මං කැම්පස් හිටිය කාලෙ නැවතිලා උන්නෙ කැම්පස් එක ළඟ බෝඩිමක.... එතැන ඉඳන් කැම්පස් එකට එන්න පාරවල් දෙකක් තිබුණ.... එකක් ෂෝට් කට් එකක්.... ෂෝට් කට් එකත් එක්ක බලනකොට අනිත් පාරෙන් ගමන ඔළුව වටේ අත දාල නාහෙ අල්ලනව වගේ වැඩක්..... ඒත් ඉතින් වැඩි හරියක් ගමන අර දිග පාරෙන්... කෙටි පාරෙන් නොයන්න ලොකුම හේතුව තමයි ඒ පාර වැටිල තිබුනෙ පිරිමි ළමයින්ගෙ නවාතැනක් ඉස්සරහින් වීම..... ඒ තට්ටු දෙකේ ගෙදර හරියට කැම්පස් එකේ පිරිමි නේවාසිකාගාරය වගේ...... කොල්ලො රොත්තක්ම පදිංචි වෙලා හිටියා.... කොයිවෙලේ බැලුවත් කොල්ලො රංචක් උඩ තට්ටුවේ බැල්කනියෙ.... කෙල්ලෙක් හෙම බැරිවෙලාවත් ඔළුව හරවලා බැල්කනිය දිහා බැලුවොත් උං කරන්නෙ ඇඳන් ඉන්න සරම උස්සලා මූණ වහගන්න එක.... ඉතින් මෙලෝ කෙල්ලෙක් යන්නෑ ඔතනින්.... ගියත් යන්නෙ වැඩිහිටියෙක් එක්ක, ඔළුව පුළුවන් තරම් බිමටම නවාගෙන....
Total Pageviews
Monday, 28 November 2011
Saturday, 26 November 2011
'ඒක මගේ.........'
මේ සිද්දිය උනේ මං දෙවෙනි රස්සාව කර කර ඉන්න කාලෙ... හිරේ වැටෙන්න කලින් බොහොම සැහැල්ලුවෙන් හිටිය දවස්වල ..... ඒ කාලෙ මගේ යාළුවො කාට හරි කොහේ හරි යන්න ඕන උනාම සහයට ඩැනී කෙනෙක් ඕන නම් මාව තමයි එක්කන් යන්නෙ.... ඔන්න දවසක් මං වැඩ කළ තැන යාළුවෙකුට නෑදෑයෙකුගෙ වෙඩිමකට ආරාධනයක් ඇවිල්ල.... ඔහොම උනාම දන්නවනෙ ගෑණු පරාණවලට තියෙන වැඩ රාජකාරි.... ඉතින් ආරාධනය ලැබුණ දවසෙ ඉඳලා මගෙ යාළුවා, ප්‍රීති, පේ වෙනවා ඇඳුම් කැඩුම් ටික ගන්න යන්න.... ඒ වෙනකොට එයාට අවුරුදු තුනක විතර පුතෙක් හිටියා.... අනේ මොනතරම් පෙරුම් පිරුවත් මෙයාට දරුවව තියලා මේ වැඩේට යන්න විදියක් ඇත්තෙම නෑ.... මහත්තයටත් එන්න වෙලාවක් නෑ.... කොහොමින් හරි දැන් යන්න වෙලා තියෙන්නෙ දරුවවත් කරගහගෙන....අන්තිමේදි බැරිම තැන ඔන්න මට සිද්ද උනා සහයට ‘නැනීට’ යන්න....
Wednesday, 23 November 2011
උඹලා පේර කනවැයි...?
අපේ ගෙවල් ළඟ අයිය කෙනෙක් හිටියා අරුණ කියලා...අපි එයාට කිව්වෙ අරුණයියා කියලා.... කොයි දේ මොන විදියට කිව්වත් පොරගෙන් බේරෙන්න බෑ.... කොහොම හරි එයාගෙ වාසියට පෙරළ ගන්නවා.... ගොඩක් වෙලාවට මිනිහ හිටියෙ ගස් උඩ, ගල් උඩ...රිලව වගේ තමයි....
Sunday, 20 November 2011
ජ්‍යෙෂ්ඨ උත්තමයා.....
මොනතරම් ජගතෙක් උනත් කැම්පස් එකකට මුලින්ම යන දවසෙ යන්නෙ රැග් එකට බීත බයෙන්නෙ.... ඉතින් මටත් එච්චරයි... සහයට ඩැනී කෙනෙක් කලින්ම හොයාගත්තත් කරුමෙට, වෙලාවට උන්ද ආවෙත් නෑ මාව දොක්කං යන්න.... අනේ ඉතින් ඉතිපිසෝ ගාථාව කිය කියා තමයි ගියේ.... ගේට්ටුව පහුකරනකොටම මෙන්න ඉන්නව යකෙක් වගේ එකෙක්, කාව හරි අහුලගන්න බලාන.... අපොයි ඉතින් මං කකුල් දෙකේ නියපොතු දිහා බල බල මගේ පළමු චෙක් පොයින්ට් එක පාස් කරන්න හැදුව විතරයි,
Tuesday, 15 November 2011
නම් තියපු හැටි......
මං පොඩි කාලෙ අපේ ගෙවල් පැත්තෙ හිටිය මගේ යාළුවො හැමෝටම වගේ එයාලගෙ දෙමව්පියො තියපු නිත්‍යානුකූල නමට අමතරව ගෙදරට කියන තවත් නමක් තිබුන.... අර මං කලින් කියපු රාළහාමිට වගේ... සමහරුන්ගෙ නම් ඉතින් සබාවක කිව්වොත් වෙන්නෙ අර රාළහාමිට වෙච්චි දේම තමයි....
Saturday, 12 November 2011
ඔසියෙක් සමග කෑමක්.....
ඔන්න දවසක් අපේ මහත්තයගෙ මෑතකදි කැන්ගරු දේශයට ආව යාලුවෙකුට ඔසියෙකුගෙන් ආරාධනාවක් ලැබිල රාත්‍රී භෝජන සංග්‍රහයකට.... සුද්ද යාළුවගෙ කැම්පස් එකේ එකෙක්... මෙයා කසාද බැඳපු කෙනෙක් නිසා ජෝඩුවටම තමයි ආරාධනාව ලැබිල තියෙන්නෙ... හැබැයි භෝජන සංග්‍රහය තියන්න සැලසුම් කරල තියෙන්නෙ fine dinning restaurant එකක.... හැමෝම දන්නව ඇතිනෙ මේ වර්ගයෙ restaurants, dress code එකක් එහෙම තියෙන බොහොම formal විදියට හැම දෙයක්ම සිද්ද වෙන තැන් බව... ඒ වගේම තමයි කෑමත් අනිත් සාමාන්‍ය තැන්වලට වඩා ගොඩක් මිළයි...Friday, 11 November 2011
කුඩු කෑ විත්තිය.........
කාලයක් මම වැඩ කළා මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක... මං වැඩ කළ අංශෙ වැඩිපුරම හිටියෙ පිරිමි.... ඔවුන් ඔක්කොම වගේ කසාද බැඳපු අවුරුදු තිහ හතළිහ වයස් පරාසයෙ හිටපු අය... මං තමා පොඩිම එකාත් අලුත්ම එකාත් උනේ.... ඒ උනාට වැඩ කරන්න ගියාම නම් ගෑනු පිරිමිකම්වත්, ලොකු පොඩිකම්වත් නෑ දෙගොල්ලොම එක හා සමානව බැහැල වැඩ කරන්න ඕන යම් යම් ටාගට්වලට යන්න... ඉතින් මට කෑම වෙලාවට කෑම කන්න උනෙත් මේ අයත් එක්ක.... ඒක හරියට දඬුවමක් වගේ.... ඇයි මුන් ටික කණ පිරෙන්න කියන කුණුහරප ටිකත් අහගෙන ඉන්න එපායැ... ඒ මදිවට ඔක්කොම මාතෘකා ගෑනු ගැන... උදේ වැඩට එනකොට දැකපු ගෑනියෙකුගෙ හරි, වෙනත් අංශෙක වැඩ කරපු ගෑනියෙකුගෙ හරි මොකක් හරි දෙයක් අල්ලගෙන කුණුහරපයක් කියල හිනාවෙන එක තමයි වැඩිපුරම කළේ... මං නැති වෙලාවට මටත් එච්චරයි තමා කියල මට හිතුන... සාරිය ඇඳන් වැඩට ගිය නිසා ඇඳුමෙන් ප්‍රශ්නයක් නොවුනට සාරි පොටට එහෙන් මෙහෙන් කටු ගහගෙන වැඩිය හෙල්ලෙන්නෙ නැති විදියට තමයි ඒකත් ඇඳගෙන ගියේ... අපොයි වින්ද දුකක් ඒ කාලෙ....
Saturday, 5 November 2011
Teamwork.....
Wednesday, 2 November 2011
බිත්තරයක් කළ හදියක්...!!
අපි පුංචි කාලෙ අපේ ගෙදර නැවතිලා හිටියා අම්මගෙ ලොකු මාමන්ඩි.... අපි එයාට කිව්වෙ ලොකු සීයා කියලා... මේ ලොකු සීයා වැඩ වාසය කලේ අපේ ගෙදර ඉස්සරහ කාමරේ... එයා හරියට වෙලාවට, කාලසටහනකට වැඩ කල එක්කෙනෙක්... පාන්දර පහට නැගිටලා පැය භාගයක් සක්මන් කරනවා... පහයි තිහට උදේ තේ එක ... හයහමාරට මූන කට හෝදගෙන හතහමාර වෙද්දි උදේ කෑම එක ඕන... දහයාමාරට තේ එක, හරියට දොලහට දවල් කෑම, තුනහමාරට හවස තේ, රෑ අටට රෑ කෑම, නවයට විතර ප්ලේන්ටියකුත් බීලා නවහමාරට තමයි නිදාගන්න ඇඳට යන්නෙ.... ලොකු සීයා හැමදාම හවස හයහමාරට බුදුන් වඳිනවා... අපි මොනතරම් නටලා දඟලල හිටියත් හරියට වෙලාවට මූන කට හෝදලා, අලුත් ඇඳුම් ඇඳගෙන, පවුඩර් දාලා පිරිසිදුව ඉන්න ඕන වැඩේට ලැහැස්ති වෙලා... සීය තුන් සූත්තරේම කියල නිසා වැඩේ ඉවර කරන්නෙ, බුදුන් වැඳල ඉවර කරන්න සෑහෙන වෙලාවක් යනවා...
Subscribe to:
Posts (Atom)