Total Pageviews

Wednesday 18 January 2012

චූටි නංගිගෙ චක්කරේ.....

අපි තුනේ පන්තියේ ඉන්නකොට අපට නියම වෙලා තිබුණ චක්කර කට පාඩම් කරන්න.... ඕක නැතුව ගණන් හදන්න බැහැනෙ.... මට මතකයි ඒ දවස්වල ගණන් හදන්න ගන්න කොටු රූල් පොත්වල පිට කවරෙ අන්තිම පිටුවෙ 1 ඉඳලා 12ට චක්කර ටිකයි, අනිත් බර, දිග, පරිමාව මණින ඒවයෙ අනුපාතයි දාල තියෙනව.... පස්සෙ කාලෙකදි කොටු රූල් පොත්වල ඒව දාන එක නැවැත්තුව මට මතක විදියට.... එහෙම පොත්වල අච්චු ගහල තිබුණට වැඩක් උනේ නෑ.... මිස් පාඩම් ගන්න වෙලාවට පොත් අනිත් පැත්ත හරවලා ඒවා වහගන්න ඕන.... කට්ටයො වැඩිවෙනකොට මිස් පොත් ටික කලින්ම එකතු කරගන්නව... ළමයින්ට වාසියකට තිබ්බෙ චක්කර පාඩම් ගන්න දවස කලින් කියන එක.... ඒ කිව්ව දවසට පන්තියෙ එව්වො ටික, විශේෂයෙන්ම කොල්ලො උදේ පාන්දරින්ම ඉස්කෝලෙ ඇවිත් චක්කරේ ලියාගන්නව මේසෙ උඩ.... ඉතින් පාඩම් දෙන වෙලාවට මිස් පොඩ්ඩක් අහක බලාගන්නකම් තටම තටම ඉඳලා වෙඩි වගේ කියනව අනිත් පැත්තට හැරුණු ගමන් අරක දිහා බලාගෙන.... මම නම් පුළුවන් ඉක්මනට ඕක පාඩම් කරගත්ත, වෙන මොනවටවත් නෙවේ, ලැජ්ජවෙන්න වෙනවට.... ඒ දවස්වල ඕව බැරි උනාම වේවැල් පාර වදිනව.... එහෙම නැත්නම් පන්තිය ඉස්සරහ දණ ගහගෙන ඉන්න ඕන.... ඒත් නැත්තං පන්තියෙන් එළියට දානව....

මට ඒ අස්සෙ තව අතුරු කතාවක් මතක් උනා.... අපේ අම්ම දන්න විද්‍යාව උගන්වපු සර් කෙනෙක් හිටියා අපේ කණිෂ්ඨ විද්‍යාලෙම සහෝදර මහා විද්‍යාලෙ.... ඒ සර්ගෙ පුතා හිටියෙත් අපේ සමාන්තර පන්තියක.... ඒකා මහ වසවර්තිය... කියන කිසිම දෙයක් නාහන ඇට්ටරයෙක්.... පොර හින්දා තාත්තගෙ සායමත් ඉවරයි.... දවසක් ඔය සර් ලොකු ඉස්කෝලෙ ළමයි කණ්ඩායමක් එක්ක මොකක්දෝ වැඩකට අපේ ඉස්කෝලෙට ඇවිල්ල..... ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට යනකොට අපේ පන්ති පහුකරගෙනයි යන්න ඕන... හනේ අර සර් පුතාගෙ පන්තිය ළඟින් ළමයි ටිකත් අරන් යනකොට පුත්‍ර රත්නය ඉන්නවලු පන්තියෙන් එළියට දාල අව්වෙ දණ ගහගෙන, අත් දෙක මාරු කරලා කන් දෙකත් අල්ලන්.... සර් කිව්වලු එයාට පොළව පලාගෙන යන්න හිතුනය කියල ඒක දැක්කම.... අන්තිමට කිව්වලු,
'ඒ ඔක්කොමත් හරි... මං හැරිල මුගේ දිහා බැලුවම මූ මාත් එක්ක හිනාත් උනානෙ...' කියල...
උන්දට හම්බෙන්නැති එදා ගෙදර ගියාම.... හැබැයි ඒව නං ආරංචි උනේ නෑ....


ඉතින් ඔහොම යනකොට ඔන්න ආව අපේ චූටි නඟාට චක්කර පාඩම් කරන්න වෙච්චි කාලෙ.... ඒ වෙනකොට නම් අපිට වගේ චක්කර පාඩම් දෙන්න ඕන උනේ නෑ.... වතුරට බැහැල පීනන්න තමයි සිද්ද උනේ ගොඩ යන්න නම්.... ඒකෙන් උනේ චක්කරේ බැරි එකා ගණන් හදන්න ගියාම හිරවෙනව.... මමයි ලොකු නංගියි කලට වෙලාවට ඔය වැඩ ටික කරගත්තට චූටි නංගි ඕකෙ අනිත් පැත්ත.... මොන දේ කරන්නත් උන්දැට හිතෙන්න ඕන.... බැරිවෙලා හරි කවුරු හරි කිව්වොත් මේ දේ කරපං කියල, ඒක කරන්නෙම නෑ..... දැන් චක්කර වැඩේට උනෙත් ඕකමයි.... අම්මට ඕක කියලම එපාවෙලා අන්තිමේදි,
'කිව්වා නාහන ගුරු ඉහළ ගියත් එකයි, පහළ ගියත් එකයි... මං නෙවේ ආයෙත් කියන්නෙ....' කියල නිකම් හිටිය.... මටයි ලොකු නංගිටයි ඕන උනේ අම්ම ලව්ව මුන්දට දෙකක් දෙවන්න... ඒත් කවුරුවත් ඒක කළේ නැති හින්ද අපි දෙන්නට හෙන තරහයි, ඉරිසියයි... අපි දෙන්න නම් පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගුටි කනව... මුන්දට විශේෂ සැලකිලි... ඒ හින්දා අපි දෙන්න චූටි නංගිට කිව්වෙ 'හැඳි නොගා හදන කිරි හොද්ද...' කියල.... ඒ හින්දා ඔය දවස්වල ඉස්කෝලෙන් දීපු ගණන් හදන්න ගිහින් හිරවෙලා අපෙන් චක්කරේ අහන්න ආවම අපෙන් බැණුම් අහගන්නව ඇතිවෙන්න.... බැනල බැනල පව් හින්ද කියල දෙනව.... දැන් නම් දුකත් හිතෙනව මතක් වෙනකොට....


දවසක් හැන්දෑවක මමයි ලොකු නංගියි අපේ කාමරේ මොකක්දෝ වැඩක්... අම්මත් කුස්සියේ.... චූටි නංගිත් සාලෙ මේසෙට වෙලා මොකක්දෝ බර වැඩක්... ටික වෙලාවකින් මෙයා කියනව,
'අම්මේ, මං ප්‍රශ්ණයක් අහන්න.... පුළුවන් නම් උත්තර දෙන්නකො...' කියලා...
'හරි...' අම්මත් කුස්සියේ ඉඳලම කියනව ඇහුනා....

'අම්ම කියන්න බලන්න හයවරක් හත කීයද...?'
'හතළිස් දෙකයි...' අම්ම කෑ ගහනව ඇහුන..
'හරියට හරි.... එහෙනම් චූටි අක්ක කියන්න බලන්න හත් වරක් අට කීයද කියල....'
'හයියෝ... ඕකත් වැඩක්ද... පණස් හයයිනෙ....' ලොකු නංගි කිව්ව..
'හරී...
'අක්ක එහෙනම් කියන්නකෝ අටවරක් නවය කීයද කියල...'

'ඕවත් ගණන්ද හලෝ... හැත්තෑ දෙකයි...' මාත් කිව්ව...
'ඔයත් හරියට හරි....'

ඔන්න ඊ ළඟ වටෙත් පටන් ගත්ත අම්මගෙන්... මට දැන් සැකයි මෙයා මේ මොකක්ද කරන්නෙ කියල.... මං සද්දෙ නෑහෙන්න ඇඟිලි තුඩින් ගියා සාලෙ මෙයා වැඩ කර කර හිටිය තැනට.... ගෑණි හිටු කියල බර වැඩක්.... මං පිටිපස්සෙන් නොදැනෙන්න කර පොවල බැලුව...
හනේ සකෝ බලලෝ.... අපේ චක්කරේ දන්නැති චූටි නඟා, අපෙන් අහන්න ගිහිල්ල බැණුම් අහගන්න වෙන හින්දා ඉස්කෝලෙන් දීපු ගණන් ටික වරද්දන්නෙ නැතුව හදන්න අළුත්ම ක්‍රමයක් හොයාගෙන.....

88 comments:

  1. හජ් හැක හැක අපේ මල්ලිත් ඔහොම්මමයි. අපේ අම්මි වතුර වගේ මට චක්කරේ පාඩම් කෙරෙව්වට මල්ලි අල්ලාගත්තේ නැහැ. ඔකාත් ඔහොම්මමයි.

    ReplyDelete
    Replies
    1. හික්...හික්... ඒකනම් කියල තියෙන්නෙ තරහෙන්... මටත් ඔය වගේ ඒ දවස්වල... දැන් නම් පව් කියල හිතෙනව....

      Delete
    2. pawle balaya harima ahinsakai anee........

      Delete
  2. කොහොමද ටිකිරි මොලේ...

    ReplyDelete
    Replies
    1. ආයෙ කියල වැඩක් නෑ.... :D

      Delete
  3. චූටි නංගිගේ ටිකිරි මොලේ ෂෝක්, අපි නං ඒ දවස්වල චක්කරේ පාඩම් කලා බයටම නැත්නම් ඉස්කෝලෙ ගියාම හම්බ වෙනවා බඩ පිරෙන්නම ........

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං... ඔය මගුල පාඩම් කළේ බයටමයි....

      Delete
  4. අන්න මොලේ තියෙන නංගිලා... ඔයාලා ඔක්කොමලා රැවටුනානේ...

    ReplyDelete
    Replies
    1. මටත් වඩා රැවටුනේ අම්මයි, ලොකු නංගියි....මාත් එක පාරක් රැවටුනා තමයි... ;) මට සැක හිතිලා ගිහින් බැලුවෙ නැත්තං අර දෙන්නා වැඩර්ලා වගේ උත්තර දෙයි ගෑණි අහන අහන එකට.... මතකනෙ, මමයි චණ්ඩියා... හික්ස්....

      Delete
  5. අන්න නියම චූටි නංගියෙක් :D

    ReplyDelete
    Replies
    1. උන්දැගෙ නියම වැඩ තවම එළි කොළේ නෑ... මේ බොහොම ජුංඩයි.... :D

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. // 'හැඳි නොගා හදන කිරි හොද්ද...'//
    අපූරු නම..හැබැයි ඉතින් මේ වගේ අක්කල දෙන්නෙක් එක්ක ඉහ ගහගෙන ඉන්න මේ වගේ නොවිත් බෑ වෙන්නැති.මෙතනම චූටි නංගිටත් කොමෙන්ටුවක් දාන්න කිව්වනම් තමා අපිට කතාවෙ දෙපැත්තම බලා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. උන්දැ මේක බලනව.... හැබැයි දිගටම නෙවේ... ලොකු නගා කේලම කිව්වොත් නම් ඉක්මනටම බලයි...එතකොට නම් මට කෝල් එකක් එයි... නැත්නම් සමහරවිට ඇනෝ කොමෙන්ටුවක්වත් වැටෙයි.... බලමුකො.... :D

      Delete
  8. හික්ස්.... අපේ නගත් ඔය ජාතියෙමයි.මේක කරන්න කිව්වොත් කරන්නෙම නෑ.චක්කරේ නම් මටත් අරහං ඒ දවස් වල..

    චූන් නගාගෙනම් නියම මොලේ.ජනාදිපති කමට නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තව කස්ටිය...

      උන්දැ ගෙදරට නම් ජනාදිපති තමයි දැනටත්...හික්ස්...

      Delete
  9. නංගිගේ මොලේ ඇලේ දාන්න වටිනවනේ.. :)

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ ඉඳලම ඇලේ දාල හොඳට පොඟෝල තියෙන්නෙ..... :D

      Delete
  10. ෂා අදහන්න වටින නංගී කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. හික්ස්... දැක්කොත් උන්දැට තන්තෝතෙ බැරුව යයි...

      Delete
  11. සක්කරය කියන්නැහේ..කිව්වැකි...ඔය ලොකු කෙල්ලො දෙන්නා කොහොම වෙතත් පොඩි කෙලීනම් ගොඩ ගිහිල්ල ඇති..හික්..

    ReplyDelete
    Replies
    1. අඩේ... මෙන්න බොලේ සක්කරයටත් වැරදුනාද කොහෙද.... අපි තුන්දෙනාම ගොඩ බං.... ගොඩ කියන්නෙ ගොඩේ ගොඩ.... :D

      Delete
  12. නරකම නෑ ක්‍රමේ. මටනං චක්කරේ හරියටම පාඩම් හිටියේ ඒලෙවෙල් කාලෙදි.:)

    ReplyDelete
    Replies
    1. ඈ බොලේ... එතකොට පොඩි පන්තිවලදි ගණන් හැදුවෙ ඇඟිලි ගණන් කරලද...? :D

      Delete
  13. පිස්සු නංගියෙක් නොවැ...ඕකට තමයි නිර්මාණශීලී චින්තනය කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. අපේ චූටි නංගිගෙ නිර්මාණශීලී චින්තනය ගැන නම් කියල වැඩක් නෑ ඕයි.... අපටත් පික්ෂු හැදෙනව.... :D

      Delete
  14. ෆට්ට මොලේ... මටනං තාම චක්කරේ බෑ...... 7 වරක් 9 ගනන් හදලා හොයාගන්නෙ

    ReplyDelete
    Replies
    1. උත්තරේ හම්බවෙලා තියෙන්නෙ බොට ඔබා මාමගෙන්... ආයෙ චක්කරේ පාඩම් කොරන්න ඕන වෙනේකක් නෑ මයෙ හිතේ.... :D

      Delete
  15. අනාගතේට වටින දැරිවියෙක්. හොඳ මොලයක්නෙ. අලුත් විදිහට හිතන කෙනෙක්. අනික උපක්‍රමශීලීයිනෙ....

    ReplyDelete
    Replies
    1. උපක්‍රමශීලී කමේ උපරිම... හක්...හක්...හා... ( කෝ අපේ නංගි ඉන්නවද... :D)

      Delete
  16. නගාට චක්කරේ බැරි උනාට හොඳට මොලේ තිබිල තියෙනවා කට්ටියවම ගානට අන්දන්න

    'හැඳි නොගා හදන කිරි හොද්ද...'
    අපේ ගෙදරත් අම්මල මෙහෙම එකෙක්ව හැදුවා, දැන් ඒකෙ ප්‍රතිපල තියෙනවා :(

    ReplyDelete
    Replies
    1. හපොයි කවුද ඒ...? ලොකු පුතා නෙවෙයිනෙ....

      Delete
  17. අපෙන් චක්කරේ පාඩං ගන්න ආවෙ අපේ ලොකු සර්. හප්පේ! පේර කෝට්ටයි ලොකු සර්වයි දැක්කම දහතුනන් වරක් චක්කරේ උනත් පාඩං හිටිනව යස අගේට. වෙන මොකක්වත් නෙමෙයි පරාණ බය.

    ගෙදර හැමෝම චක්කරේ දන්න එකේ ඒක පාඩං කරන්නෙ අපරාදෙනෙ. අක්කලාගෙ නංගිගෙ මොළේ තමයි මොළේ.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ... ලොකු සර්ද චක්කරේ පාඩම් ගත්තෙ....? ඒ පේර කෝට්ටෙ ගැටත් තිබ්බද....?

      අපේ නගා හිතන්න ඇත්තෙත් එහෙම තමයි.... :D

      Delete
  18. චක්කර නං ජරාවක් අප්ප! :( බුදිමතේ බෑ! :(

    ReplyDelete
    Replies
    1. ඕකට අර ආවර්තිතා වගුවට වගේ පොඩි සින්දු කෑල්ලක්වත් හදාගන්න පුළුවන් උනා නම් නේද....? ඉලක්කම් ටික තමයි තනුවක් දාල කියන්න වෙන්නෙ... :D

      Delete
  19. එයා මැලිබන් බිස්කට් කෑවද ඒ දවස් වල වැඩිපුර?

    ReplyDelete
    Replies
    1. මාරි කෑව... මාරි කෑව.... :D

      Delete
  20. දෙයියනේ කියලා පොඩි කාලේ ඉඳන්ම චක්කරේ පුරුදු වුනා හි හි හිතලා නෙමේ දෙක තුන වසරේ ඉඳන් අපි විලි ගැහුවා....අනිවාර්යෙන් ගේම් එක යන්නේ 4 ගුණාකාර වලින් හිටපු ගමන් එක දිගට 6 ගුණාකාරත් වදින නිසා 4චක්කරේ නම් හොඳට මතක හිටියා...අදටත් ඒක මාර උදව්වක්...

    අපිට ඉගැන්නුවේ"හතර වරක් එක හතරයි" කියන්න..ඒත් අපේ නංගිලාට උගන්නන්නේ "හතර වාරයක් එක හතරයි","දෙවාරයක් හතර අටයි" කියන්න.ඒකි 5 වසරේ පණ්ඩික අම්මණ්ඩියෙක් අපෙන් චක්කරේ ඇහුවාම අපි කියන විදිය වැරදිලු එයා චක්කරේ පාඩම් දෙන විදියට මට වහකන්න හිතෙනවා ඒකි වැරැද්දුවත් මට තේරෙන්නේ නෑ.එයාගේ ටීච කිව්වේ එහෙමලු අපි ඉගෙනගත්තා වැරදිලු.

    ReplyDelete
    Replies
    1. "...දෙක තුන වසරේ ඉඳන් අපි විලි ගැහුවා...."
      ඒ මොකක්ද ඒ...? දන්න දෙයක් වෙනත් නමකින්ද...?

      මටත් නිකම් මඤ්ඤං වගේ නංගිල චක්කරේ කියපු විදිය අහනකොට..... ඔය ඇහුවමයි...

      Delete
    2. ඇයි අක්කේ අර පෑන් වල ක්ලිප් දෙකක් අරගෙන උඩ දාලා ඩෙස් එක උඩට වැටුනාම එක ක්ලිප් එකකට කැරම් ගහනවා වගේ ගහන සෙල්ලම තමයි ඒ පොඩි කාලේ කෙල්ලොත් ගැහුවා ඕවා අපේ ඉස්කෝලේ නම්...දැන් චක්කරේ උගන්නන්නේ එහෙමයි මෙහේ ආවාම සිස්සත්තේ පේපර් එකක් අරන් බලන්නකෝ පිස්සු කොර

      Delete
    3. අනේ මම ඒ සෙල්ලම නම් කරලා නෑනෙ... ඔන්න මිස් වෙච්චි එකක් අහු උනා....

      අයියෝ ඇත්තද.... පව් පොඩි උන්... හැබැයි උන්ට ඒක ගාණට දිරවනවා ඇති... ඇයි ඉතින් උන් දන්නෑනෙ වෙන විදියක්.... මට නම් ඒක කියන්න ගියාම දිවත් පැටලෙනවා වගේ.......

      Delete
  21. ඔන්න ගන්නවනම් ආදුරුස... හිහ් හිහ්

    ReplyDelete
  22. චක්කරේ බැරි උනාට ස්මාර්ට් නංගියෙක්

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්ම්ම්.... ඔව්වොව්.... :D

      Delete
  23. මං ඒ කලේ වතුර වගේ පාඩම් දුන්නේ 5 ක් 10 ක් 11 ක් චක්කරේ.හරි ලේසියි.ඔයාගේ නංගි කපටි ටිකයි...

    ReplyDelete
    Replies
    1. ගණන් හදන්න ගියාම අනිත් චක්කරත් ඕන වෙනවනෙ.... උන්දැත් අර කියපු එව්වනම් දැනගෙන හිටිය.... :D

      Delete
  24. චක් වරක් එක එකයි
    චක් වරක් දෙක චක චකයි කිව්වළු..අ‍න්න මොලේ ඇති දරුවෙක්..කවද හරි දවසක තුන්දෙනාගෙන් වැඩිම ඉහළට යන්නේ ඒ කෙලී...

    ReplyDelete
    Replies
    1. "චක් වරක් එක එකයි
      චක් වරක් දෙක චක චකයි..."
      අපිත් ඕක ඒ දවස්වල කිව්ව මතකයි...හික්ස්...

      දැරිවි ඉහළින්ම තමා ඉන්නෙ මාරයෝ... ගොඩක් ඉහළින්.... ඒකිමද මේ කියල හිතෙන තරම්.... :D

      Delete
  25. මැලිබන් නෙවෙයි කන්න ඇත්තෙ .. මන්චි ටිකිරි මාරි ...
    ටිකිරි මාරි ඒ කාලෙ තිබුණෙත් නැති එකේ .. කොහොමද හැබෑට ටිකිරි මොළේ පහළ වුනේ...?

    ReplyDelete
    Replies
    1. අක්කගෙන් ගිහිල්ලනෙ ඔය....

      Delete
  26. චක්කරේ බැරුව දනගහගෙන හිටපුවානං . . . අනන්තයි අප්‍රමාණයි. ඔයාට කියන්න . . . අදටත් මට චක්කරේ හරියට බෑ

    ප.ලි.
    චක් වරක් චක්කරේ මාරයා කියල තියනවනෙ .. සික් අපරාදෙ මම දාන්න හිතපු කොමෙන්ට් එක

    ReplyDelete
  27. අන්න චූටි නංගිලා.
    ඔය කිව්වට ලොකු අක්කගෙන් චූටි නංගි අහපු චක්කරේ ප්‍රශ්නෙට මාත් කොර උනා. මාත් චූටි නංගි වගේ එකෙක් ය. තාමත් චක්කරේ බෑ ය.

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ... බැලුවාම නගා හොඳයි වගේ... :D

      Delete
  28. හපෝ චක්කරේනං මතක් කරන්න එපා..තාම කං දෙක රිදෙනවා මතක් වෙනකොට...

    ReplyDelete
    Replies
    1. කවුද අප්පේ චක්කරේ බැරි උනාම කණ් දෙක මිරිකුවෙ අටේ ඉලක්කමට.... ;D

      Delete
  29. එක වසරෙදි අම්මා චක්කරේ පාඩම් කරවපු හැටි මතක් උනා....

    ReplyDelete
    Replies
    1. ඔයා චෝයිනෙ.... එක වසරෙදිම චක්කරේ පාඩම් කරලා... :D

      Delete
  30. අපේ ලොකු දුව හෝඩි පොත කියෝපු හැටි මතක් වුනා. මේකි 'අ' යන්න අම්මා ඉඳල දිගටම පොත බලාගෙන කියෝගෙන ගිහින් 'ප' යන්න කකුල කිව්ව. එතකොට තමා අපිට තේරුනේ මේකි කියවන්නෙ අකුරු නෙමේ, හෝඩි පොතේ තියෙන පින්තුර වලට ගැලපෙන ඒව කියල.

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්... අපේ ලොකු පැටික්කිත් ඔහොම කළා... අපටත් තේරුනේ ගොඩක් පස්සෙ.... අර පින්තූර බලාගෙන එක එක කතා කියන්න ගත්තම....

      'ප'යන්නට වෙන මොකුත් නොකිය කකුල කිව්ව එකම ඇතිනෙ ඔබා මාමෙ.... :D

      Delete
  31. අනේ...හරිම ස්වීට් නංගියෙක් අෆ්ෆා.. ඉතින් අක්කෙ දාන්නකෝ අපිට ඔයාගේ චුටි නංගිගේ වැඩ කිඩ තියෙන තව පෝස්ට් ටිකක්..

    ReplyDelete
    Replies
    1. එනව එනවා... පෝලිමක් මග එනවා.... :D

      Delete
  32. හැඳි නොගා හදන කිරි හොද්ද19 January 2012 at 15:48

    අක්ක ගැන කියන්නම මාත් බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. මළා නේද...
      අඩේ....මං හිතුවෙ බෝ බිසි කියලා....
      අනේ නෑ චූටි නංගි බබා... මං මේ පොඩි විහිළුවක් කොළේ... හික්...හික්...හික්...
      කවුද මෙයා ඔව්ව ගණන් ගන්නෙ... ඔන්න ඔය අදහස අතඇරල දාන්න.... :D :D :D :D

      Delete
    2. nayata gahala polla waradda gaththa hondee.........

      Delete
    3. මම මඤ්ඤං... කොයි එකීද බොල....

      Delete
  33. චැහැ....

    calculator කියල මැසිමක් තියෙද්දි මොකට චක්කරේ පාඩම් කරනවද.....?

    ReplyDelete
    Replies
    1. අපේ කාලෙ ඔය මැසිං තිබ්බෙ නැහැ බොල....

      හි..හි...හි... බොහොම ස්තුතියි කමෙන්ට් එකට.... :D

      Delete
  34. මම චක්කරේ පාඩම් දෙන කාලෙ නම් ටීචර් කණ්ඩායම් වලින් එක්කෙනෙක් චක්කරේ ගන්න නායකයෙක් විදියට පත් කරා නේ...ඉතින් කණ්ඩායමේ ඉන්න ඔක්කොම අරෑට පාඩම් දෙන්න ඕන....ඉතින් ඔන්න මමත් නායකයෙක් උනා ලූ...කණ්ඩායමට උනු දේ හිතාගන්න පුලුවන්නේ ඉතින්... :P කට්ටියට සහනදායී ප්‍රතිපත්ති යටතේ චක්කරේ දෙන්න පුලුවන්න උනා ලු...ඒ මට මොනවා හරි දුන්නම :D ... මම චක්කරේ කවදාවත් පාඩම් දුන්නෙත් නැල්ලු...ඒ කාලෙ පික්සුම තමයි...දැනුත් ඒ ටිකම තමයි

    ReplyDelete
    Replies
    1. හනේ අම්මපා.... පොඩි කාලෙම පගා ගැහිල්ලට පුරුදු වෙන හැටි....
      ඇහුවට කමක් නැද්ද මන්දා... දැන් මොන රක්සාවෙයි කොරන්නෙ....? දේසපාළුවෙක්වත්ද.... :D

      ස්තුතියි මේ පැත්තෙ ආවට හොඳේ...

      Delete
  35. අක්කේ ඔයා මාතෘකාවෙන් අපව නොමඟ අරිනවා... මතෘකාව දැක්කම අනේ මන්දා වෙනදෙයක් හිතුනා.. මටනම් චක්කරේට විසේස මහන්සියක් ගන්න උනේ නෑ..ඉබේම මතක හිටියා.. නොදන්න එවා දන්න ඒවයින් හදාගත්තා..

    දැන් ඔය හොරවැඩේම කරනවා සමහර මතක නැති පාඩම් උගන්නන්න ගියාම.. ලමයිගෙන් අහලා ගන්නවා.. එතකොට මම ගොඩ :)

    ReplyDelete
    Replies
    1. කැත හිත...කැත හිත....

      සික් ඉතරක්.... ඒක කිව්වට පස්සෙ මට පේන්නෙත් එහෙම.... හනේ බෝ....

      මරු ගුරුන්නාන්සෙ කෙනෙක්නෙ බොලේ...හික්ස්....

      Delete
    2. කැත හිත කැත හිත.. නැත්නම් කෙනෙක් කීව පලියට එහෙම හිතාවියැ..

      මරු ගුරුන්නාන්සේ කෙනෙක් ටමා බොල

      Delete
    3. කැත හිතක් නැත්නං මං ලියපු පලියට ඔහොම කියාවියැ....

      ආ... මතක බැරුව ගියානෙ... ගුරුන්නාන්සෙ කෙනෙක් නෙව..... :D

      Delete
  36. ඕනයා

    චක්කරේ බැරුව දනගහගෙන හිටපුවානං . . . අනන්තයි අප්‍රමාණයි. ඔයාට කියන්න . . . අදටත් මට චක්කරේ හරියට බෑ

    ප.ලි.
    චක් වරක් චක්කරේ මාරයා කියල තියනවනෙ .. සික් අපරාදෙ මම දාන්න හිතපු කොමෙන්ට් එක



    Posted by ඕනයා to Miyuruworld at 18 January 2012 23:39

    ReplyDelete
    Replies
    1. අනේ ඕනයෝ මේක අහුලං ආවෙ ඊ පෙට්ටියෙ තිබිලා... හනේ මන්දා මොනව වෙනවද කියල.... මට දැන් ගොඩක් බ්ලොග්වලට යන්න බෑ... ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ... මට විතරද මන්දා මේ ප්‍රශ්ණ....

      ඈ බොල අදටත් චක්කරේ බෑ කියන්නෙ... චක්කරේ පාඩම් කරන්න කොහෙද වෙලාවක් ඉතින් පොඩි කාලෙ ඉඳලම වෙන වෙන වැඩ තිබිල තියෙනවනෙ නේද...? :D

      Delete
  37. මං මේ අවුරුද්දේ සා/පෙ ලියනවා.ඒත් තාම 12වරක් පාඩම් නැහැ.නියම පෝස්ට් එක.
    ඉඩ තියෙන වෙලාවක මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අපොයි පොත්වලටගිය සල්ලි

      Delete
    2. හයියෝ... මටත් කියන්න තියෙන්නෙ ඔබා මාම කිව්ව එකම තමා... අ.පො.ස.
      :D

      එන්නම්කො ඒ පැත්තෙ...

      Delete
    3. අනේ වර්ෂා මගේ බ්ලොග් එකෙත් අර ඊමේල් කවිකාරිගෙ වගේ ප්‍රශ්ණ ගොඩාක්ම ඇතිවෙලා නිසා ගූගල් ලොක්ක මට ඔයාගෙ බ්ලොග් එකට ඔළුව දාන්න දෙන්නෙ නෑ.... වැඩේ හරිගියාම ඒ පැත්තෙ එන්නම් හොඳේ....

      Delete
  38. මම 3 පන්තියෙ ඉන්නකොට 12 වරක් වෙනකම් චක්කරේ පාඩම්....ආත්තම්ම ටීච නෙ ඒ නිසා බේරෙන්න බැහැ.හවසට මොන වැඩ තිබුනත් උන්ද මගෙන් එක චක්කරයක් පාඩම් ගන්නව..එයා හරි කට්ටයි,මම ආස කරන,මම ගොඩාක් පෙරේත කෑමක් ගෙනත් මට පෙන්නල නොදී ඉන්නව චක්කරේ හරියටම කියන කම්...අයියෝ මම ඉතින් පෙරේත කම නිසාම ඕක පාඩම් කලා...ඒ කාලෙ වැඩියෙන්ම පෙරේත කම් කලේ උනු උනු රෝස්පාන් එකකුයි කෙසෙල්ගෙඩියකුයි...
    මගේ මේල්....kirilliblog@gmail.com

    ReplyDelete
  39. @ වින්චැට්කිරිල්ලි.,

    මමත් බයටම ඔය කාලෙ වෙනකොට බඩු පාඩම් කරගෙන හිටියෙ..... අම්මා නම් පාඩම් ගත්තෙ නෑ..... අම්මට ෂුවර් එකක් තිබ්බා ඒ කාලෙ ඉඳලම මම කොහොම හරි මගේ වැඩ ටික කරගන්න බව.....
    හයියෝ... ඔච්චර දේවල් කළේ උණු රෝස් පානුයි කෙසෙලුයි වලටද...හික්ස්.... ඒකෙ රස දන්නෝ දනිති නේද... :D

    අන්න මං ඊයක් එවල ඇති....

    ReplyDelete
  40. @ Anonymous Jan 31, 2012 01:22 AM,

    ආ... කතාවෙ ප්‍රධාන චරිතෙ ආරංචියට ඇවිල්ල වගේ.... හික්... හික්... බලනවකො මේ කමෙන්ට් දිහා.... තමුන්නාන්සෙ ගැන කස්ටිය හිතන් ඉන්න හැටි.... ;D

    ReplyDelete