අර කලින් කතාවල කියපු බෝඩිමට කලින් මං නැවතිලා හිටිය බෝඩිමේ, අයිතිකාර ඇන්ටිලාට එක වත්තෙ ගෙවල් දෙකක් තිබුණ... අපි කෙල්ලො 16ක් හිටියෙ එයාලගෙ අළුත් තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ.... ඉස්කෝලෙ ළමයි, කැම්පස් ළමයි, වැඩට යන කස්ටිය... එකම ෆෘට් සැලඩ් එකක් ඒ බෝඩිම..... ලොකු කාමර හතරයි, එක ෂවර් එකයි, ටොයිලට් දෙකයි.... හාපෝ උදේට හෙන පෝලිම.... කෑම අන්තිමයි.... දිය හොදියි, වැලි බතුයි.... මම නම් හිතුවෙ එතැනින් අයින් වෙලා එනකොට මගෙ උණ්ඩුක පුච්චෙත් ඇන්ටිටම දීල එන්න වෙයි කියල....
ඉතින් මේ ගෙදරම යට තට්ටුවේ තමයි ඇන්ටිලාත් පදිංචි වෙලා හිටියෙ.... එයාලගෙ පරණ ගෙදර කුලියට දීල තිබුණා දකුණු පළාතෙ ඉඳලා ආව පවුලකට... ඒ ගෙදර අන්කල් ආණ්ඩුවේ රස්සාවක් කර කර ඉඳලා මොකක්දෝ සිද්දියකට රස්සාව නැතිවෙලා... ඉතින් මේ මනුස්සයා ඔය කියන දවස්වල මැද පෙරදිග රටක සේවය ඉවර කරලා ගෙදර එන්න ආසන්න කාලයක්.... මේ පවුලෙ ඇන්ටි තමයි 'සැටලයිට්' කියන්නෙ.... මේ නම පස්සෙදි ලේසියට 'සැට්' කියල කෙටි උණා... මේ සැට් ඇන්ටි රූපෙන් හරියටම කාලගෝලගෙ ස්ත්‍රී වර්ශන් එක... කළුයි, කොටයි, මහතයි...මූණ නම් ටිකක් සිරියාවට තිබුණ.... එයාට ඔය සෙම් රෝග බලවත්ව තිබුණ කියල වැඩිය නෑවෙ හෙම නෑ... ඉතින් අපට පේනව බෙල්ලෙ හෙම පිහි තලයකින් සූරල අයින් කරන්න පුළුවන් තරම් තට්ටුවක් බැඳිලා තියෙනවා....
අපේ බෝඩිමේ ඇන්ටි ආණ්ඩුවේ රස්සාවකුත් කළා.... අන්කලුත් වැඩ කළේ ඉහළම පෙලේ රාජ්‍ය බැංකුවක... ඉතින් ඇන්ටි ගෙදර නැති වෙලාවට බෝඩිමේ වැඩ බැලුවෙ සැට් ඇන්ටි.... මෙයාගෙ ලොකුම රාජකාරිය උනේ වෙලාවට ඇන්ටි උයලා යන කෑම ටික මේසෙට බෙදන එකයි, ඇන්ටි නැතිවෙලාවට සිද්ද වෙන හැමදෙයක්ම එයා ගෙදර ආවාම රපෝර්තු කොරන එකයි.... ඉතින් ඔය රාජකාරියත් එක්ක මෙයාගෙ වැඩේ අපි ගැන ඔත්තු බලන එක.... උඩ තට්ටුවෙන් පොඩි හරි සද්දයක් ආවොත් මෙයා යන ගමනත් නතර කරලා එතනම නතර වෙලා සැටලයිට් එක දාගෙන ඉන්න හැටි අපි අනන්තවත් දැකල තිබුණ... සමහර වෙලාවට කෙල්ලො ගෑණිව ඇන්දුවත් එක්ක.... බොරුවට අරක මේක කියලා සද්දෙ දාල බලනව මොනවද වෙන්නෙ කියලා.... ඔන්න ඉතින් එදාම රෑ කෑම මේසෙදි ඇන්ටිගෙන් උපදෙස් වරුසාවක් වහිනව ඒ කියාපු දේවල් සම්බන්ධයෙන්...පස්සෙ කෙල්ලො හිනා වෙනකොට ඇන්ටි දැනගන්නව උන් ටික සැට්ව අන්දලා තමයි කියලා... ඇන්ටිත් ඉතින් අන්තිමට අපිත් එක්කම හිනාවෙලා නිකං ඉන්නවා.... හැබැයි ඒ බව ආපහු සැට්ට කියන්න නම් නැතිව ඇති..... මේ වැඩේ හින්දා අපට සැට්ව එපා වෙලයි හිටියෙ... ඒ හින්දා උන්දැව සවුත්තු කරන්න අවස්ථාවක් ආවොත් අපිත් අතෑරියෙ නෑ.....
මේ ගෙවල් දෙකේ මුරකාරයා උනෙත් සැට්ම තමා... කොයි ගෙදරට කවුරු ආවත් ගේට්ටුව අරින්නෙ, පිළිගන්නෙ මෙයා තමයි.... වාහනේකින් කවුරු හරි ආවොත් රිවර්ස් කරන්න හෙම ෆුල් සපෝට් එක සැට්ගෙන්... ඒ මිනිස්සු ආපහු යනකොට අපට ඇහෙනව මෙයාගෙ අඬහැරේ...
'රායිටෝ.... ඕම ගන්න...ඕම ගන්න.....හෝව්..හෝව්...හෝව්... තා සුට්ටක් කෙලින් කරලා.... පොඩ්ඩක් දකුණට කපලා...අරි...අරී...' ඔන්න ඔහොම... ඕක අහන් ඉන්නකොට හරි ජොලි....
මේ ගෙදර හිටිය බල්ලෙක්... ඌට නිතරම මඤ්ඤං... ගෙදර ඉන්න එවුන් අඳුනන්නෙත් නෑ සමහර වෙලාවට.... කඩං පනිනවා... අනිත් වෙලාවට කවුරුවත් ආවට ඇහැක්වත් ඇරලා බලන්නෑ... ඉතින් මූ බුරනකොට ගෙදර එකෙක්ද පිට එකෙක්ද ඇවිත් තියෙන්නෙ කියලා අඳුන ගන්න බෑ... ඔය හින්දා දන්න කස්ටිය ගෙදරට එනකොට කෝකටත් සූජානං සරීරෙන් තමයි එන්නෙ...
ගේට්ටුවට සද්දයක් දාපු ගමන් දුවල යන්නෙ සැට්...
'බල්ල බැඳලද....?' ආපු කෙනා අහනව...
'අනේ නෑනෙ... ඌ තවම බැචුලර්....මේ කෙනෙක් හොය හොයා ඉන්නෙ බන්දල දෙන්න...නැද්ද කවුරුවත්...'
ඉතින් එන එකාත් හිනා වෙවී එනව...
ඉතින් ඔන්න සැට්ගෙ මහත්තය රට ඉඳලා එන්න කලින් දවසෙ අපට ඇහෙනවා බෝඩිමේ අන්කල් මහ හයියෙන් හුරේ දදා හිනාවෙනවා,
'හා..හා... හොඳට අතුල්ලලා නාගන්න...' කිය කියා..
අපි ජනේලෙ ළඟට දුවලා බලනකොට සැට් ඇන්ටි මිදුලෙ තිබුණු ළිඳෙන් එයාගෙ ඇනුවල් බාත් එක ගන්නව.... හොඳ පොල් කොහු තඩියක් හෙම තියාගෙන කුණු අතුල්ලනව දැකල අපිට මැරෙන්න හිනා.... කෙල්ලො ටිකත් සීරුවට විසිල් ගැහුවා... සැට් නෙවෙයි සැලුනෙ....
ඔන්න ඉතින් සැට්ගෙ මහත්තය ආපු දවසෙ රෑ ටීවී බලන්න ඒ ගෙදර නංගියි මල්ලියි එක්ක ජෝඩුවම ඇවිත් අපේ බෝඩිමට.... අපි කස්ටියත් වාඩිවෙලා ඉන්නව ටෙලිය බලන්න.... ඔය මල්ලිට එතකොට අවුරුදු පහක් විතර ඇති.... ඒ උනාට මිනිහ ඒ වෙනකොටත් අම්මගෙන් කුක්කු බොනව.... අර විදියට අම්මගෙ පපුවට ඔළුව තියාගෙන උකුළෙන් වාඩිවෙලා ඉන්නකොට කොල්ලට කුක්කු මතක්වෙන්නැති...දැන් සබාවෙ ඉඳන් මිනිහට කුක්කු බොන්න බෑනෙ....කාටවත් තේරෙන එක්ක නෑ කියල හිතල මිනිහ කියනව,
'අම්මෙ, මට ලොකුම ලොකු, කළුම කළු එකකින් එන සුදුම සුදු දෙයක් බොන්න ඕන...' කියලා...
කස්ටියම හයියෙන් හිනාවෙනකොට සැට් ඇන්ටිට නං ලැජ්ජ හිතුනු බව පෙනුනා.... ඒත් ගෑණි කාගෙන හිටියා....
ඔය දවස්වල ටීවී එකේ ගියා හවායි බ්‍රෙසියර් ඇඩ් එකක්... ඊට ටික වෙලාවකට පස්සෙ ඕක යනකොට සැට් ඇන්ටිගෙ උකුලෙ වාඩිවෙලා හිටපු මල්ලි බැහැල දිව්ව එයාගෙ ගෙදර....
මෙන්න ටික වෙලාවකින් මිනිහා ආපහු දුවගෙන ඇවිත් කියනව,
'මේ තියෙන්නෙ අපෙ අම්මගෙ හවායි එක...'
පොරගෙ අතේ හෙන පත සයිස් බ්‍රෙසියරයක්....
'හයියෝ මේ ළමය කරන වැඩ...' කියපු සැට් ලැජ්ජාවටම හැමෝම කොක් හඬලලා හිනාවෙද්දි අර බ්‍රෙසියර් එකත් උදුරගෙන අතේ ගුලි කරන් මල්ලිත් ඇදගෙන ගෙදර ගියා....
ඉන් පස්සෙ සැට් ඇන්ටි මිදුලෙ ඉඳන් සැටලයිට් එක දාගෙන ඉන්නවා දැක්කොත් කෙල්ලො අහනවා 'කෝ අනේ අර හවායි එක...' කියලා.... එතකොට ගෑණි හෙමීට ඇන්ටෙනාව බාගෙන මාරුවෙනවා....
අපෙත් හිටියා ඩිකි රමණි කියලා ආන්ටි කෙනෙක්...එයත් නියම ඇණයක්...
ReplyDeleteඅර ළමයා ගම කාලා.පොඩි එවුන්ට ඉතින් ඕන නැති දෙයක් නෑනේ. ඉතින් කලුම කලු දේකින් එන සුදුම සුදු දේ බිව්වද ?
ReplyDeleteහික් හික් මෙයත් අපේ සූස් ආච්චී වගේ ඩයල් එකක් නේ....
ReplyDeleteහික් හික්...හවායි :)
ReplyDeleteහි හි ලෙසටම ලියනවා නෙව ...ඔහොම යං... ඔහොම යං
ReplyDeleteනියම කතාව. පොඩි ද්වේශයකිං ලියල තියෙන්නෙ
ReplyDeleteනියමයි....මියුරිත් කතන්දර උල්පතක්නෙ.
ReplyDeleteමම හිටපු කුරුණෑගල බෝඩිමකත්, අල්ලපු වැටේ පොඩි කඩයක් දාගෙන හිටිය ඔය වගේ ආච්චි කෙනෙක්.
අපි කිව්වෙ 'රොයිටර්' කියල.
පොඩි එවුන් නම් හරිම භයානකයි....
ReplyDeleteපහු ගිය කතා ටික මග ඇරුනා.. කියවන්න ඕනි...
අප්පා අපි අවසානෙට හිටිය බෝඩිමේ ඇන්ටිත් ඔයවගේ.හැමවෙලේම කියන්නෙ "මොනා කරන්නෙ දුව මේ තනි මම" කියල තමා.ඒ වාක්‍ය අපිට කටපාඩම් උනා.වෙලාවකට දුකත් හිතෙනව.හෙනට නට් එකක්.
ReplyDeleteමියුරු අක්කි ලඟත් හොඳ හොඳ කතා ටිකක් තියෙනවනේ.. නියමයි.. :) :)
ReplyDelete//'අම්මෙ, මට ලොකුම ලොකු, කළුම කළු එකකින් එන සුදුම සුදු දෙයක් බොන්න ඕන...' //:P
ReplyDeleteසැට් ඇන්ටිගෙ කතා තව නැද්ද?
This comment has been removed by the author.
ReplyDeleteඅප්පේ...පව් සැට් ඇන්ටි...
ReplyDeleteඇන්ටි පව් අප්පා....දුකේ බෑ...:D
ReplyDeleteමං ඉන්න බෝඩිමෙත් ඉන්නව මඤ්ඤං බලු තඩියෙක්. ඒකා බුරන්නෙ අපිට විතරයි. මේ ලඟදි ගෙදරට හොරෙක් ඇවිල්ල වාහනේ බැටරිය උස්සං යනකනුත් මේකා නෙමෙයි මීක් ගෑවෙ.
ReplyDeleteමෙන්න කෙල්ලෝ. ඇත්තටම ඒ ඇන්ටි නාන්නේ නැද්ද ?
ReplyDeleteඔකනේ කියන්නේ කොරන මගුලක් පොඩි එවුන්ගේ සැටලයිට් එකට වැටෙන්ඩ නොදී..කොරගන්ඩ කියලා..නේද අක්කේ...
ReplyDeleteහපෝ...පොඩි එකා ගම කනවනේ...
ReplyDeleteහෙක් හෙක්.. මේ වගේ තාල බොං ඇන්ටිලාගේ ගතියක්නේ ඕක.. ඔයාත් කල් යද්දී ඔහොම වේවි.. ඕක මේ ඔහෙලගේ සොබාවික ගතියක් කියනවනේ.. ඔයාලට විතරලු ඉන්බිල්ට් සැටලයිට් රිසීවර් එකක් එන්නේ...
ReplyDeleteමම lahirucc හොඳේ
මේකා පොඩි එකෙක් නෙමෙයි, කොලු තාත්ත කෙනෙක්නෙ...
ReplyDeleteහක හක!!!!!!!!!!!!!!දැන් ඉන්න පොඩි උන් ලඟින් ගියොත් ඇහැක් නෑ!
ReplyDeleteඔන්න බලන්නකො ඒකෙත් හැටි . . මම අන්තිමට හිටි බෝඩිමේ ඇන්ටිට කියන්නෙ "නංගි ඇන්ටි" කියල . . . නංගි ඇන්ටිට කෙල්ලොම හිටිය අපිටත් ගනං කරගන්න අමාරු ගනනක්. කාමරේ හිටි අපි තුන්දෙනාගෙං කවුරු හරි තනියෙං ඉන්න දවසට නංගි ඇන්ටි කෑම එක කමරේට එවන්නෙ දුවෙක්ගෙ අතේ . . . වැරදිලා හරි වැරදි කෑම එක කෑවොත් විනාසයි . . .
ReplyDeleteපස්සෙ දැනගත්තෙ නංගි ඇන්ටි බැඳල හිටපු අංකලුත් කාලයක් ඒ බෝඩිමේම ඉඳල වැරදි කෑම එක කාපු බුවෙක් . . .
@ නෝටියා | Naughty's Impression,
ReplyDeleteඒ මොකද අනේ එයාට ඩිකි රමණි කියන්නෙ.... :)
@ මධුරංග,
ReplyDeleteසබාවෙ නං බිව්වෙ නෑ... ඒ උනාට ගෙදර ගිහින් කොහොම හරි අවශ්‍යතාවය ඉස්ට කොරගන්න ඇති..... :)
@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteඔව් අනේ... ඔයාගෙ පෝස්ට් එක නිසා තමයි මට මේක මතක් උනේ... මගේ කොමෙන්ටුවේ ඒ ගැන කිව්වද කොහෙද... :)
@ සයුරි,
ReplyDeleteහික්ස්.... කියල වැඩක් නෑ අනේ....
@ Mayaa,
ReplyDeleteතැන්කූ හොඳේ.... :)
@ 108543860788859599679,
ReplyDeleteඔයා මොකද අනේ දැන් ඩිජිටල් වෙලා... :)
හපොයි ඔය කාලෙ තිබ්බ ද්වේශෙ ගැන නම් කියලා වැඩක් නෑ... උන්දැ හින්ද අපට නිදහසක් තිබුනෙම නැති තරම්... දැන් නම් හිනාත් යනවා... ඒත් ද්වේශයෙන් ලියල කියල ඔයාට දැනුනා නම්, සමහරවිට පරණ හැඟීමම මතු උනාද දන්නෑ මතක් කර කර ලියනකොට.... :)
@ Observer,
ReplyDeleteකතන්දරද නැත්තෙ ඔබා මාමෙ....තව එනවා මග.. :)
අපේ ගෙදරට අල්ලපු ගෙදර වැඩට හිටියා රොයිටර් ආච්චි කෙනෙක්.... කාලයක් වටම ගිනි තිය තිය ඇවිද්දා ...කටින්...
@ පිස්සා පලාමල්ල,
ReplyDeleteහපෝ... කියල වැඩක් නෑ...
@ නදී,
ReplyDeleteබෝඩිම්වල ඉන්න උන්දැල ඔය වැඩේට හරි දස්සයි නේද...?
@ Ice (අයේෂා කුලතුංග),
ReplyDeleteඔව්නෙ... බලමුකො තව ඉස්සරහට.... :)
@ රාජ්,
ReplyDeleteආපෝ තියෙනව රාජ්.... ලියල පබ්ලිස් කොරන්න පුළුවන් සයිස් එකේ ඒවා දාන්නංකො....
@ නිසුපා,
ReplyDeleteතවමත් උන්දැ ගැන නම් පව් කියලා හිතෙන්නෙ නෑනෙ.... හිනහ නම් යනවා කොරපු වැඩ ගැන මතක් වෙනකොට....
@ Podi Kumarihami,
ReplyDeleteමේ..මේ... මට නැති දුකක් කොහෙද ඔයාට... :)
@ පරිකල්පන,
ReplyDeleteඊළඟ දවසෙ බලු තඩියවත් අරන් ගිහින් තියෙයි කවුරුහරි... බලාගෙන... හික්ස්...
@ අසරණයා,
ReplyDeleteඇත්තටම නෑවෙ නෑ අනේ වතුරෙ හිටියාම සෙම බුරුල් වෙනවා කියලා... අපේ බෝඩිමේ අන්කල් නම් දවසක් සෙරෙප්පු කුස්ටමකුත් දුන්නා වතුර පෑගෙන්න හොඳ නැත්නම් ඒක දාගෙනවත් නාන්න කියලා... හික්ස්...
@ Raj,
ReplyDeleteමොනව හැංගුවත් ඕක හංගගන්න බැරි වෙන්නැති... කොල්ල නිතර අම්මගෙ කුක්කු බීපු එකානෙ... :)
@ දිල්,
ReplyDeleteගම කෑව නේන්නං... හික්ස්..
@ ලහියා,
ReplyDeleteඅනේ මේ... මගෙන් මොකුත් අහගන්න එපා... පිරිමින්ගෙ ඕපදූප හෙවිල්ලට ගෑණු පරාදයි.... කියලා වැඩක් නෑ ඒ ගැන... :)
@ ලොකු පුතා,
ReplyDeleteහික්ස්....
මම නම් බෝඩිම් වල ඉඳල ම නෑ...
ReplyDeleteඒ වුනාට කතාව නම් රස වින්දා ...
@ Sabith,
ReplyDeleteඒකනෙ පරෙස්සම්වෙලා ඉන්න කියන්නෙ මේ... :)
@ ඕනයා,
ReplyDeleteඒ ඇන්ටි බත්වලට වශීයක් දාල දෙනවද අනේ කොල්ලො අල්ලගන්න... :)
@ kumaraya,
ReplyDeleteකුමාරවරු කවදදෑ බෝඩිංවල හිටියෙ... :)
@මියුරු:
ReplyDeleteවශිය අතේ තමයි බත් එක එවන්නෙ . . . .සුපිරිමකෙල්ලො ටික අප්පා . . . වැඩිපුරම අඩුවෙං තමයි අඳින්නෙ . . . . අනික අපි ඔක්කොම නාන්නෙත් බෝඩිම පිටිපස්සෙ තියන එකම ටැප් එකෙංනෙ . . ගොඩාක් වෙලාවට එකම වෙලාවට . . . උං කුනු අතුල්ලලමද කොහෙද එච්චර සුදු වෙලා තියෙන්නෙ
@ ඕනයා,
ReplyDeleteඑහෙනම් අපේ ඕනයතුමා ඒ දිහා බලන් භාවනා කරන්නැති.... අනේ පව්... හික්..හික්...හික්...
අපේ බෝඩිමේත් ඇන්ටිට හිටියා ඔහොම "සැට්" කෙනෙක්, එයාගේ ඩියුටි එක තමය් එලවලු මාලු කැපිය යුතු ප්‍රමාන වටහා දීම. නම "කරවලස්"
ReplyDelete@ samadhi,
ReplyDeleteමරු නම...'කරවලස්'... ඉස්සරහට පොඩි 'කුණු' කෑල්ලකුත් දා ගත්ත නම් මරු.... :D
බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට....
කථාව පට්ට ගතිය කොමෙන්ට් ටික ඊට ගතිය එක හුස්මට කියැවූ විට හුස්ම හිරවෙනවාය.හෙටටත් කියවන්න ටිකක් ඉතුරු කරගන්න ඕනෑය ඉතින් මම නවතින්නෙමි
ReplyDeleteමරු ඈ උපරිමයි අක්කණ්ඩි
@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteහික්ස්... බොහොම ස්තුතියි හොඳේ....