කාටත් මතක ඇති නේද අර පෞද්ගලික බස් සේවාව ආරම්භ වෙච්චි කාලෙ ආව පුංචි ඩප්පි බස්.... සමහරු ඒවට ඩප්පි කියල කිව්ව, තවත් සමහරු පාන් බාග කියලත් කිව්ව... මං හිතන්නෙ ගම්වල තමයි මේව වැඩිපුරම දිව්වෙ කියල... ඒවයෙ යනකොට වාඩිවෙන්න ලැබුනත් පහසුවෙන් යන්න බෑ.... බස් එකේ මුල්ලට චිරි බිරිච්චි වෙලා තුන්කුදු ගැහිලා තමයි යන්න වෙන්නෙ... මැදින් වාඩිවෙච්චි එකාට නම් අජරාමර සැප ඔක්කොම ලැබෙනව.... හිටගෙන යන උන්ව, උන්ගෙ අවයව සහ උන්ගෙ කද මළු කරේ තියාගෙන යාමේ වාසනාව වගේම මුල්ලෙ ඉන්න එකා බහින්න ගියාම ලැබෙන සැප වගේ එව්ව.... හිටගෙන යන උන් ගැන නම් ආයෙ කතාකරන්නම දෙයක් නෑ... කොන්ද කෙලින් තියන් යන්න කොහොමටවත් බැරි හින්ද, හතරට පහට නැවිල කාගෙ හරි කිහිල්ලක් යටින් හරි ඔළුව විතරක් දාල හුස්ම ගන්න පොටක් පාදගෙන තමයි යන්නෙ... ආයෙ ඉතින් එන ගඩු හඳවල්, ගං හඳවල් නම් නිමක් නෑ... කවුරු හරි බහින්න ගියාම නම් ඉතින් හිටගෙන ඉන්න පොදියෙන් තුන්කාලකටම බහින්න වෙනව... පිටි පස්සෙන්ම ඉඳගෙන ආවොත් නම් ඉතින් දෙයියන්නෙම පිහිටයි...
ඔන්න ඔය බස්, පාරෙ දුවපු කාලෙ වෙච්චි සිද්දියක් පත්තරේක තිබුණෙ මෙහෙම.... එක්තරා ගමක ඔය වගේ බස් එකක හිටගෙන යනවලු ටිකක් මොඩ් පහේ නෝන කෙනෙක්... තද රතු පාට ලිප්ස්ටික් එහෙම ගාගෙන.... ඒ කාලෙ දැන් වගේ නෙවෙයි, ගම්වල එහෙම ලිප්ස්ටික් ගාගෙන යන ගෑණු උදවිය ඇත්තෙම නැති තරම්... ඉතින් මේ නෝනව බස් එකේ ගිය කට්ටියගෙ අවධානයට වැඩිපුර ලක්වෙලා තියෙනව.... මෙහෙම යන අතරෙ බස් එකට නැගල තියෙනව බඩු වගයක් ගෝනියකට දාගත්තු සරම්කාර මනුස්සයෙක්... ගම්වල මිනිස්සුන්ගෙ සුහද බව ගැන කවුරුත් දන්නවනෙ... දැන් ඉතින් මේ මනුස්සය අඳුනනවලු රියැදුරු මහත්තයව.... වැඩිපුර කට්ටිය ඉඳල නෑ හිටගෙන යන්න... ඉතින් මිනිහ පිටිපස්සට යන්නෙ නැතිව දෙකට නැවිල රියැදුරු මහත්තයගෙ කර උඩින් ඔළුව දාගෙන සුහද කතා බහක යෙදිල දැන් ගමන යනවලු... අනේ මෙහෙම යනකොට කොහෙද ඉඳල නොසණ්ඩාල බල්ලෙක් පැන්නලු බස් එක ඉස්සරහින් පාර හරහ.... රියැදුරු මහත්තයත් හිටු කියල ගැහුවලු සුපිරි බ්‍රේක් පාරක්.... අනේ ඉතින් අර හිටගෙන හිටිය උදවිය පොල් පොදිය වගේ ඉස්සරහට විසිවෙලා එක ගොඩේ පෙරලුනාලු... අර නෝන විසි වෙලා ගිය පාර අතට අහුවෙලා තියෙන්නෙ සරම්කාරයගෙ සරම... අයිතිකාරය අල්ලගන්න කලින් උන්ද සරමත් එක්කම බිමට පාත් වෙලා... නෝනට නැගිටගන්න ගිය වෙලාවට සමාන වෙලාවක් ගියාලු සරම අතාරින්න.... එතකම් අර මනුස්සය සරමෙ ඉස්සරහින් අල්ලගෙන පස්ස එළියෙ දාගෙන ඉන්නවලු නෝන සරම අතාරිනකම්... එතකොට තමයි බස් එකේ මිනිස්සු දැකල තියෙන්න ඒ මනුස්සයගෙ තට්ටමක තිබ්බ ලස්සන ලිප්ස්ටික් පාර... බස් එකේ මිනිස්සුන්ට හිනාව නවත්තගන්න බැරිවෙච්චි පාර ලැජ්ජා හිතුනු නෝන, කරකියාගන්න දෙයක් නැතිව මගින්ම බැහැල ගියාලු...
ඉතින් ඔන්න ඔය වගේ බස් එකක දවසක් යන්න උනාලු අර මං කලින් 'අප්පච්චිගෙ තත්තෙ රැකපු පුතණ්ඩියා' කතාවෙ කියපු මලයට.... පොර පොඩියි මේ සිද්දිය වෙනකොට.... මනුගෙ බාප්ප වගේම ලොකු තාත්තත් හිටියෙ අනුරාධපුරේ.... දවසක් ලොකු අම්ම ඇවිත් මල්ලිව එහේ එක්කරගෙන යන්න.... ඒ වෙලාවෙ ගෙදර වාහනේ නොතිබුණු නිසා කවුරුවත් ඉඳල නෑ මේ දෙන්නව ඇරලන්න... ලොකු අම්ම කියා තියෙනව 'මං පුතාව බස් එකේ එක්කන් යන්නං' කියල.... ඒ පාරෙ යන්නෙ අර කිව්ව ජාතියෙ ඩප්පි... ආයෙ සෙනග කට කපල... ඒවයෙ යන්න ඕන වා නම් වා, පෝ නම් පෝ කියල හිතාගෙන... මොකද ටික වෙලාවක් යනකම් හිතාගන්න බෑ තමුන්ගෙ මූණ ඉස්සරහ තියෙන්නෙ තව කාගෙ හරි මූණක්ද වෙන මොකක්ද කියල.... පණ පිටින් බහින්න පුළුවන් වෙයිද කියල ගැරන්ටියකුත් නෑ.... මොකද බස් එකක් යන්නෙ පැයකට විතර සැරයක් හින්ද රියැදුරු මහත්තය හරි අනුකම්පයි බුරුතු පිටින් මග බස් හෝල්ට්වල ඉන්න මිනිස්සු ගැන.... ඒ නිසා දෙකට තුනට නවල හරි දාගන්නව බස් එක ඇතුලට.... හුස්ම ගන්න පුළුවන් විදියට නාහෙ පාදගන්න පුළුවන් වෙන එකම ලොකු දෙයක්... ඒ වෙනකොට මලය කවදාවත් බස් එකක ගිහින් තිබිල නෑ.... ඉතින් පොරත් ලොකු අම්මත් එක්ක බස් එකේ ගිහින්, හවස බස් එකේම ආපහු ආවලු පුදුම සන්තෝසෙකින්..... උඩ පැන පැන අම්ම ළඟට දුවගෙන ආපු පොර කියනවලු, 'අම්මෙ, අම්මෙ... ඒ බස් එකේ ආපු අය නම් හරි ෂෝක්... මට බහිනකම්ම උම්ම දුන්න..' කියල...
මරු කථා ටික.. තාම හිනා
ReplyDeleteබොහොම ස්තුතියි මී ගොඩයෝ...
Deleteලිප්ස්ටික් පාර තමයි මරු..
ReplyDeleteඒ කතාව මතක් වෙන හැම පාරටම මට හිතෙන්නෙ හොඳ වෙලාවට ඒ මනුස්සය පස්ස හරෝගෙන හිටියෙ කියල... හික්ස්...
Deleteහයියෝ - මේ ළමයටනම් පිස්සු හොඳටම :-) :-)
Deleteබොරුද හොඳයි... එහෙනම් ඔක්කොම ගැජමැටික්ස් ටික සාප්පුවෙන් ගන්න වෙනව... :D
Deleteහම්මෝ මං පුදුම කම්මැලිකමකින් හිටියේ.. ඔන්න දැන් තමයි පණ පොඩ්ඩක් ආවේ....
ReplyDeleteහි හි පොර පොඩි උනාට පිරිමි කමට හරියන්න ඉදලා තියෙනවා බලාගෙන යනකොට..
මොනතරම් අමතර සේවාවල් කෙරෙනවද මේ බ්ලොග් වලින් බලාගෙන ගියාම.... :D
Deleteආයෙ මොනවද... පොඩි කියල නෑ... :D
හි හි හි.....................හච්චෝ හච්චෝ..::)
ReplyDeleteඔයාටත් යන්න හිතුනද ඒ වගේ බස් එකක...?
Deleteලිප්ස්ටික් පාර තමා ආතල්...:D
ReplyDeleteඅෆිටත් ඔය බාග වල / ලොරි බස් වල ගිහින් අත්දැකීම් තියෙනවා හැබැයි පොඩිම කාලේ.
ඔය මොඩලයට මගී ප්‍රවාහන සේවය තහනම් කළා වගේ මතකයක් තියෙනව පස්සෙ කාලෙකදි... හරිද මන්දා... දැන්නම් සමහරවිට කොහෙවත් නැතිව ඇති... අන්තිම වෙනකොට ඒවා බඳ මැදින් ලණු දාල ගැට ගහලා එකට මූට්ටු කරගෙන දුවන තත්වයක් තිබ්බෙ, සමහර පළාත්වල....
Deleteහිනා හිනා.... මරු ලිප්ස්ටික් පාර...
ReplyDeleteඅර මනුස්සයට ජීවිතේටම මදැයි ඒ ටික... හික්ස්...
Deleteහිහ් හිහ්...
ReplyDeleteමියුරු ලස්සනට චිත්‍රනය කරලා තියනවා ඒ පාන් භාග අවධිය ගැන. හපොයි එහෙමත් යුගයක්.. දැන් කියලත් වැඩි වෙනසක් නෑ..ප්‍රයිවෙට් බස් කියන්නෙ තනිකරම මනුස්සකම බල්ලටම ගිය තැනක් තමා.
හාපෝ... කියල වැඩක් නෑ සෙන්නා... තවමත් මතක් වෙනකොට එපා වෙනව... ඔක්කොමත් හරි උන්ගෙ වාග් මාලාව....
Deleteankal ara nonava bera gaththata thattamata kiss eka denna aththe ;-)
ReplyDeletesarama atharinakan e manussaya lajjava athin vahagena inna athi
ඒක තමයි... තැන්කූ මෙයා කියාගෙන කිස් එකක් දීගෙනම බිමට පාත්වෙන්නැත්තෙ.... මොහොතකටවත් අතින් වහගන්න වෙන්නැති අනිවාර්යයෙන්ම... නෝන සරම අත ඇරියෙ නැත්නම් මිනිහට වෙන්නෙ අරන් ආපු ගෝනියට බහින්න.... :D
Deleteලිප්ස් ටීක් වැදුණු තැන තමයි නරක..
ReplyDeleteආයෙ කවද හම්බෙනවද චමී... බැරිවෙලා පොර අනිත් පැත්ත හැරිල හිටිය නම් මළ සේක....
Deleteහි හී... අයියෝ... මට මෙච්චර කල මේ බ්ලොග් ඒක අහු උනේ නෑ නේ...
ReplyDeleteඔක්කොම කියවන්න ඕනා... :D
කියවල බලන්නකො එහෙනම් පණු ආතල් එකක් ගන්න පුළුවන්ද කියල... ස්තුතියි පණුච්චි... :D
Deleteදැං බලන්න අායිබොවන්ඩ බස් වල යද්දි අපි පවා කොච්චර පරිස්සං වෙන්න ඔ්නද කියල! :)
ReplyDeleteදැන් කාලෙ අලියොත් බස්වල යනවද ආයුබොවං...
Deleteඅර අලියගෙ පින්තූරෙ හොඬවැලේ බාගෙකුයි, පස්ස ගාතෙක බාගෙකුයි, නැට්ටත් එක්ක මුළු පස්ස පැත්තමයි අහෝසිවෙලා වගේ පේන්නෙ මේ ජාතියෙ බස්වල ගිහින් වෙන්නැති හේනං...
වෙන්නත් අැති! මීගමුව කටාන බස් එකේ ගිහිං ඔය ටික වත් ඉතුරු උනා කියන්නෙ ලොකු ජයග්‍රහණයක්! :)
Delete:D :D :D
Deleteදැන් කාලෙත් මේ වගේ ආතල් වැඩ නැත්තේම නොවේ :D
ReplyDeleteබස් එකේ සයිස් එක පස්සෙ කාලෙකදි වෙනස් උනා කියල ඒවයෙ කෙරුවාව වෙනස් වෙලා නෑනෙ නේද හසිත... අනන්ත වෙනව ඇති...
Deleteඔක්කොම හොඳා අර ලිප්ස්ටික් වැදුන තැන ඇරන්න...නියම කතාව :D
ReplyDeleteඅර මඩය කිව්ව වගේ එයාගෙ ස්තුතිවන්ත භාවයම තමා පෙන්නන්නැත්තෙ.... :D
Deleteනෝනාට ඇත්තටම මොනව හිතෙන්නැද්ද ඒක දැක්කම, ඈ ළිහිණි...?
පුතන්ඩියා කියලා තියෙන්නෙ හැබෑව බලාගෙන හිහාම..හික්ස්..
ReplyDeleteඔය පාන් බාග බස්වල ගිහිල්ලා වෙච්ච සිද්දි ගොඩක් තියනවා එකක් දෙකක් ලියන්න ඕන අප්පා.
ඒකනෙ... පුතණ්ඩියගෙ මූණට කිට්ටුවෙන් මූණ තියන් යන්නැති කවුරු හරි... බස් එක ගැස්සෙන පාරට ඉබේම උම්ම ලැබෙනවනෙ... :D
Deleteලියන්න රූ... ඕවයෙ කතාද නැත්තෙ...
ඒ දවස්වල මං අපේ මනූ එක්ක ඔය වගේ බස්වල ගියාම අපි බලන් ඉන්නෙ කබඩ්කාරයො දිහා... දන්නවනෙ අර වස්තරේ පිටිපස්සෙන් කබඩ් එකේ දාගෙන නැගිටින කට්ටිය... ඊට පස්සෙ මැරෙන්න හිනා වෙනව.... එතකොට ඔය බස් ඇතුලෙ තියෙන විඳවීම් දැනෙනව අඩුයි...
මේක කියවල නම් සෑහෙන්න හිනා ගියා
ReplyDeleteකියල වැඩක් නෑ මේ ජාතියෙ බස්වල ගමන කැම්පස් යනකල් මෙව්වගෙ ඇද්ද 192 කටුබැද්දට - ඊලඟට කටුබැද්දේ ඉඳන් කැම්පස් එක ගාවට
කියලම වැඩක් නෑ ඉතින්
රත්මලාන අවට ඔය බස් තිබ්බ තමයි... ඇයි 117, නුගේගොඩ - රත්මලාන (බෙල්ලන්විල හරහා යන එක)..ඔය බස් එකක තුන්කුදු ගහගෙන ගිහින් බැස්සම කෙලින් වෙන්නත් ටික වෙලාවක් යනවනෙ නේද... සමහර ඒවයෙ පිටිපස්සෙම වීදුරුව අරින්නත් බෑ... ඒතකොට අපායෙ සැප...
Deleteතිස්ස මහත්තයත් හොඳට ඩප්පි කට්ට කාල තියෙනව එහෙනම්... හික්ස්..
කියල වැඩක්ම නෑ ඉස්සර සීට් එකේ තුනක් දානව
Deleteඅන්තිමට වාඩි වෙන කෙනා කකුලක් පිට කෞලක් දාගන්න ඕන
දවසක් බොරලැස්ගමුවෙදි ඩ්‍රයිවර් ගාව ඉඳගත්තු කෙනාට බහින්න දොරගාව එක්කෙනාට ඉඩදෙන්න වුණා
අනේ ඒ මනුස්සය අරයට ඉඩදෙන්න බැස්ස විතරයි පතදෝරියං ගාල බිම ඇද වැටුන - කකුල්ක් පිට කකුලක් දාන් ඉඳල එකක් හිරිවැටිල
අයියෝ... හිනාවෙලා පණ ගියා මේක කියවල... අනේ පව් ඒ මනුස්සය... :D :D
Deleteහී හී ...ලස්සන කතාව...පොඩ්ඩට බහින කල්ම උම්මා දීලා...ලොකු අය බස්වල හිරවෙලා යන්නෙත් ඔය හන්දා වෙන්ට ඇති.
ReplyDeleteකොන්ද කෙලින් කරගෙන යන්න පුළුවන් බස්වල හිටගෙන යන ගමනුත් බ්‍රේක් ගහන ගහන පාරට උම්ම දෙන කට්ටිය දැකල තියෙනව පොඩ්ඩි... ඒත් මේ බස්වල බ්‍රේක් ගහන්නම ඕන නෑ... පාරෙ තියෙන ගල් ගෙඩියක් උඩින් ගියත් ඇති.. වළවලුත් එහෙමට නෑනෙ අපේ පාරවල්වල...
Deleteහැබැයි පොඩ්ඩිට ගෙම්බත් එක්ක යන්න නම් කියාපු වාහනේ.... ආයෙ උම්ම ඉල්ල ඉල්ල ඉන්න ඕනෙත් නෑ... :D
මං කල්පනා කළේ මේ උම්ම වැටෙන්නෙ අර ඔයාගෙ වර්ගීකරණයෙ කොතෙන්ටද කියල...
මාත් මේ උදේ ඉඳලම කල්පනා කරන්නේ ඒක :(
Deleteහී හී ....
මේ පෝස්ටුව කියෙව්වම මට නම් මරු කවියක් මතක් වුනා......
ReplyDeleteඑක පොඩ්ඩක් පද මාරු කලාම මෙතනට නියමෙට ගැලපේවි කියල හිතෙනව.....
ඉතින් කවිය කියල ගිහින් නෑනේ ධබා බබා... අපි හිනා වෙයි කියලද කොහෙද... හුම්..
Deleteමට ඉස්සර පෙන්නන්නම බැරි බස් එක වරු ගනං එක හෝල්ට් එකේ නවත්තං ඉන්න එක තමා
ReplyDeleteහයියෝ කියල වැඩක් නෑ... මොනතරම් අමාරුවෙන්ද එක අතුලෙ ඉන්නෙ තැම්බි තැම්බි... කොන්දටයි ඩැයිවරයටයි ගාණක්වත් නෑ...
Deleteමියුරු මේ ඉන්නවා මේ නෑ. අපිට කියන්නෙ නැත්ද කොහෙද මේ අතුරුදහන් වෙන්නෙ කියලා?
ReplyDeleteමොනවා? කලින් පාර මකියගෙ පස්ස. මේ පාර මගියගෙ පස්සෙ ලිප්ස්ටික්! දෙකම පස්ස ගැනනේ? හෙහ් හෙහ්.
පට්ට කතාව! කතා දෙකම, ඈ! අපි මේක කන ගමන් බැලුවෙ වැරදීමකින්. මීට පස්සෙ එහෙම කරන්නෙ නෑ.
අඩේ අර බස් වලට කිව්වෙ ඩප්පි කියලද, බට්ටොද කියලද? මට මතක බට්ටො වගේ. බට්ටා වෑන්!
ආ ඔයා අතුරු දහන් වෙලා හිටපු දවස් වල අර කතාවෙ දෙවෙනි කොටසයි. ප්ලාස්ටරේ කියලා අලුත් කතාවකුයි දැම්මා. ඇයි තව මගෙ කට ඇරිච්ච කතාවකුත් ගියා. බලන්නකො පරන පෝස්ට් පහක් විතර පස්සට.
දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනේ ඇත්තමයි... බට්ටො කියලත් කිව්වනෙ... මට ඒක අමතකම උනා... මතක් කරල දුන්නට ස්තුතියි ඩූඩ්... අපේ පැත්තෙ කිව්වෙ ඩප්පි කියල... කොළඹ පැත්තට වෙන්න කිව්වෙ පාන් බාග කියල...
Deleteමේ.. ඔය එක එක්කෙනාගෙ බ්ලොග්වලට ඉස්සරහින් අර පන්සිල් පද පහ වගේ, ඒව බලනකොට නොකළයුතු දේවල් ලිස්ට් එකක් ලියාගෙන තියාගන්න ඈ... එතකොට ඔය ඉස්මොළේ යන ඒවා, කොම්පියුටරේ සුද්ද බුද්ද කරන්න ඕන වෙන ඒව ටිකක් අඩු වේවි... :D
මං ආවෙ නැති කාරණේ අන්න කලින් පෝස්ට් එකේ අහල තිබ්බ එකට උත්තරයක් විදියට දාල ඇති... ස්තුතියි සෙව්ව බැලුවට ඩූඩ්...
ඔයාගෙ ඩෙනිමත් අන්න සයිඩ් එකෙන් එල්ලුවා... ඔයාට දෙන්නැති සපෝට් ආයෙ කාට දෙන්නද අයියා... අද ඔන්න ඒ පැත්තෙ වටේම ගිහින් ආවෙ...
අයියෝ...අර ලිප්ස්ටික් කතාවනම් මරු අප්පා....හික් හික්
ReplyDeleteපස්සෙ නම් ඒ මනුස්සයට හිතෙන්නැති හොඳ වෙලාවට මං පස්ස හරෝගෙන හිටියෙ කියල නේද.... හැබැයි ඒකෙ අනිත් පැත්ත හිතුනද දන්නෙත් නෑ....
Deleteබලන්න මේ පුංචි කතාවකින් හිතන්න කොච්චර දේවල් තියෙනවද කියල.... :D ;P
අක්කගෙ බ්ලොග් එක කිය වන්න පටන් ගත්තෙ " ඔයා තමා අපේ ගෙදර බක්ක කබා" පෝස්ටුවෙන්......
ReplyDeleteපහුගිය කාලෙ මම මුල ඉඳන්ම අගට කියෙව්වා පට්ටම පට්ට ආතල් ......
අපේ බෝඩිමෙ උන් මම ෆෝන් එක දිහා බලාගෙන බක බක ගාල හිනා වෙද්දි මට පිස්සු කියල ඉන්ජෙක්ෂ්න් ගැහුවෙ නැතුව විතරයි......
ඒකෙ රඟ මඩයත් හොඳට විඳල තියනව මොකද ඌ මගේ ගජය.....
කොහොම හරි මුලදි බස් එකෙ වැඩට යනගමන් කියවන්න ගත්තට පස්සෙ බස් එකෙ මිනිස්සු මට පිස්සු කියල හිතාවි කියල බෝඩිමේදි විතරක් කියවන්න තියාගත්ත......
ඔන්න එහෙනම් කවියත් කියලම යන්නම් පබ්ලිෂ් කරන්න හොඳ මදි වගේ නම් කියන්න මම කවිය නැතුව කොමෙන්ටුව විතරක් දාල යන්නම්......
දේවිය බිම්බා......
රජුගේ _ක ඉම්බා.....
නිරිඳු පැරකුම්බා......
ඇරිය ප_යක් දේවිය කලම්බා....
ආ... එතකොට ධබා මඩයගෙ ගජයෙක්ද...
Deleteඅපොයි... පිස්සු බලු ඉන්ජෙක්ෂන් එක වෙන්ටැ දෙන්න යන්නැත්තෙ.... දැන් ඉතින් කොහේ ගිහින් කියවන්නෙයි... බැරිද ඔය ටොයිලට් එකක් පැත්තෙවත් තැනක් හදාගන්න.... මගේ පාඨකයන්ට මෙව්වත් ඉතින් මංම කියාදෙන්න එපායැ... නැත්නම් හරි නෑනෙ, ඒකයි.... ;P
ආ...අර කයිය... නියමෙට ගැලපෙනව... අනෙ අප්පෝ... සරම්කාරය පැරකුම්බා කරපු එක කළා නම් මළා තමයි නෝන... :D
මරු කතාව.. ලිප්ස්ටික් එක තමයි මරු..
ReplyDeleteමරු නේන්නම්.... වැරදිලාවත් මනුස්සය අනිත් පැත්ත හැරිල හිටිය නම් තවත් මරු...
Deleteවරදක් නෑ අර නෝනා කරලා තියෙන්නේ තමුන්ට උදවු උන මනුස්සයාගේ පස්ස පැත්තට උම්මා එකක් දෙන එකනේ.. ඉතින් එකේ ඇති වැරැද්ද මොකක්ද ? අනික ඉතින් එල්ලුනේ සරමෙනේ.. හොඳ වෙලාවට මිනිහා පස්ස හරවන් ඉඳලා තියෙන්නේ නැත්නම් ඉතින්..
ReplyDeleteඅනේද මං අහන්නෙ... මොකක්ද හොඳයි වැරැද්ද... කියාපල්ලකො පුළුවන් නම්, නැද්ද සරත් අයියා.... උදව් කළ මිනිහට ඉස්තුති කරන එක අපේ සැඟිස්කුරුතියෙ එදා පටන්ම තිබ්බ දෙයක් නෙව, නේද.... :D
Delete//හොඳ වෙලාවට මිනිහා පස්ස හරවන් ඉඳලා තියෙන්නේ නැත්නම් ඉතින්..//
හික්ස්...
පලවෙනි කතාව අහල තිබුන තවත් ආරළු බූරළු එක්ක. දෙක නං ඇහුවෙ අදයි.
ReplyDeleteපළවෙනි කතාව පත්තරේ ගිය එකක් නිසා පස්සෙ කෑලි එකතු වෙන්නැති... අනිත් එක නම් අපේ මලයෙකුට වෙච්චි දෙයක්නෙ රාජ්...
Deleteඅය්යෝ අම්මේ පන පිහිටුවල කියා තියෙන්නේ බස් බාගේ කතන්දර . අපේ පාරේ නම් ඔයි ජාතියේ බස් තිබුනේ නැහැ වැඩිය . හැබැයි වෙන වෙන පැතිවලදී මාත් ගිහින් තියේ. අපේ ලොකු බස් කියලත් ඉතින් වෙනසක් තිබුනේ නැහැ . කට කපල සෙනග අපේ හරියට එද්දී .
ReplyDeleteලොකු බස්වලත් කෙලින් හිටගෙන යන්න බැරි වෙන වෙලාවල් තියෙනව නේද බින්දි... කකුල් දෙක ඉස්සරහ ෆුට්බෝඩ් එක හරියෙ තියෙද්දි කඳ පිටිපස්සෙ තියෙන වගේ එව්ව... බහිනකොට තමයි ඉතින් කෙලින් වෙලා වස්තරේ ඇඟේ තියෙනවද කියල බලලා මග දෙපස ඉන්න සියල්ලන්ගෙම ඇඟවල්වල අතුල්ලගෙන ගිහින් බහින්න වෙන්නෙ...
Deleteමරු කථා ටික...අපි කිව්වේ පාං බගේ කියලා..හප්පේ නගින්න බහින්න ගියාම තියෙන සනීපේ..අපේ පැත්තේ ඔය බස් එකක් ගිනි ගත්තා...බැහැගන්න බැරුව කලබල වෙලා ගොඩක් අය තුවාල උනා...දැං නැන්දම්මත් ඒ අතරේ ඉඳලා..පස්සේ දන්නේ සීන් එක....
ReplyDeleteබුදු අම්මෝ... එහෙව් එකක් ගිනි ගත්ත කිව්වම... ගියපු අය මැරෙන්නැතුව බේරුනාද...? නැන්දම්ම බේරුනේ හොඳ වෙලාවට කියල තාමත් හිතෙනවද නොදුටු...? :D
Deleteලස්සනයි .. රසවත් ..
ReplyDeleteබොහොම ස්තුතියි ශෂී...
Deleteසරම් කාරයාගේ ලක් එක
ReplyDeleteකියල වැඩක් නෑ මෙයා... ඌට හිතෙන්නැති අපරාදෙ මං පස්ස හරවන් හිටියෙ කියල.... :D
Deleteහාපෝ, එපා වෙනවා ඒ බස් මතක් වෙනකොටත්. ඒ කාලෙ ඔය විදිහෙ කතා කොච්චර තියෙන්න ඇද්ද?
ReplyDeleteඅපූරු කතා පෙළ.
බොහොම ස්තුතියී නලිනි...
Deleteආයෙ මොනවද... ඇත්තටම වෙච්චි ඒව වගේම හොඳ හොඳ නිර්මාණත් තියෙන්න ඇති...
මියුරුවී ආගිය අතක් නැත... අවසන් වරට දුටුවේ Saturday, 22 September 2012 දිනය..
ReplyDeleteඅනේ නෑ බං මල්ලියෙ... මේ ඉන්නෙ... බොලාට උත්තර දෙන්න කලින් අනිත් උන්ගෙ ගෙවල්වලට ගොඩ වෙලා පණ පිටින් ඉන්නව කියල අඟවලයි ආවෙ... ඒක නෙවැ පරක්කු උනේ...
Deleteමටත් මතකයි මෙහෙව් බස් යනවා. බස් කිව්වට වෑන් වගේ ඒවා තමා මුලින්ම තිබ්බේ.. වහලේ කොට හින්දා දෙකට නැවිලා යන මොඩල් අපේ පැත්තේ තිබ්බේ. ගිහින් බැස්සාම මිනිස්සු ඉස්සරවෙලාම කෙලින් කටින් හිටගන්න ට්‍රය් කරන්නේ.
ReplyDeleteහයියෝ ඔව්... සමහර වෙලාවට බස් එකෙන් බැහැල ටික දුරක් යනකම් දෙකට නැමිල කොර ගහ ගහ තමයි යන්න වෙන්නෙ... :D
Deleteඅපොයි ලිප්ස්ටික් එක........ අර මනුස්සයා සරම එල්ලන ඉන්න ඇත්තේ ආයෙම අර නෝනා තොත්තුවක් දුන්නොත් කියලාද කියාත් මට හිතේ..
ReplyDeleteහැබෑව... හැබෑව... :D
Deleteමියුරු අක්කෙ ඔන්න මං අදයි මෙහාට ගොඩ වැදුනෙ. සේරම වගේ කියෙව්වා. පට්ටම පට්ට ආ...
ReplyDeleteබොහොම ස්තුතියි සිහින... දැන් ඉස්සර තරම් කතා ලියැවෙන්නෙ නැති එකයි වැඩේ... මං කම්මැලි වෙලා.... :(
Deleteපව් අප්පා.. හොඳටම නින්ද ගිහින්.. කවදා නැගිටියිද මංදා.. ?
ReplyDeleteමේ නැගිට්ට බොල...
Deleteපලවෙනි වතාවට ආවේ. දිගටම කියවන්න හිතුනා. අර අටම්පහුරෙත් මේ වගේ කතාවක් තිබුණා, කාන්තාවක් ෆුට් බෝඩ් එක ගාවදි බස් එකේ පොල්ල කියලා අන්කල් කෙනෙක්ගේ සෙට් එකේ එල්ලිච්ච.
ReplyDeleteබොහොම ස්තුතියි සුදීක...
Deleteමේ උන්නැහෙත් වාසනාවටද කොහෙදෝ අනිත් පැත්ත හැරිල ඉඳල තියෙන්නෙ... නැත්නං මුන්දටත් එච්චරයි... හික්ස්...
හහා.. මරු සීන් එකක්නේ. දැන්නං හැබැයි හොඳවෙලාවට ඔය පෙට්ටි බස් නැහැ. දුවන්න තහනංද කොහෙද.
ReplyDeleteමටත් මතක එව්වා දුවන්න තහනම් කළා වගේ... හොඳ වෙලාව කියන්නෙ, කොහොමද එව්වත් තිබ්බ නම් මේ වෙනකම්...
Deleteතරහ වෙන්නෙපා හොඳේ, උත්තරේ පරක්කු උනාට.... සෑහෙන කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න ලැබුනෙ... :D
අදමයි ආවේ හොද ලිපි තියෙනවා.හිමිට කියවන් නම්
ReplyDeleteමනසින් දිවියට
බොහොම ස්තුතියි ගයානි... අපිත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො... :D
Deleteඑදා වේල ටුවර්ස්,,,
ReplyDeleteඇත්තටම එදා වේල ටුවර්ස් කිව්වෙත් එව්වටමනෙ.... එදා වේලෙ ගාණ හම්බ කරගත්තට පස්සෙ බස් එක දුවයි කියල ෂුවර් එකක් නැති හින්ද වෙන්න ඇති.... ගාණ හම්බ කරගන්න නම් කොහු ලණු කෑල්ලකින් හරි මාට්ටු කරගෙන දුවනවා.... :D
Deleteපට්ටම බ්ලොගක්නේ අදමයි ආවේ මාරයි නියමයි හැමදාම දැන් එනවා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
බොහොම ස්තුතියි නලීන්... පහුගිය ටිකේ නම් මට ඉස්සර වගේ ලියන්න ලැබුණෙ නෑ.... අළුත් අවුරුද්දෙ නම් මොනව හරි ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා... බලමුකො... :D
Deleteබොහොම ස්තුතියි කකා.... ඔබතුමාටත් එසේම වේවා...
ReplyDeleteකයි ලියන්න බැරි නිසා ඔන්න නිකම්ම නිකම් කොමෙන්ටුවක් කෙටුවා.... :D