Total Pageviews

Wednesday 21 December 2011

යාළුද කියල බලපු හැටි........

මම ඉස්කෝලෙ ගිය පළමු අවුරුදු පහේ ඉගෙන ගන්න ගිය කණිෂ්ඨ විද්‍යාලයේ පන්ති තිබුණෙ බිංදුවෙ ඉඳල පහට යනකම් විතරයි....මේ ඉස්කෝලෙ ඒ පළාතටම තිබුණු හොඳම කණිෂ්ඨ විද්‍යාල වලින් එකක්... එහෙම කියන්නෙ සම්පත් ගොඩක් වගේම බොහොම දක්ෂ ගුරුවරු ටිකකුත් ඒකෙ උගන්වපු නිසා... ඒ හේතුව නිසාම පහේ ශිෂ්‍යත්ව විභාගෙන් ළමයි සෑහෙන ප්‍රමාණයක්  පාස්වෙලා කොළඹ තියෙන ඉහළම පෙළේ පාසැල්වලට ගියා....

මේ ඉස්කෝලෙ උගන්වපු ගුරුවරු වැඩි දෙනෙක් හිටියෙ අපේ ගෙවල් පැත්තෙ.... කොටින්ම කියනවා නම් මට 1,2,3 පන්තිවලට උගන්වපු ගුරුවරු අපේ අසල්වැසියෝ..... ඒ දවස්වල මට හරි ප්‍රශ්නෙ මේ ඉස්කෝලෙ යන්න කලින් 'ඇන්ටි' කිය කිය හිටපු අයට 'මිස්' කියන එක.... ඉස්කෝලෙදිත් හිටි ගමන් ඇන්ටි කියල කියවෙනව.... හැබැයි ඉතින් එයාල නම් ඔය මොනව කිව්වත් ගණන් ගත්තෙ නෑ....

ඉතින් ඔන්න මම තුනේදි හිටියෙ ගමගෙ මිස්/ඇන්ටිගෙ 3A පන්තියේ....අපේ සමාන්තර පන්ති පහක් තිබුණ... අපේ පන්තියෙ හිටපු ගෑණු ළමයි, ටිකක් හොඳට ඉගෙන ගන්න පුළුවන් කස්ටිය.... කොල්ලො ටික මෝල්ලු.... B එකේ ඒකෙ අනිත් පැත්ත... කොල්ලො ඉගෙන ගන්න එවුන් උනාට කෙල්ලො ගොං බඳින කණු..... මේවා මේ මං හදාගනිපුව නෙවෙයි.... ඔය මිස්ලා අපේ අම්මත් එක්ක කතා කරන වෙලාවට හැංගිලා ඉඳන් කණ ටියුන් කරගෙන ඉන්න වෙලාවල ඇහිච්චි ඒවා....හැංගිලා ඉඳන් අහන් හිටියොත් මිස කිට්ටුවට ඇවිල්ල කට බලියන් අහගෙන හිටියොත් ගුටි කන්න වෙනව මිසක් මොකුත් අහගන්න වෙන්නෑනෙ... වැඩිහිටියො කතා කරන තැන පොඩිහිටියො කට උඩ බලන් ඉන්න එපාය කියල ලැබුණු උපදේසෙ අනුව අපි වැඩ කරපු හැටි තමයි ඔය....

ඉතින් ඔය B  එකේ හිටපු කොල්ලො ටික ඉගෙන ගන්න පුළුවන් වගේම තමයි උන්ගෙ අනිත් වැඩත්.... හොඳ පැහිච්චි අප්පොච්චිලා ටිකක්.... මේ සෙට් එකේ ලීඩර්ලා හතරදෙනයි.... ඒ තමයි ජගත්, තුසර, හලින්, තුසිත කියන එව්වො.... එක දවසක් ඔන්න අපිට ආරංචි වෙනවා මුන් හතරදෙනා අපේ පන්තියෙ ඉන්න කෙල්ලො හතර දෙනෙක්ව බෙදාගෙන කියලා.... අපරාදෙ කියන්න බෑ නම් ගම් ඇතුවම තමයි බඩු ආරංචි උනේ.... ආරංචිය අනුව මෙහෙමයි ජෝඩු හතර.... තුසර-මියුරු, ජගත්-ඉනෝකා, හලින්-නිරෝෂා, තුසිත-තමරා.... තුසර තමයි උන්ගෙ පන්තියේ උසම එකා... මම තමයි අපේ පන්තියෙ උසම එකී.... සමහරවිට එහෙම වෙන්නැති ජෝඩු මැච් කොරන්න ඇත්තෙ.....ඉතින් මේ කෙල්ලො සෙට් එකත් පොඩි උනාට පවුල්වල වැඩිමහල් අක්කල අයියලා ඉන්න උන් දන්නවා දැන් මේ සෙල්ලම මොකක්ද කියල.... මමනෙ ඉතින් අපේ ගෙදර වැඩිමලා.... අනේ ඉතින් සබ්ජෙක්ට් එකට මං මොට්ට... මෝල්.... ආයෙ කියල වැඩක් නෑ.... දැන් ඉතින් මේ වැඩේට මට හිනාත් එක්ක.... හැබැයි තරහයිත්.... ඒ හින්දා මං පටන් ගත්තා තුසරට රවන්න.... මං රවනකොට ඌට හිනා යනවා....

ඔය දවස්වල අපේ පන්ති තිබුණු ගොඩනැගිල්ලෙ තිබුණෙ බාග බිත්ති.... පන්ති බිත්තිවලින් වෙන් කරල තිබුණෙ නෑ.... තනි හෝල් එකක්.... පන්ති දෙකක් වෙන් කෙරුනෙ වැඩිපුර ඉඩ ටිකක් තියල... අපේ පන්තිය  arrange කරලා තිබුණෙ දිග ලෑලි ඩෙස්ක්ස් හතර ගානෙ එකට එකතු කරල.... එක පැත්තක එක ඩෙස්ක් එකකට දෙන්නා ගානෙ කණ්ඩායමේ අට දෙනයි....හතරක් කෙල්ලො, හතරක් කොල්ලො.... මගේ කණ්ඩායම හිටියෙ පන්තියේ එක කොට බිත්තියක් අයිනෙ.... කෙල්ලො ටික හිටියෙ බිත්තිය පැත්තට පස්ස හරෝගෙන... කොල්ලො ටික බිත්තිය පැත්තට මූණ දාල.....

පන්තියෙ වැඩක් දුන්නම අපට තිබුණෙ ඒක ඉවර කරලා ඩෙස්ක්ස් හතර මැදින් පොතේ අදාල පිටුව හරවලා හැමෝගෙම පොත් ටික එකතු කරල තියන්න.... ඉතින් ඉස්සෙල්ලම ඉවර කරපු එකා පොත තියන්නෙ නැතුව ඉන්නව අනිත් එවුන් ඉවර කරනකම්.... නැත්තන් කොප්පෙ ගහන්න වටපිට බල බල ඉන්න එව්වො ටික සුටුස් ගාල අරක බලාගෙන වැඩේ ඉවර කරනව..... අපි ඉතින් අනිත් උන් කොපි කරනවට වටේට පොත් බෑග්, පොත් එහෙම උස අතට තියල ගුහාවක් වගේ එකක් හදාගෙන ඒක ඇතුලෙ පොත තියාගෙන තමයි ලියන්නෙ...... හනේ අපි...!
වැඩේ ඉවර උනාම අර ඔක්කොම ටික අස්කරල පොත තියන්න නලිය නලිය ඉන්නව, අනිත් ඔක්කොම තියල ඉවර වෙනකම්.... පුළුවන් එවුන් ඔක්කොටම ඕන තමුන්ගෙ පොත උඩින්ම තියන්න.... ඉතින් මිස් පොත් ටික බලන්න ළඟට එනකොටම පටස් ගාල උඩින්ම පොත තියනව.... එතකොට කාටවත් හොර කොප්පරේ ගහන්න බෑනෙ...මේකට රණ්ඩුවෙලා පස්සෙ ආව නීතිය තමයි පොත අනිත් පැත්ත හරවලා තියන එක.... එතකොට ඉස්සෙල්ලම පොත තියාපු එකාගෙ පොත තමයි මිස්  ඉස්සෙල්ලම බලන්නෙ...අපේ මිසුත් කණ්ඩායම් එකෙන් එකට යනව පොත් ටික බල බලා.... ඔය අනිත් කණ්ඩායම්වල පොත් බලලා ඉවර වෙනකම් අපට ඉතින් රජ මගුල්.... රටේ නැති පච කෙල කෙල මොරගහනව මිස් කෑගහනකම් 'නිස්සද්ද වෙන්න ළමයිනේ...' කියල.... සමහරදාට බැරිම උනාම අඩි රූලෙන් ගහනව ඩෙස්ක් එකක කොණකට 'චටා....ස්zzz' ගාල මහා සද්දෙන්.... අපි ඕකට පණ බයයි... හරියට පාර වැදුනු ගානයි හැමෝටම..... කවුරුත් මීක් නෑ ටික වෙලාවක් යනකම්.... මතක නැතිවෙනකොට ආයෙ පටන් ගන්නව.....

ඉතින් ඔන්න ඔහොම A එකේ මිසුයි,  B එකේ මිසුයි පොත් ටික බල බලා වටේ යන වෙලාවක, අපිත් පොඩි චැටක් හේම දාගෙන ඔළුගෙඩියත් අර බාගෙ බිත්තියට හේත්තු කරන් ඉන්නකොට එකපාරටම කවුදෝ මගේ කොණ්ඩෙ පිටිපස්සෙන් ඇද්ද ගානට රිදුන.... මං 'ආ...ව්...' ගාගෙන පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුවත් පේන්න හිටියෙ නෑ.... ඒත් දිඩි දිඩි ගාල කවුදෝ දුවන අඩි සද්දයක් ඇහුන.... තාප්පෙ එල්ලිලා බෙල්ල දාල බැලුවට පේන්න මොකෙක්වත් හිටියෙ නෑ... ටික වෙලාවකින් ඉනෝකයි, නිරෝෂයි, තමරයිත් කෑගහනව මොකෙක්දෝ කොණ්ඩෙන් ඇද්දයි කියල... මිස් ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ.... තව ටික වෙලාවක් යනකොට අපට පේනව අර B එකේ කලින් කිව්ව කොල්ලො සෙට් එක එයාලගෙ මිස් පොත් බලන අතරෙ මහා රැස්වීමක්.... ඔක්කොම වටවෙලා ඔළු ගෙඩි ටික එකට තියාගෙන මොකක්දෝ මගඩියක්...

ඔන්න මිස්ල දෙන්නම පොත් බලලා ඉවර උනා.... ඒක දැක්කම කවුරුත් තම තමන්ගෙ වාසස්ථානවලට ගිහින් නිස්සද්දවෙලා ඉන්නව හොඳ බබාල වගේ... ඒ උනාට අර කොල්ලො සෙට් එකට මෙලෝ සිහියක් නෑ... උන් ටික තවම සම්මන්ත්‍රණයේ... අපි බලන් හිටියා ඒ පන්තියේ මිස් අඩි රූලත් අරන් හෙමිහිට එතැනට යනව.... එයා ගිහින් ඔළු ටික උඩින් බලන් හිටියා මුං මොනවද කරන්නෙ කියලා.... ටික වෙලාවකින් අපේ මිස්ටත් කතා කළා අතින් සද්ද නැතිව ඇවිත් බලන්න කියල.... දැන් මිස්ලා දෙන්නම බලන් ඉන්නවා ඔළු ටික උඩින්....ඔන්න එකපාරටම එකෙක් දැක්ක මිස්ල ළඟටම ඇවිත් බලන් ඉන්න බව.... කලබල වෙච්චි සෙට් එකම සුටුස් ගාල වාඩි උනා...
'මොකක්ද ඔය අතේ තියෙන්නෙ...?' මිස් කෙනෙක් ඇහුව...
'කෙස් ගහක්....' ජගත් තටම තටම කියනව...
'එතකොට ඔය අනිත් අතේ තියන්නෙ...?'
'ඇහි පෙන්දක්...'
'ඇහි පෙන්දක්...? මැජික් පෙන්නන්න හදනවද කෙස් ගහකුයි ඇහි පිල්ලමකුයි අරගෙන...?'
එකෙක්වත් සද්ද නෑ.....
'මෙහෙ එනව හතර දෙනාම.....'
අපේ මිස්ට පන්ති දෙකම බලාගන්න කියල B එකේ මිස් සෙට් එකම අරගෙන එළියට ගියා.... ටික වෙලාවකින් ඇහුන 'චටස්...චටස්...' ගාල හතර පාරක්... මේං කස්ටියම ආපහු එනව පන්තියට ඇඹරි ඇඹරි අත් ගුලි කරගෙන කටවලුත් ඇද කරන්.... අර මිස් අපේ මිස් ලඟට ගිහින් මොනවාදෝ හිමීට කියල දෙන්නම සාරි පොටවල්වලින් කටවල් වහගෙන හිනාවෙනව අපි බලාගෙන....
අපේ මිස්ගෙ දූ හිටියෙත් අපේ පන්තියේමයි.... පස්සෙන්දා එයාගෙ මාර්ගයෙන් අපට ආරංචි උනා සීන් එක.... මිස් ගෙදර ගිහින් මහත්තයට කියනකොට ගෑණි අහගෙන ඉඳල....
අරුන් හතරදෙනා අර මිස්ලා පොත් බලන අතරෙ එක්කෙනා එක්කෙනා හොරෙන් පන්තියෙන් පැනල කොට බිත්තිය පැත්තෙන් ඇවිත් අපි හතර දෙනාගෙ කෙස් ගහ ගානෙ ගලවන් ගිහිල්ල... ඒක තමයි අර අපිට දැනිල තියෙන්නෙ කොණ්ඩෙන් ඇද්දා වගේ.... ඒ කරලා උන් තමුන්ගෙ ඇහි පෙන්ද ගානෙ ගලවල අරගෙන අර කෙස් ගහයි ඇහි පෙන්දයි එකට කිට්ටු කරල  ඇලෙනවද කියල බලනවලු යාලුද කියල බලන්න.... හික්....

84 comments:

  1. අද ඔන්න මම මුලින්ම ...සංතෝසේ බැරුවා. ඉතින් ඇලුනද දන්නේ නෑ නේද.. අපේ පොඩි කාලෙත් ඔය කොපි කිරීමට එරෙහි වියාපෘති ගියාට මොකද ලොකුවෙද්දී නම් බැලුවේ තවත් එකෙක්ව හරි එතෙර කරන්න..

    ReplyDelete
  2. පුදුමේ කියන්නේ ඒකාලේ අපටනම් කෙල්ලෝ ඇලජික්නේ... කෙල්ලො කියන්නේ හිපියෝ වගේ ජාතියක් කියලා තමා හිතුවේ.. ඉස්සර කෙල්ලෙක්ගේ ඇඟේ වැරදිලාවත් කොල්ලෙක් ගෑවුනොත් අනික් කොල්ලෝ සැලකුවේ ඒ කොල්ලාගේ පිරිසිඳුකම නැතිඋන හැටියට.

    ටික කාලයක් යද්දී මේකේ අනික්පැත්ත උනත්.. දැන් දැන් ආයේම පරණ විදිහටම හිතෙන්න අරන් (කෙල්ලෝ ඇලජික්)..

    ReplyDelete
  3. හික්ස්! දැන් ඉතින් හොයපංකෝ කෙස් ගහක්! කරල බලන්න ඕන!

    ReplyDelete
  4. ලස්සන පාසැල් සමයක්. ඊරිසියාවේ බැරුවා. බොරු කියන්ට එපා. ඔයා තුසරට රැව්වේ නෑ. කොන්ඩේ ගහක් දෙන්ට ඇති ඇලෙනවද කියලා බලන්ට...:D:D

    අනේ මට ඇහි පිල්ලමක් දෙන්ට කෙනෙක් නැද්ද?...:)))

    ReplyDelete
  5. හා හා...ඔය මෙතඩ් එක ගැන මාත් අහල තියනවා...එල කොල්ලෝ ටිකක් තමයි ඉඳල තියෙන්නේ...

    ReplyDelete
  6. හික් හික් අපි ඒ කාලේ කරේ ඇහිපිහ‍ටුම දෙකක් අලවලා , වෙලාවට මුං ඒක දැනං ඉදලා නෑ , එහෙනං මිස් යනකං ඉදලා කොහොමද ඇහිපිහා‍ටු ගලවන්නේ...

    ReplyDelete
  7. හිකිස්...නියම කතාව, හැබැයි තුනේ පංතියෙ ඉන්න කොටත් බොරුවට රවන්න දන්නව කියන්නෙ, පුංචි වුනත් කෙල්ලො 64 ට එක්ස්පර්ට්ල කියල.

    අපේ ගෙවල් පැත්තෙත් තිබුන ඔය කියන විදියෙම ඉස්කෝලයක්, පහේ ශිෂ්‍යත්වෙට හෙණ ප්‍රසිද්ධ. මට නං ඒකට යන්න චෑන්ස් එකක් ලැබුන් නැහැ, ලොකු දුව ගියේ ඒකට, පහේ ශිෂත්වෙත් පාස් වුනා හොඳට ලකුණු අරගෙන, ඒකෙන් වැඩක් වුනේ නැහැ, අපි මෙහෙට සංක්‍රමණය කල නිසා, ඒ වෙනකොට පොඩි දුවත් ඒ ඉස්කොලෙටම තේරිලා තිබුනට ඒකට යන්න වුනේම නෑ.
    [ඔබීත් ඉගැන්නුව ඒකෙ කාලයක්]
    පරාක්‍රම විද්‍යාලය, බණ්ඩාරවත්ත, ගම්පහ.

    ReplyDelete
  8. තුන වසරේදී ගැහැණු ළමයි කියන්නේ අපිරිසිදු බවේ සංඛේතය..මල වදේ වැඩි පුර ගුටි කන්න වුනෙත් එයාල නිසා මට පෙන්නන්න බැහැ ඒ කාලේ. ඒකට දැන්..!!

    (මොකද නිකන් අපිව අමතක වෙලා වගේ)

    ReplyDelete
  9. @ lahirucc,

    අනේ දන්නෑ ඇලුනද කියල... ඒ මොනව උනත් ඔය තුසර මං කසාද බඳිනකම්ම එක එක විදියට මගේ ජීවිතේට සම්බන්ධ වෙච්චි කෙනෙක්... ඔය පටන් ගැන්ම.... :D

    අපිටත් එහෙම තමයි.... කොල්ලෙක් ඇඟේ වැදුනොත් හරියට කරන්ට් වැදුන වගේ.... ඒ වැදුනු තැනත් පිහිදගන්නව ජරාවක් ගෑවුනු ගානට.... :D

    මොකද අනේ ලහියා ආපස්සට ගිහිල්ලා.... මං ඒ පැත්තට ගිහින් කතා ටික කියවල තියෙන නිසා මට හිතාගන්න පුළුවන්.... :D

    ReplyDelete
  10. @ Sabith,

    හික්ස්.... පාඩු වෙන එකක් නෑ, කරල බැලුවට..... :D

    ReplyDelete
  11. @ Podi Kumarihami,

    රැව්ව... රැව්වා.... අර කිව්ව වගේ කොල්ලො ඇලර්ජික් කාලෙනෙ....

    මෙහේ ඇවිත් ඇහිපිල්ලමක් ඉල්ලලා නාහෙන් අඬන්නෙ, අර සින්දුව කියපු ඇස් දොස්තරගෙන් එකක් කඩා ගන්ටකො.... :D

    ReplyDelete
  12. @ සයුරි,

    ඒ කාලෙ ප්‍රසිද්ධ මෙතඩ් එකක් නොවැ ඕක... බස්වල යනකොටත් කෙස් ගස් ටික තියාගන්න නැති කාලයක් තිබුණනෙ (මට )... හික්ස්... කොල්ලො සෙට් එක ගැන නම් කියල වැඩක් නෑ.....

    ReplyDelete
  13. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    කෙස් ගහක් නම් නොපෙනෙන්න කඩා ගන්න පුළුවන්... ඒත් කොහොමද අනේ නොදැනෙන්න ඇහි පිල්ලමක් කඩාගන්නෙ.....? ඒත් බොලා කරපු වැඩ ගැන හිතනකොට ඇහි පිල්ලම නෙවේ, ඇහැක් උනත් උගුල්ලයි නොදැනෙන්න.... හික්ස්....

    ReplyDelete
  14. @ Observer,

    අර උඩ කියල තියෙනව වගේ කොල්ලො ඇලර්ජික් කාලෙනෙ.... ඒ කාලෙ රැව්වෙ නම් බුදු තරහට... හික්ස්....

    ඔය කියන ඉස්කෝලෙ මං දන්නව.... අපේ මහත්තයගෙ ගම්පහ මාමගෙ දරුවො දෙන්නම ගියේ පොඩි කාලෙ ඔය ඉස්කෝලෙට.... මහත්තයාත් දැන් කරන රස්සාව කරන්න කලින් ගුරුකම කරල තියෙනව ටික කාලයක්... විද්‍යා පීඨ/පත්තලගෙදර.... ඒකාලෙ ට්‍රේනිං දාල තියෙනව සති දෙකක්ද කොහෙද ඔය ඉස්කෝලෙට.... ඔය ඉස්කෝලෙ අවට මගේ හොඳ යාළුවො කිහිප දෙනෙකුත් ඉන්නව....

    ඒත් මං මේ කියපු ඉස්කෝලෙ දකුණෙ එකක් ඔබා මාමෙ....

    ReplyDelete
  15. @ අසරණයා,

    දැන් නම් හෝ ගාල අපිරිසිදුකමේ සංකේතය පස්සෙ යනව ඇති පැණි හලාගෙන නේද.... :D

    හනේ තරා වෙන්නෙපා.... මේ දවස්වල හරිම බිසී... මග ඇරෙන ඒව වැඩියි.... ඒ නිසා මිසක්කා අමතක වෙලා නෙවේ හොඳේ.... ඔන්න උදේ පාන්දරින්ම මේකට උත්තර බඳින්නත් කලියෙන් එහාට දුවල උත්තර බැඳලයි මෙහේ වැඩ ඇල්ලුවෙ.... අපි එහෙමයි හරිය.... :D

    ReplyDelete
  16. හික් හික්.... ඔයා කියන්නෙම මට නැති අත්දැකීම්මයි... අපේ ඉස්කෝලෙ තනිකර පිරිමි... AL වල විතරයි.. කෙල්ලො හිටියෙ... ඉතින් කට්ටිය බලන් හිටියා.. AL වෙනකම්... අනේ ඉතින් ඒ අව්රුද්දේ ගත්තේ කෙල්ලො දෙන්නයි... අපිටමයි වෙන්නෙ.....

    ""පොඩිහිටියො" කියලා වචනයක් තියනවාද ?

    ReplyDelete
  17. හිහි. මාර සින්. මම නම් කන්‍යාරාමයක ඉගෙන ගත්තේ ඉතින් දැඩි නීති සහ කොල්ලෝ නැහැනේ අෆ්ෆා දුකේ බැරුවා. :DDD

    ReplyDelete
  18. හික්! ඔය කතාව මාත් අහල තිබුන ඉස්සර. අපේ පන්තියෙත් කොල්ලො 4-5 දෙනෙක් ඔය විදියට කෙල්ලො බෙදාගෙන හිට්ය. මංතුමාටත් එකියක් හිටිය කියන්න ඕන නෑනෙ. අපි කස්ටිය අවුරුදු දෙකක් විතර ඔය විදියට බෙදාගෙන හිටියත් කෙල්ලගෙන් ඇහුවෙ නෑ එකෙක්වත්.

    ReplyDelete
  19. මදැ..මැච්කොලා..අඩේ ඔයකාලේ මටනං කෙල්ලොගැන වගක් නෑ නොවැ..ඇයි දන්නැ..මගේ ග්‍රහය මරු උනේ 10 වසරෙදි විතර හැබැයි ඉස්කොලෙ ගිය මුල් දවසෙ..ඉඳගන්ඩ පුටුවක් නම් දුන්නේ ගැනු ලමයේක්..ඒයා අදටත් මගේ හොඳ යාලුවෙක්..

    ReplyDelete
  20. මම අදම ටෙස් කොරල බලනව. පරක්කු කරන්ට හොද නෑ.

    ReplyDelete
  21. මං එක වසරෙදි ආදරේ කරපු කෙල්ලගේ මූණ මතක නෑනෙ දැන් නම නං මතකයි.... එකීනං මගෙ එහාපැත්තෙ වාඩි වෙලා හිටියෙ ඒහින්දා මං ඉස්කොලෙ යන්න හරී ආසයි....

    ReplyDelete
  22. //අපි ඉතින් අනිත් උන් කොපි කරනවට වටේට පොත් බෑග්, පොත් එහෙම උස අතට තියල ගුහාවක් වගේ එකක් හදාගෙන ඒක ඇතුලෙ පොත තියාගෙන තමයි ලියන්නෙ...... හනේ අපි...! //


    අපිත් ඉස්සර එහෙම තමයි.... බැරි වෙලා හරි කවුරුහරි ඉස්සිලා බැලුවොත් එහෙම උන්දැට ඉතින් ඉදලා ඉවරයි.. විභාගෙට ලියනකොට ෆයිල් කවරෙන් ෆුල්ස්කැප් කොලේ හොදට වහගෙන තමයි ලියන්නේ ... සමහරු කොප්පෙ ගහන්න වටපිට බලන්කොට අපි වටපිට බැලුවෙ කොප්පෙ ගහන්න මොකෙක්වත් රෙඩි වෙලාද කියලා... හික් හික්...

    ඕන් ඒ පුංචි කාලේ එහෙම කොලාට මේ සම්මානි ඕලෙවල් විභාගෙදිනම් සෑහෙන පිරිසකට එතෙර වෙන්න සපෝට් එක දුන්න.....

    ReplyDelete
  23. පොඩි කාලේ මතක් උනා.. අපොයි ඒ කාලේ කෙල්ලො අරහං...

    ReplyDelete
  24. මියුරු නැන්ද ( හැන්ගෙන්න තැනැක් සොයමින් ) ඉන්නෙ කැන්ගරි දේසෙ කොයි දිහාවෙයි ?? අකමැත්තක් නැත්තම් මේකට ඊයක් එවන්න..

    palaamalla@gmail.com

    ReplyDelete
  25. හක හක... එහෙනම් තේරෙනවා ඇතිනේ.. හැබෑටම කෙල්ලොනම් වානා දැන්.. අනේ මටත් තනිකඩ ජීවිතයක් තිබුණනම් කියලා හිතෙනවා. තනිකඩයෝ ගැන අප්‍රමාණ ඉරිසියාවක් ඇතිවෙනවා...

    හැබෑට මොකැයි ඔය තුසර කියන හාදයා එක්ක තිවුනු ඇයිහොඳැයිය.. ඇස්පිහාටු අලවගෙන උන්නද කාලයක් හික්ස්..

    හැබැයි අක්කේ දැනටත් කෙල්ලොන්ට මම ඇඟේ ගෑවුණාම කරන්ට් වැදුනා වගේ වෙනවා කියලා කීපදෙනෙක් කියලා තියෙනවා. අනේ මන්දා ඔය රට්ටු කියන කතා තමා.. මම ඉතින් ඇහුන්නෑවගේ ඉන්නවා.

    ReplyDelete
  26. @පොඩ්ඩි අක්කා..

    මටනම් ඇහිපිහාට්ටක් දෙන්න ඇහැකි.. ඇලේවිද කියන එක තමා පුරස්නේ.. ඔයා වගේ පු.බූ 7 ක වයස අය එක්ක අපි වගේ පුංචි ලමයි පෑහෙන්නේ නෑනේ හලෝ..

    ප.ලි : පු.බූ = පුත්තලම් බූරුවෝ

    ReplyDelete
  27. මියුරු නැන්දා21 December 2011 at 17:02

    @ පිස්සා පලාමල්ල,
    දුවපිය යන්න කිව්වේ, ඉළපත ගන්න ඉස්සෙල්ල, එනව මෙතන ඊමේල් ඇඩ්රස් දික් කරගන.

    ReplyDelete
  28. ලස්සන මතකයක්....
    අපිටනම් ඔය වයසට එද්දී කෙල්ලෝ පේන්න බැහැ
    ආපහු ඒක හරිගියා 9 වසර වගේ වෙද්දී
    හැබැයි මම එකවසරේදී කැමැත්තෙන් හිටපු පුංචි සුදු කෙල්ලෙක් හිටියා
    මම එයාව අපේ ගෙදර ගේමු කියල අම්මට හරියට කරදර කලත් එක්ක
    කොහෙද අම්ම කැමති උනේ නැහැනේ
    දැන් එකී ඩොකියක්, අපේ යාළුකම තුන හතර වසරට එද්දී නැතිවෙලා ගියා

    කොපි කරන්නනම් අපිත් එක්ස්පර්ට්ල තමයි ඕන්...

    ReplyDelete
  29. අපරාදේ මිශ්‍ර පාසලකට නොගියේ කියල හිතෙන්නේ මේවා කියවද්දී තමයි :D

    ReplyDelete
  30. @ Senna,

    ඒ කෙල්ලො දෙන්නට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නැති නේ....

    ඒ වචනෙ පේටන්ට් එක මගේ.... ;P

    ReplyDelete
  31. @ වර්ණා,

    හයියෝ... පව්නෙ.... ඉස්සර මගේ යාළුවො වගයක් හිටිය කොන්වන්ට් එකක ඉගෙන ගත්තු... කොල්ලො දැක්කම උන්ට කුචි වගේ.... ඔයාලත් හේමද අනේ.... ;D

    ReplyDelete
  32. @ රාජ්,

    මේත් එහෙම තමයි... අපි එකියකගෙන්වත් ඇහුවෙ නෑ උන්.... :D

    ReplyDelete
  33. @ Raj,

    යාළුවන්ට ෂපෝට් එහෙම දුන්නෙත් නැත...? :D

    ReplyDelete
  34. @ දූපත් වැසියා,

    දුවන්න... දුවන්න... ඇහි පිල්ලමකුත් අරන්....

    දැන් කී දෙනෙක් ඇහි පිල්ලම් අරගෙන පෝලිම්වල ඉන්නවද දන්නෙ නෑ අප්පා.... ;P

    ReplyDelete
  35. @ නරකයා,

    ඔයාට නරකයා කියල කියන්නෙ නිකංයැ නේද... :D

    ReplyDelete
  36. @ Sammani,

    //අපිත් ඉස්සර එහෙම තමයි.... බැරි වෙලා හරි කවුරුහරි ඉස්සිලා බැලුවොත් එහෙම උන්දැට ඉතින් ඉදලා ඉවරයි.. විභාගෙට ලියනකොට ෆයිල් කවරෙන් ෆුල්ස්කැප් කොලේ හොදට වහගෙන තමයි ලියන්නේ ... සමහරු කොප්පෙ ගහන්න වටපිට බලන්කොට අපි වටපිට බැලුවෙ කොප්පෙ ගහන්න මොකෙක්වත් රෙඩි වෙලාද කියලා... //
    මේක නම් මටත් හරියටම හරි... හේනං අපි එක ගහේ බඩු ඈ.... :D

    මාත් ඕ ලෙවල්වලදි උත්තර පත්තර හැමෝටම පේන්න එලාගෙන ලිව්වෙ... හික්ස්...

    ReplyDelete
  37. @ පිස්සා පලාමල්ල,

    හැමෝටම විරුද්ධ පාර්ශවය අරහං කාලෙකුත් තිබිල තියෙනව වගෙයි... හික්ස්...

    ReplyDelete
  38. @ පිස්සා පලාමල්ල,

    අන්න පල්ලෙහා උත්තරේ දීල තියෙනව මියුරු නැන්ද...හික්..හික්..හික්...

    ReplyDelete
  39. @ lahirucc,

    අලෝගෙන හිටියෙ නම් නෑ.. ඒත් සෑහෙන කාලයක් යනකම් පොරට උවමනාව තිබුන අලෝගන්න... පස්සෙ බොහොම නියුට්‍රල් වෙලා හොඳ යාළුවෙක් බවට පත්වුනා...

    ඔය පොඩි කාලෙ වැදුනු කරන්ට් එකයි ලොකු කාලෙ වදින එව්වයි දෙවිදියක් නේද.... ;P

    ReplyDelete
  40. @ මියුරු නැන්දා,

    මාම නැන්ද වෙලා මොකෝ මේ හදිසියෙම... හික්ස්....

    ReplyDelete
  41. @ ලොකු පුතා,

    ෂා... අපරාදෙ... අච්චර අඬලත්...
    අම්මලට පොඩි එකාගෙ ආසාවටත් පොඩ්ඩක් ඉඩදෙන්නයි තිබ්බෙ.... ;P

    කොප්පර කොප්පර පිපිඤ්ඤා...හී...හී....

    ReplyDelete
  42. @ niroshini,

    ඒකනෙ අනේ.... බලන්නකො කොච්චර ජොලිද කියල.....

    ReplyDelete
  43. මේ හදිස්සියේ කොහොමද කෙස් ගහක් හොයන්නේ ගැලපෙනවද බලන්න...

    ReplyDelete
  44. බිංදුව වසරකුත් තිබ්බද?

    ReplyDelete
  45. අපරාදේ ඇලිලා බලන්ට තිබ්බේ .. සංසාරේ පතාගෙන එන එකෙක්ද දන්නෑනේ..

    මමනම් ඔය දෙවිදිහෙ වෙනස දන්නෑ.. කවදා කාපු රෝස්පාංද

    ReplyDelete
  46. අඩේ ඉතිං ඈලිලැයි....? ඒ දවස් වල මාර වැඩනේ තිබිලා තියෙන්නෙ... හරියට අර ඇවටාර් එකේ කොන්ඩෙ දෙක සෙට් කරනවා වගේ.....

    ReplyDelete
  47. මියුරු නැන්දා22 December 2011 at 00:11

    පිස්ස තාම දැකල නෑ වගේ, ඌට අරින්න ඕනෙ ඊයක්...හෙහ්...හෙහ්..

    ReplyDelete
  48. හපොයි හිනා කාලා මලා...පොඩි කාලෙ කරපු වැඩ මතක් වෙනකොට තාමත් හිනා යනවා..
    මට නම් අල්ලලා ගියෙ අර අඩිරූලෙන් මේසෙට ගහන සීන් එක..අපොයි..අපිත් ඒකට පණ බයයි..

    ReplyDelete
  49. පොඩි උනාට වැඩ කෝමද...කොල්ලන්ගේ... හැබැයි මාට්ටු වෙච්ච් එක නම් නෝන්ඩි ;-)

    ReplyDelete
  50. @ Dinesh,

    හදිස්සියක් නැතුව නිවාඩු පාඩුවේ වැඩේ කරගන්න මලේ..... :D

    ReplyDelete
  51. @ පරිකල්පන,

    අපි යන කාලෙ වසරවල් තිබ්බෙ නෑ... ශ්‍රේණි ක්‍රමයයි තිබ්බෙ.... බින්දුවට බින්දුව කිව්ව මිසක් බින්දු ශ්‍රේණිය කිව්වෙත් නෑ... හෝඩිය කියල නම් කිව්ව.... හෝඩියෙ ඉන්න එවුන්ට ලොකු පන්තිවල එව්වො කිව්වෙ 'හෝඩි කුක්කො' කියල.... :D

    ReplyDelete
  52. @ lahirucc,

    පව් අනේ ඔයැයි.... ;P

    ReplyDelete
  53. @ prasanna86k,

    ඇලුනද දන්නෑ බොලේ.... පස්සෙ කාලෙකදිවත් ඒ ගැන අහන්න බැරි උනා නෙව...

    ReplyDelete
  54. @ මියුරු නැන්ද,

    දැකල නැතුව වගේ තමයි....

    මියුරු නැන්ද පුරුද්දට හෙහ්...හෙහ්... ගානකොට බඩු බනිස්නෙ.... නැන්දල හිනාවෙන්න හී...හී... කියල.. ;P :D

    ReplyDelete
  55. @ රූ...,

    පොඩි කාලෙ කරපුව මතක් කර කර මැරෙන දවස වෙනකම්ම හිනාවෙන්න පුළුවන් නේද...

    ReplyDelete
  56. @ kandyan,

    කියල වැඩක් නෑ... මිස්ලට නෝට් වෙච්චි එකම මදෑ....හික්ස්...

    ReplyDelete
  57. තුන වසරෙදි................. අම්මෝ හිතාගන්න පුලුවන් උන් ටික 13 වසරෙදි මොනවා කරන්න ඇතිද කියලා... ඔයාලා පරිස්සමින් ඔකෙන් බේරුන එකනම් අදහන්න ඕනා. අර මායම් 64ට පින් සිද්ද වෙන්න ඇති එහෙම උනේ

    ReplyDelete
  58. @ ඊ මේල් කවිකාරි,

    හයියෝ... ඒක නේන්නං....

    හුඟ කාලෙකින් දැක්කෙ... ගොඩක් බිසි වගේ මේ දවස්වල.... :D

    ReplyDelete
  59. @ දේවා,

    අනේ මල්ලි ඔයාගෙ කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නැහැනෙ.... මොකද මන්දා දැන් කිහිප දෙනෙකුට ඒක උනා... ඒ අය හිතන්නෙ මං ඩිලීට් කරල කියල... මේක නම් ඊ මේල් එකට ඇවිත් තිබුණා....

    "දේවා ගේ අඩවිය has left a new comment on your post "යාළුද කියල බලපු හැටි........":

    තුන වසරෙදි................. අම්මෝ හිතාගන්න පුලුවන් උන් ටික 13 වසරෙදි මොනවා කරන්න ඇතිද කියලා... ඔයාලා පරිස්සමින් ඔකෙන් බේරුන එකනම් අදහන්න ඕනා. අර මායම් 64ට පින් සිද්ද වෙන්න ඇති එහෙම උනේ

    Posted by දේවා ගේ අඩවිය to Miyuruworld at 22 December 2011 12:56"

    ReplyDelete
  60. @ දේවා,

    තුසරයි, ජගතුයි ශිෂ්‍යත්වෙ පාස්වෙලා ගියේ මං ගිය ඉස්කෝලෙටම නිසා උන්දලගෙ කෙරුවාව නම් මං දන්නව... අනිත් දෙන්න මොනව කොරගත්තද දන්නෙ නෑ..

    හික්ස්...වෙන්න ඇති නෙ....

    ReplyDelete
  61. ඒක නම් අවුලක් අක්කෝ... අක්කාගේ කථාව නිසා අපි යාලු උන ඒවා සෙට් වෙනවද බලපු හැටි මතක් උනා.. ඉක්මනටම එක දාන්න ඕනා some time within 1 day

    ReplyDelete
  62. අම්මෝ.. දැන් පෝලිම් වල කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ කෙස් රොදයි ඇස පිහාට්ටයි අරගෙන..

    ReplyDelete
  63. අම්මෝ.. දැන් පෝලිම් වල කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ කෙස් රොදයි ඇස පිහාට්ටයි අරගෙන..

    ReplyDelete
  64. @ දේවා,

    බලමුකො ඉස්සරහටත් ඒ වැඩේම වෙනවද කියල.....

    මං කියෙව්ව ඒක...කමෙන්ට් එකකුත් දාල ආවෙ.... :D

    ReplyDelete
  65. @ ක්සැන්ඩර් | Xander,

    ඒක තමයි මාත් මේ කල්පනා කරන්නෙ.... බලන්නකො කවුද මේ දවස්වල වැඩිය පේන්න නැත්තෙ කියල.... :D

    ReplyDelete
  66. ඇයි බොල මම අංක තහඩු ගහගෙනනෙ ආවෙ. ඔබයි කකායි ඉන්දිකයි ඇරෙන්ට කවුරුත් හඳුනගත්තෙ නැහැ නෙව.

    profiles.google.com/108543860788859599679

    ReplyDelete
  67. හී...හී....
    ඒකනෙ කියන්නෙ.... නම්බර් ප්ලේට්වල මොනව තිව්නත් අපි දන්නව කව්ද කියල.... :D
    මං කිව්වෙ හුඟ කාලෙකිං පෝස්ටුවක්වත් දාල තිබුනෙ නැති නිසා නිකං පාළුයි පාළුයි වගේ දැනුන.... ඒකයි...

    අද නම් අළුත් එකක් දාල.... හොඳ සීරීස් එකක් යන්න වගේ අළුත් අවුරුද්දට.... මේක දාපු ගමන් දුවනව ඒ පැත්තට..... :D

    ReplyDelete
  68. අම්මෝ කාලෙකට පස්සේ තමා මියුරු අක්කෑ බ්ලොග් පෝස්ට් එකක් කියවන්නේ.
    මම් හිතුවා කෙස් ගහ ගලවගෙන ගිහින් ගුරුකමක්වත් කරන්න ගියා ය කියලා. ඔය තුසර අයියා ගැන තව කතා තියෙනවා නම් ලියන්න. ඒවා මරු.

    ReplyDelete
  69. මියුරු නැන්ද24 December 2011 at 19:50

    ඊයක් අරින්න බැරි වුනා පිස්සට දැන් ලේට් වැඩියි වගේ හී...හී...

    ReplyDelete
  70. නරකම නෑ කොල්ලො ටික . . . .
    මෙන්න මගෙ වැඩ සහ කිඩ වල සමරිය . . . . මම . .
    1. එකවසරෙදි ට්‍රයිද නැද්ද මතක නෑ . . .ඒත් හැමදාම වාඩි වෙන්නෙ සන්ද්්‍යා ලඟ
    2. දෙක වසරෙදි මේසෙ යටිං එබිල ශානිකාගෙ ගවුම උස්සල ජංගිය බලන්න ගිහිල්ල ප්‍රින්සිපල් සර්ගෙං ගුටි කෑව (ශානිකා අඳින්නෙම රෝසපාටයි නිල් පාටයි ටවලිං ජංගි)
    3. තුන වසරෙදි ආපහු සන්ද්්‍යා වටේ
    4. හතර වසරෙදි ඒත් සන්ද්්‍යා වටෙමයි
    5. පහ වසරෙදි නිලූකත් එක්ක ලිඳ පිටිපස්සෙ රටකජු කනව නිලූකට ට්‍රයි කරපු සුගතදාසය දැකල මට අම්බානක නෙලුව
    6.හය වසරෙදි නිලූකයි නිලූකගෙ යාලුව දමයන්තී දෙන්නටම පෙරීම (මාලු කෑඅල්ලද ??? කරෝල කෑඅල්ලද???)
    7. හත වසරෙදි (1987 අවුරුද්දෙ) යමුනත් එක්ක යාලු උනා .. . .එතකොට යමුන 5 වසරෙ . . . ලවු එක ඉවර උනෙ 1998දි

    ReplyDelete
  71. @ මධුරංග,
    අපෝ... තව ඕනතරම් තියෙනව.... පබ්ලිෂ් කොරන්න පුළුවන් ටික දාන්නම්කො... ;D
    කමක් නෑ අනේ.... කාලෙකට පස්සෙ හරි ආවනෙ... :D

    ReplyDelete
  72. මියුරු නැන්ද,

    නැන්ද යා...න්තං හිනාව හදාගෙන.... ;P

    හයියෝ.. අපරාදෙනෙ... පොඩි ෂෝ එකක් බලන්න තිබ්බ එක.... ෂැහ්... මිස් උනානෙ... :D

    ReplyDelete
  73. @ ඕනයා,
    අනේ බොල..., උඹේ ඉතිහාසෙ ඔහොම සැටිෆිකේට් නොතිබ්බ නං තමයි අපි පුදුම වෙන්න ඕන....
    එතකොට කෝ අර ජනේලෙන් මහ රෑ පන්නපු 9 වසරෙ එක...
    1. මේ කාලෙ අපට නං අර ඇලර්ජික් එක හැදීගෙන එන කාලෙ...
    2. තාම මතකයි ජංගියෙ පාට එහෙනං.... ඕක ඕනය දෙක වසරෙදි කළාට අපේ ඉස්කෝලෙ අයියල බොහොම ලොකු කාලෙදිත් ගෑණු ළමයි උඩ ඉන්නව නම් පඩිපෙලවල් නැග්ගෙ දෙකට නැවීගෙන.... යාන්තම් ගවුම් උස්සන්න නම් ආවෙ නෑ....
    3,4. එක හිතින් ඉඳල තියෙනව....
    5. කෙල්ලො බෙදාගන්න බැරුව කොල්ලො මරාගන්න ඒව දැක්කම ඒ දවස්වල අපට හරි ජොලි.... ඒ කියන්නෙ ඕනය කෙල්ලෙක් වෙනුවෙන් ඉස්සෙලම ගුටි කෑවෙ පහ වසරෙදි.... නරක නෑ...
    6. අන්තිමට තෝරගත්තෙ කරෝල කෑල්ලද තාමත් කරෝල වාඩියට වෙලා ඉන්නෙ.... මාළු වගේද කරෝල කිව්වලු....
    7. දොළොස් අවුරුදු ප්‍රේමයක්නෙ අප්පේ.... මොකෝ ඉවර උනේ... කසාද බැන්දවත්ද.... :D

    ReplyDelete
  74. අන්තිමට ‍තෝරගත්තෙ ඔය එකක්වත් නෙමෙයි. . . . ර්වැරදි නොම්මරේකට ගිය කෝල් එකක් . . . .

    ඔය අන්තිමට කියපු ලවු එක ඉවර උනේ හරියටම අපි දෙන්නගෙම පොදු උපන්දින සැමරුම (ජූලි 12) සමරල හරියටම මාසෙකට පස්සෙ කෙල්ල වෙන කොල්ලෙක් බැන්දයිං . . .

    ReplyDelete
  75. අඩෙ අප්පා මම හිතං හිටියේ මමයි පොඩි කාලේම වැඩ ඇල්ලුවේ කියලා බැලින්නං මගේ ඒ වයසට එද්දි ඕනයා අයියා මහාචාර්ය වෙලා...මරේ මරු කථාව මියුරු අක්කේ එල ඈ

    ReplyDelete
  76. @ ඕනයා,

    හරිම හුටස්පරයක් නෙව වෙලා තියෙන්නෙ.... යාන්තම් ඒ ගෑණු ළමය පරාණෙ බේරගෙන.... ;P :D

    ReplyDelete
  77. @ ගැමියාගේ පත් ඉරුව,

    ඔය අහුවෙන්නෙ තව කස්ටිය....
    ඕනයට ගහන්න සැටිපිකෙට් නෑ වගේ කවුරුවත් ළඟ...හික්ස්...
    බොහොම ස්තුතියි ඈ... :D

    ReplyDelete
  78. ඇහි පිල්ලං කතාව මටත් මතකයි. කෙස් ගස් ඕනෑ වශී වලට නේද?

    මං තුනේ පන්තියේ ඉන්න කොට කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා කෂ්ටිය බෙදාගෙන කොළවල නං ලියලා. පස්සේ ඒවා විසිකරලා තියෙන කොට විදුහල්පතිට අහුවෙලා මල ජූලියක් වුනා!

    ReplyDelete
  79. @ කතන්දර Kathandara,

    අපේ උන් බලල තියෙන්නෙ ඇහි පිල්ලමයි, කෙස් ගහයි එකට එල්ලන්න...
    මාත් අහල තියෙනව කෙස් ගස් වශීවලටයි වෙනින් ගුරුකම්වලටයි ගන්නවය කියල.... ඒ දවස්වල ගෙදර කොණ්ඩෙ කපන කාලෙ අත්තම්මල කෙස් ටික විසි කරන්නෙ ඒකට කෙළ ටිකකුත් ගහල කියල මට මතකයි....

    හික්ස්... ප්‍රින්සිපල්ට තේරෙන්නැති හැදෙන කොල්ලො ටිකක් කියල.... :D

    ReplyDelete
  80. //දවස්වල ගෙදර කොණ්ඩෙ කපන කාලෙ අත්තම්මල කෙස් ටික විසි කරන්නෙ ඒකට කෙළ ටිකකුත් ගහල //
    අත්තම්මලටත් තියන ප්‍රශ්න . . . . .

    ReplyDelete
  81. මේ පැත්තේ ඇවිත් කියවපු පලවෙනි ස්ටෝරිය.. ෆට්ට !

    මියුරැවෝ.. මම හිතු‍වේ මොනව හරි වශියක් වත් කොරන්ට හදනව කියලා..

    ReplyDelete
  82. @ ඕනයා,

    හයියෝ... ඕනයව දැකල නැහැනෙ... සොරි වෙන්න ඕන...

    අත්තම්මලට තරම් ප්‍රශ්ණ තිබුණය අනේ වෙන කාටවත්...හික්ස්...

    ReplyDelete
  83. @ sAm sRi,

    අනේ උන්ගෙ වශී...අපි අහුවෙයි ඕවට....හික්ස්...

    සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට... පුළු පුළුවන් වෙලාවට ඉතුරු ටිකත් බලන්නකෝ... :D

    ReplyDelete