෙන් උස්සගෙන දුවනවා .. ඒක මතක් උනා

    ReplyDelete
    Replies
    1. හයියෝ සංසාරෙ.... හික්ස්...

      Delete
  10. හිහි...ඉතින් එයා මොනාටද අපොයින්මන්ට් දාල තිබුනේ?

    ReplyDelete
    Replies
    1. රජයේ මුදල් අයථා පරිහරණය සම්බන්ධ යමකට කට උත්තරයක් ගන්න..... ඒ ගැන මීට වැඩි දෙයක් හෙළිකරන්න බැරි එක ගැන සමාවෙන්න සයුරි... මොකද ඒ අංශයෙන් කෙරෙන සියළු කටයුතු පෞද්ගලිකයි රහසිගතයි තත්වයකයි තිබුණෙ...

      Delete
  11. රංජිත් කියන්නෙත් මිස්ටර් කලබල කෙනෙක් වගේ..මියුරු වගේ ඩයල් එකක් එයාට එකතු වුනාම අපිට නම් මැරෙනකම් හිනා වෙන්න පුළුවන් හික්ස්.. :))

    ReplyDelete
    Replies
    1. කොරියන් ඩ්‍රාමා එකක ගොං ජෝක්ස්වලට නම් මරුවට හිටියි... නැද්ද මං අහන්නෙ රූ.... හික්ස්...

      Delete
  12. දිව්වම තමයි බල්ලො එලවන්නේ කියන කතාව ගොඩක් වෙලාවට ඇත්ත..ඒ එලෙව්වත් එලවන්නේ උන්ගේ වැයික්කිය ඉවරවෙන තැන වෙනකං විතරයී!

    ReplyDelete
    Replies
    1. උන්ට ඔය දුවන එකෙක් පස්සෙ එලවනකොට පුදුම ආතල් එකක් තියෙනව ඇත්තෙ.... වැයික්කිය පැනපු ගමන් අළුත් එකේ අයිතිකාරයො මූ පස්සෙ පන්නනව ඇති නේද....

      Delete
  13. වෙලාවට බයිසිකල් කාරයෙක්වත් ආවෙ. නැත්නං මියුරු අක්ක තාමත් දුවනව :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.... මොනව උනත් අර සාබිත් කියලා තියෙන විදියට උගේ වැයික්කියෙන් එපිටට පන්නනකම්ම දුවාවි....

      Delete
  14. මරු මරු මරු....
    හැබැය් මකියගේ පස්ස තරම් ජොලි නෑ,

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද සමාධි.... වැඩේ සිද්ද උනේ මෙහෙමනෙ... :D

      Delete
  15. //මාත් උස්ස ගත්තා දෙපැත්තෙන් සාරිය ටිකක් උඩට... දිව්වා රංජිත්ගෙ පස්සෙන්....//

    මට මතක් උනේම ඉස්කෝලෙ ස්පෝට්ස්මීට් එකේ අපේ ප්‍රියතම ඉවෙන්ට් එක . . . ටීචර්ලගෙ මීටර් 100 තර‍‍ගෙ

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තම නේන්නං.... ඔය කියනකොටයි මට මතක් උනේ.... ඇත්තටම ඒ විදියටම තියෙන්න ඇති.... මිස්ලත් දුවන්නෙ සාරි දෙපැත්තෙන් උස්සගෙනනෙ.... ළමයි හුරේ තියනව.... හොඳ වෙලාවට පාරෙ මිනිස්සු නොහිටියෙ.... හික්...හික්...හී....

      Delete
  16. මියුරුටත් වෙන්නේ මාර වැඩ තමයි ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ චමී... මං පව්...

      Delete
  17. හි හි..:)

    ReplyDelete
  18. අද නම් නියම දවස... පිට පිට කියවපු තුන්වැනි හිනා යන කතාව... මෙච්ච්ර හිනා යන්නේ ලඟදි අඩන්නවත් තියනවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. අපොයි බයවෙන්න එපා.... ලේ පිරිසිදුවෙලා, කාලෙකට ඉහෙන් බහින ලෙඩක් හැදෙන්නෙ නැතිව යාවි තොටියෝ.... :D

      Delete
  19. බල්ලොත් එක්ක බෑ !!!
    ඒක නිසානේ කට්ටිය වාශ්ප වෙලා තියෙන්නේ. මට මැවි මැවි පේනවා මියුරු අක්කා සාරිය උස්සන් දුවනවා !!! හික් :)

    ReplyDelete
    Replies
    1. ඒකගෙ පරිප්පු වැඩවලට ගිහින් කට්ටිය ඊට කලින් හොඳට නාගෙන.... ඒක මතක තියෙන හින්දා එකෙක් හවුල් වෙන්නෑ රංජිත්ගෙ වැඩවලට....

      හයියෝ... මටත් මැවිල පේනවනෙ.... :D

      Delete
  20. මියුරු ලියන ඒවාට හැමදාම බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන්. මට මැවිලා පේනවා අප්පා.... රංජිත් පිටිපස්සෙන් මියුරු දුවනවා. මියුරු පිටිපස්සෙන් බල්ලා දුවනවා........ හි හී

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සිඳු.... :D

      Delete
  21. සාමාන්‍යයෙං මම එ් වෙලායට කරන්නෙ බල්ල අයිතිකාරයගෙ ගෙදරට ගිහිල්ල ගෙදර ඉන්න අයට ගොඩක් ප්‍රශංසා කරන එක. මෙතන එ්ක කරන්නත් බෑ බල්ල වන බල්ලෙක්ලුනෙ! :D

    ReplyDelete
    Replies
    1. හනේ ඒක නෙවෙන්නං.... මං හිතුවෙ ඒ ගෙදර එකාය කියලා.... :D

      Delete
  22. මේං මං මේ පැත්තට ආපු නැති කාලේ මියුරු අක්කා හොරෙන්ම කතා සෙට් එකක්ම දාලා... එල එල නැවත පැමිණීම සතුටක් මියුරු අක්කේ....

    සාරිය උස්සං දුවපු හැටි කියවද්දි මතක් වුනේ බුකියේ ෂෙයාර් වෙච්චි පින්තූරයක්... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... මේ දවස්වල වැඩිය බ්ලොග් පැත්තෙ එන්නෙ නෑ වගේ නේද...?
      ඒ මොකක්ද අප්පේ පින්තූරෙ...?

      Delete
  23. මියුරුටත් හරි රොමෑන්ටික් වැඩ නේ වෙන්නෙ. හිතලා බලන්න අරූ ඉස්සෙල්ලා දුවනවා. මියුරු හයි හීලස් දාගෙන සාරිය උස්සගෙන ඌ පස්සෙ පන්නනවා. බල්ලව පොඩ්ඩක් සීන් එකෙන් කපලා දාමුකො. මට නම් ඒක හෙනම රොමෑන්ටික්.
    කෝ ඔයාගෙ කතාවල් වලින් ඉන්ස්පයර් වෙලා මම ලිව්වනෙ පෝස්ට් එකකුත් අද නම් මහාම චාටර් දවසක් අප්පා කියලා. අර සමහරු කමෙන්ට් ඔයාගෙ ගුණ වනලත් තිබ්බෙ ඔයාගෙ හැටි දන්නෙ නැතුව. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හයියෝ ලැජ්ජාවෙ බෑ... ඒ අස්සෙ මේක රොමැන්ටික්ලු....
      බලුසන්ව සීන් එකෙන් කට් කරල දැම්මම පේන්නෙ එහෙමද... ඊව්ව්ව්....

      මේකට උත්තර බැඳලා ගිහින් කියවන්නම්කො ඩූඩ්ගෙ කතාවත්... බලමු කොච්චර දුරට ඉන්ස්පයර් වෙලාද කියලා... හික්ස්...
      //අර සමහරු කමෙන්ට් ඔයාගෙ ගුණ වනලත් තිබ්බෙ ඔයාගෙ හැටි දන්නෙ නැතුව.// grrrrrrrr.........

      Delete
  24. හැක් හැක් ..... ඌ නම් සිරාම පොරක්නෙ.. දිනෙත් වරද්දන්..

    එතකොට ආයෙ ගියෙත් මියුරු එක්කමද ?

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ... කාත් එක්ක ගියාද, මොනවා කොරගත්තද කියලාවත් දන්නෙ නෑ.... :D

      Delete
  25. බල්ලො වීරයො වෙන්නෙ අපි දුවනකොට....එක දවසක් අපේ වත්තෙ තඩි හාවෙක් පස්සෙන් අපේ බල්ල එලවනව ඔන්න නිකම් ඔඩ්ඩි සීරි මස්සිනා වගේ හරිද..අනේ හාවා පන කඩාගෙන දුවනව දුවනව දුවනව...බල්ලත් අතාරින්නෙම නෑ..ඔන්න දැන් හාවට අඩි 10 ක් වගේ පිටිපස්සෙන් බල්ල..ඒ එක්කම හාව දිවිල්ල නතර කරල නැවතිල එකපාරම ආපහු හැරිල බල්ල දිහාවට සීරියස් ලුක් එකක් දැම්ම කන් දෙක උස්සල...
    අනේ කියන්නත් ලැජ්ජයි,, අපේ බල්ල හරියට ඔලුවට පොලු පාරක් කෑව වගේ මහා හයියෙන් මර ලතෝනියක් දීගෙන ආපහු ගෙදරටම දුවගෙන ආවා......(මේක උනේ ලංකාවෙදි හොඳේ)

    ReplyDelete
    Replies
    1. අයියෝ.... මරු කතාව කිරිල්ලි... ඔහොම අයියල ඉන්නව... අපේ ගෙදර මරු පූසෙක් හිටිය... ඒ කතාව පෝස්ට් එකකින්ම කියන්නම්කො.....

      Delete
  26. හප්පේ.. අක්කටත් හැමදාම වෙන්නේ මෙහෙම එවුවමනේ.. හොද වෙලාවට අර බයිසිකල්කාරයා හම්බුනේ.. නැත්නම් දුවන දිවිල්ල හිතාගන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් කියල වැඩක් නෑ... සාරියත් එක්ක හයියෙන් දුවගන්න බැරි නිසා සමහරවිට ඌ ආපු වේගෙට මගේ ඇඟට උඩිනුත් පනින්න තිබ්බා....

      Delete
  27. අක්කේ උඹටත් හොඳ බලු අපලයක් තිබිල තියෙනවා වගේ... හික්...;)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම තමා... හික්ස්...
      හප්පේ... ලොකු පුතා දැක්ක කල්...
      ඇත්තම කියනවා නම් මේකට පින්තූරෙ හොයද්දි මට මතක් උනේ ලොකු පුතාව... මතකද අර ඔයා ලියපු බලු කතාව... :D

      Delete
  28. කෝ මගෙ කමෙන්ට් එක ? බල්ලවත් කෑවද ?

    ReplyDelete
    Replies
    1. බල්ල කාල තිබිල දෙකක් ඇන්නම අන්න වැමෑරුවා.... ආං තියෙනව උඩ... :D

      Delete
  29. මිනිහෙක් පස්සේ සාරියත් උස්සන් දුවන කෙල්ලෙක් ...ඒ පස්සෙන් බල්ලෙක් . ....!!!!අය්යෝ බයිසිකල් කාරයා අතේ කැමරාවක් හෙම තිබ්බනම් ..

    ReplyDelete
    Replies
    1. හයියෝ බින්දි.... ඔයා ඒක කියපු විදියට මට පොලව පලාගෙන යන්න හිතුනා... චික්... :D

      Delete
  30. ගැමියාගේ ඩූඩ්ගේ, වින්චැට්ගේ, දිනේෂ්ගේ හා ලොකුපුතාගේ කමෙන්ට් වලට පිළිතුරු දීම සිතාමතා අතපසුකිරීමට ක්ලාස් ඇක්ෂන් ගැනීමට අපි තීරණය කලෙමු.
    මින් පසු අපි උඹේ බ්ලොග් පෝස්ට් වල ලියන විහිලු වලට (මුඛයෙන්) සිනා නොවී සිටීමට තීරණය කර ඇත්තෙමු.
    මෙයට සිත්තැවුලට පත්
    ගැමියා ඩූඩ්, වින්චැට්, දිනේෂ් හා ලොකුපුතා
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි... එහෙමත් එකක්ද.... මේක දැකලා බය උනු පාර ඕං අනිත් ඔක්කොම වැඩ නවත්තලා උත්තර බැන්දා.... බුදු කිරි අප්පේ....
      මොකක්ද ඒ මුකයෙන් කිව්වෙ.... වැඩි වෙනසක් නෑ වගේ ලියල බලනකොට.... එක අකුරයි.... ;P

      Delete
  31. අනේ අම්මේ.. මටනම් බල්ලෝ ශේප්. අනේ මන්දා මොන නසරානි බල්ලෙක් වුනත් මට හීලෑ කරගන්න විනාඩි 5 ඇති.

    ReplyDelete
  32. මොනතරම් දෙයක්ද ඒක....
    අපේ තාත්තටත් ඔය වගේ.... යක්ෂ බල්ලො ඉන්න ගෙවල්වලට ගියාම බලු අයිතිකාරයො කෑගහනවා කිට්ටු වෙන්න එපා කියලා.... චණ්ඩියො මොන තරම් බුරාගෙන ආවත්, තාත්ත ළඟට එන්නෙ ඔළුව පාත් කරගෙන නගුට වන වනා.... ඊට පස්සෙ ඔළුව අතගෑවම ඔක්කොම ඉවරයි... :D

    ReplyDelete
  33. මියුරුටත් වෙන වැඩ! අදයි ඔන්න මාත් ආවෙ. ලස්සන කතාව. ආයෙත් එන්නම් ටිකක් හිනා වෙන්නත් එක්ක. මාත් එක්ක නම් බල්ලො ශේප්. අපේ ගෙදර එකාගෙ ඉව ආවහම උන් ඉතින් නගුට වනනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාන්දි... ඒ උනාට මට මතකයි ඔයා මීට කලින් ඇවිත් කමෙන්ට්ස් හෙමත් දාල තිබ්බා කියලා.... :D

      Delete
  34. හක හක හක.... මං මෙහෙම හිනා වුණාට මීට ටික කාලෙකට කලින් අපේ ඔපීසියෙ උන්දැ කෙනෙක් හන්ද මට වෙච්ච සන්තෑසිය මතක් වෙලා මටම මගෙ ගැන ලැජ්ජ හිතුණ මියුරුවො.... අනේ අම්මප මේ වගේ අන්දරේල හන්ද අපි බයිට් වෙන හැටි!!!

    ReplyDelete
    Replies
    1. හයියෝද කියන්නෙ.... ඔයත් ලිව්වද ඒ කතාව.... යන්න ඕන බලන්න... හික්ස්...

      Delete
  35. තව පොඩ්ඩෙන් බ්ලොග් එක ලියන්න තිබුණා. වැලිකඩ බන්ධනාගාරයේ සිට ලියමි කියලා :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් තිබ්බා අර යකා ගේට්ටු පතේට දෝයි කියලා පත බාපු පාර මොකුත් උනා නම් හෙම.... මොකද ඔවුන් කැමතිම නෑ අපේ ආයතනයෙන් උන්දලා මුණ ගැහෙන්න එනවට.... :D

      Delete
  36. දැන් කොහෙ ගිහින්ද මේ උන්දැ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කොහෙවත් ගියේ නෑ අනේ... මේ ඉන්නව... මේ දවස්වල එක කොම්පියුටරේකට බැහැල අනෙක චකබ්ලාස් වෙලා... ඉතින් පොඩි උන් එක්ක මරාගන්න ඕන මේක අල්ලගන්න... ඒ නිසා ඉතින් බාගෙට ලියපු කතාවකුත් තියන් දුක සේ හිටිය පහුගිය ටිකේ... :(

      Delete
  37. මාසයකින් යමක් නැත - අධික වැඩ වාගේ..

    ReplyDelete
    Replies
    1. වැඩමත් නෙවේ තිස්ස මහත්තයෝ... මේ එක කොම්පියුටරයක් ගෙදර ඔක්කොමත් එක්ක බෙදාගන්න වෙලානෙ... ඉන්නකො බාගෙට ලියපු කතාවක් තියෙනව ඉවර කරන්න අද ලැබිච්චි චාන්ස් එකේ.... :D

      Delete
  38. බයිසිකල් කාරය නොහොටින්න රන්ජිත් තාම දුවනවා හිකිස්

    ReplyDelete