Total Pageviews

Sunday 12 August 2012

කාලෙකට පස්සෙ.....

සෑහෙන කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.... ඇත්තටම ලියන්න විතරක් නෙවෙයි, කියවන්නත් ආවෙ වස කම්මැලිකමක්.... තව පෞද්ගලික වැඩත් එක්ක ලියන එක තව තවත් පහු උනා.... නොලියා ඉන්නකොට ලියන්න හිතෙන්නෙම නෑ.... පහුගිය කාලෙ බලන්න නොලැබුනු ලිපි බොහොමයක් තියෙනවා.... යන්න ඕන ඒ පැතිවලත්... මෙහෙම කාලයක් වල් වැදිලා තිබිලා ආයෙ පටන් ගන්නකොට වැඩ ගොඩයි... කවුරුවත් අමනාප නැතුව ඇති කියලා හිතනවා.... මං ගැන සෙව්ව බැලුව අයටත් ගොඩාක්ම ස්තුතියි හොඳේ....

ඊයෙයි, පෙරේදායි ඔබා මාමා වෙනුවෙන් බණක් කියවලා දානයක් දුන්නා පවුලේ කට්ටිය.... මාසයකට කලින්ම නිවාඩු දාලා සැදී පැහැදී හිටියත් අන්තිමේදි ෆ්ලූ එක හැදිලා ඇඳටම වැටුනා මම... මහත්තයා තමයි නියෝජිතයා උනේ... සියළුම බ්ලොග්කරුවන් වෙනුවෙන් ඔබා මාමාට පිං සලකා හාමුදුරුවන්ට පිරිකර පූජා කළා අපිත්.... මේ අවස්ථා දෙකටම විශාල පිරිසක් සහභාගි වුනු බවයි දැනගන්න ලැබුනෙ... ඔබා මාමගෙ පිණටද කොහෙද ඒ දවස් දෙකම හොඳට වැස්ස නැතුව තිබුණා... ඔය අද පාන්දරම පටන් අරන් තියෙන්නෙ පළාතම අඳුරු කරන්, සුළඟත් එක්ක....

ඉතින් එහෙනම්..... හමුවෙමු ආයෙ ඉක්මනින්ම..... :D




38 comments:

  1. අපොයි ඇති යන්තම් වහින්ඩ පටන් ගත්තා :-)

    ReplyDelete
    Replies
    1. වහිනව නේන්නම් මෙහේ හිටු කියල... :D

      Delete
  2. ඉක්මනට එන්නකෝ එහෙනම්.... :)

    ReplyDelete
  3. එහෙනම් ඉක්මනට ලියන්ඩ එන්ඩ !

    ReplyDelete
    Replies
    1. එන්නම්කො හෙට අනිද්දම... :D

      Delete
  4. ඔබා වෙනුවෙන් කල පින්කම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්...

      Delete
  5. අනිවා වෙල් කම් බැක්....

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා.... :D

      Delete
  6. මියුරු ඔබාගෙ පින්කමේදි අපව නියෝජනය කලාට ඔයාට පින්!
    ආපහු බ්ලොග් එක පැත්තෙ ආව එක ලොකු දෙයක්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. පින් දුන්නටත් පින්... හැමෝම වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙච්චි එක ගැන මං සතුටු වෙනවා....
      බොහොම ස්තුතියි ඩූඩ්... මං බ්ලොග් ලියනවට අකමැත්තෙන් හිටපු මහත්තයත් දැන් ඒ ගැන පස්සෙන් එලවන්නෙ නැති නිසා මින් පස්සෙ නිදහසේ ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි කියල හිතනවා... ඔබා මාමා මිය ගිහිල්ලත් මට කරපු උදව්ව තමයි ඒ....

      Delete
  7. හමුවෙමු හමුවෙමු :)

    ReplyDelete
  8. අනේ ඔන්න ආයෙ නම් අතුරුදහන් වෙන්න එපා..ඔයා එනකම් මග බලන් උන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේ කිරිල්ලියේ.... බොහොම ස්තුතියි හොඳේ....

      Delete
  9. ඔබා මාමා වෙනුවෙන් කල දේවල් ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ..

    ආයේ ලියන්න ආපු එක හොදයි.. වෙල් කම් බැක්..

    ReplyDelete
    Replies
    1. මගේ හිතෙත් ඒ ගැන තියෙන්නෙ ලොකු සතුටක්.... එකම දුක මට පෞද්ගලිකවම ඒකට සහභාගි වෙන්න බැරි වුනු එක ගැනයි.....
      බොහොම ස්තුතියි මල්ලි...

      Delete
  10. හ්ම්ම් ඉක්මනට එන්නකෝ එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. එන්නම්කො...
      ඔයා මේ පැත්තට අළුත් කෙනෙක් වගෙයි... එහෙම නැත්නම් මට වැරදුනාවත්ද? :D

      Delete
  11. ඔවු ඒකනන් ගොඩාක් පින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදු මහත්තයා....

      Delete
  12. ඇති යන්තම්..
    මම බැලුවෙ මොකෝ පරක්කු කියලා..:)

    ReplyDelete
    Replies
    1. මං දන්නව ඇහැ ගහගෙන ඉන්නෙ කියලා..... මට හිතුනා කියන්න ඔන්න මං නම් නෙවේ, රූ නෝනව අල්ලගන්න කියලා.... ආයෙ පව්නෙ කියලා නිකම් හිටියා... හික්...හික්...හික්...

      Delete
  13. ඒක තමා මේ පැත්ත පාලුවට ගිහින් තිබුනේ. මුකුත් නොලියා හිටපුවාම ආයම යමක් ලියන්ට හිත හදාගන්ට අමාරුයි තමා.

    ඔබා වෙනුවෙන් කරපු කටයුත්තට නම් පින්.

    මේ දවස්වල ඔය ෆ්ලූ එක හැම තැනම. ගොඩක් අයට හරි අමාරු වෙලා තියනවා. ඊයේ ඒ වගේ අමාරුවෙන් හිටිය කෙනෙක්ගෙන් උම්මා එකක් ලැබිලා මේ බයේ ඉන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.... මෙහේ ඉස්පිරිතාල පිරිලලු.... හැබැයි, හැදීගෙන එනකොටම හරි බෙහෙත ගත්තොත් දුර දිග යන්නෙ නැතුව බේරගන්න පුළුවන්....
      අපොයි, ඔය උම්මා නම් හම්බෙනවා දෙන කෙනාට මොන වසංගතේ හැදිලා තිබුණත් මදියි නොකියන්න... හික්ස්.... ගෙම්බාගෙන් නම් ලැබුනෙ ඔන්න ඔහේ බය නැතුව ඉන්න... මොනව උනත් උම්මා එක වටිනවනෙ.... නැද්ද මං අහන්නෙ.... :D

      Delete
  14. අපි වෙනුවෙන් ඔබා මාමගෙ පින්කමට සහභාගී වුනාට ස්තූතියි අක්කා.මටත් ලියන්න නම ඔයාගෙ වගේම කම්මැලි කමක් ඇවිත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිසූපා...
      ආපෝ... ඒ කම්මැලිකම නම් වද්දගන්න හිතන්න එපා... ලියන්නම හිතෙන්නෑ අප්පා.... :D

      Delete
  15. අම්මෝ ඇති.... යාන්තම් පෙන්න ඇවිත් :)))

    ReplyDelete
    Replies
    1. යාන්තම් නෙවෙයි අනේ, මේ හොඳටම පේන්න ඇවිත් ඉන්නෙ.... :D

      Delete
  16. හප්පා ඇති යන්තං මේ පැත්ත මතක් වෙලා..මොකෝ උනේ....

    ReplyDelete
    Replies
    1. මේ වස කම්මැලිකමක් හිතුනනෙ.... :D

      Delete
  17. හම්මේ...ලොකු දෙයක්. පිරිකර පූජා කරපු ඒක හරිම හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයුරි...

      Delete
  18. එහෙනම් ආයේ එන්න. කලින් වගේ..

    ReplyDelete
    Replies
    1. හොඳයිකො.... බොහොම ස්තුතියි අසර්...

      Delete
  19. ඔබා නැති බ්ලොග් යායම පාලුයි මට ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ... අළුත් කතා ලියනකොට හිතෙනවා ඔබා මාමා හිටියා නම් මේකට මොනවා කියයිද කියලා.... එයාගෙ කමෙන්ට් එකක් නැති තැන ඇත්තටම පාළුයි.... :(

      Delete