Total Pageviews

Monday 20 February 2012

ගෑණු ළමයි කැමති නෑ කියන්නෙ කැමතියි කියන එකටද...??


මේ සිදුවීම වෙනකොට මං ඉස්කෝලෙ නවය පන්තියේ විතර... මේ වෙනකොට, මගෙ පස්සෙන් වැටිල අවුරුදු හතරක් විතර වෙන ලයින් එකක අවසාන භාගය තමයි ගෙවිල යමින් තිබුණෙ... ඒ කියන්නෙ මේක මගෙ පස්සෙන් වැටුනෙ මං හයේ පන්තියේ ඉන්දැද්දි.... මේ කියන කාලෙ වෙනකොට අවසාන භාගයට ඇවිත් තිබුණෙ වෙන මොකවත් හින්ද නෙවෙයි, ඒ පිරිමි ළමය අපේ ඉස්කෝලෙන් ඒ ලෙවල් කරල අයින් වෙන කාලෙ ඇවිත් තිබුණු හින්දා.... ඔය අවුරුදු හතර ඇතුලත මහා ගිනි විජ්ජුම්බර ගොඩකුත් සිද්ද වුනා.... ඒවත් කියන්න පුළුවන් එව්ව සැරින් සැරේ කියන්නම්.....



මේ පිරිමි ළමය මට වඩා අවුරුදු හතරක් වැඩිමහල්.... පොරට මං ගැන අදහසක් පහළ වුනු ගමන්ම මිනිහ කළේ අපේ පන්තියෙ හිටිය කොල්ලො ටික අල්ලගෙන උන් එක්ක හොඳට යාළුවෙලා මං ගැන විස්තර ටික දැනගත්තු එක.... ඔය හයේ පන්තියෙ විතර ඉන්නකොට මේ ලව් පලහිලව් ඒ කාලෙ හරි මැජික් වගේ තමයි.... ඉතින් අපේ පන්තියෙ කොල්ලො ටිකටත් මේ ගැන පුදුම රුදාවක් තමයි අල්ලල තිබ්බෙ.... උන් ටික කළේ හැමදාම පන්තිය පටන් ගන්න කලින් අර කොල්ලගෙ නම ලොකුවට කළුලෑල්ලෙ ලියල තියන එක.... මගේ ඩෙස් එකේ පුටුවෙ හිට මුන්දගෙ නම.... ඔය කාලෙ ජෝතිපාලගෙ හොඳ ජනප්‍රිය සින්දුවක් තිබ්බ අර ගෝතයගෙ නමින් පටන් ගන්න..... මේ ඔක්කොම මදිවෙලා ඕෆ් පීරියඩ්වලදි තැටිය එකතැන වාදනය වෙනව වගේ අපේ පන්තියෙ කොල්ලො මේසවලට තඩි බබා කිව්වෙත් ඒ සින්දුවම විතරයි..... මට නේද.... මං හිටියෙ හොඳටම මල පැනලා.... මං කලින් කියල තියෙනවනෙ අපේ ඉස්කෝලෙ හයේ පන්තියයි හතේ පන්තියයි පැවැත්තුවෙ හවස් වරුවෙ කියලා.... ඉතින් මේ ළමයත් කරන්නෙ හවස්වරුවෙ ඉස්කෝලෙ නැවතිලා යාළුවෙකුත් අල්ලගෙන අපේ පන්තිය වටේ එහෙන් මෙහෙන් මට පේන විදියට ඇවිදින එක.... ඉතින් ඔහොම කරනකොට මට විතරයැ පේන්නෙ.... පන්තියේ අනිත් උන්ටත් පේනවනෙ.... ඉතින් උන් කරන්නෙ ගුරුවරු පන්තියෙ උගන්නන අස්සෙම හැරි හැරී මං දිහා බල බල හිනා වෙන එක.... ළඟින් වාඩිවෙලා ඉන්න යාළුවොත් කරන්නෙ හිනාව තද කරගෙන මට වැලමිටිවලින් අනින එක... ඉතින් ඔහොම වෙලාවට අර උගන්නන දේවල් මගේ ඔළුවට යන්නෙත් නෑ.... මට උන්දව මරාගෙන කන්න තරම් කේන්තියක් තමයි ඒ වෙනකොට ඇතිවෙලා තිබ්බෙ....


මම අර කලින් මගේ 'මනමාලයා' පෝස්ට් එකේ කිව්වනෙ ඒ කාලෙ ඔය වගේ දේවල් ගැන මම හිතාගෙන හිටිය විදිය.... ඔය ඔක්කොමත් කරල වැඩේ හරියන්නෙ නැතුවම මේ කොල්ල පටන් ගත්ත වර්ණපාල තියරිය දාන්න.... ඒකෙන් උනේ  පන්තියේ ඉන්නත් නෑ... බස් එකේ යන්නත් නෑ....ඔක්කොටම හපන් වාර විභාග අවසානයෙ එසෙම්බ්ලි එකේදි ප්‍රින්සිපල්ගෙන් රිපෝට් එක ගන්නකොටත් උගේ නම කියල එහෙන් මෙහෙන් කෑගහනවා.... මට බයයි, ලැජ්ජාවයි එක්ක....  ඒ මෝඩය මාව දිනාගන්න කරපු ඔය වැඩ වලින් සිද්ද උනේ මට උන්දව පෙන්නන්නම බැරුව ගිය එක..... උන්දටත් ඒකෙන් උනේ අහේතුවක්මයි.... මට හිතෙන විදියට මේක වටේට කියල චා කරගත්තු හින්දා කෙල්ලෙක් දාගන්න බැරි උනා කියන සවුත්තුව කාල ඉන්න බැරි එකටම වෙන්න ඕන මිනිහ අවුරුදු හතරක්ම ඔය ව්‍යාපෘතිය ගෙනිච්චෙ....


ඔහොම ඉන්න අතරෙ දවසක් මිනිහ එයාගෙ පන්තියේ යාළු කෙල්ලෙක් එවල ශේප් එකක් දාල මගෙන් අහන්න මං මිනිහට කැමතිද කියල.... ඒ කෙල්ලත් රටේ නැති බයිලා ගොඩාක් කියල අන්තිමේදි ඕක ඇහුවම මං කිව්ව කැමති නෑමයි කියල.... අනේ ඉතින් අර අනිත් දෙවල් වගේම මේකත් වටේටම පත්තු උනා 'අන්න මියුරු අරූට කැමති නෑ කියල'යි කියල.... ඒ කියලා සතියකට විතර පස්සෙ අපිව ඉස්කෝලෙන් එක්කරන් ගියා ධර්මසිරි බණ්ඩාරනායකගෙ 'මකරාක්ෂයා' නාට්‍යය බලන්න.... අනෙ අප්පේ... ඒ ගිහිල්ලත් මේකා යාළුවොත් එක්ක කැමරාවකුත් මාන මාන පුදුම වදයක් දුන්න.... නාට්‍යය පටන් ගන්නකම් මං හිටියෙ බාගෙට මූණ වහගෙන... ඒ මදිවට මාත් එක්ක හිටිය යාළුවො මට බනිනව 'තෝ හින්ද අපටත් ඉන්න නෑ...' කියල.... ගන්න පොටෝ වලින් මොනවා කරයිද කියල බයේ මා වටේ හිටිය උනුත් වාඩිවෙලා හිටියෙ පුටුවල එරිලා වගේ.....

ඔය නාට්‍යයේ එක තැනක තියෙනවා ගෑණු ළමයෙක් බලහත්කාරයෙන් කසාද බැඳගන්න අවස්ථාවක්.... විවාහය රෙජිස්ටර් කරන්න ගිහින් රෙජිස්ටාර් උන්නැහේ ඇහුවම ගෑණු ළමයගෙන් මේ මනුස්සයව බඳින්න කැමතිද කියල, කෙල්ල කියනව කැමති නෑ කියල.... එතකොට අර මිනිහ කියනවා,
'ගෑණු ළමයි කැමති නෑ කියන්නෙ කැමතියි කියන එකට තමා...' කියල....
මගෙ අම්මේ.....  ඕක කියපු වෙලාවෙ ඇහුනු හූවයි විසිල් පාරයි.....!! මේ දැනුත් මගෙ කණට ඇහෙනව ඇහෙනව වගේ....

209 comments:

  1. ඇති ඔයින් ගියා. ඉතින් ඊට පස්සෙ මොකද උනේ.......

    ReplyDelete
    Replies
    1. ඔයින් ගියා ඒ කාලෙ හින්දා.... මේ වගේ කාලෙක නම් මට පිහියෙනුත් ඇනලා යන්න තිබ්බා.... දැන් එහෙමනේ වෙන්නෙ....ඊට පස්සෙ වෙච්චි දේ තවත් පෝස්ට් එකකින් කියන්නම්කෝ...
      මට මතක විදියට කිරි පුතා පළවෙනි සැරේ නේද මේ පැත්තෙ ආව... සාදරයෙන් පිළිගන්නවා වගේම බොහොම ස්තුතියි කමෙන්ට් එකට...... :D

      Delete
  2. ඉතින් අන්තිමේ දි ...... ඔයත් අකමැති ... කැමති... වුනා ලු ද ....?

    ReplyDelete
    Replies
    1. හුහ්... මෙව්වට සැලෙයි අපි.... :D

      Delete
  3. එච්චරටම පිස්සු හදෙන්න තරං තිබ්බ ගාය මඅකද්ද මන්ද නේ :D :D :D :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අලියෝ... අලියත් පිරිමි ළමේක් නිසා තේරෙන්නැතෑ.... ;D

      Delete
  4. කතාව කියවගෙන යද්දී ඉබේම වගේ මගේ ඒ කාලෙත් මතක් වෙලා හිනා යනවා. දැනුයි හිතෙන්නේ ඇයි ඒ කාලේ සමහර කෙල්ලෝ ඔච්චර රවන්නේ කියලා. රැවුවා කියලා නැවතී අපිනම් :D

    ReplyDelete
    Replies
    1. රවන්නෙ සමහර කොල්ලො මළ වදයක් වෙනකොටනෙ අනේ.... ඒත් මේ කාලෙ නම් රවන්නත් බයයි නේද.... අකමැති නම් බොඩි ගාඩ් කෙනෙක් එක්ක තමයි යන්න වෙන්නෙ.... මේ කොල්ලත් එක්ක තරහට මං කරපුවා අද කාලෙක එකෙක්ට කරා නම් මැරුම් කන්න තමයි වෙන්නෙ.... :O
      දර්ශනවත් දැක්කෙ පළමුවෙනි වතාවටද කොහෙදෝ මේ පැත්තෙ... ඔයාවත් සාදරයෙන් පිළිගන්න ගමන් ස්තුතියි කියනවා කමෙන්ට් එකට.....

      Delete
    2. මම හැමදාම ඔයාලගේ කතා කියෙවුවාට දැන් තමයි ඔන්න කමෙන්ට් දාන්න පටන් ගත්තේ. මමත් පොඩිවට බ්ලොග් එකක් පටන් ගත්තා. පොඩ්ඩක් ඇවිත් යන්න.

      Delete
    3. හරිම සන්තෝසයි බ්ලොග් එකක් පටන් ගත්තු එක ගැන... අනිවාර්යයෙන්ම එනවා....

      Delete
  5. ඉතින් ඊට පස්සෙ..

    ReplyDelete
    Replies
    1. ඉන්නකො තව පෝස්ට් එකක් දාන්න ඒ ගැන කියලා....:D
      හරීත් පළමුවතාවට නේද මේ පැත්තෙ ආවෙ.... සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්... බොහොම ස්තුතියි කමෙන්ට් එකට....

      Delete
  6. අද තමයි ඔයාගෙ බ්ලොග් එකට ගොඩ උනේ . දිගටම එන්නම්කො .

    ReplyDelete
    Replies
    1. ඔයා ආව එක සන්තෝසයක් ගිම්හානි... මම ඉතින් ඔය මගේ අත්දැකීමක් අනිත් අයත් එක්ක බෙදා හදාගන්න එක තමයි මේ පැත්තෙ කෙරෙන්නෙ.... ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා වගේම බොහොම ස්තුතියි..... :D

      Delete
    2. සිංහල බ්ලොග් අවකාසයේ බරපතලම හානිය ගිම්හානියයි..

      Delete
    3. හරියටම හරි :D

      Delete
    4. ඇයි අප්පේ එහෙම කියන්නෙ ලහියො.... :D

      Delete
    5. මමත් මේ ආපු පලවෙනි දවස මාවත් පිළිගන්නවද?

      Delete
    6. මේ පැත්තට එන හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවනෙ අනේ.... ඒක ඉතින් හැමදාම කියන්න යන්නෙ නෑ.... අළුත්ම කෙනෙක් කියල දැනුනම නම් කියනවා... ඇයි ඔයාටත් කිව්වෙ.... අමතකද දැන්... :D

      Delete
    7. නැ නැ.මම විහිලුවට ඇහුවේ..

      Delete
    8. මාත් දන්නව අසරණයො ඔයා විහිළුවටයි කිව්වෙ කියලා... ඒත් අර ඊයෙ වෙච්චි දේ නිසාද කොහෙද මෙතෙන්දි මාත් නිකම් සීරියස් වෙලානෙ බොල... සමාවෙන්නෝනෙ හිත රිදුන නම්.... සමහරවෙලාවට සෙනාත් කියනව ඔය වගේ.... පව්... ඔන්න මං ඇනගත්ත හයියෙන් ටොක්කක්...ආයෙ අමතක නොවෙන්නම....

      Delete
    9. මොකක්ද ඒ මම සමහර වෙලාවට කියනවා කිව්වේ.. තේරුන්නැතෝඕඕ.......

      Delete
    10. නැත්නම් හොඳෝඕඕ........

      Delete
    11. බ්ලොග් අවකාසයේ එක හානියක් තමා දිල්හානිය(මගේ වයිපරේ).. ඒක මම නිස්ක්‍රීය කලා.. . මේ අනික් හානියනම් කවුරු නිස්ක්‍රීය කරාවිද කියලා දන්නේ නෑ

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. නම ගිම්හානි උනාට හානියක්නම් කරල නෑ කාටවත්ම . කරන්න බලාපොරොත්තුවකුත් නෑ .

      Delete
    14. අනේ මමත් කරගන්න වැඩ... අන්න එපාර මගේ කමෙන්ට් එක ඩිලීට් වෙලා...

      Delete
  7. හෙහ් හේ... මේ ළමයටත් වෙච්ච ඔක්කොම අකුරක් නෑරම මතකයිනෙ ;)

    ReplyDelete
    Replies
    1. අයියෝ... අර ඔයාගෙ නාට්‍ය පෝස්ට් එක කියවනකොට මට එකපාරටම මතක් උනේ මේ සිද්දිය.... අනිත් නාට්‍ය අත්දැකීම්වලට වඩා මේක හිතට හොඳටම වැදිච්චි දෙයක්... එදා වෙච්චි දේ අකුරක් අඩු නැතුව අදටත් මතකයි නෙව.... :D

      Delete
  8. අර කොල්ලා මොකට ඔච්චර දුක් වින්දාද කියලා මට නම් තේරෙන්නේ නෑ හී හී....

    'මම ඔයාට උම්ම්මා එකක් දෙන්ටද?' ආදරවන්තයා අහනවා.
    'එපා අනේ' කෙල්ල කියනවා. ඔන්න ඔතනදි නම් එපා කියන්නේ ඕනි වෙලාමයි.
    දැන් ඉතින් කොල්ලෝ බලෙන් උම්මා දෙන්ට යයිද දන්නේ නෑනේ. :D

    ReplyDelete
    Replies
    1. දැන් කොල්ලො ටික පෝලිමට ගිහිල්ල කැමති නෑ කියන, උම්මා එපා කියන කෙල්ලන්ට උම්ම දෙන්න ගිහින් සපත්තු පාරවල් කාල ආවොත් ඔන්න අපි නෑ හොඳේ....
      මෙන්න...මෙ...මෙ..මෙ...යා...මෙයා... තමයි කිව්වෙ..... ;P

      Delete
    2. යාළුවෙලා ඉන්න දෙන්නෙක් අතර ඔයි දෙබස ගියා නම් කෙල්ල බෑ කියන්නේ ඕනේ කියන එකට තමයි කීයක් ඔට්ටුද හි හි

      Delete
    3. අත්දැකීමෙන් කියන බව අපි දන්නෝ..... ;D

      //කොමෙන්ට් උස්සනෝ//
      අපි දැන් එහෙමයි හරිය.... :D

      Delete
  9. ඒ කොල්ලට මාරක අපලයක් තියෙන්න ඇති.. ඒකනේ අච්චර ළඟ පිකප් වාහන තියෙද්දී මේ බරකරත්තයකට කරගහන්න වලි කෑවේ..

    කෙල්ලෝ කැමති නෑ කියන්නේ කැමතියි කියන එකනම්.. අනෙ අප්පේ මට කැමති කෙල්ලෝ ගොඩ.. අපරාදේ...

    හැබෑට මේ වගේ බක්ක කබාල පස්සෙත් ඔය හැටි කොල්ලො ආවද

    ReplyDelete
    Replies
    1. අනේ ලහියො.. උඹ දන්න බර කරත්තෙ.... හික්ස්....

      දැන් හොයාගෙන පලයං උන්ව...ගිහින් ගුටි කාල වරෙං... ඔන්න අපි නෑ....

      බක්ක කබා පස්සෙ කොල්ලො ආවෙ මොකද කියලා පස්සෙ මට හිතුනු හැටි අර 'මනමාලයා' පෝස්ට් එකේ මං ලිව්ව මතක ඇතිනේ....

      Delete
    2. ඒ කියන්නේ ළඟ පිකප්ද... බලාගෙන...

      හොයාගෙන යන්න ඕන නෑ.. මට ඉන්නේ සත්තලං කෙල්ලෙක්... ආයේ මක්කටෙයි ඕකුන් හොයාගෙන යන්නේ..

      හා හා ඕකට තව උදාහරණයක් තියෙනවා.
      කාගීල්ස් එකේ ඕන කුණුගොඩක් විකුණගන්න පුළුවන් ටිකක් ගාන වැඩියෙන් දැම්මම

      Delete
    3. මේ..... බෝතල් කීයක් විතර බිව්වද.... ;P

      Delete
  10. සමන් මල් පියල්ලේ සඳේ ‍රැස් කැ‍රැල්ලේ...
    සමන් ...සමන් ..සමන් මල් පියල්ලේ......
    හික් හික් ගෑනු ළමයි නෑ බෑ කියන්නේ කැමතී ඒවට තමා කියලා මට අත් දැකීමෙන්ම කිවැකි...

    ReplyDelete
    Replies
    1. අඩේ මම අහන්නත් ගියේ සිංදුව මොකක්ද කියලා. මේ තියෙන්නේ

      Delete
    2. අඩේ... ඒක නෙවෙයි බොලේ සින්දුව.... මට මේ සින්දුව මතක් වුනේ නෑනෙ.... තව එකක් තියෙනවා... පුළුවන් නම් කියමුකො බලන්න... ඔට්ටුයි බැරුවට....
      ඔය කියන්නෙ අත්දැකීම් තියෙන කට්ටිය.... :D

      Delete
    3. හනික යමං පුල්ලි ගොනෝ . . (ඒකනං හැබැයි ජෝති නෙමේ කියන්නෙ)

      Delete
    4. අයියෝ ඕනයෝ... බෝ කිව්වොත් ඔය වගේ එකක්මයි...
      මට හිනාවෙලා පණ ගියා මේක දැකලා.... :D

      Delete
    5. චන්දන ඇල්ලෙන් නාලා.................ද?

      Delete
    6. හික්...හික්...හික්...

      Delete
    7. එළ එළ ඒක වගේ සිංදුව......

      Delete
    8. සබිත්,
      චන්දන ඇල් එන් කියන්නෙ . . . වාසගමත් එක්ක වෙන්ටැ ??

      Delete
    9. චන්දන ලක්ෂ්මන් නානායක්කාර වෙන්න ඕන එහෙනම් නම..

      Delete
    10. ඔව්... ඔව්.... ඒක තමා සින්දුව.....

      Delete
    11. @ lahirucc,

      මේ..... බෝතල් කීයක් විතර බිව්වද.... ;P

      @ Ano,

      මට හරි සැකයි මේ ඇනෝවා ගැන.... sniff...sniff...sniff... :O

      Delete
    12. මේ ලහියා කවදාවත් බීලත් නෑ. බොන්නෙත් නෑ

      Delete
    13. අයියෝ.. මං ඇහුවෙ වතුර ගැනනෙ... මෙයාට ඒකවත් තේරෙන්නෙ නැද්ද මන්දා..... ;P

      Delete
  11. මට නම් කොල්ලා ගැන දුකයි, අවුරුදු 4 ගැන හිතලවත් දවස් 4ක්වත් යාලු වෙන්න තිබ්බනේ,,

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්... මුන්ද පටන් ගත්තෙම වැඩේ වන කොරගෙනනෙ... ඉතින් කොහෙද....

      අශේන්, ඔයා ආව මුල්ම පාරද මන්දා මේ... මට නම නම් මතකයි.... කමක් නෑ ඔන්න සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට... ස්තුතියි කමෙන්ට් එකටත් හොඳේ....

      Delete
  12. මට හිතා ගන්න පුලුවන් ඒ වෙලාවෙ හු පාර. හරිම අපූරුයි නෙව

    ReplyDelete
    Replies
    1. හයියෝ... කියල වැඩක් නෑ... මට පොළව පලාගෙන යන්න හිතුනා..... :D

      Delete
    2. අනේ ඔයාත් අළුත් එක්කෙනෙක්නෙ මේ පැත්තට... ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා... ඒ වගේම බොහොම ස්තුතියි කමෙන්ට් එකට හොඳේ...

      Delete
  13. Replies
    1. :D :D

      අද අළුත් කට්ටිය ගොඩාක් ඇවිල්ලා මේ පැත්තෙ... ඔයාවත් සාදරයෙන් පිළිගන්න ගමන් බොහොම ස්තුතියි කියනවා කමෙන්ට් එකට හොඳේ...

      Delete
  14. kolla matta miniha wade kaagena theyenne one kamen :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පා.... ඒක කොල්ලන්ගෙ ට්‍රික් එකක්ද.... නැත්නම් ඔච්චරටම සවුත්තු වෙන්න ඕන නෑ නෙව... නැද්ද මං අහන්නෙ...

      Delete
  15. First time on your blog - Nice story,But don't you think that the statement "When girls say NO they mean YES" is true?

    ReplyDelete
    Replies
    1. Welcome to my blog Nadheera...
      oh... Nope... Not for this type of incidents...
      But your statement can be true for the incidents such as Poddi described.... LOL..

      Thank you for your comment...

      Delete
    2. Is it... then what am I doing here.. um gonna check dat out lol :D

      Delete
    3. How's the result? Wanna share it with us...? :D

      Delete
    4. really i need to share those 62 slaps wit u lol

      Delete
    5. OMG..!! LMAO.... huu...huu....

      Delete
  16. ඒ කාලෙ ඔහොම තමා නේද?? හය වසරෙ ඉදන් පස්සෙන් එනකොට අක්කා ගෙදරට කිව්වෙ නැද්ද?? තේරෙන්නෙත් නෑ නෙ හරියට.

    ReplyDelete
    Replies
    1. මේ කියල තියෙන්නෙ මහා සිද්දි සමුදායකින් ටිකක් විතරයිනෙ නිසූපෝ.... ඒකනෙ අර ගිනි විජ්ජුම්බර ගොඩක් උනා කියල කිව්වෙ.... අනෙ අප්පෝ කිව්ව නේන්නං... ගෙදරට කිව්වා.... ඒවත් දාන්නම්කො ඊළඟට....

      Delete
    2. ට්‍රයි කරල අකමැති වෙච්චි කෙල්ලො ගෙවල් වලට කීවනං . . මම කියල එකෙක් නෑ

      Delete
    3. එහෙනම් වෙන්ට හදපු මාමල නැන්දල සීයක් විතර ඕනයගෙ පස්සෙන් පන්නයි පෝලිමට හිටු කියල...හික්ස්....

      Delete
    4. අනේ බොල . . . දැනගනිං . . . මේ ඕනමැන්ටල් පුතා පාරෙයද්දි පාර දෙපැත්තෙ තියන ගෑනු ලමයි ඉන්න ගෙවල්වල අම්මල පාර අයිනට ඇවිත් නිබ්බුත පද කියනව

      Delete
    5. හික්...හික්...හික්... ඒ කාලෙ ඕනයා පාරෙ යනකොට අම්මලා දුවලාව ඇදලා ගෙට දාලා මන්න පිහියත් අරන් ඉස්සරහ දොරෙන් එළියට බහිනවලු.... මෙයා ළඟින් යනකොට අමුතු භාෂාවකින් මොනවාදෝ කියනවලු... එතකොට ඕනය හිතන්නෙ එයාල නිබ්බුත පද කියනවා කියලලු... ඉතින් හරිම සන්තෝසයිලු මිනිහට..... :D :D :D

      Delete
    6. අඩේ ඕනයා,
      දුමීගේ නැන්දා, උඹ කර ගන්න ට්‍රයි කල නැන්දා, ගෙන් මහ පාරෙ කුඩෙන් ගුටි කාපු හැටි පෝස්ට් එකක් ලියනව කියල වුන පොරොන්දුව බොට අමතකයි වගේ දැන්

      Delete
    7. ආ... මටත් මතකයි මීට කලිනුත් කීපදෙනෙක්ම මතක් කරලා තිබ්බ තැන් තැන්වල.... ඔන්න ඕනයෝ දානව නම් පෝස්ට්.... :D
      ඔබා මාමට ස්තුතියි මේක මතක් කරල දුන්නට....

      Delete
    8. දුමීගෙ නැන්ද නෙමෙයි බොල . . . දුකාගෙ නැන්ද

      Delete
    9. හරි හරි ඉතින්... කාගෙ හරි නැන්දනෙ.... මොකද කියන්නෙ... නිකං තියෙන බ්ලොග් එකනෙ..... ;P

      Delete
    10. මම ඔය කතාව දුකා කිව්වට විශ්වාස කලේම නෑ..ජෝක් එකක් කියලයි හිතුවෙ..එහෙනම් වැඩේ ඇත්ත...දුකා නිබ්බුත පදත් කිව්වද බං..:D:D

      ඒ ගැනත් මොනව හරි ලියපන්කො ඕනයා...

      Delete
    11. අන්න නියම කතාව 'නිකං තියෙන බ්ලොග් එක' ඇත්තට ඕක නග්ගල ගන්න මං කොයි තරං මහන්සි වුනාද කියල දන්නෝ දනී...පළවෙනි පෝස්ට් එකට පළවෙනි කොමෙන්ට් එක දැමිල්ලේ පටං....

      Delete
    12. ඒකනෙ... ඔබා මාමත් මෙච්චර මහන්සිවෙලා තියෙන එකේ... ... දැන් මෙතනම තුන් දෙනෙක්ගෙන් ඉල්ලීම්.... ඔන්න මේ සැරේ නම් මග ඇරල යන්න බෑ ඕනයෝ... නිකම් අවුරුද්දකට පෝස්ට් දෙකක් විතර දාල මක්කරන්නද....

      Delete
    13. ඔබා මගෙ බ්ලොග නග්ගල ගත්ත කීවට වඩා හොඳයි . . නග්ගල උල තිබ්බ කීවනං . . .
      ඒ සීන් එක ලියල තියෙන්නෙ . . තාම දුකාගෙ නෑනගෙං අවසර ලැබුනෙ නෑ

      Delete
    14. එහෙනං කට්ටිය එකතුවෙලා දුකාට නිබ්බුත පද කියල හරි අවසර ගන්නලා.....

      //ඔබා මගෙ බ්ලොග නග්ගල ගත්ත කීවට වඩා හොඳයි . . නග්ගල උල තිබ්බ කීවනං //
      ඒ මොකද අනේ අර අච්චර උදව් කරපු මනුස්පයට එහෙම කියන්නෙ....?

      Delete
    15. ඕනෙ අයිය වැඩි කල් නොගෙන පෝස්ට් එක දාපන් හොඳේ :)

      Delete
  17. එදා වගේම අදත් මට ඒ කොල්ලා ගැන දුකයි කියල තමයි කියන්න තියෙන්නේ
    කොල්ලෝ කන කටු ගැන දන්නේ අපිනේ :(

    කෙල්ලෝ බැහැ කියන්නේ කැමතියි කියන එකටනං මටත් කැමැත්තෙන් කෙල්ලෝ කීප දෙනෙක් ඉඳල තියෙනවනේ මම නොදැනුවත්වම
    හැක් හැක්..... :)

    ReplyDelete
    Replies
    1. ඒ මං කලින් කියපු මනමාලය නම් නෙවෙයි ලොකු පුතේ මේ... මූ වෙන එකෙක්... ඒ මනමාලයා වැඩ බැලුවෙත් මේකත් වැඩ කරන අස්සෙම තමයි.... උගේ පිනටද මගේ පිනටද මන්දා මේකා ඌ ගැන දැනගෙන හිටියෙ නෑ...
      //කොල්ලෝ කන කටු ගැන දන්නේ අපිනේ :(//
      ඒ කියන්නෙ ලොකු පුතාත් ඒ තරම්ම කටු කාල තියෙනව ඈ...
      //කෙල්ලෝ බැහැ කියන්නේ කැමතියි කියන එකටනං මටත් කැමැත්තෙන් කෙල්ලෝ කීප දෙනෙක් ඉඳල තියෙනවනේ මම නොදැනුවත්වම//
      දැන් ඉතින් එහෙමවත් හිතාගෙන සන්තෝස වෙන්න අනේ....ඕක හරියටම දන්නෙ ධර්මසිරි බණ්ඩාරනායක තමයි.... :D

      Delete
  18. හප්පා....... මං හිතන්නේ ඒ මනුස්සය කලින් ආත්මෙක ගත්තු ණයක් පියවලාද කොහෙද. නැත්තන් මේ කිරි කජු කෙල්ලෙක් පස්සෙන් අවුරුදු හතරක් ඒවියැ... හික් හික්.. :PP

    ReplyDelete
    Replies
    1. හික්...හික්...හික්... වෙන්න ඇති... ඒක හොඳටම තේරේවි මේකෙ ඉතුරු ටිකත් කිව්වම....

      Delete
  19. වසිලිස්සා20 February 2012 at 15:46

    ඉස්කෝලේ කාලේ කතානම් හරිම ශෝක් නේද? මතක් වෙද්දීත් සතුටක් දැනෙනවා.ඔය දිගටම අවුරුදු හතරක් තිස්සේ වෙච්ච දේවල් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... දැන් නම් මතක් කරල හිනාවෙන්න පුළුවන් ඇතිවෙන්න.... ඒත් වෙනකොට නම්... ග් ර් ර් ර්.... :D

      Delete
  20. අපේ ඉස්කූල් වෑන් එකේ සෙට් එකෙත් ඔහොම අයිය කෙනෙක් හිටිය. අපි කිව්වෙ "ප්‍රොමිසස් අයිය" කියල (හැබැයි පොර ලඟ නැති වෙලාවට) :D

    ReplyDelete
    Replies
    1. හික්..හික්...හික්...
      ඇයි මිනිහ හිටු කියල මල් කැඩුවද ඒ කාලෙ...
      මේක කියවනකොට මට ප්‍රොමිසස් චොකලට් මතක් වුනා.... :D

      Delete
    2. ඇත්තටම ඒක තමයි කේස් එක. මනුස්සය සතියකට සැරයක් විතර තඩි චොකලට් එකක් ගේනව ගෑණු ළමයෙක්ට දෙන්න.

      Delete
  21. ශිහ්... මේ අකුරු වලින් විසිල් ගහන විදිහ දන්නෑනේ.. නැත්තම් මාත් ගහනව විසිල් එකක්...

    පස්සේ පොරට මොකද උනෙ.. ?

    ReplyDelete
    Replies
    1. පොර ඉතින් ඉස්කෝලෙන් අස්වෙලා ගියානෙ...
      මං කියන්නම්කො ඉතුරු ටිකත් පස්සෙ.... :D

      Delete
  22. Your comment will be visible after approval.

    මුෂ්කිල්.....??

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න උනා සෙනා... ඒකට සමාවෙන්නෝනෙ... මෙතන මුලින්ම කමෙන්ට් කරපු අය නම් දන්නව ඇති මොකද උනේ කියලා....
      මං ගැන කතා කරනකොට මම බ්ලොග්වල ලියන්නෙ මගේ ඇත්තම ජීවන තොරතුරු..... ටිකක් හිනාවෙන්න ඒ කාලෙ කරපු කියපු දේවල් මතක් කරලා.... ඉතින් මං කැමති නෑ ඒ නිසා මටවත්, මාත් එක්ක වචනයක් කියලා හිනාවෙලා යන්න මෙතෙන්ට එන මගේ හිතවතෙකුටවත් කවුරුවත් ඇවිල්ල අනවශ්‍ය දේවල් කියල යනවට... ඒකයි සෙනා... මං හිතනවා මගේ තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි කියලා ඔයාට...

      Delete
    2. තේරුම් ගතිමි...

      මම් මේ ඒත් බැලුවා එක පාරටම බළධාරියා සීන් එකට එන්ටර් වුනේ මොකද කියලා..

      Delete
    3. කවුද ඩොව් අපේ අක්කට සද්දේ දාපු හිකනලා...
      කපනවා හරිය..

      Delete
    4. ලහිරු,
      අග හරිය වෙන්ටැ කපන්නෙ ???

      Delete
    5. @ lahirucc,

      ආ... මේ ඉන්නෙ චණ්ඩියෙක්... දැන් ඉතින් මොකට බය වෙනවද මං....

      @ Senna,
      බය වෙන්නෙපා.... ඔය ලහිරු බලාගනියි ඔක්කොම... පේන්නැද්ද නිකම් පච්ච සිරා වගේනෙ... ;P

      Delete
    6. හක හක... තමන් හිසට තම අතමය සෙවනැල්ල..
      ඕක හිතේ තියාගෙන ජීවත් වෙන්න අක්කේ..

      @ඕනස්.. ඔව් ඔව්.. අගහරිය තමා කපන්නේ කැත්තෙන්

      Delete
    7. වීරයා පොඩ්ඩක් බයවෙලාද කොහෙදෝ.... බයවෙන්න එපා අනේ....

      Delete
  23. හෆොයි මටත් 4 දි වෙච්ච වැඩක් මතක් උනා...පස්සෙ ලියන්නම්කො.........(පොඩ්ඩක් බිසි මම.)

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්... ඕනම කෙල්ලෙකුට මේ වගේම නොවුනත් මීට සමාන අත්දැකීම් තියෙනවනෙ නේද....
      බිසී අතරෙත් කමෙන්ට් එකක් දාල ගියාට ස්තුතියි කිරිල්ලිට....

      Delete
    2. දැන් අපි ගෑල්ලමයි කියන ඔක්කොම නෙගටිව් ගන්ඩ ඕනද ? ඒ කියන්නේ මෙයා දැන් බිසි නැහැ.. බොරු බිසි.. එහෙමද.. ?

      Delete
    3. අයියෝ නෑ නෑ මෙයා... ඔයා පොඩ්ඩක් කලබොල නොවී ඉන්නකෝ..

      Delete
    4. Senna@..මම වැඩ කරන වෙලාවට මගෙ ලැප්ටොප් එකත් පැත්තකින් තියනව අනේ..කට්ටිය පොඩ්ඩක් අහක බලන කම් ඉඳල මගෙ එකේ මේ වැඩ පටන් ගන්නෙ...නැත් නම් හොඳ ලමය වගේ අනිත් එකේ වැඩ...ඉතින් ඒ වගේ වෙලාවට බිසි වෙනවනෙ..හී..හී..හී..

      Delete
  24. අයියෝ සල්ලි කිව්වලු ආදර කතාවෙ ඉතුරු ටික බලලම හරියට කොමෙන්ටුවක් දාන්නම්කො..
    ආ ඔයාගෙ අම්මයි තාත්තයිත් මේ ප්‍රොජෙක්ට් එක ගැන දැනගෙන හිටියද?

    ReplyDelete
    Replies
    1. ඒක ආදර කතාවක් නෙවෙයි අනේ.... එහෙම උනේ නෑ නෙව... මේකා පටන් ගත්තෙම චා කොරගෙනනෙ....
      මට පොට බේරගන්න බැරි වෙනකොට වටින් පිටින් ආරංචි වෙන්න කලින් ගෙදරට කිව්වා... ඉස්කෝලෙ හරහා ගෙදරට ආව නම් කතන්දරයක්නෙ.... ඒ ටිකත් දාන්නම්කො...

      Delete
  25. කොහොමත් කොල්ලෝ කැමතියි නේ ගණන් උස්සන කෙල්ලොන්ට. ඒ වගේ උන්ට ආස උනත් මම නම් එහෙමට පස්සෙන් ගියේ නෑ. මාසයයි දෙකයි ඇහුව බෑ කිව්ව ඉවරයි. මොකද මූදෙ මාළු නැතුවයි?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කැමැත්ත ගැන මං දැනගත්තෙ කැම්පස් එකේදිනෙ... ඒකනෙ උනේ...
      අනේද කියන්නෙ.... අන්න එහෙමනෙ ඉන්න ඕන... :D

      Delete
  26. ඔන්න ඔය චාටර් වීමෙං වැලකෙන්න තමයි මම හැමදාම ඔය වැඩ වලට තනියෙං ගියේ. පංතියෙ එවුං වන් මෑන් ෂෝ කියල නක්කිය දැම්මට වන කරගත්තුවා එකක්වත් අද වෙනකංවත් චාටර් නෑ . . . නැත්තං බෑ කියපු කෙල්ලො තොගේ හැටියට මට විසුමක් වෙන්නෙ නෑ . . .වැඩිම උනේ කෙල්ලංගෙං අම්බානක බැනුං අහපු එකනෙ. එකත් අතකට උං බැනල නිකා හිටපු එකත් ලොකු දෙයක් මම ප්‍රශ්නෙ අහපු විදියට . . මම ගොඩක් එකියංගෙං ඇහුවෙ . . ."නිකං තියන ගර්බාශෙනෙ, හදමුද ලමයෙක් ?" වගේ අර්ථ පූර්න ප්‍රශ්න

    ReplyDelete
    Replies
    1. හික්...හික්...හික්... අනෙ අම්මපා ඕනයෝ..... බෝ ජීවතුන් අතර ඉන්න එක ගැනත් මට පුදුමයි කරපු කියපුවා ඇහුවම.... කෙල්ලො පන්න පන්න ගැහුවෙ නැත එහෙම අහනකොට....

      Delete
    2. උඹ නම් ඕනෙ අයියෙ යකෙක්... :) කොහොමද බන් ඔහොම ඇහුවෙ?...

      Delete
    3. සාතන්,
      ගියා . . ඇහුව . . බැනුං ඇහුව . . . හරිම සිම්පල් ප්ලෑන් එකක්

      Delete
    4. ammapa mu apiwa hinassala maranawa newa..
      wena ahanna widiyak thibunema nedda bola...

      Delete
  27. කැමති නෑ කියන්නෙ කැමතියි කියන එකටමද...හොඳ ප්‍රශ්නයක්...

    කැමති නෑ කිව්වට කෑලි කපලා ගඟේ දැම්මත් කැමති නෑ කියන අදහස එන්නෙ නෑ..පොඩ්ඩක් ට්‍රයි කලොත් කැමති කරගන්න පුලුවන්.....හැබැයි ගනන් උස්සලා තියෙන්නෙ බොරුවට කියලා දැනගන්න කොට ප්‍රමාද වැඩියි.....

    මේව මේ කියන්නෙ අත්දැකීමෙන් එහෙම නෙවෙයි හොඳේ...:D

    ReplyDelete
    Replies
    1. ඔය කියපුම විදියෙ සීන් එකක් උනා ඒලෙවල් කරද්දි අපේ පන්තියේ.... ඒකට නම් ඔය කතාව 100% හරි... ඒත් මෙතැනදි නම් ඇත්තටම මට මේ මනුස්සයා ගැන තිබ්බෙ කේන්තියක්.... මං ගෙදරට කිව්වට පස්සෙ රටම වන උනා නෙව.... ඒකත් කියන්නම්කො....

      Delete
  28. හිතා ගන්න පුලුවන් ආතල් එක :D

    ReplyDelete
    Replies
    1. දැන් නම් හිනා යනව... ඒත් ඒ දවස්වල මල පැනලා හිටියෙ... :D

      Delete
  29. පොඩ්ඩි..මං ඔයාට උම්මා එකක් දෙන්නද?

    ReplyDelete
    Replies
    1. ඔන්න පොඩ්ඩි උත්තරයක් දෙන්නකො මේං මෙයාට.... පව්නෙ අනේ... මේ දවස්වල ගස්ලබු හොය හොයාලු ඉන්නෙත්.... ;P

      Delete
    2. යකෝ . . . තෝ වගේ අවස්තාවාදියෙක් :D

      Delete
  30. ම්ම්ම්.. අදද කොහෙද මම ඉස්සෙල්ලාම මෙහාට ආවෙ.. හික්ස්ස්.... මාර කතාව තමා...හිතාගන්න පුළුවන් ලැජ්ජාව කොහොමද කියලා... ඊටපස්සෙ මොකද වුනේ ඒ කොල්ලාට???

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉස්සෙල්ලම මෙහාට ආව ඔයාව ආදරයෙන් පිලිගන්නවා....
      ඒකනෙ අනේ... එහෙම දෙයක් වෙච්චි කෙනෙක් තමයි ඒක දන්නෙ.... හික්ස්...
      පස්සෙ වෙච්චි දේත් කියන්නම්කො....
      කමෙන්ට් එකට බොහොම ස්තුතියි හොඳේ....

      Delete
  31. මමත් ඒක කෙලෙක්ගේ පස්සෙන් ගියා අවුරුදු 3ක් කැමති වෙනකම්ම පස්සෙන් ගියා.මතකයි නේ බස්හෝල්ට් පොස්ට් ඒක.

    මම බැලුව මොකද කමෙන්ට්ස් වලට උනේ කියලා.කලින් හිතුවේ ආඩම්බර කම නිසා වුනු දෙයක් කියල දන්නේ දන්නේ මිහිරිට අමිහිරි වැඩක් වෙලා කියල.

    ReplyDelete
    Replies
    1. මතකයි නේන්නම් ඒ පෝස්ට් එක.... එහෙනම් දැන් හිතාගතහැකිනෙ එහෙම උනාම කෙල්ලො හිතන්නෙ කොහොමද කියලා...හික්..හික්...හික්...
      අර වැඩේ ගැන නම් මං කතා කරන්නවත් කැමති නෑ... ඒක මං මේ බ්ලොග් අවකාශෙ දකින අප්‍රසන්නම දෙයක්....

      Delete
  32. කතාවේ අග අපූරුයි!
    වර්ණපාල මෙතඩ් එක කරන්නේ තමන්මයි, යාළුවෝ නෙමේ!

    ReplyDelete
    Replies
    1. තමන්මත් කරා නෙව කතන්දරේ... ඔය එසෙම්බ්ලි එකේ ඕක පටන් ගත්තෙ ඌමලු.... ඊට පස්සෙ මිනිහගෙ යාළුවො එකෙක් දෙන්නෙක් පටන් ගන්නව... ඊට පස්සෙ අපේ පන්තියෙ කොල්ලො... ඊටත් පස්සෙ අපේ ඉස්කෝලෙ වෙස්ටර්න් බෑන්ඩ් එකේ ලීඩර් කෙල්ල.... ඒකි හැමදාම එසෙම්බ්ලි එකේදි එයාගෙ වයලින් එකත් උස්සන් ඉන්නෙ ඉස්සරහින්ම....මොකද පාසැල් ගීයට ඕක ගහන්න.... හැම සැරේකම මං එතැනින් පාස් වෙනකොටම කොහොම හරි හයියෙන් ඕක කියාගන්නවා.......මං ඉතින් ආපහු හිටි තැනට ඇවිත් ඔළුව උස්සන්නෙත් සෑහෙන වෙලාවකට පස්සෙ.... :D

      Delete
    2. ඒක නෙවෙයි අනේ... මට මේ දවස්වල හරි අමාරුයි නෙව ඔයලගෙ පැත්තෙ එන්න... බ්ලොග් එක ඩවුන්ලෝඩ් වෙනකොට මගදි හිරවෙනවනෙ.... දැන් සතියකට වැඩිය එක පෝස්ට් එකක්වත් බලන්න බැරි වුනා..... මීට කලින් ඔහොම අනිත් බ්ලොග්වල කරදර තිබිලා ඒව හරි ගියා... දැන් අනිත් එක බ්ලොග් එකක්වත් අප්සෙට් නෑ... මේක විතරයිනෙ මේ.... :(

      Delete
    3. ඕක Internet Explorer කේස් එකක්
      ගූගල් ක්‍රෝම් පාවිච්චි කරන්න.

      Delete
    4. ඇත්තද... මං බලන්නම්කො ට්‍රයි එකක් දීලා.... බොහොම ස්තුතියි මේක කිව්වට....

      Delete
  33. හහ් හා.. හෙටම අත්හදා බලන්න ඕනෙ හෙටම..

    ඔයාලෙ බ්ලොග ක්ලික් කලාම කොහෙන්ද මන්දා ඇඩ් එකක් ලෝඩ් වෙනවනේ. මොකද්ද ඒක.

    ReplyDelete
    Replies
    1. ඔන්න පුතෝ ගුටි කාල හෙම ආවොත් අපි නෑ හොඳේ....හික්ස්...

      ඒ මොකක්ද අනේ ඒ ඇඩ් එක... මං දන්නෙ නෑ නෙව... අනිත් අයටත් එහෙමද දන්නෙ නෑ.... හැමදාම එහෙම වෙනවද...?

      Delete
    2. දැන් නං නෑ වගේ...:). කලින් බ්ලොග් එකේ ටෙක්ස්ට් ඒරියා එක ක්ලික් කළාමයි ආවෙ.

      Delete
    3. ඇති යන්තම්... මං හිතුව කෙලවිලා තමයි කියල....
      ස්තුතියි දොඩමො... මේක දැනගන්න සැලැස්සුවට....

      Delete
  34. අපොයි හරි පොඩි කාලෙනේ . හරි වැඩනේ ඔයාට වෙලා තියෙන්නේ . මහා කරදරයක් වෙන්න ඇති .සිහියකින් ඉස්කෝලේ ඉන්න නැති වෙන කොට . සාධාරණයි එකාගේ හොම්බට අනින්න හිතුනත් . මිශ්‍ර ඉස්කෝල වල ඔය වගේ කරදර වැඩියිනේ . මට මතකයි අපේ අක්කගේ පන්තිවල ඔය වගේ කතන්දර හරියට තිබුන .
    ධර්මසිරි ගොය්ය නම් දන්නවා ඇති ඕක හරියටම . වයසට ගිහිල්ලත් එයා ගෑනු ලමයින්ගේන්නේ යාලු වෙන්න ඇහුවේ .ඇහුව විතරක් නෙමේ උන්දැට නම් හරිත් ගියා ඒවා .

    ReplyDelete
    Replies
    1. ඔන්න බින්දිට නම් වැඩේ හරියටම තේරිලා වගේ.... :D

      අර ධර්මසිරි ගොය්ය ගැන කිව්ව කතාව නම් හරියටම හරි... මේ මම කිව්ව කාලෙ හිටියෙ ස්වර්ණාත් එක්ක... එයා තමයි කෙල්ලට රඟපෑවෙ....

      Delete
  35. ඇ අක්කෝ... මට නම් තේරෙන්නේම නැත්තේ අක්කට පන්තිය මාරු වෙලාමද කියලා.. 6 වසරේ ඉන්න කෙල්ලෙකුට ලව් කරන කොල්ලෝ... අනේ මන්දා අෆ්ෆා..

    දැන් මිනිහා මැරිඩ් ද?

    ReplyDelete
    Replies
    1. පන්තිය මාරුවෙලා නෑ මල්ලි.... 6 පන්තියේ අග හරියෙදි තමයි පටන් ගත්තෙ... එතකොට ඒ ළමය හිටියෙ 10 පන්තියේ....
      දැන් නම් පොරට කොහොමද දන්නෙ නෑ.... මම අන්තිමටම අහම්බෙන් දැක්කෙ කැම්පස් එකේ ඉන්න කාලෙ... එතකොට එයා රස්සාවක් කරනවා....ඒකත් මරු කතාව... මං කියන්නම්කො ඊළඟ පාර..... :D

      Delete
  36. මේයැයිත් ඒකාලේ ගිනි කිකිලි වගේ ඉන්නැති !!! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑනෙ මධුරංග.... මං එච්චර ලස්සන කෙනෙක් නෙවේ..... මගේ වටේ හිටියා හරිම ලස්සන කෙල්ලො.... ඒත් මේ වගේ වාත භංග කඩා වැටුනෙ මගේ ඔළුවටමයි.... ඒ කාලෙ ඉඳලම ඕකට හේතුව මට හොයාගන්න බැරිවයි හිටියෙ... අර කෙල්ලො වැඩි දෙනෙකුගෙ අයියලා අක්කලාත් හිටියෙ අපේ ඉස්කෝලෙ වෙච්චි එක වෙන්නැති හේතුව කියලයි ඔය දවස්වල මං හිතුවෙ.....අර ක්සැන්ඩර් කියලා තියෙන එක බලන්නකෝ.... පස්සෙ කාලෙක කැම්පස් එකේදි තමයි මං ඔය කතාව දැනගත්තෙ.... ඒ කාලෙ මං පෙනේ පුප්පන් හිටිය හැටියට ඕක වෙන්නැති හේතුව කියලයි මට පස්සෙ හිතුනෙ....

      Delete
  37. නියම කතාව......
    කොල්ලොත් ඔහොම නම් මමත් සෑහෙම කෙල්ලෝ ගොඩකට කැමතියි කියලා තියනවා..... හිකික්... :)
    එහෙනම් මට එක ගෑණු ළමයෙක්වත් කැමති නැතුව ඇති.... :(
    අද තමා මේ පැත්තට ආවේ.......

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට....
      අයියෝ දුක් වෙන්න එපා අනේ.... අර පොඩ්ඩි කිව්ව වගේ කට්ටියත් ඉන්නවනේ.... :D
      බොහොම ස්තුතියි කමෙන්ට් එකට....

      Delete
  38. අනේ මියුරු අක්කේ වර්ණපාල තියරිය කියන්නේ මොකක්ද?...6 වසරේ කෙල්ලෙක්ට මොකට ලයින් දැම්මද මන්දා අරූ...මරන්න එපෑ

    ReplyDelete
    Replies
    1. මං අහල තියෙන විදියට නම් කතාව මේකයි... ඔය මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට, මට මතක විදියට පේරාදෙනියෙද කොහෙද හිටපු කාලෙ එයාගෙ හිත ගිය කෙල්ලව දාගන්න ඒක පුද්ගල මෙහෙයුමක් දියත් කරලා තියෙනවා..... එයා ඒ කෙල්ල යන එන තැන්වල හැංගිලා ඉඳලා 'වර්ණපාල' කියලා අර කෙල්ලට කෑගහනවලු... ඉතින් ඔහොම කාලයක් කරනකොට වර්ණපාල ලොක්කගෙ වැඩේ සාර්ථක වෙලා..... ඔන්න ඔහොම තමුන්ම තමන්ගෙ නම කියලා කෙල්ලන්ට කෑගහන එකට තමයි වර්ණපාල තියරිය දානව කියන්නෙ...

      අනේද කියන්නෙ සයුරි.... ඒ කාලෙ පොඩි නිසා ඔය වගේ දේවලට හරියට බය වෙනවනෙ.... ගුරුවරු දැනගනීවිද, ගෙදරට ආරංචි වෙයිද.... කීයක් හිතෙනවද.... ඔහොමම නැතුව මං ඔය ළමයත් එක්ක යාළු වුනා කියමුකො.... ඔය පොඩි වයසෙ ලවක් දෙවක් නැතුව ලව් කරන්න පටන් ගත්ත නම් මගේ අධ්‍යාපනේට මොනව වෙයිද.... සමහරවිට මුළු අනාගතේම නැති කරගන්න ඉඩ තිබ්බා.....

      Delete
    2. එල එල..තැන්කිවු...

      Delete
  39. හප්පේ හයේ ඉඳන් දහය වසර වෙනකම් තිබිල තියෙන වදේ හැටියට ඉගෙන ගත්ත එකත් ලොකු දෙයක්.

    ඔබීගේ පංතියෙ හිටිය පොඩි හුරුබුහුටි කෙල්ලෙක්, ලස්සනට වැඩිය කෙල්ලගෙ ගමන තමා ගමන. පස්ස කරකවල යන යාම නිසා ඒකාලෙ කොල්ලො කිව්වෙ 'කැරකිල්ල' කියල එයාට. බැන්දෙත් අපේ යාලුවෙක්. තාම ලංකාවට ගියාම නොවරදවා හමු වෙන යාළුවො.

    [මට නං කෙල්ලො පස්සෙ යන කරදරේ තිබ්බෙ නෑ, පොඩි කාලෙ ඉඳන්ම ඔබී හිටි නිසා...හෙහ්...හෙහ්...]

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔබා මාමෙ... ඒක නම් පුදුම වදයක් වෙලයි තිබුනෙ.... මට විතරක් නෙවේ... අපේ අම්මයි තාත්තටයිත්... මොකද බේරෙන්නම බැරි උනාම මං ඕව ගෙදර ඇවිත් කියනවනෙ.... හැබැයි ඒකෙන් එක හොඳක් උනා... ගෙදරට මොනවා ආරංචි උනත් ඒ කාලෙ ඒක වෙච්චි හැටි අම්මල දැනගෙන හිටියා.... ඒ නිසා මට ගෙදරින් නම් ඒ හැටි බලපෑමක් උනේ නෑ... ඒත් මට මතකයි ඒ කාලෙ අපෙ අම්මා මට යාළුවෙක් තරමට ලං උනා.... ඉතින් ගෙදර ගිහින් ඔය ඕන දෙයක් අම්මට කියන්න පුළුවන් තත්වයක් මට තිබුනා.....

      'කැරකිල්ල'..හික්ස්.... මරු නමනෙ.... මං ආඩම්බර පෙන්නපු නිසා මට කොල්ලො කිව්වෙ ඒ කාලෙ 'බෝම්බෙ' කියලා....ඔයාලටත් දුවල දෙන්නෙක් හිටිය නිසා මේ වගේ දේවල් තියෙන්න ඇති නේද... ඒත් එයාල ඉගෙන ගත්තෙ මෙහේ නිසා පුංචි කාලෙ ඉඳන්ම, සමහරවිට තත්වය මීට වඩා පොඩ්ඩක් හරි වෙනස් ඇති....

      ඒ කියන්නෙ ඔබා මාමටත් ලස්සන ලව් ස්ටෝරියක් ඇති නෙව... අනේ කියන්නකො අනේ පොඩ්ඩක්.... :D

      Delete
    2. පොඩි එකීට 'ස්ටක් අප් බිච්' කියල තිබ්බ කොල්ලෙක්, මෙහෙදි.හැබැයි ඒ ලංකාවෙ එකෙක්.

      දැන් පොඩ්ඩි ඉන්නෙ ලංකාවෙ,කෙල්ලො දෙන්නම අපේ බ්ලොග් ලියන කෙනෙකුට, දෙන්නෙකුට හමු වෙලත් තියෙනව, එයාල දන්නව මගේ කෙල්ලො දෙන්නම එහෙම නැති බව නං.

      Delete
    3. අනේ බලන්නකො ඒකෙත් හැටි... කල්පනා කරනකොට ඒකත් ඇත්ත තමයි... මගේ ලොකු දුවත් ඉන්නෙ මට මේ දේවල් සිද්ද උනු වයස පහු කරමින්... ඒත් අද වෙනකම් එයාට කිසිම වෙලාවක ඒ වගේ දෙයකට මුහුණ දෙන්න වෙලා නෑ..... කවදාවත් ගෙදර ඇවිත් කියලා නෑ අරයා මෙහෙම කිව්වා, මට ඉන්න දෙන්නෙ නෑ වගේ කතා... ඉතින් ඔබා මාමගෙ දුවල දෙන්න මෙහේ ඉන්න ඇත්තෙත් එහෙමනෙ... ඔන්න බලන්න අන්තිමට ලංකාවෙක් එකෙක්ම කිව්ව කතාව.... හරිම කණගාටු හිතුනා ඒක ඇහුවම....

      //දැන් පොඩ්ඩි ඉන්නෙ ලංකාවෙ,කෙල්ලො දෙන්නම අපේ බ්ලොග් ලියන කෙනෙකුට, දෙන්නෙකුට හමු වෙලත් තියෙනව, එයාල දන්නව මගේ කෙල්ලො දෙන්නම එහෙම නැති බව නං//
      මේ ටික කියවනකොට මගේ ඇස් දෙකට කඳුළු ආව... මට තේරෙනව ඔබා මාමට හිතුනු, දැනුනු දේ.....

      Delete
    4. මේකත් කෙල්ල නෙමේ කිව්වෙ, ඒකිගෙ යාළු වෙන කෙල්ලෙක්. හිතා ගන්න පුලුවන්නෙ මොකද වෙලා තියෙන්නෙ කියල, ෆුල් ට්‍රයි එකක් දීල බැරි වුනාම එහෙම කියල තියෙන්නෙ කියලයි ආරංචි වුනේ.

      Delete
    5. අනේ ඇත්තට... මට හිතාගන්න පුළුවන්...

      මගේ සිද්දිය උනත් ඒ කාලෙ නිසා ඔයින් ගියා... මේ වගේ කාලෙක නම් පිහියෙනුත් ඇනලා තමයි නතර වෙන්නෙ... මට ඒක හැමතිස්සෙම හිතෙනවා.....

      Delete
    6. ඕව ඉතිං ඔබා අයියල අපිට වඩා වැඩිමල් දූල හදාගෙන කරගත්තුවනෙ . . . අපි වගේ බෑනල ලබන්න පින නැතිකම මිසක් වෙන මොකද්ද ???

      Delete
  40. මොකද කොමෙන්ට්ස් මොඩරේට් කරන්න පටං අරං ? නිසුපට වගේ ලස්සන කවියක් වත් දැම්මද කව්රුත් ?

    ReplyDelete
    Replies
    1. ඒක කවියක් නම් නෙවෙයි... මට විතරක් නෙවෙයි, මෙතනට ඇවිත් කමෙන්ට් එකක් දාපු හිතවතෙකුටත් නිකම් අනවශ්‍ය කතාවක් කියල ගිහින් තිබ්බ ඇනෝ කෙනෙක්... මට කියපු එකට මං උත්තරයකුත් දාල එහෙමම තියන්න හදලත් අර කොහෙවත් යන අහිංසකයෙකුට මං නිසා ජරා කතාවක් අහන්න වෙච්චි එක ගැන කණගාටු හිතුන හින්දා මං ඒවා ඩිලීට් කරලා දාල කමෙන්ට්ස් මොඩරේට් කළා.... ඒක ඔබා මාමෙ මං මේ බ්ලොග් ලෝකෙ දකින්න අකැමැතිම දෙයක්....
      අමනාප නොවෙයි කියලා හිතනවා....

      Delete
    2. අමනාප වෙන්න දෙයක් නෑ....ඔයා කල විධිය හරි....කාට වුනත් ඒ වගේ දෙයක් වුනාට පස්සේ කොමෙන්ට් මොඩරේට් කරන්නම වෙනව.

      Delete
    3. බොහෝම ස්තුතියි ඔබා මාමෙ තේරුම් ගත්තට......:D

      Delete
  41. "ගෑණු ළමයි කැමති නෑ කියන්නෙ කැමතියි කියන එකට තමා"

    කතාව බොරු නම් නෙවේ.. අත්දැකීම්වලින් කියන්නේ..:-)

    ReplyDelete
    Replies
    1. නෑ...ඇත්තෙයි...ස්ස්ස්ස්....
      දැන් කී දෙනෙක් ඔයාට එහෙම කියල තියෙනවද කියල කියන්නකෝ..... :D

      මුල්වරට මේ පැත්තෙ ආව ඔයාවත් සාදරයෙන් පිලිගන්නව වගෙම කමෙන්ට් එකටත් බොහොම ස්තුතියි හොඳේ....

      Delete
  42. මාර වැඩක්නේ බොලේ 6 වසර කියන්නේ මොන වයසක්ද මල කෙලියයි.කොල්ලත් 6 නම් කමක් නෑ කියමුකෝ මේකා අක්ක පස්සේ ඇවිත් තියෙන්නේ ලව් කරන්නද හුරතලේට හදාගන්නද නැත්තම් දරුකමට ගන්නද ඈ....

    වෙලාවට කවුරුත් මට බෑ කියලා නෑ හි හි අර උම්මා සීන් එක නම් ඇත්ත ඒක බෑ කියන්නේ ඕන නිසා තමයි...

    කොල්ලෙක් කෙල්ලෙක්ව හම්බුනාලු ගොඩ කාලෙකින්.මේ දෙන්නා කීප සැරේ හම්බුනාට උම්මා දීලා නෑලු.බස් එකේ යන දෙවෙනි වතාවලු.කොල්ලා කෙල්ලගේ අත යන්තම් අල්ලන් ටික දුරක් යද්දි කිව්වලු මම ඔයාට තෑග්ගක් ගෙනාව කියලා කෙල්ල කිව්වලු ඉතින් දෙන්නකෝ කියලා.කොල්ලා කිව්වලු ඒක දෙන්නේ අතට නෙමෙයි මෙතනට කියලා කම්මුල් පෙන්නුවලු.කෙල්ල කිව්වලු අනේ එපා කියලා.කොල්ලා ටිකක් හිතලා ඇහුවලු එහෙනම් ඊළඟ සැරේ ආවාම දෙන්නද කියලා.කෙල්ල කිව්වලු හා කියලා.කොල්ලා පැනපු ගමන් උම්මා එකක් කෙල්ලට දීලා කිව්වලු ඊළඟ සැරේ ආවාම උම්මා දෙන්නෙත් මේ තොල්වලින්ම තමා කියලා.... කෙල්ලට කට උත්තර නෑලු හොඳටම හිනා වෙනවලු...

    "ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ" හි හි

    ReplyDelete
    Replies
    1. //කොල්ලෙක් කෙල්ලෙක්ව හම්බුනාලු ගොඩ කාලෙකින්..... කෙල්ලට කට උත්තර නෑලු හොඳටම හිනා වෙනවලු//

      මේ කොල්ලයි කෙල්ලයි කවුද කියල මට හිතාගන්න පුළුවන්.... ;D

      අඩේ....දැන් බලනකොට මේ අත්දැකීම් තියෙන අය කොච්චර ඉන්නවද...

      Delete
  43. ඔන්න මියුරු මමත් ගොඩවුනා කමෙන්ටුව හරහා...
    හප්පා මෙතන බොහොම කස්ටිය යන එන තැනක් නේ??
    කමෙන්ටු ටිකත් කියෙව්වා...

    "ඉතින් මං කැමති නෑ ඒ නිසා මටවත්, මාත් එක්ක වචනයක් කියලා හිනාවෙලා යන්න මෙතෙන්ට එන මගේ හිතවතෙකුටවත් කවුරුවත් ඇවිල්ල අනවශ්‍ය දේවල් කියල යනවට."

    මෙහෙම එතික්ස් තියන අය බ්ලොග් අවකාශේ අඩුයි
    - ජයවේවා -

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි ඔබතුමා මේ පැත්තෙ ගොඩවෙච්චි එක ගැන... බොහොම සාදරයෙන් පිළිගන්නවා.... අනේ ඉතින් වෙනදා නම් මේ තරම් කමෙන්ට්ස් නැහැ... මේ සැරේ නම් මාතෘකාව කට්ටියට අල්ලලා ගියාද කොහෙදෝ... හැමෝටම වගේ මේ විදියෙ අත්දැකීම් තියෙනව ඇතිනෙ... ඒ හින්දා මෙදා පාර අළුත් අය ගොඩකුත් එයාලගෙ අත්දැකීම් බෙදාගන්න ඇවිත්.... :D

      අනේ තිස්ස මහත්මයා මටත් තිබුණා ඒවට උත්තරයක් දීලා එහෙමම තියෙන්න අරින්න... ඒත් එහෙම කරපු බ්ලොග්වල වෙච්චි දේවල් මාත් දැක්කා... මගේ බ්ලොග් එකේ ඒ වගේ දේවල් වෙනවා දකින්න මං අකැමැතියි.... මෙතැනට කවුරු හරි ඇවිත් කියවලා නිකම්ම යන්නෙත් නැතිව කමෙන්ට් එකක් දාල යනවා කියන්නෙ මට කරන්න පුළුවන් ලොකුම ගෞරවය විදියටයි මම සලකන්නෙ.... ඒ කෙනා නිකම්ම නිකම් ප්‍රොෆයිල් එකක් නෙවෙයිනෙ... ඒ පිටිපස්සෙත් ආත්ම ගෞරවයක් ඇති මනුස්සයෙක් ඉන්නවානෙ....එහෙව් මිනිස්සුන්ට අනවශ්‍ය කතා කියන්න ඉඩ තියන්න නරකනෙ ඉතින්.... ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි ඒ වෙනුවෙන් වචනයක් කියලා ගියාට...

      Delete
    2. "ඒ පිටිපස්සෙත් ආත්ම ගෞරවයක් ඇති මනුස්සයෙක් ඉන්නවානෙ.."

      මේ සරල සත්‍යය අමතක කිරීම නිසා ඇතිවන දුරදිග යන ගැටුම් කොපමණද

      මම බොහෝ ගරු කරන බ්ලොග් කරුවෙක් තමා මයියාකියන්නේ

      ඔහු එක තැනක මෙහෙම කියනවා...

      "අප අතර මදවාද වල වෙනස් කම් තිබිය හැක.....ඒහෙත් හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමේදී වඩා සංවේදී වන ලෙසත් සංයමයෙන් වචන හසුරුවන ලෙසත් මෙහි පැමිනෙන සියලු දේනාගෙන් මයියා කාරුණිකව ඉල්ලා සිටියි.."

      Delete
    3. ඒ කතාව නම් හරියටම හරි... කීයෙන් කීදෙනාද ඒක තේරුම් ගන්නෙ තිස්ස මහත්මයා..... හොඳ වෙලාවට මට විවේකය තිබුනු නිසා මේකෙ එල්ලිලා හිටියායින් ඒක පබ්ලිෂ් වෙනකොටම මට ඩිලීට් කරල දාන්න පුළුවන් වුනා.....

      මං මයියලගෙ පැත්තෙ ගිහින් නෑනෙ... බොහොම ස්තුතියි මේ ලින්ක් එක දුන්නට.....

      Delete
  44. හපොයි ආපු කස්ටිය. මටත් හිතෙන්නෙ හූවක් කියල විසිල් පාරක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්.. රාජ්ට හූවක් කියල විසිල් පාරක් ගහන්න හිතුනෙ මෙච්චර කට්ටියක් ආව එකේ සන්තෝසෙටද එහෙමත් නැත්නම් කතාව කියවල මට ඔලොක්කුවටද...?? මොනවට උනත් කමක් නෑ එහෙම කළා කියල හිතාගෙන ඒක මං බාරගත්තා..... :D

      Delete
  45. අයියෝ 6 වසර ඔයා පව් නේ අක්කේ... ඇත්තටම 6 වසරේදී ඔහොම එකක් පටං ගත්තා නම් අධ්‍යාපනය ගැන අහන්න දෙයක් නෑ.. ප්‍රේමයෙන් ඔකඳ වෙලා ඉගෙනීම කර කුට්ටන් වෙයි නේ?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ මෙතන මේ ශ්‍රේණි, වසරවල්වල පටලැවිල්ලකුත් තියෙනව වගේ... අපි යන කාලෙ තිබුනෙ ශ්‍රේණි.... අපි ඕලෙවල් කළේ 10 ශ්‍රේණියෙදි.... දැන් කරන්නෙ 11 වසරෙදි නේද.... (මම වැරදි නම් කවුරු හරි නිවැරදි කරන සේක්වා....) එහෙම නම් වසර ක්‍රමයට අනුව මේක සිද්ද වුනේ 7 වසරෙදි......

      අයියෝ... ඒක නම් එහෙම තමයි.... එහෙනම් සමහරවිට අද වෙනකොට මං කොහෙදවත් දන්නැති වේවි....

      Delete
    2. ශානි,
      එහෙම වෙන්නෙ නෑ . . මම ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක යාලු උනේ කෙල්ල 5 වසරෙ මම 7 වසරෙ ඉද්දි. ශ්‍රේණි ක්‍රමයටනං කෙල්ල 4 මම 6 . . . අවුරුදු 11ක් ලවු කලා . . ඉගෙනීම කරුකුට්ටං වීම කෙසේ වෙතත් අපි දෙන්නටම උපාධි නං තියනව

      Delete
    3. ඕනෙ අයිය උඹව හමගහන්න වටිනව යකෝ.. :)

      Delete
  46. හැම ​කෙනාම කැමති නෑ කියන්නේ කැමති හින්දා නෙවෙයි අක්කේ....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... මේක ඉතින් මට සවුත්තුවට කළ වැඩක් නෙ...... :D

      Delete
  47. තිස්ස කියන්නෙ ඇදුරුතුමත් මමත් ඉතාමත් ගරු කරන කෙනෙක් තමා මියුරු. කාගෙත් ප්‍රශ්න වලදී ඉතා සංවේදීව ක්‍රියා කරන කෙනෙක්. පහුගිය දෙසැම්බරයේ මුනගැහුනු වෙලේ බ්ලොග් අවකාශයේ යතාර්තය හොඳින්ම අපට පැහැදිලි කරලා දුන්නා ඔහු.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි... ඒ මහත්තයා හොඳ කෙනෙක් වග මට තේරුනා.....මොන තරම් දෙයක්ද ඒ වගේ අවබෝධයකින් මෙතැන රැඳිලා ඉන්න එක.... එහෙම කෙනෙක් මුණ ගැහිලා නැති නිසා මට නම් ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ අත්දැකීමෙන්මයි..... අදත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා......

      Delete
  48. ඔව්ව කොහොම උනත් ඩබල් ප්‍රොමෝශන් ගහල හිටපු මම ඕලෙවල් ඉවර උන සැනිං පලමුවෙන්ම යාලුවෙන්ට ආපු කොල්ලට මගෙ හිත දුන්නා. පංතියෙ තව කෙල්ලොත් ඔය විදිහටම කලා. දැං උං බැඳල ඉන්නෙ වෙන මිනිස්සුංව.

    ReplyDelete
    Replies
    1. හික්...හික්...හික්... එහෙනම් කවිකාරිගෙයි ඇදුරුතුමාගෙයි ප්‍රේමයේ ලස්සන මතක සටහන් ඇති නෙව... නැද්ද අදහසක් ලියන්න හෙම...?

      Delete
  49. අපොයි!!! හැමෝම බනිනවා අර ප්රෙමවන්තයට, මම 11 පන්තියේ එයා 6 පන්තියේ, කෝච්චියේ, බස් එකේ එයාගේ තඩි bag එක උස්සන් ගියේ, තැම්බුන් හොදි කාපු කාලේ, හොරෙන් චෝකොලොට් දුන්නේ, දරුකමට වගේ තමයි බලාගත්තේ, හැම දෙයක්ම සමබරව දරුවෝ දෙන්නේක්වම හැදුව ඔන්න. ආපු බාදක, ලබපු ජය මතක් වෙද්දී හරිම සුන්දරයි !
    ප : ලි_ හුටා...? මට එතකොට කැමති කියල තියෙන්නේ .... අකමැති හින්දද ...?

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්... ඒකනම් දරුකමට අතේ වැරෙන් තමයි හදාගෙන තියෙන බව පේන්නෙ....
      //තැම්බුන් හොදි කාපු කාලේ, හොරෙන් චෝකොලොට් දුන්නේ//
      ඒ කාලෙම ගෙදරත් ගිහින් චොකලට්නුත් දෙන්න පුළුවන් උනාද ඔයාට...?:D
      සුන්දර කතන්දරයක් තියෙන බවයි පේන්නෙ....
      //හුටා...? මට එතකොට කැමති කියල තියෙන්නේ .... අකමැති හින්දද ..//
      අනේ ඔන්න අපි නම් දන්නෑ ඕවා හොඳේ....අච්චර දරුකමට හදාගත්තට පස්සෙ අකමැති වෙන එකකුත් නැහැනෙ...:D

      පළමුවෙනි වතාවට මේ පැත්තෙ ආව වගෙයි මතක.... ඔයාව සාදරයෙන් පිළිගන්න ගමන් බොහොම ස්තුතියි කියනවා කමෙන්ට් එකට හොඳේ....

      Delete
  50. මියුරු මම පලවෙනි වතාවට තමයි ආවේ , පිළිගැනීමට තුති!
    දැන් නම් උඩු යටිකුරු වෙලා; එයා මාව අම්ම වගේ බලා ගන්නවා :D
    මහසොහොන් බලකායට වගේ මේ ප්‍රේම මෙහෙයුමට හිටියෙ යාලුවෝ තුන් දෙනයි :
    මෙහෙයුමක් සාර්තකවීමටනම්.
    *** මෙහෙයුම පිළිබද රහස් සතුරා අතට පත්වීමේ අවස්ථා ශුන්ය විය යුතුය.
    1. ඉලක්කය
    2. ඉලක්කය හදුනා ගැනීම (ඔත්තු බැලීම )*** මෙය අතිශයින් වැදගත් වේ .
    3. බුඋමියේ තත්වය ( සැපයුම් මාර්ග / විකල්ප මාර්ග )
    4.අවි හා පිරිස ( විශේෂ දක්ෂයින් )
    5.පෙර පුහුණුව
    6.ඉලක්ක ගත ප්‍රදේශයට ලගාවීම හා ස්ථාන ගත වීම (ගැවසුන තැන /බාවිතා කල මාර්ග හදුනා ගැනීමට ඉඩ නොතැබිය යුතුය )
    7.පහර දීම හා පලා යාම
    ඔන්න ඔය තියරියට තමයි චොකලට් දුන්නේ/ ඇයි හඩු ගද කෙල්ලට උම්මා ...: 3D
    ****
    අනාගත පරපුරේ සාර්ථක මෙහෙයුමකට උපදෙස් සදහා publish කරන්න .
    මගේ අත්දැකීම් බ්ලොග් එකකින් ලියන්න හිතාගෙන ඉන්නේ තාම තාක්ෂණික දැනුම මදි.

    ReplyDelete
    Replies
    1. මේක කියවලා මට හිනා ගියා හොඳටම.... හොඳ පෙර සූදානමකින් තමයි හේනං වැඩේ දීල තියෙන්නෙ....

      මං කියන්නම් ඔයාට මේකට සරලව මූලික උපදෙස් ටිකක් ගන්න තැනක්... මේක කරගෙන යන්නෙ පුංචි පුතෙක්.... සෑමදෙයක්ම බ්ලොග් අඩවිය.... එයා මේකෙ කියල දීල තියෙනවා බ්ලොග් එකක් හදාගන්න විදිය.... ගිහින් බලන්නකෝ....

      http://samadeyakma.blogspot.com.au/

      Delete
    2. ටැන්කු වේවා ! ඒකා නියම පුතෙක් නොවැ,

      Delete
    3. ඇත්තටම කියලා වැඩක් නෑ...
      කොලු පැටියට කමෙන්ට් එකක් හෙම දාල එන්න ඇති කියල හිතනවා... ඒක දිරි ගැන්වීමක් වෙයි තව තවත් ලියන්න....
      බින්දුටත් දැන් ලස්සන කතා ලියන්න පුළුවන් වෙයි.... බ්ලොග් එක හදාගත්තම ඇවිත් ලින්ක් එකක් දාල යන්න.... එතකොට අපටත් එන්න පුළුවන් ඒ පැත්තෙ....

      Delete
  51. හප්පේ මම මේක දැක්කේ පරක්කු වෙලානේ.. ඔන්න ඒකට සමා වෙන්න ඕන..

    අවුරුදු 4ක්ම පස්සෙන් ආවා කියන්නේ අක්කේ මොනවා උනත් මෑන් සිරාවටම අක්කට කැමැත්තෙන් ඉදලා තියෙනවා.. මොකද අපිනම් මාස 4ක්වත් බෑ කියද්දි පස්සෙන් නොයන නිසා..

    ඔය ලොකු පන්තිවල අයියලාට ලව් කේස් වලදි උදවු කරන වැඩේ අපිත් කලා.. ඔය අක්කට උන දේවල්ම තමයි ඉතින් අපිත් කලේ.. ගොඩක් කෙල්ලො අපි එක්ක කාලයක් තරහ වෙලත් හිටියා ඔය වැඩ නිසා..

    ReplyDelete
    Replies
    1. මොනවටද අනේ සමාව ඉල්ලන්නෙ... පරක්කුවෙලා හරි ආවා නෙව... ඒකනෙ වටින්නෙ... :D

      ම්..ම්..ම්.. ඇත්තටම මේක පටන් ගත්තු කාලෙ නම් මට පුදුම තරහක් උන්දත් එක්ක තිබ්බෙ.... ඒත් පස්සෙ වෙච්චි සිදුවීම් එක්ක මට හිතාගන්න බැරිවුනේ ඒක මොන වගේ එකක්ද කියලා... ඇත්තටම ආදරේද නැත්නම් මොකක්ද කියල... මං ඊ ළඟ කොටස දැම්මම බලන්නකෝ මොකද උනේ කියල....

      හික්..හික්..හික්.. එහෙනම් දැන් තේරෙන්නැති ඇයි එච්චර තරහා උනේ කියලා...

      Delete
  52. සිද්ධිය මැවිල පෙනුන....අක්ක හොදවයින් 2ක් කිව්ව නම් ඉවරනෙ පොරගෙ මූනටම.......:(((((

    ReplyDelete
    Replies
    1. එක එක විදියට කිව්වනෙ අනේ... ඒත් නැවැත්තුවෙ නැහැනෙ ඉස්කෝලෙන් අස්වෙලා යනකම්ම...

      Delete
    2. ඔයාට කියන්න තිබ්බෙ හොදම විදියට . . . මම කැමතී

      Delete
    3. ඔය තරම් පුංචි කාලෙදි නැතුව ලොකු කාලෙක උනා නම් එහෙම කියන්නත් ඉඩ තිබ්බ ඕනයෝ....

      Delete
  53. අහ්හ් අන්තිම පේලියට පට්ටම හිනා ගියා හා හා හා

    ReplyDelete
  54. ඇත්තටම එහෙමද අක්කේ.... මටත් හිතාගන්න බැරි ඕක ම තමයි. අපේ ඉස්කෝලෙත් ඔහොම සීන් එකක් තිබ්බා, හැබැයි අන්තිමට කෙල්ල කැමති වුණා!

    ReplyDelete
    Replies
    1. අවංකවම කියනවා නම් සමහරු ඉන්නවා ලැජ්ජාවට මුලදි එහෙම කියන.... ඒත් අකමැත්තෙන් නෙවේ.... එහෙම අය ඉතින් ටිකක් දිගට වැඩේ යනකොට කැමති වෙනව... ඔය කතාවත් එහෙම එකක් වෙන්න ඇති...

      ඒත් මං මෙහෙම කළේ නම් ඇත්තටමයි... ගොඩක් පුංචිනේ මේ දේවල් වෙද්දි...මේ වගේ වටේම ගාගෙන කරන අයට ඇත්තටම මං අකැමැතියි... කොල්ලෙක් කෙල්ලෙකුට කැමති නම් ඒක හොර පාරවල් වලින් එන්නෙ නැතුව මූණට කියන්න පුළුවන් වෙන්න ඕන කියලයි මං හිතන්නෙ....මං අන්තිමට බැන්දෙ මගෙන් ඔය විදියට කෙලින්ම අහපු කෙනාව....හික්ස්...

      Delete
  55. ඩබල් සෙන්චරියට එකක් අඩුයි.. ඔන්න දැන් දෙසීයයි..

    ReplyDelete
  56. අම්මියෝ එච්චර ලස්සන නොවී ඉපදුණු එක කොච්චර වාසනාවක්ද..

    ReplyDelete