අපි පුංචි කාලෙ අපේ අම්මලා නොසෑහෙන්න දුක් විඳිනවනෙ කෑම කටක් කවා ගන්න.... රටේ නැති පච දෙස දෙසා (හරි නම් ඒවා ඇති පණ පිටින් අපාගත වෙන්න ) ගේ වටේ ඇවිද ඇවිද හෙමනෙ යාන්තම් බත් ගුලියක් එහාට දා ගන්නෙ... එහෙම දුක් විඳලා කව්ව ගත්ත කාලෙ පහු උනාම ඊළඟට එනවනෙ කොයි තරම් කෑම තිබ්බත් මදි වෙන කාලයක්.... ඕං අපේ ගෙදරත් එහෙව් කාලයක් උදාවෙච්චි...(දැන් මගේ ගෙදරත් ඉන්නව ඒ ජාතියෙ එක්කෙනෙක්... සමහරදාට මං වැඩට ගියාම කෝල් කරලා මනූගෙන් අහනවා මෙයා බඩගින්නෙද, නැතිනම් මොනව හරි කෑවද කියලා... එක දවසක් ඔහොම අහනකොට මනූ කියනවා 'යන්තම් කෑම තියෙන කබඩ් එකේ ලෑලි ටික ඉතුරුවෙලා තියෙනවා තවම' කියලා...) අපේ ගෙදර ඔය ගින්න වැඩිපුරම බලපෑවෙ අපේ ලොකු නංගිට... ගේ ඇතුලෙ කෑම තියෙන්න පුළුවන් කියල හිතෙන සෑම අහුමුල්ලක්ම අවුස්සන උන්දැගෙ ගින්නට අපේ අම්මා කිව්වෙ 'කාක් ගින්න' කියලා.... කාක්කට වගේ ඒ ගින්න නිවෙන්න කොච්චර කෑම තිබ්බත් මදි....
වැඩිපුරම අම්මට ඕක වාතයක් උනේ සති අන්තෙ දවස්වල සහ පාසැල් නිවාඩු කාලෙ... .... ඇයි ඉතින් දවස පුරාම කට්ටිය ගෙදරනෙ.... ඉල්ලුමේ තරමට සැපයුම කරන්නත් එපායැ... ඉතින් අපේ ලොකු නගාට ප්‍රධාන කෑම වේලවල් වලට අමතරව කන්න ඕන වෙන ඉතුරු වේලවල් දහයට එකක්වත් වැඩි උනොත් මිස අඩු නොවෙන ගානට මොනව හරි තියෙන්න එපායැ.... මමයි චූටි නංගියි ඔහේ තියෙන දෙයක් කාලා නැති වෙලාවට සද්ද නැතිව හිටියට ලොකු නංගි නෙවෙයි සැලුනෙ.... එයා කරන්නෙ අම්මගේ ගවුමෙ ඉණ පිටිපස්සෙන් කොණක් අල්ලගෙන අම්මා යන යන තැන කුරු කුරු ගගා පස්සෙන් යන එක..... ඔහොම වෙලාවට උන්දැ අම්මගෙන් බැණුම් අහගන්න වෙලාවලුත් අනන්තයි... ඒත් බැණුමත් කාගෙනම අර කුරු කුරුව දිගටම යනවා, මොනවාම හරි දෙයක් හදලා දෙනකම්ම....
ඉතින් අම්මා කුස්සියේ ඉඳන් මොකක් හරි කෑමක් හදනකම් නගා අම්මව පේන මානෙ තිබුණු කෑම මේසයට වාඩිවෙලා ඉඳන් බලන් ඉන්නව මොකාද වගේ.... ඔහොම ඉන්න ගමන් අවසිහියෙන් මේසෙ උඩ තියෙනවා නම් පිහියක් වගේ දෙයක්, ඒක අරගෙන මේසෙ ගැට්ට වටේට කපනවා... එහෙම නැත්නම් ඒකෙ තුඩ පැත්තෙන් මේසෙ හිල් හදනවා... ඉතින් පස්සෙ වෙලාවක එතැන වාඩිවෙලා කන්න යන එකාගෙ අතක් හෙම ඒ වගේ තැනක ඇතිල්ලුනොත් ඉවරම තමා.... එහෙම මොකක් හරි, හරි හමන් ආයුධයක් අතට අහු නොවුනු වෙලාවට කරන්නෙ මේසෙට දාල තිබුනු ඉටි රෙද්ද හීන් තීරුවලට ඉරන එක.... ඉතින් අම්මා කරන්නෙ මුන්දා මේසෙට වාඩි වෙච්චි ගමන් අතට අහුවෙන්න තියෙන ඔක්කොම මේසෙ අනිත් කෙළවරට තල්ලු කරන එකයි... මේස රෙද්දත් අකුලලා එහාට කරනවා.... එහෙම කරලා තමයි කෑම හදන්න පටන් ගන්නෙ.... ඊට පස්සෙත් ඉතින් අම්මගෙ කනටවත්, කටටවත් ඉස්පාසුවක් නෑ අහන ප්‍රශ්ණ වලට උත්තර දීලා... අහන්නෙත් හරිම බරපතල ප්‍රශ්ණ... තවම ඉවර නැද්ද... ඉවර වෙන්න ළඟද වගේ එව්වා....
ඒ කාලෙ අපේ ගෙදරට ඔය මස් ජාති හෙම ගෙනාවෙ කලාතුරකින්... ඒකට හේතුව නිතරම අළුත් මාළු මිළදී ගන්නට තිබුණු හැකියාව... හැබැයි ඔය කාලෙ අපි මාළු ගත්ත ප්‍රේමදාසගෙන් මාළු ගන්න ඕන නම් මිනිහා ඉන්න තැනට යන්න ඕන පාන්දර හයට... නැත්නම් මාළු තියා, මාළු කට්ටක් තියා ප්‍රේමදාසවත් නෑ... මිනිහගෙ මාළු ටික විකිණෙන්න යාවි වැඩිම උනොත් පැය භාගයක්... ඒ දවස්වල පාන්දරින් මාළු ගේන්න යන ඔය කට්ට කන්නෙ අපේ තාත්තා.... ඔන්න ඔය ගමන වැරදුනොත් විතරයි අපට අතරින් පතර මස් ටිකක් කන්න ලැබෙන්නෙ... ඒත් කුකුල් මස් විතරයි... ඉතින් ඔහොම මස් උයන දාට මායි නංගිලා දෙන්නයි බලන් ඉන්නෙ කුකුල් අණ්ඩක් ඩැහැගන්න... සමහර දවස්වලට ඕක බෙදාගන්න බැරුව හෙන ගෝරි... බැරිම තැන අම්ම පොල්කටු හැන්ද උරුක් කරගෙන කෑගහනවා, 'කුකුළට තියෙන්නෙ අඬු දෙකයි බොල...' කියලා... ඉතින් කොහොම ඕක තුනට බෙදන්නද... තවත් සමහර වෙලාවට අම්ම බනිනවා 'අනේ මෙහෙමත් පෙරේත කමක්... හරියට කවදාවත් කාපු නැති එවුන් වගේ' කියලා... එහෙම වෙලාවට ලොකු නංගි කියනවා 'කාපු නැති එවුන් කොහොමද අම්මේ ඒකෙ රස දන්නෙ... කාල රහ දන්න නිසානෙ ඉල්ලන්නෙ' කියලා... ඔය විදියට එක දිගට කුකුල් මස් උයපු දෙතුන් වතාවකම ටිං ගාලා නියම වෙලාවට අඬු දෙක මමයි චූටි නගයි ඩැහැ ගත්තායින් ලොකු නගාට ඕක මිස් උණා... ලොකු නගා හිටියෙ දෙඤ්ඤං කියල බලාගෙන...
එක දවසක් දවාලෙ මං සාලෙට වෙලා මොනවදෝ කර කර ඉන්න වෙලාවක කුස්සියේ උය උයා හිටපු අම්මා දුවගෙන ඇවිත් මට කිව්වා, 'අනේ පුතේ එන්නකො යන්න බඩුවක් පෙන්නන්න,' කියලා... මාත් අම්මා පස්සෙන් කුස්සියට දිව්වා...
හනේ සංදුක්කාරේ.... අපේ ලොකු නගා, දර ලිපේ මස් හට්ටිය පැහෙද්දි, ලිප් බොක්ක ඉස්සරහින් පුටුවක් තියාගෙන වාඩිවෙලා ඒ දිහා බලන් ඉන්නවා උයල ඉවර වෙනකොටම අණ්ඩ ගන්න....!
pic from http://comps.fotosearch.com/comp/UNN/UNN723/u12839589.jpg
සටනකින් තොර ජයග්‍රහණයක් නැත. පරාජිත බඩගින්නෙන් ඇති වැඩක් නැත.
ReplyDeleteඅපේ නගා ඒක හොඳටම දැනගෙන ඉඳලා තියෙනවා පුංචි කාලෙ ඉඳලම... :D
Deleteමං කැලේනෙ යකෝ :O
ReplyDeleteඅලිය ඉතින් කොහොමත් කැලේනෙ අය්යො ඉන්නෙ... :D
Deleteහෙහ් හෙහ් මරු කථා ටික. මේකෙ පිටපතන් නංගිටත් යවන්න.
ReplyDeleteආයෙ යවන්න දෙයක් නෑ... මෙලහෙ බලල ඇති... මේක උන්දගෙ උපන්දින තෑග්ග... :D
Deleteබුදු අම්මෝ උඹ කොහෙද ගිහින් හිටියේ? කාලෙකින් තොරතුරක්වත් හුවමාරු කරගන්න බැරි වුනා. මේ කතාව කියවන්නත් කලින් සතුට ප්‍රකාශ කරන්නයි කමෙන්ට් එක දැම්මෙ. දැන් කතාවට.
ReplyDeleteඅනේ බං කොහේවත් ගියේ නෑ... මේකත් මේ බ්ලොගේ ලියන එක නතර කරන්න කලින් ලියූ එකක්... මේකෙ දොරවල් වහලම දාන්න කලින් හිතුනා ලියලා ඉවර කරලා තියෙන කතා දෙක තුනක් පල කරලා ඉවරයක් කරන්න... මං හිතුවෙ නෑ කවුරුවත් දකීවි කියලවත්... මේකෙ ගේට්ටු වහල තිබ්බ පාර බ්ලොගර් මටවත් ගේට්ටුව ඇරියෙ නෑ මීට කලින් එන්න හැදුවට... ඊයෙ තමයි ඒකට අමතක වෙලා තිබ්බ වෙලාවකද කොහෙද යන්තම් ඇතුලට පැනගන්න ලැබුනෙ....
Deleteමහ කාපාලුවො ටිකක්නෙ බං උඹලෑ නගාලා ටික.:D
ReplyDeleteනගාල විතරක් නෙවේ... මාත් එච්චර තමා... හික්ස්...
Deleteඅවුරුදු දෙකක් ගිහිල්ල මේං ඇවිත්...
ReplyDeleteතනි අණ්ඩෙ කථාවකින් හරි ආවා මදෑ...!
ජය!
අනේ මහත්තයො මේ දිගටම ඉන්න ආව ගමනක් නෙවේ.... ලියල ඉවර කරල තිබ්බ කතා දෙක තුනක් පබිලිස් කොරල යන්න ආව ගමන්.... මං හිතුවෙ නෑ කිසි කෙනෙක් මේක දකීවි කියලවත්....
Deleteමම නම් ඉස්සර ඉදලම ත්‍රී පෝෂ කන්න පෙරේතයි. දැන් නම් සමපෝෂ....
ReplyDeleteත්‍රිපෝෂ නම් රහ බලපු කාලයක් මතක නෑ... සමපෝෂ නම් ඉඳහිට තවමත් කනවා මෙහේ ලංකාවෙ කෑම තියෙන කඩවලින් ගන්න පුළුවන් හින්දා... ඒත් ඉතින් අපි මහ උන් දෙන්න විතරයි...
Deleteකාලෙකින් ඇවිත්
ReplyDeleteලියපු කතා දෙක තුනක් එලියට දාලා යන්න ආව කස්සෝ...
DeleteO O see who is back? 😉
ReplyDeleteWelcome back miuru 😊
Thanks Babe... But just to publish 2 or 3 stories dear...
Deleteඅපේ දිහාත් දැන් මොනවා ගෙනාවත් මදි. ඉස්සර කන්නේ නැහැ කියා කියා දුක් වුන උන්.කරදර කරන්නේ නම් නැහැ. එයාලම කුස්සිය ආක්‍රමණය කරනවා.
ReplyDeleteමියුරු දැක්ක කල්
ඔව්නෙ බින්දි... මං හිතන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙ...
Deleteඔය කාලෙට පොඩි උන්ටම මොනව හරි හදාගන්න පුළුවන් එක අම්මලට නම් ලොකු උදව්වක් නේද...
නුවර කුමාරිත් ගියා දැන් උබත් ගියාම කවුද යකෝ අපිට කියවන්න දෙයක් ලියන්නේ
ReplyDeleteමගේ අවතාරෙ බං... හික්ස්...
Deleteමියුරු අක්කව දැක්ක කල්.
ReplyDeleteඔය ඉතිං බඩගින්නෙ හැටිනෙ. අපේ ගෙදරත් මායි මලයයි දෙන්නම ඔහොම තමයි. දැං උනත් ගෙදර ගියාම ගෙට ගොඩවෙන්නෙ “අම්මා... බඩගිනියි...“ කියාගෙන. ඒ දවස්වල ගෙදර එනව කිව්වම අප්පච්චි ලොකු ඇම්බුං ඇවරියක් දෙකක් එහෙම ගෙනල්ල තියනවමයි. හැබැයි දවසිං ඉවරයි.
ඒක නේන්නම් පරිකල්පන... අවුරුදු දෙකකට විතර පස්සෙ නේද....
Deleteමහ ගෙදර එනව කිව්වම අම්මල අප්පච්චිල පේ වෙලානෙ ඉන්නෙ පුළුවන් උපරිම සංග්‍රහ කරන්න... කොහොමත් අම්මගෙ බත් එක මතක් වෙනකොට නම් කොච්චර බඩ පිරිල හිටියත් බඩගිනි වෙනවනෙ...
යකෝ දැක්ක කල්...
ReplyDeleteඋඩ කමෙන්ට් බලද්දී දැක්කේ ඉන්න ආපු ගමනක් නෙමෙයි කියලා, බ්ලොග් එක වහන්න එපා බං...
අවුරුද්දකට දෙකකට හරි පෝස්ට් එකක් දාපන්, නැති කමට ඒත් මදෑ...
මමනම් ඉස්සර විතරක් නෙමෙයි තාමත් රහ කෑම වලට පෙරේතයි...
හැබැයි උඹලගේ නගා තරම්ම නම් නැද්ද කොහෙද...
අපේ නගාල දෙන්න ඇතුළුව මාත් මේ වගේ පෙරේත වැඩ කළේ ඉස්සර... දැන් නම් දඟලන්නෙ පුළුවන් තරම් කන එක අඩු කරගන්න... නිකම් තියෙනවට මහත් වෙන සරීරෙ කොන්ටෝල් කරගන්න...
Deleteඅනේ ලොකු පුතේ කේස් එක මේකයි... මං මේ බ්ලොගේ දිගටම ලියන කාලෙ වැඩ කළේ සතියට දවස් තුනයි නැත්නම් හතරයි... දැන් දවස් පහම වැඩ... නිවාඩු දවස් දෙකේ ගෙදර වැඩ කරලා කඩේ ගිහින් බඩු ගෙනැත් අස් පස් කරල ඉවර වෙනකොට හොඳ ගනන්... ඉතින් පොඩි හරි විවේකයක් ලැබුනම කරන්නෙ ඒක විවේකයෙන්ම ගත කරන එක... බ්ලොගේ කරනකොට කතා ලියල පල කරලම විතරක් හරියන්නෙ නෑනෙ... අනිත් බ්ලොග්වලට ගිහින් බලල ඒවට කමෙන්ට්ස් දාල හෙම එන්නත් එපායැ... ඒකට වැය කරන්න තරම් කාලයක් විවේකයක් නැති එකයි ප්‍රශ්ණෙ... නැතුව අගේ කරන්න නෙවෙයි සන්තො...
puluwan welawata liyanna.
Deleteට්‍රයි එකක් දීල බලන්නම්කො එහෙම පුළුවන්ද කියලා හොඳේ...
Deleteකාලෙකින් පෝස්ට් එකක් දාල
ReplyDeleteඔව් අනේ... මේ කලින් ලියල පල නොකරපු කතා කිහිපයක් පල කරලම ඉවරයක් කරන්න කියල ආපු ගමනක්...
Deleteඅහම්බෙන් දැකලා ගොඩ උනා.හරි සතුටක් දැනුනා ඔයා ආයේ ලියල තියන බව දැක්කාම. මරු අක්කලා නංගිලා නේද? ලොකු නංගී දැන් ගොඩාක් මහත ඇති කියලා හිතෙනවා කාපු විදියට :D
ReplyDeleteවැඩේ කියන්නෙ ඔහොම කෑව කියල එයාගෙ ඇඟ නම් මහත් උනේ නෑ... දරුවො දෙන්නෙක්ම ලැබුනට පස්සෙ තමයි ටිකක් හරි මහත් උනේ... ඒත් ලොකුවට නෙවේ...
Deleteඇත්තම කියනව නම් ගිම්හානි, මං මේ කතාව ලියලා අවුරුදු දෙකක් විතර වෙනවා....
නැවත පැමිණීම සතුටක්. ලොකු නංගීනම් මරු .පොඩි කාලේ ගොඩාක් ආස කැම දැන් කන්න ආස හිතෙන්නේ නෑ නේද.
ReplyDeleteනැවත පැමිණීම දිගටම පවත්තගෙන යන්න පුළුවන් වෙයිද කියලයි සැක ගිම්හානි...
Deleteඔයා කිව්ව වගේ දැන් කන්න හිතෙන්නෙ නැති ඒ කාලෙ හෙන ආසාවෙන් කාපු කෑමත් තියෙනව නේන්නම්... චිකනුත් එයින් එකක් මට...
කම්මැලිකම සේරටම වඩා ලොකුයි නේද?
ReplyDeleteහිහ්..හිහ්...හී....
Deleteඅහ්..ආයෙම ආවට දිගටම ලියන්ට කල්පනාවක් නෑලු නේ?.....:(
ReplyDeleteඔව්නෙ රවි... කාලයයි කම්මැලිකමයි දෙකම හරස්වෙලා... :(
Deleteඔය සමහරු කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති කතාව නම් ඇත්ත.එහෙම මහත් වෙනවා නම් අපි ඉන්න ඕනේ හරියට නිකම් ගල්පාත වගේ.
ReplyDeleteමම හිතුවේ අරුන්දෑ අමුවෙන්ම කකුලට වැඩේ දේවි කියලා හිටං.
'ගල්පාත වගේ' හික්ස්..
Deleteඑහෙනම් මනෝජ් කන හැටිත් හිතාගන්න පුළුවන්... කන තරමට මහත් වෙන්නෙ නැති එක කොච්චර වාසනාවක්ද අනේ... ඒකට අපි... කෑම සුවඳක් ආවත් ඇති... ෂික්...
පුළුවන්කමක් තිබ්බ නම් උන්ද එහෙම කරන්නත් තිබ්බා ඔය අන්ඩට තිබුනු ආසාවට...
appe dakapu kal. aye enne na kiwwa? ehema ba. yalata mahata hari me paththe awith yanna.
ReplyDeleteඑහෙම තමයි වෙන්න යන්නෙ සයුරි... බලන්නකො ඔයාට උත්තරයක් දෙන්න ගිය කල්... ඒ ගැන සමාවෙන්න හොඳේ...
Delete
ReplyDelete---
කාක් පැටවු තුන්දෙනාගේ කථාව..
ජ ය වේවා
අමුතු පත්තරේ දෙවැනි කොටසින් හම්බෙමු...
කාක් පැටව් තුන් දෙනාගෙ කතා තමයි නේන්නම්... අමුතු පත්තරේ දෙවෙනි කොටස ලියල නෑනෙ විදානේ...
ReplyDelete