අපේ බාල මාමා, අම්මගෙ දෙවෙනි මල්ලි නිවුන්නෙක්.... එයාගෙ අනිත් බාගෙ පුංචි කාලෙම මොකක්දෝ බෝවෙන ලෙඩක් හැදිල මියෑදිලා.... ඒක අත්තම්මගෙන් දැනගත්තාම මට හිතුන අනේ එයාත් හිටියා නම් කියල... එහෙම උනා නම් එයා මොන වගේ වෙයිද.... බාල මාමා වගේ වෙයිද...මට ආදරේ වෙයිද...එහෙම උනා නම් මං එයාට කතා කරන්නෙ මොකක් කියලද වගේ දහසකුත් දේවල් මට හිතුනා... ඒත් මං ඒ කිසි දෙයක් බාල මාමගෙන් ඇහුවෙ නෑ එයාට දුක හිතෙයි කියල මට හිතුනු හින්දා.... ඒ උනාට එයා කවදාවත් ඒ අනිත් බාගෙ ගැන කතා කරනව මට ඇහිලා නෑ... පොඩි කාලෙම වෙන් වුනු හින්දා ඒ ගැන හැඟීමක් නැතුවද දන්නෙත් නෑ.... අනේ ඉතින් එයාගෙ හැඩ රුව මොන වගේද කියල බලන්නවත් ෆොටෝ එකක්වත් තිබ්බෙ නෑ...