Total Pageviews
Monday, 30 January 2012
අත්තම්මගෙ හපන්කම........
මං පුංචි කාලෙ හරිම ආසයි අපේ අම්මලගෙ මහ ගෙදර යන්න.... ඒ ගම ඔය කාලෙ ගමක තියෙන සුන්දරත්වයෙන් අනූනයි.... මට ඒ කාලෙ දැනුනෙ ඒක සුරංගනා ලෝකයක් වගේ..... එක පැත්තකින් ඇහැට පේන තෙක් මානෙ නිලට නිලේ දිලෙන වෙල් යාය.... අනිත් පැත්තෙන් ගඟ..... ගෙයි පිටිපස්සෙන් මහ කන්ද..... පළතුරු, සමනළයො, කුරුල්ලො වගේම සතා සරුපයත් මදියි නොකියන්න....
අත්තම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ සෑම සති අන්තයකම අපේ අම්මා අත්තම්මට කන්න බොන්න දේවල් අරගෙන ගමේ යනව.... ඒක වරද්දන්නෙම නෑ... අම්මට යන්නම බැරි උනොත් බඩු ටික අරගෙන බස් එකේ යවනවා.... අපේ ගමේ ඉඳලා අම්මගෙ ගමට තිබුනෙ එකම බස් එකයි... ඔය බස් එකේ වැඩ කළෙත් එකම ඩ්‍රයිවර් කොන්දොස්තර ජෝඩු දෙකක්... එයාල හොඳට ගමේ අයව අඳුනනවා.... අම්මට යන්න බැරි දාට සිකුරාදා වෙනකොට බස් එකේ පණිවුඩයක් යවනව අත්තම්ම බඩු ගන්න කඩේට හෙට අසුවල් වෙලාවට කඩේට ඇවිත් ඉන්නය කියල.... ඉතින් අත්තම්මා වෙලාවට එතැනට ගිහින් හිටියම බස් එකේ තනියම යන බඩු බෑග් එක කඩෙන් බානව.... ඔය විදියට තමයි ඒ ව්‍යාපාරෙ කෙරුනෙ....
ඔය වගේ අම්ම ගමේ යන දාට යන්නෙ උදේ 7.30 බස් එකේ... එන්නෙ ගමෙන් හවස 3.30ට පිටත් වෙන බස් එකේ.... උදේ ගිහින් හවස එන ගමන නිසා අපිව එක්කන් යන්නෙ නෑ... මම සමහරදාට උඩ පැනල උඩ පැනල කොහොම හරි අම්මගෙ පස්සෙන් එල්ලෙනව.... අම්ම ආසම නෑ ඉස්කෝලෙ නිවාඩුවෙන් පිට මාව එහේ එක්කරන් යන්න... ඒකට හේතුව උනේ මං එහේ ගියොත් ආපහු එක්කරන් එන්න වෙන්නෙ ඇදගෙන වීම... මං ආසම නෑ ආපහු එන්න... ආපහු කවදාවත් එක්කන් එන්නෙ නෑ කියල තර්ජනය කළාම තමයි මං ගෙදර එන්න ලෑස්ති වෙන්නෙ... හරියට මරන්න ගෙනියන හරකෙක් වගේ අඬ අඬා.... සමහරදාට ටොකු දෙක තුනකුත් කාල තමයි මහ ගෙදරින් දොට්ට බහින්නෙ....
ඒ කාලෙ අම්මගෙ මහ ගෙදර ඉතුරුවෙලා හිටිය අත්තම්මයි, අම්මගෙ මද්දුම මල්ලියි විතරයි.... අම්මට සහෝදරයො තුන්දෙනයි.... අම්ම තමයි පවුලෙ එකම දුව... සීය නැතිවෙනකොට අපේ චූටි නංගි ඉපදිලාවත් නෑ.... සීයා නැතිඋනේ සෙංගමාලෙ හැදිලා... දොස්තරලා ලෙඩේ හඳුනගන්නකොට පහුවෙලා වැඩියි.... අපි එයාට කිව්වෙ ගම සීයා කියලා... මට එයා ගැන තියෙන්නෙ හරිම පුංචි මතකයක්.... මේ ගෙදර ඉතුරුවෙලා හිටිය අම්මගෙ මල්ලිට මම කිව්වෙ බාල මාමා කියල.... එයා තමයි අත්තම්මත් එක්ක පුංචි කාලෙ මාව බලාගෙන තියෙන්නෙ.... ඒ නිසා අපි දෙන්න අතරෙ තිබ්බෙ පුදුම බැඳීමක්.... ඒක අදටත් එහෙමයි.... (මෙයා ගැන කියන්න පෝස්ටුවක සයිස් දේවල් තියෙන නිසා ඒ ගැන පෝස්ට් එකක්ම දාන්නම් පස්සෙ වෙලාවක...) මෙයා ඔය කියන දවස්වල රැකියාවක් නොකරපු අවිවාහක ඉලන්දාරියෙක්.... ඒ වගේම හොඳ කවි කාරයෙක්... ඒ හින්දා ඉතින් බොහොම වෙලාවට එහේ මෙහේ ඇවිදින්න යනව.... හැබැයි මම එනව කියල දැනගත්තොත් මොන වැඩේ තිබුණත් පොර ගෙදර....
අනේ මට තවමත් දුකයි මතක් වෙනකොට.... අපේ අත්තම්මගෙ එක ඇහැයි පෙනුනෙ... අනිත් ඇහේ සුද මතුවෙලා.... පෙනුනු ඇහෙත් සුද මතුවෙලා ඔපරේෂන් කරලයි තිබුනෙ.... දෙවෙනි පාරටත් ඔපරේෂන් කරනවට අත්තම්මා බය වුනු නිසා අන්තිම වෙනකම් ඒ ඇහැ තිබුනෙ පේන්නෙ නැතිව.... ඉතින් ඔය හේතුව නිසයි, බාල මාම ගෙදර ඉන්න එක ෂුවර් නැති නිසයි අපේ තාත්ත වැඩිය කැමති උනේ නෑ මං එහේ නතර වෙනවට.... හදිසියේ සතෙක් සර්පයෙක් හිටියත් අත්තම්මට පෙනෙන එකක් නෑ කියල.... අපිත් ඉතින් කියන දෙයක් අහනවය.... ඒ උනාට මං නම් ඉස්කෝලෙ නිවාඩු කාලෙ එනකම් ඉන්නෙ ඇඟිලි ගැන ගැන.... තාත්ත මොනව කිව්වත් මං ඉන්නෙ නිවාඩුව කිට්ටු වෙනකොට ඇඳුම් ටික පැක් කරගෙන.... අම්ම ඉතින් මටම බාර දෙනව ගමනට තාත්තගෙන් අවසර ගන්න එක.... මාත් නොවඳිනා වැඳුම් වැඳලා පොරොන්දු දහසකුත් වෙලා කොහොම හරි තාත්තගෙ කැමැත්ත ගන්නව....
අපේ අත්තම්මලගෙ වත්ත මහ විසාල එකක්... ඒකෙ නැති දෙයක් නෑ... කොස්, දෙල්, පොල්, කිතුල්, කජු, අඹ, පේර, නාරං, මොර, ජම්බු වගේ ගස් ජාති වගෙම තේ, රබර් එහෙමත් තිබුණ.... ඒවයෙ ඔක්කොම වැඩ කළේ අත්තම්මයි, බාල මාමයි තමා.... කිතුල් මදින එකයි, කුඹුරුවල වැඩයි විතරක් අත්තම් ක්‍රමයට කෙරුණා.... ඒ දවස්වල අපට සුපිරි කිතුල් පැණි, වැලි හකුරු වලින් කිසිම අග හිඟයක් තිබුණෙ නෑ.... ඔය කාලෙ අත්තම්මලගෙ වත්තෙ තිබුණ හුලංකීරිය කියල අල බහින පඳුරු වගයක්.... අත්තම්මා ඒව ගලවල අල ටික සෝදල සුද්ද කරල අරගෙන වනේ දාල කොටලා රොඩු බොඩු අයින් කරපු ඒ මිශ්‍රණය රැයක් දාලා තියනවා වතුර පුරවපු කොරහක.... උදේ බලනකොට ඒ අලවල තුබුනු පිටි ටික කොරහේ පතුලෙ තැන්පත්වෙලා වතුර පෑදිලා තියෙනව.... අත්තම්මා ඒ වතුර ටික අයින් කරලා පිටි ටික බේරගෙන අපට උදේට හුලංකීරිය තලප හදලා දෙනවා කිතුල් පැණිත් එක්ක කන්න.... ඒක නම් හරිම රසයි... මං හරිම ආසයි කන්න....
මට තව මතකයි අත්තම්මා උදේ පාන්දරම නැගිටලා පරණ රෙද්දකුයි හැට්ටෙකුයි පටලවගෙන රබර් කිරි කපන්න ගහෙන් ගහට යනකොට ගෙදරට වෙලා ඉන්න කියලා මගින් මගට කියද්දි මාත් යනව පස්සෙන්.... කූඩැල්ලො ඉන්න හින්දා කකුල් දෙකේ සබනුත් ගාගෙන, සපත්තු දෙකකුත් දාගෙන, පිණිබානවට තුවායකින් ඔළුවෙ සුම්බරයකුත් බැඳගෙන මාත් අත්තම්මගෙ පස්සෙන් ගහෙන් ගහට ගිහින් ඔට්ටුපාළු එකතු කරනව....
ඒ දවස්වල එල්ලෙ ගහන්න ඔට්ටුපාළු බෝල හැදුව මතකයි.... ඒ ගමේ හිටිය සමහර දුප්පත් ළමයි මකනෙ වෙනුවට පාවිච්චි කළේ ඔය වගේ පුංචි ඔට්ටුපාළු ගුලි.... මාත් ට්‍රයි කරල තියෙනව.... සමහර ඒවයින් හොඳට මැකුනට තව සමහර ඒවයින් මැකුවම පොත කළු ගැහෙනව.... ඉතින් උදේ පාන්දරම ඔය වගේ යනකොට ඇහෙනව එක එක ලස්සන කුරුළු ගීත.... ඒ වගේම ලස්සන කුරුල්ලො, සමනළයො පිරිලා.... ඒ මදිවට වඳුරො... 'ජකා බුකුං බුකුං...' ගගා ගස්වල අතු අස්සෙ හැංගිලා ඉඳන් අපි දිහා බලන් ඉන්නව.... රබර් කට්ටිය වටේ ගිහින් ගෙදර මිදුලට ගොඩ උනාම අත්තම්ම කරන්නෙ ගෙට ගොඩවෙන පඩිය උඩින් මාව වාඩි කරවලා කකුල් දෙකේ උඩ ඉඳන් පහළටයි, ඇඟිලි කරු අස්සෙයි හැම තැනම අතගාල බලන එක කූඩැල්ලො එල්ලිලා ඉන්නවද කියලා... හිටියොත් ඉතින් ඔය ලුණු කැටයක් තියල ගලවලා දානව.... ඒ කරලා මොනවාදෝ වත්තෙම තුබුණු කොළ ජාතියක් පොඩි කරලා ලේ එන තැනට තිබ්බම ටික වෙලාවක් යනකොට ලේ ගැලීම නතර වෙනවා....
ඔන්න එක සැරයක් මං ඔහොම නිවාඩුවකට ගමේ ගිය වෙලාවක අත්තම්මා ගෙයි පිටිපස්සෙ කන්දෙ තිබුණු තේ කට්ටිය නෙලන්න පටන් ගත්තා... මාත් ඉතින් සුපුරුදු විදියට ඒ පස්සෙන් ගිහිල්ල ගලෙන් ගලට පැන පැන, අත්තම්මත් එක්ක කයිය ගහ ගහ පොළවෙ වැවිල තිබ්බ ගොටුකොළ ගැලෙව්ව පස්සෙන්දා උදේට කැඳ හදන්න.... ඒ වෙනකොට බාල මාම කඩේ ගිහිල්ල... මං ඉතින් සැරින් සැරේ ගල් උඩට නැග නැග බලන් හිටියෙ බාල මාම ගෙදර එනකම්.... ඔහොම පැයක් හමාරක් යනකොට මං දැක්කා එයා බඩු මල්ලත් අරන් පාරෙ එනවා.... මං දන්නව ඔය බෑග් එකේ ඥාණ කතාවක් හරි කිඹුල බනිසක් හරි ෂුවර් කියල... අත්තම්මත් ඒ ගමන උදැල්ල පැත්තකින් තියල ලෑස්ති උනා තේ වත්කරන්න යන්න... මට ඉතින් බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියනව වගේ කන්ද මුදුනෙ ඉඳල පිම්ම ගහල දුවගෙන ආව පල්ලම දිගේ, අත්තම්ම හෙමින් යන්න පුතේ කියල කෑගහද්දිම.... ඔහොම දුවගෙන එනකොට මගක් හරියෙදි මට පෙනුන ලොකු මහත පුල්ලි පුල්ලි තියෙන එකක් පාර හරහට තියෙනව.... ඒ උනාට ආපු වේගෙට බ්‍රේක් ගහගන්න බැරි උනු නිසා මං කළේ ඒකට උඩින් පැනලා කෑගහගෙනම පල්ලෙහාට දුවගෙන ආපු එකයි.... දැන් මගේ මොරේ ඇහිලා අත්තම්මත් දුවගෙන එනව පහළට....
'මොකෝ පුතේ...?'
යන්තම් සිහි එලවගත්තු ගමන් මං කෑගැහුව පුළුවන් තරම් හයියෙන්.....
'අත්තම්මේ... එන්න එපෝ... පාරෙ මොකෙක්ද ඇදෙන එකෙක් ඉන්නවෝ...'
ඒක ඇහුනු ගමන්ම අත්තම්ම ආපහු කන්ද උඩහට දුවල ගිහින් උදැල්ලත් අරගෙන වටපිට බල බලා හෙමීට පල්ලෙහාට ආව.... ඒ කරලා එක තැනක නැවතිලා දෑත බදලා උදැල්ල උස්සලා බස් බස් ගාල එක දිගටම මොකක්දෝ එකකට තැලුව.... ඒ ගහන ගහන පාරට මං දැක්ක අර පුල්ලි තියෙන එක උඩ යනව.... මං පුළුවන් හයියෙන් කෑගැහුව බාල මාමට....
'අනේ බාල මාමේ... ඉක්මනට එන්නෝ....'
සද්දෙට එයාත් දුවල ආව....
'මොකෝ....මොකෝ...'
මං අත දික්කරල පෙන්නුව අත්තම්ම කරන වැඩේ.... ඒක දැක්කම බාල මාමගෙ ඇස් උඩ ගියා...
'අම්මණ්ඩියේ... අයින් වෙලා දුවන්න අහකට....'
බාල මාමා මිදුලෙ තියල තිබ්බ එයා වැඩ කර කර හිටිය උදැල්ලත් උස්සගෙන කන්දෙ දිව්ව... අත්තම්මත් කර කර හිටිය වැඩේ නතර කළේ නෑ.... බාල මාමත් ඒ ගමන ඒකටම ගහන්න තියාගත්ත එයාගෙ අතේ තිබුණු උදැල්ලෙන්.... ටිකකින් දෙන්නම හති හල හලා වැඩේ නතර කළා....
'පුතා ඔහොමම ඉන්න... එන්නෙපා...' බාල මාම කිව්ව...
'හා...'
ඒ ගමන බාල මාම පහළට දුවල ඇවිත් ගෙයි තිබුණු ගෝනියක් අරගෙන කන්ද නැග්ග... ඊට පස්සෙ දෙන්නත් එක්කම ඒ මොකක්ද එක උදළු වලින් උස්සලා ගෝනියට දාල දෙපැත්තෙන් අල්ලගෙන මිදුලට අරන් ඇවිත් හොඳට ගෝනිය දිග ඇරලා බැලුව....
'හොඳනෙ සයිස් එක...' අත්තම්මට කියැවුණා...
මගේ සද්දෙට දුවගෙන ආපු අහළ පහළ අය ඒක බලල කිව්ව,
'පත පිඹුරු තඩියෙක්නෙ...' කියල...
එදා දවල් අම්මා සුපුරුදු විදියට අත්තම්මට බඩු අරගෙන එද්දි මගදිම සීය කෙනෙක් කිව්වලු,
'අන්න අම්මණ්ඩි ලොකු හපන්කොමක් කොරල... ගොඩවෙලාම බලාගන්නකෝ...' කියල...
අම්මා ආවෙ දුවගෙන... සතාගෙ සයිස් එක දැක්කම අම්මට 'ඈහ්..' ගෑවුනා....
අම්ම ඒ සැරේ මාව ගෙදර එක්කන් ගියේ වෙච්චි දේ ගැන කටෙන් කෙළ බින්දුවක්වත් නොහලන බවට මාව පොරොන්දු කරවගෙන.... ගෙදර ගිහින් කිව්වනම් හෙම මට ආයෙ කවදාවත් ගමේ යන්න වෙන්නෙ නැති හින්දා.... මමත් ඒ පොරොන්දුව අකුරටම රැක්කා අද වෙනකම්ම....තාත්ත කවද හරි සිද්දිය දැන ගන්නෙ මේක බලපුදාට... එතකොට ඉතින් පෙරහැර ගිහින් හුඟක් කල්....
දැන් නම් මට ඒක මතක් වෙනකොට ඇඟේ හිරිගඩු පිපෙනව.... අනේ මගේ හතර පෝයට සිල් ගත්තු අත්තම්ම එදා ඒ භයානක පව්කාර වැඩේ කරන්න ඇත්තෙ මං හින්දා.... මැරිච්චි පිඹුරගෙ සයිස් එක දැකපු කස්ටිය කිව්වෙ පණ පිටින් අල්ලගත්ත නම් සත්තු වත්තට භාරදෙන්න තිබුණ කියල... ඒකා ඒ තරම්ම විසාලයි....
Subscribe to:
Post Comments (Atom)
ෂැහ්... පිඹුරාට අහු වුණා නම්, දතකටත් මදි වෙයි කියලා හිතලා ඌ සද්ද නැතුව යන්න දුන්න ම ගිහිල්ලා කිව්ව නේද කේළම??? !
ReplyDeleteහික්ස්....ඇත්තටම ඒ කාලෙ මගේ සයිස් එක නම් ඒ වගේ තමා... කවුද ඔයාට කිව්වෙ... පිඹුර නේද...?
Deleteවෙලාවට පිඹුරාට ඔහොම වුනේ. මියුරුට ඔය වැඩේ වුනානම් කවුද බ්ලොග් ලියන්නේ :D
ReplyDeleteඒකනෙ.... සද්ගුණවත් පිඹුරු තෙමේ අනාගතේ ගැන දැනගෙන තමයි මට යන්න ඇරලා තියෙන්නෙ... තමුන් මැරුණත් මොකද වැඩ කෑල්ල බ්ලොග් එකක ගිහිල්ලා කියල හිතෙන්නැති..... :D
Deleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට හොඳේ...
ආච්චි බස බස ගාලා ගහල තියෙන්නේ :D
ReplyDeleteඅත්තම්ම ඒකාට උදැල්ලෙන් ගහනකොට හරියට රබර් එකකට ගහනවා වගේ බම්ප් වෙවී උඩ ගියා..... මට සද්දෙ ඇහුනෙ බස් බස් ගාලා තමයි...... බස බස ගාලා නෙවෙයි.... ;D
Deleteහරිම ත්‍රාසජනක කතාවක්නෙ..අම්මෝ..!!
ReplyDeleteඇයි ඔයාත් බයද සර්පයොන්ට......? මම නම් බය විතරක් නෙවෙයි, මට හරිම අප්පිරියයි උන් දකිනකොට.... අපේ අම්ම නම් ටීවී එකේ දකිනකොටත් කෑගහලා තාත්තගෙන් බැණුම් අහගන්නව....
Deleteඅනේ පවු අර අහිංසක පිඹුරා.. මියුරු අක්කා නිසා අවසන් ගමන් ගියානේ...
ReplyDeleteපව් කියන්නෙ...? ඌ එක කටට හාබුං කියල මාව ගිල්ල නම් එහෙම කෝ ඔයාලට මෙව්ව ලියන්න මියුරු අක්කෙක්...හුම්...
Deleteමොනවා වුනත් ලස්සන ගමක්.කතාවේ මුලින්ම කුතුහලේ තිබුනා ඊට පස්සේ පොඩි භිතියකුත් එක්ක ත්‍රාසයත් උපරිමයට තිබුන.
ReplyDeleteහැබැයි එක විදියකට එන්න බැරි කඩියගේ සීන් එක පොඩිකාලේ ඉඳලම තියෙනවා නේ..
ඔයා කතාව විඳපු එක ගැන සතුටුයි....
Deleteඔව්නෙ......අදටත් එක තැන වැඩි වෙලාවක් ඉන්න බෑ අයියො....
sahathika aththa . kadikulappuwa kiwwe nikanye....
Deleteහික්...හික්...හික්...
Deleteඔය හුලංකීරිය අල මමත් කාලා තියෙනවා..ඒවා තම්බලත් කනවා...ගමේදි ගොටුකොල කඩන සීන් එක අනික් එපාම කරපු වැඩේ..අනිවා කූඩැල්ලෝ කනවා..නිල් සබං කියලා ජාතියක් තිබුනා ඒවා ගාගෙන තමා යන්නේ....පිඹුරා මරන්න හරිම අමාරු සතෙක්...කඩුවෙන් කැපුවත් ආයිත් හා වෙනවා...ඔලුවම තමා චප්ප කරන්න ඕනේ...ආත්තම්මා වැඩේ දීලා වගේ.....
ReplyDeleteමං තම්බල කනවට වැඩිය ආස තලපවලට නිසා අත්තම්මා වද වෙලා ඒවා හදනවා තියෙන ආදරේට....
Deleteමටත් මතකයි ඔය නිල් සබන්... හැබැයි එව්වමද ගෑවෙ කියල නම් මතක නෑ....
ඔව් අනේ... බිම පහුරු ගගා ගොටුකොළ කඩන්න ගියාම එපා වෙනවා තමා.... ඇඟිලි තුඩු ටිකත් ඉවරයි සීරිලා, පොළවෙම ඇතිල්ලිලා.... සාරෙට තියෙන පඳුරු නම් ගලවන්න ලේසියි.... අනික්වා තමයි එපා වෙන්නෙ....
ඒ කැපුවත් හාවෙනවා කියන කතාව මාත් අහලා තියෙනවා.... මං හිතුවෙ ඒක බොරුවක් කියලා....
aththamma ithi hadala hadala kewwe loku minibireetama thamai....
Deleteඔය කියන්නෙ ඉතින් ඉරිසියාකාර පොඩි මිනිබිරී කෙනෙක් තමයි...හික්ස්..
Deleteමොනාද හලෝ... හදාගන්නවකො ප්‍රොෆයිල් එකක්....
කොහොම හරි අක්කා බේරිලානේ.... නැත්නම් අපිට කොහෙන්ද මෙහෙම කථා.... දැන් ඉතින් පෙරහැර ගිහින් නිසා තාත්තාටත් කියලා දාන්න
ReplyDeleteතාත්තා දැන් සමහරවිට කියවලත් ඇති මේක....... අම්මට තමයි උත්තර බඳින්න වෙන්නෙ.... හික්ස්...
Deleteආත්තම්ම මාර දහිරිය තියන කාන්තාවක්නේ.. බොහොමයක් ගැහැනු ( මියුරුත් අතුලත්ව:D ) ඔය වෙලාවට කරන්නේ විලාප තියන එකනේ..
ReplyDeleteඅනේ ඔව් සෙනා..... අද උනත් එච්චර තමා.... දරුවො අහළ පහළ හිටියොත් විලාප ගහ ගහ උන් උස්සන් දුවනවා ඇරෙන්න මරන්න නම් යන එකක් නෑ මාත්....
Deleteඅත්තම්මත් බය නැතුව නෙවේ වෙන්නැති.... ඒ දවස් ටිකේ මාත් හැමතැනම දුව පනින නිසා මට කරදරයක් වෙයි කියලා බයටම තමයි එහෙම කරන්නැත්තෙ.... මාව මතක් වෙනකොට දහිරිය එන්නැති හිතට..... මං හින්දා අත්තම්මා පව් පුරෝගත්තා.... :'(
අනේ පව් පිඹුරා කියන්නේ අහිංසකම සතෙක්. මොකට මැරුවද ?
ReplyDeleteදෙමව්පියො, ආච්චිලා, සීයලා ඔයිට වඩා දේවලුත් කරනවා සජීව දරුවො, මුනුබුරෝ වෙනුවෙන්.... අනික ඌ අහිංසකම සතෙකුත් නෙවෙයිනෙ... උගේ දත් තියෙන්නෙ කට ඇතුල් පැත්තට නැවිලා නිසා අල්ලගත්තොත් බේරෙන්න ලේසි නෑ.... මැරුණෙ නැතත් තුවාලයක් හරි වෙන්න පුළුවන්....
Deleteමම ඒ දවස්වල දැනගෙන හිටියෙ පිඹුරා කියන සතා මිනිස්සුන්ව වෙලාගෙන, හිස් මුදුනෙ වලිගෙ අග තියෙන කටුවක් ගහලා මරලා, ඇටකටු පොඩි කරලා ගිලිනවා කියලා..... ඒත් මිනිස්සුන්ව කෙසේ වෙතත් සත්තුන්ට නම් එහෙම කරනවාලු.... අර හිස් මුදුනෙ කටුවෙ කතාවෙ ඇත්ත නැත්ත දන්නෙ නැතුවට, ගොදුරු අල්ලන් වෙලාගෙන තද කරනකොට හුස්ම ගන්න බැරුවම මැරිලා යනවලු....
බොහොම ස්තුතියි සජීව මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට.... :D
මාත් පිඹුරො දැකල තියනවා අපේ ගමේදි..ඒත් එයා නපුරු නැහැලු නේද?මම සර්පයො කාටවත් භය නැහැ...ඒත් අඬුබඬු තියන පත්තෑයො..මකුලුවො..ගෝනුස්සො..වගේ උන්ට නම් අපෝ...ඊඊඊඊඊය්ය්යාආආආ...
ReplyDeleteඔයා ගම ගැන ලියලා තියන දේවල් දැක්කාම මෙහෙ ඉන්න එපා වෙනව තව තවත්....ඒත් ලංකාවෙ සමහර මිනිස්සු ගැන හිතෙනකොට ආයෙ ජීවිතේටම ගම එපා කියල හිතෙනවා.....හ්ම්ම්ම්ම්ම්ම්....
කංගා දැක්කනම් මෙයා දියවෙයි හි හි මාර ලස්සන සතෙක් කෝච්චියක් වගේ හෙන පත සයිස් අඬු තියෙනවා පේලියට හැකරැල්ලාගේ දිගයි උසයි 10න් වැඩි කරාම එන සතාගේ ඇඟ කළු පාටින් පාට කරලා ඇඟ දිගේ හරහට කහ පාට ඉරක් ඇන්දාම අන්න ඒ වගෙයි කංගා...හැකරැල්ලා වගේම උත් ගුලිවෙනවා අපි ඇල්ලුවාම....අපි ඉතින් කොරන්නේ කෝට්ටකින් උගේ බඩ මැද්දට දාන එක එතකොට කෝට්ට එක්කමයි ගුලිවෙන්නේ ඊට පස්සේ ගමේ ඉඳන් ගෙදර අරන් ඇවිත් සෙල්ලම් කරනවා...
Deleteනපුරු නැත්තෙමත් නැහැ වගේ කිරිල්ලියේ තොරතුරු හොයලා බලනකොට.... ඔය උඩ සජීවට දාල තියෙන උත්තරේ බලන්නකෝ....
Deleteආ... ඔයාටත් ඒ ලෙඩේ තියෙනවද... අපේ ලොකු නගාටත් ඕක තියෙනව... ඒ දවස්වල මකුළුවෙක් හෙම දැක්කාම ගෙදර උළු උඩයන්න කෑගහලා අනන්ත බැනුම් අහගෙන තියෙනව උන්දැ....
මට මෙහේ ආපු අළුත මං ඇඬුවෙ ඔය ගම මතක් වෙලා... කවදාවත් ඒ මං විඳපු ස්වභාවික සුන්දරත්වය මගේ දරුවන්ට විඳින්න ලැබෙන එකක් නැහැනෙ කියල මතක් වෙලා... මෙහේ කෘතිම පරිසරය දකිනකොට මට ඒක වැඩි වැඩියෙන් දැනුනා....මට එහෙම හිතුනට ඒ ගම අද එදා තුබුනු ගමද කියලා හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා.... ගම මැදින් පාරවල් වැටිලා.... නවීන පහසුකම් ඔක්කොමත් එක්ක... අත්තම්ම නැති උනාට පස්සෙ කුඹුරු ටිකත් විකුණලා දැම්මා.... ඉතින් අද මගේ දරුවො ගමට ගියත් ඒ කාලෙ මං විඳපු දේවල් නම් ඒ විදියට විඳගන්න ලැබෙන්නෙ නෑ.... අත්තම්ම යනකොට ඒ ගමේ සුන්දරත්වයත් අරගෙනම ගිහිල්ල වගේ දැනෙන්නෙ.... :'(
මාත් දැකලා තියෙනවා ඔය කංගා කියන සතා... ඒත් අපි කියන්නෙ වෙන මොකක්දෝ නමක්.... මට දැන් මතක නැහැනෙ....
Deleteහප්පේ..කුඩල්ලෝ ගැන ගානක්වත් නැතුව කියලා තියන හැටි :-\...මටනම් පිඹුරා හොඳයි උන්ට වඩා...:)
ReplyDeleteමේ ගම අයිති මැද රට පැත්තට වගේ නේද..
හික්...හික්...හික්... කූඩැල්ලන්ව එච්චරටම අප්පිරියද....
Deleteඅනේ නෑ රත්තරනේ.... අපි දකුණෙ....
දාන්න පහක්...අපිත් දකුණේ තමා..දකුණේත් සමහර පළාත් මැද රටට අයිතියි නේ ඉතින්..
Deleteඇත්තද....ඔන්න දැම්ම....හික්...හික්...හික්...
Deleteසත්ව අවිහිංසා සංගමෙකට අහුවුනා නම් අත්තම්මයි මිනිබිරියි දෙන්නම ඉවරයි . අපේ ගමේ ආච්චිව මතක් වුනා . ඔය වගේම කතා ගොඩක් එයත් . අනේ හැමදාම ලියන්න උන්නට බැරි වෙනවනේ . මමත් ආයේ ගමේ ගියා වගේ මේක කියවල .
ReplyDeleteඉවරයිද කියන්නෙ...හික්ස්...
Deleteඅනේ ලියන්න බින්දි, වෙලාවක් හොයාගෙන..... අපේ අත්තම්මත් කතන්දර ලෝකයක්.... අත්තම්ම විතරක් නෙවේ... ඒ දවස්වල ගමේ ගියාම වට පිටේ අත්තම්මල සීයල එනව මාව බලන්න... ඒ ආවහම මං එයාලගෙනුත් කතන්දර අහගන්නව.... ඉස්තෝප්පුවෙන් වාඩිවෙලා බුලත් විටක් හපන ගමන් එයාලත් මට කතන්දර කියල තියෙනව..... අද ඒ ඇත්තොත් හැමදෙනාම වගේ එලොව ගිහිල්ලා... අනේ උන්දලා හැමෝටම පිං මට කතන්දර කියල දුන්නට....
මේක ලියද්දි මම හිතෙන් කී සැරයක් ගමේ ගියාද.... ගම ගැන ලියන්න පුළුවන් මට පොතක් විතර... අනේ ඇස් දෙකට කඳුළු පිරෙනව බින්දියේ මතක් වෙනකොට... හීනෙන් ගෑ සුවඳක් වාගේ.....
මට සරුපයෝ අප්පිලියයි.. ඉඉඉක්්්කාාාාාාාාාා
ReplyDeleteඅලේ... හයියෝ.... මං ඉතුවෙ ගෑල්ලමයින්ට විතරයි සරුපයො අප්පිලිය කියලනෙ.... ;D
Deleteපිඹුරා එහෙම භයානක සර්පයෙක් නෙවෙයිනෙ....ඒත් අක්කට තියෙන ආදරේට ආත්තම්ම එහෙම කරන්න ඇති.....
ReplyDeleteභයානක නම් නැත්තෙමත් නෑ වගේ තොරතුරු හොයා බලනකොට.... මොනවා උනත් අත්තම්ම නම් එහෙම කරන්න ඇත්තෙ මට තියෙන ආදරේටම තමා....
Deleteමට මගේ ගමත් මතක් වුනා අක්කේ එහේත් කූඩැල්ලෝ සත්තු සරුපයි අම්බානකට ඉන්නවා මම නම් ආසම කූඩැල්ලන්ට තමා උන්ව අල්ලේ තියාගෙන ඇදි ඇදි යන හැටි බලන් ඉන්න ඉස්සර හෙන ආසයි....අපේ සීයා නම් තැල්මක් ආවාම වත්තේ තියෙන ගාලකට අත දාගෙන ඉඳලා කූඩැල්ලෙක් එල්ලුනාම උව තැල්ම තියෙන තැන තියලා දෂ්ඨ කොරෝනවා....මමත් ඉස්සර අක්කා වගේම ගමේ යන්න ආසයි ඒත් දැන් සීයත් නෑ ආච්චිත් නෑ අපේ මහප්පත් නෑ...මම එදායින් පස්සේ අවුරුදු 5කින් ගමේ ගියේ නෑ....හැබැයි දැන් ආයේ ආසා හිතුනා....
ReplyDeleteඅපේ ගම යටියන්තොට/මාලිබොඩ කියන ගමෙත් පොඩි සානුවක තියෙන මාගල කියන ලංකාවේ ලස්සනම ගම......
ඔයාගේ කතාවලට අතීතේ හාරා අවුස්සන්න පුදුම හැකියාවක් තියෙන්නේ....බොහෝම ස්තූතියි අක්කේ....ආ මේ මට මැවිලා පෙනුනා අර බිත්තරේ කේස් එක වෙලාවේ විලාප තිබ්බටත් වඩා හයියෙන් කෑ ගහන්න ඇති කියලා ආච්චි විතරක් නෙමෙයි පිඹුරත් හොල්මන් වෙන්න ඇති ඒ කෑ ගැහිල්ලට හි හි...
හයියෝ... ඔයා අර බිංකුණ්ඩො නටවනව වගේ කූඩැල්ලොත් නැටෙව්වද....හික්ස්... මම නම් අල්ලේ තියාගෙන හිටියෙ නෑ බයට.... ඒත් උන් හබරල කොළ උඩ මැන මැන යනවා බලන් හිටියා....
Deleteඅර තැල්මවල්වල තියලා ලේ උරවනවා කියන කතාවක් මං අහලා තිබුනට කවදාවත් දැකලා තිබුනෙ නෑ... එහෙනම් ඒ වැඩේ ඇත්ත... අනේ ඒ පරණ පරම්පරාව එලොව ගියාට පස්සෙ පරණ ගමත් එහෙම පිටින්ම වෙනස් වෙලා දැන්....
මාගල කියලා ගමක් ගැන අහලා තිබුණට වැඩි විස්තරයක් දන්නෙ නැහැනෙ මං.... ඒ ලස්සන තාමත් තියෙනවද ඔයාලගෙ ගමේ...?
විලාපෙ ගැන නම් ආයෙ කියලා වැඩක් නෑ... ගමෙන් බාගයක් දුවගෙන ආවනෙ සද්දෙට.... :D
ගම නම් තාමත් එහෙම්මයි අක්කේ හැබැයි වැස්සටත් යටවෙන සපත්තු පාලම නම් හදලා තියෙනවලු දැන් හොඳටම....මම ළඟදි යන්නයි ඉන්නේ ඒ පැත්තේ අනිවා ෆොටෝ ටිකකුත් එකතු කරලා හොඳ පෝස්ට් එකක් දාන්නම්කෝ.....කළු ගඟේ අතු ගඟක් තමයි ගේ ලඟින්ම ගලන්නේ
Deleteඅපට තිබුණෙ වැල් පාලම.... දැන් නම් ඒකෙ කෑලිත් නෑ.... ඒ වෙනුවට මහා පාලම් රාජයෙක් ඉන්නව.... අර කියපු පෝස්ට් එක එනකම් බලන් ඉන්නව හොඳේ.....
Deleteආ අමතක වුනා අපේ ගමේ කුඹුරු නෑ තියෙන්නේ තේ රබර් සහ කිතුල් රා විතරයි....එහෙ වගේ හොඳ කිතුල් හකුරු ලොවෙත් නෑ....ගේ පල්ලෙහායින් ලොකු ඔයක් යනවා මම ෆොටෝ කෑලි එක්කලා ඒ ගැන ලියන්න හිතුවා මේ පෝස්ට් එක නිසා....
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅනේ ලියන්නකෝ බලන්න.... මේක කියෙව්වම මතක් උනේ... ඒ පරණ ගමේ ගත්තු එක පොටෝ එකක්වත් නෑනෙ මං ළඟ.... ඒවා විඳිනකොට හිතෙන්නෙ ඒ දේවල් හැමදාම ඒ විදියටම තියේවි කියලනෙ.... දැන් නම් පුදුම දුකයි... දරුවොන්ට පෙන්නන්න පොටෝ එකක්වත් නෑ.... :(
Deleteඑල එල ඒ කාලේ කැමරා තියෙන්නත් නැතිව ඇතිනේ නේද...ඉන්නකෝ මම ඔයාගේ දරුවන්ට බලන්න ලස්සන පෝස්ට් එකක් ලියන්නම්කෝ එහේ ගිහින් පින්තූර එහෙම ගහලා
Deleteඒ කාලෙ කැමරා තිබුණට අපි ගාව තිබ්බෙ නැහැනෙ.... ගෙදර ඉඳන් පොටෝ ගන්න ඕන උනොත් ඉතින් ස්ටුඩියෝ එකකට කියල කෙනෙක් ගෙන්න ගන්න ඕන.... ඒ දවස්වල අපට ඉතින් එහෙම උවමනාවක් තිබ්බෙ නැහැනෙ....
Deleteඅනේ පුළුවන් නම් බොහොම ස්තුතියි....
තව දෙයක් අක්කේ දිල් අක්කා මාව බ්ලොක් කරලා ඇයි දන්නේ නෑ එයාගේ බ්ලොග් එක බලන්න යන්න දෙන්නේ නෑනේ...මම එකම එක කොමෙන්ට් එකයිද කොහෙද දැම්මෙත් එයාට මම සොරි කිව්වා කියන්න හොඳේ
ReplyDeleteඅනේ දරුවෝ දිල් අක්කා එයාගෙ බ්ලොග් එක අයින් කරගෙන... ක්ලික් කළාම ආරාධිතයන්ට පමණයි කියලා ආවට එයා දැන් බ්ලොග් එක ලියන්නෙ නෑ.... පහුගිය දොහේ ඔයාටත් පේන්න ඇතිනෙ මේ බ්ලොග් අවකාශෙ ගින්නක් පැතිරිලා යනවා.... ඒකෙ ප්‍රතිඵල තමයි ඒ.... මටත් හරිම දුකයි... මමත් හරිම ආසාවෙන් බලපු බ්ලොග් එකක් ඒක....
Deleteපහුගිය ටිකේ මම උඩරට ගිහින් හිටියනේ අක්කේ බ්ලොග් එක ගොඩක් මිස් වුනා පස්සේ ඇවිත් බලද්දි වර්ණා අක්කයි දිල් අක්කයි දෙන්නම වහලා එහෙනම් අපරාදේ....මට තාම හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා.මේ අක්කේ ඔයානම් වහන්න එපා හොඳේ
Deleteඅපි වහන්නෙ නැහැ ලමයා...ඔය ලමය භය නොවී ඉන්න...:):)
Deleteහික්ස්.... ඔන්න කිරිල්ලි උත්තර දීල තියෙන්නෙ....
Deleteවර්ණා නම් වහල නෑනෙ.... ඔය ඉන්නෙ අපූරුවට.... :D
හරි ශෝක්. පිඹුර බලන්න ඇති මේ මොන නස්පත්තියක්ද මං කරගත්තේ කියල... මමත් හැදුනේ මගේ අත්තම්ම එක්ක. අම්මල එක්ක ඉන්නවට වැඩ කාලයක්. පවුලේ ලොකු මුනුබුරා හින්ද සැලකිලි ගොඩයි. අදත් එහෙමයි. අදටත් මගේ අත්තම්ම ඉන්නවා. ලංකාවට ගියාමත් අත්තම්මගේ බුලත් මල්ලට පැනල විටක් එහෙම කනකොට ඉතින් අත්තම්ම ඇවිත් හරි අසාවෙන් මුනුබුරට ඉස්සර වගේ කතා කියන්නේ..
ReplyDeleteඅනේ කොච්චර දෙයක්ද අත්තම්ම ඉන්නව කිව්වම.... උන්දැට නිදුක් නිරෝගීව තවත් දිගු කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා පතනවා හදවත පතුලින්ම.... මටත් සැළකිලි වැඩි උනේ පවුලෙ ලොකුම මිනිබිරී හින්දයි.... මම් පුංචි කාලෙ හුණුත් එක්ක විට කන්න ගිහින් දිව පැලුණා... දුම්කොළ කන්න ගිහින් මත් වෙලා වැටිලා හිටියා.... ඊට පස්සෙ නිකම් හරි කෑවෙ බුලත් කොළ විතරයි.....හික්ස්....
Deleteමාත් බුලත්විට කන්න ගිහින් මත් වෙලා වැටිල තියනවා..ආත්තම්ම සීනිටිකක් කටට දාල වතුර පොවනව...තාත්ත ට හොරෙන් තමා බුලත් කන්නෙ...ආත්තම්ම 'කරුංග පුවක්' කියල ජාතියක් වංගෙඩියෙ දාල කොටල කොටල හදන බුලත් විට මාර රසයි....කෝමද ඉඟුරු පියලි හෙම දාල හදන බුලත් විට...?
Deleteඉඟුරු පියලි දාල හදපුවා මං කාල නැහැනෙ කිරිල්ලියේ.... රසද...?
Deleteඅපි කියන්නෙ 'කරුංග' කියල නෙවේ, 'කරුංකා' කියල.... මං ඒ දවස්වල කිව්ව විදියද මන්ද.... ඒ කරුංකා ගස්වල හැදෙන 'දෝතලු' කියලා රතුපාට ගෙඩි ජාතියක් කෑව මතකයි... පැණි රසයි... ඒවා පොකුරු පොකුරු හැදෙන්නෙ....කවුරුවත් දන්නවද හරියටම මොනවද කියල.... මට දැන් මතක නැහැනෙ...
කරුංකා ගස් කියලා ජාතියක් නෑ.ඉදුනු පුවක් වේලපුවා තමයි කරුංකා කියන්නේ.
Deleteඅත්තම්මා හරි හපනියක්නේ. අත්තම්මලා ඔහොම තමයි. :D
ReplyDeleteඔයාත් හොඳට අත්තම්මගෙ ආදරේ විඳින කෙනෙක් බව ඔයාගෙ බ්ලොග් එකෙන් පෙනුනා..... ඒ නිසා අත්තම්මලගෙ ආදරේ ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද.... :D :D
DeleteSuper Granny.............
ReplyDeleteAbsolutely.... :D
Deleteගම ගැනත් අත්තම්මා ගැනත් හරිම සොඳුරු මතකයක්. අත්තම්මත් බාල මාමත් ඒ දේ කරන්න ඇත්තෙ ඔයාගෙ ආරක්ෂාව ගැනම හිතලා වෙන්න ඕන.
ReplyDeleteමියුරු පිඹුරගේ කතාව ඇර අනික් සේරම මගේ ලමා කාලේ වගේමයි කිසි වෙනසක් නෑ . මාත් ඔයා එක්ක වත්තපහල ලඳු දෙනි වල ඇවිද්දා ..ඔට්ටපාලු බෝල වලින් තමයි අපිත් සෙල්ලම් කලේ ටෙනිස් බෝල ගැහුවෙ ගොඩක් පස්සේ .ඔට්ටපාලු බෝල වලින් එල්ලෙ ගහද්දි නියමයි .එයින් පාරක් ඇඟේ වැදුනොත් තවත් නියමයි ...රබර් ඇට ..ඉස්සර රබර් මංඩි වල රබර් ගෙඩි පුපුරන කාලේ එනකන් ඉන්නවා ඒව එකතු කරන්න . අයියලා ගන කාඩ් බෝඩ් කපලා ලොරි එහෙම හදලා ඒවයේ රෝද වලට දාන්නේ වේලුන රබර් ගෙඩි .ඇත්තම කිව්වොත් මම මේ වෙලාවේ රබර් ඇට ඒවයේ අර කලු සුදු වයිරම් හිතෙන් මවා ගන්න හිතනවා ...කිඹුල බනිස් , ඥාන කතා (ගල් බනිස් කියනවත් නේද ) මටත් ආච්චි අරන් දෙනවා හවසට තේ බොන්න .දැන් මොන තරම් හොඳ බේකරි වලින් ඕවා කෑවත් එහෙම පොඩි කාලේ ගතිය නැත්තේ ඇයිද මන්දා? එක්කො අපි ලොකුවෙලා වෙනස්වෙලා නැත්නම් වෙන මොකද්ද වෙලා . එක හුස්මට කියවන් ගියා. රස වින්දා .තෑන්ක්ස් මේ රසවත් සටහනට .දැක්කේ නලිනිගේ වෝල් එකෙන්
Delete@ නලිනි,
Deleteඅනේ ඔව් නලිනි... තාත්තා මාව එවන්න කැමති නැත්තෙ ඇයි කියල ඒ දෙන්න දන්න නිසයි, ගමේ එන්න තිබ්බ මගේ ආසාව දන්න නිසයි පොඩි හරි වැරැද්දක් වෙන්න ඉඩ තිබ්බෙ නෑ දෙන්නම....
@ TG,
Deleteඔට්ටුපාළු බෝල ගැන කතාව නම් ඇත්තමයි...හික්..හික්..හික්...
අපිත් රබර් ඇට රෝදවලට දාලා එක එක ඒව හදල තියෙනව... ඒක ටක ටක ගාල කැරකෙනකොට මරු.... ඒ කාලෙ ඉස්කෝලෙ අත්වැඩවලටත් රබර් ඇට ගේන්න කියනවා මට මතකයි....
ඒ ගල් බනිස් කිව්වෙ රොක් කේක් කියන සීනි දාල නැති ඒවා නේද? ඔයා කියපු එක නම් සහතික ඇත්ත.... මං නම් තවමත් ඔය කිව්ව ජාති තුනටම හරි ආසයි... තව විස්කිරිඤ්ඤා සීනි දාපු තේ කහට එකේ පොඟවල කන්නත් ආසයි..... ඒ පොඩි කාලෙ අපිට දැන් තරම් එක එක ජාතියේ පැණි රස දේවල් නිතර නිතර කන්න ලැබෙන්නෙ නැති නිසා වෙන්නැති....
බොහෝම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ඔයාගෙ අත්දැකීම්නුත් අපිත් එක්ක බෙදා ගත්තට.... :D
ඇයි තව අර අල්ලක් විතර ලොකු මාරි බිස්කට් කිරි එකේ දාගෙන පොඟවලා කනකොට , තව බටර් ඉස්කෝතුත් ( හුලං ඉස්කෝතු ) එහෙම පොඟවලා කනවා උණ එහෙම හැදුනම මට ආච්චි බටර් ඉස්කෝතු ගෙනෙත් දෙනවා ...අපේ ආච්චිලගෙ ගමටත් ගියේ බස් එකයි ද දෙකයිද කොහේ මාත් පොරකාල අම්ම එක්ක එල්ලිලා යනවා ඔයාගේ අම්ම වගේ අපේ ආම්මත් මාව එහේ ගෙනියන්න කැමතිම නෑ .ආයෙ ගෙදර එන්න කම්මැලි කරන නිසා .හි හී :) දැන්නම් යන්නත් කම්මැලියි මහගෙදර ආච්චී නෑ දැන්
Deleteඒ මාරි බිස්කට් කිරි එකේ දාල පොඟවන් කන එක නම් මං දැනුත් කරනව... හික්ස්.... එකම වෙනස මාරි එක දැන් පුංචියිනෙ... හුලං ඉස්කෝතු කෙසෙල් ගෙඩිත් එක්ක මරු.... තේ එකේ පොඟවනුත් කනවා... අපි බටර් ඉස්කෝතු කිව්වෙ හුලං ඉස්කෝතු වගේම පොඩි එකට.... බටර් ටිකක් ගාගත්තම පෙට්ටියක් උනත් කතෑකි අප්පා....
Deleteඅනේ ඔව්... අත්තම්ම නැති උනාට පස්සෙ මටත් එහේ යන්න එච්චරම උනන්දුවක් තිබුනෙ නෑ.... දැන් මහ ගෙදර ඉන්නෙ බාල මාමා.... එයා ඒක දැන් වෙනස් කරලා අළුත් විදියට හදලා.... ඉතින් අර අත්තම්ම ඉන්දැද්දි තිබ්බ අපේ ගතිය දැන් නෑ...
හරිම සන්තෝසයි මගේ වගේම අත්දැකීම් තියෙන කෙනෙක් මුණ ගැහුනු එක ගැන... :D
පවු ඒ පිඹුරා !!! වසවර්ති කෙල්ලෙක් (ඒ දවස්වල) නිසා ඒ පිඹුරට මැරුම් කන්න සිද්ධ උනා !!!
ReplyDeleteපිඹුර අත්තම්මට කියල මරව ගන්න කලින් මාව පොරොන්දු කරගත්ත උන්ද ගැන අනාගතේ බ්ලොග් එකකට ලියනව කියල.... මං ඒක පොරොන්දු උනාට පස්සෙනෙ ඌ කැමැත්තෙන්ම අත්තම්මගෙ උදලු පාරට 'ආ..' කියල බෙල්ල දුන්නෙ.... ;D
Deleteඅනේ අම්මෝ... මාත් බයයි අපේ අම්මත් බයයි සර්පයන්ට... අර බාල මාමා ගැනත් දාන්න අක්කේ..(බාල මාමා, මරු නම)
ReplyDeleteඔයත් ඒ සංගමයේ සාමාජිකාවක්ද එතකොට....හික්ස්...
Deleteඅනිවාර්යයෙන්ම ලියනවා එයා ගැන....
oya miyuru akka game gihin honda honda weda karala thiyenawa...
ReplyDeletebalamuko kiyavida kiyala.....
hik....hik.....
ඔව් ඉතින්... බොලාට ඉරිසියයිනෙ මාත් එක්ක ඒ දවස්වල... මට ලැබුණු චෑන්ස් එකෙන් අරික්කාලක්වත් බොලාට ලැබුනෙ නැති හින්දා..... ;D
Deleteඑල එල . . . ඔන්න අනාගත බ්ලොග් කාරියෙක්
Deleteබුදු අම්මෝ... කියනකොටත් ඇඟ හිරිවැටෙනව.... හනේ නගේ... මුං මේ විහිළුවට බං කියන්නෙ..
Deleteදන්නැද්ද මේ ඕනය... කාපු බීපු වේලාවට...පුංචි විහිළුවක් කෙරුවට.... හෙක්..හෙක්..හෙක්...
ඔයා ගනං ගන්න එපා නගේ (මම දන්නව ටක්කෙටම නගා තමයි කියල) . . . ඔයා පටං ගන්න බ්ලොගියක් . . . මම දෙනව ෆුල් සපෝට් එක . . .
Deleteආපෝ....අහුවෙන්න නම් එපා නගේ මුන්ද කියන එව්වට.... මේකා කට ඇරියොත් කියන්නෙ බොරුවක්...කළොත් බාලාපරාධයක්... දුන්නොත් ලණු, නෙවෙයි ගැට පිටින් කඹ.... :O :O
Delete@ ඕනය,
ඔන්න ඔය කරෝල වාඩියට වෙලා කට පියාන හිටු..... &*%$#
හපෝයි. පවෙන් බාගයක් මියුරුට තමයි.
ReplyDeleteඅත්තම්ම ඒ පවෙන් මිදෙනව නම් ඔක්කොම පව් මං භාර ගන්නව රාජ්...
Deleteඇත්තමයි.....
ගමේ විස්තරේ නං මරේ මරු. අන්තිම පිඹුරු කතාව නයෙක් හෙම නෙවි නේද ? :-))
ReplyDeleteඅනේ නෑ ඔබා මාමෙ... ඌව දැකපු ගමේ මිනිස්සු තමා කිව්වෙ එහෙම.... ඒකා හරිම මහතයි... ගොඩක් දිගයි.... අත්තම්මටයි මාමටයි ගෝනියට ඔක්කොම එකතු කරගන්නත් බැරි උනා... බාගයක් පස්සෙන් ඇදි ඇදි තමයි කන්දෙන් පහළට අරන් ආවෙ.....
Deleteඉතින් අනේ ඔයාලගෙ පොඩි කාලෙ සිද්ද වෙච්චි ලස්සන ලස්සන කතන්දරත් ඇතිනෙ... ලියන්නකො ටිකක් අපටත් කියවන්න.... :D
penimul,peni hakuru, kiri, thriposha, thalapa hadagena aththamma niwaduwata balan inna heti ... donga , mora gedi kaapuwa mathak unaama harima dukai....
ReplyDeleteඔයාටත් තවම මතකද? අනේ ඒ කාලෙට ආපහු යන්න ඇත්තං කියල හිතුනෙ එක සැරයක් නෙවේ....
Deleteනිකං බොරු කියන්න එපා මෙයා . . . ඔයා පිඹුරට උඩිං පැන්න ගමං අත්තම්මගෙං ඇහුවෙ . . . අත්තම්මෙ . . . කොහොමද මගෙ "ජම්ප් එක" ?? කියල නේද ???
ReplyDeleteෂ්..ෂ්...ෂ්... කෑගහන්න එපා... කස්ටියට ඇහේවි....
Deleteකොහොමද මෙයා හරියටම දැනගත්තෙ.....? :D
මං ඒත් බැලුව මොකෝ මේ පරක්කු කියල... මේ දවස්වල බිසීද...?
පව් අහිංසක පිඹුරා....
ReplyDeleteආන්නන්න බලන්න... ඔයාට දුක හිතුනෙ පිඹුර ගැන.. එතකොට උගේ අර කට ඇතුල් පැත්තට නැවිල තියෙන දත් සැට් එකට මගේ කුකුල් අණඩක් විතර තිබ්බ කකුළක් හෙම අහු උනා නම්.... :O
Deleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට.... :D
හරි ඉතින් දැන් එහෙම වුනේ නෑනෙ,
Deleteඑහෙම කරන්නවත් හිතුවෙ නෑනෙ පිඹුර,
දැක්ක මැරුවා,
උට නිදහසට කරුණු නෑ,
නඩු විභාග නෑ,
දුටු තැන මරණු!
එහෙම තමයි දෙමව්පියො අත්තම්මල සීයල.... දරු මුණුබුරො වෙනුවෙන් ඊට වැඩිය දේවලුත් කරනව... මම උනත් මගෙ දරුවෙක් ගැවසෙන අහල පහල සර්පයෙක් ඉන්නව දැක්කොත් නඩු විභාග තියල උගෙන් නිදහසට කරුණු අහ අහ ඉන්නෙ නෑ අප්පා.... :D
Delete