ගිය පාර කතාව කියවලා සමහර අය කියලා තිබුණා ඔය අවුරුදු හතර අතරතුර වෙච්චි ඒවාත් ලියන්න කියලා.... ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියටයි මේක ලියන්නෙ... නැත්නම් මං හිතාන හිටියෙ නෑ මේ තරම් විස්තරයක් ලියන්න.... ඇත්තටම ඒ තරම් දිගු කාලයක් තුල වෙච්චි දේවල් අකුරු කරන්න ලේසියට බැරි නොයෙකුත් සිද්දීන් සමුදායක්ම ඔය කාලෙ සිද්ද වුනු නිසා.... ඒ නිසා සිදුවීම් කිහිපයක් ලියලා මේක ඉවර කරලා දාන්නම්.... පස්සෙ කාලෙක කතාවට ගැලපෙන මේ සම්බන්ධ සිදුවීම් තිබුනොත් විතරක් මගේ අතින් මෙයා ගැන ලියවේවි......
දැන් නම් මේ ළමයට නමක් දාන්න ඕන... අර ගිය සැරේ ඔබ නොදුටු ලොවක් දාපු 'සමන්' කියන නමම දාමුකෝ... හැබැයි මේක මෙයාගෙ ඇත්ත නම නම් නෙවෙයි.....මේ සමන්ගෙ තාත්තා විදුහල්පතිවරයෙක්.... එයාල හිටියෙ අපි බස් එකේ ඉස්කෝලෙ යනකොට මගදි හම්බවෙන පාර අයිනෙ තිබුනු ඉස්කෝලෙක ගුරු නිවාසෙ.... ගෙදර පේන හින්දා මෙයාට නංගියෙකුයි, හුඟක්ම පොඩි මල්ලියෙකුයි ඉන්න බවත් මං දැකලා තිබුණ.... ඉතින් අර මං කලින් කිව්ව පෝස්ට් එකේ තිබුණා වගේ මෙයාගෙ මේ වැඩේ මට කරදරයක් වෙනකොට ඇත්තටම මට බය හිතුන.... ඉස්කෝලෙ ගුරුවරුන්ට ආරංචි වෙයිද... ගෙදරින් දැනගත්තොත් මොනවා වෙයිද කියල..... පස්සෙ මට හිතුනා ගුරුවරු දැනගන්නවට වැඩිය හොඳයි ගෙදරින් දැනගන්න එක කියල මං ගිහින් අම්මටයි තාත්තටයි කිව්ව..... මෙන්න බොලේ තාත්ත පස්සෙන්දම සමන්ලගෙ ගෙදර ගිහින්.... ඒ යනකොට සමන් ගෙදර ඉඳලා නැහැ.... අපේ තාත්තා බොහොම සුහදව සමන්ගෙ තාත්තට විස්තරේ කියලා කියල තිබුණා මං තාම ගොඩක් පුංචි නිසා මට නිදහසේ ඉගෙන ගන්න ටික කරගෙන යන්න දෙන්න කියලා පුතාට කියන්න කියල....
ඉතින් ඔන්න පහුවදා ඉස්කෝලෙ ඇරිලා බස් එකේ එද්දි වෙනදා වගේ සමන් හිටියෙ නෑ එයාගෙ යාළුවොත් එක්ක.... යාළුවොත් වැඩි සද්දක් නෑ... මට නිකම් තේරුනා මට රවනවත් වගේ.... මට නිකමට හිතුනා තාත්ත සමන්ලගෙ ගෙදර ගිය එක පත්තු වෙලාදෝ කියලා.... හැබැයි මට ඔය ගැන ඉස්කෝලෙ ගිහින් කාටවත්ම කියන්න එපා කියලා ගෙදරින් කිව්ව නිසා මම නම් කාටවත් කියල තිබ්බෙ නෑ.... එදා හැන්දෑවෙ තාත්ත වැඩ ඇරිල ආවම තමයි මොකක්ද වෙලා තියෙන්නෙ කියල තේරුනේ.....සමන්ගෙ තාත්ත කරල තියෙන වැඩේ, සමන්ට කියලා අපේ තාත්තගෙ ඔෆිස් එකට ගිහින් අපේ තාත්තගෙන් සමාව අරගෙන ආයෙ එහෙම දෙයක් කරන්නෙ නෑ කියල පොරොන්දුවෙලා එන්න කියල.... එදා හවස ඉස්කෝලෙ ඇරිලා මෙයා තාත්තගෙ ඔෆිස් එකට ගිහින් තාත්තගෙ කකුල් දෙක ළඟ වැටිලා වැඳලා සමාව අරගෙන.... අපේ තාත්තා හීනෙකින්වත් එහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නැති නිසා එයා ලොකු අපහසුතාවයකටත් පත්වෙලා.... තාත්ත ඕක ගෙදර ඇවිත් කිව්වෙ හරිම කණගාටුවෙන්.... අම්මගෙත් හිත රිදුනු බව මට තේරුනා... ඇත්තටම මටත් හිතුනා ඒක හරිම පව්කාර වැඩක්නෙ කියලා... ඒ ළමයටත් ආත්මයක් කියල එකක් තියෙනවනෙ....අපේ තාත්ත බලාපොරොත්තු වුනේ ගෙදරින් දෙන අවවාදයක් විතරයි.... සමාව ගැනීමක් ගැන නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති... ඇත්තටම මට සමන් ගැන පව් කියලත් හිතුනා....එදත් වෙනදා වගේම මට ගෙදරින් කිව්වා මේ ගැන කටෙන් කෙළ බින්දුවක්වත් හලන්න එපා කියල.... ගෙදරින් කිව්වත් නැතත් මාත් හිතාගෙන හිටියෙ මේක කාටවත් කියන්නෙ නෑ කියල.... පස්සෙන්ද මං ඉස්කෝලෙ ගියාට පස්සෙ ඉන්ටවල් එකේදි මෙන්න කට්ටිය හා හූ ගාල කතාව මේ සිද්දිය ගැන.... මගේ යාළුවොත් දුවන් ඇවිත් අහනව මෙහෙම සිද්දියක් වෙලා කියන්නෙ ඇත්තද කියල... බලනකොට සමන්ම කියල කොල්ලොන්ට වෙච්චි දේ.... මං කලින් කියල තියෙනවනෙ මිනිහගෙ හැම දෙයක්ම මුළු ඉස්කෝලෙම දන්නව කියල.... අන්තිමට මේකටත් එච්චරයි.... ඒත් එහෙම උනා කියල මෙයාගෙ වැඩේ නම් නතර උනේ නෑ....ආයෙ එහෙම දෙයක් උනාද කියලවත් වගක් නැතුව සුපුරුදු බිස්නස් එකම කෙරීගෙන ගියා....
සමන්ගෙ තාත්තගෙ ඉස්කෝලෙ ඉස්සරහම තිබුනු බස් හෝල්ට් එකෙන් තමයි සමන් බස් එකට නගින්නෙ.... එතැනින් නගින බහින ළමයි ටිකක් වැඩිපුර හිටපු නිසා බස් එක එතැන නතර කළාම මෙයා හොඳට වටේ කැරකිලා බලනවා මං ඉන්නවද කියල.... පස්සෙ කාලෙක බස් එකේ කොල්ලො දැනගත්තම මෙයා මේ බලන්නෙ මොකක්ද කියලා උන් මෙයා හෝල්ට් එකේ ඉන්නව දැක්ක ගමන්ම 'නැගපාං... ඉන්නවා...ඉන්නවා....' කියල කොහොම හරි කුදලලා බස් එකට දාගන්නව.... සමහරදාට බස් එකේ මං වාඩිවෙලා හිටියොත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම උන්දගෙ පොත් ටිකත් දඩස් ගාල වැටෙනව මගේ ඔඩොක්කුවට.... එක දවසක් මට මතකයි ඔහොම මෙයාලගෙ බස් හෝල්ට් එක ගාවින් අපේ බස් එක එනකොට එදා කවුරුවත් හිටියෙ නෑ එතැනින් බහින්නවත් නගින්නවත්.... මම වාඩිවෙලා හිටියෙ බස් හෝල්ට් එක පැත්තෙන්.... මං දැක්කා බස් එක පාස් වෙනවත් එක්කම පොර ගේට්ටුවෙන් එළියට දුවන් එනවත්, මිනිහා මාව දැක්ක බවත්....ඊළඟ බස් හෝල්ට් එකෙන් තවත් ඉස්කෝල දෙකකට යන ළමයි බහිනවා වගේම හතරදිග්බාගෙන් එන ළමයි සෑහෙන සංඛ්‍යාවක් අපේ බස් එකෙන් යන්න පුළුවන් ඉස්කෝල හතරකට යන්න නගිනව... ඒ නිසා ඒ හෝල්ට් එකේ බස් එක සෑහෙන වෙලාවක් නතර කරන් ඉන්න බව දන්න නිසා සමන් කළේ අර දිවිල්ලම බස් එක පිටිපස්සෙන් ඊළඟ හෝල්ට් එකටම දුවන් ආපු එකයි.... කොල්ලො ෆුට් බෝඩ් එකටත් බැහැලා මෙයාට චියර් කළා.... ඒ අතරෙ මගේ නමත් කියවෙනවා මට ඇහුන....එදා මගේ මොකක්දෝ හේතුවකට රශ්මිගෙ ලොකු අයියාත් අපේ බස් එකේ හිටිය... එයා හිටගෙන හිටියෙ අපි ළඟ.... මගේ නම කියවෙනව ඇහෙනකොටම මට ඉබේම එයාගෙ මූණ බැලුන... කොල්ලො නටන නාඩගම දිහා බලන් හිටපු එයාත් මං දිහා බලල අහක බලාගත්ත.... මට තේරුනා අයියට මීටර් කියලා වැඩේ.....
ඊට පස්සෙන්දා රශ්මි (මෙයා කවුද කියලා මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවනේ) ඉස්කෝලෙ ඇවිත් මාව තනි කරගෙන ලොකු කතාවක් කිව්ව..... රශ්මිගෙ අයියලා දෙන්න ගියේ අපේ ගමේ තිබුනු මහා විද්‍යාලෙට.... කලින් දවසෙ බස් එකේ ගිය ලොකු අයියට මං හිතුව වගේම වැඩේ තේරිලා.... හැබැයි මිනිහා මේකෙ අගක් මුලක් දන්නෙ නැති හින්දා එයා හිතලා තියෙන්නෙ මං සමන් එක්ක යාළුයි කියලා.....අයියා රශ්මිට කියලා තියෙනවා 'මියුරුට කියන්න ඕකට අහුවෙන්න එපාය කියලා... ඌ වැලිකෙළියෙ පටන් යාළුවෙලා ඉන්න කෙල්ලෙක් ඉන්නවා අපේ ඉස්කෝලෙ...' කියල.... අයියා තව කියල තිබුණ දැන් ඒ කෙල්ලට ආරංචි වෙලාය මෙයා තවත් කෙල්ලෙක් එක්ක යාළුයි කියලා, කෙල්ල අහුවුනොත් බැටේ දෙන්නයි බලන් ඉන්නෙ, ඒ නිසා මියුරුට කියන්න පරෙස්සම්වෙලා ඉන්නය කියලා..... මගෙ අම්මෝ... මං බය වුනු බයවිල්ල... මේ එකෙක්ගෙන් ගැලවෙන්න බැරිව තියෙන කරදරේ මදිවට ඌ නිසාම කාපන්කො ගුටි තවත් කෙල්ලෙක්ගෙන්.... එහෙම උනොත් ඇතිවෙන විළි ලැජ්ජාව....!! අපරාදෙ කියන්න බෑ අයියා කෙල්ලගෙ නමත් කියල තිබුණ.... ලස්සන වැඩේ කියන්නෙ රශ්මිගෙ අයියගෙ නමත් 'සමන්', කෙල්ලගෙ නම 'සමන්ති'....(මෙතන හිතාගන්නකො රශ්මිගෙ අයියගෙ ඇත්ත නමත් මේ ළමයගෙ ඇත්ත නමමයි, අර ගෑණු ළමයගෙ නම ඒකෙම ස්ත්‍රී වර්ශන් එකයි කියල...) මේක දැනගත්තු වෙලේ ඉඳන් මං හිටියෙ සීතලවෙලා.... ඒ එක්කම මට හිතුනා මං මේක දන්න බව සමන්ට ඇඟෙව්වොත් මිනිහා මං පස්සෙ එන එක නතර කරාවි කියල.....
ඔහොම ඉන්නකොට ඔන්න අපේ හවුස් මීට් එකත් ආව.... ඒ වෙනකොට සමන් ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙක්.... මේ කියන දවසෙ ඉතුරුවෙලා තිබුනෙ අවසාන දුවන තරඟ ටික විතරයි.... හිටපු ගමන් අපේ පන්තියෙ කෙල්ලෙක් දුවල ඇවිත් මාවයි රශ්මිවයි ඇදගෙන ගියා 'මෙහෙ වරෙන් බඩුවක් පෙන්නන්න...' කියල... ඒ කරලා ඉවෙන්ට්ස් එනවුන්ස් කරන අය හිටපු හට් එකේ ඉඳගෙන හිටපු මනුස්සයෙක්ව පෙන්නල මට කිව්ව 'හොඳට බලාගනිං... අර ඉන්නෙ උඹේ මාමණ්ඩි...' කියල... එතකොටම වගේ ඒ මනුස්සය අපි දිහා ඔළුව හරවල බැලුව නිසා මං විගහට අහක බලාගෙන එතැනින් පැනල දිව්ව... අන්තිමට ඕක ආරංචි වෙලා එක එකා ගිහින් අර මනුස්සයව බලල එනව.... හිතාගන්න පුළුවන්නෙ වැඩේ කොහොමට තියෙන්න ඇතිද කියල.... ඉතින් ඔන්න එදා අවසාන දුවන තරග පවත්වනකොට ළමයින්ට පිට්ටනිය මැදට එන්න බැරිවෙන්න වටේට ලණු ඇදලා රවුමක් හදලා ශිෂ්‍ය නායකයොන්ට භාරදීල තිබුනා ඒක රකින්න... අපිත් ඉතින් ගිනි කාෂ්ඨක අව්වේ ඔය ලන්න අයිනට වෙලා ඉන්නකොට කොහෙද ඉඳලා සමනුත් ඇවිත් අපි ඉස්සරහින් හිට ගත්ත.... රශ්මි මාව කෙනිත්තුව... මට දැන් අර කතාව කියාගන්න කට පොපියනව.... මගෙ වෙලාවට මෙයා පිටිපස්ස හැරිලා මගෙන් ඇහුවා,
'කොහොමද...' කියල....
'කවුද සමන්ති කියන්නෙ...' මං ඇහුව...
'කවුද කිව්වෙ..?'
'සමන්'
එච්චරයි... මිනිහ සද්දක් නෑ... වෙන සාක්ෂි ඕන නෑනෙ වැඩේ ඇත්ත බවට..... මං හිතුව දැන් නම් මට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයි කියල.....ඇත්තටම ටික දවසක් යනකම් මට කරදරයක් තිබ්බෙ නෑ....
ඔය අතරෙ දවසක් මම 7 ශ්‍රේණියේ (8 වසරෙ ) අවසාන භාගයේ ඉන්න කාලෙ (මේ වෙනකොටත් අපි ඉස්කෝලෙ ගියේ හවස් වරුවෙ ) ඉස්කෝලෙ යන්න බස් එකට නැගලා වාඩිවෙලා ඉන්නකොට රශ්මිලගෙ අයියලගෙ ඉස්කෝලෙ කෙල්ලො තුන් දෙනෙක් ඇවිත් අපි හිටපු තැනට සීට් දෙක තුනකට ඉස්සරහින් වාඩි වුනා.... ටික වෙලාවක් යනකොට අර තුන් දෙනා හැරි හැරී මං දිහා බල බල සුටු පුටු ගගා මොනවාදෝ කොඳුරන බවත් මට තේරුනා.... මට එකපාරටම මතක් උනා රශ්මිගෙ අයිය කියපු දේ.... එතකොට මං දැනගත්තා තුන් දෙනාගෙන් එක්කෙනෙක් සමන්ති තමයි කියල.....මගේ ඇඟ සීතල වෙලා ගියා... වෙලාවට රශ්මිත් ඇවිත් තිබුනෙ නෑ... අපේ මාමගෙ දුව ගයනි තමයි මාත් එක්ක එක සීට් එකේ වාඩිවෙලා හිටියෙ..... මොකක් හරි උනොත් උන්දගෙන් නම් පිහිටක් බලාපොරොත්තු වෙන්න බැරි බව මං දැනගෙන හිටිය..... දැන් මට පේනවා එක කෙල්ලෙක් 'මං අහන්නද ...' කිය කියා මගේ දිහා බල බල සීට් එකෙන් නැගිටින්න හදනවත්, අනිත් කෙල්ල එයාව සීට් එකට තියන් තද කරන් ඉන්නවත්... කොහොමින් හරි පරාණ බයේ හිටිය මගේ සැනසිල්ලට කිසිම සිදුවීමකින් තොරව ඒ තුන්දෙනා සමන්ලගෙ ගමේ හෝල්ට් එකෙන්ම බැහැලා යන්න ගියා.... ඒත් මට අදටත් පුදුමයි සමන්ති හරියටම මාව අඳුනගත්තෙ කොහොමද කියල....
මම 8 ශ්‍රේණියේ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ පටන් ගත්තා 'බස් මගීන්ගෙ සංගමය' කියලා එකක්.... ඒකෙන් කෙරුනෙ සීසන්කාරයන්ට වෙලාවට සීසන් ටික ගන්න පහසුකම් සලවන එක තමයි ප්‍රධාන වශයෙන්ම.... ඉතින් ඕකෙ සභාපතිද ලේකම්ද උනේ සමන්.... මේගොල්ලො පන්තියෙන් පන්තියට යන්න පටන් ගත්ත ඕකට පන්ති නියෝජිතයො තෝරන්න.... වටේ කැරකිලා ඔන්න අපේ පන්තියටත් ආව.... අරුන් ආව කාරනේ කියල ඉවර වෙනකොටම මගේ නම යෝජනා කරල ස්ථිර කරලත් ඉවරයි.... මං බෑ කියන්න කට අරින්න හදනකොටම වෙන්නෙ මොකක්ද කියල තේරුනු සමන් යාළුවත් ඇදගෙනම පන්තියෙන් එළියට බැහැල ගියා නෙවෙයි විද්ද.... ඕකට පන්තියේ කොල්ලො කිව්ව උන් දැක්කෙ පොඩි ආලෝක රේඛාවක් යනව විතරයි කියල, ආලෝකයේ ප්‍රවේගයෙන් අතුරුදහන් වෙච්චි හින්දා...... බෙරිවෙච්චි මගේ මූණ දැක්ක ඒ වෙලාවෙ පන්තියේ හිටපු මිස් කිව්ව ඔයාට බැරි නම් පස්සෙ මීටින් එකට ගියාම ඒ ගැන කියල ඉල්ලා අස්වෙලා වෙන කැමති කෙනෙක් පත්කරගන්න කියල.... වෙන කෙනෙක් පත් කිරිල්ල කෙසේ වෙතත් ඉස්කෝලෙ ඉවර උනාම මීටින්වලට යන්නයි, පන්තියේ ළමයින්ගෙ සීසනුයි සල්ලියි එකතු කරගෙන ගිහින් සීසන් අරන් එන්නයි සිද්ද වුනේ මට.... සාමාන්‍ය විදියට වචනයක් දෙකක් කතා කරන එකත් කෙරුනා.... එහෙම කතාකරනකොට වටාපිටාවෙ අය කන් ටියුන් කරගෙන හිනාවල් තද කරගෙන අහන් ඉන්න බවත් තේරුනා... තවත් ඔය කාලෙ කෙරුනු දෙයක් තමයි ඉස්කෝලෙ පටන් ගන්න කලින් පොඩි ව්‍යායාම පාරක් දාන එක.... බෙල් එක ගැහුවම අපි ඉඩකඩ තියෙන තැන්වල පෝලිම් ගැහිල පන්සිල් අරගෙන මේ ව්‍යායාම් ටික කරල තමයි පන්තියට යන්න වුනේ... ඒවා කරවන්න උනේ ශිෂ්‍ය නායකයන්ට... ඉතින් කියන්න දෙයක් නෑනෙ... අපේ පන්තිවල ඒ වැඩේට ආවෙ සමන්... ඉතින් ළමයි ව්‍යායාම කරන්නෙ මගේ දිහායි සමන් දිහායි මාරුවෙන් මාරුවට බල බලා... එහෙම වෙලාවට මං හරිම අපහසුතාවයට පත්වුනා...
ඔන්න එක දවසක් අපේ පන්තිවල ළමයින් පෝලිම් ගැහිලා එසෙම්බ්ලි එකට යනවා.... අපේ 8 පන්ති තිබුනෙ පොඩි ඉස්කෝලෙම වෙනමම කොටසක.... එසෙම්බ්ලි එක තිබුනෙ ලොකු ඉස්කෝලෙ හින්දා අපට මීටර් 50 ක් විතර අතුරු පාරක ගිහින් තවත් මීටර් 50ක් ප්‍රධාන පාරෙ ගිහිල්ල තමයි ලොකු ඉස්කෝලෙට යන්න වුනේ.... දැන් අපි ඔය කිව්ව අතුරු පාරෙ යනවා.... ටික වෙලාවකින් මට පෙනුන අපට ඉස්සරහින් යන කෙල්ලො ටික පෝලිමෙනුත් පැනලා පස්ස හැරි හැරී හිනාවෙවී මගෙ දිහා බලනව.... මං බැලුවට වට පිට... මට මොකුත් පෙනුනෙ නෑ... මෙන්න රශ්මි කියනව 'යකෝ.. උඹේ මාමණ්ඩි...' කියල... බලනකොට සමන්ගෙ තාත්ත පාර අයිනෙ හිටගෙන පෝලිමේ යන ළමයි දිහා බලන් ඉන්නව.... කෙල්ලො කිචි බිචි ගගා හිනාවෙනකොට ඒ මනුස්සයටත් හිනහයි... එයාත් යාන්තම් හිනාවෙවී බලන් ඉන්නව.... හැමෝම මගේ දිහා හැරි හැරී බලන නිසා ඒ මනුස්සයා අඳුනගත්තා මාව.... ඒ කරලා එක එල්ලේම මගේ දිහා අර විදියටම යන්තම් හිනාවක් දාගෙනම බලන් හිටියා.... මම ලැජ්ජාවයි හිනාවයි එක්කම බිම බලාගෙන තමයි එතැන පහු කළේ... ටිකක් දුර ගිහින් පස්ස හැරිලා බලනකොටත් ඒ මනුස්සයා ඒ විදියටම හැරිලා මගේ දිහා බලන් හිටියා.... මං දන්නෙ නෑ අදටත් ඒ ඇයි කියල.... ඒක අහම්බයක්ද, නැත්නම් වුවමනාවෙන් කරපු දෙයක්ද මන්දා..... අහම්බයක් වෙන්න බැරිය කියලා හිතෙන්නෙ එයා වෙන ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක් වෙච්චි හින්දා... ඒ වෙලාවෙ එතැන පාළු පාරෙ මොනව කළාද... මාව බලන්න ආව නම් අපි ඒ වෙලාවෙ එතැනින් යන බව එයා දන්නෙ කොහොමද....
ඔහොම ඉන්න අතරෙ එක දවසක් අපි ඉස්කෝලෙ ඇරිල බස් එකට නගින්න පෝලිමේ ඉන්නකොට මං අහම්බෙන දැක්ක සමන්ති අපේ සහෝදර ඉස්කෝලෙක යුනිෆෝම් එකත් ඇඳගෙන පොත් ටිකත් තුරුළු කරන් මං දිහා බලන් ඉන්නව... මං එතකොට දැනගත්තා ගෑණි හිටපු ඉස්කෝලෙන් අස්වෙලා අළුත් ඉස්කෝලෙට ඇවිත් කියල වෙන්ට මහත්තයව බේරගන්න.... ටිකක් හොඳට බලනකොට මට පෙනුන සමනුත් ඈතින් ඉඳගෙන මගේ දිහා බලන් ඉන්නව.... ඒක දැක්කම නම් මට හිනාත් ගියා... මං පේන්නම හිනාවෙලා අහක බලාගත්ත....තව දවසක් මං දැක්කා මං බස් ස්ටෑන්ඩ් එකට එනකොට ඒ දෙන්න කතා කර කර ඉඳලා මං එනවා දැක්ක ගමන්ම සමන් ඈතට යනව.... සමන්ති මාව දැක්ක ඕනම වෙලාවක ඊට පස්සෙ හිටියෙ මගේ දිහා බලාගෙනමයි.... ඒ දෙන්න අතර තිබ්බෙ මොන විදියෙ සම්බන්ධයක්ද කියල මට අදටත් හිතාගන්න බෑ....
ඉතින් මේ විදියට නොයෙකුත් වික්කිරියාවල් සිද්ද වෙලා ඉස්කෝලෙන් අයින් වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අර මං කලින් කතාවෙදි කිව්ව වගේ සමන් අන්තිම වතාවට යාළුවෙක් එවලා මගෙන් ඇහුවෙ මං එයාට කැමතිද කියල....මං එයාට අකමැතියි කිව්වම පස්සෙ වෙලාවක මගේ ළඟට ඇවිත් කිව්වා 'මොනව උනත් කමක් නෑ....මගදි දැක්කොත් මීට පස්සෙ හිනාවෙලා යන්න... අහක බලාගෙන යන්නෙ නැතුව...' කියල... එත් එහෙම කියපු එක්කෙනා මගදි දැක්කම මං යන්තම් හිනාඋනාට එයා හිනාඋනේ නෑ.... ඇහි පිය නොහෙලා මගේ දිහා බලන් උන්න විතරයි.... පස්සෙ මෙයා මගේ හොඳම යාළුවෙකුගෙ අක්කලා දෙන්නෙක්ම කරපු කෝස් එකක් කළා එයාලත් එක්ක... මේ අක්කලා මගේ සිද්දිය දැනගෙන හිටිය නිසා දවසක් විහිළුවට වගේ සමන්ගෙන් අහල තියෙනව 'කොහොමද මියුරු හෙම...?' කියල... සමන් වචනයක්වත් නොකිය ගිහින් එයාලගෙ ලෙක්චර් රූම් එකෙන් වාඩිවෙලා කල්පනා කර කර හිටියලු.... ඇත්තටම ඒක කිව්වම නම් මට ටිකක් ඒක වැදුන... ඒ බව තේරුනාම මගේ යාළුව මට වද කර කර ඇහුවා මං සමන්ට ඇත්තටම හිත යටින් කැමතියි නේද කියල.... මම නෑම කියල හිටිය.... ඊට පස්සෙ එයා මට සමන් ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ.... මට විස්තර දැනගන්න ඕන කම තිබ්බත් මං අහන්න ගියේ නෑ ලැජ්ජාවටයි, ආයෙමත් මේක ඇවිස්සිලා එයි කියන බයටයි.... ඉන් පස්සෙ අවුරුදු ගාණකින් මට සමන් ගැන කිසිම විස්තරයක් දැනගන්න ලැබුනෙ නෑ...
ඊට අවුරුදු ගණනාවකට පස්සෙ මං කැම්පස් එකේ ඉන්දැද්දි අපි පිකට් එකක් කළා යූජීසී එක ඉස්සරහ පට්ට අව්වෙ.... එක සැරයක් මොකක්දෝ සටන් පාඨයක් කියලා අත උස්සනකොට හරියටම එතැනම ඉස්සරහින් පාරෙන් එහා පැත්තෙ තිබුනු තට්ටු දෙකේ බිල්ඩිං එකේ උඩ තට්ටුව දිහා බැලුනෙ අහම්බෙන්.... ඒ බැල්කනියෙ ඉඳන් සුපුරුදු ඇස් දෙකක් මගේ දිහා බලාගෙන හිටිය... මූණ පුරාම රැවුල වවල... ඒත් නීට් එකට ට්‍රිම් කරල හෙම නෙවේ.... ඉස්කෝලෙ කාලෙ වගේම සුදු කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳන් හිටියෙ... මමත් අත පහළට දාල බලන් හිටිය... ඒ වෙනකොට අපි දෙන්නම රූපෙන් ගොඩාක් වෙනස් වෙලා... ඒත් අපි දෙන්නටම අපිව අඳුනගන්න පුළුවන් උනා... පස්සෙ කවුද ඇවිත් කතා කළාම එයා ඇතුලට ගියා.... එදා තමයි මං සමන්ව අන්තිමටම දැක්කෙ....
හ්ම්ම්.. බලාන ගියාම පස්සෙන් යන එවුන්ට කෙල්ලෝ කැමති වෙන්නේ මයේ හිතේ වදෙන් බේරෙන්නම වෙන්නෑ. එකනේ ඔය ඉස්කෝලේ කාලේ ලව් බොහොම ටික දවසක් තියෙන්නේ.
ReplyDeleteවදෙන් බේරෙන්න යාළුවෙච්චි මගේ යාළුවොත් හිටියා... ඒ වගේම අකමැති කෙනෙක්ගෙන් බේරෙන්න වෙන කෙනෙක් එක්ක යාළුවෙච්චි කෙනෙකුත් හිටියා... ඒ එකක්වත් ඒලෙවල් කාලෙ වෙනකම්වත් තිබ්බෙ නෑ...
Deleteමිනිහා නම් ඇත්තටම සිරාවට ලව් කරලා තියන පාටයි! මිනිහා අර හිනා වෙන්නේ නැතුව බලං හිටියයි කියන බැල්මෙන්ම ඒක කියන්න පුලුවන්!
ReplyDeleteඔක්කොම වෙන්නෙ හොඳටනේ! නේද?
ඉස්කෝලෙන් ගියාට පස්සෙ දකින්නෙත් නැතුව හිටපු කාලෙ වෙච්චි දේවල් ආරංචි වෙනකොට නම් මටත් එහෙම හිතුන සාබිත්.... එතකොට ඒක මගේ හිතටත් වැදුන ලොකු වැරැද්දක් කරපු ගානට....
Deleteසියල්ල සිදුවෙන්නේ හොඳටයි කියන එක නම් මං තරයේම විශ්වාස කරන දෙයක් සාබිත්....
අද මම එක වගේ...
ReplyDeleteකොච්චර දේවල් තියනවද ඔය වගේ හිතා ගන්ඩ බැරි..
ඒත් එකෙක් ඉද්දී තව එකෙක් පස්සෙන් ඔච්චර කට්ටක් කාගන.. මොකද ඒ.. ?
මහත්තයව හම්බෙච්ච හැටිත් කිව්වනම්...
//අද මම එක වගේ...//
Deleteපව් අනේ ඔයා... ;P
//කොච්චර දේවල් තියනවද ඔය වගේ හිතා ගන්ඩ බැරි//
ඒකනෙ සෙනා... මෙයා සමන්ති එක්ක යාළුවෙලා ඉන්දැද්දිම තමයි අර තරම් ප්‍රසිද්ධියක් දීගෙන මා පස්සෙ ආවෙ.... එතකොට දැනගන්න ඕනනෙ ඒ කෙල්ලට ආරංචි වෙයි කියලා... ඒකට බයක් තිබුනු බවක් පෙනුනෙත් නෑ... අනිත් එක එහෙම සම්බන්ධයක් තියෙන බව ඔය සපෝට් කරපු යාළුවන්වත් දැනගෙන හිටියෙ නැද්ද මන්දා... ඔය මම කියලා තියෙන සමන්තිව මුලින්ම දැකපු දවසෙ, එයා ඒ විදියට හැසිරුනාට ඊට පස්සෙ ඕන තරම් අවස්ථාව තිබ්බත් මාත් එක්ක කතා කරන්න, මගේ මූණ දිහා බලන් හිටිය මිසක් කවදාවත් කතා කරන්න උත්සාහයක්වත් දැරුවෙ නෑ... එදා ඒ පළවෙනි දවසෙ තිබ්බ උවමනාවෙ හැටියට එකපාරටම එහෙම වෙනසක් ඇතිවුනේ කොහොමද....
//ඒත් එකෙක් ඉද්දී තව එකෙක් පස්සෙන් ඔච්චර කට්ටක් කාගන.. මොකද ඒ.. ?//
ඔන්න ඕක තමයි තිබුනු ලොකුම ප්‍රශ්නෙ... රශ්මිගෙ අයිය කියපු විදියට සමන් තමයි සමන්තිව අමතර පන්ති හිටන් ගෙනිහින් තියෙන්නෙ බයික් එකේ දාගෙන... ඒ දෙන්නා කතා කර කර ඉන්නවත් මං මගේම ඇස් දෙක දැක්කානෙ.... මං ස්පෝට් මීට් එක දවසෙ අරම කියනකොට උනත් සමන් උත්සාහ කළේ නෑ මට එහෙම නෙවෙයි කියලා කියන්න... එයා කවදාවත් කිව්වෙ නෑ එයාගෙයි සමන්තිගෙයි අතරෙ සම්බන්ධයක් නෑ කියන එක.... මට පණිවුඩ ගෙනාව යාළුවොවත් කවදාවත් සමන්ති ගැන මොකවත්ම කිව්වෙ නැත්තෙ එයාලත් ඒ ගැන දැනගෙන හිටියෙ නැති නිසාද මන්දා....
අර අන්තිමට කිව්ව එක ගැන සලකා බලන්නම්.... දැනට නම් අදහසක් නෑ අප්පා.... :D
ශිඃ මම පව් නේන්නම්... ඔයාගේ මේ කමෙන්ට් මොඩරේශන් එක මාව මුලා කලා..
Deleteහොඳ වෙලාවට " කොහෙද " කියලා දැම්මේ !
ඔයා විතරක් නෙවෙයි... උදේ පාන්දර කට්ටියගෙ ප්‍රතිචාර බලන්න ඇවිත් එක කමෙන්ට් එකක්වත් නැති උනාම මොකද බොලේ ඒ කියල හිතුනා...පස්සෙයි මතක් උනේ...හික්ස්...
Deleteබොහොම ස්තුතියි සෙන්නා අර කලින් පෝස්ට් එකේ කමෙන්ට්ස් 200 කරල ගියාට... හික්...හික්..හික්...
Deleteඒකෙ උත්තර බැන්දෙ නැත්තෙ ඊට වඩා කමෙන්ට්ස් දාන්න බැරි බව පොඩ්ඩිගෙ බ්ලොග් එකේද කොහෙද සඳහන් වෙලා තිබ්බ වගේ මතක නිසා...
මේක යස ප්‍රේම පුරාණයක් නේ....(ස්ත්‍රී වර්ෂන් එකට මම නම් කියන්නෙ ෆීමේල් වර්ෂන්....)
ReplyDeleteමේක මොකක්දෝ කියලා අදවත් මට හිතාගන්න බෑනෙ ශානි....
Deleteප්‍රේම පුරාණයක් කියල කියන්නත් බෑනෙ ප්‍රේමයක් තිබ්බෙ නැති හින්දා..... :D
හප්පා සමන් කියන නම ම දැම්මද...හික් හික් මාමන්ඩියනං කැමති වෙලා වෙන්න ඇති ලේලි පොඩ්ඩව බලන්න එන්න ඇත්තේ...ඉතින් අද වෙනකංම සමනව දැක්කෙ නැද්ද..පව් වැඩේ...අර පාරෙදි දැක්කම හිනා වෙලා හරි යන්න කියන සීන් එක නං මරු...මමත් බැරිම තැන ඕක කියලා තියෙනවා....හික් හික් .....
ReplyDeleteඇත්තටම මාමණ්ඩි එදා කොහොම, මොකට එතැනට වැඩියද කියල දෙයියො තමා දන්නෙ...
Deleteඔය අන්තිමට මං කියල තියෙන සිද්දියෙන් පස්සෙ නම් අද වෙනකම් දැකලත් නෑ, විස්තරයක් දැනගන්න ලැබිලත් නෑ අනේ....
නෑ නෑ දැන් ඕවා ගැන හිතන්න යන්න එපා...
Deleteමෙච්චර කාලෙකට හිතුවෙත් නෑ... මතක් උනෙත් නෑ.... මේක ලියන්න ගිහින් තමයි ඔක්කොම කොනක ඉඳලා මතක්වෙන්න ගත්තෙ... ආයෙ හිතන්නෙ නෑ.... :D
Deleteමොනවා උනත් ලස්සන කතාවක්.ඉස්කෝලේ කාලේ ඔයා හෙන දුකක් නේ විඳලා තියෙන්නේ.ඒත් කතාවේ අන්තිම ටික කියෙවුවාම මට දුක හිතුනා දෙන්න ගැනම.
ReplyDeleteදැන් නම් මතක් වෙනකොට මටත් සමන් ගැන දුක හිතෙනවා අසාර් මල්ලි.... ඒත් ඒ කරපු කියපු ඒවා අනුව මනුස්සයාව තේරුම් ගන්න මට තවමත් බෑ....
Deleteඇත්තටම මට පව් කියලත් හිතුනා...ඒත් වෙලාවට අහුනොවුනේ ඒ ඩබල් ගේම් කාරයට...මොනා උනත් කොල්ලා ඒ තරම් කල් කාපු කට්ට තමයි කට්ට...මට තියෙන ප්‍රශ්නේ තමයි අර කෙල්ලෙක් දැනගෙනත් ඒකි ඉඳලත් මේ ගේම අතැරියේ නැති එක.තව කියන්න දේවල් හිතුනත් අක්කෝ මම නොකිය ඉන්නම් හොඳේ තමක් නෑනේ....
ReplyDeleteහැබැයි ඒවා මෙහෙම නොවුනු එක හොඳයි නැත්තම් කෝ බ්ලොග් ලියන නන්දක්කෙක් අපිට....???? නේදෝ...
මේ කතාව ලියන් යද්දි ඒ මතකය අළුත් උනු නිසා අළුතෙනුත් ප්‍රශ්ණ ඇතිඋනා මගෙ හිතට.... ඔයා නොකිව්වා කියලා තරහක් නෑ... ඒත් කිව්වා නම් කැමතියි....
Delete//කෝ බ්ලොග් ලියන නන්දක්කෙක් අපිට....???? //
කවුද අප්පේ මේ නන්දක්ක...හික්...හික්...
දැන් අක්කට ඇතිවෙලා තියෙන ප්‍රශ්න ඇති තව ඔළුවට දාන්න ඕනේ නෑ... මේ ගැන ඔයාට ඇත්තටම දැනුනු හැඟීම ලියලා හිත නිදහස් කරගත්ත එක හොඳයි.ඒ අයියගේ ජීවිතේ නාස්ති වෙන්න අක්කා වැරැද්දක් කරලා නෑ ඒ නිසා අක්කට සතුටු වෙන්න පුළුවන්.
Deleteමතක නැද්ද අක්කගේ පරණ පෝස්ට් එකක් කියවලා වයස මාට්ටු කරගෙන මම කරපු අතිශය වටින නිර්මාණය තමයි "නන්දක්කා".....
නැන්දා+අක්කා පූර්වස්වර ලෝප වගේ එකකින් ලොප් කරලා තමයි ඕක හදාගත්තේ කොහොමද පාර නේද :D
නොලද පෙමකට වඩා
ලැබූ පෙම හරි අගනා
නොවුනු දේ ගැන හඬා
සිතින් නොවැටී ඉන්න අක්කා
ඕං ඕකයි මම කියන්න ගියේ....
අනෙ අප්පෝ ගැමියා කොහෙන්ද හිතුවෙ නොලද පෙමකට මං හඬා වැටෙනවය කියල...හික්ස්... මේක මං නොලද පෙමක් නෙවේ අනේ.. ඇන ඇන දුන් එකක්නෙ.... මට දුක මගේ නපුරුකම ගැන... මට තිබුනා කෙලින්ම මූණට කතා කරලා හිත හදාගන්න පුළුවන් විදියට ඒක ඉවරයක් කරල දාන්න... ඒත් මං හිතුවෙ මං කොහොමද මේකෙන් බේරෙන්නෙ කියන එකම විතරයි... ඒ ළමය ගැන හිතුවෙම නෑ.... ඒකයි දැන් හිතනකොට දුක හිතෙන්නෙ... දැන් දකින්නෙ වෙනස්ම ඇහැකින්නෙ... 'කාලය මැවු වෙනසක අරුමේ...'
Deleteඅම්මෝ හරියෝ හරියෝ එහෙනම් ඔය මුල් පදේ මුල් වචනේ "නොගත්" කියලා වෙනස් කරගන්නකෝ....තුන්වෙනි පදේ දාන්නකෝ "කොල්ලා පව් යැයි නොසිතා" කියලා...
DeleteOK, sir.... :D
Deleteමේ කතාව අවසානය දක්වා කියෙව්වම මට හිතෙනවා සමන් ඇත්තටම ආදරේ කලේ ඔයාටද කියලා . සංවේගී හැගීමක් ඇති උනා අවසානය්.
ReplyDeleteමටත් අන්තිමේදි එහෙම හිතුනා ගිම්හානි... මට එහෙම හිතුනේ අර අන්තිමටම මං එයාව දැක්ක දවසෙ....
Deleteඑයා ඔයාට ඇත්තටම ආදරේ කරන්න ඇති...අර ඉස්සරහ බිල්ඩින් එක උඩ ඉඳන් ඔයා දිහා බලන් උන්න කිව්වෙ..ඒ මොකක්ද ඒ බිල්ඩිම? ක්ලාස් එකක්ද? නැත්නම් එයා එතන ජොබ් කලාද?...කෝම උනත් මට නම් එයා ගැන දුක හිතුන...
ReplyDeleteමට ඒ බිල්ඩිම මොකක්ද කියලා මතක් උනාට ෂුවර් එකක් තිබ්බෙ නෑ බින්දිගෙ කමෙන්ට් එක දකිනකම්... ඒක ඩෙන්ටල් එක තමා.... සමන් කරපු කෝස් එක ගැන හිතනකොට එයා එතැන වැඩ කළා වෙන්න බැරි කමක් නෑ...මම පුදුම වෙන්නෙ නෑ ඔයාට දුක හිතුනට.... මටත් දුක හිතුනා....
Deleteඇත්තටම මටත් දුක හිතුනේ ඔයා අන්තිමට කියල තියෙන දේ ගැන.//මමත් අත පහළට දාල බලන් හිටිය... ඒ වෙනකොට අපි දෙන්නම රූපෙන් ගොඩාක් වෙනස් වෙලා... ඒත් අපි දෙන්නටම අපිව අඳුනගන්න පුළුවන් උනා.// යටි හිතේ ඔයාටත් මොනවා හරි තියෙන්න ඇති ඒ කාලේ.
Deleteවෙනද ඔයාගේ පොස්ට් කියවල හිනාවෙන මම මේ කියෙවුවාම පරණ සිදුවීම් ගොඩාක් මතක වුනා දුක හිතුනා ඔයා ගැනද නැත්නම් ඔයාල දෙන්න ගැනමද දන්නේ නැහැ . මම බලපු ෆිල්ම් එකකත් මේ වගේ දර්ශනයක් තියෙනවා. හැබැයි එකේ දෙන්නට දෙන්න තනියෙන් කල්පනා කරනවා අතීතය ගැන.ඔයත් එහෙම කල්පනා කර කර හිටියාද?
ඒ අන්තිමට දකින කාලෙ වෙනකොට සමන් ගැන මතකය මගේ හිතෙන් ඈත්වෙලා ගොඩාක් කල්... ඒත් අර අන්තිමට යාළුවගෙ අක්කලා කියපු කතාව එකපාරටම මතක් උනා එදා දකිනකොට.... ඇත්තටම සමන්ගෙ පෙනුම තමයි මට එක පාරටම ෂොක් එකක් උනේ.... අර රැවුල වවාගෙන හිටපු එක... ඒ කාලෙ පොඩ්ඩක්වත් අපිළිවෙලට හිටපු කෙනෙක් නෙවෙයි ඒ...
Deleteදවස් කිහිපයක් යනකම් හිතෙන් අයින් කරන්න බැරි උනා ඒ සිදුවීම....
රැවුල වාවගන්න හේතුව ඔයා වෙන්න බැරි ද?
Deleteඊට පස්සෙත් තව මොන මොන ජරමර උනාද කවුද දන්නෙ.... මම වෙන්න බැරිය කියලා හිතෙන්නෙ ඒ වෙනකොට දිගු කාලයක් ගතවෙලා තිබ්බ හින්දා...
Deleteඅසරනයා,
Deleteඋඹට මියුරුව පේන්නෙ බික් රේසරයක් වගේද ??? මෙයා නැතිහින්ද උගෙ රැවුල වැවෙන්න ???
තිත් දෙකයි "පි" අකුරයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේකෙන් ඔයාට ලස්සන නවකතාවක්ම ලීව හැකි.:)
ReplyDeleteපොඩ්ඩි ඇත්තමයි ඔයාට බැරිද ලියන්න.... මට ඔයාට තරම් හැකියාවක් නෑනෙ... එහෙම ලියනවා නම් මගෙන් කිසිම බාධාවක් නෑ.... මං පුළුවන් සපෝට් එකක් දෙන්නම්... මට ඊයක් එවන්න ඔයා කැමති නම්... මම නම් හරිම කැමතියි එහෙම දෙයක් වෙනවා නම්...
Deleteඅපොයි මියුරු ඔයාට ලස්සනට ලියන්ට පුලුවන්නේ . බලන්ටකෝ ඔයා කතා කියන ලස්සන. අනික ඔයාට තමා ඒ ගැන නියම හැඟීම් එන්නේ. ඊහ්ම ලියන කොට තමා තමයි කතාවක් ලස්සන වෙන්නෙත්.
Deleteහා හා දැන් ඉතින් පටන් ගමු කතන්දර බ්ලොග් එකක් වෙනම.:D
මං හිතන්නෑ අනේ... ඔයාට තරම් ලස්සනට ගලපලා ලියන්න මට බෑනෙ... එහෙනම් ඒ අදහස අතහැර ගමු... :D
Delete//මගදි දැක්කොත් මීට පස්සෙ හිනාවෙලා යන්න//
ReplyDelete"කතානොකලට කමක් නැහැ.ඒත් මගදි දැක්කොත් හිනාවෙලාවත් යන්න"
අපේ බැඳීමට සමුදීල මට නොදැනී වෙන්වෙලාගිය මම තාමත් අදරේ කරන එයාට මමත් ඔහොම කියල අනන්තවාරගානක් sms කරල ඇති. :
ඔයාටත් හදවතට සමීප කතාවක් උනා එහෙනම්....හ්ම්ම්ම්....
DeleteUGC එක ඉස්සරහ තට්ටු දෙකේ බිල්ඩින් එක ...දත් වාට්ටුව නේද ??? මිනිහ දතක් ගලවගන්න ආවද ..නැත්නම් එතන වැඩ කලාද . මාර අත්දැකීමක් නේද . මොනවා වුනත් මනුස්සය ඔයාට ඇත්තටම කැමැත්තෙන් ඉන්න ඇති . මක් කරන්නද නොකෙරෙන දිගේ කොහොමත් කෙරෙන්නේ නැහැනේ .
ReplyDeleteබින්දි ඔයාට ගොඩාක්ම ස්තුතියි මගේ සැකය දුරු කළාට... මට යාන්තම් වගේ මතක තිබ්බට හරියටම මොකක්ද කියලා විශ්වාස නැති නිසා මං ලිව්වෙ නැත්තෙ... ඔයා හරි... ඒක තමයි බිල්ඩිම.... බොහෝ දුරට එතැන වැඩ කළා වෙන්න ඕන....
Deleteඒක ඇත්ත බින්දියේ... ඒත් දැන් මේ ඒ මතකය අළුත් වෙලා හීනියට හිතත් රිදිලයි ඉන්නෙ... සියල්ල සිදුවෙන්නෙ හොඳටයි කියනවනෙ.....
// ඒ මතකය අළුත් වෙලා හීනියට හිතත් රිදිලයි ඉන්නෙ... //
Deleteලිපිය පුරාවටම හංගගන හිටපු බළලා පැන්නද මංදා එළියට... :-)
අනේ නෑ සෙනා... මං හරිම සංවේදී කෙනෙක්... ඒක මට හරිම කරදරයක්... මේ වගේ දෙයක් කියෙව්වත් මට දවස් ගානකට ඒක අමතක කරන්න බෑ... ඉතින් පරණ මතකයන් අවුසමින් මම මේක ලිව්වට පස්සෙ මගේ නපුරුකම කියල හිතුනු හින්දා මගෙම හිත රිදුන... මේක ඉතින් තව දවසක් දෙකක් තියෙයි මෙහෙම... දැන් ඉතින් බළලා තිය උගේ මහ එකා එළියට පැන්නත් මොනා කරන්නද...හික්ස්...
Deleteපිස්සු හැදෙන කතාවක්නේ අක්කේ....
ReplyDeleteඑයා තනිකඩව ඉඳගෙන ඔයා පස්සේ මෙච්චර කාලයක් ආවනම් තමයි එයා ඔයාට ඇත්තටම ආදරේ කලා කියල හිතන්න පුළුවන් වෙන්නේ
කෙල්ලෙක් ඉඳිද්දීත් ඔයා එක්ක යාළු වෙන්න ආපු නිසාද කොහෙද මටනම් මිනිහ ගැන දුකක් ඇති උනේ නැහැ..... :)
ඇත්තටම එයා කසාද බැන්දාද නැද්ද කියන්නවත් මං දන්නෙ නෑ මල්ලි...
Deleteමටත් එහෙම තමයි ඒ කාලෙ හිතුනෙ... ඒත් අර අන්තිමට යාළුවගෙ අක්කලා දෙන්න කියපු කතාවෙ හිටපු කෙනායි, ඊට අවුරුදු සෑහෙන ගානකට පස්සෙ ඇස් දෙකටම දැක්ක මනුස්සයායි නම් ඒ වෙනකොටත් හිතෙන් විඳවනවා කියල මට හිතුනෙ.... කොහොම උනත් ඒ මනුස්සයව අදටත් මට තේරුම් ගන්න බෑ කියන එක තමයි ඇත්ත...
පොඩි කුමාරිහාමිට එකඟයි ...[ගමේ හින්ද නෙවෙයි]
ReplyDeleteමාත් හිතන්නෙ මේක නවකතාවකට හුඟක් ම සුදුසු කතාවක්.
එහෙනම් අපි දෙන්නම කියමු පොඩ්ඩිට මේක නවකතාවක් කරන්නය කියලා.... මේක නවකතාවක් වෙනවා නම් ලියන්න සුදුසුම කෙනා තමයි පොඩ්ඩි....
Deleteඅයියෝ සමන්.....අයියෝ මියුරු අක්ක.........:))))))
ReplyDeleteමොකද අනේ මේ කෑගහන්නෙ...තාම මැරිල නෑ බං....මේ යසට ඉන්නෙ... (ඒකද දන්නෑ කෑගහන්නෙ....) :D
Deleteඅනේ එහෙම හිතුවෙ නෑ අක්කෙ පිස්සුද? :D
Deleteඑතකොට මමද පිස්සා...හික්...හික්...හික්...
Deleteමම හිතන්නේ සමන් ඇත්තටම අක්කට කැමැත්තෙන් ඉන්න ඇති.. අර අනිත් ඉස්කෝලෙ කෙල්ලගේ කතාව ආදර සම්බන්දයක් නෙමෙයි වෙන්න ඇති.. අක්කව ලේලි කර ගන්න මාමණ්ඩිත් කැමැත්තෙන් ඉදලා තියෙනවා.. ඒත් ඉතින් අන්තිමේ හැමදේම වෙනස් උනේ ඒ අක්කගේ ඉරනම්කාරයා නෙමෙයි නිසා වෙන්න ඇති.. කොහොම උනත් අක්කා මොනතරම් මානසික ප්‍රශ්ණ ගොඩක හිටියද කියලනම් හිතා ගන්න පුළුවන්..
ReplyDeleteඑයාගෙයි සමන්තිගෙයි අතරෙ තිබ්බෙ ආදර සම්බන්ධයක් නෙවෙයි නම් අර හවුස් මීට් දවසෙ ඇහුවම මොකුත් නොකීවෙ ඇයි....? ඊට පස්සෙවත් ඒ ගැන මොකුත් කිව්වෙ නෑ... වෙන කෙනෙක් නම් එහෙම සම්බන්ධයක් තිබ්බත් බොරුවට නෑ නෑ කියල කියනවනෙ....
Deleteඔයාට දැන් හිතාගන්න පුළුවන් නේද ඒ පුංචි කාලෙ මගේ ඔළුව කොහොමට තියෙන්න ඇතිද කියල... මට අදත් පුදුමයි මං කොහොම මගේ හිත එච්චර ගල්ටික් කරගෙන හිටියද කියල.....
ඒකත් ඇත්ත තමයි.. එදා මුකුත්ම කිවුවේ නෑනේ.. ඒත් එකම බස් හෝල්ට් එකේ ඉදලත් අක්කා දැක්කම දෙන්නා වෙන් වෙනවා කිවුව නිසයි මම එහෙම ඇහුවේ.. මේ හැම දේකටම ඉතින් උත්තර දැන ගන්න තිබ්බා අක්කා දවසකට හරි කැමතියි කිවුවනම්.. :)
Deleteඑහෙම කරන්න ඇත්තෙ මං කවදා හරි මිනිහත් එක්ක යාළුවෙයි කියන බලාපොරොත්තුවක් තිබ්බ නිසාද දන්නෑ.... එහෙම උනා නම් ඒ දෙන්න එකට ඉන්නවා මං දැක්කොත් කැමතිම වෙන එකක් නෑ කියලා වගේ... අනේ මන්දා මල්ලි... මට එහෙම දවසකටවත් කරන්න හිතුනෙ නෑ... ඕන නම් මට සමන්ව ගානට අන්දන්න තිබ්බා... ඒත් මට එහෙම කරන්න නම් හිතුනෙම නෑ... එහෙම කරන එක හොඳ නෑ, පව්කාර වැඩක් කියලා නම් හිතේ තදින්ම තිබුනා... අකමැති එකේ ආයෙ බොරු බලාපොරොත්තු දෙන්නෙ මොනවටද නේද....
Deleteමේ වගේ හුටපට ගොඩක් එක්ක හොඳට පාඩම් වැඩ කරගෙන ගියපු එකටනම් තෑග්ගක් දෙන්න වටිනවා..ඔයාගෙ යාළුවොත් මේකට උදව් කරපු එක ගැන මම නම් අනුමත කරන්නේ නෑ. ඔයා කැමති නැත්නම් සමන්ට උඩගෙඩි නොදී ඉන්න තිබුනා හොඳ යාළුවො නම්..
ReplyDeleteඑහෙම උනේ මං හිතන්නෙ මේක අපේ පන්තියේ කෙල්ලෙකුට කොල්ලෙක් ට්‍රයි කරපු මුල්ම අවස්ථාව නිසා වෙන්න ඕන... උන්ට මාර කික් එකක් තිබ්බෙ ඒ දවස්වල... හැබැයි මෙතන මෙකට පණිවිඩ පනත් ගෙනිහුන් උදව් කරන්න හැදුවෙ මගේ යාළුවො නෙවෙයි...සමන්ගෙ යාළුවො...එක පන්තියේ හිටපු කෙල්ලො....
Deleteමගේ පූරුවෙ වාසනාවට ඒ කාලෙ මට මගේ හිත ගල් කරගෙන ඉගෙන ගන්න ටික හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න ඇත්තෙ රූ...
මේක කියවා තනිකරම මඤ්ඤං වී සිටිමි.
ReplyDeleteමට ඇත්තටම දුක හිතුනෙ සමන්ගෙ තාත්ත ගැන. අක්ක දන්නවනෙ තමන්ගෙ දරුවන්ගෙ කල්ක්‍රියාව ගුරුවරයෙක්ට කොච්චර තදින් බලපානවද කියල...
//අක්ක දන්නවනෙ තමන්ගෙ දරුවන්ගෙ කල්ක්‍රියාව ගුරුවරයෙක්ට කොච්චර තදින් බලපානවද කියල...//
Deleteඒක නම් ඇත්ත... මගේ අම්මත් ගුරුවරියක් හින්ද මං හොඳටම දන්නව...
ඔයා තියා මමත් මඤ්ඤං පරිකල්පන...
සංවේදී කතාව මියුරු,ස්තුති මේ මතකය බෙදාගත්තට.
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාටත් ඒකට හවුල් උනාට...
Deleteහපොයි මේක කියවද්දී ගොඩක් දේවල් මතක උනා මටත්...මාමණ්ඩි ලා නැන්දම්මලා එහෙමත් නිකන්ම බයිට් වෙනවා ඔය වගේ සිද්ධි වලදී..පව් ඉතින් ඒ මිනිස්සු :)
ReplyDeleteඒක නම් ඇත්ත සයුරි... ඒ මිනිස්සුන්ට සමාජයට මූණදෙන්නත් බැරිව යන වෙලාවල් සමහර සිද්දි නිසා ඇතිවෙනවා...
Deleteහප්පේ අපිට කියවලා හැදෙන්න... මේං බ්ලොග් එක....
ReplyDeleteහික්.. හික්...හික්... හැදෙනව නම් ඔන්න තියෙනව... බලාගෙන හැදියල්ල...
Delete'කෙල්ලෙකුට ට්‍රයි කරනකොට මේ වැරදි කරන්න එපල්ලා....':D
ඒකනෙ මම බැහැපු හැම බැහිලල්කටම තනියෙං ගියේ . . . කෙල්ලන්ට කරදරේකුත් නෑ . . මම චාටරුත් නෑ . . හැබැයි තනියෙං යද්දි තියන එකම අවාසිය තමා කෙල්ල තනි කරගන්න තියන අමාරුව
ReplyDeleteඒ උනත් වෙන දේ දන්නෙ ඔය දෙන්න විතරයිනෙ... කෙල්ලට කරදරේකුත් නෑ...කොල්ල ඇන ගත්තත් කවුරුත් දන්නෙත් නෑ...
Deleteඔවු . . . එහෙම සීන් අම්බානක . . මොකද දෙක තුනක් හරිගියෙ සිය ගානකිං විතර අහලනෙ . .
Deleteඑව්වයෙ කතන්දර දැනගෙන හිටිය නම් කවුරුහරි බ්ලොග් එකක්ම ලියන්න තිබ්බා....හික්ස්...
Deleteසත්‍ය පරම බ්රුංග රාජයෙක් [S .P .B .R .] කියල හිතන්නත් අමාරුයි කෙල්ලො දෙන්නෙක් පස්සේ එකපාරට යනකොට. පොඩි කාලෙ තොටිල්ලෙන් වැටිල ඔලුව කොහෙවත් වැදුනද දන්නෑ. කෙල්ලො දෙන්නෙක් එක්ක සෙට් වෙන කොල්ලො නැතුව නෙමේ, ඒත් මේ විධියට ගොන් පාට දාගෙන...අනේ මන්ද ?
ReplyDeleteකළාතුරකින් ඉන්න පුළුවන් ඔබාමාමේ කෙල්ලෝ දෙන්නෙක්ටම බොක්කෙන් ලව් කරන කොල්ලෙක්... ඒක අරුමයක් නෙවේ මම දැකලා තියෙනවා... ලව් කරන එක කසාදෙට මැප් කරන්න ගියාම තමා ඕක ටිකක් ඇබ්නෝමල් වෙන්නේ...
Deleteඒක නේන්නම් ඔබා මාමෙ... එතන තේරුම් ගන්න බැරි මොනතරම් දේවල් තිබ්බද... හොඳ වෙලාවට මගේ ඔළුව ඒ පැත්තට නොගියෙ.... පස්සෙ කාලෙක මට ඇතිවුනු එකම පසුතැවීම තමයි අර ඉස්කෝලෙන් ගියාට පස්සෙ මනුස්සයා හැසිරෙන විදිය ඇහුවමයි එයාගෙ හැටි දැක්කට පස්සෙයි, එයාගෙ මූණටම කරපු වැරැද්ද කියලා හිත හදාගන්න පුළුවන් විදියට යන්න ඇරියෙ නැති එක....
Delete@ lahirucc,
Deleteඒ උනාට කැමති කෙල්ලෙකුට උනත් අර සම්බන්ධය ඇස් දෙකටම පෙනි පෙනී ඕක කරන් යන්න පුළුවන්කමක් නෑ නේද.... ආදරය කරන අයට ආදරේ බෙදාගන්න පුළුවන්ද.... ඕනම කෙනෙක් ආත්මාර්ථකාමී වෙන තැනක්නෙ ඕක... විශේෂයෙන්ම මේ මං කිව්ව වයස්වල අය....
තුන් කොන් ආදර කියන්නෙ මිනී පෙට්ටි තුනකට අත වැනීමක් වෙන්නත් බැරි නෑ
Deleteඅපොයි ඔව්... අද කාලෙ වගේ නම් මාත් සුං....දැන් ඉතින් මෙහෙම දෙයකට බෑ කිව්වත් පිහියෙන්නෙ උත්තර ලැබෙන්නෙ....
Deleteඅද කතාව පට්ට උනාට හිනායන්නේ නෑ.. ඒත් මතකයන් ගොඩාක් ගෙනාවා.. මටත් හිතෙන්නේ පොර බොක්කෙන්ම ලව් කළා කියලා.. ඒත් සමහරවිට එහෙම ආදර කතාත් ටික දවසකින් අවරට යනව.. ඔයාල දෙන්න ගැන හිතද්දී මට හිතුණේ අන්න ඒවගේ දෙයක්. සමන් ඔයාගේ අදහස් වලට ගැලපෙන්නේ නෑ.. ගැලපෙනවනම් ඌට ඔයතරම් කට්ටක් කන්න වෙන්නේ නෑ.. එක්කෝ ඔයා තේරුම්ගන්නවා එක්කෝ හරියන්නේ නැතිබව ඌ තේරුම්ගන්නවා..
ReplyDeleteමමත් ඒදවස් වල කෙල්ලෝ ගොඩාක් ගැන එහෙම හිතාගෙන හිටියා.. ඒ අයට මම බොක්කෙම්ම ලව් කියලා.. ඒත් ඒ මතය වැරදියි වගේම මහ විනාශකාරීයි...
ඔයා නොවෙනස්ව ඒ තීරණේම හිටිය එක අගය කරනවා.
හබී ද මැන්ස් හමුවූ කතාවස්තුව බලාපොරොත්තුවෙනවා... !!!
මේ කතාවට හිනා යන්නෙ නම් නෑ තමා... ඒත් හිතන්න ගොඩක් දේවල් තියෙනවා විවිධ පැති වලින්.... ඕක ඇත්තටම ආදරයක්ද වෙන මොකක්ද කියලවත් මට ඒ කාලෙ තේරුම් ගියේ නෑ..... මට හිතුනු එකම දේ තමයි මිනිහ අච්චර පබ්ලිසිටි එක දුන්නෙ වෙන කෙනෙක් කිට්ටු කරලා ට්‍රයි එකක් දෙයි කියල ඒක වලක්වන්නම වෙන්න ඕන...
Deleteහබී ද මෑන්ස් දැනගත්තොත් මං වසලා හමාරයි එව්ව කියන්න ගිහිල්ල.... :D
ඇයි අක්කේ බයද ලොල්/....
Deleteඅපොයි ඔව්.... :D
Deleteමොනා උනත් හබීද මෑන්ස් අක්කට මුකුත් කියන එකක් නෑ මෙයා ලෝකේ පෙරල පෙරල අඬන්න ගත්තාම තියෙන සිරියාව එයත් දන්නවා ඇති
Deleteඅනේ මගේ ඒ සුන්දර අතීතයත් මතක වුනා. කුළුදුල් ප්‍රේම දෙකයි. සහෝදර ප්‍රේම ඒකයි. වෙන්ඩ වයිෆ්ලා එකයි. කට්ටක් කාගෙන කරපු ඒ අහිංසක ආදර කොච්චර නම් සුන්දරද.
ReplyDeleteමෙයත් ඉතින් හොරෙන් හරි කොල්ලා දිහා බලන්න ඇති, අර කෙල්ලෝ අනිත් කෙල්ලෝ එක්ක කිචි බිචි ගගා ලග ඉන්න කෙල්ලට ගගහා අපිට පේන්ඩ මළ කෝලං කරන්නේ. ඔව්වා 64 න් එකක් තමයි :පි
අපොයි දෙයියනේ....
Deleteකොල්ල දිහා නම් නොබල හිටියෙ නෑ...වැඩිය බැලුවෙ රවලා... :D
අපේ පොත්වල නම් තියෙන්නේ කෙල්ල රවලා හරි බැලුවා කියන්නේ 25% ක් හරි කියන එකයි කියලා.
Deleteකෙල්ල රවලා බලපුවම කොල්ලෝ තේරුම ගන්නේ 'සර් බලාගෙන ඇති, යාළුවගේ අම්මා බලාගෙන ඇති, ගෙදරට කේලම් කියන යාළුවො බලාගෙන ඇති' කියලයි. කොල්ලට අකමැති නම් රව රවා ඉන්න එපා, පොඩ්ඩක්වත් ඒ පැත්ත නොබලා ගණන් ගන්නේ නැතුව හිටියොත් පොඩ්ඩක් හරි බේරෙන්න පුළුවන්.
ඒත් දෙයියනේ අපි වගේ කොල්ලෙක් හිටියොත් ........... :D
අපොයි දෙයියනේ... එහෙනම් ඒකා හිතුවෙත් එහෙමද දන්නෑ....
Delete//'කවුද සමන්ති කියන්නෙ...' මං ඇහුව...
ReplyDelete'කවුද කිව්වෙ..?'//
"කවුද ටිරෝනි කියන්නේ " එයා ඇහුව ....
'"මගෙන්ඳ ඇහුවේ " මම ඇහුව .......
''ඒ මගේ ට්‍රයි එක " මගේ යාළුවා කිව්වා ....
කේලම කියපු එකා/එකී ........ඉවරයි ඉවරෙටම ඉවරයි .
හොද මිත්‍රයෝ හිටපු නැති එකේ ආනිසංස .ඒ කොලුවට පල දීල තියෙන්නේ.
මේක කියෝලා මගෙත් හිතට මොකක්ද උනා, ( දුකක්ද මන්ද ?)
ඒක කියන වෙලාවෙ යාළුවො කවුරුවත් අවට හිටියෙ නෑ... මිනිහ ගොළු වුණා...කවදාවත් හිතන්න නැතුව ඇති මං එහෙම කියාවි කියල....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉස්සර බැඳි පෙම් අමතක කරන්න බෑ .........
ReplyDeleteඅතීතය සිහිනයක් පමණයි... සැබෑ සුවඳක් නෑ....
Deleteඒ කාලේ ඉගෙනගන්න එකට වඩා අමාරු වෙන්න ඇත්තේ අර යෝධයාගෙන බේරෙන එක වෙන්ටැ! ස්කෝලෙන් අයින් වෙලා වෙන එකකට යන්න එපැයි???????
ReplyDeleteසමන් එක්ක යාළු උනා නම් අම්මලා එහෙම කරන්න හොඳටම ඉඩ තිබුණා... ඒත් එහෙම නොකර ඉගෙන ගන්න එකත් හරියට ඇදගෙන ගිය නිසා වෙන්නැති වෙන ඉස්කෝලෙකට දාන්න එයාලත් උත්සාහ නොකළෙ... ඒ කාලෙ මට නම් එහෙම දෙයක් හිතුනෙම නෑ හැබැයි....
Deleteඑක්ටැම්ගේ ෆිල්ම් එක මතක් වුනා....නෑ අර රැවුල වවාගන හිටියා කිව්වම...වෙනනං සමාන කමක් නෑ..එතන කෙල්ල කැමතිවෙලා පස්සෙ බූට් එක තිබ්බනෙ :D
ReplyDeleteමට ඇත්තටම හිතුන දේ නං මම කියන්නෙ නෑ...මොකද දැන් ඒව කියල වැඩක් නෑනෙ...හැබැයි ඔක්කොම වෙන්නෙ හොඳටයි කියන එකනම් මමත් විශ්වාස කරනවා.
මටත් මේ කතාව ලියද්දි ඔය ෆිල්ම් එක මතක් උනානෙ අනේ.... මමත් ඒකමද කළේ කියලා මටත් හිතිලා අන්තිමට හිත හදාගත්තෙ මං ඒකට කිසිම අනුබල දීමක් කරේ නැති හින්දා.... උනා නම් දෙයක් ඒක කරගෙන තියෙන්නෙ විහින්මයි... මොනව කරන්නද ඉතින්...
Deleteපුළුවන් නම් හිතුනු දේ ලියන්න... මං කැමතියි දැනගන්න.... ඒක පබ්ලිෂ් නොකර ඉන්නම්....
ඔයා කියපු එක හරියටම හරි..... :D
Deleteහැබැයි අර මුලින් කියපු එක නෙවෙයි, දෙවෙනියට කියපු එක...
Deleteපරක්කු වුනා නොවැ එන්න...
ReplyDeleteසිරා කතාව..
පරක්කුවෙලා හරි ආවා නෙව... බොහොම ස්තුතියි සෑම්....
Deleteකාලෙකින් පෝස්ට් එකක් නැති නිසා ආවා පොඩ්ඩක් බලන්න හොරාට පෝස්ට් එකක්වත් දාලාද කියලා ඒත් නෑනේ එතකොටයි දැක්කේ කොමෙන්ට් 99 තියෙන්නේ කියලා...ඕං ඕන එකක් කියලා මම සියවෙනි කොමෙන්ට් එක විදියට වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේක දැම්මා...කීයට වැටෙයිද දන්නේ නෑ
ReplyDelete@ ගැමියා,
ReplyDeleteබොහෝම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් දුක සැප හොයල ගියාට....... පහුගිය දවස්වල වැඩ වැඩිවුනු නිසා මොකුත් ලියන්නවත් මේ පැත්තෙ එන්නවත් බැරිඋනා.... කලාතුරකින් ඇවිත් පෝස්ට් එකක් දෙකක් බලලා ගියාට කමෙන්ට්ස් දාන්නවත් ලැබුණෙ නෑ... දැන් ඒ ගමන කම්මැලියි ලියන්න... ඒ උනාට හෙට අනිද්දට මොනවාම හරි ලියන්න ඕන.... බලමුකෝ... :D
සමන්ට නෙලාගන්න බැරි හින්දයි නුඹ ඔය තරමට ලස්සන...
ReplyDeleteනෙළා ගෙනා මල නැහැ ඔය තරමට ලස්සන
මේක මාර ලව් ස්ටෝරි එකක් ,මියුරුව පාරේදී දැක්කොත් අපිටත් අදුන ගන්න පුළුවන් වෙයිද? :) සමන් මාර චරිතයක් ඔච්චර කැපවීමෙන් නැහිගෙන කෙල්ලෙක් පස්සේ යන උන් දුර්ලබයි ,විශ්වා වරනපාල මහත්තවත් ඔච්චර ගේමක් දෙන්න නැතුව ඇති
ReplyDelete