මම මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්..... ජීවිතේ වැඩි කාලයක් ගත කලේ අධ්‍යාපන කටයුතු වලට... ඒත් දැන් නම් හරිම වෙහෙසයි. ඒ මදිවට වගකීම් සම්භාරය......!! හ්ම්ම්ම්...
හැබැයි ආපහු හැරිලා බලනකොට මේ කෙටි ජීවිත කාලයට කරපු දේවල් ගැන පුදුමත් හිතෙනවා...
ජීවිතේ පොඩ්ඩක්වත් boring නම් නැහැ. අත්දැකීම් ගොඩයි.... ඉතින් මෙච්චර කාලයක් blogs කියවපු එක විතරක් කල එකේ මටත් හිතුනා මගෙ අත්දැකීම් ටිකත් ඔයාලත් එක්ක බෙදා ගන්න..
මෙච්චර කාලයක් කිව්වට එච්චරම කාලයක් නැහැ...ඒත් මටත් හරිම ආස හිතුන ලියන්න අනිත් අයගෙ blogs කියවනකොට....
ඒකත් කරලා බලමුකො කොහොම වෙයිද කියලා...
මම මියුරු....ගෙදරට කිව්වෙ මිහිරි කියලා. නම වෙනස් කරන්න හේතුව, නිතරම සෙල්ලම් කරන්න ගොඩේ ගියහම අම්මා මියුරු කියලා කෑගැහුවට දුරට ඇහෙන්නෙ නැති එක... ඌ ශබ්දයට වඩා ඊ ශබ්දය ඈතට ඇහෙනවනෙ.... හිතාගන්න පුලුවන්නෙ කොහොමට ගොඩේ යන්න ඇතිද කියලා...හැබැයි ඒ පුංචි කාලෙ.... ඉන් පස්සෙ ආව කාලයක් අම්මට වැඳලාවත් මාව එලියට බස්සගන්න බැරි උනු....:)
ඉතින් ඔය කාලසීමාවත් පහුවෙලා, පොත් ගුල්ලෙක් බවට පත්වෙලා, උපාධි දෙකකුත් සම්පූර්නයෙන්ම වෙනස් fields දෙකකින් අරගෙන, fields හතරක එකිනෙකට වෙනස් රස්සාවල් හතරකුත් කරලා හිතුවෙවත් නැති තැනක තමයි අද නතර වෙලා ඉන්නෙ...
ඉතින් ඔය එකී මෙකී කාලය පුරාවටම ලබපු අත්දැකීම්..... හොඳ ඒවා වගේම නරක ඒවත් බොහොමයි. සමහර ඒවා අනිත් අයටත් හොඳ පාඩම් ජීවිතේට.... ඉතින් ඔන්න ඔය දේවල් ඔයාලත් එක්ක බෙදා හදාගන්න තමයි මගේ මේ සූදානම...
පුලුපුලුවන් කට්ටිය පුලුපුලුවන් හැටියට මාවත් follow කරයි කියලා බලාපොරොත්තු වෙනවා..... තවම මම මේ වැඩේ ඉගෙන ගන්නවා. පටන් ගත්තු හැටියෙම නිසා අඩුපාඩු බොහොමයක් තියෙන්න පුලුවන්. ඒවාට සමාවෙන්න ඕන....
ලියන්නකො එහෙනම් ඔන්න අපිත් එන්නම් කියවන්න,
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නකො කමෙන්ට් කරන්න ලේසි වෙන්න
සුබ පැතුම් ඔයාට ! බ්ලොග් ලෝකයට ආදරයෙන් පිළිගන්නවා......
ReplyDeleteලියන හැමදේම කියවන්න අපි ඔක්කොම එකතු වෙනවා...අපිත් කැමතියි අත්දැකීම් බෙදා ගන්න....
එහෙනම් ජය !
නදී කිව්ව වගෙ word verification අයින් කරන්න....ඔයාට අදහස් දක්වන්න එන අයට ඒක පහසුවක්....comment setting ඔස්සේ ඒක අයින් කරන්න පුළුවන්...
ReplyDeleteඔන්න මාත් ආවා.රස්සා හතරක් කලා කියන්නෙ දැනුම් සම්බාරයක් ඇති නේද? අපිටත් දැන ගන්න කියන්නකො බලන්න.
ReplyDeleteසුබ පැතුම් මියුරු! සාදරයෙන් පිළිගනිමු!
ReplyDeleteනදී, බොහොම ස්තුතියි ඔයාට... ඔන්න word verification එකත් අයින් කලා....ඒක පෙන්වා දුන්නාටත්, මාව follow කරන්න ගත්තාටත් ස්තුතියි...!
ReplyDeleteතව ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා කියලා තේරෙනවා.... මේ පැත්තෙ ඇවිත් යනකොට අඩුපාඩු දැක්කොත් කියා දීලාම යන්නකො...
දිල්, ඔයාටත් ගොඩාක් ස්තුතියි.... ඔන්න ඔයා කියපු විදියටම word verification අයින් කලා.. ඒ කරන විදිය කියලා දුන්නාට ස්තුතියි. මම ඇත්තටම බයේ හිටියෙ කවුරුවත් මාව follow කරන එකක් නැහැ කියලා, මොකද මගේ යාලුවො කවුරුවත් දන්න කෙනෙක් blog world එකේ නැති නිසා... ඒත් ඔයාලගෙ comments දැක්කාම හරිම සතුටු හිතුනා.. මම තනිවෙලා නැහැ කියලා පේනකොට...
ReplyDeleteනිසූපා, ඔයාගෙ නම තමයි නම... පස්සෙයි දැක්කෙ ඔයා නම වෙනුවෙන් එක post එකක්ම වෙන් කරලා තියෙන බව... ඔයාගෙ නම නිසා තමයි මමත් ඔයාගෙ blog එකට ඇදිලා ආවෙ...
ReplyDeleteඔවු අනේ... රස්සා හතරක් විතරක් නෙවේ, රටවල් දෙකක අත්දැකීම්නුත් තියෙනවා... ඒ නිසා කියන්න දේවල් නම් බොහොමයි...
විසිතුරු, ඔයාගෙ පොටෝ එකනම් මරු...හි..හී...
ReplyDeleteබොහොම ස්තුතියි මාව blog world එකට පිලිගත්තාටත්, මාව follow කරන්න ගත්තාටත්... එන්නම්කො ඔය පැත්තෙත් ඉක්මනටම..
සාදරයෙන් පිලිගන්නවා ඔන්න පේන හැටියට නම් අක්කෙක් වගේ.. ජය වේවා
ReplyDeleteදේවා, ඔවු අනේ.... අක්කෙක් තමයි.. බොහෝම ස්තුතියි පිලිගත්තට....
ReplyDeleteමියුරු, ඔන්න මමත් මේ පැත්තට ගොඩ වැදුනා
ReplyDeleteඔයාගේ අත්දැකීම් අපිටත් කියවන්න දාන්නකෝ, ඔයාගේ බ්ලොග් ජිවිතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
මමත් මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්නෙ
තාම පටන් අරගෙන සතියයි... ඔයා වගේම තමයි මමත්
ජය වේවා...!!
ලොකු පුතා, අපිත් එක්ක සම්බන්ධ උනාටත්, කොමෙන්ටු දාලා යන එකටත් බොහෝම ස්තුතියි ඔයාටත්....
ReplyDeleteදිගු ගමනකට සුභ පැතුම්!
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා!
ReplyDelete@ කතන්දර,
ReplyDeleteබොහෝම ස්තුතියි.....
@ Sabith,
ReplyDeleteඔයාටත් ගොඩාක් ස්තුතියි....
ඕඕඕ, අලුත් එක්කෙනෙක්. දිගු ගමනකට ආසිරි.
ReplyDelete@ නලිනි චන්දිමා,
ReplyDeleteබොහෝම ස්තුතියි...
"උපාධි දෙකකුත් සම්පූර්නයෙන්ම වෙනස් ෆීල්ඩ්ස් දෙකකින් අරගෙන, ෆීල්ඩ්ස් හතරක එකිනෙකට වෙනස් රස්සාවල් හතරකුත් කරලා "
ReplyDeleteමේ මොනවද කියල දැනගන්න ආසයි !!!!
ආයුබෝවන් සහෝදරී... අක්කෙක් වෙන්ඩෑ...! එත් මං මේ කල්පනා කොලේ මේ මාස දෙකට බ්ලොග් ලියන්ඩ එක එකාලට වඩා එකීලා වැඩි ඇයි කියලා... හොඳා හොඳා... ගෑනු උදවිය බ්ලොග් ලියනවා කියන්නේ හිටිස්, කමෙන්ට්ස් බොහෝමයි කියන එකනේ... අනේ දුප්පත් අපේ බ්ලොග් තමා වේලෙන්නේ...!!!
ReplyDeleteවිහිලුවක් හරිය ! අපියි කියලා මහ පරණ නෑ. තව අවුරුද්දවත් වුනේ නෑ. ඒත් ඉතින් දන්න හරියක් කියලා දෙන්නම්... උදව්වක් ඕන වුනොත් කියන්නකෝ... මේ පටන්ගත්ත වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා...
ජයෙන් ජය !!!
This comment has been removed by the author.
ReplyDelete@ Chathuranga Perera,
ReplyDeleteඅක්කෙක් නේන්නම්.... මගේ බ්ලොග් එකත් වේලෙනව මල්ලි මේකට නිතර ඇවිත් යන සහෝදර සහෝදරියො ටික ඇඩ් ටිකක් හෙම දාලා බොක්කෙන්ම පබ්ලිසිටිය දුන්නෙ නැත්නම්...
අවුරුද්දක් කියන්නෙ සෑහෙන කාලයක් නොවැ...මම නම් අත තිබ්බ විතරයි... සමහර ඒව දැනටමත් ඇනිලද මන්ද.... මං අලුතෙන් ෆලෝ කරන්න ගත්තු බ්ලොග් ටික මගේ බ්ලොග් ලිස්ට් එකට ඇඩ් කරන්න බැරිවෙලා හරි පාඩුව මට... ඒ මදිවට මගේ අලුත්ම පොස්ටුව අනිත් අයගෙ සයිට්වල විතරක් නෙවේ, මගේ සයිට් එකේවත් අප්ඩේට් වෙලා නැහැනෙ...ඔන්න මල්ලිට පුලුවන් නම් උදව්වක් කරන්නකෝ...බොහොම ස්තුතියි සුභ පැතුම් වලට... අපිත් ඒ පැත්තෙ එනවා... පස්සෙනුත් පන්නනවා...
මියුරු අක්කගේ අත්දැකීම් සේරම එක හුස්මටම කියවලා දම්මා. නියම අත්දැකීම් ගොඩක්. හරිම ආස හිතෙනව කියවගෙන යනකොට. ඒ තරමටම රසවත්.
ReplyDeleteඑහෙනම් මේ වගේ රසවත් ලිපි ලියන්න අක්කට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනවා. ඒ වගේම බ්ලොග් කලාවේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලත් පතනවා.
ජය වේවා !!
@ මධුරංග,
ReplyDeleteබොහෝම ස්තුතියි මල්ලි.... ඔයා කියවල විතරක් යන්නෙ නැතිව මේ හැමෙකටම කමෙන්ට්ස්නුත් දාලා.... ඒකට තමයි වැඩියත්ම ස්තුති.... ඔන්න අපිත් එනව ඒ පැත්තෙ හොඳේ... ඉඩ තියෙන තියෙන විදියට ඔක්කොම කියවල ෆුට් නෝට් එකත් තියල යන්නම්කො..... :)
math onna oyage blog eka ahamben dakala okkoma post tika eka husmata kiyewwa. paya 2 1/2 thisse. kalekin dakka lassana blog ekak. digatama karagena yanna akke
ReplyDeleteගොඩාක්ම ස්තුතියි ගැටයට... ඔයාලගෙ මේ වගේ කමෙන්ට්ස් නිසා තමයි වැඩි වැඩියෙන් ලියන්න හිතෙන්නෙ.... කස්ටිය කියවන්නෙ ආසාවෙන් නම් ආයෙ ඉතින් වෙන මොනවද.... බොහෝම ස්තුතියි....
ReplyDeleteෂාහ් ඔයා මාරයිනේ අක්කේ ඔයාගේ වැඩ මාරයි මාරයි මාරයි මේ පෝස්ට් කියෙව්වාම නිකන්ම කොමෙන්ට් දාන්න හිතෙනවා ඇයි දන්නේ නෑ මාර ආකර්ශනියයි එල ඈ.තව පෝස්ට් ගොඩක් තියෙනවා කියවන්න
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteබොහෝම ස්තුතියි හොඳේ... පුළුවන් වෙලාවට ඇවිත් කියවල යන්නකෝ.... :D