අපි ඉස්කෝලෙ යන කාලෙ අපට කවදාවත් ස්කූල් බස් එකක් තිබුණෙ නෑ.... හැබැයි ඉස්කෝලෙ යන වෙලාවට, ඇරපු වෙලාවට තියෙන බස් නිකම්ම ස්කූල් බස් බවට පරිවර්තනය වෙනවා... ඒවයෙ ඉන්න ඩ්‍රයිවර් අන්කල්ලා, අයියලා වගේම කොන්දොස්තර අන්කල්ලා, අය්යලාත් අපේ හොඳ හිතවත්තු.... ඒ නිසා මගින් නගින්න ඉන්න අය, යාන්තම් නියපොත්තෙන් හරි එල්ලගන්න පුළුවන් නම් කවදාවත් හලලා ආවෙ නෑ.... මේ සමහර ඩ්‍රයිවර් මහත්තුරු හදිසියේවත් පහුවදාට හරි, එදාම හවසක හරි බස් ස්ට්‍රයික් එකක් හෙම තියෙනවා නම් අපට කලින්ම කියනවා විකල්ප ප්‍රවාහන ක්‍රම සොයාගන්න.... ඒ කාලෙ ප්‍රයිවෙට් බසුත් ඒතරම්ම සුලභ නෑ....එව්ව පටන් ගත්තු අළුත වගේ... අපි ඉතින් සීසන් කාරයොනේ... සමහර කොන්දෙස්තරලාට නම් සීසන්කාරයො ඇලර්ජි.... මට මතකයි එක සැරයක් ලංගමේ ලොකු ස්ට්‍රයික් එකක් හදිසියෙම පටන් ගත්තු වෙලාවක ඔය බස් එකක වැඩ කරපු කොන්දොස්තර මහත්මයෙක් ඉස්කෝලෙ ඇරෙන වෙලාවෙ ගේට්ටුව ළඟට ඇවිල්ලා හැමදාම අපේ බස් එකේ යන ළමයින්ව එකතු කළ හැටි..... එයා ළමයි ටික අරන් එනකම් ඩ්‍රැයිවර් මහත්මයා බස් එක අතුරු පාරකට දාලා හංගලා වගේ නවත්වගෙන හිටියා... ළමයි ඔක්කොම වෙනදා වෙලාවට ගමනාන්තය දක්වා ගෙනිහින් බස්සලා තමයි එයාලා ඩිපෝ එකට ගියේ... ඒ වගේ රත්තරන් මිනිස්සුත් ඔය අතරේ හිටියා....
ඒ වගේම ඔයින් එක ඩ්‍රැයිවර් මහත්තයෙක් මට වැඩිය එක අවුරුද්දක් ඉහළ පන්තියේ හිටපු ළමයෙකුගෙ තාත්තා කෙනෙක්.... මුන්නැහේ මදියි නොකියන්න බොනවා.... කොටින්ම කියතොත් අමුම අමු බෙබේ කෙනෙක්.... සමහර දවස්වල උදේට අපි ඉස්කෝලෙ යනකොට ඔන්න මග හෝල්ට් එකකින් අර දුව බස් එකට නගිනවා.... ඊළඟ හෝල්ට් එකට යන්න කලින් හිටි ගමන් බස් එක ස්ලෝ වෙනවා.... එතකොට හැමෝම බලනවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... හයියෝ බස් එකට යන්න බැරි වෙලා තියෙන්නෙ අර බෙබේ රාළ පාර මැද බුදි.... කණ පැලෙනකම් හෝන් ගැහුවට පස්සෙ මිනිහා පස්ස උල උල ඇදිලා වගේ පාර අයිනට වෙනවා.... අනේ ඉතින් අර දුවත් බස් එකේ ඉඳන් මේක බලන් ඉන්නව... එයාට එහෙම වෙලාවට මොනව හිතෙන්න ඇත්ද... ළමයි ඔක්කොම වගේ හැරි හැරි ඒ ළමය දිහා බලනව.... සමහර දවස්වලට එයාගෙ ඇස්වල කඳුළු පිරිලා... ඒ ගෙදර දරුවො පස් දෙනෙක්.... අර මනුස්සයගෙ පඩිදාට නෝනා ඉස්කෝලෙ නොයන දරු පැටව් ටිකත් අතින් කටින් එල්ලගෙන ඩිපෝ එක ළඟට යනවා... පඩිය එයාගෙ අතට හම්බුනාද කියල නම් දන්නෑ... කතාව පීලි පැන්න... ඒ උනාට ඕක මුලින්ම දැකපු දවසෙ ඉඳලා මගේ හිතේ නොමැකෙන විදියට සටහන් වෙච්චි දෙයක්.... ඒ හින්ද ලියන්න හිතුන....
ඒ දවස්වල ඉස්කෝලෙ ඇරුනට පස්සෙ ඔක්කොම ළමයි ඉස්කෝලෙන් එළියට යන්නෙ පන්ති පිළිවෙලට, දෙන්න දෙන්නා පෝලිම් හැදිලා.... ඉතින් අපි කරන්නෙ යාන්තම් ගේට්ටුවෙන් එළියට පැන්න මොහොතේ ඉඳලා මහ පාර මැදින්ම දුවන්න පටන් ගන්නව බස් ස්ටෑන්ඩ් එකට.... එතකොට සමහර වෙලාවට බස් එකක් පැක්වෙලා පිටත් වෙන්න ඔන්න මෙන්න.... යාන්තම් හරි රිංග ගන්න පුළුවන් නම් අපිත් අරින්නෑ... ෆුට් බෝඩ් එකේ තනි කකුළෙන් හරි එල්ලෙනව.... එහෙම වෙලාවට ෆුට් බෝඩ් එකට උඩහින් ඉන්න ළමයි පොත් ටික එහෙම වාඩිවෙලා ඉන්න කෙනෙකුට දීලා හෙන සපෝට් එකක් දෙනවා කොහොම හරි එල්ලිලා ඉන්න... මගින් කස්ටිය බැස්සට පස්සෙ ඔන්න අපූරුවට අත පය දිග ඇරලා යන්න පුළුවන්... ඒකට වැඩි දුරක් යන්න ඕන වෙන්නෙ නෑ.... ඕක දන්න හින්දා තමයි ෆුට් බෝඩ් එකේ හරි එල්ලෙන්නෙ....
ඉතින් ඔන්න ඔය වගේ දවසක් බස් එක මීක් නැතිවෙන්න පැක්වෙලා.... ඔය කාලෙ තිබුණු වැඩිහරියක් බස්වල අර ඩ්‍රැයිවර් සීට් එකට අනිත් පැත්තෙන් තියෙන දොර එහෙම අරින්න බෑ...කැඩිලා... ඕක දන්න ළමයි ඒ අස්සෙ හිටන් ගිහිල්ල හිටගෙන.... දැන් බස් එක ඇතුලෙ ඉන්න අය දෙකන්සෙන් දාඩිය පෙරාගෙන බලන් ඉන්නව මේ මගුල පිටත් වෙනකම්.... එතකොට ඇරලා තියෙන ජනෙල් වීදුරු අතරින් හුළං පොදක් හරි එනවනෙ.... ඔය විදියට කස්ටිය ගාණට පැක්වෙලා ඉන්න අතරෙ කවුදෝ මිනිහෙක් ඉස්සරහ ෆුට් බෝඩ් එකෙන් ඇතුලට එන්න දඟලනව.... සමහරු පුළු පුළුවං විදියට එහෙට මෙහෙට වෙලා ඉඩක් පාදලා දෙන්න බැලුව.... මොන....මේ අතරෙ එතැන යාන්තම් එල්ලිලා අමාරුවෙන් හිටපු කස්ටියට තරහත් ගිහින්....
'කොහෙද ඕයි යන්නෙ... පේන්නැද්ද ඉඩ නැති බව.... කොහෙ රිංගන්න හදනවද මන්ද....' එකෙකුට මලම පැනල....
නගින්න හදපු එකාටත් මල.... මිනිහා බැස්ස ෆුට් බෝඩ් එකෙන් බිමට....
'ආ... තමුසෙල මං නැතුවනෙ යන්න හදන්නෙ.... හරි එහෙනං, යනවකො බලන්න....' පොර කිව්ව...
ගෝරනාඩුව මොකක්ද බලන්න සීට් එකක වාඩිවෙලා හිටපු කස්ටියගෙ ඉහට උඩින් නැවිල ජනේලයක් අස්සෙන් ඔළුව එළියට දාපු කොන්දොස්තර උන්නැහේ කෑගහනව,
'ඔය ඩ්‍රැයිවර් මහත්තයට නගින්න දෙනවලා.....' කියලා.
හැමෝටම මැරෙන්න හිනා... අළුත් ඩ්‍රැයිවර් මහත්තයෙක්... හිකිස්...
'එහෙම කියන්නෙපැයි... කවුදෑ දන්නෙ...' කියපු ඉස්කෝලෙ කොල්ලො ටික ඩ්‍රැයිවර් මහත්තය කෑගහද්දිම ඒ මනුස්සයව හරහට උස්සලා අරගෙන කරවල් උඩින් ඩ්‍රැයිවර් සීට් එක ගාවටම යැව්ව.... අන්තිමට මිනිහටත් බස් එක එලෝගන්න බැරි තරමට හිනා.... ඒ යවන ගමන් කොල්ලො මොනා කළාද දන්නෙ නෑ පොර එච්චරම හිනා උනේ.... ඕං මගෙන්නං අහන්න එපල්ලා....
සුවරෙකටම ඒ අහිංසකයව කුති කවන්න ඇති ඔය කෙල්ලෝ ටික....
ReplyDeleteමටත් හිතුනේ ඒකම තමයි, කොල්ලෝ නෙමෙයි බස්එකේ හිටපු කෙල්ලෝ තමයි ඒ හිනාවට වග කියන්න ඕනේ
ReplyDeleteඅපිටත් ඉස්කෝලේ යන්න වෙනමම බස් තිබුනේ නැහැ
ඒ වෙලාවට යන බස් අපි ස්කුල් බස් කරගන්න එක තමයි සිද්ධ උනේ
අපිටත් ගොඩක් ආදරෙන් සලකපු ඩ්‍රයිවර්, කොන්දොස්තර මහත්තුරු සිහි උනා අක්කගේ පෝස්ට් එක දැකලා.
ඩ්‍රැයිවර් මහත්තයාව දාලා යන්න හදලා තියෙන්නේ. බලාගෙන ගියහම මියුරු අක්කලෑ ඉස්කෝලේ ඉන්නේ වසවර්ති කෙල්ලෝ ටිකක් නේ !!!
ReplyDeleteඩ්‍රැයිවර් සීට් එකෙත් කවුරු හරි වාඩි වෙලා හිටියද මන්දා.... ඒ තරමටම පැක් වෙලානේ. :)
හික්ස්! අපි නොදන්නවයැ ඔය කරන එව්වා!!!! කාලයක් නොමිලේ සීසන් දුන්නානේ ලංගමෙන්! අවුරුද්දයි දුන්නේ!හැමදාම ප්‍රයිවට් යන අපිත් ගත්තා නිකන් දෙනවා නම් දෙමල පත්තරෙත් මොකෝ කියලා!ඒ කාලේ අපේ ඉස්කෝලේ හෝල්ට් එක ඉස්සරහින් බස් යන්නේ එහා පැත්තේ ලේන් එකේ ප්ලැට් ෆෝම් එක උඩින්....ඒ තරම් ආදරෙයි අපිට!
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteවෙන්නැති අනේ... පොර සීට් එකට යනකං කෑගහ ගහ ගිහින් සීට් එකේ තිබ්බට පස්සෙ පණ ඇරන් හිනාවෙන්න පටන් ගත්තා.... :D
@ ලොකු පුතා,
ReplyDeleteඒ මොකද අනේ කෙල්ලො වග කියන්න ඕන... පොඩ්ඩක් පැහැදිලි කොරල කියනවද... :)
අපිට හැමදාම වගේ හිටියෙ ඩ්‍රයිවර්-කොන්දොස්තර සෙට් හතරක් තමයි මාරුවෙන් මාරුවට.... ඒ නිසා තමයි හිතවත්කම් ඇතිවුනේ.. ලොකු පුතාටත් එහෙනම් මේ වගේ මතකයක් තියෙනවා.... පොස්ටුවකින්ම කියන්නකෝ.... :)
@ මධුරංග,
ReplyDeleteඩැයිවර් මහත්තයා බස් එකට නගිනකං ඒ සීට් එකෙත් හරහට වාඩිවෙලා ඉන්නව සමහරු.... ඔය පින්තූරෙ තියෙන බස් එක නම් 'පැදවීම වමෙන්' එකක්දෝ කොහෙද... ඩැයිවර් ඉන්නෙ අනිත් පැත්තෙ.... :)
@ Sabith,
ReplyDeleteඅපෙත් ඔය සුපුරුදු සෙට් එකෙන් පිට ගියදාට මගින් බස් එකට නගින ළමයින් දිහා හැරිලාවත් බලන්නෙ නෑ... ගහගෙන යනව...උන් සමහරුන්ට සීසන්කාරයො ඇලර්ජි කියලා මං අර කිව්වෙ ඒකයි... සල්ලි දීල ටිකට් ගන්න කස්ටියගෙන් වගේ යටි මඩි ගහගන්න සල්ලි හම්බෙන්නෑනෙ සීසන්කාරයොන්ගෙන්... මම නම් නැග්ගෙ බස් එක පටන් ගන්න තැනින් නිසා ඔය වගේ ඇබැද්දිවලට මුහුණ දීල තියෙන්නෙ කලාතුරකින්...
මදැ ගෙදර යන්ඩ හැදුව...ඩයීවර් උන්නැහැ නැතුව කොහේ යන්ඩද නේද අක්කේ..අර කොල්ලො ටික නම් එල පොරවල් ටිකක්...
ReplyDeleteවල්කොල්ලො ටික ඩැයිවර් ගොයියගෙ නරක තැනකිං අල්ලලා ඉස්සුවා වත්ද ????
ReplyDelete@ Raj,
ReplyDeleteහික්ස්... අළුත් ඩැයිවර් කෙනෙක් හින්ද කොල්ලන්ට අඳුනගන්න බැරිවෙලානෙ.... පරණ උන්නැහෙල නං දන්නවා පැක්වෙන්න කලින් නැගලා වාඩිවෙන්න.... ඔය වගේ වෙලාවට ඉතින් බස් එකේ හිටපු ඔක්කොම බැහැල හරි ඩැයිවර්ව නග්ගගන්න එපායැ... :D
@ ඕනයා,
ReplyDeleteඇත්තම කියනවා නම් මට හිතුනෙත් එහෙම මොකක් හරි කෙංගෙඩියක් වෙන්නැති කියලා... ඒකෙන් ඉස්සිල්ල කෙසේවෙතත් පොඩි පහේ සාත්තුවක්වත් දුන්නද දන්නෑ... :D
අපි නම් ඒ කාලෙ ස්කූල් බස් වල ගියෙ නෑ.. බස් නැති හින්ද නෙවෙයි ..
ReplyDeleteඒ සල්ලි වල කඩචෝරු කාල පයින් ගිය හින්ද.
This comment has been removed by a blog administrator.
ReplyDeleteගමන යද්දි හදිසි බ්රේක් පාරක් වැදිල කොල්ලො, කෙල්ලො, ටික එක ගොඩේ වැටුනලු. කොල්ලෙක් ඇහුවලු 'කව්ද යකෝ බ්රේක් ගැහුවෙ' කියල. කෙල්ලෙක් කිව්වලු 'කව්රුත් නෙමේ මේ ඩ්‍රයිවර්' කියල. ඒ පාර අර කොල්ල කියනවලු 'එහෙනං කමක් නෑ, මං හිතුව වෙන කව්රුවත් කියල'
ReplyDelete@ kumaraya,
ReplyDeleteහාපෝ.... මේ කියන කාලෙ මං ගිය ඉස්කෝලෙට හැතැප්ම 10ක් තිබුණ අපේ ගමේ ඉඳලා.... ඉතින් කොහෙද අපි පයින් යන්නෙ.... ඔය පයින් ගියපු ගමන්වල රස කතා හෙම ඇති නේද ඈ....
@ Observer,
ReplyDeleteඔය ගැනත් රස කතාවක් තියෙනව... ඔය කතාව අපි මුලින්ම ඇහුවෙ ඉස්කෝලෙ යන කාලෙ.... :O
ඒ දවස්වල කොල්ලො ඩ්‍රයිවර් බ්‍රේක් ගහන ගහන සැරේට ඔහොම කියන්න ගිහින් මුළදි හිනාවෙලා ඉඳලා පස්සෙ උන්දට තද උනා හොඳටම... අන්තිමට බස් එක පාර මැද නතර කරලා සුද්ද සිංහලෙන් කිව්වා කණ්වල ඇඟිලි ගහගන්න.... :D
හප්පේ... ඉස්කොලේ යනකාලෙ හිතං ඉන්නෙ යොධබල යෝධ වීරිය තියෙනවා කියලනෙ... මාත් එක පාරක් එල්ලුනා බස්එකක... මීටර් 200ක් 300ක් ආවෙ අත්දෙකෙන් එල්ලිලා කකුල් තියන්න ඉඩ නැතුව.... කරපු මොඩවැඩේ තරම... පහුවදා ඉස්කොලෙ ගියෙත් නැ අත් දෙක ඉදිමිලා....
ReplyDeleteමමත් එක දවසක් පැක් වෙච්ච බස් එකක ෆුට්බෝර්ඩ් එකේ අවා.වංගු හරියක බස් එක ගනිද්දී පාරෙන් පිට පැන්නා, මට පල්ලමත් පේනවා මන් ඉතින් ගෙදර හැමෝවමයි,යාලුවන්වයි මතක් කරගෙන,අන්තිම ගමන් යන්න සුදානමින් දෙවියන් සිහිකරන් ඇස් දෙක පියාගත්ත.බලද්දී 99.9 බේරිලා :)
ReplyDeleteML 92 කියල බස් එකක් උසස්පෙළ කාලේ ඉස්කෝලේ යද්දී අපේ ස්කුල් බස් එක වෙලා තිබ්බ.පාසල් මතකය හැමදාමත් සුන්දරයි.
ඉස්කෝලේ යන ගමන් මෙයාලා කරලා තියන ජාති...ඊරිසියාවේ බෑ අප්පා. :D
ReplyDeleteහපොයි..මාර වැඩේ තමා..
ReplyDeleteමං දැන් "වොට්සන්" වගේ කෙනෙක්. ඔයාගේ පොස්ට් කියවගෙන යද්දී එකින් එක ගලපලා ඔයාගේ වයස හරියටම කියනවා.ප්‍රයිවෙට් බස් නැති කාලෙ කියන්නේ ......
ReplyDeleteඅපිත් හැමදාම ගියේ ලංගම බස් එකක . ජයවේව!!
සමහර ඩ්‍රයිවර්ලා ගැන නම් කියලා වැඩක් නෑ. අපි ඉස්කෝලෙ යද්දිත් ctb එකේ හිටියා ඉස්කෝලෙ ලමයි පේන්න බැරි අය. ඒත් සමහරු අපි දැක්කම හොල්ට් එකෙන් පිට දි වුනත් බස් එක නවත්තනවා.
ReplyDeleteදැන් අපි සීසන් පාවිච්චි නොකරන නිසාද කොහෙද අපිට ගොඩක් බස් නවත්තනවා. ඒත් ඉතින් කොච්චර හදිසි වුනත් මම නම් අපි සීසන් පාවිච්චි කරද්දි පාරෙ අනික් පැත්තෙන් ගිය ඩ්‍රයිවර්ලා ඉන්න බස්වල නගින්නෙ නෑ. නමුත් දැන් ctb එකේ වැඩකරන ගොඩක් දෙනා ළමයින්ට බස් එක නවත්තනවා..
හප්පේ අපිටත් ඒ කාලෙ ඔය වගේ ස්කූල් බස් තිබුනා.මාත් අපේ බස් එක ගැන ලිව්වා නොවැ.මොනවා වුනත් සුන්දර මතක ඒවා.
ReplyDeleteඅනේ දුප්පත් ඩ්‍රයිවරයා..
ReplyDeleteමටනම් නැතිම අත් දැකීමක් ඕක. ඉස්කෝලේ අල්ලපු වැටේ. 7.30 ඉස්කෝලෙට 7.25 ට ගෙදරින් ගියේ. හුගක් දවස් වලට වැටෙන් පැනලා.. ගේට්ටුවෙන් ගියේ එහෙමත් දවසක. දුක තමා... :-(
මට මේක කියවද්දි.. " මුත්තයියා පාර " මතක් උනා. නන්දෝරිසුයි, ලක්සේ අයියයි.. චිත්‍ර කතා බලපු අය දන්නවා.
@ නරකයා,
ReplyDeleteඒ කතාව නම් ඇත්ත...
ඇති උරහිස පැන්නෙ නැතුවා.... මුළු ඇඟේම බර එන්නෙ අත් දෙකටනෙ... ඔහොම වෙලාවට කොහෙන් හරි එක කකුළක් හරි තියාගන්න ඕන...
@ වසිලිස්සා,
ReplyDeleteබුදු අම්මෝ... :O ඒක කියව්වාම මටත් ඒ පාතාලෙ පේනව පේනව වගෙයි...
අපේ බස් එකත් සමහර දවස්වල සෙනග වැඩි කමටම යන්නෙ එක පැත්තක් පාත් වෙලා... ඉතින් වංගු ගන්නකොට චැසිය බිම ඇදීගෙන යනවා මහා සද්දෙකුත් එක්ක.....
@ Podi Kumarihami,
ReplyDeleteකුමාරිහාමිව නම් වලව්වෙ ඉන්න ඩැයිවර් මහත්තැන් වෙන්නැතිනෙ ඉස්කෝලෙ ගෙනිහුන් දාන්නැත්තෙ.... ඉතින් කොහෙද මේ වගේ අත්දැකීම්... දැන් ඉතින් අපි මේව කියනකොට ඉරිසියා කොර කොර ඉන්න.... ;P
@ රූ,
ReplyDeleteමාර වැඩේ නේන්නං....
බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට....
@ අසරණයා,
ReplyDeleteමේ වොට්සන් මහත්තයෝ.... ඒකට කමක් නෑ... හැබැයි බොල මගේ වයස එක දවසක් හරි වැඩියෙන් කිව්වොත් හෙම බෝ සදා අසරණයා තමයි.... :D
@ Roshan Herath,
ReplyDeleteඅනේ ඔව්... මටත් මතකයි ඔය සමහර පැතිවල ඉඳලා ඉස්කෝලෙ එන ළමයි හැමදාම ඉස්කෝලෙ එන්නෙ පරක්කු වෙලා.... සීසන් හින්දා බස් එක නවත්තන්නෙ නැතිව.... අපේ පාරෙත් එහෙමයි අර හැමදාම ඉන්න සෙට් එක නැති දවස්වලට.... දැන්වත් ඒ තත්ත්වය වෙනස්වෙලා කියලා අහන්න ලැබුනු එකටත් සතුටුයි....
ඔයාටත් බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට....
@ නිසූපා,
ReplyDeleteමං ඔයාගෙ පෝස්ටුව කියවන කොට තමයි මට මේවා මතක් වෙන්න පටන් ගත්තෙ... ඒ මතක නම් කවදාවත් අමතක වෙන්නෙ නැති ඒවා....
@ Senna,
ReplyDeleteඅයියෝ එහෙනම් ඔයාට ගොඩාක් දේවල් මිස්වෙලා....
ඒ මොකක්ද මුත්තයියා පාරෙ කතාව...?
හික් හික්.. ඒ අතීතයට ආයේ යන්න තිබ්බනම්... ඩැයිවර්ගේ පැත්තේ දොර වයර් එකකින් බැඳගෙන යන බස් එකක.. සී.ටී.බී එක ආවම ප්‍රයිවට් බස් එක පෙරලගෙන එලියට පැනලා ඒකට දුවන්න විතරක් නෙවේ. ඒ කාලේ හම්බුන සමහර අයගෙන් කලින්ම අහන්න... :D
ReplyDeleteහි හි.. එකත් මරු වැඩේ තමයි.. :) :D
ReplyDeleteඅපේ ස්කූල් බස් එකේ ඩයල් දෙක මතක් උනා.. ඒක ප්‍රයිවට් බස් එකක්. ඒත් ගාස්තුවෙන් භාගයයි.. යුනිෆොර්ම් ළමයි ඔන්ලි.
ReplyDeleteමම ඒ කාලේ ට්‍රයි කරපු කෙල්ල සෙට් කරල දෙන්න කොන්දොස්තර හිටිය අයිය හෙන හෙල්ප් එකක් දුන්න.. එහෙව් කාලයක්.
අර මුලින් කියපු ඩ්‍රයිවර් හා කොන්දොස්තර මහත්වරු දෙපල නම් එළ... නියම මනුස්සයෝ දෙන්නෙක්... මම කිව්වේ අර ස්ට්‍රයික් අස්සෙත් ඇවිත් ළමයි ටික ගෙවල් වලට දාපු දෙන්නා...
ReplyDeleteඅක්කා කියපු අන්තිම එක වගේ සීන් නම් හැමෝටම වගේ වෙනවා...
@ lahirucc,
ReplyDeleteඔයා ඔය කතාව කියනකොට මට මැවිල පෙනුන ඒ කාලෙ වයර් එකෙන් දොර බැඳන් ගියපු බස්...හික්ස්...
ප්‍රයිවෙට් බස් ආවට පස්සෙ අපිත් ඔය වැඩේම කළා... සීටීබී එකක් ආව ගමන් ඒකෙ ඉන්න මිනිස්සු ටිකත් පෙරළගෙන බැහැල දුවනව සීටීබී එකට.... ඕක තේරුනාට පස්සෙ ප්‍රයිවෙට්කාරයො කළේ සීටීබී එක එනකොටම අද්දනවා.... සමහරු නම් ඒත් බැස්සා කොන්දාගෙන් බැණුමුත් අහගෙන.....
අර අන්තිමට කියපු එකෙන් හිතෙනව හිතේ මොකක් හරි පසුතැවිල්ලක් තියෙනවයි කියලා... :D
@ Ice (අයේෂා කුලතුංග),
ReplyDeleteමරු වැඩේ නේන්නං...... :D
@ පිස්සා පලාමල්ල,
ReplyDeleteෂා... මරු කොන්දොස්තර මහත්තේක්නෙ.... පිස්සගෙ ගෙදර කස්ටිය දැනගත්තනං හෙම උන්දට හම්බෙන්න තිබ්බා හොඳ ටොපියක්... :D
@ Chathuranga Perera,
ReplyDeleteඔව්, මල්ලි... ඒ දෙන්නා නම් රත්තරන් මනුස්සයො දෙන්නෙක්...
චැසිය බිම ඇදුන නං ගිහිං ඉවරයි, ඇහෙන්න ඇත්තෙ ටයර් මඩ බෝක්කුවෙ වැදෙන සද්දෙ.
ReplyDelete@ ඔබා මාමා,
ReplyDeleteහික්ස්... ඔය මං දන්න හැටි තමයි... ඒ අහගෙන ඉන්න බැරි සද්දෙත් එක්ක බස් එකත් ගියානෙ...හේනං ඔය කිව්ව එක වෙන්නැති සිද්ද වෙන්නැත්තෙ..... :D :D :D
kumaraya said...
ReplyDeleteThis post has been removed by a blog administrator.
මිහිරි .. මෙහෙම දාල තියෙන්නෙ ඇයි..? මම කමෙන්ට් දෙකක් දාල නෑනේ.
මගේ නමින් වෙන හොර ගෙඩියෙක් කැත වාක්‍යක්වත් දැම්මා වත් ද ..?
@ kumaraya,
ReplyDeleteඅනේ නෑ සත්තලනේ... අර දාපු කමෙන්ට් එකම රිපීට් වෙලා... ඒකයි එකක් ඩිලීට් කළේ... :D
හ්ම්ම් හ්ම්ම්.. මියුරු අක්කා... ඒක ගොඩක් දිග නැති උනත් දිග කතාවක්..
ReplyDeleteහැමදේම වෙනස් කරන්න තිබ්බා...
ෂා .. ඔයා නම් නියමයි...
ReplyDeleteඉක්මනටම උත්තර දෙනවා නේ. තැන්කු .. තැන්කූ.
අක්කලා ඩැයිවර් මාමාවත් දාලා බස් එක උස්සන් යන්න නේද හැදුවේ....
ReplyDeleteඅනේ මම ඉස්සර පුදුම ආසාවකින් උන්නෙ ස්කූල් බස් එකේ යන්න...කොහෙද අපේ අම්ම ඒකට ඉඩ දුන්නෙම නැහැ.......
ReplyDelete@ kumaraya,
ReplyDeleteමං ඒ වෙලාවෙ on-line හිටියෙ... ඒකයි.... හික්ස්...
@ Dinesh,
ReplyDeleteතව පොඩ්ඩෙන් කර ගහගෙන දුවන්න තමයි වෙන්නෙ...හික්ස්...
@ වින්චැට්කිරිල්ලි.,
ReplyDeleteඑහෙනං ඔයාට පාසැල් කාලෙ හොඳම අත්දැකීමක් මිස්වෙලා.... :D
@ lahirucc,
ReplyDeleteඒ වෙන්න තිබුනු වෙනස හොඳ පැත්තට නෙවේ වෙන්නැති... ඒකයි එහෙම සිද්ද උනේ නැත්තෙ... ඒක නිසා ඒ ගැන හිතන්න එපා....
අයියෝ මට ඔහොම අත්දැකීම් නෑනේ මම උපන්දා ඉදන් පයින් තමයි ගමන් ඉස්කෝලේ පයින් යන දුර ඒ විතරක් නම් මදෑ හැම මල ඉලව්වක්ම අතේ දුරින් හිටලා ඕනෙම දේ හිටියා කියහන්කෝ හැතැප්ම ගානක් දුර.එදා ඉදන් ඉතිං හැමදාම බස් එකක පැක් වෙලා ගියා ඉස්කෝලෙවත් පන්තිවත් නෙමෙයි අනාගතේ දරුකමට හදාගන්න ඉන්න කෙනාව බලන්න යන්නේ උදේ 5ට එන්නේ හවස 7ට.හි හි ඒවා මම පෝස්ට් එකක දාන්න ඕනේ ගෙදට්ට හොරෙන් යන ගමන් නිසා දාන්න බයයි මොකද තාම ගෙදර ඈයෝ දන්නේ නෑ
ReplyDeleteප/ලි
ReplyDeleteකවුද දන්නේ මේවා ලියන බලන අය අතර අපේ නෑයොවත් ඉන්නවද කියලා එහෙම උනොත් බඩුම තමා
@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteමළ සේක...
එතකොට ලබන අවුරුද්දෙ තියෙනව කීව විභාගෙ....? :D
හි හි පන්ති යනවා කියලම තමයි ගෙදරින් පනින්නේ උදේ 5.20ට ගෙදරින් එළියට බැහැලා 5.30 බස් එක ගන්න කි.මී 2ක් 3ක් හති දාගෙන දුවලා තමයි බස් එකේ එල්ලෙන්නේ.2008 ඉදන් උ/පෙ කරන්න උනෙත් මේ හින්දද දන්නෑ ඉතිං දෙමාපියන්ට බොරු කරන එවුන්ට හරියන් නෑනේ.
ReplyDeleteහිතේ දුකක් නැතිව උ/පෙ කරන්නත් ඉතිං සති දෙක තුනකට සැරයක් යන්න උදාවෙන මේ චාරිකාවත් හේතු පාදක වෙනවා ඕං.
(මම මාර පුත්තරයෙක් තමා දෙමාපියන්ගේ සල්ලිත් අපරාදේ තමා ඒත් අනේ මංදා මම මේ කරන්නේ කොයිතරම් වැරදි වැඩක් උනත් වෙන කරන්න දෙයක් මට තේරෙන් නැතෝ)
ඒ උනාට පුතේ, උඹේ ඔය චූටි කුමාරි කවද හරි බැරිවෙලාවත් (වෙනවට කියනව නෙවෙයි ) අහක බැලුවොත් බොට දෙකම නැති වෙනව නේද? බය නැතුව කෙල්ලගෙ ගෙදරට ගොඩවෙලා උන්නෙ අම්මලට කතා කොරන්න පුළුවන් විදියෙ පසුබිමක් හදාගං ඉස්සෙල්ල... නැතුව නිකමෙකුට දූව දෙයියැ උන්නෙ අම්මල....ඔක්කොටම ඉස්සෙල්ල ඒක හදාගං...
ReplyDelete