Total Pageviews

Wednesday, 13 March 2013

පන්තිය සෝදපු හැටි....!!

මම නවයෙ පන්තියේ හිටපු කාලෙ ඉස්කෝලෙ ගියේ අනිත් ළමයි වගේ සාමාන්‍ය ක්‍රමයට, උදේ වරුවෙ.... ඒ අවුරුද්ද තමයි අර මං කලින් කතා දෙකක සඳහන් කරපු සමන් ඉස්කෝලෙ ආව අන්තිම අවුරුද්ද... අපේ පන්තිය භාරව හිටියෙ අපට ඉංග්‍රීසි උගන්වපු මැටිල්ඩා මිස්... අඩි පහක්වත් උස නැති අවුරුදු පණහක් විතර වෙච්චි මේ මිස්ට ළමයි කිව්වෙ 'මැටී' කියල... ඒ මිස් හරිම හොඳ අහිංසක කෙනෙක් උනාට, මිස්ට ඒ නම වැටුනෙ ඉංග්‍රීසි පීරියඩ් එකත් එක්ක ළමයින්ට තිබ්බ තරහටමයි.... පව් අපේ මිස්...!

දවසක් උදේ අපි ඉස්කෝලෙ යනකොට පන්තිය ඇතුලෙ බිත්තිය දිගට තිබ්බ කළු ලෑල්ල යට  ගන්න දෙයක් නෑ... කළුම කළු පාට කුඩු තට්ටුවක් පැත්ත පළාතෙම විසිරිලා.... බැලින්නම් කලින් දවසෙ හවස නතරවෙලා බැටරි කුඩු වලින් කළුලෑල්ල කළු කරපු හාල්පාරුවො ටික ඒ වැඩේ කරල ගියා මිසක් බිම සුද්ද බුද්ද කරල ගිහින් නෑ... ටිකක් හොඳට වටපිට බලනකොට එහේ මෙහේ මුළුවල බැටරි බාගත් තියෙනව පෙනුනා... ටික වෙලාවක් යනකොට පන්තියට එන ළමයි බැටරි කුඩු පාගන් ගිහින් පන්තියේ බිම හැමතැනම කළු පාටයි.... සුදු සපත්තුවක් හෙම කාට හරි පෑගුනොත් දෙයියන්ගෙම පිහිටයි... මං කලින් කිව්වනෙ ඔව්ව සුදු කරගන්න නැහුනු නැහිල්ල...

එදා දවසෙ පන්තිය අතු ගාන්න තිබ්බ උන් ඇවිත් පන්තිය අතු ගෑවත් අර කුඩු නෙවේ ගියේ... ඔන්න එතකොට අපේ පන්තියේ කොල්ලෙකුට ගණ දෙවි නුවණක් පහළ උනා.... මැටිල්ඩා මිස් ඉගැන්නුවේ ඉංග්‍රීසි නිසා හැමදාම අපේ පන්තියේ පළවෙනි පීරියඩ් එක ඉංග්‍රීසි.... අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ඔය වැඩෙන්... පළවෙනි පීරියඩ් එක කට් එක ගහන්න බැරි, නම් ලැයිස්තුව ලකුණු කරන නිසා... ඒ නිසා කොච්චර එපා උනත් පන්තියේ ලැගගෙනම ඉන්න වෙනව.... ඔන්න ඉතින් අර මොළකාරයා ගෙනාපු යෝජනාව තමයි අර ඉතුරු බැටරි කෑලි  ටිකත් කුඩු කරල පන්තිය ඉස්සරහ විනාස කරල දාන එක... එතකොට මිස්ට තියා මොකාටවත් ඇවිත් උගන්වන්න බෑනෙ අර අවීචියෙ... ඒකට එක පයින්ම එකඟ වෙච්චි ඒ වෙනකොට පන්තියේ හිටපු කොල්ලො ටික මොකද කළේ,  අර අහුමුළුවල තිබ්බ බැටරි කෑලි ටිකත් අහුලල උඩ පැන පැන, පොළවෙ ගහල  කුඩුපට්ටම් කරල දැම්ම එක ... 


අන්තිමට මිස් පන්තියට එනකොට ඒක එකම අපායක්... කොටින්ම මිස් පන්තියට ආවෙත් වතුර පාරක බැහැල යනව වගේ සාරියත් ටිකක් උස්සගෙන....
'අයියෝ, මේ මොකක්ද කරල තියෙන්නෙ...?' මිස්ට ඉබේම කියැවුනා...
අන්තිමට සියල්ල පැහැදිලි කරල දීපු ගෝලයො ටිකගෙ  එකම විසඳුම උනේ පළවෙනි පීරියඩ් එකේදි පන්තියේ පුටු මේස පැත්තකට කරල පන්තිය සෝදලා දාමු කියන එක...අනේ අපේ අහිංසක මිසුත් ඒකට රැවටිලා කිව්වා කාට හරි ගිහින් පනිට්ටුවක් අරන් එන්න කියල... අපේ රශ්මි ඉන්නව නේද (මගේ බ්ලොගේ නිතර කියවන අයට නම් මෙයා අමුත්තෙක් නෙවේ... ඒ කාලෙ මගේ හොඳම යාළුවා)... ඔය වගේ නොම්මර එකේ කුණු ගොඩවල් වලට කරගහන්න හොයාගෙන යන්නෙ... නැත්නම් පන්තියේ අච්චර කොල්ලො ඉන්දැද්දි මේ කොහේවත් නැති පනිට්ටුවක් හොයන්න මුන්ද බාර ගන්න ඕනයැ... අනිත් එක දැන් මේ ගේන්න යන පනිට්ටුව තියෙන්නෙ ගුරු මණ්ඩලයෙ වැසිකිළියෙ... ඈයියා..!! කියනකොටම මට හිතුනෙ එහෙම... ඒත් කොහෙද ගැලවීමක්... 

'මට නම් ඕකට  හවුල් වෙන්න එන්න බෑ..' මම කිව්ව... 
'මොනාද බං... ගුරාල රෙxx පනිට්ටුවටයැ...' 
'එහෙනං ඉතින් උඹම ඕක කරගහගෙන වරෙන්... මට නම් කියන්නෙපා ඕක අල්ලන්න...'
'හරි හරී ඉතින්... මං කිව්වයැ උඹට ඒක අල්ලන්න... මං ඒක කරගන්නම්කො... උඹට තියෙන්නෙ මාත් එක්ක එන්න විතරයි...'
අනේ ඉතින් එහෙම කිව්වට පස්සෙ මාත් ගියා උන්දගෙ පස්සෙන් මරන්න ගෙනියන හරක වගේ... 

ඒ කාලෙ අපේ ඔය නවයෙ පන්ති ටික තිබ්බෙ, ඉස්කෝලෙ 'කොරියාව' කියල හඳුන්වපු පැත්තෙ... මොකක් නිසා ඒ නම වැටුනද කියල නම් ඇත්තටම දන්නෙ නෑ... (මට බින්දිව මතක් උනා.. :D) කොරියාවෙ තිබ්බෙ දෙමහල් ගොඩනැගිලි තුනකුයි, කැන්ටින් එකයි, ළමයි පී ටී කරපු පිට්ටනි කෑල්ලයි... ඊට පිටිපස්සෙන් රේල් පාරෙන් මායිම් වෙච්චි පිරිමි වැසිකිළිය සහ කොල්ලො වැසිකිළිය විදියට පාවිච්චි කරපු මහා හබරල ගාල....ඒ වෙනකොට, අර මං 'පොඩ්ඩක් හිටහංකො බං' කතාවෙ කියපු අක්කා නෑව ළිඳ වහලා, ඊට ටිකක් පිටිපස්සට වෙන්න අළුත්ම දෙමහල් විද්‍යාගාරය හැදිලා... ඒ ගොඩනැගිල්ල තිබ්බෙ මේ කියන කොරියාවට වඩා අඩි පහක විතර උසින්... කැන්ටිම ඉස්සරහින් තිබ්බ පඩි පේළිය නැගලා යන්න ඕන එතැනට... එතැනිනුත් පොඩි පඩි පේලියක් නැග්ගම තමයි අර මං ඒ කතාවෙම කිව්ව පන්තිය තිබ්බ ගොඩනැගිල්ලට යන්න පුළුවන් වෙන්නෙ... ඔතැනට ගොඩ උනු ගමන් ඉස්සෙල්ලම මුලිච්චි වෙන්නෙ ස්ටාෆ් රූම් එක... ඒක පහු කරලා පන්ති හතරක් විතර ඉස්සරහට ගියාට පස්සෙ, ඔය කියපු ගොඩනැගිල්ලයි, ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය ඇතුළු අනිත් ඔෆිස් කාමර තියෙන ගොඩනැගිල්ල මේ කියපු ගොඩනැගිල්ලට යා වෙන තැන, උඩ තට්ටුවේ පොඩි පාලම් කෑල්ලක් වගේ හදල තිබ්බට පහළ තට්ටුවේ තිබ්බෙ යූ අකුරක හැඩැති ඉඩකඩක්... එතැන වම් අත පැත්තෙ තමයි ඔය කිව්ව ගුරු මණ්ඩලයෙ වැසිකිළිය තිබ්බෙ... 

යූ අකුරෙ යට කොටසෙ තිබ්බෙ අපේ ඉස්කෝලෙ නිල නොලත් අයිතිකාරය වෙච්චි මාටිං ටිං ටිං අයියගෙ දේවාලෙ නොහොත් වාසභවන...අයිය කිව්වට අවුරුදු පණහක් විතර වයස  ඇති...  උන්ද ඉස්කෝලෙ මුර වැඩේ, පියන් වැඩේ වගේම බෙල් එක ගහන වැඩෙත් කළා... ළමයි කිව්වෙ මිනිහා බෙල් එක ගැහුවෙ මාටිං ටිං ටිං කියලැයි කියල.... ඒක හින්දා තමයි අර නම... එයා ඔය පෝස්ටුව බොහොම ඔළුවට අරගෙන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හොර අල්ලන්න ගිහින්, කොල්ලන්ට කියල සම්බෝල හදවගන්නෙ නැතිව යාන්තමින් බේරුනා එක සැරයක්.... ඊට පස්සෙ මිනිහ එයා විසින්ම එයාගෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ රාජකාරිය අයින් කර ගත්ත.... මාටියා පන්තියකට එනකොට ළමයි සහලෝල ඉන්නෙ... මොකද පොර එන්නෙ ප්‍රින්සිපල් උන්නාන්සෙගෙ නියෝග අරගෙන, උන්නැහේගෙන් කැඳවීමක් ලැබෙන ළමයෙක්/ළමයි එක්කරගෙන යන්න... ඒ ඉතින් හොඳකට නම් නෙවෙයි... හැබැයි පොර පපුව ඉස්සරහට දාගෙන ඔය මැසේජ්ජුව අරන් එන්නෙ හෙන සතුටින්... ඒක දැක්කම දෙන්න හිතෙනව මැරෙන්න... 

කතාව වෙන පැත්තකට ඇදුන... නැවතත් කතාවට... ඉතින් මේ කාලෙ අපට හිටිය ප්‍රින්සිපල්තුමා හරිම වසයි... ඒ උනාට එතුමාගෙ කාලෙ අපේ ඉස්කෝලෙ එක්තරා සවර්ණමය යුගයක් කියල කියන්න පුළුවන්... හැම අංශයකම වගේ ළමයි ඒ ලෙවල් පාස් උනේ ඉතාමත්ම ඉහළින්... සමහර අවුරුදුවල ලංකාවෙන් වැඩිම ලකුණු ගත්තු ළමයි හිටියෙ අපේ ඉස්කෝලෙ... ක්‍රීඩා පැත්තෙනුත් එහෙමයි... නාට්‍ය තරග වලින් දිනලා ළමයි ජපානය වගේ රටවල සංචාර වලට පවා ගියා... ඒ වගේම තමයි එතුමා ළමයින්ගෙ විනය සම්බන්ධයෙනුත් ඉතාම තදයි.... නිතරම වගේ ඉස්කෝලෙ වටේ යනවා.... පන්තියේ වැඩ කරන වෙලාවලදි එක ළමයෙකුටවත් හදිසි අවශ්‍යතාවයකට හැර එහෙ මෙහෙ යන්න බෑ... පුස්තකාලෙට පවා ගිහින් බලනවා පන්ති කට් කරන එව්වො ඉන්නවද කියල.... ඒ වගේම තමයි ගුරුවරුන්ටත්... එයාලත් එතුමාට හරි බයයි... ඉතින් මේ කක්කුස්සි බාල්දියක් ගේන්න එළියට බැස්සෙ ඕං ඔහොම කාලෙක...

මං කිව්වනෙ ඔතැන පන්ති හතරක් තියෙනවය කියල... ඔය ගුරු වැසිකිළිය පැත්තට වෙන්න තියෙන පන්ති කාමරය නිතරම හිස්ව තියෙන්නෙ හදිසි අවශ්‍යතාවයකට පොරෝජන ගන්න...ඔන්න ඉතින් අපි අදාල ස්ථානයට යනකොට අර කාමරයෙ උදේම පන්තියක් දාල... අපි කොහේටද යන්නෙ කියල ඒකෙ උන්ට පේන හින්ද මං එතැනම තිබ්බ කණුවට මුවා වෙලා ඉද්දි රශ්මි ගියා වැසිකිළිය ඇතුලට... මාත් එතැන ඉඳන් වටපිට බල බල ඉන්නකොට මට පේනව අපේ අම්මගෙ යාළුවෙක් වෙච්චි සර් කෙනෙක් එනව බාස්කට් බෝල් කෝට් එක මැදින්  ප්‍රින්සිපල්තුමාගෙ ඔපීසිය පැත්තට...එයාට ළමයි කිව්වෙ 'බොගා' කියල... බොග සම්බන්ධ කාරණාවක් නිසා නෙවෙයි... එයා කතා කරනකොට මහා සද්දෙන් බොග් බොග් ගාන නිසා... ඈත තියාම මාව දැක්ක සර් එකතැනම බ්‍රේක්  ගහල නැවතිලා අහනව 'මොකද ඔය ටොයිලට් එක ගාව කරන්නෙ... ටොයිලට් එක හෝදනවද... ?'  ෂික් විතරක්.. මට හීං දාඩිය දැම්ම... ඕනනැති මගුලක් නෑනෙ මේ මනුස්සයට... ඒ මදිවට ඒක අහපු කැත... උන්දට ඒක අහන්න තිබ්බෙ නැද්ද අර ටොයිලට් කතාව හලල... ලැජ්ජාවෙ බෑ...  මං හීන් සීරුවේ බෙල්ල දික් කරල අර පන්තිය දිහා බැලුව... දොර පැත්තෙ ඉස්සරහම පේලිවල හිටපු කොල්ලො ටිකගෙ ඇස් කුට්ටම් ටික මගේ පැත්තට හැරිලා... උන් ටික අඳුනගත්තු මට ඒ කොන්ක්‍රීට් පොළොව හාරගෙන හාරගෙන ගිහින් ඒක යට හැංගෙන්න හිතුන...මගේම කරුමෙ කියන්නෙ  ඒ සමන්ලගෙ පන්තිය...! මොන මගුලකට එදා උදේ පාන්දරින්ම උන් ටික එතැනට දාල තිබ්බද මන්දා.. නිකං ඉන්න බැරුව ඒක දිහා බලන්න ගිහින් ටින් කිරි ගාගත්ත කියල මට හිතුනෙ දැන් මේ කණුවට මුවාවෙලා ඉන්නෙ මං කියල උන් හොඳටම දැක්ක නිසා... ඒ වෙනකොටත් කන්න වගේ මගෙන් උත්තරයක් බලාගෙන හිටපු සර්ට මං පුළුවන් තරම් හෙමිහිට කිව්ව 'මේ  පනිට්ටුවක් ගෙනියන්න ආව..' කියල.... 'ඒක මිසක්... මං මේ බැලුව..' කියාගෙන උන්ද යන්න ගියා...


සර් ගියාට පස්සෙ මං කණුවට හේත්තු වෙලා මගේ කොණ්ඩෙ ඉස්සරහින් අල්ලලා හයියෙන් පහළට ඇද්දෙ මොන කරුමෙකට මේ ගමන ආවද කියල හිතන ගමන්... කෝ මේ ඇතුලට ගිය එකී... තාමත් නෑ...
'ඒයි රශ්මී...' මං පුළුවන් තරම් හඬ බාල කරල කතා කළා...
'මේ එනව... මේ එනව...' කක්කුස්සිය ඇතුලෙන් ඇහුන...
'මේ ළමය මොකද මෙතැන කරන්නෙ...?' එකපාරටම කණ ළඟ මහා සද්දෙන් ඇහෙනකොට මං උඩ ගිහින් බිම වැටුන.... හැරිල බලනකොට ප්‍රින්සිපල්තුමා... හනේ මොන කරුමෙකට මං මෙතැන හිටියද කක්කුස්සි බාල්දිය ගන්න ඒක අස්සට රිංගන්නෙ නැතුව කියල මට පළවෙනි වතාවට හිතුන...

'පනිට්ටුවක් ගෙනියන්න ආව...' කියල වැසිකිළිය දිහාවට අත දික්කරල ඒ පැත්ත බලන ගමන් කියනකොට මට පෙනුන ඒක ඇතුලෙ ඉඳන් පනිට්ටුවත් අරන් එළියට එන්න ආව රශ්මි, ඒකත් අරගෙනම ස්ලෝ මෝෂන් එකේ රිවර්ස් එකට ආපහු ඇතුලට යනව... මට ඒකිව කන්න කේන්තියි...
'පනිට්ටුවක් මොකටද...?'
'ඊයෙ කළු ලෑල්ල කළු කරපු ළමයි පන්තිය සුද්ද කරල නැතිව බැටරි කුඩු හැමතැනම ගෑවිලා... ඉතින් මිස් කිව්ව පන්තිය සෝදල දාන්න වතුර ගන්න පනිට්ටුවක් ගේන්න කියල...' මං තතන තතනා කිව්ව....

'කවුද මිස්...?'
'මැටි... මැටිල්ඩා මිස්..' තව පොඩ්ඩෙන් මළා...
'මොන පනිට්ටුද මේ වෙලාවෙ... ඉස්කෝලෙ පටන් ගත්ත විතරයි... දුවනව යන්න පන්තියට...'
'හා' කියන ගමන් මං ආපහු හැරිලා යාන්තම් බැලුව අර පන්තිය දිහා... උන්ගෙ ඇස් ස්ප්‍රිං හයි කරපු ගානට දොට්ට පැනලා... කටවල් කිරි හට්ටි වගේ... උං මට හිනා වෙනව... අනෙ අම්මේ... ඊට වඩා හොඳයි මැරුණ නං... ෂික්...
මොහොතකින් වැසිකිළිය ඉඳල එළියට පැන්න රශ්මි මාවත් ඇදගෙන දුවල ඇවිත් නතර උනේ පන්තියේ... ප්‍රින්සිපල්තුමා බලන්නැති ඒ මොකාද කියල... උන්නැහේ හිතුවෙ මං විතරයි ඉන්නෙ කියල...






90 comments:

  1. හි හි... ඇත්තටම අරකි ඔච්චර වෙලා මක්කද කරලා තියෙන්නේ ඒක අස්සට වෙලා......

    ReplyDelete
    Replies
    1. මක්කා කළා කියලද හිතෙන්නෙ...? :D

      Delete
    2. අපිත් ඉස්සර ආසයි ගුරුවරුන්ගේ වැසිකිලිය ඉඳල හිටලා පාවිච්චි කරන්න. අපේ ඒවා දැක්කාම එපා වෙනවා.

      Delete
    3. හාපෝ... කියල වැඩක් නෑ අසර්... කොල්ලො නම් අර කිව්ව හබරල ගාලටවත් යනව... අපට....? තවමත් නැද්ද දන්නෙ නෑ ඉස්කෝලවල ඒවට හරි වැඩ පිළිවෙලක්.... මම නම් ඒ කාලෙ ගෙදර එනකම් යන්නෙ නෑ කිසිම විදියකින්....

      Delete
  2. සෙහ්. මාර වැඩ නේ කරන්නේ... අර ජේද ටික ජස්ටිපයි කරානං කියවන්න ලේසියි නේද

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි තියෙන්නෙ දේශකයා... ඔයාට පේන්නෙ අවුල් වෙලාද...

      Delete
    2. ඔයාල පාවිච්චි කරන්නෙ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්ද....? මටත් ඒකෙන් ගියාම නම් මගේ බ්ලොග් රෝල පේන්නෙත් නෑ... ඒ නිසා මං පාවිච්චි කරන්නෙ ක්‍රෝම්... එහෙම අවුලක්වත්ද...

      Delete
    3. තවමත් එහෙමද අකම්... මට නම් තේරෙන්නෙ නෑ මොකද එහෙම පේන්නෙ කියලා...

      Delete
  3. /// උන්ගෙ ඇස් ස්ප්‍රිං හයි කරපු ගානට දොට්ට පැනලා... කටවල් කිරි හට්ටි වගේ///

    ...උපමා උපමේය නහුතයයි....ආතල් කෝටියයි.....

    ReplyDelete
    Replies
    1. හික්ස්... උන්ගෙ මූණු ටික තිබ්බ විදිය මැවිලා පෙනකොට මට මතක් උනේ ඔය කියපුවා තමයි මයියා...

      Delete
  4. ඇයි මට නිකමට හිතෙන්නෙ, රශ්මිත් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම මරාගත්තා කියලා? :D

    ඉස්කෝලෙ කාලෙ කතා කියන්නෙ කිසිදාක එපා වෙන්නෙ නැති ප්‍රවර්ගයක් නේද? පස්සෙ මතක් කර කර රසවිඳින්න පුලුවන් හැටි!

    ReplyDelete
    Replies
    1. අන්න හරි! එක ගලෙන් දෙන්නයි.

      Delete
    2. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න තරම් වෙලාවක් උනේ නෑ හැබැයි... ලියන්න වෙලා ගියාට වැඩේ සිද්ද වෙන්න එච්චර වෙලා ගියේ නෑ... ඒකි පළවෙනි වතාවට පනිට්ටුව අරන් එළියට එන්න හදනකොට තමයි බොගා කතා කරල තිබ්බෙ... ගෑණි සද්ද නැතුව ඇතුලට වෙලා එහෙම්ම ඉඳල... බොගා ගියාට පස්සෙ ටිකක් ඇහුම්කන් දීගෙන ඉඳල තමයි දෙවෙනි පාර එළියට එන්න ගියේ... එතකොටනෙ මං දැක්කෙ අර ප්‍රින්සිපල්තුමා කතා කරනකොට හෙමිහිට රිවර්ස් එකේ ඇතුලට යනව... :D

      Delete
  5. මේක කිව්වම මතක් උනේ අපිත් ඔය වගේම වැඩක් කරා.. අපේ 11 වසරේ පන්තිය පොඩ්ඩක් තෙමෙනවා. අපේ නම් සේරම මිස්ලා බබාල තමයි එක්කෙනෙක් දෙන්නක් ඇරෙන්න... අපි කරන්නෙ උදේට ඔය බබා වෙන මිස්ල නම් එන්නෙ අපේ වතුර බෝතල් වලට වතුර ගෙනත් ෂේප් එකෙ හලනවා, මිස්ල එනකොට වතුර අස් කරනවා වගේ ඉන්නවා ඇතුලෙ ඉන්න අය තව තව වතුර දානවා. මිස්ල සාරිය උස්සගෙන ඉන්නවා පංතියෙන් එලියෙ. පීරියඩ් 2ක් විතර ඉවර වෙනකන් ඕක තමයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. එක වගේ හිතන කට්ටිය තව ඉඳල තියෙන්නෙ... ඔයාල නම් වැඩේ කොහොම හරි සාර්ථකව කරගෙන... කොහෙද, අපේ පන්තියේ උන්ට බැරි උනානෙ... අපේ පන්තියෙත් මිස් එන්න කලින් කොහෙන් හරි හොයන් ඇවිල්ලා වතුර පාරක් ගැහුව නම් වැඩේ ගොඩ....

      //මිස්ල සාරිය උස්සගෙන ඉන්නවා පංතියෙන් එලියෙ. පීරියඩ් 2ක් විතර ඉවර වෙනකන් ඕක තමයි කරන්නෙ.// :D

      Delete
    2. apith ballo class eke jara kaloth class ekama hodanawa.eka nikanma as karana eka hoda nane.

      Delete
  6. කොහේ ගියත් බාල්දි තමා දැන් නම්

    ReplyDelete
    Replies
    1. ආපෝ කියල වැඩක් නෑ නලීන්...

      Delete
  7. ප්‍රින්සිපල් ආවේ නැත්නම් පන්තිය හෝදන්න දෙවෙනි පීරියඩ් එකත් ගන්න තිබුනා.. :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල... :D

      Delete
  8. හික්ස්.. කරන වැඩ...

    ReplyDelete
    Replies
    1. එහෙම කළේ නැත්නම් අද මතක් කරන්නත් දෙයක් නෑනෙ මාළුවා.... :D

      Delete
  9. ලස්සනයි හරිම ලස්සනයි ..ඉස්කෝලේ කාලේ කතා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .

    බොලාට කොරියාව කියන්න ඇත්තේ කල්කිරියාවේ හොඳකමට වෙන්න ඇති . ඔය නමයේ පන්තියලුනේ ඉස්කෝලෙක එපාම කරපු පන්තිය . උඩටත් නැති පහළටත් නැති වයසනේ .

    ඔන්න ඕකයි අපේ ගුරුවරුන්ගේ දාහක් හොඳ අස්සේ මන් දකින අඩුපාඩුව . යකා මාක් . හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කඩා පැනලා තමයි ප්‍රශ්නෙට බහින්නේ . ළමයිනුත් ඉන්න ඕන පරාන බයට

    ReplyDelete
    Replies
    1. //බොලාට කොරියාව කියන්න ඇත්තේ කල්කිරියාවේ හොඳකමට වෙන්න ඇති//වෙන්න ඇති තමා... හික්ස්...
      නවයෙ පන්තිය ඒ වගේ කීර්තියක් අත් කරගෙන තියෙන බව කලින් දැනගෙන හිටියෙ නෑනෙ...
      අයියෝ ඔව් අනේ... දැන් උන්නාන්සෙව බොහොම ගෞරවයෙන් මතක් කළාට ඒ දවස්වල නම් පේන්න බෑ... එයාගෙ මූණත් යකා මාක් තමා... කිසිම වෙලාවක හිනාවක් නෑ..
      ඉස්කෝලෙ කතා නම් ආයෙ කියල වැඩක් නෑ තමයි බින්දි....

      Delete
  10. තනියම හිනාවෙනකොට අම්ම බලනවා මට පිස්සුද කියලා,

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ... හොඳ වෙලාවට අම්මා නිසාම හොඳයි... :D

      Delete
  11. කතාවත් එක්ක දන්නෙම නැතුව ආපහු ඉස්කෝල කාලෙට ගියා.... :D

    අපේ ඉස්කෝලෙත් හිටිය "මාටිං ටිං ටිං" අය්යා වගේ චරිතයක්. හැබැයි ගෑණු පරාණයක්. නම "ජයන්ති අක්කා". ඔය ජොබ් ප්‍රොෆයිල් එකමයි තිබුනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔය පෝස්ට් එක කරන අය ඔහොම්මයි නේද... ගෑණු පරානෙකුත් එහෙම වෙච්චිකොට ආයෙ කියල වැඩක් නෑ... :D

      Delete
  12. ඊයා ටොයිලට් බකට්...හී හී...

    ලංකාවේ යුනිවර්සිටි වල බකට් කරන කතාවක් අම්මා කියලා තියනවා. හපොයි මේ වගේ බකට් ඒකට පාවිච්චි කලා නම් කොහොමද කියලා හිතුනා.

    මට ලස්සනම කෑල්ල අර කොන්ඩේ ඉස්සරහට අරගෙන හපන කෑල්ල. චිත්‍රපට රූප රාමුවක් වගේ.
    නිගමනය: මියුරු යනු පාසැල් සමයේදී දඟ මල්ලකි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ යුනිවල රැග් කරද්දි නාවන්නෙ එව්වයින් තමයි පොඩ්ඩි... සමහරු තව තව හොඳ හොඳ ඒවා කලවම් කරනවත් එක්ක...

      හී...හී... මං දඟ නෑ අනේ... හොඳම හොඳ ළමයෙක්... :D

      Delete
  13. අපේ ඉස්කොලේ තිබුන කොටසකට කිවේ සය්බිරියාව කියලා. ඒ කොටස අනික් පන්ති වලට බොහෝ දුරින් කන්ද උඩ තිබ්බේ. කොරියාව කියපුවහම මට එක මතක් උනා.

    ඉතින් කොහොම හරි පන්තිය හෝදගන්න බැරි උනාද?

    ReplyDelete
    Replies
    1. පන්තිය හෝදනවා තියා අයිලාස්, මට අර පන්තියට එන ටිකේ පඩි පෙලවල් බැහැගෙන කොහොම දිව්වද කියලවත් මතක නෑ... නිකම් රශ්මිගෙ අතේ එල්ලිලා පියාඹලා වගේ ඇවිත් පන්තියෙ නතර වෙනකොට හුස්ම අල්ලන්නවත් බෑ.... :D

      Delete
  14. මං කල්පනා කලේ ඔයාගේ යාලුවා එච්චර වෙලා ඒක අස්සේ මක්ක කෙරුවද කියලා.


    කටවල් කිරිහට්ටි වගේ, පට්ට උපමාව :D

    ReplyDelete
    Replies
    1. මක්ක තමයි කරල තියෙන්නෙ හික්ස්... උන්ද ඉව කර කර ඉඳල අතුරු ආන්තරාවක් නැතුව එළියට බහින්න වෙලාව එනකම්... එළියෙ හිටපු මං චක බ්ලාස් වෙලා යනව ඇහෙන්න ඇතිනේ.... :D

      Delete
  15. සිරාවටම හැමෝම කියනවා වගේ ස්කොලේ කාලේ කතා කොයි තරම් කිව්වත් ඇහුවත් එපා වෙන්න නැති හැටි . . .

    බලලා තියෙනවද බෝයිස් කියන දෙමාල ෆිල්ම් එක?

    මට හිතෙන්නේ ඒක ප්‍රසිද්ශ උනේම මේ ස්කෝල යන කාලේ කොල්ලෝ කෙල්ලන්ගේ පිස්සු වැඩ නිසාමයි කියලා

    සල්ලි ටිකක් හම්බ කර ගත්තු කාලෙක ස්කෝල සීන් ටිකක් එකතු කරලා ෆිල්ම් එකක් කරන්න හිතෙනවා අප්පා මේවා කියවද්දී . .

    හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දුකා... හැමෝටම පාසැල් කාලෙ අත්දැකීම් තියෙන නිසා කවුරු හරි තමුන්ගෙ අත්දැකීම් කියනකොට බොහොම සමීප බවක් දැනෙනවා නේද...

      මම ඒ බෝයිස් ෆිල්ම් එක ගැන අහල තියෙනවා... මේ දැන් මතක් උනේ ඒකෙ පෝස්ටරේ... අනේ මට බලන්න නම් බැරි උනා... :(

      ඇත්තම කියන්න දුකා, මේ වගේ පෝස්ට් එකක් ලිව්වට පස්සෙ මටත් හැමදාම ඒ කාලෙ කරපු නසරානි වැඩ චිත්‍රපටියක් වගේ මැවිල පේනවා... සමහර ඒවා පෝස්ට් එකක් දාන්න තරම් දිග කතා නොවුනට මතක් කර කර රස විඳින්න පුළුවන්... එතකොට නම් හිතෙනවා ඒවා කවුරු හරි ලියන්න පුළුවන් කෙනෙකුට දීලා චිත්‍රපටියක් කරන්න ඇත්නම් කියල... හික්ස්... අපටත් හිතෙන එව්වා... :D

      Delete
  16. බොගා මොකක්ද කරන්නෙ කියල අහපු වෙලාවෙ බොගග් දාන්න ආව සර් කිව්ව නම් හරිනෙ :P

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක් උනා නම් ගත් කටටම එහෙම කියන්නත් තිබ්බා... මං අහන්නෙ, අපි වගේ සංවර ගෑණු ළමයි කොහොමද කටක් ඇරල ඔය වගේ කතාවක් සර් කෙනෙකුට කියන්නෙ... ;P

      Delete
  17. ඇයි එයා ඉතින් හැන්ගෙන්නෙ ? කෙලින්ම කිව්වනම් ඉවරනෙ මැටිල්ඩා ටීචර බල්ල්දියක් ගේන්න කිව්වා කියලා.. මෙතන පොඩි සැකකටයුතු තත්ත්වයක් පෙන්නුම් කරනවා..

    පසු බිම් විස්තරය කියවද්දි මට මැවෙන්නෙ අපේ ඉස්කෝලෙ. ඉතින් ඒ ඔස්සේ චිත්ත රූපය මවාගන යනවා.. හැබැයි ගැලපෙන්නැති වුනාම ඔක්කොම අච්චාරු වෙලා අන්තිමට ඔන්න ඔහෙ කොහෙ හරි තියන එකක් කියලා වෙනමම චිත්තරූපයක් මවා ගත්තා..

    ඉංග්‍රීසිනම් මටත් එච්චර නොදිරවපු විෂයක්.. එකේ පන්තියෙ ඉඳන් ඉගන්න ගන්නවා තාම හරියට බෑ අප්පා..

    නවය වසරෙ හරි දහය වසරෙ හරි.. ඉංග්‍රීසි පාඩමට තියනවා සත්තුන්ගෙ ශබ්ධ අනුකරණය කරවන්න පාඩමක්.. අපේ ඉංග්‍රීසි සර් ඕක කරවන ගිහින් අන්තිමට පූසාගෙ සද්දෙ දාන්න ගිහින් කට්ටිය නොනවත්වාම ඥාව් ඥාව් ගාන්න ගත්තා.. පොරට මල පැනලා අන්තිමට ප්‍රින්සිපල් ගාවටත් ගිහින් තමා නතර වුනේ..පස්සෙ පොරට නම රෙජිස්ටර් වුනා ඥාව්වා කියලා.. මිනිහා ලඟින් යනකොටත් කොල්ලො හැංගිලා ඥාව් ගෑවා.. උපරිම මල.. දැන්නම් ඒ කරපු දේවල් ගැන දුකත් හිතෙනවා.. මනුස්සයා ලඟදි මලා කියලා දැනගන්න ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද සෙන්නා... ගුරුවරුත් ගූ බයයි ඔය ප්‍රින්සිපල්තුමාට.... සමහර ගුරුවරුන්ට ස්ටාෆ් රූම් එක ඇතුලෙ ගිරිය පුප්පන් කෑගහනව මං දැකල තියෙනව සමහර දවස්වල හෝම් වර්ක් පොත් ටික එකතු කරගෙන ඒක ඇතුලෙන් තියන්න ගියාම... එදා බෙල්ලටම අහුවෙච්චි නිසා මිසක්වා නැත්නම් කවදාවත් ඒ මිස්ව පාවල දෙන්නෙ නෑ.... අර නම අහගත්තෙ හොඳකට නෙවේ... අපි ආපහු ගිහින් මිස්ට ඒක කිව්වම මිස්ගෙ කටේ කෙළත් හිඳුනා කියල පෙනුනා...

      අරුන්දා හැංගුනේ නම් මට වෙච්චි දෙයින් බාගයක් හරි උන්දටත් කන්න වෙන හින්දා බයට... එයා හැංගිලා හිටියම මං විතරනෙ බලු වෙලා යන්නෙ.... ඔන්න බලහංකො අපේ යාළුවො...

      අයියෝ පව් ඥාව්වා... වැඩිහිටි කාලෙ තමයි මතක් වෙනකොට පව් කියල හිතෙන්නෙ නේද... මිය ගියා කියල දැනගත්තම තව දුක හිතෙනවා...

      Delete
  18. හපෝ හිනා වෙලා පණ ගියා. මියුරු පණ පිහිටුවලා ලියලා තියෙනවා කතාව.

    ඉස්කෝලෙ කාලේ මතක් වෙද්දි ආයෙමත් ඒ වයසට යන්න තියෙනවනම් කියලා හිතෙනවා නේද? ඒත් ඒ කාලේ නම් බලන් හිටියේ කවද්ද ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්නේ කියලා :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ අරුන්දතී... මං ඒ දවස්වල ඉගෙන ගෙන ඉවරවෙලා රස්සාවල් කරන අක්කලා අයියලා දිහා බැලුවෙ අනේ මුන් මොන තරම් වාසනාවන්තද කියල හිතමින්...

      ඒත් අර ඒ ලෙවල් කාලෙ අන්තිම ඉස්කෝලෙන් සමුගන්න කාලෙ ලං වෙනකොට හීනියට හීනියට හිත රිදෙන්න අරගෙන අන්තිමට පපුව පැලෙන්න තරම් දුක හිතෙනවා නේද... මට නම් අදටත් මතක් කරලා අඬන්න පුළුවන් ඒ සිතුවිලි ආපහු හිතට එනකොට.... මේක ලියන කොටත් ඇස් දෙක තෙමුණා...

      Delete
  19. පිස්සු හැදෙනවා අප්පා ඒ කාලේ මතක් වෙනකොට. මොන කරුමෙකටද මංදා ඉක්මනට ලොකු වෙන්න බලං හිටියේ.
    :(

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ අකමා... මටත් ඕකම හිතෙනවා... ඒ කාලෙ හිත්වල තිබ්බ සැහැල්ලුව ආයෙ කවදා ලැබේවිද... කිසිම වගකීමක් නැතිව හුළඟ වගේ හැමෝගෙම ආදරේ විඳ විඳ පා වෙවී හිටපු කාලෙ...

      Delete
  20. Replies
    1. බොහොම ස්තුතියි රොහාන් ඇවිත් කියවල ගියාට...

      Delete
  21. බුඩු අම්මෝ..මාටින් කිව්වම මතක් උනේ. ඔයිට සමාන චරිතයක් හිටියා අපේ ඉස්කෝලේ පොඩි පොඩි මේසන් වැඩ වගේ ඒවා කරන්න. අලුත හදපු ටැප් එකක බේස් එක උඩ සිමෙන්ති වේලෙන්න කලින්, පස්සේ මතක් වෙන්න කියලා අපේ සිරිපතුල් මාක් කරන්න ගිහින් ගුටි නොකෑවා විතරයි මනුස්සයගෙන්.

    ReplyDelete
    Replies
    1. හයියෝ... හී..හී... ඇති ගුටි නොකා බේරුනා... කෙල්ලො ටික එකතුවෙලා උන්දට මොකුත් කළේ නැද්ද...? ආයෙ වෙන මොකුත් ඕනය, අර කරන්න ගිය එකම මදැයි නේද... :D

      Delete
  22. හිකිස්...

    අපේ උන් සෙක්ෂන් එකම හේදුව බං එකෙක් චූ කරල මාට්ටු වෙලා :)

    ReplyDelete
    Replies
    1. අපේ ඔය නමයෙ පන්තියත් එක දවසක් කක්ක පන්තියක් උනානෙ කොල්ලෙකුට එහෙම එකක් වෙලා.. බලහං අච්චර ලොකු කොල්ලෙක් වෙලත්... අනිත් එවුන් ඌට බැන්නා අර මං කියපු හබරල ගාලටවත් ගියේ නැහැයි කියල... හොඳ වෙලාවට අන්තිම පීරියඩ් එකේ... කෙල්ලො ටික කලින් ගෙදර ගියා... කොල්ලො ටික පන්තිය සේදුවා... අරකා කොහොම ගෙදර ගියාද දන්නෑ... ඌ සතියක් විතර ඉස්කෝලෙ ආවෙත් නෑ ලැජ්ජාවට... චූ පාර තව හොඳයි බං... :D

      Delete
  23. ඉස්කෝලෙ කාලේ මතක් වෙද්දි ආයෙමත් ඒ අතීතයට යන්න හිතනවා නේද මියුරු..මාර මතක සටහනක් මියුරුගෙ :D

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ෆාතිමා... මතක් කර කර රස විඳින්න පුළුවන්... බොහොම ස්තුතියි... :D

      Delete
  24. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. හොඳයි යසිරු...

      Delete
  25. අපි ඉස්කෝලෙ ගිය කාලෙ කලු ලෑල්ල කලු කලේ පහන් දැළි වලින් ඒකටත් මාර කලු පාටක් එන්නේ. වැට එරඬු කිරි විලන් කලු කරාම නියමයි.

    මේවා හොඳ අත්දැකීම් ජීවිතය ලබාගන්නා දේවල්

    ReplyDelete
    Replies
    1. ඒ පහන් දැලි එකතු කළේ කොහොමද දයා...? කළුලෑල්ලක් කළු කරන්න ගොඩක් ඕන වෙනවනෙ... ඔය වැට එරඬු කතාව මං කලින් කාගෙ හරි පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකකදි දැක්කා මිසක් ඒකත් මොකක්ද කියල දන්නෙ නෑ... වැට එරඬු දන්නෙත් නෑනෙ... අපි වෙන නමක් කියනවද දන්නෙ නෑ... අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු දැකපු එකම ක්‍රමය තමයි ඔය බැටරි කුඩු කතන්දරේ...
      බොහොම ස්තුතියි ඔයාගෙ අත්දැකීමත් මේකට එකතු කළාට... :D

      Delete
    2. කෙහෙල් ගහකින් අඩියක විතර පට්ටයක් ගලෝලා ඒක දෙපැත්තෙන් ආධාරක දෙකක රඳොලා මැදින් කුප්පි ලාම්පුවක් තියනවා. ඒකෙ තියෙන ලාම්පුතෙල් දල්ලට දැලි එකතු වෙනවා. සරින් සැරේ හූරලා ගන්නවා.

      එරඬු කොලේ නැට්ට කැඩුවම එන කිරි පොඩි කුප්පියකට එකතු කරගන්නවා පැය ගානක් ගම වටේ ගිහිං. (හැබැයි ගහටත් කොළ ඉතුරු කරන්න තරම් නොදැනුවත්ව හරි පරිස්සම් උණා)

      ඔය දෙක එකතු කරලා පල්ප් එකක් හදා ගන්නවා. හැබැයි ඒකෙ සාන්ද්‍රනයනම් මතක නෑ. තුන වසරේ මතකයක් තියෙන්නේ. කෙහෙල් මුවක් දෙකට කඩලා අරකේ ඔබ ඔබා කළු ලෑල්ලේ අතුල්ලනවා.

      හප්පේ.. එදාට අපිට ගුරුවරුන්ගෙන් ලැබුණු සැලකිල්ල.....

      Delete
    3. අනේ බොහොම ස්තුතියි අකම් මේක විස්තර කළාට... පළවෙනි වතාවට දැනගත්තෙ... බලන් ගියාම ඒ වැඩේ හෙන කෝස් එකක්නෙ... සෑහෙන වෙලාවක් යනව ඇතිනෙ අර පත කළුලෑල්ලට ඕන තරම් හොයාගන්න... බැටරි නම් කලින්ම පන්තියේ ළමයින්ට කියනවා ගෙදර අහක දාපුවා ගේන්න කියලා.... බැටරි කුඩු වලින් කළු කරන බව දන්නව උනාට ඒවට මොනවා මිශ්‍ර කරනවද කියල දන්නෙත් නෑනෙ...
      අර ලින්ක් එකටත් ගොඩාක් ස්තුතියි... ඒක බැලුවම තමයි තේරුනේ මං ඒ ගස් දැකල තියෙන බව... අපි ඒවට වෙන නමක් කිව්වද මන්දා... පොඩ්ඩක්වත් මතක් උනේ නෑ...
      ගුරුවරුන් සලකන්න ඕන තමා වැඩේ බලනකොට... :D

      Delete
    4. ඔය දේවල් කට්ටියට බෙදලා දෙනවා. එතකොට ගොඩක් දඟලන්න ඕනි නෑ. බැටරි කුඩුත් භාවිතා කලාට ඒ ගැන එච්චරම මතකයක් නෑ. අනික එව්වා විසයිත් එක්ක.

      එදාට ෂර්ට් උඩින් දාගෙන, සපත්තු ගලෝගෙන.... හප්පේ.... අපි තමයි අයියලා. (කොට කලිසම් අඳින :))

      Delete
  26. ඔය රෙජිස්ටරේ ප්‍රශ්නෙට තියෙන විසඳුම වාරය අන්තිමට හරි, අවුරුද්ද අන්තිමට හරි ඒක නැති කරවන එක! එතකොට බය නැතුව කට්‌ කළහැකි. :D

    ReplyDelete
    Replies
    1. ලොකු පන්තිවලදි නම් එහෙම කළාම ගොඩ අර කිව්ව වගේ... හික්ස්.. ඒත් මේ පල්ලෙහා පන්තිවලදි කලින් දවසෙ ආවෙ නැත්නම් පස්සෙන්දා එනකොට ගෙදරින් ලියුමක් අරන් එන්න එපායැ... අපේ උන් ඔය ලියුමත් හොරට යාළුවන්ට කියල අත්සන් ගස්සවගෙන ගෙනැත්, අහුවෙලා මාර ජංජාලයක් උනා.. :D

      මම කලින් වැඩ කරපු තැනක, ඒ කියන්නෙ පැමිණීමේ ලේඛනයෙ අත්සන් කරන්න තියෙන තැනක නම් ඔහොම වැඩක් උනා... එකෙක් නෝ පේ යන්න ඔන්න මෙන්න තියෙද්දි ඒකා අර අත්සන් ගහන එකේ ඩුප්ලිකේට් තියෙන පොතයි, නිවාඩු ලිපිකරුගෙ ලාච්චුව කඩලා ඔරිජිනල්ස් ෆයිල් කරල තියෙන ෆයිල් එකකයි උස්සලා කැළණි ගඟේ පා කරල යවල තිබ්බා... :D

      Delete
  27. අපිත් කලා මේ වගේම වැඩක්.. මේ පෝස්ට් එක බලද්දී තමා මට ආයෙම ඒක මතක් උනේ.. මම පෝස්ට් එකකම දාන්නම් ඒ ගැන..

    ReplyDelete
    Replies
    1. පාසැල් කාලෙ අත්දැකීම් දානකොට හැමෝටම මතක් වෙනව තමුන් ඒ කාලෙ කරපු වැඩ නේද... අන්න හොඳයි... ලියන්නකෝ දිනේෂ්...

      Delete
  28. දැන් පන්තිය හෝදපු කතාව කවද්ද ලියන්නෙ..!!
    කොහොම වුනත් මියුරු චිත්තරූප මවාගන්න පුළුවන් වන විදිහට ලියලා තියනවා..!!

    ReplyDelete
    Replies
    1. පන්තිය හෝදන්න උනේ නෑ අනේ ඒ වෙලාවෙ.... අර හදාගත්තු අවීචියේම බැහැල දවසම හිටියා මිසක්... එදා හවස ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ තමයි පන්තිය සේදුවෙ... කළ කළ දේ - පල පල දේ... :D

      ස්තුතියි රූ...

      Delete
  29. අපෙත් හිටියා මාටින් ගේ වැඩේ කරපු එකෙක්. උගේ නම ගාමිණි. උට කියන්නේ මැර ගාමිණී කියල. මැරයෙක් වගේ රැවුල තියෙන්නේ. බොරුවටත් ප්‍රින්සිපල්ට කේලම් කියනවා. පස්සේ අපි 10 වසරේදී වගේ ඌට ගහන්න හිටියේ. එත් පස්සේ අපිට සද්දේ දැම්මේ නැහැ. පොඩි පන්තිවලට තමා සද්ද දැම්මේ.

    මමත් කළු ලෑල්ල පාට කරන්න අහුවෙලා තියෙනවා. පොල්තෙල් ගානවා හිටපු ගමන්. එතකොට හුණු කූරෙන් ලියන්න බැහැ නේද?.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මොකද කියලා, ඉස්කෝලවල ඔය රස්සාව කරන මිනිස්සුන්ට ඔය ගති ගුණ එන්නෙ... එහෙම නැත්නම් ඒ ගතිගුණ තියෙන අයම හොයල ගන්නවද මන්දා....

      හයියෝ... පොල්තෙල් ගෑවම ලියන්න බෑ නෙන්නම්... හුණුවලින් අඳින්න බෑනෙ... අපේ ඒවයෙ නම් උනේ ළමයි තෙල් ගතිය තියෙන පැස්ටල් කූරු වලින් කළු ලෑල්ලෙ චිත්‍ර ඇඳපු එක... එතකොටත් හුණු කූරෙන් ලියැවෙන්නෙ නෑ.... :D

      Delete
  30. පසැල් ජීවිතය කාටත් මිහිරියි නේද? හැබැයි මට නම් ඒත් වැඩි යාලුවො හිටියෙ නෑ.ඒ නිසා මම ලයිබ්‍රරි එකේ තමා වැඩිපුර කාලය ගත කලේ.

    ReplyDelete
    Replies
    1. හරිම මිහිරියි තමා නිල් මානෙල්...ඒ කාලෙ ලබපු අත්දැකීම් ගැන සිහි කරනකොට දැන් පුදුම සතුටක් දැනෙන්නෙ.... පරක්කු වෙලා දෙන පිළිතුර ගැන සමාවෙන්න කියලා ඉල්ලනවා....

      Delete
  31. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි කියන ගමන් පරක්කු වෙලා උනත් ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා කියලා පතනවා, ඊළඟ අවුරුද්දට තවත් කල් තියෙන නිසා.... :D

      Delete
  32. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි කියන ගමන් පරක්කු වෙලා උනත් ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා කියලා පතනවා, ඊළඟ අවුරුද්දට තවත් කල් තියෙන නිසා.... :D

      Delete
  33. කියන්න දෙයක් නෑ.

    හිනාවෙලා කඳුලු පැන්න.

    ඔෆිස් එකේ නේද ඉන්නෙ කියල මතක් වෙලා ටික වෙලාවක් වෙන වැඩක් කරල තමයි ඉතුරු බාගෙ කියෙව්වෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සසිනි.... උත්තරයක් ලියන්න පමා උනාට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා.....

      Delete
  34. ඔය කතාව කියවද්දී මට මතක්වුනේ අපි සෙට් එක ඉස්කෝලේ ශ්‍රමදාන කළ විදිය. අපේ සෙක්ෂන් හෙඩ් ගානේ කාලා කොල්ලෝ පස්කඳු හදාගන ඒවා අදිනවා ආයේ ගොඩ කරනවා සතියක් විතර.. සර් එද්දී කොල්ලෝ වැඩ. ගියාම වෙන වැඩ.(විස්තර කරලා ලියන්න ඕනේ අප්පා මේවා..)

    ReplyDelete
    Replies
    1. අයියෝ ලියන්න.... නොලියා ඉන්න එපා... කියවන හැමෝටමත් තමුන්ගෙ පාසැල් සමය මතක් වෙලා තව තව කතන්දර මතු වේවි.... සර් ගියාම කරපු වෙන වැඩ මොනවද අප්පා.... ;P

      උත්තරයක් ලියන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා.... :(

      Delete
  35. Replies
    1. ආයෙත් අහලා අරවින්ද... කියලා වැඩක් නෑ....

      උත්තරයක් ලියන්න ප්‍රමාද උනාට සමාවෙන්න හොඳේ...

      Delete
  36. අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ඔය වැඩෙන්...
    ඈඩ් එකක්ද.
    ලස්සනට ලියල තියෙනව.සමහර තත්ව තෙරුම් ගන්න පරන ලිපි කියවන්න වෙවි නෙ

    ReplyDelete
  37. මැඩම්, කවද්ද විතරද නැගිටින්න අදහස ??

    ReplyDelete
  38. මියුරු තාම පන්තිය හෝදනවද දැං මාස හතරක් විතර නේ. . මොකෑ උනේ..

    ReplyDelete
  39. කාලෙකින් මුකුත් නොලිවෙ ඇයි?

    ReplyDelete
  40. මියුරු අක්කේ මෙච්චර කල් පන්තිය හෝදනවද??????? ලියන්නකෝ මොනවා හරි කෙහෙල් මලක්

    ReplyDelete
  41. මගෙත් මුකුත් නාහා දැම්ම මක්ක හරි කිව්ව නං හොදයි හරිය....

    ReplyDelete
  42. පාසල් යන කාලේ අපි මාර දෙවල් කරන්නේ නේද.?.

    ReplyDelete
  43. ඔයාගේ බ්ලොගයට අදයි මුලින්ම ආවේ. නැවත එන්නම්. ලියවිල්ල රහයි. ජය!!

    ReplyDelete