අපි පුංචි කාලෙ අපේ ගෙදර නැවතිලා හිටියා අම්මගෙ ලොකු මාමන්ඩි.... අපි එයාට කිව්වෙ ලොකු සීයා කියලා... මේ ලොකු සීයා වැඩ වාසය කලේ අපේ ගෙදර ඉස්සරහ කාමරේ... එයා හරියට වෙලාවට, කාලසටහනකට වැඩ කල එක්කෙනෙක්... පාන්දර පහට නැගිටලා පැය භාගයක් සක්මන් කරනවා... පහයි තිහට උදේ තේ එක ... හයහමාරට මූන කට හෝදගෙන හතහමාර වෙද්දි උදේ කෑම එක ඕන... දහයාමාරට තේ එක, හරියට දොලහට දවල් කෑම, තුනහමාරට හවස තේ, රෑ අටට රෑ කෑම, නවයට විතර ප්ලේන්ටියකුත් බීලා නවහමාරට තමයි නිදාගන්න ඇඳට යන්නෙ.... ලොකු සීයා හැමදාම හවස හයහමාරට බුදුන් වඳිනවා... අපි මොනතරම් නටලා දඟලල හිටියත් හරියට වෙලාවට මූන කට හෝදලා, අලුත් ඇඳුම් ඇඳගෙන, පවුඩර් දාලා පිරිසිදුව ඉන්න ඕන වැඩේට ලැහැස්ති වෙලා... සීය තුන් සූත්තරේම කියල නිසා වැඩේ ඉවර කරන්නෙ, බුදුන් වැඳල ඉවර කරන්න සෑහෙන වෙලාවක් යනවා...
ඉතින් මේ කියන දවස්වල මට වයස අවුරුදු දහයක් විතර ඇති...අපේ ගෙවල් ලඟ ගෙදරක කිකිලියො ඇති කලා.... උන් අහුලං කාපු එවුන් නිසා එහෙන් ගේන බිත්තරවල කහමදේ තැඹිලිම තැඹිලි පාටයි... අපි හරි ආසයි ඒවා කන්න... එදා නැන්ද එහේ යනකොට එක බිත්තරයයි ඉතුරුවෙලා තිබිල තියෙන්න... එයා ඒකත් අරගෙන ගෙදර ආව... ඒක දැක්ක ගමන් මං ටක් ගාල බුක් කලා බිත්තරේ මට කියල.... (මේ නැන්ද තමයි අර ලිඳ ලඟට ගිහින් බය උනු පාර මා විසින් හතුරන් ජයග්රාහීව මර්ධනය කොරල යාන්තම් පන බේරගෙන (මගේ නෙවෙයි එයාගෙ) ගෙදර එක්කොරාන ආව එක්කෙනා....) අපේ නැන්දගෙ favourite තමයි චූටි නංගි... මෙයා පුංචි කාලෙ ඉඳන් කෙල්ලට කවලා කවලා ඒකි අලි බාගයක් විතර ඇති ඒ වෙනකොට... (දැන් අපේ සුට්ටං නංගිගෙ පවුලම කොච්චර සුට්ටංද කියල කියනව නම් අපේ අම්ම ඒ පවුලට කියන්නෙ 'අපේ තුන්පත් රෑන' කියල....)
ඉතින් මේ කියන දවස්වල මට වයස අවුරුදු දහයක් විතර ඇති...අපේ ගෙවල් ලඟ ගෙදරක කිකිලියො ඇති කලා.... උන් අහුලං කාපු එවුන් නිසා එහෙන් ගේන බිත්තරවල කහමදේ තැඹිලිම තැඹිලි පාටයි... අපි හරි ආසයි ඒවා කන්න... එදා නැන්ද එහේ යනකොට එක බිත්තරයයි ඉතුරුවෙලා තිබිල තියෙන්න... එයා ඒකත් අරගෙන ගෙදර ආව... ඒක දැක්ක ගමන් මං ටක් ගාල බුක් කලා බිත්තරේ මට කියල.... (මේ නැන්ද තමයි අර ලිඳ ලඟට ගිහින් බය උනු පාර මා විසින් හතුරන් ජයග්රාහීව මර්ධනය කොරල යාන්තම් පන බේරගෙන (මගේ නෙවෙයි එයාගෙ) ගෙදර එක්කොරාන ආව එක්කෙනා....) අපේ නැන්දගෙ favourite තමයි චූටි නංගි... මෙයා පුංචි කාලෙ ඉඳන් කෙල්ලට කවලා කවලා ඒකි අලි බාගයක් විතර ඇති ඒ වෙනකොට... (දැන් අපේ සුට්ටං නංගිගෙ පවුලම කොච්චර සුට්ටංද කියල කියනව නම් අපේ අම්ම ඒ පවුලට කියන්නෙ 'අපේ තුන්පත් රෑන' කියල....)
ඉතින් ඔන්න අපි එදත් ලෑස්ති උනා බුදුන් වඳින්න යන්න.... හරියට හයහමාර වෙනකොට අපි ටික පෝලිමට ගිහින් සීයගෙ කාමරේ දොර රෙද්දෙන් ඇතුලට යනකොටම මං දැක්ක නැන්ද ඇවිත් චූටි නංගිගෙ අතින් අදිනව... මේක මට ඇල්ලුවෙම නෑ....මං කාමරේ ඇතුලට ගිහින් පස්ස හැරිලා බලනකොට චූටි නංගි මිසිං...!! කාමරේ ඇතුලට ගිහින් සීයගෙ ඇහැට දර්ශනය උනාට පස්සෙ නෝ හෙල්ලුම්... දැන් ඉතින් හිටපල්ලකො පිරිත් කියල ඉවර වෙනකම්....ඒ වෙලාවෙ මට ගණ දෙවි නුවණ පහළ උනා... මං වාඩි උනා දොර රෙද්ද කිට්ටුවෙන්... ටික වෙලාවක් ගිහින් බුදුන් වැඳිල්ල නැගලා යනකොට මං සීයට නොපෙනෙන්න හෙමිහිට ටික ටික පස්සෙන් පස්සට රූටල රූටල ගිහින් කොහොම හරි රිංගුව දොර රෙද්දෙන් එලියට... දනි පනි ගාල නැගිටගත්තු මං නංගිව හොය හොයා යනකොට ඇහැ කොනට දැක්ක කවුදෝ කෑම කාමරේ මුල්ලක ගොඩ ගහල තිබුනු වී ගෝනි උඩ කරුවලේම වාඩිවෙලා ඉන්නව... මං ගිහින් බැලුවා... බැලින්නම් චූටි නංගි බත් කනව... එයාගෙ පිඟානෙ දිලිසි දිලිසි තිබුනෙ මොකක්ද.... කාල ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුනු මගේ රත්තරන් බිත්තරේ...!! හපොයි දෙයියනේ... මගෙ බිත්තරේ.....!! මගේ මූන දැකපු නංගි පිඟානත් අරගෙනම කොහෙන් ගියාද දන්නෑ....
මට දැන් ඇඬෙනව... මුන් මගෙ බිත්තරේ නංගිට දීල... මං ඇඬුව... නිකම් නෙවේ... ගිරිය යටින් කෑගහල ඇඬුව.... කිසි කෙනෙකුට බැරි උනා මාව නවත්තන්න.... අම්මල, බුදුන් වැඳිල්ල නවත්තල දුවගෙන ආව ලොකු සීය, නොයෙකුත් දේවල් ගෙනත් දෙන්න පොරොන්දු උනා... ඒ උනාට ඒ එකක්වත් වගේද මගෙ බිත්තරේ.... මං තව තව හයියෙන් කෑ ගහල ඇඬුව... අපේ ගේ තිබුනෙ පොඩි කඳු ගැටයක් උඩ... හයියෙන් කතා කලත් වටටම ඇහෙනව... ඒ නිසා මගේ මොරේ ලවුඩ්ස්පීකරේ දැම්ම වගේ හතරවටේටම ඇහෙන්න ඇති...වැඩි වෙලාවක් යන්න කලින් මෙන්න කවුද දොරට ගහනව... ආපු කෙනාට ඇහුනොත් ලැජ්ජ නිසා මගේ ඇඬිල්ල ඉකි ගැහිල්ලකට පෙරලුනා.... අම්ම දොර ඇරල බැලින්නම් අනේ අපොයි ගමෙන් බාගයක් එතැන.... සමහරු බේතුත් අරන් ඇවිල්ලා බඩේ රුදාවක්වත් වෙන්නැති කියලා.... අම්ම විස්තරේ කිව්වට පස්සෙ සමහරු කම්මුලේ අත තියාගත්ත.... 'ඉතින් ඕකට ඔච්චර අඬන්න ඕනෙයි.. අපි හිතුව මේ වෙන මොනව හරි විපැත්තියක් වෙලාය කියල..'
එයාල නං කියයි.. මගෙනෙ බිත්තරේ......
හප්පේ දැනුත් එහෙමද?
ReplyDeleteඅපේ අක්කගෙ පුතා දවසක් ඇහැ තියාගෙන ඉඳල අන්තිම මාළු කෑල්ල බෙදා ගන්න. ඒක උගේ අක්ක බෙදා ගෙන. මොර දුන්නලු "අක්ක මගෙ මාළු කෑල්ල කෑවා....." කියල.
ReplyDeleteගෙදර නං කමක් නැහැ, නුවර ඒ කාලේ තිබ්බ ටිකක් පොෂ් හෝටලේක, "ලියොන්ස්'' කියල.
අල්ලපු මේසෙක හිටිය කෙනෙක්, එයාට තිබුන මාළු දීසිය දීල තමා මුගේ විලාපෙ නවත්තගෙන තියෙන්නෙ.
(එතකොට වයස අව්. 5 ක් විතර ඇති, දැන් නං වයස 30 ක විතර විවාහකයෙක්)
ප.ලි.
මේ පෝස්ට් එක මගෙ සයිට් එකේ අප්ඩේට් වෙලා නැහැ
අර බේත් අරං ආපු එවුන් බිත්තරේ ගානෙ ගෙනාවනං වැඩේ හරිනේ.
ReplyDeleteහපොයි මෙහෙමත් පෙරේතයෙක් !
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්,
ReplyDeleteදැන් මට මගේ පොඩි උන් දෙන්න හිටු කියල රිටර්න් එක දෙනව.... හබී මේ කතාව දන්න නිසා ඒ වෙලාවට එයා කියනව 'ඔය අම්මිගෙන් ලැබුනු genes..ආරෙට ...'කියලා....
@ ඔබා මාමා,
ReplyDeleteමං 'ලියොන්ස්' එක ගැන දන්නව.... අක්කලාට පොලව පලන් යන්න හිතෙන්න ඇති නේද....හික්ස්..
අනේ බලන්නකො මට වෙච්චි වැඩේ, මම මේ බ්ලොග් වැඩේට යන්තම් අතගහලා වැඩේ අල්ලන් යන්න හදනකොටම, පුදපු ගමන් කාපි යකා කියලා dashboard functions වෙනස් කලානෙ...අන්තිමට මේ පෝස්ට් එක දාල බලනකොට ඒක මගේ බ්ලොග් ලිස්ට් එකටවත් එන්නෙ නෑ... මටත් තේරුනා වැඩේ වැරදිලා කියලා... අනේ පුලුවන් නම් හිච්චි කුප්පියක් දාන්නකො මොකක්ද කරන්න ඕන කියලා...
@ රාජ්,
ReplyDeleteඒත් හරියන්නෑ අනේ... තාත්තා එවෙලෙම කඩේ ගිහින් බිත්තර ගේන්නත් හැදුව... ඒත් මට ඕන උනේ අර නංගි කාපු බිත්තරේමයි....
@ Chathuranga Perera,
ReplyDeleteකියලා වැඩක් නෑ අනේ... ඔය වෙලාවට වැඩිය අඬන්නෙ අර තමුන්ට අයිති දෙයක් තමුන්ට හොරෙන් වෙන එක්කෙනෙකුට දීපු එකේ වාඩුව ගන්නනේ...තරහට...
ඉස්සිස්සෙල්ලම මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දාලා ගිය ඔයාව සාදරයෙන් පිලිගන්නවා... බොහොම ස්තුතියි...අපිත් එන්නම්කො ඒ පැත්තෙ....
මාත් පටං අරන් වැඩි කාලයක් නැති නිසා, වැඩිය සෙල්ලං දාන්න දන්නෙ නැහැ. මම පොස්ට් එකක් පබ්ලිෂ් කලාම පැය බාගෙකට විතර පස්සෙ බලනව, වෙන අයගෙ බ්ලොග් වල මගෙ පෝස්ට් එක අප්ඩේට් වෙලාද කියල.
ReplyDeleteසැරයක් දෙකක් අප්ඩේට් වෙලා නැති බව දැක්කම, මම කලේ පොස්ට් එක edit ගිහින්, නිකම් ආයෙත් update කරලා නැවත පබ්ලිෂ් කරන එක. කරපු හැම වතාවෙම හරි ගියා. හරි නොගියොත් කියන්න, යාලුවෙක් ඉන්නව කරන්න ඕනේ දේ අහගත්තකි.
අනේ බොහෝම ස්තුතියි ඔබා මාමෙ... ඔන්න මං ඒකත් කලා.... බලමුකො තව පැය බාගයකින් විතර.... මගේ ලිස්ට් එකෙත් අප්ඩේට් වෙන්නෙ නැතිව තිබුනෙ... දැන් ඒක නම් හරි....
ReplyDeleteහික්ස්...අනේ මමත් හරි ආසයි ඔය තැඹිලි පාට බිත්තර කන්න...ඉතින් අර ගමේ මිනිස්සු ටිකට හිතුනේ නැද්ද මේ පෙරේති ට බිත්තරයක් ගෙනල්ල දෙන්න :) ?
ReplyDeleteබිත්තර නෙවේ අනේ... පොඩි එකෙක් නොවුන නම් පෙරේතිට හොම්බට දෙකක් අනින්න හිතෙන්න ඇති...ඇයි සමහරු ඇවිත් තිබුනෙ පොඩි එව්වොත් උකුලෙ ගහගෙන නොවැ...
ReplyDeleteකාපු එව්වො මිසක් ඒ බිත්තරවල රහ දන්නවයැ අනිත් අය නේද...?
අනේ ඇත්තට මෙහෙමත් පෙරේත කෙල්ලක්
ReplyDeleteහිකිස්....
අර ඇඩිල්ලේ සද්දේ ඇහිලා දුවගෙන ආව සෙට් එක අයේ දවසක ඇඩිල්ලක් ඇහුනා නං දුවගෙන එන්නේ නැතිව ඇති.. නිකං අර කොටියා කෑවෝ සීන් එක වගේ...
ඕං නෝටියා අද තමා මුලටම මේ දිහා ආවේ... දැං ඉතිං දිගටම නෝටියා එනවා හොදේ...
ඒ ඇඬිල්ලට අහගනිපු දේවල්වල හැටියට ඉන් පස්සෙ නම් අඬන්න කට අරිනකොටම ඉක්මනට වොලියුම් එක අඩු කරගන්නවා..... ඔය කොටියගෙ කතාවත් ගෙදර අය ඒ දවස්වල මට කිව්වා... ඒක අහල නම් මම ඇත්තටම බය උනා... :)
ReplyDeleteපලවෙනි වතාවට මේ පැත්තෙ ආව නෝටියාව සාදරයෙන් පිලිගන්නවා...දිගටම මේ පැත්තෙ එයි කියලා හිතනවා...බොහොම ස්තුතියි... අපිත් එනව ඒ පැත්තෙ හොඳේ...
මොනවා උනත් නැන්දලා කරපු වැඩේ හරියි කියන්න බැහැ.
ReplyDeleteඑයාලට තිබුනෙ ඔයාල දෙන්නටම සම සමව ඕක බෙදල දෙන්න...
එහෙමනම් ඔයාට ලතෝනි ගහන්න වෙන්නේ නැහැනේ.
ලොකු අය මීට වඩා පොඩි ළමයි ගැන කල්පනා කරලා වැඩ කරනවානම් මේ වගේ කලබගෑනි වෙන්නේ නැහැනේ
කොහොම උනත් ඔයාගේ පෙරේත කමේ තරමත් අපිට හිතා ගන්න පුළුවන්....
හික්... හික්....
(ඔයාගේ අලුත් පෝස්ට් දෙකම මගෙත් අප්ඩේට් වෙලා නැහැ
දිල් ගේ දිහාවේ ඔයා දාපු කොමෙන්ට් එකක් දැකල තමයි මම ආවේ)
ඔයාගේ පෝස්ට් එක ගැන බලද්දී තමයි මම දැක්කෙ මම දාපු පෝස්ට් එකත් කොහෙවත් අප්ඩේට් වෙලා නැහැනේ.
anee paw ahinsaka chuty nangi.mata nam duka eyaa gena thamai....
ReplyDelete@ ලොකු පුතා,
ReplyDeleteඔයා කිව්ව එක ඇත්ත...අපේ නැන්ද ඔය වගේ වැඩ හරියට කළා අම්මලට නොදැනෙන්න... ඒ කාලෙ නම් මාර ජුවල් ඒවට... දැන් නම් හිනා යනව...
අනේ ඒක නේන්නම් මල්ලි... දැන් මේකට එන්නෙ අහම්බෙන් එන අය විතරයි... යාලුවොන්ගෙ සයිට් වලට ගිහින් කියන්න වෙලා මට.... හරිම හිතට අමාරුයි... ඔයා හොයාගත්තොත් ගොඩ යන විදියක් මටත් කියන්න....
@ ඇනෝ,
ReplyDeleteඅනේ...අනේ... ඔයාට දුක හිතුනෙ චූටි නංගි ගැන එහෙනම් ආ.... ඒ මොකද කියල මටත් හිතෙනව.. sniff...sniff....sniff :O :P
ඔය නගාලගෙ හැටි ඔහොමම තමයි. ගනන් ගන්න එපා මෙයා........
ReplyDeleteහෙහ්...හෙහ්...හෙහ්.. නගාලගෙ හැටි මං නොදන්නවැයි.... ;P
ReplyDeleteඅපේ ගෙදර නම් කනේ පාර තමා කන්න වෙන්නේ ඔහොම සද්ද බද්ද දැම්මොත් :)
ReplyDeleteරත්තරං බිත්තරේ.වැඩේ වැරදී තමා බිත්තරේ ඔයාගෙනේ ඒක මොකටද නංගිට දුන්නෙ නේද?
ReplyDelete@ සාබිත්,
ReplyDeleteඅපේ ගෙදරත් පාරවල් කන එකේ සීමාවකුත් නෑ.. ඒත් ඔය වෙලාවට ඒක මතක් උනේ නෑ... ගුටි දුන්නෙ නම් නෑ ඒ වෙලාවෙ... තවත් අඬයි කියල හිතන්න ඇති... මොන මොනව හරි කියල ඇඬිල්ල නවත්ත ගන්න තමයි ගෙදර අය බැලුවෙ... :)
@ නදී,
ReplyDeleteඒකනෙ අනේ... ඔන්න ඔයාට විතරයි ඒක තේරුනේ... මගෙ සත්තලං බිත්තලේ.. :D
හරිම අසාධාරනයි. ඔයා කලින්ම බිත්තරේ බුක් කරලනෙ තිබුණෙ. එතකොට ඒක ඔයාට දෙන්න ඕන අර විදිහට තමන්ගෙ ෆේවරිට් එකාට දෙන්නෙ නැතුව. එහෙම නැත්නම් තියෙන එක බිත්තරේ කට්ටියටම බෙදල දෙන්න ඕන. ඒත් බැරිනම්, හැමෝටම බිත්තර නැති දවසට බිත්තර නොහදා ඉන්න ඕන. මහ ජරා නැන්දා කෙනෙක්. ඔයා පව්ව්ව්ව්.
ReplyDelete@ නලිනි චන්දිමා,
ReplyDeleteඒක තමයි අනේ... බලන්නකෝ... මම පව්ව්ව්ව්.... :)
අර පින්තූරේ ඉන්න ළමයා අඬවා වගේද ඇඳුවේ ? තාමත් එහෙමද දන්නේ නෑ. එතකොට මහත්තයාට යන එන මන් නැති වෙන වැඩක් තමා.
ReplyDelete@ මධුරංග,
ReplyDeleteආපෝ... ඊටත් වැඩිය පළලට කට ඇරිල තියෙන්නැති... :)
දැන් නම් අඬන්නෙ නෑ, ඇඬුවට වැඩක් නැති නිසා... :'(
පින්තූරේ එක්ක අක්කව මැවිලා පේනවා කෙල්ලෝ ඔහොම්මයි පොඩි එව්වෝ මීටත් හපං මාත් මේ අනාගතේ දරුකමට හදාගන්න කියලා ඉන්න කෙල්ලත් ඔහොම්මයි
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteඑහෙනං ඉතින් දැම්ම තියා සූදානම් සරීරෙන් පුතේ.... :D
හි හි හොදමයි ලොකු අම්මේ (ඔන්න කියන්න කියපු නිසා කිව්වා සැලෙන්න එපා හොදේ)
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteපික්ෂුද... එහෙමත් සැලෙනවද... ;P
මියුරු අර බිත්තර ගම් බිත්තර වෙන්න ඕනේ ඒවා මාර රහයි.අපෝ මටත් පෙන්නන්න බැරි වැඩක් හැමදේම නංගි එක්ක බෙදන් කන එක ඒ නිසා මම පොඩිකාලෙම නීතියක් දාල තිබ්බ ඕනෙම රස කෑමක් ගේනවනම් බෙදිලි නෑ අපි දෙන්නට දෙකක් ඕනෙ කියලා
ReplyDeleteබිත්තර කියද්දී තව කතාවක් මතක්වුනා ඒත් අපේ ආච්චිගේ ගෙදරදි ,මට අවුරුදු 3 යි .දවසක් ආච්චි කිව්ව ලොකු මාමට බිත්තර දුසිමක් ගේන්න කියලා කඩෙන් . ලොකුමාමා එක්ක මාත් එල්ලිලා කඩේ ගියා .බිත්තර දුන්නේ කඩදහි බෑග් දෙකකට එකක හයක් වෙන්න . මාමා එක බිත්තර මල්ලක් මගේ අතට දීලා කිව්වා දැන් බලමු අපි දෙන්නගෙන් කවුද ඉක්මනටම ආච්චිට බිත්තර මල්ල ගෙනිහින් දෙන්නේ කියලා . ගෙදර මිදුල ගාවට ආව විතරයි අපි දෙන්න දුවන්න ගත්තා .මාම මට ඉස්සරවුනා දොර ගාවදී , කෑම සාලේ ගාවදි අපි දෙන්න එකම තැන ..එතන පඩි පෙලෙන් බැහැලා කුස්සියට යන්න ඕනේ. පරණ ගෙවල් වල කුස්සිය ඈතින් නේ හදන්නේ .මට තේරුනා මම පැරදි කියලා .කුස්සියේ දොර ගාවටම යනකොට මම කෑගහලා මෙහෙම කිව්වා "මෙන්න ආච්චියේ බිත්තර , ඔන්න අල්ලගන්න කියලා බිත්තර මල්ල කුස්සියේ දොරකොඩ ඉඳන් ලිප ගාව හොද්දක් උයමින් හිටි ආච්චි දිහාට විසි කරා . මම දිනුම් :) .අහන්න දෙයක් නෑනේ බිත්තර වලට වුනේ මොකද කියලා හි හී
අයියෝ...හික්..හික්..හික්...
Deleteආච්චිට නාන්න උනාද දන්නෑ ඉවිල්ල පැත්තක තියල....