ඉස්සර මං ඉස්කෝලෙ යන්න පටන් ගත්ත කාලෙ වෙනකොට අපේ තාත්ත වැඩ කළේ එයාලගෙ ඔෆිස් එකේ ගමේ බ්‍රාන්ච් එකේ.... ඒ නිසාම ඒ දවස්වල තාත්තට ටිකක් විවේකය තිබුණා අපේ වැඩවලට සහභාගි වෙන්න.... ඉතින් ඒ දවස්වල බින්දුවේ හිටිය මාව ඉස්කෝලෙ ගෙනියන ගේන වගකීම පැවරිලා තිබුණෙ අපේ තාත්තට.... තාත්තගෙ ප්‍රවාහන සේවය සිද්ද උනේ රෝද දෙකකින්... බයිසිකලේ හරස් පොල්ලෙ වාඩිවෙලා හුළං වැදි වැදී ඔය ගමන යන්න මං හරිම ආසයි....අපේ අම්ම ඒ දවස්වල හරියට කෙඳිරි ගෑව රෝද හතරක් ගමු කියල.... තාත්ත නෙවෙයි ඒව කනකටවත් ගත්තෙ.... තාත්ත එහෙම වෙලාවට කිව්වෙ බයිසිකල් පදින එක හොඳ ව්‍යායාමයක් නිසා රෝද හතරකින් එයාට වැඩක් නැත කියල.... ඇත්තටම තාත්තා කළේ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් එකතැන වාඩිවෙලා කරන රැකියාවක් නිසා, ව්‍යායාමයක් කියල දෙයක් එයාගෙ ඇඟට ලැබුණා නම් ලැබුණෙ බයිසිකල් පැදීමෙන්ම විතරයි..... ඔෆිස් එකේ අනිත් අය ඔය බයිසිකලේ නිසා තාත්තට කොච්චර සවුත්තුව දැම්මත් එයා නෙවෙයි ඒකට සැලුනෙ.... අන්තිමට තාත්තගෙ බයිසිකලේට කස්ටිය නමකුත් දැම්ම 'චොපර් එක' කියල.... ඒ උනාට අද අපට තේරෙනව තාත්ත බයිසිකල් පැදපු එක මොනතරම් හොඳද කියල එයාගෙ සෞඛ්‍යය තත්වයත් එක්ක බැලුවම....
ඉතින් ඒ දවස්වල මං හරිම ආසාවෙන් තමයි තාත්තත් එක්ක බයිකලේ ගමන් බිමන් ගියේ.... හැබැයි තාත්ත මාව තියාගෙන බයිසිකලේ පදිනකොට යන්නෙ හරිම හෙමින්... අනිත් බයිසිකල්කාරයො ඔක්කොම අපිව පහුකරල යනකොට මට හරිම දුකයි.... කොච්චර කිව්වත් තව ටිකක් ඉක්මන් කරල යමු කියල, තාත්ත ඉන්නව නෑහුනු ගානට.... මට පස්සෙ නංගිලත් පුංචිම දවස්වල ඉස්කෝලෙ ගියේ මේ විදියට බයිසිකලෙන්.... චූටි නංගි අදටත් කියනව ඔය මුළු කාලෙටම එකෝමෙක දවසක් තාත්ත වෙන බයිසිකල්කාරයෙක්ව පහුකරගෙන යනකොට එයාට මාර සතුටක් දැනුනලු.... ඒක අහල අම්ම කිව්ව ඒ මනුස්සය බයිසිකල් පදින්න පුරුදුවෙන කෙනෙක් වෙන්න ඇත කියල....
ඔය ගමන් බිමන් වලදි තාත්තයි මායි එන්නෙ කතා කර කර.... සමහරදාට එහෙම එනකොට තාත්ත මට කතන්දරත් කියනව.... තව සමහරදාට එදා දවසෙ ඉස්කෝලෙ කරපු වැඩ ගැන අහනව..... ඉතින් ඔහොම ගෙදර එනකොට අපේ ගෙදරට තියෙන කන්ද අදින්න කලින් තව පොඩි කන්දක් හම්බවෙනව.... තාත්ත කවදාවත් මාව තියාගෙන ඒ කන්දෙ බයිසිකල් පෑගුවෙ නැහැ... මං වාඩිවෙලා ඉන්දැද්දි බිමට බැහැල තල්ලු කරගෙන තමයි ඒ ටික තරණය කළේ.... ඔන්න ඔය තල්ලු කරන් එන ගමනෙදි තාත්ත හැමදාම වගේ මට මෙහෙම කියනව....
'ඔයා තමයි අපේ ගෙදර....' කියල තාලෙට කියල ඉතුරු ටික කියන්නෙ නැතුව මගේ මූණ දිහා බලනව හිනාවේගෙන....මාත් ඉතින් හිනාවක් හෙම දාගෙන බලන් ඉන්නව තාත්ත හොඳ බබා කියල කියනකම්.... ඒ උනාට ටික වෙලාවකින් තාත්ත කියනව,'බක්ක කබා....' කියල අර තාලෙටම....
ඉතින් මං තරහ මූණක් පෙන්නගෙන 'හුම්..' කියල අනිත් පැත්ත බලාගන්නව.... ඔන්න එතකොට තාත්ත කියනව,
'නෑ...නෑ.... හොඳ බබා...' කියල.... එතකොට මට හරි සන්තෝසයි....මං හිනාවෙලා තාත්තගෙ දාඩියෙන් පෙඟිච්චි මූණ ඉඹිනව....
ඒ දවස්වල ඕක හැමදාම කිව්වත් මට එපාවෙන්නෙ නෑ.... ඒ හින්දා ඔය හැමදාකම ඒ දෙබස අපි දෙන්න අතරෙ හුවමාරු වෙනව....
ඔය විදියට තාත්ත මාව ඉස්කෝලෙන් එක්කන් ආවෙ එයාලගෙ කෑම පැයේදි.... ගෙදර ආවට පස්සෙ තාත්ත ඉස්සෙල්ලම කරන්නෙ මට කවන එක.... ඊට පස්සෙ එයත් කාල තමයි වැඩට යන්නෙ.... තාත්ත බත් කවන වෙලාවට බාගෙට කාල පනින්න නම් හම්බවෙන්නෙ නෑ කවදාවත්.... පිඟානට බෙදාගත්තු බත් ටික ඉවර වෙනකම් කන්න ඕන.... නැත්නම් අනිනව ටොක්කක් චූ බර වෙන්න.... මං ඉතින් ඕක අඩුපාඩුවක් නැතිව කලින් විඳල තියෙන නිසා කෑම කන එකෙන් ටිකක් හරි ආතල් එකක් ගන්න තාත්තට කියනව කතාවක් කියන්නෙයි කියල... පව්... ඒ වෙනකොට එයාට හොඳටම මහන්සි ඇති.... ඒත් ඒ බව අඟවන්නෙ නැතුව ඔන්න පටන් ගන්නව කතාව කියන්න.... තාත්ත නිතරම තෝරගන්නෙ හාවයි ඉබ්බයි රේස් දුවපු කතන්දරේ.... ඔය කතාව මට බත් ටික කවල ඉවරවෙනකම් අදින්න ඕන හින්ද තාත්ත ඒකට පොඩි ඉලාස්ටික් පාරක් දානව.... ඉතින් හාවයි ඉබ්බයි රේස් එක පටන් ගත්තට පස්සෙ තාත්ත කතාව කියන්නෙ මෙහෙමයි....
'ඔන්න ඉතින් හාව දුවල දුවල.... ආ... මේ කට කන්න...'
මං කට අරිනව....'හා...බුං...' බත් ගුලිය මගෙ කට ඇතුලෙ...
දැන් මං ඒක හපන අතරෙ තාත්ත බත් අනනව.... ඔන්න ඉතින් අමතක වෙනව මට කතාව කියන්න....
'ඉතින් කියන්නකො ඉතුරු ටිකත්....'
'ආ... ඉතින් ඔන්න හොඳේ..... හාව දුවල, දුවල, දුවල..... මේ හබුං කටත් කන්න....'
මං ආයෙ කට අරිනව.... තාත්ත බත් ගුලිය දානව කට ඇතුලට.... එතකොට තාත්තගෙ කටත් බාගෙට ඇරෙනව... මට හිනාත් එක්ක...'කෝ ඉතින් කතාව....?'
'ඉන්න මේ බත් කට අනනකං...'
තාත්ත බත් අනනව... මං බලන් ඉන්නව නොඉවසිල්ලෙන් කතාවෙ ඉතුරු ටික අහගන්න....
'කෝ ඉතිං....''ආ... ඔන්න ඉතින් හාව දුවල, දුවල, දුවල ගිහින් පස්ස හැරිල බලනව ඉබ්බ එනවද කියල..... කෝ.. කට ඇරල මේ හබුං කටත් කන්න...'
හයියෝ... තාත්තගෙ හාව නෙවේ කවදාවත් දිනුම් කණුව පහු කළේ.... අන්තිමට මං පැනල දුවනව ඕක අහන් ඉඳල ඇතිවෙනකොට....
එක දවසක් අම්ම ගෙදර ඉන්න දවසක බාගෙට බත් ටික කාල, තාත්තට අල්ලගන්න බැරිවෙන්න ඊයක් වගේ මං පැනල දුවනව දැකල අම්ම කියනව ඇහුන,
'ඔයාගෙ හාව කෙසේවෙතත් අර ගිය වේගෙට දරුව නම් දිනුම් කණුව පහු කළාද කොහෙද...' කියල...
ප.ලි. මේක දාන්න එක හේතුවක් උනේ ඊයෙ මගේ ආදරණීය තාත්තගෙ උපන්දිනේ වෙච්චි එක.... රත්තරන් තාත්තේ.... ඔයාට සුභ උපන් දිනයක් වේවා.... නිදුක් නිරෝගීව මගේ ආයුෂත් අරගෙන දිගු කාලයක් ජීවත්වන්නට වාසනාව ලැබේවා....!!
ඉතින් අක්කේ පහුකලැයි කණුව
ReplyDeleteපහුකළාදත් අහන්නෙ....හික්ස්... එහෙම දුවල ගියාම තාත්ත ආයෙ වැඩට යනකම් කොහේ හරි හැංගිල ඉන්නව.... එයා ගියාම තමයි ඉන්න තැනින් එළියට එන්නෙ...
Deleteඅද මම එක.. අපේ තාත්තාත් ඉස්සර අපිව ඉස්කෝලෙට ඇරලුවා.. මම මේ තවමත් කල්පනා කරන්නේ මමත් ඉස්කෝලෙට යද්දී පරක්කුවෙලා ආපු ලමයිටත් දඬුවම් කරලා යවලා ඉවරයි. අපේ ඉස්කෝලේ ඉඳන් පැය බාගෙක දුරින් තිබ්බ තාත්තා උගන්නපු ඉස්කෝලෙට තාත්තා යද්දී කීය වගේ වෙන්න ඇත්ද ??
ReplyDeleteඒත් ඒකාලේ සුන්දරයි. රුපියල් 20න් දවස් දෙකක් කාපු ආතල් සොමිබර වලිබර.. තාත්තා එනකල් වරුගනන් බලන් ඉඳලා එන්න ඔන්න මෙන්න කියලා තියලා බස් එකේ ගෙදර ඇවිත් තාත්තාව රස්තියාදු කරවපු.. මම ඉස්කෝලේ කරපු වැරදි මටත් කලින් ගෙදර ගියපු ඒකාලේ අම්මප පට්ටයි...
මං දන්න කෙනෙක් ඉන්නව දුෂ්කර පළාතක ඒ කියන්නෙ නුවර එළිය දිස්ත්‍රික්කයේ ඉස්කෝලෙක උගන්නන්න ගිය කෙනෙක්... පාරෙ බස්වත් නැතිලු... මගට යනකම් මෝටර්සයිකලෙන් ගිහින් බසිකලේට යන්න බැරි පාරෙ පයින් යනකොට අනිත් ගුරුවරු ඉස්කෝලෙ ඇරිලා එනවලු... :D
Deleteහරිම ආසයි තමා ඒ දේවල් මතක් වෙනකොට...
ඔට්ටු නෑ .. අපි කොමෙන්ට් කරලා ගියාටත් පස්සේ ප/ලි දාන්නේ...
Deleteඔන්න එහෙනම් මමත් තාත්තට සුබම සුබ උපන්දිනයක් වගේම මේ බක්ක කබාගේ බක්කා කබාලගේ බක්ක කබාලවත්.. අපේ පිනත් අරන් බලන්න වාසනාව ලැබෙන්න ආදරෙන් ප්‍රාර්තනා කරනව හොඳේ..
මේවගේ කටහැකර දුවෙක් හදලා බ්ලොග් අවකාසෙට කරපු අමිල අනුපමේය සේවෙත් අගය කොරනවා ඕං
අනේ ලහියෝ මේක මම ලිව්වෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ දාන්න හිතාගෙන... වෙලාව පැනගෙන යන නිසා ඉක්මනටම පබිලිස් කළා.... ආයෙ ලොග් වෙච්චි වෙලාවක කියවලා බලනකොටයි තේරුනේ මං තාත්තගෙ උපන්දිනේ ගැන සඳහනක් කරලා නෑ නේද කියලා.... ඒකයි උනේ... ගැත්තාට කමා කොරත්වා...!!
Deleteබක්ක කබාත් කියනවා ලහියාට බොහොම ස්තුතියි කියලා... :D
ඒක නේන්නං... තාත්තා බ්ලොග් අවකාසෙට අමිල සේවයක් නෙව කරල තියෙන්නෙ....
අතීතයට ගියා.. නොදැනුවත්වම.... අපි ලබපු මේ වගේ ලමා කාලයක් කවද හරි අපේ දරුවන්ට දෙන්න පුලුවන් වෙයිද කියන එකයි ගැටලුව... :(
ReplyDeleteමං නම් හිතන්නෙ නෑ... අද ළමයි ඉස්කෝලෙ යන්නත් කලින්ම ටියුෂන්... හුස්මක් ගන්නවත් නිදහසක් නෑනෙ... rat race...
Deleteatitaya godak sundaraii..dan inna podi ayagen kiyen kiya denatada lamaa kalayak tiyenne..thattha podi kalee apiwa hadapu hati mathak wenawaa..api nam ewage athdakim ape daruwanta denna bari weii
ReplyDeleteදැන් කාලෙ දරුවො වගේම දෙමව්පියොත් රේස් එකක... ළමයි වැඩිපුර ඉන්නෙ ඩේ කෙයාවල... මහන්සිවෙලා හවසට ගෙදර එන දෙමව්පියන්ට ඊළඟට ගෙදර වැඩ කරනවයි, පහුවදාට ගෙනියන ඒව ලෑස්ති කරනවයි ඇරුනම දරුවොත් එක්ක නිකම් කතා බහ කරන්නවත් වෙලාවක් නෑනෙ... :(
Deleteඅනේ ඒකාලේ කොච්චර සුන්දරයිද....පොඩි අක්කවයි මාවයි බයිසිකලේ දාගෙන යනවා තාත්තා කොන්ඩේ කප්පවන්න...හරිම බයයි අර ලැන්ඩ්මාස්ටර් එක වගේ එකෙන් කොන්ඩේ කපලා ඉවරවෙලා බෙල්ල දිගේ එනකොට...ඉරිදට අනිවාරෙන් මෝරතෙල් හැන්දක් පොවනවා අත් වල කකුල්වල කබර එන්නේ නැතිවෙන්න කියලා..දෙහි කෑල්ලක් අතට දීලා තමයි අම්මා මෝර තෙල් පොවන්නේ...හප්පේ මතක් වෙනකොටත් අප්පිරියයි...අනික් එක හැම ඉරිදම අඟුරු කාලා දත් මද්දවන එක...අම්මගේ ඇගිල්ල විකුවම දෙනවා හොඳ ටොකු පාරකුත්....දැන් ඒවා මතක් වෙනකොටත් දුකයි.....
ReplyDeleteමටත් ඔයවගේ ටිකක් ලඟින් යන දේවල් තියෙනවා.සතියකට දවසක් අඟුරු ක්=වලින් දත් මදින්න ඕනේ.ටැට්ටරේ කන ලගින යන ඒක තම මං ආසම නැති වැඩේ.
Deleteමාත් ඒක බෙල්ල හූරන් යනකොට පණ බයේ ඉන්නෙ කොයි වෙලාවෙ කණත් ඇහැන් යයිද කියලා....
Deleteඅපි බිව්වෙ මෝරතෙල් ගුලි... ඇයි අම්ම දෙහි කෑල්ලක් අතට දුන්නෙ... කටේ අමිරහ යන්න කන්නද...?
අසරණයත් අඟුරුවලින් දත් මැදලා තියෙනවද... අපිත් මැද්දා පොඩි කාලෙ... ලිං පඩියේ ඌරච්චි කරලා ඇඟිල්ලට අරන් තමයි ඒක කළේ... හැබැයි ගමේ ගියාම, අත්තම්මලාගෙ ගෙදරදි....
Deleteහප්පේ මෝර තෙල් කියන්නේ ඔරිජිනල් එක..බාගේ බෝතලේක තියෙන්නේ..ඒ ගඳටම වමනේ යනවා..ඒක නිසා තමයි ඉස්සෙල්ලා දෙහි කෑල්ලක් අතට දෙන්නේ..අර හැන්ද බිව්වා...දෙහි කෑල්ල කටේ දාගත්තා..පස්සේ කාලේ තමයි ගුලි බ්ව්වේ..
Deleteහහ් . . ඒ වගේද ටැට්ටරේ කන ලඟිං යද්දි තියන හීං කිතියෙ ආතල් එක ???
Deleteමමනං තාම ගමේ ගියාම දත් මදින්නෙ අඟුරු වලිං
// ලිං පඩියේ ඌරච්චි කරලා ඇඟිල්ලට අරන් තමයි ඒක කළේ... //
හොඳ වෙලාවට ලිං පඩියෙ උරච්චි කලේ . . . වැරදිලාවත් ගෙයි පඩියෙ එහෙම උරච්චි කොලානං බලන්න තිබුන සෙල්ලම
@ ඔබ නොදුටු ලොවක්,
Deleteහොඳ වෙලාවට අපේ ගෙදරට කවදාවත් ඔය තෛලය ගෙනාවෙ නැත්තෙ.... ඈක්කා...
@ ඕනයා,
Deleteඒකෙ කිති ගතියකුත් තියෙනව තමා.... ඒ නිසා ඔළුව ඉබේටම හැරවෙනකොට බාබර් ගොය්ය ඔළුව තද කොරල අල්ලගන්නව හොල්ලන්න බැරි වෙන්න...හික්ස්....
මට ඕක ලියද්දිත් බෝව මතක් උනා.... නොලිය ඉන්නත් හදලා වැඩේ ඇත්ත නිසා ඕන්නොහේ ලියල දැම්මා..... :D
@ඕනයා... දැන්නම් මෙයා, ඔය ඔයා කියන හැටියට දත් මදිනවා මයෙ හිතේ
Delete@ lahirucc,
Deleteඇයි බොල චිරාත් කාලයක් පරෙස්සම් කොරගන්න ඕන එකේ ඌරච්චි කොරල කලින්ම ගෙවා ගන්නද කියන්නෙ බොලා....
ඕකනේ කියන්නේ තමාගාව නැතිදෙයක් ගැන කියන්න ගිහින් මියුරු නාගන්නවා කියලා..
Deleteබොල ඕකත් කිඹුලා උදැල්ල වගේ තමා.. කපන්න කපන්න මුවහත්වෙනවා..
අඩේ මං ගාව නැති උනාට ගෙදර තියෙන වැදගත් දේවල් පරෙස්සම් කොරගන්න ඕන තමා.... එහෙම නැති උනොත් තමා බොල නාගන්න වෙන්නෙ....
Deleteආ...ඇත්තද....?
මොකක්ද ඔයාල කියන ගෙදර පැදියේ උරච්චිකරන කතාව කුනුහරුපයක්ද?
Deleteඔය පොඩි ළමයි වැඩිහිටියන්ගෙ කතාබහට හොට දාන්නැතුව අයින් වෙන්ඩෝ.........
Deleteමට අම්මයි තාත්තයි කවදාවත් කතා කියල දීල නැහැ......එයාල ලංකාවෙදි කාර්යබහුලයි....ඊට පස්සෙ පිටරට....ආත්තම්මයි,නැන්දලයි තමා මාව නැළෙව්වෙත් කතන්දර කියල දුන්නෙත්,මගේ හැමදෙයක්ම වගේ කලේ ආත්තම්මා.......
ReplyDeleteඅපේ මහත්තයට වගේ... අදත් එයා අම්මට තාත්තට වැඩිය ආදරේ අත්තම්මට....
Deleteහරිම සුන්දර අතීතයක්.. මගෙත් හිත දුවලා ගියේ පොඩි කාලෙට.. ඒත් අපේ ගෙදරනම් තත්වේ පොඩ්ඩක් වෙනස් උනා.. මොකද අපේ තාත්තා රට යද්දි මම හිටියේ එක වසරේ..
ReplyDeleteමේව කළේ දිනේෂ්ගෙ අම්මද.... මං ඔයාගෙ පැත්තෙ ගියාට කමෙන්ට් කරන්න බැරි උනා... දැක්කා තාත්තා ගැන ලියලා තිබුනු දේ... මගේ ඇස්වල කඳුළු පිරුනා ඒක කියවලා...
Deleteඅපේ අම්මත් ඉස්සර හැමදාම කියන කතාවක් තිබුනා "මාෂා සහ වලහා" ගේ කතාව :))
ReplyDeleteමං අහලා තියෙන බවට මතකයක් නම් නැහැ... මොනවා උනත් කතා කිව්වම ඉතින් ආයෙ වෙන මොනවත් ඕන නැහැනෙ ඒ කාලෙ නේද....
Deleteමාත් පොඩි කාලේ ස්කොලේ ගියේ තාත්තගේ බයිසිකලේ.හැමදාම රැට අක්කටයි මටයි කතා කියල දෙනවා.ඒ කාලේ මං හිතන් හිටියේ ලෝකේ තියෙන ඔක්කොම කතන්දර දන්නේ අපේ තාත්ත කියල.
ReplyDeleteමේ සැරේ ලංකාවට ගියාම අයෙත් කත ටිකක් අහගන්න ඕන .කවද හරි අපේ දරුවන්ට කියල දෙන්න එපයි.
හික්ස්... පොඩි කාලෙ මට කවන්න එන ඕන කෙනෙක් මට කවන්න නම් කතා කියන්න ඕන... නැත්නම් මං ඇල්ලුව බොරු...
Deleteඅසරනයා අනාගතේ ගැනත් හිතලා.... :D
ඉස්සර අපේ තාත්තාත් මාව තියාගෙන පයින්වත් නගින්න බැරි කන්දක බයිසිකලේ පදිනවා. මේක දැක්කම මට ඒ සිද්ධිය මතක් වුණා.
ReplyDeleteනියමෙට ලියලා !
බොහොම ස්තුතියි සෑම්...
Deleteඔයාගෙ තාත්ත ඒ මහ කන්දෙ ඔයාවත් තියාගෙන බයිසිකලේ පැද්දද...?
මාවත් පොඩිකාලේට අරං ගියා අක්කා...ඒ කාලේ අපි කොච්චර දඟ කරන්ඩ ඇද්ද..ඒ දෙන්නා ඒවාට කවදාවත් කෙන්තිගත්තේ නෑ..පාරක් ගැහුවත් ඒ අපේ හොඳට...ජිවිතේ දිනන්ට අපට පාර කියල දුන්නු අම්මයි තාත්තයි තරම් වටිනා සම්පතක් ආයි කවදාවත් ජිවිත කාලේටම ලැබෙන්නැ...ඒ සම්පත පුලුවන් තරම් කල් ආදරෙන් බලා කියා ගන්න එක තමයි අපේ ලොකුම වගකිම
ReplyDeleteඇත්ත රාජ්.... හැමෝගෙම හිත්වලට බරක් එකතු කර නේද මං...
Delete@මිහිරි නෑ නෑ බරක් නෙවෙයි අපිට. මගේ ඒක වසරේ මොන්ටිසෝරි කාලේ මතක් වුනා.ඇත්තටම ස්තුතියි ඔයාට අක්කේ.
Deleteඔයාටත් බොහොම ස්තුතියි අසරණයෝ....
Deleteආපහු හිත අතීතයට ගියා මියුරු තාත්තගේ ආදරය මතක් වෙලා. අපේ තාත්තත් ටිකක් විතර ඔය වගෙයි..
ReplyDelete"පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී.." කිව්වෙ නිකම්යැ නේද රූ...
Deleteඅපිත් බයිසිකලේ තමයි ගමන ඒකාලෙ තාත්තත් එක්ක. කස්ටියම තාත්තට සුභපැතුව කියන්න.
ReplyDeleteකොච්චර හොඳ තාත්තෙක්ද... හරි අපූරු දූ දරු සබදතාවයක්.
ReplyDeleteඔයාගේ තාත්තට සුබ උපන්දිනයක් පතන ගමන්ම නිදුක් නිරෝගී සුව වේවායි පතමි !!
අපේ තාත්ත හරිම හොඳයි සෙනා.... එයා හැමදෙයක්ම කළේ අපි වෙනුවෙන්..... අදටත් එහෙමයි... දැන් අපේ දරුවො වෙනුවෙනුත් කරනවා..... අපේ පොඩි උනුත් ගෙදර ගියාම සීයගෙ පස්සෙන් තමයි ඇවිදින්නෙ... තාත්තත් උන් එක්ක පොඩි එකෙක් වගේ සෙල්ලම් කරනවා....
Deleteසුභ පැතුමට බොහෝම ස්තුතියි...
අපි නම් පොඩි කාලෙ අම්මට තමයි වැඩිය එකතු. අප්පච්චි නම් හරිම සැරයි .. අපි ලඟටවත් යන්නෙ නෑ. [ඒ බය තාම තියෙනව කිව්වොත් ඔයා විස්වාස කරන්නෙත් නැති වෙයි]
ReplyDeleteඅම්ම නං හැමදාම කතන්දර කිව්ව.. නිතරම කියපු එකක් තමයි .. අමල් බිසෝගෙ කතන්දරේ..
කවදාවත් ඒ කතාව අපිට එපා වුනෙ නෑ.
අප්පා... ඇත්තද... මං දන්න පවුලක් ඉන්නව මෙහේ.... තාත්තට බය නිසාම ඔක්කොම දරුවො යාන්තම් ජොබ් කට්ටක් හොයාගත්තු ගමන් ගෙදරින් අයින් වෙලා.... පුතාල දෙන්නගෙ සම්බන්ධෙ අම්මත් එක්ක විතරයි... දුවත් මහ ගෙදර යන්නෙ අප්පච්චි ගෙදර නැති වෙලාවල් බලලා.....
Deleteකියන්න අමතක උනා.... අමල් බිසෝ කතාවට මමත් හරිම ආසයි දැනටත්....
Delete'දොර නාරින් අමල් බිසෝ...' :D
අනේ මම නම් බයිසිකලේ වැඩිය ගිහිල්ලම නෑ අෆ්ෆා... ඉස්කෝලේ දුර නිසා බස් එකේම තමා ආවෙ ගියේ... කුමාරයා කියපු කතාව මටත් අදාළයි. අපේ තාත්තත් ටිකක් සැරයි. අය්යල දෙන්නයි මායි අම්ම එක්කම තමා.. :) සුන්දර අතීත සිහිවටනයක් අක්කගේ කතාව, ලස්සනයි...
ReplyDeleteඇත්තටම සුන්දර සිහිවටනයක් තමා.... බොහොම ස්තුතියි ඔයාට.......
Deleteමටත් ඔහොම තමයි බත් කැව්වේ මොකාක් හරි කතාවක් කියනවම තමයි හැබැයි ගොඩක් මහන්සි දවස්වලදි තාත්තා කියනවා කතන්දර පෙට්ටිය වැඩාපලේ දාලා ආවා හෙට කියන්නම් කියලා ඉතින් මම බලාගෙන ඉන්නවා පහුවදා කතාව කියනකන්ම පස්සේ තමයි වැඩේ මීටර් වුනේ තාත්තා මල්පියලි එකේ පොත් සෙට් එකක් සැරින් සැරේ අරන් ඇවිත් තමයි මට කතා කියලා තියෙන්නේ සමහරවිට කට්ටියට මතක ඇති සිබිල් වෙත්තසිංහ නැන්දා ලස්සනට චිත්‍ර ඇඳපු කතා ගොඩාක් ලොකු අකුරින් තියෙන කතා පොත් 10....ඒ ඔක්කොම තාත්තා මට එකතු කරලා දුන්නා මම 3 වසරෙදි විතර එදා ඉඳන් අතින් කන්නේ...පොතක් අහුවුනොත් කෑම එක කන්නේ පොත කියවලා ඉවර වුනාම.....අපිට ඒ කාලේ බයිසිකලයක් තියා විල්බැරෝ එකක්වත් තිබ්බේ නෑ වරිච්චි බිත්ති තිබ්බේ...බොහෝම ස්තූතියි අක්කේ සොඳුරු අතීතයක් මතක් කරලා දුන්නට....මෙච්චර වෙලා මතක් කරා අර පොත් වල තිබුනු කතාවක්...ඒකේ නම "කුඩ මාමා"
ReplyDeleteසිබිල් වෙත්තසිංහගෙ කතාවලට මාත් හරිම හරි ආසයි... අපේ ගෙදර තවමත් තියෙනව ඒ සමහර පොත්.... ඉංග්‍රීසියට පරිවර්තනය කළ පොතුත් තියෙනවනෙ.... The Wesak Lantern කියන පොත එහෙම එකක්.... අපේ පොඩි උන් නිතර කියවනවා... මට ලොකු ආසාවක් තියෙනවා ඒ වගේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු පොත් ටිකක් අපේ බබාලගෙ ඉස්කෝලෙ පුස්තකාලෙට දෙන්න.... මං දැකල තියෙනව අපේ ගෙදර එන සුදු පැටව් අමුතු ලෝකයකට ගියා වගේ ඔය පොත කියවන හැටි.... එයාගෙ චිත්‍ර වලින් කතාවට ලැබෙන්නෙ ලොකුම ආලෝකයක්නෙ....
Deleteකුඩ මාමා කියන කතාව මාත් කියවලා තියෙනවා....
මගෙ තාත්ත දන්න කතන්දර පොඩි එවුංට කියල දෙන්න හොඳ නැති එවුව . . . . ඉතිං දන්න කාලෙ ඉඳල කිරි අම්මගෙ කතා තමයි, කොහොමත් මම ඉපදිලා දවස් දෙකේ ඉඳල අවුරුදු 17ක් වෙනකං හැදුනෙ උන්දැ ලඟනෙ . . . . කතා කෝටියයි . . . .
ReplyDeleteවිස්වාස කරන්න මලපොතේ අකුරක්වත් දන්නෙ නැති මගෙ කිරි අම්ම කියල දුන්න රාජ කුමාරවරුංගෙ, කුමාරිකාවංගෙ, මායාකාර යක්ශනියංගෙ කතා එහෙම පිටිංම රුසියන් නම් වලිං කියෙවුව ලස්සන වසිලීස්සා සහ රසකතා පොත් දෙකේ . . .
හික්..හික්... ඕනයගෙ තාත්තත් ඕනය වගේම ඇතිනෙ...
Deleteආනේ... ඉතින් කොහොමද එයා ඒ කතා ගැන දැනගෙන තියෙන්නෙ...? ඔයා ඇහුවෙ නැද්ද ඕනයෝ.....?
@ රාජ්,
ReplyDeleteබොහොම ස්තුතියි රාජ්.... මං කියන්නම්... එයාට ගොඩක් සතුටු හිතෙයි මේක දැක්කම.... අපේ තාත්ත සමහර වෙලාවට මගෙ බ්ලොග් එක කියවනවා....
ප.ලි. සමහරවෙලාවට මගේ රිප්ලයි බටොං එක වැඩ කරන්නෙ නැතුවා....
ඔක්කොම හරි ප.ලි කියවද්දී ඇස් දෙකෙන් කදුළු පැන්නා..
ReplyDeleteඅක්කගේ තාත්තාට සුභ උපන්දිනයක් වේවා කියලා කියන්න ඔන්න මතක ඇතුව :))
කියන්නම් නංගි.... ඔයාටත් ගොඩාක්ම ස්තුතියි....
Delete"Happy [belated] Birth Day To Miyuru's Thaaththaa"
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබා මාමෙ....
Deleteමොකෝ මේ දවස්වල වැඩිය පේන්න නැත්තෙ..? බිසිද නැත්නම් රස්නෙටද...?
මගෙ අම්මේ එළියටවත් බහින්න බැහැ අද නම්... 42 ද කොහෙද.. ඒත් වැඩට යන්න එපායැ.....
ලංකාවෙ කට්ටියක් ඇවිල්ල, වැඩට යන අතරතුරේම රට තොට පෙන්නන්නත් එක්ක යනව. මෙහෙත් දැන් C 40 යි.
Deleteනියම කාලෙ ඇවිදින්න.... ඊයෙ 41.1 ලු නේද...? අදත් එහෙමයි කියන්නෙ.... ඔබාටයි ඔබීටයි දෙයියන්ගෙම පිහිටයි.... හැබැයි කස්ටියම ගිහින් පූල් එකකට බැහැලා හරි, මුහුදෙ පැන්න නම් ඔන්න වැඩේ හරි.... ලංකාවෙ වගෙද මෙහෙ මුහුද...හික්ස්....
Deleteහැබැයි අද Australia Day එකේ fire works ටික නම් පෙන්නතෑකි....මෙහේ කස්ටිය නම් ඔය මොන රස්නෙ උනත් පොඩ්ඩක් ටෑං වෙන්නත් එක්ක උදේම ගිහින් ගඟ වටේ පැල් කොට අටවගනීවි....
මම ඇවිත් තියෙන්නේ ටිකක් පහු වෙලානේ
ReplyDeleteඒත් කමක් නැහැ ඔයාගේ ආදරණිය තාත්තට මගෙනුත් උණුසුම් සුබ පැතුමක් උපන් දිනේට...!!
පුංචි කාලේ ගැනනම් කතා කරලා වැඩක් නැහැ අක්කේ, අම්ම තාත්ත හෙවනේ ගෙවිච්ච ඒ කාලේ මතක් කලත් දැනෙන්නේ පුදුම සතුටක් :))
පහුවෙලා උනාට කමක් නෑ ලොකු පුතේ.... කොහොම හරි ආවනෙ... බොහොම ස්තුතියි....
Deleteඒක නම් ඇත්තමයි....
මගේ තාත්තට තිබුන රාජකාරි එක්ක මට කවදාවත් ඔහොම අත්දැකීමක් විඳින්න වාසනාව ලැබුනෙ නෑ!ඒත් ඔහුගේ ආදරය වෙනස් විදිහකට මට දැනෙනවා!තාත්තලා හැමෝටම නිරෝගී දීඝායූ ලැබේවා~
ReplyDeleteසාබිත්ගෙ තාත්තට ඒ වගේ විවේකය අඩු රාජකාරියක් කරන්න වෙන්න ඇත්තෙත් ඔයාලට තිබුනු ආදරේ හින්දමනෙ නේද.... කොහොමත් ගොඩාක් තාත්තලා දරුවො ළඟට අරන් අම්මල වගේ මූණ ඉඹ ඉඹ හුරතල් කරන්නෙ නෑ නෙව.... ඒත් දරුවො වෙනුවෙන් තියෙන ආදරෙන් පපුව පුරෝගෙන ඉන්නෙ.... කවුරුහරි දරුවෙක් ආඩම්බර වෙන්න පුළුවන් යමක් කළදාට තමයි තාත්තලගෙ ආදරේ දැකගන්න පුළුවන්.....
Deleteමං මගේ ජීවිතේට අපේ තාත්තගෙ ඇහේ කඳුලක් තියෙනව දැකලා නෑ.... ඒත් මං කසාද බැඳලා ගෙදරින් පිටත්වෙන මොහොතේ තාත්තාගෙ ඇස් දෙක රතුවෙලා කඳුළු පිරිලා තියෙනවා මං දැක්කා ජීවිතේ පළමු වතාවට.....
ගඟේ මූදෙ පනින්න තමා වෙලා තියෙන්නෙ, අද 45 ක් වගේ දැනෙන්නෙ, ඒ වුනත් ගිනිකෙළිත් පෙන්නන්න හිතා ඉන්නෙ....හෙහ්...හෙහ්...
ReplyDeleteහයියෝ....ගිනි කෙළිය වැස්සට හේදිලා ගියා නෙව.... හරියටම ඒ පැය බාගෙ විතරක් වැස්සා නේද...? තව පොඩ්ඩෙන් ගිනි කෙළි තමයි.... අර පටාං ගාල අකුණ වදින කොට කොහෙද හිටියෙ....? ගෙයින් එළිය වෙන්ටැ ඔබී එළියට දාල...හික්...හික්...හික්...
Deleteහිකිස්....
ReplyDeleteමොකද නිකම් හිකිස් ගාන්නෙ... හිකිස්...
Deleteමටත් තාත්ත එක්ක ඔහොම බයිසිකල් ගමන් තිබුණා හැම වීක් එන්ඩ් එකේම සිකුරාදටයි , ඉරිදටයි මාව ආච්චිලාගේ ගෙදර ඉන්දලා එක්ක එන එක්ක යන එක .අපි දෙන්නත් ඔහොම කතා කර කර එන්නේ මග දිගට තාත්ත මට "කේඩ මොල්ල කියනවා ". මම මග දිගට බයිසිකලේ බෙල් එක ගහ ගහ එන්නේ .අපේ තාත්තා බයිසිකල් මාරු කලෙත් නියම ක්‍රමේකට මම පහ වසර පාස් වුනාම මට සයිකලයක් අරන්දීලා එයා සෙවන්ටි මෝටර් බයික් එකක් ගත්තා , ඕලෙවල් පාස් වුනාම එයා හිරෝ හොන්ඩා එකක් ගත්තා කැම්පස් ගියහම ආයෙත් හිරෝ හොන්ඩා එකක් ගත්තා .ඒ හැම බයිසිකලෙකම පිටි පස්සේ මාව තියන් ඉස්කෝලේ ,පන්ති ගෙනිච්චා ,කැම්පස් යන්න කෝච්චියට බස් එකට දාන ගියා , සිකුරාදා ගෙදර එනකොට බයික් එක අරන් බස් හෝල්ට් එකේ මග බලන් ඉන්නවා .මේ කතාව කියෙව්වම ඒ ඔක්කොම මතක්වුනා
ReplyDeleteමරු ඇති පාර දිගේ ටලං ටලං ගගා බෙල් එක ගහ ගහ එනකොට දෙන්නත් එක්ක.... :D
Deleteඅර කිව්වත් වගේ ළමයගෙ සයිස් එකට බයිසිකලේ ලොකු වෙලානෙ කාලෙත් එක්ක.... අනේ තාත්තලගෙ ආදරේ නේද....
දිනුම් කණුව පහු කරන්න ඇති මහිතේ.
ReplyDeleteකියවන්න පරක්කු උනා නෙව. අක්කලෑ අප්පච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම නිදුක් නිරෝගී සම්පත්තිය වැඩි වැඩියෙන්ම ලැබේවා !!!!
අනේ පරක්කු උනාට මොකද... ඇවිත් කියවලා කමෙන්ට් එකකුත් දාල ගියා නෙව....
Deleteබොහොම ස්තුතියි මධුරංග...
ඇත්තටම හරිම සතුටුයි සහෝදරී...... මම මේ ලිපිය කියෙව්වම මටත් මගේ පුංචි කාලෙ මතක් වුනා ඔය අද්දැකීම මටත් තියනවා ඒ අතීතය හරිම සුන්දරයි.... ඔයාගෙ තාත්ත මේක කියෙව්වොත් ගොඩක් සතුටු හිතේවි ......
ReplyDeleteස්තුතියි ධම්මික.... අපි හැමෝටම මීට ආසන්න අත්දැකීම් තියෙනව නේද... පරණ වෙන්න වෙන්න ආසාවෙන් මතක් කරන්න පුළුවන්...
Deleteමගේ චූටි නංගි මේක තාත්තට පෙන්නල තිබ්බා.... තාත්ත කියවලා හිනාවෙලා කිව්වලු අක්කට තවමත් මේව මතක තියෙන හැටි කියල....