
ඔය කාලෙ තමයි මං ජීවිතේටම වැඩිපුරම ගල් වැලි කෑවෙ බතුත් එක්ක... ඇන්ටිගෙ හාල් ගැරිල්ල ආච්චිට හාල් ගැරිල්ලක්... මගේ අතේ සල්ලි තිබ්බ නිසා මමයි, කාමරේ හිටපු යාළුවෙක් වුනු ඩිලානියි දෙන්නා සමහර දවස්වලට හවසට එළියට ගිහින් කඩේකින් මොනව හරි කාල එනව... ඒ වගේම බිස්කට්, කේක්, චොකලට් වගේ ජාති අනිත් උන්ට හොරෙන් තියාගෙන කාමරේ දොර වහගෙන කෑවා... ඇයි යකෝ බෙදනව කියල කී දෙනෙකුට බෙදන්නද... කාපු චොකලට් ගාන බලා ගත්තැකි මගේ ඇඳ දිහා බැලුවම... ඒ කාලෙ චොකලට් හැම එකටම වගේ ස්ටිකර් හම්බුවෙනවනෙ... අපරාදෙනෙ අය්යො නිකම් හම්බුවෙන එක උනාට ඕව විසි කරන එක... ඉතින් ඕවා අලවලා අලවලා ඇඳ වැහිලා ස්ටිකර් වලින්... අම්මා මං බලන්න ආවම හැමදාම කම්මුලේ අත තියාගන්නව ඕක දැකලා... ඇයි ඉතින් එන එන සැරේට සංඛ්‍යාව වැඩි වෙලානෙ...
ඒ කියද්දි තව කතාවක් මතක් වුණා... ඔය කාලෙ මගේ මහ පෙරේත කෑමක් තිබුණා ගෙදර ඉන්දැද්දි කන... ඒ පිටිකිරි බෝතලේට බහින එක... අම්මට හොරෙන් පිටි ටිකක් අල්ලට හලාගෙන සීනි ඩිංගකුත් දාලා කලවම් කරගෙන කොහෙන් හරි හැංගිලා ඕක කනව... හොරෙන් කරන්න ඕන නැත්නම් අම්මා පලු යන්න බැණ බැණ පිටි බෝතලේ හංගනව... කොහේ හරි අස්සක වාඩිවෙලා කට වටේ පිටි ගාගෙන අල්ල උලා කන මාව සමහර වෙලාවට නංගිලාට අහුවෙනව... උන් ඔළුව දෙපැත්තට වනන්නෙ දෙඤ්ඤං කියන්න වගේ... මං ඉක්මනටම අතේ තියෙන ඔක්කොම කටට හලාගන්නව...
'ඉන්නවකො කියන්න අම්මට...'
'කෑනුගහ හිටු...'
'අම්මෙ, මෙන්නෝ අක්කා....'
මං ඉතින් ඇලෙන අල්ල ගවුමෙ පිහිදදා දුවනව පළාතක නොහිට....
එක දවසක් ඩිලානි අපේ ගෙදර ගිය වෙලාවක මං හොරෙන් ඔය වැඩේ කරනව එයාට අහුවුණා... ආපහු බෝඩිමට ඇවිල්ලා කඩේ ගිය දවසක එයා කිරිපිටි පෙට්ටියකුයි සීනි වගයකුයි ගෙනැත් පත්තර කොළයක් දිග ඇරලා, අර ඔක්කොම ඒකට හලලා, හැන්දක් අරන් අනලා මට දුන්නා 'ඉඳා කාපිය... පෙරේතකම යනකම්' කියලා... මාත් ඇන්නෑවයි කියලා පුළුවන් තරම් කෑව... ඔක්කොම කන්න පුළුවන් උනේ නෑ... පස්සෙන්දා බඩ ගියා... ඒකට මොකෝ... අරක කාලනෙ... එහෙමෙයි කියලා ඒ කෙරුවාව නැවතුනේ නෑ... කසාද බැන්දට පස්සෙත් ඔහොම කරනව බලන් ඉඳලා මනූ 'ඊව්' ගාලා අනිත් පැත්තට හැරෙනවා දකිනකොටත් අප්පිරියයි කියල... ආයෙ මට මොකෝ... එයාගෙ ඊව් එක මගේ මූණෙ ඇලවෙනවය... මං කෑව... දරුවො ඉන්දැද්දි හිට... පස්සෙ පොඩි උනුත් ඉල්ලන්න ගත්තම උන්ටත් හදල දුන්න මනූට හොරෙන්... ඒත් උන් වැඩේ චකබ්ලාස් කරගත්තනෙ මං නැතුව ඕක කරන්න ගිහිල්ල... ඒක දැකල කේන්ති ගිය පාර 'හිටු අම්මල දුවලගෙ පෙරේත වැඩ නතර කරන්න මං' කියල පිටිබෝතලේම හැලුවා බින් එකට... එදායින් එදා අපේ ගෙදරට ප්ලාස්ටික් බෝතලේ තියෙන දියර කුක්කු මිසක් කිරිපිටි ගේන්නෙ නැහැ නෙව... ඉහි...ඉහි...ඉහි...
ආයෙම කතාවට... එක දවසක් ඩිලානියි මමයි කලින්ම ලක ලෑස්තිවෙලා ගියා නුගේගොඩට... අපි ගියේ හදිසියේම ෆලූඩා බොන්න පෙරේතකමක් පහළ වෙලා... ඉස්සර රොටරියේ පන්ති යන කාලෙ ඔය විසාකාමාල්ස් එක යට තිබ්බ කඩේකින් රසම රස ෆලූඩා බිව්ව වග මතක් කරපුවම තමයි ඔය දොළදුක පහළ උනේ... කඩේ නම නම් මට මතක නැහැනෙ... මොකක්ද 'ගිරියක්' කියල ළාවට මතකයක් තියෙනව... ෂුවර් නෑ... දැන් නම් ඒක නැතුව ඇති... ඒ කාලෙ විසාකාමාල්ස් යනව කිව්වමත් කෙල්ලො එන්නෙ පැනගෙන... ඒකෙ හිටිය ලස්සන කොල්ලෙක්... හෙන හැන්ඩියෙක්... ඌව බලන්න... කොණ්ඩ කට්ටක් ගන්නත් ගියේ විසාකාමාල්ස්... අහ්ම්... ඒකෙන් කමක් නෑ... දැන් ආයෙ කතාවට... ඉතින් අපි දෙන්නත් කස ඇටත් එක්ක රසම රස ෆලූඩා බීලා බඩයි හිතයි දෙකමත් පුරෝගෙන ආපහු ආවා බෝගහ හන්දියට, බෝඩිමට යන්න බස් එක ගන්න... ඒ දවස්වල ඔතන තිබුණු කඩ පේලිය ඉස්සරහ අටව ගත්තු තාවකාලික කඩ, ලඩ කිහිපයක් තිබ්බ... ඒ අස්සෙ සරුවට දුවපු පත්තර ලෑල්ලකුත් තිබ්බා... මේක ඔය අනිත් පත්තර ලෑලි වගේ එළියෙ දාගෙන තිබ්බ එකක් නෙවේ... තුන් පැත්තකින් වහලයි තිබ්බෙ... විවෘත පැත්තත් තිබ්බෙ බෝ ගහ දිහාට හරවල... ඕක දැකපු ගමන් ඩිලානිට ඕන උනා පත්තරයක් ගන්න... මං හිටිය තැනම ඉන්දැද්දි එයා ගියා පත්තර ලෑල්ල ලඟට... ටික වෙලාවකින් මෙන්න ගෑණි එනව කට කණේ තියාගෙන...
'මොකෝ...?' මං ඇහුව...
'ඒයි බං... එතැන මාර පත්තර වගයක් තියෙනවනෙ...'
'මොනවද...?' එක සැරේම මුකුත් හිතාගන්න බැරිවුනු පාර මං ඇහුව...
'අසුවල් පත්තර...' ගෑණි ඇඟිලි තුඩුවලින් ඉස්සිලා අතින් කට වහගෙන මගේ කණට ලං කොරල කිව්ව...
'එහෙනම් එතෙන්ට යන්නෙ නැතුව මෙහාට වෙලා හිටු... ලැජ්ජාවෙ බෑ... කවුරුවත් දැක්කද දන්නෙ නෑ උඹ එතෙන්ට යනව...' මං හෙමින් සැරේ වටපිට බැලුව කවුරුවත් අපි දිහා බලන් ඉන්නවද කියල...
'අපිත් ගනිමුද එකක්...'
මං ඩිලානි දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන...
'උඹට පිස්සුද...?'
'අනේ... අනේ... අනේ...'
'මේ... උඹට ඕනෙම නං ගිහින් ගනින්... හැබැයි ඕක අරගෙන මං ළඟට නම් එන්න එපා... උඹ ඊළඟ බස් එකේ නැගල බෝඩිමට වරෙන්...'
මගේ කටින් පිටවෙලා ඉවර වෙන්නවත් හම්බු වුනේ නෑ ඩිලානි පත්තර මැස්ස අස්සෙ... මට ඉන්න බෑ ලැජ්ජාවෙ...
මේං ටික වෙලාවකින් ඒකි එනව පත්තරේකුත් අරන්... මං ගාවට එන්නෙ... හපොයි... එතකොටම බස් එකක් ආව... බෝඩ් එක බැලුවෙත් නෑ, නැග්ග බස් එකට, මෙයා කරපු වැඩේ කවුරු හරි දකින්න ඇති කියන ලැජ්ජාවටම... මං එක්කම කඩිමුඩියෙ බස් එකට නැග්ග ඩිලානියි මායි ෆුට්බෝඩ් එකේදි උරහිස් හප්පගෙන ඒකෙ හිරවෙලා හෙන ජංජාලයයි නගින්න ගිහිල්ල... දෙන්නටම ඕන උනේ පුළුවන් ඉක්මනට එතැනින් චුත වෙලා යන්න... බස් එකේ පස්සෙම සීට් එකෙන් ඉඳගත්තට පස්සෙ තමයි මං ඩිලානිගෙ අතේ තිබ්බ පත්තරේ දිහා බැලුවෙ...ඉස්ටයිල් එකට අරන් ගිය හුණ්ඩු බෑග් දෙකක් කරේ එල්ලන් හිටිය හින්දා අරක ඒවට ඔබාගන්න විදියකුත් නෑ... මං හොඳට බැලුව පත්තරේ දිහා මොකුත් පේනවද කියල.... ඒකිගෙ අතේ තිබ්බෙ දිනපතා පත්තරයක්... මට හිනාවක් ගියා...
'ඕකද උඹ ඔය කිව්ව මහ ලොකු පත්තරේ...?' මං ඇහුව...
'නෑ බං.... පත්තර කඩේ මනුස්සය අසුවල් පත්තරේ මේක ඇතුලට දාල කාටවත් නොපෙනෙන විදියටයි දුන්නෙ....'
'මිස් කොහාටද...?' එතකොටම ඇහුනෙ කොන්දගෙ සද්දෙ...
අවශ්‍ය සල්ලි දීල යන්න ඕන තැන කිව්වම කොන්ද කියනව, 'අයියෝ බෝඩ් එක බලල නෙවේද බස් එකට නැග්ගෙ... මේ බස් එක මගින් හරවනවනෙ.... බහින්න... බහින්න...'
ෂිහ්... බස් එකේ මිනිස්සු අපි දිහා බලනව හිනාවෙවී නක්කලේට වගේ... ඩිලානි පණ ඇරගෙන හිනාවෙනව... මදැයි එක ලැජ්ජාවක් වහගන්න ගිහින් වෙච්ච දේ... ඊළඟ හෝල්ට් එකෙන් අපි බැස්ස පණ යනකම් හිනාවෙවී.... අපි දෙන්නට හිනාව නවත්ත ගන්නම සෑහෙන වෙලාවක් ගියා...
කොහොම හරි ඔය අලකලංචි මැද්දෙ බෝඩිමට ආපු ගමන් අපි දෙන්නට ඕන උනේ පත්තරේ බලන්න... ගන්න එපා කිව්වට ගත්තට පස්සෙ ඕක නොබල ඉන්න පුළුවන්යැ... කාමරේට ගිය ගමන් දඩාස් ගාල දොර වහල බෑග් දෙකත් විසි කරල පත්තරේ අරන් ඇඳට වෙච්ච අපි දෙන්නා දිහා අනිත් උන් දෙන්න බැලුවෙ ඇස් ලොකු කරගෙන...
'කවුරුවත් උඹල දෙන්නව පන්නං ආවද...?' එකෙක් ඇහුව...
ඔහෙ ඕන දෙයක් අහපුවාවෙ... කාටද වෙලා තියෙන්නෙ ඕවට උත්තර දෙන්න...
'ගනින් ඕක ඉක්මනට...'
ඩිලානි 'ටඩා!' කියල ලොකු පත්තරේ අස්සෙන් පොඩි පත්තරේ එළියට ගත්තෙ මැජික් එකකින් වගේ...
'මොකක්ද යකෝ ඒ...' කියාගෙන අනිත් උන් දෙන්නත් අපි හිටිය තැනට වැහුවෙ ඒකෙ මුල් පිටුව දැකල...
'ආයිෂ් අප්ප... සීනි බනිස්!' එකියක් කිව්වෙ කට කණේ තියං.... 'උඹල කොහොමද බං මේක ගත්තෙ...'
ඒකි තනියම කතා කරනව... හතර දෙනාම ඇඳ උඩ නැගලා ඩිලානිගෙ උරහිස උඩිනුයි, ඔළුවට උඩිනුයි පත්තරේට නැමිල...
'මේ වැඩේ ඔහොම හරියන්නෑ...' පොදුවේ ටික වෙලාවක් ඒක බලපු මං කිව්වා... 'දීපං කෑල්ලක් මෙහෙට...'
මං පිටු දෙකක් ගත්තම අනිත් උනුත් ඉතුරු පිටු ටික බෙදාගත්ත...
අයියෝ... සමහර පැණි වෑහෙන කතාවල අනිත් කොටහ වෙන කෑල්ලක...
'කාගෙ ළඟද හතරවෙනි පිටුව...'
'මෙහේ... මං බලල ඉවරවෙලා දෙන්නම්...'
'මේං...' ඩිලානි ඉන්නව මැද පිටුව අපට පේන්න උස්සගෙන...
අපි මැරන්න හිනාවුණා ඒකෙ හිටපු අක්කගෙ පින්තූරෙ බලලා... ඒක බිත්තියේ අලෝගන්න පුළුවන් විදියට දීපු එකක්...
'දැං ඉතින් ඕක අලෝගනින් බිත්තියේ උඹෙ ඇඳට උඩින්...' මං ඩිලානිට කිව්ව...
'උඹ හිතුවද මාත් උඹ වගේ කියල දකින දකින එක අලෝගන්න... ගහපං මේක ඔය මෙට්ටෙ අස්සෙ... කවුරුවත් දැක්කොත් රෙදි නැතුව තමයි යන්න වෙන්නෙ...'
අන්තිමට කොහොම හරි එදා රෑ නිදාගන්නකම්ම කළේ මේ ජාති පත්තරේ කියෝපු එක...
ඊට පස්සෙන්දා වැඩට යනකොට මං ඕක හංගල ගියේ, හැමෝම කියවල ඉවර කරපු හින්ද... ඒත් මං වැඩ ඇරිල එනකොට මෙන්න බොලේ කාමරේ ඉස්සරහ පෝලිමයි... මට වැඳගෙන ඉන්නව කට්ටිය 'අනේ බුදු අක්කේ' කියාගෙන...
'මේ මොකද...?' මං ඇහුවෙ පුදුමයෙන්...
'අර...අර...අරක...'
'මොන අරකද...?'
'අර පත්තරේ...' එකෙක් මූණ හදාගෙන කිව්ව...
'මොන පත්තරයක්ද...?'
හනේ මගෙ රූමල ටික... මුන් කොහොම හරි ඒක ගැන අනිත් උන්නෙ කණේ තියල... දැන් මේ වැඳගෙන ඉන්නෙ ඒක ගන්න, ඉස්කෝලෙ යන කෙල්ලො ටික... මුලදි බෑ බෑ කිව්වට පස්සෙ මට මං ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච සිද්දියකුත් මතක් වෙච්ච හින්ද ඕං ඔහේ උන්ටත් දුන්න... අන්තිමට ඒක සතියක් විතර බෝඩිම වටේම ගියා... මං හෙන බයේ හිටියෙ ඇන්ටිලට මාට්ටු වෙයි කියල... දෙය්යන්ගෙ පිහිටෙන් එහෙම වෙන්නෙ නැතුව සතියකින් විතර මගේ අතට ආපහු ආව පත්තරේ රොඩ්ඩ...
හික් පස්ටයි බොඩිම් නම් වෙලාවකට නියම ජිවිතයක් ..එ අත්දැකීම් තමා හොදම ;)))
ReplyDeleteබෝඩිම්වල විවිධාකාර චරිත ඉන්න නිසා නියම අත්දැකීම් ටිකක් ලැබෙනව නේද සහෝදර... :D
Deleteවිනයගරුක ළමයි දෙන්නෙක්! :D :P
ReplyDeleteඅනේ ඔව් අලියො... අපි එහෙමයි පුංචි කාලෙ ඉඳලම හැදුනෙ... :D :P
Deleteහම්මේ... මං හිතන්නෙ දැං නංඔය වගේ ජාති පත්තර එන්නෙ නෑ... හික්ස්...
ReplyDeleteම්ම්ම්... මාත් කාලයක් බෝඩිමක හිටිය.. ඒත් ඔය තරං ෆන් නං නෑ... ඇන්ටිගෙ කෑම එක නං මෙලෝ රහකට නැතිව තිබ්බ... මතක් වෙද්දිත් බඩ දගලනව...
පිටිත් එකක් සීනී කාල නෑ... ඒත් අපේ උන්නෙ ඒ වගේ වැඩක් ගැන අත් දැකීමක් තියෙනව... උං මගෙ බොග බලන්නැති හංද දැංමනං හරි...
හිටුකො ඊළග පාර ඒක දාන්න මාත්
හෑ... ඇත්තටම එන්නෙ නැද්ද... ඕව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම කට්ටියගෙ අධ්‍යාපන ප්‍රකාශන... ෂෙහ්... සෑහෙන පාඩුවක්නෙ... හැබයි එහෙමත් කියල නෑ... දැන් වෙබ් අඩවි තියෙනවනෙ... දවසට කෝටියක් බලන්න බැරිවයැ... ඒකම වෙන්නැති සමහර වෙලාවට වඳ වෙලා යන්න ඇත්තෙ... දෑහින් බලාගන්න තියෙද්දි ආයෙ කියවන්න නහින්න ඕනයැ...
Deleteහප්පෝ... බෝඩිං කෑම ගැන නම් කතා කරන්නෙපා...
අන්න ලියන්න මහේෂ්... මොකෝ මරන්නයැ ලිව්වට පස්සෙ... නැද්ද මං අහන්නෙ...
මේ... අරව කාල නැත්තං මං කිව්වට කාල බලන්නකො රහ... :D
හී හී මම නම් ඉස්සර ඕවාට සල්ලි වියදම් කරන්නේ නෑ. ඉස්කෝලේ ඕවා ගිහින් ගන්න බය පොරවල් සල්ලි දෙනවා. මම ගිහින් අරගෙන කියවලා උන්ට දෙනවා. ඉස්සර පිටකොටුවේ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ පලතුරු කඩ ලග තියන කඩේකින් තමා ගත්තේ. ඒවා පොලීසියෙන් නැවැත්තුවාට පස්සේ මහරගම කාගිල්ස් එක ඉස්සරහා පත්තර විකුනන පෙට්ටි කඩයකිනුයි, පිලියන්දල සුපර් මාර්කට් එකේ පත්තර ලෑල්ලකිනුයි ගත්තා.
Deleteකොච්චර දෙයක්ද ඔයා වගේ යාළුවෙක් හිටිය එක ඔයාගෙ යාළුවන්ට, ඇනෝ... හැබැයි ඒ වැඩෙන් ඔයා කියවල ඉවර කරලම අනිත් උන්ට දෙන්න පුළුවන්... හාපෝ... අපට නම් මුළු පත්තරේම පිටු ටික එකට තියන් කියවන්න අවස්ථාවක් ගන්න සෑහෙන කාලයක් ගියා... :D
Deleteඅපේනම් පත්තරේ ආපහු හම්බවෙද්දි සිතියමුත් තියනව කහට පාටකින් ඇදපු
Deleteඇනෝ
Deleteඒ සිතියමේ ගද කොහොමද ???
අර ගිරිය තියෙන්නේ රේල් පාර ඉස්සරහම නේහ්..
ReplyDeleteවැඩක් නෑ මියුරු කියලා.. වැලි බත් නොකා මොන ජීවිතයක්ද??
ඒකට යන්න එච්චර එහාට යන්න ඕන නෑ දේශ්... ඔය විසාකාමාල්ස් එක තියෙන්නෙ ඉස්සර තිබ්බ තැනම නම් තවමත්, ඒකෙම පහළ තට්ටුවේ තමයි තිබ්බෙ... ඒ කාලෙ නළුවෙකුගෙ සැලූන් එකකුත් තිබ්බා විසාකාමාල්ස් එකට අල්ලලා, 'The Orange' කියලා... තවමත් තියෙනවද මන්දා...
Deleteවැලි බත් අත්දැකීමකුත් තියෙන්නම ඕන ජීවිතේට, නැද්ද... :D
ලාල් වීරසිංහ කියන නළුවාගේ නේද?
Deleteඅන්න හරි අරූ... මං ඔය නම මතක් කරගන්න දැඟලුව, බැරි වුණා... වැඩකට නැති නළුවෙක්... විජය වෙන්න දැඟලුවෙ... තවම රඟපානවද...?
Deleteදැන් නම් අහන්නවත් නැහැ. ඔය වගේම එහෙටත් නැති මෙහෙටත් නැති බුවෙක් ආවා බන්දුල දිසානායක කියලා ඔන්න ඔහේ කොහෙද නැවකින් බැහැලා. හැබැයි උන්ම වියදම් කරලා උන්ම රඟපෑවා. සල්ලි තිබුනා නම් අපිත් නළුවෝ...පුහ්!
Deleteලාල් වීරසිංහත් එයාම ෆිල්ම්ස් හැදුව නේද... මල් ගස් වටේ කැරකි කැරකි, විජය විදියට ඇවිදින්න හද හදා... අනුෂා කියල ගර්ල් කෙනෙක් බැඳල හිටියෙ...
Delete//සල්ලි තිබුනා නම් අපිත් නළුවෝ...පුහ්!// :D :D
අප්පට සිරි අපේ ලාල් අයියගේද.. ලාල් හෙන කුකුලා... ඒ දවස් වල රාජගිරියේ එනවා අපේ ලොකු තාත්තලයි ගෙදර.. අපි දන්නෑ.. මිනිහා රෑට ඇවිත් උදේට යනවා.. තනියම නං නෙමෙයි..
Deleteඅනූෂා..??????
Deleteලාල් බැන්දේ ඩිලානි අබේවර්ධනව නේද..? ඩබල ඇමරිකාවේ කියලයි අන්තිමට අහන්න ලැබුනේනං.. මේ මෑතකදී දුවගේ පාටෝ වගයක් ගොසිප් සයිට් වල ගියා...
බන්ධුල නේද අර කරත්ත රෝදයක් කර ගහං පෝස්ටර්වල හිටියේ...
@ දේශක,
Deleteමං ඒකා ගැන ටිකක් දන්නව... ඒ කාලෙ මං නැවතිලා හිටපු බෝඩිමක් නොවුනු යාළුවෙකුගෙ ගෙදර ඉඳ හිට එනවා පවුලම... එයාලගෙ නෑයො... ඒකාලෙත් හැමෝම දන්නව මිනිහගෙ හැටි... කවුරුවත් එච්චර කැමති නෑ පොරට... වයිෆ්ට අනුකම්පා කළා.. මං දකිනකොට දෙවෙනි දරුව හම්බුවෙලා හිටියෙ...
@ මාරයා,
Deleteනෑ මාරයෝ... ඩිලානි බැන්දෙ සමන් පුෂ්පවර්ණ කියල ගායකයෙක්ව... මේ ඔයා කියපු විස්තරේ... ඒකෙ තියෙනව හස්බන්ඩගෙ නමයි පින්තූරෙකුයි...
http://www.gossiplanka-news.net/2014/02/dilani-abeywardanes-daughter-photo.html
ලාල් කියන්නෙ නළු බට්ටෙක්... මේ මෑතකදි 'පතිනි' කියල ටෙලියක රඟපෑවා කියල විස්තරයක් මං වෙබ් එකේ දැක්ක... දිල්හානි එක්ක තමයි වැඩිපුර චිත්‍රපටිවල රඟපෑවෙ මට මතක විදියට... මේ තියෙන්නෙ උන්දැගෙ පින්තූරයක්... බැලුවොත් ඔයාට මතක් වේවි...
http://www.films.lk/uploads/photos/artists/Lal-Weerasinghe2397.jpg
මාරයෝ.........ඩිලානි හොඳ ඇක්ටින්ග් බන්. එයා බැන්දේ මල්කාද (සමන්)මොකෙක්ද කියලා ඉස්සර හිටියේ සින්දු කියපු බුවෙක්. අන්න ඌව.
Deleteඅන්න හරි කරත්ත රෝදයක් උස්සන් හිටියා තමයි හන්දියේ කටවුට් එකක. පොරත් යාන්තම් විජේ වගේ.
ලාල් වීරසිංහ බැන්දලා හිටියෙ අනූශා කියලා නල්ලමලේ එකක්. දැන් මාලබෙ තියනව සලූන් එක
Deleteඅම්මපා ඔව් තමා..මගේ මෙමරි කාඩ් එක අවුල් වෙලා.. :D
Deleteලාල්ව දන්නවා.. ලාලුයි ශෂීයි දෙන්නම අතින් ගෙවලා රගපෑවා කියලා ඒ කාලෙත් ප්‍රසිද්ධයි.. දෙන්නම ඉතිං මෙලෝ රහක් නැහැ.. :D
අද තමයි යාන්තම් මතක් කරගත්තෙ කරත්ත රෝදයක් කරගහගෙන හිටපු හාදයව... ඔය ඔක්කොම විජය වගේ වෙන්න මහ ලොකුවට හදාගන්නෙ කොණ්ඩෙ තමයි ඉතින්...
Deleteශෂීගෙ රඟපෑමුත් එහෙම තමයි... ආගමට ගැලපෙන්නෑ කියල මිනිහ අයින් උනා සද්ද නැතුවම නේද... අපොයි මාරයෝ, මෙමරි කාඩ් නම් අවුල් කරගන්න එපා දැම්මම... අවුල් වේගෙන එනවම වගේ දැනෙනව නම් අරූ වගේ 'අවුල් වන්නට පෙර' කියල දාන්න දන්න කියන රෙසිපි ටික ඔක්කොම බ්ලොගේ... :D
@arugeadaviya
Deleteකරත්ත රෝදෙ උස්සගෙන හිටියෙ දමිත් ෆොන්සේක නේද ???
ඕනේ....මට හරියටම ෂුවර් නැහැ. බජාර් එකේ චන්ඩියාද කොහෙද ෆිල්ම් එක. දැල් බැනියමක් ගහලා රෝදේ උස්සන් හිටියේ. හැබැයි බේබි ෆේස් චන්ඩි. දමිත්ද මූද?
Deletehttps://www.youtube.com/watch?v=JocKS9gDX5k
Deleteමියුරු මෙයාව දන්නවාද බලන්න.
අනේ අප්පේ පොරගෙ දැන් හැටි... හැබැයි ඉතින් හිටියත් වැඩක් නැති හින්ද ඔහොම වෙච්ච එක එක අතකට හොඳයි.... බොහොම ස්තුතියි අරූ ලින්ක් එකට... මං මේක මීට කලින් දැකල තිබ්බෙ නෑ...
Deleteපත්තරේ ඉතුරු වෙලා තිබ්බද ? හරිනම් ආපහු එනකොට ඕක අල්ලන්න බැරි තරම් ගෙවිලා ....අනික බත් පොඩ්ඩක් නැතුව කොහොමටත් ඔයකාලේ ගල් වැලි විතරක් මටත් කන්න බෑ
ReplyDeleteතිබුණා රොඩ්ඩ... අත් වලටම දියවෙලා...
Delete//අනික බත් පොඩ්ඩක් නැතුව කොහොමටත් ඔයකාලේ ගල් වැලි විතරක් මටත් කන්න බෑ//
මටත් බෑනෙ... :D
ඔය පැත්ත පලාතකටවත් ඇවිත් නැතිවුනාට මට හිතෙන්නෙ අපි ඔක්කොගෙම ජීවිත එකිනෙකට සමානයි කියල. ඔබේ බෝඩිම මාව ආයෙත් මගේ බෝඩිමට යැව්වා. ඔය කාපු "වැලි බත්" මට අපේ බෝඩිමේ බත් එක මතක් කලා. ෆලූඩා එක අපි බිව්ව කල් කිරි බෝතල් ගාන මතක් කලා. ඔය කීව කඩේ මට දුල්සර එක මතක් කලා. හරිම අපූරුයි. මතකයන් සොඳුරුයි.
ReplyDeleteඔය වැලි බත් ලෙඩේ හැම බෝඩිමකම තිබුණද කොහෙද... එහෙම නැත්නම් හාල් ටිකක් ගරා ගන්න බැරි ඇන්ටිල තමයි බෝඩිම් කරන්නෙ... :D
Deleteබොහොම ස්තුතියි මනෝෂ්...
ඔය මහත්තයා මහියංගනේ කිව්වා නේද? ..දුල්සර එක තියෙන්නේ බදුල්ලෙනේ .
Deleteහෙහ් හෙහ් හෙහ්.... අපි බලපු පත්තර ගාන මං හිතන්නෙ...... ඒ කාලෙ ඕව බැලුවෙ නිකං ලංකාදීප බලනව වගේ. දවසක් අට වසරෙ ඉන්නකොට පත්තර පිටු දෙකක් දුන්න අපේ කෙල්ලො දෙන්නෙකුට. ඊයා කිය කිය ඔක්කොම බලලයි දුන්නෙ.
ReplyDeleteඅපිත් හතේ පන්තියෙ ඉන්න කාලෙ දවසක් ඔය වගේ මහානර්ඝ මැණිකක් හම්බ උනා... වෙච්චි දේ වෙන පෝස්ට් එකකින් කියන්නම්කො... :D
Deleteහී හී.. අපේ බෝඩිමටත් දවසක් ආවා ඔයින් පත්තර තුනක්.. පිටකොටුවෙදි අපේ කෙල්ලෙක් ගමේ යන්න බස් එකේ නැගලා ඉන්නකොට එක්කෙනෙක් විකිණුවලු පත්තර තුනම රුපියල් 20යි ද කොහෙද කියලා. මේකිත් කම්මැලිකමට කියවගෙන යන්න පුලුවන් නේ කියලා අරගෙන.. පස්සෙ කියවන්න බලද්දි ඔය අමුතු පත්තරේ ජාතියෙලු.. ඒපාර හංගගෙන ගෙනිහිල්ලා ආපහු එනකොට බෝඩිමට ගෙනැත්.. හී හී.. ආයෙ මොනාද බෝඩිමේ තියාගෙන කියෙවුවා අපිත්.. හිකිස්..
ReplyDeleteඒ... මාත් මේ කියන කාලෙ දවසක් ගෙදර යන්න පිටකොටුවෙන් බස් එකට නැග්ගම මිනිහෙක් අරන් ආවා ඔයා කියපු විදියටම... මම නම් ගත්තෙ නෑ, එතකොට මේ වැඩේ වෙලා තිබුණායින් පත්තරේ මුල් පිටුව දැක්ක ගමන්ම මොකක්ද කියලා තේරුනු නිසා... මං දැක්කෙ නෑ කවුරුවත් ගන්නවා... කම්මැලිකමට යනකම් කියවන්න කියල තමයි විකුණන්නෙ...
Deleteආයෙ මොනවද... දෙන දෙය්යො ළඟටම ගෙනැත් දීල තියෙන්නෙ ඔයාලට... යාළුවා බස් එකේදි පත්තර ගන්නකොට දන්නෝ කෙසේ ප්‍රතිචාර දැක් වූවද දන්නෙ නෑ... :D
අනූ ගනන්වල අන්තිම කාලෙ පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ ඔය පත්තර වික්කෙ බස් අස්සෙ හැංගිලා ඉදගෙන පන්ති යන කෙල්ලො, නිවාඩු යන ආමි එකේ අය වගේ කට්ටිය ඒ කිට්ටුවෙන් යද්දි ශේප් එකේ ලගට ඇවිත් ඇහෙන නෑහෙන ගානට "බ්ලූ පොතක්, පත්තරයක්" කියල.
Deleteනෑ..! මෙහෙම කතාවක් ඇහුවමයි... පන්ති යන කෙල්ලො...!!
Deleteමෙහෙමත් කතා
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ස්තුතියි නෙතින් එහා... ඇවිත් බලන්නම්...
Deleteහපොයි මෙහෙමත් පෙරේතියෙක්....
ReplyDeleteඅතීතෙට දුවලා ගියා 'පත්තර' කතාව දැකලා හී..හී...
අම්මෝ ඒ කාලේ කරපු වැඩ...
පෙරේතකම් ගැන නම් කියල වැඩක් නෑ සන්තෝ....
Deleteඒ කියන්නෙ පොඩ්ඩිත් පොඩි කාලෙ දීල තියෙනව වැඩේ... මෙහේ නම් ඔය ගොඩක් පොත් කඩ වලින් ගන්න පුළුවන්නෙ... එහෙම ඒවා කරපු නිසානෙ අද මේ මතක් කරලා හිනාවෙන්නෙ, නැද්ද... :D
මගේ කමෙන්ට් එක එකපාරටම පැන්නා...කොහේ ගියාද මන්දා...:(
ReplyDeleteඅඩේ ... මටත් ඕකම උනා අප්පා... අය්යෝ... කලින් ලිව්වේ මොනාද කියලා මතකත් නැහැ :-(
Deleteඔන්න පැනල ගිහින් උඩින් මතුවෙලා තියෙන්නෙ පොඩ්ඩි...
Deleteදුක් වෙන්න එපා උපේක්ෂා ඔයා ඉන්නව යට... මේකෙ කමෙන්ට්ස් මොඩරේට් කරලා තියෙන්නෙ... සොරි වෙන්නෝන...
මටත් මෙහෙමම උනා.. මගෙ කමෙන්ට් එක නම් නැත්තටම නෑ වගේ..
Delete…
…මේ බ්ලොගයේ විතරක් නෙමෙයි මේ ටිකේ බ්ලොග් කීපයකදීම මේ දේ සිද්ධ උනා..
ඔයාගෙ කමෙන්ට් එක නම් ස්පෑම් එකේ තිබ්බෙත් නෑ හරී... මටත් එක සැරයක් එහෙම උනා සිංහල රාජ්ගෙ බ්ලොග් එකේදි... බලන් හිටියා ස්පෑම් එකේ තිබිලවත් එළියට දාවිද කියල... පල උනේ නැති නිසා හිතා ගත්තා ගූගලය ගිල්ල තමයි කියල...
Delete;-D
ReplyDeleteමේකට හරියටම අදාල නොවුනත්...
ReplyDeleteඅර පිටි-සිනි කාපු එක ලියල තිබ්බම මාව නලියන්න ගත්තා අප්පා... මොකද මමත් ඔය වැඩේ ජයටම කරපු කෙනෙක්.! පිටි සිනි කලවම් කරලා , පිරිසියකට දාලා මමත් මියුරු වගේම හැංගිලා තමයි කන්නේ.. ගොඩක් වෙලාවට පැන්ට්‍රියේ මුල්ලේ... කවුරුහරි එනකොටම පැන්ට්‍රියේ දොරක් ඇරලා ඒකෙ අස්සෙන් තියල දුවගෙන යනවා පන කඩාගෙන... අපෝ සමහර දවස් වලට ඉතුරු ටික කන්න අපේ අම්මම තමයි මතක් කරන්නේ... මොකද ඒකට කුඹි වහලා පළාතම ගන්න දෙයක් නැති උනහම ඉබේම මාට්ටු වෙන හින්ද... මම අම්ම නම් පතුරු ගහනවා.. හි හි... පුදුමේ කියන්නේ පොඩ්ඩක් දොස් කියනවා ඇරෙන්න කිසි අවුලක් උනේ නැහැ. ආච්චිට අහු උනොත් නම් ඉතින් කන් කරච්චලේ!!!
පත්තර කතාව නම්.... පිස්සු හොඳ එක!!!
මොකද අදාල නොවෙන්නෙ අනේ...
Deleteඅහන්නත් සංතෝසයි අප්පා... මං වගේ තව එක්කෙනෙක් ඉන්නව කිව්වම... පෙන්නන්න ඕන මේක අපේ අම්මටයි මනූටයි... එයාල හිතන් ඉන්නෙ මං විතරයි ඔය ජාතියෙ එක්කෙනෙක් ඉන්නෙ කියල...
මේ පත්තරයක් හින්ද පිටි කේස් එක මටත් අමතක උනා. මගෙත් ප්‍රියතම කෑමක් තමයි පිටි විත් සීනි. අම්මට හොරාට කාල අහුවෙලා බැනුම් අහපු දවසක කිව්ව මට උදේට නිකං තේ දීල ටී එකට දාන පිටි ටික අතට දෙන්න කියලත්.
Deleteමේ ඉන්නෙ ක්ලබ් එකට තවත් එක්කෙනෙක්... අපේ අම්මා මට ඇත්තටම ඔහොම කරල තියෙනව රාජ්... හික්ස්...
Deleteඅලේ අම්මපා මටත් පාසල් කාලය මතක් වුණා. පන්තියේ හැම එකාම රැපියල ගානේ දාල තමා පතිපතිනි කියන සගරාව ගත්තේ ඒ කාලේ.......
ReplyDeleteමටත් මතකයි ඔය පතිපතිනි එක... ඒකද මන්දා අපට ඉස්කෝලෙ යන කාලෙ මාට්ටු උනේ... එ කාලෙ සිරිකත පත්තරෙත් ඔයිට දෙවෙනි නැහැනෙ... අපේ එකියක් හිටියා ඉස්කෝලෙ එනකොට පත්තරේ අරන් එන... අපේ අම්ම ඒක ගන්න එක නවත්තල දැම්මා ඒක සිරිකත නෙවේ 'හිරිකිත' කියල... අනේ මට නම් ඒකෙන් පාඩුවක් උනේ නෑ දෙය්යනේ කියල... :D
Deleteගිරක් කොහොම වෙතත් උදෙසිරිය නම් තිබ්බා නුගේගොඩ අපි පොඩ්ඩක් සප්පායම් වෙන්ඩ යනව නේව ඔයපැත්තට ඉස්සර හවහට හික්ස් සිඩි නැතිකාලේ ඩෙක්පීස් උස්සගෙන ඔව්ව බලන්න කටුකන කාලේ අපිත් වැඩිපුරම බැලුවේ ඔය දිනපතා පත්තර තමා ඉතින් හික්ස්..!!!
ReplyDeleteඋදේසිරියක් ගැන මට මතක නෑ රාජ්... එතැනත් ෆලූඩා විකිණුවද...? රස......ම රස එව්වා...?
Deleteඔය ඩෙක් පීස් ගැන නම් කියලම වැඩක් නෑ... මේකට කියන හරිම උපහැරනෙ කියන්න ගියොත් මට වසන්න හම්බ වෙන්නෙ නෑ... ඒ නිසා මෙහෙම කියන්නම්... අපට උනේ පිඟානට දාලා අනල දුන්නම ඉඳා කාහං කියල, බත් කට කටට හලාගන්න පින නැති වෙච්චි එක... මොකෙක්ම හරි හෙනහුරෙක් කඩා පාත් වෙනව... :D
ඩෙක් එකේ කවර් එකත් ගලවගන සර්ජිකල් ස්පිරිට් කුප්පියකුයි පුළුං ටකකුයි ළග තියනම තමා අපි ඔය වැඩේ ඒ කාලේ කොළේ.
Deleteඅය්යෝ... ඔය කියනකොටයි මතක් උනේ... ඒවයෙ පුස්ද කොහෙද බැඳිලා පේන්නෙ නැතුව යනවනෙ... මළ වදයක් තමයි ඒක...
Deleteඩෙක් පීස් බලද්දි තියන ලොකුම අවුල තමා තාත්ත බලල නවත්තපු තැනටම ආපහු ගේන එක. (අපේ ඩෙක් එකේ කවුන්ටරේ කැඩිල තිබ්බෙ)
Deleteඔයා කියපු අර කෑම එක බෙදල අතට දෙන සීන් එක කිවුවාම මතක් උනේ, මට ඒ ලෙවල් කරනකාලෙ බරපතල චෑන්ස් එකක් වැදිල තිබ්බ නුගේගොඩ පැත්තෙ බාලිකාවක කෙල්ලො සෙට් එකකට ඔයිං පීස් සප්ලයි කරන්න සහ උං එක්කම ඒව බලන්න. අවසානෙ උං අවසරේ දුන්න තව එක කොල්ලෙක් එතෙන්ට එක්කං එන්න. මම විස්වාසදායී එක යාලුවෙක්ට කතා කලා. මූ එක්කං ආවෙ නැතැයි කොල්ලො 20ක් විතර . . . අන්තිමේ ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් බලල ආව එහෙන්. එදත් එදාමයි මගෙ ටිකට් එකත් කැන්සල්
හයියෝ... උඹ වගේ වන් මෑන් ෂෝ කරන එකෙක් අනාගෙන තියෙන්නෙ ඕනෙම නැති තැනකදිනෙ...
Delete//අන්තිමේ ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් බලල ආව එහෙන්. එදත් එදාමයි මගෙ ටිකට් එකත් කැන්සල්// :D :D
ආ මරුවැඩක් උනානේ ඉස්කොලේදි එතකොට අපි 10 වසරේද කොහේද අපේ විද්‍යව උගන්නපු ටීචර් අපිව ලැබ් එකට ගෙන්නගෙන හෙන ලෙච්චර් එකක් දෙනව ඔන්න දවසක් අපි දන්නැ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියල ටිකවෙලාවක් ගියාට පස්සේ අපිට යන්ඩ කිව්වා පොලිමේ අංශභාර ලොක්කගේ ඔෆිස් එක ගාවට අම්මට සිරි එතෙන්ට ගියහමයි දන්නේ පත්තරයක් අහුවෙලා කියලා හැබැ අපි එකෙක්වත් පාවල දුන්නෑ අන්තිමට හැමොටම ගුටි තැග්ග ගානේ දීලා ආපහු පන්තියට යැව්වා ඒකාලේ ශෙක්ෂන් එකේම තිබ්බ අසමත්ජාති පන්තිය අපේ එකකියලතමයි පරසිද්දවෙලා තිබ්බේ බලන්ඩ අප්පා තනිකරම පන්තිවාදය ආයේ වෙනමොකද්ද ඉතින් හික්ස්.. !!!
ReplyDeleteඒක නම් මරු හැබැයි... ආයෙ මොනව කියනවද, තනිකරම පන්තිවාදෙ...
Deleteඔය නසරානි වැඩ කරන උන් පාවල නොදුන්නම ගුරුවරුන්ට මාරෙට තද වෙනව නේද... අන්තිමට පන්ති පිටින් දඬුවම් විඳිනව... අපේ ඉස්කෝලෙ එහෙම ඒවට කළේ වැඩියම ලැජ්ජා හිතෙන ජාතියෙ දඬුවම් ලබාදෙන එක, මුළු පන්තියටම... කාල ඉන්න බෑ එතකොට... පාවල නොදුන්නට, කරපු එකා ඉස්තරම් විදියට අහගන්නව අරම ඉන්න ගමන්... :D
මටත් එකක් මතක් උනා. එක එකා බලබල හිටිය එකක් මිස් එන්න ඕන්න මෙන්න තියා මගේ ලඟට ආව. කරන්න දෙයක් නැති තැන මම ඒක නවල සාක්කුවෙ දාගනිද්දිම මිස්ට මාට්ටු උනා. එලියට ගන්න කිව්වත් මම සාක්කුවට අත දාල මොකුත් නෑ කියලයි කිව්වෙ. ඒ ගමන අපේ එකෙකුට කියල සාක්කුවට අත දැම්මෙව්ව. ඌත් කිව්ව මොකුත් නෑ කියල. සර් කෙනෙක් උනානං කරන වැඩේ දන්නව කියල සැර කරල වැඩේ අත්හැරල දැම්ම. ඒ වෙනකොට ටිකක් ඉහල පන්තිවල හිටියෙ.
Deleteපව් අනේ මිස්... එයා කොල්ලන්ගෙ සාක්කුවලට අත දාන්න ගියා නම් වෙන හරිය දන්නවනෙ... කොහොමත් ඒ දවස්වල කිව්වෙ ඔය සාක්කුවල පතුලෙ හිලක් තියෙනව කියල තමා... :D
Deleteඇත්තට රාජ්ගේ සාක්කුවට මිස් අත දැම්මා නම් මොකක් අහුවේවිද...:D ?
Delete@මනෝජ්
Deleteවෙන මොනව අහුවෙන්නද යතුරයි කීටැග් එකයි මිසක්ක
// ඒත් මං වැඩ ඇරිල එනකොට මෙන්න බොලේ කාමරේ ඉස්සරහ පෝලිමයි... මට වැඳගෙන ඉන්නව කට්ටිය 'අනේ බුදු අක්කේ' කියාගෙන...//
ReplyDeleteනියමෙට ලියලා තියෙනවා අෑ.වෙනදා වගේම තමා ඉතින් හිනා සාගරයයි.වැඩේ කියන්නෙ ඔයින් පත්තර අද වෙනකං කියවන්න හම්බුවෙලා නෑනේ...
හප්පා ගැමියා දැක්කකල්... මොකෝ කරන්නෙ මේ දවස්වල...?
Delete//වැඩේ කියන්නෙ ඔයින් පත්තර අද වෙනකං කියවන්න හම්බුවෙලා නෑනේ...//
අපෝ... එහෙනම් ජීවිතෙන් බාගයක් ඉවරයි කියල හිතාගං... ;D
ස්තුතියි ගැමියෝ...
ගැමියෝ ළණුවක් දෙන්නද එල්ලෙන්න....
Deleteඉතිං ඇත්තනෙ බොලව් කිව්වේ... මොන පත්තරද මං තුමා ඔව්වා ගැන දැනගන්නකොට ඔය පත්තරවල පොටෝකොපියක්වත් නෑ බේතකටවත්
Delete@Naleen අයියන්ඩි මියුරු අක්කගෙන් සාරියක් ඉල්ලලා ගෙනත් දියෝ.
මං තුමා ආයෙත් ටිකෙන් ටික බ්ලොග් කියවන්න පුරුදු වෙන ගමන්
ඇත්ත නේන්නම්... ඔයා මේ ඊයෙ පෙරේද ඉපදුනු හිච්චි එකානෙ...
Deleteගැමියට මගෙන් සාරියක් ගන්න බලන් හිටියොත් නම් මේ ආත්මෙ ඒ වැඩේ කොරගන්න ලැබෙන එකක් නෑ... මොකද මං සාරි ඇඳිල්ල නවත්තල අවුරුදු දහයකටත් වැඩියි... දැන් නම් බේතකටවත් සාරියක් නෑ අනේ මං ළඟ... :(
යකෝ බතුත් එක්ක ගල් වැලි දෙනවට අමතර ගානක් අය කලේ නැද්ද? උඹේ හිතේ වැලි කියුබ් එකක් කීයයි කියලද දැන් ලංකාවේ? වැස්ස කාලෙට මාරම ගනං. උඹල ඒකේ අගේ දන්නේ නැතුව ඔය.
ReplyDeleteඋඹ ඔය ඇඳේ ස්ටිකර් අලවනවා වගේම මම ඇපල් සහ දොඩම් ස්ටිකර් අලවනවා කුස්සියේ සින්ක් එක ගාව ටයිල් වල. දැන් එතන එක උඩ එක අලවන්න වෙන ගානට ස්ටිකර්. මම දවසක පින්තූරයක් දාන්න ඕනෙ.
උඹ අර කිරි පිටි කන විදියටම මමත් කනවනේ බං. මම නිකං කිරිපිටිත් කනවා, සීනි එක්කත් කනවා. මගේ යාලුවෙක් ඉන්නවා ජගත් කියලා ඌ ඔය කිරිපිටි සීනි මිශ්‍රණයට වතුර පොඩ්ඩ්ක් දාලා පාන් පෙති දෙකක් මැද්දට දාල කනව කිව්වාම උඹ විශ්වාශ කරනවද? මම මේක ජනූගේ බ්ලොගේ කමෙන්ට් එකකට දැම්මා දවසක්.
උඹ ඒ පත්තරේ ගැන කිව්වාම මට හිතට පුදුමාකාර සහනයක් දැනෙන්න ගත්තා.
අපේ ඇන්ටිත් කිව්වෙ අපි ගෙවන ගානෙ හැටියට එයාට දෙන්න පුළුවන් ඔච්චරයි කියල... ඒ උනාට ඒ කාලෙ දැන් තරම් ගනං නෑ....
Deleteඔය ස්ටිකර් කෙරුවාව මාර ආතල් වැඩක්... නිකම් විසි කරන්න හිතෙන්නෙම නෑ... මගේ වරිගෙම එකෙක් වෙච්ච මගේ චූටි දුවත් එයාට හම්බුවෙන ස්ටිකර් අලවන්නෙ අපේ රයිස් කුකර් එකෙයි, මයික්‍රොවේව් එකෙයි (නයෙක් නොවේ... ඔය භාණ්ඩ දෙකම එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයන් දෙකකි...) මනූ කරන්නෙ ටික දවසක් යනකම් තියෙන්න ඇරලා හෙමීට ගලවල දානව... උන්දට පේන්න බෑ ඒ වැඩේ...
හෑ... උඹත් කිරිපිටි කනව කිව්ව... මාරයිනෙ බං... මට හිතේ මවාගන්නවත් බෑ උඹ එහෙම කරනව... සීනි එක්ක කන්න ගියොත් වැඩේ ගස් යන බව දැනෙන වෙලාවට මාත් අමුවෙන්ම පිටි ටික අල්ලට හලා ගන්නව.....
//මගේ යාලුවෙක් ඉන්නවා ජගත් කියලා ඌ ඔය කිරිපිටි සීනි මිශ්‍රණයට වතුර පොඩ්ඩ්ක් දාලා පාන් පෙති දෙකක් මැද්දට දාල කනව කිව්වාම උඹ විශ්වාශ කරනවද?//
ආන්න ආන්න බං ඈය්ය වැඩක්... මටත් නම් ඒක හිතාගන්නවත් බෑ... හැබැයි කිරි පිටි වලින් තේ හදන්න ගියාම මං වෙනම කෝප්පෙකට පිටියි සීනියි දාල උණුවතුර පොඩ්ඩක් දාල දිය කරාම හැදෙන ක්‍රීම් එක නම් කනව... ඒ උනාට ඒක පාන් පෙත්තක මැදට දානව කියන එක නම් හිතාගන්නවත් බෑනෙ...
//උඹ ඒ පත්තරේ ගැන කිව්වාම මට හිතට පුදුමාකාර සහනයක් දැනෙන්න ගත්තා//
ඒ මොකෝ බං එහෙම කිව්වෙ... උත්තරයක් මේලෙන් හරි අත්‍යවශ්‍යයි...
මෙහෙ උන් පාන් කනවා ටින් කිරි එක්ක . ටින් කිරි පොඩි පැකට් කරලා විකුණනවා ත් එක්ක .මමත් කාලා බැලුවා නරකම නැහැ
Deleteහෑ... මාත් කාල බලන්න ඕන ඒක නම්... කවදාවත් හිතුනෙ නෑනෙ මේ අහනකම්ම බින්දි...
Deleteමං ටින් කිරි වලට හෙන ආසයි... ඒ කාලෙ අම්ම කිරි ටොපි හදන්න ටින් කිරි ගෙනල්ල තිබුණම අපි බලන් ඉන්නෙ ඕක කඩන්නෙ කොයි වෙලාවෙද කියල... ටින් කිරි ටික හට්ටියට වක්කරලා ඉවර උනාම විසි කරන බෙලෙක්කෙ ගන්න අපි තුන් දෙනා වටවෙලා ඉන්නෙ ඇස් ගෙඩිත් ලොකු කරන්... ඉස්සෙල්ල පැනල ගත්තු එකාට තමයි ටින් එක... අනිත් දෙන්නට බේත් ටිකක් වගේ අම්ම අල්ලට දාල දෙන බින්දුවෙන් දෙකෙන් සැනසෙන්න වෙනව... ඔය ටින් එක ලෙව කාල දිව කපා ගනිපු දවසුත් තිබුණනෙ... :D
ඒක එහෙම පෞද්ගලික කාරණාවක් නෙවෙයි බං. මෙහෙමනේ. අපි ඉස්සර හිතාගෙන හිටියේ වැරදියට. උදාහරණ විදියට ලව් අෆෙයා එකක් පටන් ගන්න ඕනෙ කම තියෙන්නේ කොල්ලට. කෙල්ලො අර පව් කියලා ඒකට කැමති වෙනවා විතරයි. වල් පත්තර, බ්ලු ෆිල්ම් බලන්නේ කොල්ලෝ, බලු වැඩ කරන්නේ කොල්ලෝ. කෙල්ලෝ මේ සුරංගනාවියෝ වගේ ජාතියක්. උන්ව වරදට පොළඹවාගන්නෙත් ඔය කොල්ලෝ කියන බල්ලෝ. . ඔය විදියට. කෙල්ලොත් හැසිරෙන්නේ ඒ අදහස සනාත වෙන විදියට. සමාජය අපිව හිතන්න පුරුදු කරලා තියෙන්නෙත් එහෙමයි. දැන් කවුරුවත් එහෙම හිතන්නේ නැතුව ඇති. නමුත් අපි හුඟ දෙනෙකුගේ තිබ්බ සාමාන්‍ය අදහස ඒකයි. ඉතින් උඹ මේ කතාව කිව්වාම අර අතීතේ මතක් වෙලා පපුවා පවන් ගහන්නා වගේ දැනෙන්න ගත්තා. I started to feel good. I mean better. :D
Deleteඑතකොට ඔය පිටි කෑම මම කලේ ඉස්සර ඈ. දැන් බං නියම කිරිපිටි බොන්නෙ දවසකට දෙපාරයි. ඉතිරි දෙපාර අර non dairy coffee creamer දාන්නේ කෝපි එක සුදු පාට කරගන්න. සවුක්කිය ගැන හිතන්න එපායැ. ඌරන්ට මොන සවුක්කියද කිව්වට දන්නද්ද ඉතින්?
අඩේ ඔය කිරි ටින් එකට මරාගන්න එක අපිත් කලා. මමත් දිව කපාගෙන තියෙනවා කිරිටින් පියනට. එක පාරක් මම නංගිට කිරිටින් එකෙන් ගහලා ඒකිගේ නහය ඉවරවෙන තැන යට කොන කැපුනා බං. මේ අදත් තියනවා ඒකේ කැලල. තවම ඒක පෙන්නලා මට බනිනවා මතක් වුනාම.
බල්ලොත් කට කපාගන්නවා නේද සැමන් ටින් එක කාලා?
ටින් කිරි ටින් එකකටනං මාත් මේ දැන් මාස දෙක තුනකට කලියෙන් කට කපා ගත්තා කියහංකෝ...
Delete@ ඩූඩ්,
Deleteහික්...හික්... කෙල්ලො කියන්නෙ සුරංගනාවියො වගේ ජාතියක් තමයි බොලල්ලා... ඔය එහෙන් මෙහෙන් අපි වගේ නසරානි කෙල්ලො ටිකක් හිටියට... අපිව නරක් කළෙත් කොල්ලොම තමා... ඉස් ඉස්සෙල්ලම ඔය පත්තර කෑල්ලක් අපේ වත්තට දැම්මෙත් උන්... ඩෙක් පීස් එකක් ගෙනත් දුන්නෙත් උන්... ඒව හරියට බලාගන්න බැරි වෙච්චි එක වෙනම කතාවක්... ඉතින් ඔය හැටි පවන් සලාගන්න පුළුවන්ද කියල බලහංකො...
මාත් ඔය කියන සවුක්කිය ගැන හිතලම දැන් බොන්නෙ උදේ බොන තේ එක විතරයි බං... පිටිකිරි නැති එකේ තේ බොන්න කිසිම මෝටිවේෂන් එකක් නෑ... ඉතුරු දවසෙ ලීටරේ වතුර බෝතලයක් පුරවගෙන ඒක ඉවරවෙනකම් බොනවා...
හයියෝ උඹ නම්... කෙල්ලෙක්ගෙ නහය කපලා බැණුම් අහන්නෙ නැතුව හිටියොත් තමා පුදුම... දිව කී සැරයක් කැපුනත් ඒකට තියෙන පෙරේතකම නම් යන්නෙ නෑ... මං මෙහෙදි දවසක් ටින් කිරි ටින් එකක් අරන් ඇවිත් හොරෙන්ම ෆ්‍රිජ් එක අස්සෙ ගහගෙන චුට්ට චුට්ට කන්න ගිහින් මනූට අහුවුණානෙ... අන්තිමට බාගයක් විතර තිබ්බ ටින් කිරි එක කුණු බක්කියේ, දියවැඩියාව හදාගන්න හදනවය කියල... පපුව හාස් ගාල ගියා බං...
බල්ලො සැමන් ටින් එකට කට කපාගන්නව නේන්නම්... ඒක අහපුවම උන් අපි වගේද අපි උන් වගේද කියලයි මං මේ කල්පනා කළේ...
@ මාරයා,
Deleteඅය්යෝ.. ඔය වැඩ ඇරිලා ගෙදර එන ගමන් ටින් කිරි ටින් එකක් අරන් ඇවිත් තියාගෙන ඔක්කොම කන්නකො අනේ, දිව කපාගන්නෙ ටින් ලෙවකන්න ගිහින්...
එක නෙවෙයි, මොනවද හැදුවෙ ටින් කිරි වලින්...?
කැරමල් පුඩිමක් හදන්න ගිය වෙලාවක.... ඒ උනාට ආතල් එක තියෙන්නේ ඔය ටින් එක උලා කෑමෙම තමා.. :D
Deleteඇයි බන් ටින්කිරි ඔච්චර රහ? පැරකුම් තමයි ඒ කාලේ තිබුනේ. මිල්ක්මේඩ් කියලාත් තිබුනා.ලේබල් එකේ ඇඳලා තිබුනේ පරණ තාලේ සුදු නෝනා කෙනෙක් නිල්පාට ඒප්‍රන් එකක් ඇඳලා.
Deleteඒකෙ ආතල් එක දන්නෙ එහෙම කාපු එකෙක්ම තමයි නැද්ද... හැබැයි කටත් කපා ගන්න ඕන... නැත්නම් වැඩක් නෑ... :D
Delete@ අරූ,
Deleteමට මතක නෙස්ලේ එකෙන් ගහපු මිල්ක්මේඩ් එක තමයි... ඔය පින්තූරෙත් මට මතකයි... අරූ කියන්නෙ ඒකමද... එහෙම නැත්නම් වෙන බ්‍රෑන්ඩ් එකක්ද.... මට පැරකුම් කියල තිබ්බ බව මතක උනාට ඒ හැටි හැඩරුව නම් මතක නෑ....
මේ බලන්නකො මිල්ක්මේඩ් ගැන හොයන්න ගිහින් මට අහුවුනු එක... නෙස්ලේලගෙ පරණ නම...
http://www.tommyspackfillers.com/gallery/medpopup.php?imageNo=1050
//මාරයාගේ හෝරාව7 May 2014 16:18
Deleteටින් කිරි ටින් එකකටනං මාත් මේ දැන් මාස දෙක තුනකට කලියෙන් කට කපා ගත්තා කියහංකෝ...//
හොහ් හොහ් හොහ් !!!
කිරි ටින් එකේ කට තැලිලද තිබ්බෙ ???
අර පිටියි සීනියි මගෙත් ප්‍රියතම එකක්.. මායි දුවයි දෙන්නම කනවා ඉස්සර.. වැඩියම කැමති හෝර්ලික්ස් හරි නෙස්ටමොල්ට් හරි නම්.. හාමිනේට හොරෙන් ඕනෙ කටේ හලාගන්න.. නැත්නම් ඊයා කියනවා.. මායි කෙල්ලයි දෙන්නම එකට කනකොට අහු උනා දවසක්..
ReplyDeleteඅර පත්තර වගෙ නෙවෙයි ඔය ජාතියේ පොතක් අපේ බෝඩිමට ගෙනා එකෙක් ඒක අපිට කියවන්න දුන්නෙ සරම විතරක් ඇඳගෙන ඇඳේ උඩුබැලි අතට නිදාගත්තොත් විතරයි උගෙ නීතියෙ හැටියට කියවනතාක් කල් එහෙම ඉන්නත් උනා. !
අනෙ අප්පෝ... වෙල්කම් ටු ද ක්ලබ් කිව්ව සරත්... බැලුවම ඒ වැඩේ හෙනට නැගල යන එකක්නෙ... ඕකනෙ ඉතින් කියන්නෙ... කොහෙන් හරි කවුරු හරි බාල්දිය දාන කෙනෙක් ඉන්නවනෙ ඔය සවුක්කිය සම්පන්න වැඩේට...
Deleteඔය හෝර්ලික්ස් සහ නෙස්ටමෝල්ට්වලට අපි කරන්නෙ හුළං වදින්න බාගෙට පියන ඇරල තියන එක, අම්මට නොදැනෙන්න... එතකොට ගල් ගෙඩි වගේ කැට ගැහෙනවනෙ... තේ වලට දිය කරන්න අමාරුයි... අපේ කල්ල මරේ...
හික්...හික්... අර යාළුවා නිතර කෑම්පිං යන එකෙක් වෙන්න ඇති... එතකොට ගෙනියන අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවනෙ... වැඩියම ඉඩ තියෙන එකක් තෝරා ගන්න වෙන්නැති හදන්න ඇත්තෙ...
ඊට පස්සේ ටික වෙලාවකින් ටෙන්ට් එක වගේ උනා ?
Deleteකිරිපිටි හැමෙකම නෙවෙයි නෙස්ටොමෝල්ට් නං කන්න මම පොඩිකාලේ හරිම කෑදරයි,කිරිපිටි බෝතලේ අරං මේසෙ යටට රිංගනවා අහුවෙනවට.
ReplyDeleteඅර වැල පත්තර නං ඒ කාලෙ කෝච්චියෙ ගාමන්ට් වල වැඩට යන කෙල්ලො ගාව හරියට තියෙනව සමහරවෙලාවට අපට අහුවෙනවා.
නෙස්ටොමෝල්ට් නම් අපට ඒ හැටිම අහු උනේ නෑ... බේරගන්න බැරි නිසා ගෙනාවෙ නෑ වෙන්නැති...
Deleteහය්යෝ... එව්වත් අහුවෙන්න ගෙනියනවද... මේ ගෑල්ළමයි නම්...
මියුරු අක්කලාත් බලලා තියෙන ඒවා. පස්සේ දවසක් ආයෙම ගියේ නැද්ද ? පත්තරේට කට්ටිය රහ වැටිලා වගේ. :)
ReplyDeleteපත්තරේ රහ වැටුනට ඕව හැමදාම කරන්න පුළුවන් වැඩ නෙවේනෙ අනේ... ඒක තමයි එහෙම පත්තරයක් මං බලපු අන්තිම වතාව... :D
Deleteමාර තකා පොඩ්ඩ. නිතැතින්ම අපිව පාසල් කාලයට ගෙනියනවා. අපි පාසල් යන කාලේ ඔය ජාති දෙකම තිබ්බා. (ඩෙක් පීස් සහ පත්තර) හැබැයි මගේ හැඟීම නම් ඩෙක් පීස් 10ක් බැලුවත් පත්තරෙ ආතල් එක ගන්න බෑ කියලයි. පන්හිඳ අසිපතය වඩා මුවහත් කියන්නෙ නිකමෙටයැ.
ReplyDeleteඔන් මියුරු මම අලුත් යලෙුවෙක්. අපේ තෙලිදිය වාඩිය පැත්තෙත් වෙලාවක ගොඩ වෙලා යන්න එන්නකෝ.
ඔයාට නම් තෙලිදිය, ඒ දෙවර්ගය සංසන්දනය කරන්න තරම් අත්දැකීම් තියෙන පාටයි... :D
Deleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට... අනිවාර්යයෙන්ම එන්නම් ඒ පැත්තෙත්...
තෙලිදිය වාඩිය,
Deleteඔයාගෙ බ්ලොග් එකක් තියෙනවා නම් ලින්ක් එක දාන්න පුළුවන්ද...? එහෙම නැතුව නම් මට සොයාගන්න බැරියෝ...
තෙලිදිය
Deleteහරියන්නෙ නැත්නම් මෙන්න මේක කොපි පේස්ට් කරන්න කෝ.
thelydiya.blogspot.com
දැන් හරි ඔන්න... ඇවිත් යන්නම් ඉක්මනටම...
Deleteකිරිපිටියි සීනියි කන්න පෙරේතයි පොඩි කාලේ. මල්ලිට කිරි හදන්න කීවාම භාගයක් කාල ඉවරයි. පව් පොඩි එකා . දන්නවා නම් දැන් මාව කයි. පස්සේ පස්සේ නම් ඕක එපා වුනා . අපේ ළමයි පිටි දන්නෙම් නැහැ . දියර කිරිනෙ දැන් වැඩි . හැබැයි අපේ එක්කෙනාට අලි පේර කන්න නම් කිරි පිටි ඔනමයිලු
ReplyDeleteමේ ඉන්නෙ තව එක්කෙනෙක්... මට නම් අදටත් එපා නෑ බින්දි, චෑන්ස් එකක් නැතුව මිසක්... ඇත්තටම අලි පේර රසයි තමා කිරි පිටි දාල හැදුවම... මම නම් ආස අලි පේර බීම එහෙම හදලා...
Deleteඔය වගේ අහවල් පත්තර බලන එක ගේමක් තමා..බෝඩින් වල හොස්ටල් වල ඉන්න හොඳ ගෑල්ලමයින්ට තමයි ඕවා සෙට් වෙන්නේ..
ReplyDeleteකිරි පිටි සීනි කන්න නම් මමත් පොඩි කාලේ හරි පෙරේතයි..ඒත් දැන් නම් අපෝ වෙලා...
මියුරුගේ ලියවිල්ල දැක්කාම හිතුනේ නුගේගොඩ කොච්චර වෙනස් වෙලාද කියලා..
දැන් නම් බෝගහ හරියේ බස් හොල්ට් එකක් ඇත්තෙත් නෑ..
අන්න බලන්න... රූ ඔය අත්දැකීමෙන් කියන්නෙ කියල මට තේරෙනව... කොහෙද හොඳ ගෑල්ලමයින්ට ඉන්න දෙනවයැ මේ අනිත් ඈයො... නිකම් මේ පත්තර ගෙනල්ල මූණ ඉස්සරහ වනනව... :D
Deleteනුගේගොඩ මොන තරම් වෙනස් වෙලාද කියලා මට නම් හිතාගන්නවත් බෑ සෑහෙන කාලෙකින් නොගිය හින්දා... බස් හෝල්ට් එකක් නැති බෝ ගහ හන්දිය.... හ්ම්...
බෝගහ හන්දියෙ බස් හෝල්ට් එක නැති උනාට නවල්ටිය අයිනෙ තාම අරයලා ඉන්නව
Deleteඇත්තද...? ඒව නම් වෙනස් නොවෙන තැන් නේද... එක දවසක් මායි යාළුවෙකුයි තිඹිරිගස්යාය හන්දියෙදි ඔහොම කෙනෙක් දිහා බලන් ඉඳල හෙන ජංජාලයක් වුණා... ලියන්න ඕන ඒකත් වෙලාවක...
Deleteඔය ජාතියෙ පත්තර දැන් නැතුව ඇති.දැන් වැල කියලා ගූගල් සර්ච් කලාහම ගොඩක් ඒවා එනවා නේ නොමිලෙම.
ReplyDeleteඒකනෙ අමිල... අනිත් අය දකියි කියල බයෙන් බයෙන් ඔව්ව කරන්න යන්නෙ නැතුව ඇති දැන් කවුරුවත්...
Deleteඉස්සර මගෙ යාළුවෙක් හිටියා, ඌට ඕවා බලන්නත් ඕනා යන්නත් ලැජ්ජයි...මම තමා ගිහින් පත්තරේ අරන් එන්නේ..ඇත්තට කෝ ඒ පත්තර දැන්... ?
ReplyDeleteඅප්පට සිරි... ඔය ඉඳල තියෙන්නෙ පණ දෙන්න යාළුවො... කොච්චර හොඳද අම්මපා... ඒ පිනෙන් මතු ඉපදෙන ආත්මයක් ආත්මයක් ගානෙ... ආයෙ මොකටද, මමයැ කියන්න ඕන... අර යාළුවනෙ...
Deleteදැන් වෙබ් සයිට් ඕන තරම් තියෙන නිසා පත්තර අකුලගෙනලු සෙන්නා...
ඔය ෆලුඩා කඩේ ඉස්සරත් තිබුනා. ඔතන නේද සව්සිරිය කියලා එකක් තිබුනේ. ආච්චිගේ පෙන්ෂන් එක ගත්තේ නුගේගොඩ පෝස්ට් ඔෆිස් එකෙන්. එදාට ෆලුඩා එකක් ෂුවර්. පස්සේ කාලෙක වෙන අයත් එක්කත් ගිහින් මම ෆලුඩා අරන් දුන්න.
ReplyDeleteමියුරුගේ මේ පෝස්ට් එකට මගේ උපන් ගම නුගේගොඩ ගැන කියන්න ගියොත් මගේ කමෙන්ට් එකත් පෝස්ට් එකක් වෙයි. බෝ ගහ, සමරකෝන් ස්ටුඩියෝ තමයි මීටින්ග් පොයින්ට්ස්. කොච්චර කරක් ගහලා ඇතිද? හන්දියේ බාර් එක,කඩල කරත්තේ නවාතැන් පොළක් වගේ එක කාලයකදි. කොහුවල පාරට හැරුනු ගමන්ම තිබුනා කූල් ස්පොට් & ස්නැක් බාර් එක. ඒ දෙහිවල බස් හෝල්ට් එක ගාවම. ඔතන තිබුනා කපල්ස්වලට කතාකර කර ඉන්න පුළුවන් තැනක්. කර්ට්න් එකක් තියෙනවා ඒ කියුබිකල් එක වහගන්න. හරි වැඩ තමයි කරන්නේ අපිත්.
ඔය පිටි කන වැඩේ මට හරි අප්පිරියයි. නැන්දලාගේ ගෙදර ගියාම නෙස්ටමෝල්ට් එකට දෙනවා වැඩේ. ඒ මේසේ සුදු රෙද්දක් දාලා තිබුනේ. දවසක් මයිලෝ එකට ගේම දීලා අහුවුනා . මේස රෙද්ද තමයි සාක්කිය.
අපේ චූටිම මල්ලි තේ බිව්වේ ඉස්සර.....කහට එකක් හදාගෙන පිටියි, සීනියි කලවම් කරලා ලොකු අහුරක් අල්ලට දාගන්නවා. තේ එක ඉවරවෙලත් වරුවක් විතර ඕක හෙමින් හෙමින් ලෙවකනවා. නංගිලා ඇවිත් අල්ලට ගහනවා. ඉතින් වලි. කොහොම අමතක කරන්නද. රවීගේ පෝස්ට් එක කියවලා අප්සට් එකේ හිටියේ. ඒත් නංගිලා, මල්ලිලාගේ ලෝකය මාව වට කරන් ඉන්නවා. ඒ මතක හරි මිහිරියි. තාමත් අපි ෆෝන් එකේ ඕවා කියෝනවා.
මම මේ කල්පනා කර කර හිටියෙ අරූ පරණ සව්සිරිය තිබ්බෙත් ඔය කඩ පේලියෙම නේද කියලා... එතකොට විසාකාමාල්ස් එක තියෙන්නෙ ඒ බිල්ඩිමේම නෙවෙයිද... ඊට පල්ලිය පැත්තට වෙන්න තියෙන අළුතෙන් හදපු බිල්ඩිමේද... අනේ මන්ද මට පැටලිලාද කියල... කොහොම හරි ඔරේන්ජ් සැලෝන් එක යට තමයි තිබ්බෙ...
Deleteකමෙන්ට් එක පෝස්ට් එකක් උනාට කිසිම ප්‍රශ්ණයක් නෑ අරූ... පුළුවන් තරමක් ලියන්න... ඒ තොරතුරු අහන්න ආසයි... අර කපල්ස්වලට කතා කර කර ඉන්න පුළුවන් තැන ගැන මාත් අහලා තියෙනවා... හැබැයි ඒ කාලෙ වෙනකොට ඕක වහලා මං හිතන්නෙ... ගියපු කෙනෙක් තමයි කිව්වෙ... ඒ වගේ තව තැනක් ගැන කිව්වා දෙහිවල හන්දියේ... හරියටම ස්ථානය දන්නෙ නෑ...
මට මයිලෝ නම් කන්න බෑ... ඒකට අපේ චූටි දුව... එයා කිරි බොන්න කැමති නෑ... මයිලෝ දාල දුන්නොත් බොන්නම් කියනවා... ඒක ගෙනාවම ඒක නිකම් කනවා... මං ඒ කාලෙ පිටි කාපු විදියටම වහල තියල සද්ද නැතුව ඉන්නවා... මොනා කරන්නෙයි... කළ කම් පලදේ නෙ...
ඔය කියන තිබුනේ දෙහිවල ස්ටේෂන් රෝඩ් එකේ. මම දන්නවා. ඕකේ වැඩ කටයුතු පවත්වාගෙන ගියේ ඒ කාලෙ හොඳ ෆිල්ම්ස් දෙකක හෝ තුනක රඟපාපු නිලියකගේ අම්මා කෙනෙක්. ඒ හොඳ කෙනෙක්. ඒ රස්සාව වැරදි රස්සවාකුත් නෙමේ. ඒ නිලිය ඊට පස්සේ රඟපෑවේ නැහැ. ඇමරිකාවට ගියා. සිංහල නමක් තිබුනාට ඔවුන් බර්ගර් ජාතිකයින් බවයි මට මතක. මම ඕවාට ගියේ ආදරය කරපු ගෑණු ළමයි එක්ක ආදරයෙන් දොඩමළු වෙන්න මිසක් වෙන දේවල් වලට නෙමේ. හැබැයි හරනල් කටු දෙක ගහලා කර්ට්න් එක වහගන්නවා :D
Deleteඅරූ හරි. මම හිතන්නේ මියුරුට වැරදිලා. ෆලූඩා ස්පොට් එක තිබ්බේ පරන සව්සිරිය එහා පැත්තේ. සුදු, උස, කෙට්ටු අයියා කෙනෙක් තමා කඩේ කලේ.
Deleteකඩේ තාම තියනවා
@ අරූ, අන්න හරි... ස්ටේෂන් රෝඩ් එකේ තැනක් ගැන තමයි... ඔය කර්ට්න් වහන කතාවත් මගේ යාළුවා කිව්වා... එයා නම් කිව්වෙ ටික වෙලාවක් යනකොට එතැන වැඩ කරන කෙනෙක්ම ඇවිත් ඒක වහල යනවා කියලා... පැය ගානටද ගාස්තුව...? :D
Delete@ ඇනෝ, ඔව් අනේ, අරූ හරි... මට පැටලිලානෙ ඇනෝ... ඔයා නම් හරියටම දන්නව වගේ මං කියපු තැන... මං හිතුවෙ දැන් එතැන වැහිලත් ඇති කියල... තවමත් තියෙනවද රසම රස ෆලූඩා...?
Deleteඔව් තාමත් ෆලූඩා විකුනනවා. කඩේ කරන්නේ පරන අයියම තමා. මම තාම ලංකාවට ආවම ඔතනින් ෆලූඩා බොනවා. අයියට නම් කතාකරන්නේ නෑ, මොකද දැන් අවුරුදු 15 කට පස්සේ මාව අදුරන්න බැරුව ඇති.
Deleteලොකු දෙයක් ඔත්තුවට ඇනෝ... මං ආපහු යනකොටත් කඩේ එහෙමම තිබියං දෙයියනේ...!
Delete/ අපි මැරන්න හිනාවුණා ඒකෙ හිටපු අක්කගෙ පින්තූරෙ බලලා... ඒක බිත්තියේ අලෝගන්න පුළුවන් විදියට දීපු එකක්…/
ReplyDeleteඅඩේ මෝඩ කෙල්ලො!!! උඹල ඔය අපිට ගහන පත්තරයක්නෙ උස්සගෙන ගිහිල්ල තියෙන්නෙ. අංගනාවියන්ට ගහන වෙනම පත්තර තිබ්බ දෙකක්ද තුනක්ද...ආන්න බඩු..මැද පිටුවෙ ආය නෑ ෆුල් හැන්ඩි කොල්ලො ඉන්නෙ...පිස්සු හැදෙයි යළි හොඳවෙයි ආයෙ හැදෙයි කිව්වලු. පත්තර අංකල්ගෙන් ඇහුවනං දෙයි. සුර ********, ර***********, ඔන්න මට මතක ඔහොම පත්තර දෙහෙක නම්...:)
අඩේ රවියො, උඹ වගේ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි බං අර කෙල්ල... ඒකි පේන්න තිබ්බ පත්තරේ පෙන්නල තමයි ඉල්ලලා තිබ්බෙ... හැබැයි ඇතුලෙ තිබ්බ එව්ව නම් ගෑණු පිරිමි කියල භේදයක් තිබ්බෙ නෑ... දෙය්යනේ කියල දෙගොල්ලන්ටම හරියන්න ලියල තිබ්බ...
Delete//අංගනාවියන්ට ගහන වෙනම පත්තර තිබ්බ දෙකක්ද තුනක්ද...ආන්න බඩු..මැද පිටුවෙ ආය නෑ ෆුල් හැන්ඩි කොල්ලො ඉන්නෙ...පිස්සු හැදෙයි යළි හොඳවෙයි ආයෙ හැදෙයි කිව්වලු//
උඹ කොච්චර ඇක්ස්පර්ට් උනත් උඹටත් වැරදිලා ගෑණු පත්තරයක් අරන් තිබ්බ බව පේනවනෙ බං මේකෙන්... ;P
මට මීටර් උනේ නෑ බං අර නම් දෙක ඔහොම කිව්වට...
අප්පා...මමනම් ඔය පත්තර පත්තර විදිහට දැකලා නැති උනාට ඩිජිටල් වර්ෂන් නම් දැකලා තියනවා.
ReplyDeleteසීනි පිටි කන එකනම් අපිත් පොඩි කාලේ ඇති තරම් කරා. අපි තුන් දෙනා අම්මගෙන් පිටියි සීනියි ඕන කියලා ඉල්ලලම කෝප්පෙකට හදව ගන්නවා. හොරෙන් කන එකේ වැඩි ගතියක් ඇති හැබැයි.
කොහොමටත් සයුරි වටේ කැරකිලා එන ඒව නම් පත්තර විදියට ළඟට එනව බොහොම අඩුයි... රොඩු, පරඬැල් වෙලා, අතටම දිය වෙලා, ඉස්තරම් කෑලි අඩුවෙන් තමයි ලෑස්තරයක් විදියට ලැබෙන්නෙ... ඩිජිටල් වර්ෂන්වල නම් අඩුපාඩුවක් නැතුව ඇති...
Deleteඅම්මා පිටි සීනි කෝප්පවලට දාල දුන්නු එකම මදැයි... අපේ අම්මගෙන් ඉල්ලුව නම් කන් දෙකේ පොරොප්ප ගහගන්න තමයි වෙන්නෙ... :D
වින්දන, සීදේවි, සතුට... තව මොනවද තිබ්බේ?
ReplyDeleteපරණ පත්තරයක ස්කෑන් එකක් හරි බලන්න ආසයි දැන් නම්
ඔන්න ඔය සීදේවි කියන නම නම් මට මතකයි ඇනෝ... සතුට කියල එකකුත් තිබ්බද...? මං දන්නෙ සතුට කියල තිබ්බ චිත්‍ර කතා පත්තරේ විතරයි...
Deleteඇයි සොඳුර.. ගින්ද කෑල්ලක් තිබුන එහෙකුත් තිබුනා.. නම්නං මතක නැහැ කවුද නම බල බල ඉන්නේ.. :D
Deleteඔව්වෑ නියම විස්තරේ දැනගතෑකි ඕනයා මහතා කැදෙව්වනං..
සොඳුර මට මතකයි... මුල් කාලෙම අහපු නමක්... අර කිව්වත් වගේ කවුද නම බල බලා ඉන්නෙ... :D
Deleteමාත් මේ බැලුවෙ මහාචාර්යතුමා තාම නැත්තෙ මොකද කියල...
ජංගිය කියල ටැබලොයිඩ් එකකුත් තිබ්බ අනූ ගනන්වල මැද
Deleteසොදුර පත්තරේ . . .දෙයියනේ ඒකනෙව පත්තරේ. සුමී අක්කි මගෙ ජීවිතේට සම්බන්ද උනේ සොදුර පත්තරෙන්නෙව.
Deleteඅඩුපාඩු ටික මේ සම්පූර්ණ කරල තියෙන්නෙ... :D
Deleteහයියෝ සල්ලි කිවුවලු.. අපි නම් ඉස්සර පත්තර කියෙවුවේ කට්ටිය වට වෙලා එකෙක් අනික් එවුන්ට ඇහෙන්නේ කියවනවා.. එතකොට පොර කරන්නේ නෑනේ..
ReplyDeleteඑහෙම කවුරුවත් කියවන එක අහන් ඉන්නකොට ආතල් කැඩෙනවනෙ දිනේෂ්... අපට නම් පොර කෑවත් කමක් නෑ ඕක තනියම කියව ගන්නයි ඕන උනේ... :D
Deleteගාලු පලාතෙ හරිම පිටිසරබද කන්දක් උඩ ඉස්කෝලෙකට තමා මම ගියේ. මගේ ගම වැල්ල අද්දර පොඩිගමක්.සංචාරක හෝටල්වලින් විසිකරන මැගසින්වල පිටු විකුනල තමයි මම සිගරට් මුල් කාලෙ බිව්වෙ.
ReplyDeleteමගෙ අප්පේ... සිගරට් බොන්න තිබිල තියෙන උනන්දුව... :D
Deleteඩිලාන් මීට කලින් මේ පැත්තෙ ආව බවට මතකයක් නෑ... බොහොම ස්තුතියි ඇවිත් ගියාට....
මම විද්යා පීටෙ ඉන්න කාලෙ අපේ පත්තර යනවා ඩෙඩ් එන්ඩ් එකකට. ඒ කිව්වෙ පත්තර අතුරුදහන් වෙනවා. ඒ මුල් කාලෙ මොන කොම්පීතරද. බැජ් එකටම ගෑනු ලමයි 4යි. එයාලව බලාගන්න ඇන්ටිලා දෙන්නයි. ඉතින ඔය් කීප දෙනා ගැන එකම විදියෙ සිතුවිලි ගැලපීම් හරියන්නෙත් නැති තැන් දැම්ම ශර්ලොක් හෝම්ස් පාරක්. අනේ මේ සියල්ලම යන්නෙ අපේ දිතාගෙ ට්‍රන්ක පෙට්ටියට. පත්තර ටික හමුවෙච්චවෙලාවෙ කොල්ල ගුටි කෑවෙ නැතිටික විතරයි
ReplyDeleteඒ කියන්නෙ එක්කෙනෙක් ඒවා අනිත් අයට නොදැනෙන්න හංගගෙනද... මං කිව්වෙ මේ වැඩි පරෙස්සමට...? :D
Deleteදිතා කිව්වෙ කවුද...?
හයියෝ......පත්තර බලලා ඔයින් ගියා ඇති. මේ සමහර හමුදා කඳවුරු වල ඉන්න එවුන් හරි වල්. උන් නිවාඩුවක් තියනවනම් රෑ තිස්සේ ඔය එක එක ජාතියේ වීඩියෝ දාගෙන බලනවා. හරී......... වල්. අපිනම් බලන්නේ නැහැ. අපිව නරක්වෙන නිසා. යුද්ද කාලේ රත්මලානෙන් ප්ලේන් එකට දානවා පොඩි පොඩි පාර්සල් යාපනේ කෑම්ප් වලට යවන්න. චීයා.......දන්නවනම් ප්ලේන් එකත් කඩාවැටෙනවා.
ReplyDeleteහානේ... මේගොල්ලො හරි වල් අය්යො... විචාරකතුමා කොච්චර හොඳයිද බලාගෙන ගියාම..
Deleteමෙහෙත් තියෙනවලු පිරිමි අයගෙ ටොයිලට්වල... වැඩිපුරම බරපතල වැඩ (heavy duty) කරන අය ඉන්න තැන්වල... :D
ඔය ප්ලේන් එකට පටෝන එක පාර්සලේක සුද්දියො කීදෙනෙක් විතර ඉන්නවද අයියා ???
Deleteපිටි කෙස් එකනං මාත් ජයටම කරගෙන ගියා උපෙ ඉවර වෙනකංම, දෙතුං දොහක් මාට්ටු වෙලා බැනුං එහෙම අහගෙන තියනවා. හැබැයි අපේ නෑන පොඩ්ඩට අහුවෙච්ච දවසෙනං පජාති වෙන්න නොන්ඩි උනා.. එ්ත් එ් පුරුද්ද අතඅරියි මං.. හුහ් නෑනට බංබු ගහන්න කියලා මගේ අාතල් එක මං ගත්තා....
ReplyDeleteපත්තරං ඉතිං දෙයියෝ තමයි.. අැස්වහක් කටවහක් නෑ ඉස්කෝලෙ පල්ලහා කඩේ ඔය පත්තර තියනවා ඉතිං සතිපතා පාඨකයෝ අපි තමයි.. ඉස්කෝලෙදී ප්‍රින්සිපල් පත්තර චෙක් කරන්න එනව කියල අාරන්චි වෙලා පත්තරේ හැංගුවේ පංතියේ එ්වෙලාවෙ හිටපු මිස්ගෙ හෑන්ඩ් බෑග් එකේ.. බොස් ගියාට පස්සෙ මිස් අපිට පළු යන්න බැන්න මිසක් වැඩේ දුරදිග ගිනිච්චෙ නෑ....
ආයෙ නවත්තන්න එපා විදානෙ... අහුවුනු තැන කන්න...
Deleteඅඩේ යකෝ... බොලා තියන්න වටින්නෑනෙ... මිස්ගෙ බෑග් එක අස්සෙ ඕක ගැහුවෙ... :O
කිරිපිටි සහ සීනි කෑම ගැන කියනව නං අදටත් මගෙ ප්‍රියතම හොරාකෑමක්. ඕකට නෙස්ටමෝල්ට් හැදි දෙකක් විතර දාගත්තනං පංකාදු පහයි.
ReplyDeleteමමත් බෝඩිමේ හිටි කාලෙ ආයි ජීවිතේටවත් කන්න නොලැබෙන කෑම වර්ග ටිකක් කෑව. ඒ අතරින් විශේශිතම කෑම ජාති උනේ මාලු සහ මස් "මමි". අපි එවුවට මමි කියල කිවුවෙ ඒ මාලුන්ගෙ සහ කුකුලන්ගෙ පන පිටිං ආයු කාලයට වඩා ලලිතක්කගෙ ෆ්‍රිජ් ආයු කාලය වැඩි නිසා
පත්තර ගැන කියන්න තියාගත්තොත් කොමෙන්ට් එක පෝස්ට් එකක් වෙනව අප්පා . . . . සැන්ඩි දාලම කීවොත් මම කියෙවුව පලවෙනි පත්තරේ නම නවරස. මම හයේපන්තියෙ ඉද්දි මාම නැන්දට කියවන්න ගේන නවරස, ප්ලේ ගර්ල්, සතුට වගේ පත්තර උස්සලා විජය පත්තරේ අස්සෙ දාගෙන තමයි කියෙවුවෙ. මම කොළඹ ආවට පස්සෙ ගෙදර තිබ්බ මගෙ පත්තර වගයක් නංගි (එයා මට වඩා අවුරුදු 6ක් බාලයි) කියවන්න ඉස්කෝලෙ ගෙනිහින් මලකෙලියක් උනා.
පත්තර අතින් අතට යෑමේ අවුල් දෙකක්තියේ. එකක් තමා මුලු පත්තරේම හෝ සමාර පිටු නැතිවීම. අනික තමා පත්තරේටම තියන සිරාම පිටුව වෙච්චි කලඩ් මැද පිටුව වෙන් කරල දිගාරින්න බැරි ගානටම ඇලිල තිබීම :D :D
අපේ එකෙක් හිටියා ඌට පලවෙනි පිටු දෙකෙන් එහාට කියවන්නම බෑලු. නින්ද යනවලු.ආපහු නැගිටිනවලු. ඉතිරි ටික කියවනවලු නින්ද යනවලු. පත්තරේ සිතියම් පොතක් කරලා තමයි ගෙනත් දෙන්නෙ.
Deleteහරි ඕන්න ආවා බුලට් එක.. :D
Delete@ ඕනයා,
Deleteඔය තියෙන්නෙ තවත් වර්ශන්...
මාලු සහ මස් 'මමි'... හික්ස්...
ඒ මාමයි නැන්දයි නම් මරු ඩබලක් වෙන්නැති... හැබැයි පැත්තක හිටපු කෙනෙකුටනෙ කල්ල මරේ වෙලා තියෙන්නෙ.... :D
හපොයි පොඩි එකී පව් අනේ.... ඔය තියෙන්නෙ බොට පෝස්ට් එකක්ම ලියන්න නිමිත්තක්.... ඒ විස්තරේ ඔක්කොම ලියල අර යලට මහට පෝස්ටුවක් වැටෙන බ්ලොග් එකේ දාන්නකො...
කිරි පිටි සීනී මිශ්‍ර කරලා කෑම කවුරු කවුරුත් පොඩි කාලේ කරපු වැඩක්.
ReplyDeleteඅම්මා බැන්නාම මං කියලා තියෙන්නේ ලොකු වෙලා මුල්ම පඩියෙන් ලක්ස්ප්‍රේ එකකුයි, සීනි රාත්තලකුයි ගෙනල්ලා අනලා කනවා කියලයි!
ඒ උනාට කකා මේ පෝස්ටුව දානකම් මං දැනගෙන හිටියෙ නෑනෙ ඕක ඔය තරම් ජනප්‍රිය ආහාරයක් කියල.... වෙන කවුරුවත් මං දන්න කෙනෙක් හිටියෙ නෑ ඔහොම කන... දැනගන්න එකා හෑව් ගෑව මිස... සික්... අපේ අම්ම හිතුවෙ ලෝකෙම ඔහොම කරන එකෙක් ඉන්නෙ මං විතරයි කියල... මේ බවක් කලින් දැනගත්ත නම් පෙන්නන්න තිබ්බ...
Delete//අම්මා බැන්නාම මං කියලා තියෙන්නේ ලොකු වෙලා මුල්ම පඩියෙන් ලක්ස්ප්‍රේ එකකුයි, සීනි රාත්තලකුයි ගෙනල්ලා අනලා කනවා කියලයි!// :D :D
කිරි පිටි සීනී මිශ්‍ර කරලා කන්න මම නම් ඉස්සර ඉදන්ම කැමති නැහැ.ඒ වෙනුවට මම කැමති කිරි පිටි සීනී,කහට හොදට දාලා කිරි තේ බොන්නම තමයි.
ReplyDeleteඔය පත්තරේකට නඩුවක් කෑවේ මම අට වසරේදී තමයි මතක විදියට.පත්තරේ නම "සැප"වෙන්න ඕනේ හරියටම මතක නැහැ.අපේ ස්කෝලේ ඉන්නේත් කෝල්ලෝම විතරයි නිසා අපිට ඒ දවස්වල සුරංගනාවියෝ වගේ පෙනුනේ අපේ ක්ලාස් වල උගන්වාපු මිස්ලා තමයි ගොඩක් වේලාවට. අපේ නැටුම් මිස්,ඉංග්‍රීසි උගන්වපු මිස්,තව සිංහල මිස්,අපිට නැතත් පහළ පුංචි පන්ති වලට උගන්වපු මිස්ලා සෙට් එකම.ඉතින් අර වගේ පත්තරයක් ආවම එකේ තියෙන චරිත වලට සමහරක් විට අර මිස් කෙනෙක්ගේ නමක් ආදේශ කරන් තමයි අර පත්තරේ කියවන්නේ.
මොනා කරන්නද ඉතින් ඒ වයසේ හැටි නොවැ.
මං තේ එකටත් සාමාන්‍යයෙන් දානවට වඩා වැඩියෙන් දාගෙන තමයි බොන්නෙ... අම්ම බනිනව කටේ ඇලෙන ගානට හදාගෙනෙයි කියල...
Deleteඅය්යෝ මනෝජ්... ඒ මිස්ල දැනගත්ත නම් හෙම ආයෙ උගන්නන්නවත් පැත්ත පළාතක එන එකක් නෑ... :D
මට මතක් උනේ දවසක් ඉස්කෝලෙදි වෙච්චි සීන් එකක්. අපේ සර් කාරයෙක් හිටියා තනි කොමිටලේ. පොර මාර ගේමක් දෙනවා ළමයින්ගේ ඔය වගේ හොර අල්ලන්න. හිටි ගමන් සාක්කු පර්ස් බැග් එහෙම චෙක් කරනවා. දවසක් අපි සෙට් එකම පොරව බයිට් එකට ගන්න සුරතලා පත්තරයක් විදුසර පත්තරේ අස්සේ දාගෙන බල බලා හිටියා නිකං ඔය පත්තරයක් බලනවා වගේ. පොර ආපු ගමන් විදුසර පත්තරේ උදුරාගෙන අංස භාර ලොක්කයි, වටේ පන්තිවල ගුරුවරුයි ඔකොම ගෙන්නාගෙන වීරයා වගේ රඟපැවා. අන්තිමට දිගැරලා බලනකොට මොන්ටිසොරි ළමයින්ගේ සුරතලා පත්තරේ. එක එක්කනා හෙමිට ශේප් උනා විලි ලජ්ජ්හයි කට්ටියම බයිට් උන එකට.
ReplyDeleteඒක නම් නියම වැඩේ... අර සර්ට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති... ඊට පස්සෙත් එයා ඔය වගේ වැඩ කළාද...
Deleteසමහර අත්දැකීම් ඉතිං අපිටත් පොදුයි...නිවීසැනසිල්ලෙ ආ මග දිහා හැරිලා බැලුවාම ඔය කියන අතීතය සිහිපත් කරන්න තවමත් වැඩි අමාරුවක් නෑ...ලගදි අපේ ඉසව්වෙ දැක්කෙ නෑ ඔබව...
ReplyDeleteහැමෝටම සුළු ප්‍රමාණයක් හරි අනිත් අයත් එක්ක පොදුවේ දාන්න පුළුවන් අත්දැකීම් තියෙනව නේද සිරා...
Deleteමේ දවස් ටිකක් අවිවේකීයි මට... පොඩි දෙන්නගෙ ටෙස්ට් දිගටම... ඒ වගේමයි assignments ගොඩත්... ඉතින් මගේ ඔළුව වැඩි හරියක් ඒ පැත්තට... සමහර පැතිවල යන්තම් දුවල නැට්ට කොණේ එල්ලිලා ආව මං... සමහර ඒවා කියෙව්වට කමෙන්ට් කරන්න බැරි උනා... ඒකයි උනේ සිරා... සමාවෙන්න ඒ ගැන..
මේක කියවපු මුල්ම දවසේ මම ආපහු බැලුවා මට බ්ලොග් එක වරදිලාද කියලා. :-P
ReplyDeleteදැන් බලපුවම අපි කොච්චර හොඳ අයද? මම පිටියි සීනියි කාලත් නෑ.
ඒක මතක් කරනකොටත් පොඩ්ඩක් ඊක් මූඩ් එකක් එන්නේ. :)
දැන් නේ මට තේරුනේ අපි මේ රටවල ඉඳලා තියෙන්නේ ලංකාවේ ඉන්න තියෙන හොඳම කාලේ කියලා. ෂික් විතරක්. ලංකාවේ හිටියානම් මාත් මේ පත්තර බලනවානේ. දැන් ඉතින් උඹලා කියන ඒවා බලල මීක් ගාන්න විතරයි වෙන්නේ.
( අපි හොඳ ළමයි වෙලා ඕවා හැබෑවටම කලෙත් නෑ හරි... ;) )
එක දවසක් ලංකාවට ඇවිත් ඉන්න දවසක කරන්න වැඩක් නෑ. අපේ ආන්ටිලගේ ගෙදර. වී එච් එස් කාලේ. මාත් පොර වගේ අල්ලපු ගෙදර අක්කා කෙනෙකුටත් එන්න කියලා (අපේ කසින් අයියගේ) ස්පෙසල් ද මොකක්ද කියලා ලියලා තිබ්බ කැසට් එකක් ප්ලේ කරන්න දැම්මා. කවුද දන්නේ ඔහොම එකක්. අර අක්කා බොහොම ලැජ්ජාවෙන් යන්න ගියා. එදා ඉඳන් වී එච් එස් එකක් ප්ලේ කරන්න යන හැම වෙලේම හොඳට හොයලා මිසක් ආයේ ඔය වගේ ගෙඹි වැඩ කලෙ නෑ. මේක දැක්ක ගමන් ඒක මතක් වෙලා හොඳටම හිනා මට... :)
රංගිගෙ කමෙන්ට් එක දැකල හොඳටම හිනා මට... ඔය වගේ පොඩි කාලෙ ලොකුකමට නොකර හිටපු සමහර දේවල් ගැන මටත් පස්සෙ දුක හිතිල තියෙනව... අය්යෝ මාත් එදා ඒ වැඩේට එකතු උනා නම් අදත් මතක් කරන්න රස බර මතකයක් ඉතුරු වෙන්න තිබුණනේ කියල...
Delete//දැන් බලපුවම අපි කොච්චර හොඳ අයද? මම පිටියි සීනියි කාලත් නෑ.
අපි හොඳ ළමයි වෙලා ඕවා හැබෑවටම කලෙත් නෑ හරි... ;) //
ඔය බලන්න ඉතින් හොඳකම බේරෙන හැටි... ;P
අප්පා අර වීඑච් එස් වැඩේ... :D
ඔයා ඔහොම කිව්වම මට මගේ යාළුවෙක් කියපු කතාවක් මතක් වුණා... එයාගෙ නැන්දා මැරිලා ටික කාලයක් ගිහින් මළ ගෙදර ආව දරුවො ටිකත් ගියාට පස්සෙ, මගේ යාළුවා මාමට කෑම බීමත් අරන් එයාගෙ මහත්තයත් එක්ක ඒ වෙනකොට වයස හැත්තෑපහකටත් වැඩි වෙච්ච එයාගෙ මාමව බලන්න ගිහින් තියෙනවා... මාමා මෙයාලට බීම ටිකක් ගේන්න කියල ගෙට ගියාට පස්සෙ එයාගෙ මහත්තයා ඒ වෙනකොටත් වීඑච්එස් එක ඕන් එකේ තිබ්බ නිසා ඒක ප්ලේ කරල තියෙනව... අප්පට සිරි, බඩු මාට්ටු... මාම බීම අරන් එනකොට මේ දෙන්නා අරක ඕෆ් කරල සද්ද නැතුව ඉඳල... යාළුවට තිබ්බ ලොකුම ප්‍රශ්ණෙ මාමා අර තරම් නාකි වෙලා හරියට ඇවිද ගන්නවත් බැරුව ඉන්දැද්දි කොහොම වීඩියෝ ෂොප් එකකට ගිහින් ඔයින් එකක් ගෙනාවද කියල රෙද්දක් ඇඳගෙන...
හ්ම් .. කොහොමද ..?
ReplyDeleteහුඟ කාලෙකින් නේ මිහිරි ..
මමත් ඔය පත්තර කාලයක් තිස්සේ එකතු කළා ..
හැක් .. හැක් .. ඒ කියන්නෙ මුලු පත්තරේම නෙවෙයි .. [ හොඳම කතා සහ පින්තූර තියෙන පිටු ටික ..]
මේ ලඟකදි අපේ අම්මන්ඩි .. මගෙ ඇඟට කඩන් පැන්නා .. '' මොනවද මනුස්සයෝ .. ඕව තවත් තියන් ඉන්නේ .. දැන් පුතත් තමුන් තරමටම උසයි නේද ..? ඕවා දැන්වත් විසික්කරනවා '' කියලා ..
ඉතින් මම ඒවා ටික මේ ලඟදි ගිනි ලෑවා .. [ හැබැයි හිතේ අමාරුවෙන් ]
කුමාරයත් හුඟ කාලෙකින් වගේ මාළිගාවෙන් එළියට බැහැල තියෙන්නෙ... සෑහෙන කාලෙකින් මාත් දැක්කෙ ඔබතුමාව...
Deleteහිනාවෙලා පණ ගියා මේක කියවලා... හය්යෝ... ඒ එකතු කළ ඒවා මෙච්චර කල් තියාගෙන හිටියද...? බිසොවුන්නාන්සෙම ඒක පුච්චන්නෙ නැතුව හිටිය පුදුමයි... හැබැයි අපරාදෙ පිච්චුවෙ... ඊ ළඟ පරම්පරාවටත් ප්‍රදානය කරන්න තිබ්බ... පුතත් එපා කියන එකක් නෑ ඉලන්දාරියෙක් නම්... තාත්තට තවත් ආදරේ වෙන්න තිබ්බනෙ... :D
අතීතෙට ගියා.. සීනි සමග පිටි කියන්නේ මගෙත් හොඳම ප්‍රියතම කෑමක් පොඩි කාලේ. දැන් නං කන්නේ නෑ. ගතියක් නෑ දැන්.
ReplyDeleteඔය පත්තර වැඩේ ඉස්සර අපේ ඉස්කෝලේ කාලේ තිබ්බා. ඉස්කෝලෙන් අවුට් වුනේ සීඩී ඩීවීඩී වලට මාරු වෙද්දී. කොල්ලෝ ඕවා උස්සන ඇවිත් හංගන්නේ ඩෙස්ක් වල ලෑල්ල යටින් තියන යකඩ පටි වල. ආයේ හොයානු බොරු.
ඇයි අනේ දැන් නවසීලන්ත කුක්කු පිටි වැඩිපුර ෆ්ලේවර්ස් දාලනෙ එවනව කියන්නෙ... ගතිය වැඩි ඇති ඉස්සරට වඩා... :D
Deleteඅපේ කාලෙ තිබ්බ පතෝරියං ඩෙක් පීස් ඉස්කෝලෙ ගෙනාවොත් නම් හැංගුව බොරු... ඒ හින්දා ඒව පන්ති කාමර ඇතුලෙ හුවමාරු වෙනව නම් දැක්කෙ නෑ... පත්තර තමා...
කේජ් මයා දැන් වැඩිපුර දකින්න නැත්තෙ මොකෝ... ඒ උනාට හැමදාම මං දාන ඕනම පෝස්ට් එකකට පහුවෙලා හරි ඇවිත් කමෙන්ට් එකක් කොටල යනවට බොහොම ස්තුතියි...
මං ඇත්තම කිව්වොත් ෆුල්ම බිසී කාලෙට නේ මේ වැඩේට ඇබ්බැහි වෙලා කොරන්නේ. ඒ කියන්නේ දැන් එහෙම කාලයක්. අපේ කම්පැනි එකේ අලුත් සුපිරි වෙළඳසලක් හෙට උදේට අලුතෙන් අරින්න තියෙද්දී මම මේ වටේම දුවගෙන යන්නේ,. :D
Deleteඅනේ කේජ් මාත්තයෝ, තොලි වෙන්නෝන මේක පල කරන්න මෙච්චර කාලයක් ගියාට... බ්ලොගක් නැතුව වගේ පහු ගිය කාලෙ හිටියෙ... ඔය තරම් බිසි වෙච්ච කාලෙකත් ඔයා ඇවිත් කමෙන්ට්ස් දාල ගිය එකයි වටින්නෙ...
Deleteඅෆ්ෆ අක්කේ.. වැලත් බැලුවයි... මමනම් බලලා තියෙන්නේ පත්තර දෙකයි.. ඒකෙන් දෙවනි එක මාට්ටු උනා.. ශේප් එකේ වෙන එකෙක්ට බෝලේ ගහලා බේරුනා.. කාලෙකින් ඉඳලා ඉඳලා දැම්ම නේද එකක්...
ReplyDelete//අෆ්ෆ අක්කේ.. වැලත් බැලුවයි...// මේ ටික දැක්කම හිනා ගියා හොඳටම... :D
Deleteඔයාලගෙ කාලෙ වෙනකොට පත්තර මොකටද අය්යො... නැද්ද...
පරක්කු උනාට සමාවෙන්නෝන හොඳේ...
හා හා වලස් හාමිනේ නිදි වගේ... :D
ReplyDeleteෂ්ෂ්ෂ්..... කෑගහන්න එපා... මේ දැන් ඇහැරුනේ... සද්දෙට... :P
Deleteමියුරු අක්කේ, කොහොමද විස්තර, ලොකු නිහැඬියාවකින් පස්සේ මමත් ආපහු බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.
ReplyDeleteඑක දවසකුත් ඇවිත් උඹේ මේ පොස්ට් එක බලල ගියා, කමෙන්ට් කරන්න උනේ නැහැ.
මේ පත්තර තිබ්බේ නැත්නම් ඒ දවස්වල අපි මොනවයින් මොනවා කර ගනියිද කියල කියන්න බැහැ
ඔය කොම්පීතර් ලොකු ලොකු ෆෝන් එහෙම එන්න කලින් ලොකු සේවයක් කරපු වටිනා කියන කඩදාසි වර්ගයක් කියල තමයි කියන්න තියෙන්නෙ
අක්කේ, උඹත් ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තේ ඇවිත් නැහැ වගේ...
මොකද කේස් එක
හප්පා ලොකු පුතේ, උඹ දැක්කම නිකම් පරණ යාළුවෙක් මුණ ගැහුනු ගානයි... කොච්චර දෙයක්ද බ්ලොගේ ලියන්න ගත්තු එක... මාත් ඉතින් මෙහෙම තමයි ලියන්නෙ... යලට මහට... හැබැයි ඉතින් ලියනවා...
Deleteඔය පත්තර කරපු සේවය පේන්නෙ නැතැයි පැහැදිලිවම කට්ටියගෙ කමෙන්ට්ස් කියෙව්වම...
මුලින්ම ආවෙ නැත්තෙ නම් ඉන්ටර්නෙට් කේස් එකක් හින්දා... මාස දෙකක් විතර ඒ ලෙඩේ තියෙනකොට මේකෙන් නිකම්ම ඈත්වෙලා ගියා... අද හිතුනා නිකම් ඇවිත් යන්න...
ඔන්න ඔහොමයි උනා කියන්නෙ...
අද තමයි දැක්කේ මේ මියුරු ලෝකේ... පස්ට කතාව..
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteමල් කොබාගෙ කමෙන්ට් එක මොන පෝස්ට් එකටද දාලා තිබ්බෙ කියලා කලින් බලාගන්න බැරි උනායින් අවුරුදු 4 කට පස්සෙ තමයි උත්තරේ. සමාවෙන්න ඒකට.
මං ආවේ හෝදලා වැනුව ඩෙනිමකින් පාර අහන්..:D :D
ReplyDeleteමියුරුගේ ලිවිල්ල හරී..ඊ...ඊ..ම රසවත්...ඔය පිටිසීනි මික්ස්චර් එක මගෙත් හොඳම කෑමක්..ඇයි නෙස්ටමෝල්ට්..මයිලෝ..ඔය ගැන මම පෝස්ටුවකුත් ලිව්වා.. http://tharuwehi.blogspot.com/2013/11/blog-post_24.html
ඔය පල් වත්තර ගැන නම් අවංකවම අත්දැකීමක් නැහැ ඔහොම..හැබැයි ඉස්සර අම්මාගේ සිරිකත පත්තර එහෙම හොරෙන් කියවන්න ගිහින් අම්බානෙක් බැණුම් අහලා නම් තියෙනවා..කියෙව්වට ඒවයේ සමහර දේවල් තේරුණේ නෑ..අහන්න කෙනෙකුත් නැති එකේ ඔහේ හිටියා..ඕවා අහන්න ගියා නම් අද මේවා කියවන්න මං කෝ! :D :D
අනේ ඇයි දැන් කාලෙකින් ලියලා නැත්තේ...ඉක්මණින් තව රසවත් කතා ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..:)
බොහොම ස්තුතියි.
Deleteවැලේ තිබ්බ ඩෙනිමත් හොරු අරන් ගිහිල්ලා මං තනි තරුවට උත්තර බඳිනකොට. ඔයාත් ගිහිල්ලද මන්දා.
සිරිකත පත්තරෙන් මාත් අම්මට හොරෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මෙයා. ඉගෙන ගත්තුවා වැඩිවෙලා අම්මා ඒක ගෙන එක නැවැත්තුවා. මාත් යාන්තම් පණ බේරගත්තෙ.
පට්ට මාන්දමිකයි... තාම හිනා.
ReplyDeleteඩූඩ් තමා පාර කිව්වෙ, දැන් ආපස්සට කියෝගෙන කියෝගෙන යන්න දුවනවා...
බොහොම ස්තුතියි ඩ්‍රැකී. අවුරුදු හතරකට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් අහුවුනේ මගේ මෝඩකමට ඒවා දාලා තියෙන්නෙ මොන පෝස්ට් එකටද කියලා පබ්ලිෂ් කරන්න කලින් බලාගන්න බැරිවුනු හින්දා.
Deleteචහ් මේක නැවැත්තුව එකනම් අපරාදේ :-(
ReplyDeleteදැන් අවුරුද්දක් වෙන්නත් ආවා..
නැවැත්තුවෙ නෑ අනේ. මේ පොඩි විවේකයක් ගත්තා… :D
Deleteපෝස්ට් එකක් දාපිය ගෑනියේ
ReplyDeleteදැම්මා, දැම්මා... මේ දැම්මා...
Deleteහ්ම් හ්ම්.. නැගිටහන්.. වින්ටර් එක ඉවරයි...
ReplyDeleteදැන් නම් නැගිටලා ඉන්නෙ සෙන්නෝ… හැබැයි අපට වින්ටර් එක පටන් ගත්තා විතරයි… :D
Deleteඅම්මෝ ඒක!
ReplyDeleteඉස්කෝලෙ කාලෙ කරපුවා මතක් උණා ආයෙම.
අපි ඉස්සර ඕව බැලුවෙ ඉස්කෝලෙදි.
����������
ලස්සන කතා ටිකක් තියෙනවා ඔයාගෙ බ්ලොගේ… ඒ කාලෙ කරපුවාත් ලියන්න චතුවෝ… :D
Delete