මේ කියන කාලෙ මං කැම්පස් යන ගමන් මගේ දෙවෙනි රස්සාව කරනව... එතකොට මට යාන්තම් අවුරුදු විස්සක් විතර ඇති... අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ මගේ බොස්ලා නිදහසේ ඉගෙන ගන්න වැඩ ටික කරගෙන යන්න මට උපරිම නිදහස දීලයි තිබුණෙ... හැබැයි කොහොම හරි දවසේ වැඩ කොටස ඉවර කරන්න ඕන.... එදිනෙදා වැඩ ටික නම් මට කරදරයක් උනේ නෑ... ඒත් සමහර වැඩ නම් වෙලාවට කර ගත්තෙ සති අන්තෙ වැඩ කරල.... මං නැති අතරෙ එන හදිසි වැඩ කරල දුන්නෙ මගෙ යාළුවො.... ඒ කාලෙ මේ යාළුවන්ගෙන් මට ලැබුණෙ පුදුම සහයෝගයක්... ඒ වැඩිදෙනෙක් මට වඩා අවුරුදු දහයකටත් වැඩිය වැඩිමහල් විවාහකයො.... පොඩි එකා නිසා මට හොඳට සැලකුව.... ඒ යාළුකම් කිසිම වෙනසක් නැතිව අදටත් තියෙනව...
අපේ ලොක්ක තමයි මුණවීර මහත්තය... එයාට මට වඩා ටිකක් වැඩිමහල් පුතෙක් හිටිය... ඉතින් මට සැලකුවෙත් දරුවෙකුට සලකනව වගේ.... මට මතකයි එක දවසක් කෑම පැයේදි ඉක්මනට කෑම කාල ඉවර කරල පුස්තකාලෙන් ගෙනාව සිංහල පොතක් බල බල ඉන්නකොට එකපාරටම ලොක්ක ඇවිත් පොත ඉල්ලගෙන බැලුව මං මොකක්ද බලන්නෙ කියල.... මට ඇත්තටම මතක නෑ මොකක්ද බැලුවෙ කියලා.... ඒ පොත උඩින් පල්ලෙන් එහෙට මෙහෙට හරවල බලල කිව්ව,
'දරුවො, මං කියනවට මේ සිංහල පොත් කියවන එක නවත්තල ඉංග්‍රීසි පොතක් ගෙනත් නිකම් ඉන්න වෙලාවට කියවන්න... එතකොට තමන්ගෙ ඉංග්‍රීසි දැනුමවත් දියුණු වෙනව...' කියල...
මං ඒක එච්චර ගණන් ගත්තෙ නෑ... ඊට පස්සෙ දවසකත් කෑම පැයේදි සිංහල පොතක් කියව කියව ඉන්නකොට ලොක්ක මගේ පිටිපස්සෙන් සද්ද නැතුව ඇවිල්ල පොත උදුරගත්ත... ඒක සිංහල පොතක් කියල දැක්ක ගමන් වචනයක්වත් නොකිය පොත අල්ලල වීසි කළා.... මේස දෙක තුනක් උඩින් රූං ගාල පියාඹල පොත වැටුන බිම.... කෑම කකා හිටපු කස්ටියත් දුවල ආව සද්දෙට... මට පොළව පලාගෙන යන්න තරම් හිතුන... හැමෝම ඇස් උඩ තියන් බලන් ඉන්නව මොකද උනේ කියල... ලොක්ක වචනයක්වත් නොකිය එයාගෙ කාමරේට ගියා... මට යක්ෂ තරහයි.... හුහ්...මේ මිනිහට තියෙන අමාරුව මොකක්ද මං සිංහල පොතක් කියෙව්ව කියල...
තරහටම මං එවෙලෙම ගියා ආයතනයෙ පුස්තකාලෙට... අර සිංහල පොත රිටර්න් කරල ගත්ත පත ඉංග්‍රීසි පොතක්.... පොත තමයි Sir Arthur Conan Doyle's Sherlock Holmes... මේ පොත නිල් පාට කවරයක් තිබිච්චි අඟල් හයක් විතර උස එකක්... ෂෙක්ස්පියර් ඉංග්‍රීසි තමයි තිබ්බෙ... කියවන්න තියා බලන්නවත් හිතුන්නෑ... ඒත් මගේ පලිය ගන්නත් එපැයි... මං ඕක ගෙනැල්ලා අනිත් එවුන් හිනා වෙද්දිම තියාගෙන හිටියා මගේ මේසෙ උඩින් ලොක්කට පේන්න... ඕක දැකල ලොක්ක හිනාවෙලා කිව්ව,
'ආ... ළමය හොඳ පොතක් ගෙනැත් තියෙන්නෙ... හොඳයි...හොඳයි...' කියල...
මං ඉතින් දවස් දෙක තුනක් වැඩට ආවම ඔය පොත් දණ්ඩ ලාච්චුවෙන් අරන් ලොක්කට පේන්න මේසෙ උඩින් තියනව... කොහේ හරි යනකොට ලාච්චුවට දාල ලොක් කරනව... ලොක්කත් හිටිය නොදැක්ක වගේ... අන්තිමට මටම එපාවෙලා මං ඉංග්‍රීසි නවකතා කියවන්න පටන් ගත්ත.... ඒක මට හොඳට අල්ලල ගියා...
ඊට පස්සෙ මෙන්න ලොක්ක කියනව,
'මින් පස්සෙ මට මිනිට්ස් දාන කොට සිංහලෙන් හෙම ලියල ගේනව නෙවෙයි... ලියනව ඉංග්‍රීසියෙන්...' කියල...
කාල වරෙන්කො... ඔව්ව ඉංග්‍රීසියෙන් ලියන්න ගිහිල්ල මොන කුණුහබ්බයක් ලියවෙයිද කියල කව්ද දන්නෙ... ෆයිල් එකක ලිව්වට පස්සෙ දන්න මනුස්සයෙක් කියෙව්වොත් වස නෝන්ඩියනෙ...
බැරිම තැන ලොක්කට ගිහින් කිව්ව,
'සර්, මං මිනිට් එක ඩ්‍රාෆ්ට් කරන්නම්... හරි වැරදි හදල දෙන්න... ඊට පස්සෙ ෆයිල් එකේ ලියන්නම්...' කියල..
පොර ඒකට පැනල කැමති උනා.. ඒකෙන් මනුස්සයට වැඩ වැඩි උනාට කවමදාකවත් අතහැරියෙ නෑ... අන්තිමට මාව අල්ලගත්ත ඉතාමත්ම වැදගත් ලිපි ඩ්‍රාෆ්ට් කරන්නත්... මගේ ඉංග්‍රීසි දැනුමත් දවසින් දවස වැඩි දියුණු උනා....ඉතින් ඔය විදියට ඒ ආයතනයෙන් එළියට බහිනකොට බොස්ට පින් සිද්දවෙන්න කිසිම අපහසුතාවයකින් තොරව ඉංග්‍රීසියෙන් වැඩ කිරීමේ හැකියාව මට ලැබිලයි තිබුණෙ...මං මේ කතාව කිව්වෙ ගොඩක් අය ඉංග්‍රීසි තමුන්ට බැරිය කියල හිතාගෙන ඉන්නවා මිසක් තමන්ගෙ දැනුම වැඩි කරගන්න වැඩි උත්සාහයක් දරන්නෙ නැති බව අත්දැකීමෙන් දන්න නිසා.... මට තාත්ත කෙනෙක් වගේ බොස් කෙනෙක් ලැබුණු නිසා මගේ බය නැතිවුණා... ඒ මනුස්සයට පින් සිද්ද වෙන්නයි මම ඒ අමාරුම මානසික කඩුල්ල පැනගත්තෙ... තව කාට හරි අළුත් අවුරුද්දෙ අළුත් අධිෂ්ඨානයක් ඇතිකරන්න දිරිගන්වන්නයි මේ අතුරු කතාව ලිව්වෙ....
ඔන්න දැනුයි නියම කතාව පටන් ගන්නෙ...හික්ස්...
ඔය අපේ මුණවීර මහත්තයට ඉහළින් තවත් ලොක්කො දෙන්නෙක් හිටිය... ලොකුම ලොක්කයි, දෙවෙනි ලොක්කයි.... මුණවීර මහත්තයට පහලිනුත් පොඩි ලොක්කො දෙන්නෙකුත් හිටිය.... ඔය පස් දෙනාගෙම ආවතේවකම් කරන්නයි, මීටින්වල ආවතේව වැඩවලටයි හිටිය විජේරත්න කියල මනුස්සයෙක්... කස්ටිය කිව්වෙ 'විජේ අයිය' කියල....විජේ අයිය ඇන්දෙ ජාතික ඇඳුම.... මනුස්සය අඩි හයක් විතර උස, උසට ගැලපෙන මහත ඇතුව හිටිය කෙනෙක්... කොණ්ඩෙටත් තද කළුවට සුපිරි ඩයි පාරක් හෙම දීල තිබ්බ... මං ඒ ආයතනයෙ වැඩට යනකොට මනුස්සයට පැන්ෂන් යන්න අවුරුදු දෙක තුනක් තමයි ඉතුරුවලා තිබ්බෙ....
කවුරුවත් නොකිව්වොත් මෙයා එච්චර වයසයි කියල කාටවත් කියන්න බෑ... අවුරුදු පණහක් කියන්න පුළුවන් වැඩිම උනොත්...පොර හරිම පිරිසිදුයි, පිලිවෙලයි... හිනාවෙනකොට හරිම සිරියාවයි... හැබැයි මිනිහට මූලග්ගාය... නිකම්ම තද වෙනව...ඒ නිසා හිනාවෙලා ඉන්නවට වැඩියි තද වෙලා ඉන්න වෙලාවල්.... ඒ නිසා කස්ටිය කිට්ටු කරන්නෙ ටිකක් බයෙන් බයෙන්...ඔය තද වෙන එකටත් කස්ටිය පදයක් හදල තිබුණ... විජේ අයිය කසාද බැඳල තිබුණෙ හුඟක් පහුවෙලා... අවුරුදු පණහත් පැන්නට පස්සෙ... (ඒවටත් හේතු තියෙනව... ඒ කතන්දර පසුවට....) කස්ටිය කිව්වෙ විජේ අයියගෙ නෝන විජේ අයියගෙ ජංගිය හෝදල වේලෙන්න තුත්තිරි ගාලක වනලාය ඒක ඇඳන් ආපු දාට තුත්තිරි ඇනෙන ඇනෙන පාරට පොරට තරහ යනවය කියල... ඔය මොනව කිව්වත් ඒවට නම් මිනිහට තරහ ගියේ නෑ... හිනාවෙවී ඉන්නව...
විජේ අයියගෙ තේ හදන පුංචි කාමර කෑල්ල තිබුණෙ අපේ පත මීටින් රූම් එකට අල්ලල.... කැන්ටින් එකේ ටින් කිරි තේ එක බොන්න අකැමැති අය විජේ අයියගෙ පිටි කිරි තේ එක බොන්න ඔය කාමරේට එනව තමුන්ගෙ කෝප්පත් අරගෙන.... ඔතනට විස්සක් එනව නම් විජේ අය්ය අඳුනනව ඒ ඒ අයගෙ කෝප්ප... ඒ වගේම ඒ කස්ටියට ඕන පදම.... ඒ නිසා ළඟ හිටියත් නැතත් ඕන ගානට තේ එක හම්බවෙනව.... ඒ කාලෙ හරිම පුංචි ගාණක් තේ එකට ගෙව්වෙත්... එකම ප්‍රශ්ණෙ විජේ අයියගෙ මූඩ් එක අනුව තමයි පදම.... හොඳට හිටියොත් තේ එක 'එළ කිරි'.... නහුතෙට තදවෙලා හිටියොත් තේ කොළ වෙලාවට මාරු කරන්නෙ නැතුව තැම්බිච්චි තේ කොළ වලින් තමයි තේ එක හදන්නෙ... එතකොට රහ කියන්න ඕනෙ නෑනෙ... මිනිහ තේ කොළ ගෙනාවෙත් එයාගෙ ගමෙන්... හොඳම වර්ගයක්... මිනිහට ඔහොම තරහ ගියපු වෙලාවට ලොකුම ලොක්කටත් තේ එක හොඳට දුන්නට කියන එක නම් මූණට කියනව... ඒ නිසා සමහරු කිව්වෙ විජේ අයිය තමයි නිල නොලත් ලොකුම ලොක්ක කියල... ලොක්කොත් බයයි විජේ අයියගෙ කට අවුස්ස ගන්න... මිනිහ ආයතනය ඇතිකරපු කාලෙ ඉඳල හිටිය කෙනෙක් නිසා ඔය කාගෙ කාගෙත් කිල්ලෝටවල තියෙන හුණු ගැන හොඳට දන්නව... විජේ අයිය ඒ වගේ එව්ව කවදාවත් අපිත් එක්ක කිව්වෙ නැතුවට ලොක්කො බයයි... අර බරව කකුළ වගේ...
දැන් මේ විජේ අය්යගෙ තේ කාමරේ තියෙන්නෙ මීටින් රූම් එක ඇතුලෙ නිසා මීටිමක් තියෙනකොට අපට තේ බොන්න ඔතෙන්ට යන්න විදියක් නෑ... මිනිහ හොඳ මූඩ් එකක හිටියොත් කියනව අසවල් වෙලාවට මීටිමක් තියෙන නිසා දැන්ම එන්න කියල තේ ඕන නම්... බෑඩ් මූඩ් නම් මීටිම පටන් ගන්න කලින් ඇතුලට රිංග ගත්තත් පන්නනව.... ඔහොම මීටින් දාට පොර පිං අතේ වැඩත් කරගන්නව.... මීටින් එකේ ඉතුරු වෙන කෑම ජාති පෙරේත තටුවෙ තියල කිරි තේ පෝච්චියකුත් එක්ක අපේ කා.කා.ස. මහත්තයගෙ මේසෙ උඩින් ගෙනත් තියනව... ඉතින් ඕකට කාක්කො වැහුව ගාණයි... සුටුස් ගාණකොට රොඩ්ඩක්වත් නෑ...
ඉතින් මං කිව්වනෙ විජේ අයිය ලොක්කො පස් දෙනෙකුගෙ ආවතේවකම් කරනව කියල... ඔය ඉහලම ලොක්කො තුන්දෙනාට විජේ අයියව කැඳවන්න ඕන වෙනකොට බෙල් එකක් තියෙනව ගහන්න... එතකොට ලොකුම ලොක්කගෙයි, දෙවෙනි ලොක්කගෙයි කාමරවලට පිටතින් සිවිලිමේ මැදට වෙන්න හොඳට පේන්න හයි කරල තිබුණු 1, 2, 3 නොම්මර තුනක් තිබ්බ පෙට්ටියේ අදාල නොම්මරේ සෙලවෙනව.... සද්දෙ ඇහුනු ගමන් විජේ අයිය ඔතනට දුවල බලනව පෙට්ටිය දිහා... ඊට පස්සෙ සෙලවෙන අංකය හිමිකාරය හොයාගෙන යන එක තමයි සිද්ද වෙන්නෙ...
එක දවසක් විජේ අයිය හොඳටම බිසි... එකකට පස්සෙ එකක් විදියට ඉන්ටවීව් පෝලිමයි... ඕකට එන හැම කෙනාටම තේ හදන්න ඕන... කෙටි කෑම දෙන්න ඕන... ඒ අතරෙම ලොක්කන්ගෙ ආවතේව කරන්නත් ඕන... පොර උදේම කිව්ව අද නම් එන්න ලෑස්තිවෙන්න එපා තේ බොන්න කියල... ඔන්න ඉතින් මීටින් පෝලිම පටන් ගත්ත... අපි විජේ අයියව ඇහැටවත් දැක්කෙ නෑ පැය දෙකක් තුනක් යනකම්... මෙන්න ඊට පස්සෙ පොර කොරිඩෝවෙ මුණවීර මහත්තය ඉන්න පැත්තට යනව විදුලි වේගෙන්... ඒ ගිහිල්ල මොනවදෝ කියල ආපහු එනව වෙව්ල වෙව්ල... අපිත් එක්ක වැඩ කරපු එකෙකුට කට තියන් ඉන්න බැරුව විජේ අයියගෙන් ඇහුව,
'මොකද විජේ අයියෙ කෙන්තියෙන් වගේ...?'
'කේන්ති යන්නැද්ද මහත්තය... මමත් මනුස්සයෙක්නෙ... මට තියෙන්නෙ අත් දෙකයි... එහෙන් මීටින්, මෙහෙන් අරය කතා කොරනව, මෙයා කතා කොරනව... මං දුව දුව ඒ ඔක්කොමත් කොළා... මේන් දැං සුට්ටකට කලින් ටාං ටාං ගාල වැදෙනකොට පෙට්ටිය ළඟට ගිහිං බැලින්නං තුනම හෙල්ලෙනව.... මං කියල මොනව කොරන්නෙයි...' පොර කියපි...
පව් අපේ ඔෆිස් එකෙත් හිටියා ඔයවගේ අහිංසක පොරක් කෙන්තිගියම මාර ලස්සනයි.ජන්ගියේ තුත්තිරි සින් එක කියවද්දී ස්ක්‍රීන් එකේ කෙළවලින් වැහුනා
ReplyDeleteහම්මේ හෙට කැලෑසියට ලැසොන් එක හදලා විඩාවට මේ පැත්තේ ආවා පමණයි..
ReplyDeleteඒ කියන්නේ දැන් මේ කතාවටත් අවුරුදු 20කට වඩා වයසයි නේ...
ඇත්තටම අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ කඩ්ඩ කියන්නේ අමාරු බාසාවක්ය කියල. ඒත් උන් නොදන්න දේ තමා ලොකේ ගොඩාක් සෞන්දර්යාත්මක ලස්සන හා අමාරුම බාසාවක් වෙච්චි සිංහල බාසාව නම් වෙහෙර ගිලපු එවුන්ට ඉංග්‍රීසි අග්ගලත් කජ්ජක්ද කියන එක.
විජේ අයියා ජංගිද අඳින්නේ.. අයියෝ.. කතන්දරට කීවනම් පමුණුවෙන් ජොක්කු දුසිමක් අරන් දේවි..
මරු ඉන්ටවීව් නේ.. හැමදාම යන්න ඇත්නම්...
කොයි පෙට්ටිය ගාව කොයි තුනද හෙල්ලෙන්නේ?
මියුරු අක්කා මේ බ්ලොග් අවකාසේ ඉඳලා නරක් වෙලාද මන්දා
මම හිතුවා බ්ලොග් එක කියවලා ඉවර කරා කියලා බැලින්නං තව එකක් දාලා මොනා උනත් අක්කා කියන එක කියනවා ආයේ ඇට්ටි හැලෙන්න මරු ඈ.සිරාවට තුනම හෙල්ලෙද්දි සෑහෙන්න මල පනිනවා ඇති අප්පා හික් හික් පොර බොසාලට මොනා කිව්වද දන්නෑ ඔයා අස් වෙනකන් එයා එහෙ වැඩ කලාද??
ReplyDeleteහිකිස්..
ReplyDelete//ඉතින් ඕකට කාක්කො වැහුව ගාණයි... සුටුස් ගාණකොට රොඩ්ඩක්වත් නෑ...//
ReplyDeleteමේක නම් ලෝකේ කොහෙත් එකවගේ....
අපරාදේ කියලා වැඩක් නෑ. මාර ලොක්කෙක් ඉඳලා තියෙන්නේ. මම හිතුවේ පුතාටවත් සෙට් කරන්ට හදනවද කියලා...:D
@පොඩ්ඩි අක්කා.. ලොක්කෝ ඒතරම් මෝඩද ඈ...
ReplyDeleteඇත්තටම ඉතින් තුනම හෙලවෙනවානම් ඒ මිනිහා කියලා මොනවා කරන්ඩද... ? හික් හික්...
ReplyDeleteඇරපු අතක් නෑ ඔය කියපු මොඩල් එකේම පොරක් තමා මම දැන් වැඩ කරන තැන ඉන්නේ.. අපි ඌට කියන්නේ චෙයාමන් කියලා...
මටත් හිතුනේ බොසා ලේලි පොඩ්ඩ කරගන්ඩවත් ට්‍රයියක්දෝ කියලා...
එහෙනම් ඉතින් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...!!!!!!!!!
:D:D:D
ReplyDelete/* විජේ අයියගෙ නෝන විජේ අයියගෙ ජංගිය හෝදල වේලෙන්න */
ReplyDeleteවැරදි නාම පදයක්.
ඕක එක්කෝ ජොකා නැත්තම් ලංකට් නැත්තම් වවුලා නැත්තම් රට අමුඩේ විය යුතුයි.
1.කාකාස මහත්තුරු ගැන මාත් ලියන්න හිතං ඉන්නෙ. ඒ කතාව ටිකක් හොදයි.
ReplyDelete2.පදුර වටේට යනගමං ඉංග්‍රීසි ගැන ලියපුඑකයි වැඩිය හොද. ඒක වෙනමම පෝස්ට් එකක දාන්නයි තිබුනෙ.
මොනව උනත් එළ පොරක්..ආ..අර අක්කගේ බොසත් නියම බොසෙක්..අන්න බොසාල..එකට දැන් ඉන්න ඒවුන් බොහොමයක් කුහකයො...
ReplyDeleteඔය ඉංග්‍රීසි භාෂාව ගැන කියපු එක නම් හරිම ඇත්තයි.. අපෙත් බොසා නිතරම මට කියන එකක් තමයි ඊ මේල් වත් මට එවපිය ඉංග්‍රීසියෙන් .. කියන එක.
ReplyDeleteඒත් වලාමේ . මේ යුනිකෝඩ් වලට පුරුදු වෙලා මම මිනිහට ලියන්නෙම සිංහලෙන්.
නියම සීන් එකක් නෙ..
ReplyDeleteමේක කියවද්දී අපේ ඔෆීසියේ කාකාස ගේ කතාවක් මතක් වෙලා මට හොඳටම හිනා....කොල්ල පව් ඒක හන්දා ඒක ලියන එක හොඳ මදි..
ReplyDeleteඅනේ අපිටත් හිටියනම් මේ වගේ හොඳ විජේ අයිය කෙනෙක්..
ReplyDeleteමියුරුත් පඳුර වටේ තලල...හෙහ්...හෙහ්...හෙහ්...
ReplyDeleteතලල ඉවර වෙලා කිව්ව කථාවත් මරු...
අනේ පව් හිකිස්..
ReplyDelete"අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ මගේ බොස්ලා නිදහසේ ඉගෙන ගන්න වැඩ ටික කරගෙන යන්න මට උපරිම නිදහස දීලයි තිබුණෙ... "
ReplyDeleteඇහැට කනට පේන කෙල්ලෙක් වැඩට ගියාම හම්බවෙන වාසි තමා ඔව්වා..කොල්ලෙක් හිටිය නම් ඔතනඌට කරන්න ඕන වැඩට වඩා වැඩ හම්බෙනවා
පව් අප්පා අර අසරණ මනුස්සයා... :PP
ReplyDeleteඅක්කා නරක් වෙලාද මන්දා. එහෙම නැත්නම් මේ කමෙන්ට් කරන අපි නරක් වෙලාද මන්දා. කතාවේ අන්තිමේදි මට එක එක එව්වා හිතෙන්න ගත්තා.
ReplyDeleteමිනිහට මළම පනින්න ඇති.පව් අහිංසකයා තුත්තිරි වෙන්ටෑ..අපේ කා කා ස ට පෝරියල් එකක් දීලා මම සතියක් ගෙදර හිටියා අනිවාර්ය නිවඩු පිට..
ReplyDelete/// මේන් දැං සුට්ටකට කලින් ටාං ටාං ගාල වැදෙනකොට පෙට්ටිය ළඟට ගිහිං බැලින්නං තුනම හෙල්ලෙනව....///
ReplyDeleteජොක්කු නැතුව ජංගි අඳින එක පල විපාක...:)
අක්කේ අක්කේ, උඹවත් නරක කරන්නේ මේ ඔබා මාමද කියල මට පොඩි සැකයක් තියෙනවා
@ අසරණයා,
ReplyDeleteමට මුණ ගැහිල තියෙන කා.කා.ස. මහත්තුරු වැඩිදෙනෙකුට හරියට කේන්ති යනව... අනුන්ගෙ ආවතේව කරලම එපාවෙලා වෙන්නැති....
හික්ස්.... හයියෝ...දැන් ඉතින් ඕක ළඟට යන්න වෙන්නෙ නහය වහගෙන... ස්ක්‍රීන් එකෙන් එන සුවඳ වැඩිකමට....
@ lahirucc,
ReplyDeleteකතාවට එච්චර කල් නෑ අලෝ... ඕන්නං 15ක් දාල දෙන්නං.... (දැන් හරිනෙ...හික්ස්..)
අමාරුම කඩුල්ල තමයි ඉංග්‍රීසියෙන් වැඩ කරන්න මනස හදාගන්න එක... මං කවදාවත් ඔය භාෂාව පිළිවෙලකට ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි... ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕන ඉංග්‍රීසියට තියෙන බය නැති කරගන්න එකයි කියලයි මට හිතෙන්නෙ... ඒකයි මං මේ අමතර කෑල්ල එල්ලුවෙ....
විජේ අයිය හිටියෙ අල්ලපු ගමේ... මහරගම... ඒ නිසා පොරට ජංගිවලින් අඩුපාඩුවක් තියෙන්න නැතුව ඇති... ;P
නරක් වෙලා...නරක් වෙලා... හොඳටම නරක් වෙලා...
@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteපොර මුණවීර මහත්තයට කියල තියෙන්නෙත් ඒකම තමයි...
විජේරත්න අයිය ඔය කතාව අපිට කියනකොට බොසාගෙ වීදුරු කාමරේට පිටුපාල හිටියෙ... කතාව ඉවරවෙලා පොර යනකොට අපට පෙනුනෙ වීදුරුව අයිනට ඇවිත් කට කණේ තියන් අපි දිහා බලන් ඉන්න මුණවීර මහත්තයව... හික්ස්....
@ සයුරි,
ReplyDeleteහිකිස් නේන්නං... මට තාම මැවිල පේනව ජවනිකාව....
@ Podi Kumarihami,
ReplyDeleteආයෙත් අහල... කෑම කිව්වම ඉතින්... විශේෂයෙන්ම නිකං හම්බෙනකොට...
ඒ කාලෙ මුණවීර මහත්තය මට උදව් කරනකොට සමහරු එහෙමත් හිතුව... ආපෝ... ඒ පුතාව මං එකෝමෙක දවසක් දැකල තියෙනව... ලඳක් අනේ.... එකම පුතා නිසා හුරතල් කරල කරල ඌට තනියම හැරෙන්නවත් බෑ...
@ lahirucc,
ReplyDeleteඅඩේ.... ලොක්ක නෙවේ ඕයි, මං එච්චර මෝඩ නෑ.... ;P
@ Senna,
ReplyDeleteඒකනෙ අනේ... පොරත් මනුස්සයෙක්නෙ... අතුත් දෙකයිනෙ තියෙන්නෙත්... ;P
සමහරු එහෙමත් කිව්වා, බොසා දරුවෙකුට වගේ සලකනව දැකල... :D
එහෙනම් සෙනාටයි පවුලේ අයටයි ලබන්නාවූ අළුත් අවුරුද්ද සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නිරෝගී නව වසරක් වේවා කියල පතනව...!!
@ මාරයාගේ හෝරාව,
ReplyDeleteඅනේ... මාරයා තුන්පාරක්ම හිනාවෙලා.... ;P
මගේ කෙල ගඳ නැහැ හරිද..
ReplyDelete@ කතන්දර Kathandara,
ReplyDeleteඕක මේ කස්ටිය විජේ අයියට දාන සවුත්තුව තවත් තීව්‍ර කරන්න හිතාගෙන පාවිච්චි කරපු නාම පදයක්නෙ.... විජේ අයිය ජංගි අඳිනව කියන්න.... :D
අපරාදෙ... ඒකාලෙ ජොකාචාර්යතුමා ගැන දැනගෙන හිටියෙ නැහැ නෙව... :D
@ රාජ්,
ReplyDelete1. උන්දල අඩුම තරමෙ සතියකට වතාවක්වත් රස කතාවක් හදාගන්නව නේද.... ලියන්නකො බලන්න...
2. ඇත්තටම මට එහෙමත් දාන්න හිතිල, ආයෙම මේකෙ කොණකට එල්ලුව... හැබැයි ඒ දැම්මත් තව පෝස්ටුවකට දේවල් තියෙනව....
@ Raj,
ReplyDeleteඇත්තටම ඔව්... එහෙම බොසෙක් ලැබුණෙ මගේ වාසනාවට කියල අදටත් මං හිතනව.... එයාගෙ වැඩෙන් මං ගොඩ ගිය හැටි දැකල ඉන් පස්සෙ අනිත් පරණ එව්වොන්ටත් ඒ විදියට කරන්න උනන්දු කළා.... සමහරු ඒකට සමච්චල් කළා... සමහරු නම් ඒ කියපු විදියට කළා... අවසානෙ මොනව උනාද දන්නෑ... ඒ මනුස්සය පාදල දීපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අනිත් අයත් දැනගන්න එපායැ... තමුන්ට උනන්දුවක් නැත්නම් මොනතරම් අවස්ථාවල් තිබ්බත් වැඩක් නෑනෙ... තවත් සමහරුන්ට ළඟටම ඇවිල්ල ඇඟට ඇන ඇන දෙනකොටත් අගයක් නෑනෙ...
@ kumaraya,
ReplyDeleteලැබෙන අවස්ථාවල් අතාරින්න එපා මල්ලියේ.... ඉක්මන් උනු තරමට හොඳයි... නැත්නම් රට යන පැත්තට බැණ බැණ තමයි හැමදාම ඉන්න වෙන්නෙ... තමුන් ආස දේවල් ඉංග්‍රීසියෙන් තියෙන ඒව කියවලා භාෂාවට ආසාවක් ඇතිකරගන්න... ඉංග්‍රීසි පුළුවන් කෙනාට අළුතෙන් දැනගන්න මොනතරම් දේවල් තියෙනවද....
@ නිසූපා,
ReplyDeleteනියමයි නේන්නම්.... සෑහෙන කාලයක් යනකම් මතක් කර කර හිනා උනා... සමහරවිට දැනුත් කියනව ඇති....
@ දිල්,
ReplyDeleteකතාවෙ සාරය එහෙමම තියල පොඩ්ඩක් පසුබිම වෙනස් කරල ලියන්න පුළුවන් නම්.... අපිත් ආසයිනෙ හිනාවෙන්න... මේ පේන්නැද්ද.... :D
@ රූ,
ReplyDeleteඒකටත් පිං කරන්න ඕන අනේ.... ;P
@ ලහිරු,
ReplyDelete:D
This comment has been removed by the author.
ReplyDelete@ Observer,
ReplyDeleteඒකනෙ...එහෙම තලාගෙන යනකොට අළුත් කතන්දරත් එහෙන් මෙහෙන් එළියට පනිනව... නියමයි...
ටැන්කූ ඔබා මාමෙ.... ඒ වගේම අර ලින්ක් දාල තිබ්බ එකටත් ටැන්කූ හොඳේ....
@ වර්ණා,
ReplyDeleteපව් මොකටද.... හෙල්ලුනු එකටද...හික්ස්...
@ Sabith,
ReplyDeleteඔය ආයතනයෙ නම් මට පස්සෙ ආව කැම්පස් ගිය ළමයින්වත් වැඩ අඩු තැන්වලට දාල රස්සාව තියාගෙනම ඉගෙන ගන්න උදව් කළා... ඒ අතරෙ ගෑණු ළමයි වගේම පිරිමි ළමයිනුත් හිටියා... ඒ නිසා විශේෂය කළේ නම් ගෑණු ළමයින්ට විතරක් නෙවේ.... හැබැයි ඉතින් අනිත් තැන්වලත් එහෙමම කළා කියල හිතන්න අමාරුයි... ඇත්තටම එහෙම කරන්න බැරි තැනුත් තියෙනවනෙ... සාබිත් කියපු දේ වෙන්න බැරිකමකුත් නෑ තමයි...
@ Ice (අයේෂා කුලතුංග),
ReplyDeleteසිද්දියට පස්සෙ ඔය කතාව පොරට මතක් කරනකොට නම් මිනිහ කට තද කරගෙන හිනාවෙවී හිටිය.... හික්ස්...
@ මධුරංග,
ReplyDeleteමටත් මේ හිතාගන්න බැරිව ඉන්නෙ.... ;P
හාපෝ... එනපොට හොඳ නෑ පුතෝ...
@ ඔබ නොදුටු ලොවක්,
ReplyDeleteකා.කා.ස. උන්නැහේ නොදුටු ලොවක්වත් පෙන්නන්න ගියාද... හික්ස්...
@ ලොකු පුතා,
ReplyDeleteහික්ස්...වෙන්නැති...
හයියෝ... අර බෝධිසත්තයෙක් වගේ ඉන්න ඔබා මාමා... පව් අනේ...
@මියුරු,,
ReplyDeleteහික්ස්.. ඒ කියන්නේ >35 :P... අක්ක කියන එක හරිදත් මන්දා... මගේ කලින් ගෑණුලමයගේ අම්මත් ඔය ගාන..
ඇත්තටම කඩුවට බියනැත්තෝ කඩුවෙන් සටන් කර ජයගත්තෝ..
අනේ අනේ... නරක්වෙලා තියෙයි ලොක්කගේ කොල්ල සෙට් උනානම්.. එහෙනම් බලාගන්න තිබ්බා ඔපිස් එකේ කට්ටියගේ සැලකිල්ලේ වෙනස
@ අසරණයා,
ReplyDeleteසෙන්ට් දාල වෙන්නැති එහෙනං ඇත්තෙ...හික්ස්...
@ lahirucc,
ReplyDeleteහනෙ අප්පේ... මේ ප්‍රශ්නෙට උත්තර දීල මට දැන් ඇතිවෙලා.. ඔයාලට ඕන දෙයක්, කැමති දෙයක් කියන්න... ඕ.පු.
හාපෝ... එහෙනං ඊට වඩා හොඳයි මට තව ගෑණියෙක්ම බැඳ ගත්තනං....
මියුරුත් දැන් එහෙනම් දැන් පඳුරු තලන්න සෙට් වෙලා ඇඃ ? අර ඉංග්‍රීසි ගැන කියපු කතාව නම් ඇත්ත. ඕනේ කමක් තියේනම් ඉගනගන්න අමාරු නෑ මොනවත්ම. අපේ ඉස්සර බැංකුවේ හිටියා කා කා සේ උන්නැහ කෙනෙක්. මංජු කියල. අම්මේ පොර චාමන්ටත් එහායින් ඉන්නේ. වැඩක් කරගන්න ඕනෙනම් අපොයින්මන්ට් දාන්න ඕනේ. තේ පාටියේ හිටියේ ටී සර්විස් එකක කෙල්ලෝ සෙට් එකක්. දෙනවා තේ එකක් ආයේ..තේ එපා වෙන්නම. මම ඉතින් ඕකට කියන්නේ වෙද පප්පගේ අරිෂ්ටේ කියල.. උදේම දෙන්නේ ෆුල් එනර්ජි එකෙන් වැඩ කරගන යන්න. හවසට දෙන්නේ බැටරි චාජ් කරගෙන යන්න.. ආයේ ඒක බොන එකාට ඉහෙන් බහින ලෙඩක් එන්නේ නෑ. ගරන්ටීඩ්.
ReplyDeleteඅක්කේ ඕකේ තව කොටසක් තියෙනව.. ඕ.පු. ප්‍රී. වෙ.. හරි ඕ.පු.ප්‍රී.න කියල
ReplyDelete@Miyuru අක්කේ,
ReplyDeleteඕ.පු කියන්නේ කොල්ලොන්ගේ වර්ෂන් එක හලෝ.lahirucc හරියටම හරි ඈ
ෂර්ලොක් හෝම්ස්. මම ආසම කතා පොත...ඉංග්‍රීසියෙන්...අයියෝ. ලතාව ඇත්ත.. ඉංග්‍රීසි වලට වඩා සිංහල අමාරුයි. :D
ReplyDeleteඔව් , ලියලා තියෙන භාෂා ශෛලිය නිසා කියවන්න කම්මැලි උනාට ෂර්ලොක් හොල්ම්ස් කියන්නේ මන් ආසම කරන පොත් මාලාවක්. මම මුලින්ම ඕකට වහවැටුනේ 1994 අවුරුද්දේ අන්තිම හරියේ සිරස ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුනු ගුවන් විදුලි නාට්‍යය නිසා. ඒ කොහොම වුනත් සර්. ආතර් කොනන්ඩොයිල් කියන ලේඛකයාගේ අනගි කෘතියක්.විශේෂයෙන් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ ආධුනිකයින්ට අපරාධ පරීක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව මූලික දැනුම ලබාදෙන්න භාවිතා කරන්න තරම් උසස් කෘති මාලාවක්. තාම කියෙව්වේ නෙතිනම් ඔයාලත් කියවලම බලන්නකෝ.
ReplyDeleteපවු අසරනයා... තුනම හෙල්ලෙද්දි කොහෙට යන්නද කියලා හිතාගන්න බැරුව ඈති...
ReplyDeleteඇත්තටම විජේ අය්ය කියලා මොනවා කරන්නද...තුනම එකවැර හෙල්ලෙනකොට ;-)
ReplyDeleteතාමත් කා.කා.ස. ලා ඉන්නවාද හැබෑටම????
මමත් දන්න මේ වගේ කෙනෙක් ඉන්නවා..මං ඒ ගැන පස්සේ දවසක ලියන්නම්..
ReplyDeleteලොක්කංගෙ මීටිං ඉවර උනාම ඉතුරු වෙන කෑම රොඩු ටිකට පාර දෙන එකත් සිරාම වැඩක් තමයි.
ReplyDeleteඅනිවා “ජංගිය“ කිව්ව එකට නං විරුද්ධයි ඕං...
ReplyDelete@ ක්සැන්ඩර් | Xander,
ReplyDeleteහික්ස්... අපටත් විජේ අයිය පැන්සොං ගත්තට පස්සෙ ලැබුණෙ ඔහොම අරිෂ්ඨයක් තමා.... සමහරු ගෙදරින් තේ ගේන්න පටන් ගත්ත... තව සමහරු කැන්ටිමේ ටින්කිරි තේ එක අමාරුවෙන් බොන්න පුරුදු උනා... වැඩිපුරම හේතු උනේ අළුත් කා.කා.ස. උන්නැහේගෙ පවිත්‍රතාවය.... මං නම් තේ බොන එක නතර කළා....අපරාදෙ කියන්න බෑ ලොක්කො ටික නම් බිව්ව....හික්ස්...
ඉතින් ඔය අරිෂ්ඨෙත් කස්ටිය රස කර කර බොනවද...?
@ lahirucc,
ReplyDeleteඕ.පු.ප්‍රී.වෙ. නම් දන්නව... ඒත් අනිත් වර්ශන් එක දන්නෙ නෑනෙ....
@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteමේ අලෝ... අපිලට කොල්ලොන්ගෙ වර්ෂන් එක උනත් එකයි... කෙල්ලොන්ගෙ වර්ෂන් එක උනත් එකයි... අලිද... :D
@ Shani,
ReplyDeleteඇත්තටම සිංහල අමාරුයි තමා ඉගෙන ගන්න.... හෝඩියේම අකුරු කීයක්ද...
@ සිතන්නට යමක් ,
ReplyDeleteඑදා මං අරන් ඇවිත් තියෙන්නෙ ඔරිජිනල් එක... සරල ඉංග්‍රීසියෙන් ලියැවිච්චි වෙනින් එඩිෂන්නුත් තියෙනව... පස්සෙ කාලෙකදි ඒව නම් කියෙව්ව... ඕක කියවල මං ඒ කාලෙ හීන මැව්වෙ රහස් පරීක්ෂකයෙක් වෙන්න....හික්ස්... ලංකාවෙ ඉන්න කාලෙ අන්තිමට කරපු රස්සාව නම් ඊට ගොඩක් ළඟින් යන එකක්.... හරිම ආසාවෙන් කළේ ඒ හින්දා....
@ ගෝල්ඩ් ෆිෂ්,
ReplyDeleteහික්ස්.... ඒකනෙ... ලොකුම ලොක්කො දෙන්නගෙ කාමර දෙක එක ළඟ තිබුණට මුණවීර මහත්තයගෙ කාමරේ තිබුණෙ ටිකක් දුරින් අනිත් පැත්තට වෙන්නනෙ...
@ kandyan,
ReplyDeleteඒකනෙ අනේ.... ලොක්කොන්ට තියෙන්නෙ නිකං අත දික්කරල ටාං ටාං ගාල බෙල් එක ගහන එක විතරනෙ.... ඕක නිකං පේනකොටත් ඉන්න බැරුව ඇති...හික්ස්.... අර මනුස්සය ඉතින් හන්දිපත් කඩාගෙන එහෙට දුවනව....මෙහෙට දුවනව....
මේ දාල තියෙන කතාවලින් නම් පෙනී යන්නෙ තාමත් ඉන්න බවයි....
@ Dinesh,
ReplyDeleteලස්සන කතාවක් වෙන්නැති...
@ ඕනයා,
ReplyDeleteඉතුරු බිතුරු උනාට ඔතන තියෙන්නෙ ඉස්පැසල්ම ඒවනෙ....
ඕනයටත් අත්දැකීම් තියෙනව වගේ... හැබැයි මට සැකයි රොඩු ටික විතරක් කාල නිකම් හිටියද කියල.... සමහර දවස්වල මීටින් වලට දෙන්න කෑම තිබ්බෙ නැතිලු නේද කවුදෝ පෙරේතයෙක් වැඩේ දීල.... ;P
@ පැණි දොඩම්,
ReplyDeleteඅපේ අම්ම ඉස්සර උගන්වන දවස්වල කියනව පණ යනකම් මහන්සි වෙලා ආකිමිඩීස් නියමය ඉගැන්නුවට පස්සෙ ප්‍රශ්ණ අහනකොට කොල්ලන්ට මතක තියෙන්නෙ ආකිමිඩීස් හෙළුවෙන් දුවපු එක විතරය කියල.... ඒ වගේ මේ පෝස්ටුව කියෙව්වට පස්සෙ දොඩමට මතක තිබිල තියෙන්නෙ ජංගිය ගැන විතරනෙ ...හික්...හික්...හික්...
අනික නත්තල්...
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDelete@ lahirucc,
ReplyDeleteටැන්කූ මෙයා... ඒත් නත්තල් කිව්වම සෘතියෙන් පිට නේද...හික්ස්...
@ ඔබ නොදුටු ලොවක් ,
ReplyDeleteබොහෝම ස්තුතියි...
ඒ වගේම ඔබ සියළු දෙනාටත් සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා....!!
වටිනාම කතාවට අඩු බරක්නේ දාලා තියෙන්නේ
ReplyDeleteසුබ නව වසරක් වේවා
ReplyDelete@ Hasitha,
ReplyDeleteඒක නම් ඇත්ත හසිත.... මං හිතුවෙ නෑ ඒකට මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙයි කියලා...
@ rawana,
ReplyDeleteඔයාටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් වසරක් වේවා...!!
ඒ ඒක මරු හේ හේ
ReplyDeleteසුබ නව වසරක් වේවා....!!
ReplyDelete@ රොෂාන්,
ReplyDeleteමරු නේන්නං... හික්ස්...
බොහොම ස්තුතියි අළුත් අවුරුද්දෙ මේ පැත්තෙ ඇවිත් ගියාට....
@ Sammani,
ReplyDeleteඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා...!!
නියම කතාව . ඉංග්‍රීසි ගැන නම් කියල වැඩක් නැහැ . අපේ හිටපු බොසි ටැමිල් . හරිම හොඳ අම්ම කෙනෙක් වගේ කෙනෙක් . අපිට බැන්නා එයා එක්ක සිංහලෙන් කතා කරන්න එපා කියල . කොහෙද ඉංග්‍රීසියෙන් ලියන එක කොච්චර හොඳ වුනත් කතාවට නම් අපි ටිකක් ලැජ්ජයි නේද ලංකාවේදී . දැන් එකේ අනික් පැත්ත . මේ සිංහලෙන් කොටන්න වෙලා ඉංග්‍රීසිය අමතක වෙනවා . කතාවට නම් විකල්පයක් නැහැ . අනික් උන්ට සිංහල බැරි නිසා කතා කරන්නම වෙනවා
ReplyDeleteමරු කතාව. හෙහෙ..
ReplyDelete@ Bindi,
ReplyDeleteඔයා කියපු එක හරියටම හරි බින්දි...
අපේ කී දෙනෙක් ඉන්නවද හොඳට ලියන්න කියවන්න පුළුවන් ඒත් කතාකරන්න බැරි.... බැරිකමම නෙවෙයි.... කතා කරන්න ගිහින් වැරදුනොත් අනිත් අය හිනාවෙයි කියල කතාකරන්න බයයි... අපේ උන්දලත් ඉතින් පොඩ්ඩ වැරදුනු ගමන් හිනාවෙන්නනෙ බලන් ඉන්නෙ.... ඒකෙන් වෙන්නෙ මොනතරම් පාඩුවක්ද....අන්න ඒ මානසික කඩුල්ල පැනගන්නයි කාගෙ හරි සපෝට් එකක් ඕන... එතනින් අනිත් පැත්තට පැන්න නම් බල්ල ගොඩ.... :D
@ GIhanD4R,
ReplyDeleteබොහොම ස්තුතියි... :D
කලින් කියෙව්වට මේකට කමෙන්ට් කලාද මතක නෑ... මෙන්න ආයෙම. හික් හික්
ReplyDeleteහිනා නේන්නං........ :D
Deleteසිරා කතාව බොල.. පලු දෙකට කැපුන ජොකාගේ තුත්තිරි ගස් තෝසේ.. :)
ReplyDeleteඅප්පට සිරි.... හික්..හික්...හී....
Delete