
හරි නම් මේ එලයිසාට පර්ත්වල හොඳම ඇඳුම ඇඳපු එක්කෙනාට හිමි තෑග්ග නිතර ලැබෙන්න ඕන... මෙල්බර්න් කප් එක දවසෙ ලස්සන ඩිසයිනර් ගවුමක් ඇඳලා තොප්පියකුත් දාලා ෂැම්පේන් වීදුරුවක් අතේ තියාගෙන ඉන්න ඈ, ඕස්ට්‍රේලියන් දිනය දවසට ඕස්ට්‍රේලියන් කොඩිය දවටගෙන දිනයට අදාල වැකි සඳහන් පුවරු ඔසවාගෙන ඉන්නවා... පර්ත්වල ප්‍රධාන බයිසිකල් රේස් එක තියෙන දවසට බයිසිකල් එකකුත් උස්සගෙන ඒකට සහයෝගය පල කරනවා... මේ විදියට එයාගෙ කෙටි ජීවිත කාලය ඇතුලත එයා පර්ත්වල ප්‍රධාන කොටසක් බවට පත්වෙලා ඉවරයි...
බටහිර ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරය තුල එහා මෙහා යනකොට එක එක විදියේ ප්‍රතිමා දකින්න ලැබෙනවා... ඉන් එකක් තමා මේ එලයිසා කියන පිහිනන්න සූදානමින් දෑත ඉදිරියට දිගු කරන් වතුරට පනින්න වගේ සිටින කාන්තාවකගෙ ප්‍රතිමාව.... මේ මොහොත වෙනකොට නම් එයා ඉන්නෙ ඔය උඩ පින්තූරෙ පේන්වා වගේ ලොකු පුංචි කුරුල්ලන්නගෙ වසුරු පෙරාගෙන...
ටෝනි ජෝන්ස් තාත්තා සහ බෙන් ජෝන්ස් පුතා විසින් නිම කළ මෙය, මහජනතාවට විවෘත කළේ පර්ත්වල ලෝඩ් මේයර් විසින් 2007 ඔක්තෝබර් 15 වැනිදා...

මේක තියෙන්නෙ ස්වෝන් ගඟේ කලින් පෝස්ට් එකේ දාපු Perth Brewery එක කිට්ටුව... .... (මේ ගඟ ගැන පොඩි හඳුන්වාදීමක් කලින් දාපු රජ්ජුරුවන්ගේ උයන පෝස්ට් එකෙන් කළානෙ...) University of Western Australia වලට බොහොම ආසන්නව...ලස්සන වැඩේ කියන්නෙ ඔය විශ්වවිද්‍යාලයේ ළමයිනුයි, එක එක ජෝක් කාරයොයි එකතුවෙලා කාලෙන් කාලෙට මේක එක එක විදියට සරසන එකයි... සමහර වෙලාවට මේ එලයිසා ඇඳගෙන ඉන්න ඇඳුම්වල තේරුම පෞද්ගලික එකක් වෙන්න පුළුවන්... ඒක දන්නෙ කුඩා කණ්ඩායමක් විතරයි... සමහර දවස්වලට කරලා තියෙන වැඩ දැක්කම හිනාවෙලා පණ යනවා... ඔය ප්‍රතිමාව තියෙන්නෙත් ගොඩබිමින් මීටර් 15 ක් විතර ඈතට වෙන්න... ඒ හරියෙ වතුර ගැඹුරු නිසා ඕක පයින් ඇවිදන් ගිහින් කරන්නත් බෑ... බෝට්ටුවකින් වෙන්න ඕන ගිහින් කරන්නෙ... ඔය පහළින් තියෙන්නෙ ඒ වගේ අවස්ථාවල් කිහිපයක්...

මේ එලයිසා පර්ත් බයිසිකල් රේස් එකකට සහය පල කරපු අවස්ථාවක්.

ගිය අවුරුද්දෙ අවසන් වටයට තේරුනු ඩොකර්ස් ෆුටි ක්ලබ් එකට සහාය

Breast Cancer Support - Purple Bra Day

එසෙන්ඩන් ෆුටි ක්ලබ් එකේ පුහුණුකරු ජේම්ස් හර්ඩ් ට සහය පල කරමින්
කාගෙ හරි වෙඩින් එකක් වෙන්න ඇති

විලියම් සහ කේට්ගේ රාජකීය මංගල්ලය දවසේ
මෙන්න මේ සයිට් එකට ගිහින් තව ටිකක් බලා ගන්න පුළුවන්...
http://www.randomperth.com/
මේ එලයිසා ප්‍රතිමාවට පොඩි ඉතිහාසයකුත් තියෙනවා... පර්ත් සිටි කවුන්සිල් එක විසින් මේක හදලා තියෙන්නෙ පර්ත් නගරයට අහිමිව ගිය ස්ථානයක් සිහිපත් කරන්න... මේ එලයිසා හිටගෙන ඉන්න ස්ථානයේ තමයි තිබිලා තියෙන්නෙ Crawley Bath කියන මිනිස්සුන්ට නාන්න හදලා තිබුණු ස්ථානය... ඒක විවෘත කරලා තියෙන්නෙ 1914දි... මේක ඒ කාලෙ පර්ත් නගරය තුල ජීවත් වුනු මිනිස්සුන්ට විනෝදය සපයන ස්ථානයක් වෙලා තිබිලා තියෙනවා... මුලින්ම හදපු කොටසේ ඇඳුම් මාරුකරන්න පුළුවන් dressing boxes 106 කුත්, විශාල පාවෙන තාවකාලික පාලම් (pontoons)දෙකකුත්, spring diving boards ගණනාවකුත් මේකට අයත් උනාලු... ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව අතර වැදගත් හමුවීම් මධ්‍යස්ථානයක් වුනු මෙය, ළමයින්ට පිහිනීම උගන්වන ස්ථානයක් විදියටත් ක්‍රියා කරලා තියෙනවා... ඒත් අතීත උරුමයන් ආරක්ෂා කරන නීති රීතිවලට රැක ගන්න බැරි වුනු මෙම ස්ථානය පසු කාලීනව1964 දි විනාශ කර දමා තියෙනවා...
මේ පහළ පින්තූරෙන් පෙනෙන්නෙ 1918 දි මෙතැන තිබුණු විදිය...


මේ දැන්.. ඔය දකුණු පැත්තෙ ඈතින් පේන්නෙ එලයිසා...

පින්තූර ගත්තෙ මේ තැන් වලින්...
http://www.abc.net.au/news/2013-02-14/the-statue-titled-eliza/4519142
http://perthdailyphoto.blogspot.com.au/2011_07_01_archive.html
http://www.flickr.com/photos/merufumoto/6168432055/
http://jobanksjo.wordpress.com/
http://bomberblitz.com/forums/index.php?/topic/123-standbyhird/
http://www.newforms.com.au/www/content/default.aspx?cid=737
ඒ වගේම පර්ත් නගරය මැද තියෙනවා කැන්ගරුවන්ගෙ ප්‍රතිමා කිහිපයක්.. පහළ තියෙන පින්තූරෙ තියෙන්නෙ ඉන් කොටසක්.... දවසක් උදේ මං සිටි එකට යනකොට කවුරු හරි ඔය කැන්ගරුවො ඔක්කොටම කණ්නාඩි දාලා... මට හිනා වෙලා පණ ගියා මිසක් පින්තූරයක් ගන්න මතක් උනේ නෑ... ආපහු එතැනින් යනකොට කවුන්සිල් එකෙන් වෙන්නැති ඔක්කොම අයින් කරලා තිබුණා... අපරාදෙ...

http://granbytravels.wordpress.com/2013/04/20/day-39-fremantle-and-perth-australia/