මගේ පුංචි කාලෙ යාළුවා රශ්මි ගැන මං මීට කලින් සුට්ටක් කියල තියෙනව මගේ 'නම් තියපු හැටි' පෝස්ට් එකේ.... බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් ඔන්න මෙතනින් ගිහින් බලන්නකෝ.....
http://miyuruworld.blogspot.com.au/2011/11/blog-post_15.html#more
පුංචි කාලෙ මගේ පුරුද්දක් තිබුණ නිතරම සෙල්ලම් කරන්න මේ රශ්මිලගෙ ගෙදර දුවන එක.... ඕකෙ කිසිම සීමාවක් තිබ්බෙ නෑ.... කන්න විතරයි ගෙදර එන්නෙ.... ඒත් බඩගිනි උනොත් තමයි.... ගස් නැගල පළතුරු මොනව හරි කෑවොත් හරි, බතල කඳු හාරලා අමු බතල කෑවොත් හරි, උක්ගස් කපාගෙන ගස් කඳන්වල ගහල හප කරල දැම්මොත් හරි ඉතින් බඩගිනි නැති නිසා ඒ එන්නෙත් නෑ ගෙදර.... දිගටම සෙල්ලම...අපේ අම්ම හරිම කේන්තියෙන් හිටියෙ ඔය වැඩේට.....මං කලින් කියල තියෙනවනෙ අපේ ගෙදර තියෙන්නෙ පොඩි කඳු ගැටයක් උඩ කියල..... අම්ම කරන්නෙ මං ඕනවට වැඩි වෙලාවක් ආගිය අතක් නැති උනාම ඔය කන්දෙ අයිනට ඇවිල්ල 'මිහිරී...ඊ...ඊ...' කියල කෑගහන එක... මගේ ගෙදරට කියන නම වෙනස් වෙන්න හේතුව උනෙත් ඕක.... 'මියුරූ...ඌ...ඌ...' කියල කෑගැහුවට ඌ ශබ්දෙ වැඩිය ඈතට ඇහෙන්නෙ නෑනෙ.... ඉතින් අම්ම ඔහොම කෑගහන වෙලාවට කොහේ හිටියත් මං හිටු කියල ගෙදර දුවනව.... ගියේ නැතොත් අම්ම මං ඉන්න තැනට හොයාගෙන ඇවිත් හැමෝම ඉස්සරහ මාව කෝටු මස් කරනව.... වස නෝන්ඩි වැඩේ නිසා මොනව කර කර හිටියත් ඒ ඔක්කොම දාල මං හැරෙන තැපෑලෙන් ගෙදර.....ඔය දවස්වල මං කරන්නෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර ආව ගමන් ඇඳුම් මාරු කරන්නත් කලින් දීලා තියෙන ගෙදර වැඩ ටික ඔක්කොම කරල දාන එක.... ඊට පස්සෙ ඇඳුම් මාරු කරල, මූණ කට හෝදල, කාල බීලා පොඩ්ඩක් අම්ම එහාට මෙහාට වෙනකම් බලන් ඉන්නව හොර ගල් අහුල අහුල.... පාර පැත්තට වෙන්න තමයි මේ වෙලාවට මගේ ඔක්කොම රාජකාරි.... ඔහොම ඉඳල අම්ම පේන්න නැතිවුනු ගමන් සුටුස් ගාල දුවනව රශ්මිලගෙ ගෙදර....
රශ්මිත් ඔය වෙලාවට එයාගෙ මල්ලිත් එක්ක මං එනකම් බලන් ඉන්නව.... මෙයාලගෙ ගෙදර හිටියෙ අනිත් ඔක්කොම සහෝදරයො හින්ද එවුන් ගෙදරට උන්නෙ කලිසම් කොටේ විතරක් ඇඳගෙන ෂර්ට් අඳින්නෙ නැතුව.... ඉතින් ඔවුන්ව හැමතිස්සෙම ෆලෝ කරපු රශ්මිත් ඉස්කෝලෙ ඇරිල ඇවිත් ගෙදර ඉන්නෙ ජංගිය පිටින්... එයාගෙ අම්ම මෙයාට ගවුමක් අන්දන්න මොනතරම් ට්‍රයි කළත් තුනේ පන්තියට විතර යනකම් ඔය වැඩේ නවත්තන්න කාටවත් බැරි වුණා...රජ දැක්මට යතත් යන්නෙ ජංගිය පිටින්.... දෙකේ පන්තිය වෙනකොට අපේ පන්තිය බාර මිසුත් ඒ දවස්වල ආවෙ ගියේ එයාලගෙ මිදුල උඩින් හදාගෙන තිබ්බ ෂෝට් කට් එකෙන්.... ඒ මිසුත් ඔය යන එන වෙලාවට බාගෙට හෙළුවෙන් ඉන්න මුන්දව දකිනව... ඒත් රශ්මිට ඒවයෙ කිසිම ගානක් නෑ.....
ඔය කාලෙ රශ්මිලගෙ ගෙදර ටොයිලට් එක තිබ්බෙ ගෙදරට ටිකක් දුරින්..... ඉතින් සෙල්ලම් කර කර ඉන්න අතරෙ ටොයිලට් යන්න උනාම එයා කරන්නෙ ටොයිලට් එක ඇතුලට ගිහින් ජංගිය ගලවල ඒ ටොයිලට් එකේ කවුළුවක් උඩින් තියන එක.... ඉතින් මමයි මල්ලියි කරන්නෙ හෙමීට ගිහින් කෝටුවක් දාල ඒක අරගෙන හංගන එක.... අලේ ඉතින් වැඩේ ඉවර උනාම ගෑණිට එළියට එන්න බෑ.... එයා ටොයිලට් එක ඇතුලෙ ඉඳගෙනම කෑගහනව 'අම්මේ...අම්මේ...' කිය කිය..... ඉතින් අපි දෙන්න කරන්නෙ කෝටු දෙකකුයි ටින් කබලකුයි අරගෙන එයාලගෙ අම්ම ඉන්න කිට්ටුවට ගිහින් ඒ ඇන්ටිට රශ්මි කතා කරන සද්දෙ නෑහෙන්න ටාං ටාං ග ගා ටින් එකට තඩි බාන එක.... අලේ ඉතින් බැරිම වෙනකොට උන්ද නිරුවස්තරයෙන්ම එළියට ඇවිත් මැරතන් දුවනව ගෙට.... ඕක බලන් ඉඳල අපි දෙන්නට හුස්ම අල්ලගන්න බෑ හිනා වෙලාම....
ඒ දවස්වල ඔය රශ්මිගෙ ඔළුවෙ නිතරම උකුණො හිටිය.... සෙල්ලම් කරන අතරෙදි ඔළු දෙක හේත්තු කරන් ඉඳල කොහොම හරි මගේ ඔළුවටත් ඔය යක්කු එනව.... අපේ අම්ම ඒ වැඩේ දන්න හින්ද නිතරම මගේ ඔළුව බලල උකුණො හිටියොත් අරන් දානව.... බෝ උනොත් ගෙදර ගෑණු පහකගෙ ඔළු ගෙඩිනෙ නැන්දගෙ එකත් එක්ක....ඉතින් ඔය උකුණො ගන්න වෙලාවට එකතැන වාඩිවෙලා අම්මගෙ කකුල් දෙකට හිරවෙලා ඔළුව හොල්ලන්නෙ නැතුව ඉන්න එක මට දිරවන්නෙම නෑ.... හැම තිස්සෙම මතක් වෙන්නෙ සෙල්ලමමයි..... මං ටික වෙලාවක් නොහොලව ඉඳල අම්මට කියනව 'අම්මෙ මට චූ බරයි...' කියල...
'ගිහින් එන්න ඕන ඔන්න ඉක්මනට...' කියල මගේ හැටි දන්න අම්ම මාව අතාරිනව.... සමහරදාට මං එහෙමම පල්ලමේ දුවනව රශ්මිලගෙ ගෙදර.... මං දන්නෑ දිඩි දිඩි ගගා පල්ලමේ මං දුවන සද්දෙ අම්මට ඇහෙනවය කියල.... අලේ මට එයාලගෙ ගෙදරට පය ගහන්න හම්බෙන්නෑ ඔන්න ඉතින් අම්ම කෑගහනව ඇහෙනව 'මිහිරී..ඊ..ඊ...' කිය කිය....
'ආහ්..' ගාල ලොකු සුසුමකුත් හෙලල, පෙරට තියපු පය ආපහු අරගෙන මං ඉතින් ගාට ගාට ගෙදර එනව... අම්ම බලන් ඉන්නව කන්ද උඩට වෙලා මං මිදුලට පය තියනකම්....
'මං හිතුව චූ කරන්න ගිය එක්කෙනා වලට වැටිලැයි කියල...' කරබාගෙන ගෙදරට අද්දන මාව දැක්කම අම්ම එහෙම කියනව...මෝඩ හිනාවක් දාගෙන මං ගෙට යනව... වෙන මොනව කරන්නෙයි...
එක දවසක් මං ඔය පොතම දාල අම්මගෙන් ගැලවිලා හෙමීට පිළිකන්න පැත්තෙන් වටයක් දාල බැලුව ඒ වෙනකොට අම්ම ඉන්නෙ කොහෙද කියල.... ඒ මොහොතෙ මගේ මොකක්දෝ වෙලාවකට අම්ම පොඩ්ඩක් එහාට මෙහාට වෙලා.... මං සුරුස් ගාල දිව්ව පාර අයිනෙන් තිබ්බ කාණුව ළඟට..... ඒක දිගේ දෙකට නැවිලා බඩ ගාගෙන වගේ පහළට ගිය මං ඉතුරු ටික වෙඩි වගේ දිව්ව රශ්මිලගෙ ගෙදර.....ඒ ගිහින් ටික වෙලාවක් රශ්මියි, මමයි, මල්ලියි, රශ්මිලගෙ අම්මයි එයාලගෙ සාලෙ ඉඳගෙන කතා කර කර හිටිය.... ඔහොම ඉන්නකොට අපට ඇහුන එයාලගෙ පාර දිගේ කවුදෝ එනව.... ජනේලෙ ළඟට ගිහින් පාර බලපු ඇන්ටි කිව්ව,
'ඔන්න මිහිරි අම්ම එනව පත කෝට්ටකුත් අරන්... අද නම් වදින්නයි යන්නෙ.... මේ පැත්තෙන් දුවන්න....' කියල මට ගෙයි පිටිපස්සෙ දොර ඇරල දුන්න.... මාත් කෝකටත් කියල ජනේලෙන් හොම්බ දාල බැලින්නං අම්ම එනව කෝට්ටකුත් අරන් යක්ෂාරූඪ වෙච්චි ගානට.... මං තව මොහොතක් බැලුවෙ නෑ, පැන්න පිටිපස්සෙ දොරෙන්, දිව්ව පණ එපා කියල ගෙදරම...
'ඔහොම ඉන්නව... ඔහොම ඉන්නව....' පණ කඩන් දුවන මාව දැකල අම්ම කෑගහනව මට යන්තම් ඇහුන... එහෙම කිව්වට මං නෙවේ හැරිලවත් බැලුවෙ.... මගේ ඇඟට යාන්තම් ලේ ටිකක් ඉනුවෙ ගෙදර මිදුලට පය ගැහුවට පස්සෙ.... අම්ම එන්න තව පරක්කු වෙන බව දන්න හින්ද කාමරේට ගිහින් අම්මට අහු නොවෙන්න දොර වහගන්න හිතන් ගෙට යන්න දොරකඩට ගියා විතරයි... බුදු අම්මෝ.... සරමත් කැහැපොට ගහගෙන ඉණට අත් දෙක ගහගෙන ගිනි පුළිඟු විසිවෙන ඇස් දෙකෙන් මං එන දිහාව බලන් ඉන්නව තාත්ත..... ඊට ටිකක් පිටිපස්සෙන් අත්තම්ම ඉන්නව බය වෙලා අතකින් කටත් වහගෙන මොනවයින් මොනව වෙයිදෝ කියල වගේ තාත්තයි මායි දිහා මාරුවෙන් මාරුවට බල බල....ඇයි වලාමෙ කවුද දන්නෙ තාත්ත කලින් ඒවිය කියල ගෙදර....
අත්තම්ම ඉන්න විදිය දැක්ක ගමන් මට තේරුනා වැඩේ සීරියස් කියල.... ඒ හින්ද කෝකටත් සූජානං සරීරෙ කියල මං යූ ටර්න් එකක් දැම්ම.....
'මෙහෙ වරෙං....' ඉණට ගහන් හිටපු අත් දෙක පල්ලෙහාට දාල තාත්ත බැස්ස මිදුලට.....
මම නං යයි.... එන පොට හොඳ නැති නිසා මං පස්ස බල බල හිමීට මාරුවෙන්න බැලුව.... මොන පිස්සුද... මෙන්න තාත්ත එනව අඩියට දෙකට මං දිහාට....මං පටන් ගත්ත දුවන්න... දැන් මං දුවනව ගේ වටේ.... තාත්ත හිටු කියල එලෝනව.... මගේ ඇඟේ ලේ නෑ.... අද නම් වැඩේ වැරදුනා කියල මට හිතුන....
'ඔහොම නැවතියං.....' තාත්තට හති දුවලම...
'තවත් ගේ වටේ දිව්වොත් දුවන වට ගානට මං උඹට ගහනව....' තාත්තට මරුවම නැගල.....
මට දැන් දුවන්නත් බයයි...නවතින්නත් බයයි.... කෝක කළත් ගුටි කන්න වෙනව....
අන්තිමට මේ සේරම වික්කිරියාවල් බලා හිටපු අත්තම්ම එළියට බහිනව දැකල මං දුවන් ගිහින් එයාගෙ ඇඟේ එතුන....
'අනේ දරුවට ගහන්න එපා....' අත්තම්ම හෙමීට කියනව මට ඇහුන...
මං අත්තම්මව බදාගෙන හිටපු හින්ද තාත්තට මාත් එක්ක පොරකන්න විදියක් තිබ්බෙ නෑ....මං අත්තම්මට පිං දි දී රිලව වගේ අතාරින්නෙ නැතුව එහෙම්ම එල්ලිලා හිටිය අත්තම්මගෙ ඇඟේ..... මං හිතුව යාන්තං අදට බේරුනාය කියල....
හලේ...එහෙම හිතල විනාඩියක් යන්න හම්බුන්නෑ, කොහේදෝ ඉඳල එකපාරටම පිටිපස්සෙන් ආව අම්ම මාව ඇදල අරගෙන තාත්තට බාර දුන්න....
තාත්ත සරම පිටිපස්සෙන් ඉනේ ගහන් හිටිය ගැට කෝට්ටක් ඇදල අරන් උඩ ඉඳල පහළට කකුල් දෙකේ පාරවල් හිටින්න තැලුව මට ආයෙ ඊළඟ ආත්මෙටත් මතක හිටින්න.... ඒ ගැහුව ගැහිල්ලට හූ තිය තිය අඬල අන්තිමට ගිහින් ඇඳේ වැටිල හිටිය මං මුනින් අතට..... අත්තම්ම තමයි කෝටු පාරවල්වලට බෙහෙත් ගෑවෙ 'අනේ මේ නොදරුවට කළ දේ....' කිය කියා....
අම්මයි තාත්තයි නෙවේ ඇහැක් ඇරල බැලුවෙ....
කොහොමින් හරි ඒ ප්‍රතිකර්මය නිසා මගේ ගොඩේ දිවිල්ලත් අඩු උනා නෙව..... ඇයි අප්පා කාටද ඔය හැටි ගුටි කන්න පුළුවන්....
හපොයි..දඟ මල්ලට හොඳ පාඩම...
ReplyDeleteඅපේ මල්ලිත් ඔහොම එපා කියලා සෙල්ලම් කරන්න ගිහින් හොඳටම ගුටි කෑවා..
හොඳ පාඩම නේන්නම්.... හැබැයි මේකෙන් ගොඩේයාම සම්පූර්ණයෙන්ම නම් නැවතුනේ නෑ..... සැලකියයුතු ප්‍රමාණයකින් අඩු උනා විතරයි..... ඉන්පස්සෙ අම්ම වෙලාවක් වෙන්කරල දුන්න සෙල්ලම් කරල ගෙදර එන්න.... :D
Deleteඅපේ තාත්තත් හැමදාම නොගැහුවත්, අපි හැමෝටම මතක හිටින්ඩ එක දවසක් දීලා තියනවා. මට ගහලා තියෙන්නේ බේත් බොන්නෑ කියලා.. එදා ඉඳන් උගුරට හොරා බේත් බොන්ඩ මම හරි සූරයි...
ReplyDeleteහික්..හික්..හික්... ඔන්න මං අහන්නෙ නෑ ඒ උගුරට හොරා බිව්ව බෙහෙත් මොනවද කියල හොඳේ....
Deleteඅපෙත් තාත්ත දීල අදින්නෙ කලාතුරකින්.... එහෙම වෙලාවට හම්බෙනව ආයි මදියි නොකියන්න.... ඒකයි තාත්ත ගහන්න සැරසෙනකොටම බය.... අම්ම නම් ඔහේ හැරුනු හැරුනු පැත්තට දීල දානව ඒ කාලෙ... ඒව නම් ගාණක්ම නෑ.... :D
හොඳ වැඩේ හොඳ වැඩේ හි හි හොඳටම හිනා යනවා වෙලාවට ඔහොම දුන්නේ සබ්බුව නැත්තම් අද අක්කව හොයන්න ජාත්‍යන්තර පොලිසියට භාරදෙන්නයි වෙන්නේ... අර අල්ලපු ගෙදර අක්කට කරපු වැඩේ නම් පව් අප්පා පාඩුවේ වැඩක්වත් කරගන්න දීලා නෑනේ..... මරු ලිවිල්ල අක්කේ සුපිරියි
ReplyDeleteහික්...හික්..හික්... බොහොම ස්තුතියි....
Deleteඒ කාලෙ ඔය වැඩේ හෙන ආතල්...අන්තිමට බැරිම තැන රශ්මි එයාගෙ අම්මට කිව්ව අපි මෙහෙම දෙයක් කරන බව.... ඊට පස්සෙ ඒ ඇන්ටි බැනල තමයි වැඩේ නැවතුනේ...
ඒ කාලේ වැසිකිලියකටවත් නිදහසේ යන්න දීලා නැහැනේ.අනේ හැබැටම මෙහෙමත් කෙල්ලෝ.
ReplyDeleteමටනම් තාත්තා ගහලම නැති තරම් ඒත් අම්මා නොගහපු දවසක් නැති තරම්..
හික්...හික්..හික්... නෑ නේන්නම්... පහළ උසාවියේ නඩුවකුත් දාන්න උනා සෙල්ලම් කරන ගමන් වැසිකිළියට යන්න නිදහස ලබාගන්න....
Deleteආපෝ.... මම තමයි අපේ දෙන්නගෙන්ම වැඩියෙන්ම ගුටි කාල තියෙන්නෙ.... තාත්ත නම් ලොකුවෙනකොට ගහන එක නැවැත්තුව.... ඒත් අම්ම නම් අතෑරියෙ නෑ... අන්තිමට මට ගැහුවෙ ඕලෙවල් කරන කාලෙ... ඒ ගැහිල්ලත් මරු කතාවක්... ඒකත් පෝස්ට් එකක් විදියටම දාන්නම්කො....
හී හී පව් අනේ...මට මැවිලා පෙනුනා තාත්තා ඔයාගේ පස්සෙන් එලවන හැටි..
ReplyDeleteමටත් මැවිල පෙනුන මේක ලියද්දි.... ඒ වෙලාවෙ දැනුන බයත් ටිකක් විතර දැනුන.... :D
Deleteහප්පේ මගේ චොපර් එකේ තිබ්බ ලැගේජ් එක තාත්තා ගලවලා දැම්මා පොඩිකාලෙම එහා ගෙදර නංගිව තියං පැදලා..වලාමේ කියන එක නං මාතර ගියාම පාවිච්චි කරනවා ගොඩාක් කාලෙකින් ඒ වචනේ ඇහුනේ...අක්කලා දෙන්නගේ උකුනෝ අයින් කරන්න උකුනෝ පනාවක් ගෙනාවා ඒකාලේ...අම්මා කෙස් ගැලවෙන්න දාලා අදිනවා බැන බැන.....ඒ අතීතේ මතක් උනා මේ විස්තරේ කියෙව්වම.....
ReplyDeleteඋඹ ගැන තාත්ත හොඳ තක්සේරුවකින් ඉඳල තියෙනවා වගේ පොඩි කාලේ ඉඳලම.... :))
Delete//මගේ චොපර් එකේ තිබ්බ ලැගේජ් එක තාත්තා ගලවලා දැම්මා පොඩිකාලෙම එහා ගෙදර නංගිව තියං පැදලා//
Deleteඅර ලොකු පුතා කිව්ව වගේ තාත්තට තේරෙන්නැති ගොනා හැරුනෙ පොල් පැලේට තමයි කියල.... :D
ඔය 'වලාමෙ' කියන වචනෙ ඇත්තටම මං වැඩිය පාවිච්චි කරන එකක් නෙවෙයි.... ඒත් රශ්මිලගෙ අම්ම නිතරම වගේ පාවිච්චි කරපු වචනයක්... දැන් ඒ ඇන්ටි ජීවතුන් අතර නෑ....වකුගඩු අමාරුවක් හැදිල නැතිවුනා දැනට අවුරුදු දහයකට විතර කලින්... මං මේ කතාව ලියාගෙන යනකොට එයා කතාකරපු ඒවා එයාගෙ කටහඬින්ම මගේ කණට ඇහෙනව වගේ උනා.... ඒකයි ඒ වචනෙ නොදැනුවත්වම වගේ මගේ අතින් ලියැවිලා තියෙන්නෙ....
ඔය උකුණු පනා වැඩේ අපේ ගෙදරට ආවෙ අම්මට කණ්නාඩි නොදා පේන්නෙ නැති උනාට පස්සෙ.... රශ්මිගෙ ඔළුව බේරගන්න බැරි උනාම මට මතකයි එයාලගෙ අම්ම ලේඬි බරුව කියල එකක් ගෙනත් ඔළුවෙ කෙස් ටිකත් ගැලවිලා යන්න එක්ක දාගෙන අදිනව....
අපිට ලඟ අහලපහල අල්ලපු ගෙයක් තිබ්බෙ නැහැ....මම ගුටි කෑවෙ ගස් නැගලා....අපේ ගෙදර කොට කලිසම් කාරයොම 3 ක් නෙ..(අය්යල දෙන්නයි,තාත්තයි.) ඉතින් මගෙත් අතාරින්නම බැරි ඇඳුම තමා ජංගිය...මමත් කාල තියනව ගුටි නම් ලබන ආත්මෙටත් එක්ක අම්මගෙන්..ලොකු අයියගෙන්...
ReplyDeleteහොඳ වෙලාවට කිරිල්ලි ජංගිය අතෑරල නැත්තෙ.... හික්...හික්...හික්...
Deleteමගේ ගස් නැගිල්ල නැවතුනේ අපේ පන්තියේ ගෑණු ළමයෙක් ගස් නගින්න ගිහින් වෙච්චි සන්තෑසියකට පස්සෙ.... ඒක ඇහුවම අම්මට ආයෙ දෙපාරක් කියන්න ඕන උනේ නෑ මට ගස් නගින්න එපා කියල... බුදු අම්මෝ..... :O
ඇයි අක්කේ ඒ දැරිවී ගහෙන් වැටුනයි... එහෙම නැත්නම් ගහේ වැදිලා කොහේ හරි තුවාල උනයි...
Deleteජංගිය අතහරිනවා යන්නෙන් අදහස් කෙරෙන්නේ කිමැයි ??
වැටුන නේන්නම්... වැටිලා තිබ්බෙ අත්තක් කපල දාල තිබ්බ උලක් උඩට....
Deleteබෝ තොත්ත බබා... ;P
ඔන්න ඔහොමලු නැහැදිච්ච කං නැතිකලේ
ReplyDeleteඅනේද කියන්නෙ කවිකාරියේ..... ඒව නැතිකරන්න හොඳ සාත්තුවක් නැතුවම බැරි උනා නෙව ඔය කාලෙ....
Deleteහොඳ, හොඳ වැඩ කරලා ඒ කාලේ නේද? :D
ReplyDeleteආයෙත් අහල.... තවම මේ කිව්වෙ බොහොම සුට්ටක් විතරයි.... :D
Deleteමටත් මැවිලා පෙනුනා මිහිරි අක්කා හුරේ තියල දුවන හැටි
ReplyDeleteඅල්ලපු ගෙදර කෙලීට කරපු වැඩේනම් කැතයි බං අක්කේ
මමත් ගෙදරින් ගුටි කාල තියෙනවා ආයේ මදි පාඩුවක් නොවෙන්නම
පොඩි කාලේ මම සල්ලි හොරකම් කලා පැණිබීම බොන්න
ඒක දවස් කීපයක්ම කලාට පස්සේ තාත්තට අහු උනා
සල්ලි ගත්තේ ඇයි කියල ඇහුවහම හරි හේතුවක් කියපු නැති නිසා හොඳටම ගහලා කට ගිනි පෙනෙල්ලකිනුත් පිච්චුවා
එහෙම කරපු එක වැරදියි කියල කවුරුත් කියන්න එපා
මමනේ වැරදි කාරයා
හික්...හික්..හික්... මටත් මේක ලියද්දි මැවිල පෙනුන විතරක් නෙවේ, ඒ වෙලාවෙ දැනුනු බයත් සුට්ටක් විතර දැනුන....
Deleteමමත් කාල තියෙනව හැම විදියෙම ඒව.... කම්මුල පැලෙන්න කම්මුල් පාරවලුත් කාල තියෙනව.... මගේම වැරදිවලට තමා...
කොහොම උනත් පොඩි ළමයිට ගහන්න හොදනෑ.
ReplyDeleteඑතකොට අර අපේ ගෙදර හදපු 'හැඳි නොගා හදන කිරි හොද්ද' වගේ වෙනවනෙ අනේ.... :D
Deleteපුදුම දාංගලයක්නෙ යකෝ මේක....:D
ReplyDeleteඇයි යකෝ එහෙම කියන්නෙ... :D
Deleteඅක්කව මට්ටු කරන්න අම්මටයි තාත්තටයි සාමූහික මෙහෙයුමක් දියත් කරන්න වෙලානෙ. මදි නොකියන්න කන්න ඇති. :)
ReplyDeleteඅයියෝද කියන්නෙ... මං ඒ කාලෙ ඔය හැමවිදියකටම මදියි නොකියන්න කාල තියෙනව නේන්නං.... :D
Deleteඅනේ අක්ක පව්නේ... ඔය ගුටි කෑවේ 3 වසරේදීද? සූටි නේ.... මටත් මතක උනා ඉස්කෝලේ ඇරිලා ඇවිත් ගෙදර ඉන්න හැටි... 5 වසර වෙනකල් මාත් එහෙමනේ හිටියේ... අයියලා දෙන්නයි නේ.. :)
ReplyDeleteඒ කියන්නෙ අයියල ඉන්න නගාල තමයි මේ වැඩේ බහුලව කරල තියෙන්නෙ.... දැන් මෙතනින්ම දෙන්නෙක් මාට්ටු..... :D
Deleteමේ සිද්දිය වෙනකොට මං පහේ විතර ඇති... එතකොටත් රශ්මි ඔය කිව්ව විදියට තමා ගෙදරට හිටියෙ....
හඃ හා හා .. මම නම් ඉතින් කරන්නේ මොනවා හරි කරලා මාට්ටු වෙනවනම් ලංගම තියන උස ගහට පිළිසරණ පතා නගිනවා. අපේ අප්පච්චිට ගස් නගින්න බෑ, අම්ම නගින්නෙත් නෑ. එත් දවසක් එහෙම කරලා හෙන කෙක්කක් අරන් ඇවිත් ගහට පතබෑවේ නැද්ද අපේ අප්පච්චි. මමත් ඉතින් රිලවා වගේ අතුවලට පැන පැන හිටිය..
ReplyDeleteඅයියෝ... මං පණ යන්න හිනා උනා මේක කියවල... මට මැවිල පෙනුන සීන් එක... අප්පච්චිට ගස් නගින්න බැරිවෙච්චි එකේ වාසිය අරන් තියෙන හැටි.... කොහොමද සැප අර කෙක්කට කෑල්ලක්වත් අහු උනා නම්.... :D
Deleteහොඳ වෙලාවට ඒ ගහ රඹුටං ගහක් වෙන්න නැතුව ඇති කියල මට හිතෙනව . . නැත්තං ඔය මියුරු කියල තියන එක තමා වෙන්නෙ . . . .
Deleteමගේ බ්ලොග් එකේ මටම කුණුහරුප ලියාගන්න බැරි හින්දා මේක දැක්කම හිතට ආව දේ 'බලධරයා විසින් කපා හරින ලදී'. :D
Deleteරඹුටන් ගහක් උනානම් ?? No Damage found..
Deleteහපොය් ක්සැන්ඩර් නොදිටි මොක් පුර
Deleteකෝකටත් සූජානං සරීරෙ කියල මං යූ ටර්න් එකක් දැම්ම.....
ReplyDeleteහැක හැක මට මැවිලා පේනවා.. අනේ අම්මපා මේකිත් දගමල්ලක්නේ... හී හේ
ආයෙත් අහල.... මේ කිව්වෙ බොහොම සුට්ටයි.... මං අපේ නගාල ගැන කියනකොට උන් දෙන්න බලන් ඉන්නෙ ඇත්තටම මං කරපු මේ වගේ මගෝඩි වැඩත් කියයිද කියල..... :D
Deleteශඃ ! රෙකෝඩ් සම්භාරයක් තියපු කෙනෙක්නෙ! :D
ReplyDeleteරෙකෝඩ්ද කියන්නෙ.... ඒව හරියටම අහගන්න වෙන්නෙ අපේ අම්ම බ්ලොග් එකක් ලිව්වොත් තමා ඉතින්..... :D
Deleteහප්පා... අක්කේ ඔයා නම් සුපිරි ඈ... මාත් ඉස්සර ඔය වගේ තමා ගමේ ගියාම. අම්මයි තාත්තයි අනිත් කට්ටියයි මාව හොයන්න මඩ වලවල ගානේ... ලදු ගානේ රිංගනවා. මං කජු ගස් උඩ ඉදන් ඔක්කොම බලාගෙන තනියම හිනාවනවා.
ReplyDeleteඉතිං ගෙදර ගියාම බඩු හරි...
හික්...හික්...හික්... අපේ අම්මත් කළුවර වැටුනම මාව හොයන්න ගෙවල් ගානෙ ගිය කාලෙකුත් තිබ්බ....
Deleteහොඳ වැඩේ...උන්දැට හූ...හූ...
ReplyDeleteතාත්තගෙන් කාපු කෝටු පාරවල් වලට නං චූ ගියාත් එක්ක නේද ? නැද්ද හොඳා...?
අනේ මං පව් නැද්ද ඔබා මාමෙ.... :(
Deleteමොනතරම් ගුටි කෑවත් කවදාවත් මට එහෙම නම් වෙලා නෑ අප්පා.... :D
සික් . .. මෙහෙම නැහැදිච්චි එකියො නෙව අපිත් බ්ලොගවල ආස්සරේ කරන්නෙ . . . ආන්න ඒකට අපි . . . තාත්ත පොඩිකාලෙ මාව දකිද්දි "සිරිමත් මගෙ සකි" කවිය මුමුනනව
ReplyDeleteහාපෝයි....!!
Deleteදන්නෝ දනිති... නැද්ද මං අහන්නෙ..... ;P
අපොයි.. මේ අක්කේ තාමත් අර දැරිවි අරෙහෙමද.. පට්ට ශෝක් ඕයි.. කෙල්ලෙක් ජංගිය පිටින් සෙල්ලම් කරද්දී මරුවට තියෙයි නේද.. මම කීවේ මේ ලොකු එකියක්...
ReplyDeleteහොඳවැඩේ ... දෙන්න තිබුණේ ලෙලි යන්න පාරවල් 7ක් 8ක්
ඒ දැරිවි දැන් දරුවො තුන්දෙනෙකුගෙ අම්ම කෙනෙක් වගේම ඉංග්‍රීසි ගුරුවරියක්.... දැන් එහෙම හිටියොත් නම් නියමෙට තියෙයි.... :D
Deleteපල..පල..යන්න....
හික් හික් හික් !!!
ReplyDeleteහිනා වෙලාම හති !!!
ඇයි වැඩේ මැවිලා පෙනුනද....හික්...හික්...හික්..
Deleteමාත් ඉස්සර දුවන්නේ සීයා ගාවට! :)
ReplyDeleteඅනේ ඉතින් උන්දල නෙව ඔහොම අකරතැබ්බක් උනාම අපිව බේරගන්න කතා කරන්නෙවත් නේද.... :D
Deleteමේකිත් අපේ නංගිගෙ ජාතියෙ ඩයල් එකක්!
ReplyDeleteඇත්තටම ඔයාගෙ නංගිත් මං වගේද ඈ...? එහෙනම් අහන්න දෙයක් නෑ එයා හරී..ඊ...ම හොඳ ඇති... එවන් නගෙක් ලබපු අයියෙක් මොන තරම් වාසනාවන්ත වෙන්න ඕනද මං අහන්නෙ...!! හ්ම්...හ්ම්... :D
DeleteLovely.This brings back childhood memories :-)
ReplyDeleteWelcome to my blog u4j10. I am really happy that you enjoyed my post.
ReplyDeleteThank you for your comment.
ගොඩක් සුන්දර ළමා කාලයක්නෙ මියුරු අක්කෙ ඔයාට තිබිල තියෙන්නෙ. :) තාත්තගෙන් ගුටිකාපු හැටි අහල නම් ගොඩක් දුක හිතුන. ගොඩක් වෙලා යනකන් වේදනාව තිබුන ද ? :(
ReplyDelete