Total Pageviews

Friday 21 October 2011

අපේ තාත්තා හොරු අල්ලපු හැටි......!!

මේ සිද්දිය උනේ මම ඉස්කෝලෙ යන කාලෙ......හරියටම කියනවා නම් O/L වලට පාඩම් කරන කාලෙ....

අපේ ගෙදර නිදා ගන්න කාමර  තිබුනෙ තුනයි... ගෙදර සාමාජිකයෝ පස් දෙනෙක් හිටිය නිසා මමයි ලොකු නංගියි නිදා ගත්තෙ එක කාමරයක.... ඒ නිසා මට රෑට එයා නිදා ගත්තාට පස්සෙ ඒ කාමරේ ලයිට් දාගෙන පාඩම් කරන්න බැහැ.... ලයිට් දාලා තිබුනොත් ගෑනිට මල..... ඒ නිසා රෑට පාඩම් කරන්න විකල්ප වාසස්ථානයක් හොයාගන්න මට සිද්ද වුනා... ඒ හින්දා අපේ තාත්තා කලේ ගෙදර කෑම කාමරේ තියෙන තැන වෙනස් කරලා මට පාඩම් කරන්න පුලුවන් විදියට ඒක හදලා දීපු එකයි...

ඉතින් මේ කියන දවසෙ මම රෑ එතන පාඩම් කර කර ඉන්නකොට වැස්සක් වහින්න පටන් ගත්තා.... ටික වෙලාවක් යනකොට මගේ මේසෙ හේත්තුකරලා තිබුනු බිත්තිය දිගේ හීනියට වතුර පාරක් පහලට ගලාගෙන එන්න පටන් ගත්තෙ නැතැයි.... ගෙදර කට්ටිය ඇහැරවන්න බැරි නිසා මම ගෙදර එහාට මෙහාට දුවලා පාන්කඩ ටිකක් හොයාගෙන ඇවිත් වතුර බහින තැනට තිබ්බට වැඩේ out of control බව වැඩි වෙලාවක් යන්න කලින්ම මට තේරුනා... ඒ වෙනකොට හීනියට තිබ්බ වතුර පාර අඟල් දෙක තුනක් පලල් වෙලා... වෙන කරන්න දෙයක් නැති හින්දා මම දුවලා ගිහින් තාත්තට කතා කලා ඇවිත් බලන්න කියලා.... තාත්තාටත් හිතාගන්න බැරි උනා කොහෙන්ද වතුර පාර එන්නෙ කියලා...තාත්තගෙ පස්සෙන් දුවගෙන ආපු අම්මා බකට් එකක් උස්සගෙන ඇවිත් මට දීලා කිව්වා ඒකට රෙදි පාන්කඩ ටික මිරිකලා ඒවාම ආයෙ ආයෙ වතුර උඩට දාන්න කියලා.. තාත්තා හොඳ වෙලාවට අපේ ගේ ඇතුලෙ තිබුනු ගබඩා කාමරේ  තමයි ඉනිමග තියලා තිබුනෙ... මම වතුර පාර  control  කරන අතරෙ එයා ඒක අරන් ඇවිත් අම්මට අල්ලගන්න කියලා නැග්ගා සිවිලිම උඩට කොහෙන්ද වතුර පාර එන්නෙ කියලා බලන්න...

තාත්තා එහෙන් මෙහෙන් උලුකැට හොල්ලන සද්දෙ ඇහුනට මටයි අම්මටයි කිසිම දෙයක් කිව්වෙ නැහැ.... ඔය අතරෙ වතුර පාරත් නැවතුනා...
'මොකක්ද අනේ වෙලා තියෙන්නෙ....' ඉවසලා ඉවසලා බැරිම තැන අම්මා ඇහුවා... තාත්තා නෙවෙයි 'හ්ම්' කිව්වෙ... මටයි අම්මටයි ඉන්න බැහැ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා දැනගන්නකම්... අන්තිමට තාත්තා ඉනිමගෙන් බැහැලා, ඒක ආපහු ගබඩා කාමරෙන් ගෙනිහින් තියලා, අපේ ඉවසීම රතු කට්ට ආසන්නයට ආවාට පස්සෙ තමයි විස්තරේ කියන්න ගත්තෙ....
'කවුරු හරි උලුකැට කිහිපයක් අයින් කරලා....' කියල තාත්තා කියනකොට අපිට ඉහලට ගත්තු හුස්ම පහලට දාන්න අමතක උනා....
'ඒ කියන්නෙ...?' අම්මට වැඩේ තහවුරු කරගන්න ඕනවෙලා.
'ඒ කියන්නෙ කවුරු හරි වහලෙන් ගෙට බහින්න හදල තියෙනවා...'තාත්තා තරහෙන්  කිව්වෙ ඕකවත් තෙරෙන්නෙ නැද්ද කියන්න වගේ....
මට හීන් දාඩිය වැටුනා...මොකා හරි බහින්න හදලා තියෙන්නෙ මම පාඩම් කරන තැනට.
අම්මා ඇස් උඩ තියන් බැලුවා මගේ මූන දිහා මං හිතපු දේ තේරුනා වගේ...
'හත්තිලව්වයි....!!' අම්මට කියවුනා...
'මොනවා අරගෙන ගිහිල්ලද දන්නෙ නෑ...' කියූ අම්මා දුවලා ගිහින් අල්මාරියයි තව ඔය වටින කියන දේවල් තියෙන තැනුයි උඩින් උඩින් බැලුවා...'ඇහැට පේන විදියට නම් මොකුත් දැන ගන්න නැහැ... ඒ උනාට එලිය වැටුනාම බලන්න ඕන'.
'මට හිතෙන හැටියට ආපු එකාට හරියට ඒ වැඩේ කරගන්න ලැබිලා නෑ... අයින් කරපු උලුකැට ටිකේ හිදැස බැලුවහම ඒකෙන් මිනිහෙකුට බහින්න පුලුවන් කියල හිතන්න බැහැ...' තාත්තා හිතනවා... 'මොකා උනත් කලබලෙන් ආපහු ගිහින් තියෙන්නෙ, කවුරු හරි අහලින් පහලින් යන්නවත් ඇති සමහරවිට.... '

පහුවදා උදේ තාත්තා කියනවා 'මට නම් හිතෙනවා වහලෙන් බහින්න හදපු එකා පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ආයෙ ඒවි' කියලා...
'මොකා ආවත් ඌ එනකොට මට නම් ඕන නෑ ගෙදර ඉන්න...හොඳ වෙලාවට පොඩි උන් ඉස්කෝලෙ... බඩු නම් හම්බකරගන්න බැරියැ' අම්ම කිව්වා.
එදත් අපි සුපුරුදු පරිදි ඉස්කෝලෙ ගියා... තාත්තයි අම්මයි වැඩට යන්නෙ අපි ගියාට පස්සෙ....
ඒ නිසා තාත්තා කල වැඩේ ගැන අපි දැනගත්තෙ ආපහු ගෙදර ආවට පස්සෙ....

අපි ගියාට පස්සෙ තාත්තා වැඩට යන විදියට ලැහැස්ති වෙලා මගක් දුරට ගිහින් සද්ද නැතිවම ආපහු ගෙදර ඇවිත් දොර වහගෙන ගේ ඇතුලට වෙලා ඉඳලා. පැයක් විතර ගියාට පස්සෙ තාත්තට පේනවාලු ඡායාවක් ඉස්සරහ දොර ලඟට එනවා. ආපු එකා දොරේ කොක්කත් කරකවලා බැලුවලු දොර ඇරෙනවද කියලා. ඉන් පස්සෙ තාත්තට ජනේල වලින් පෙනිලා තියෙනවා ඒකා ගෙයි පිලිකන්න පැත්තට යනවා.... ඉන් පස්සෙ ඡායාවක් පෙනුනෙ නැති නිසා තාත්තා කන ටියුන් කරගෙන ඉඳලා ඇහෙන සද්ද වලට.... අපේ ගෙදර ගෙයි වහලට කිට්ටු වෙන්න අතුපතර විහිදුනු ලොකු අලිගැට පේර ගහක් තිබුනා... දැන් තාත්තට සද්ද වලින් තේරෙනවලු ඒකා මේ ගහ දිගේ නැගලා වහලට ගොඩ වෙනවා.... උලු කැට ටික අයින් කරන සද්දෙ එනකොටම තාත්තා හෙමිහිට ඉස්සරහ දොර ඇරගෙන එලියට බැහැලා බැලුවලු මොකාද මේ වහල උඩ ඉන්නෙ කියලා... තාත්තට පෙනිලා තියෙන්නෙ ඉහල පහල යන ඔලුවක් විතරයි... තව ටිකක් හොඳට බලනකොට තාත්තා අඳුරගෙන කවුද කියලා... අපේ ගෙදරට නිතර යන එන මල්ලි කෙනෙක් බින්දු කියලා...මිනිහ ටිකක් autistic පොරක්...

දැන් තාත්තා මිදුලට වෙලා බලන් ඉන්න අතරෙ මිනිහා හොඳටම වැඩලු... ඇයි කවුරුවත් එන්න ඉස්සෙල්ලා උලු කැට ටික අයින් කර ගන්න එපැයි.... මිනිහා මීට කලිනුත් ඔයිට වඩා බරපතලකමින් අඩු නමුත් හොරකම් අතේ වැඩ කරලා අහුවෙලා තියෙනවා.... හැබැයි ඒවා ඒ ලමයගෙ අම්මට තාත්තට කිව්වට කවදාවත් එයාලගෙ පුතා ඒ වගෙ වැඩ කරනවා කියලා එයාලා පිලිගන්නෙ නැහැ...තාත්තට ඒ අල්ලපනල්ලෙ ඕකත් මතක් වෙලා... ඒ ගමන තාත්තා හෙමින් සැරේ උඩහ ගෙදරට ගිහින් එහේ අන්කල්වයි අක්කවයි විස්තරේ කියලා සාක්කියටත් එක්ක එක්කන් ඇවිත් වැඩේ බලන්න.... දැන් තුන්දෙනාම බලන් ඉන්න අතරෙ මිනිහා උලු අයින් කරනවාලු... මෙහෙම ඉන්න ගමන් තාත්තා හයියෙන් කතා කරලා ඇහුවලු 'බිංදු තවම ඕක අයින් කරලා ඉවර කර ගන්න බැරි උනාද...?' කියලා....  මිනිහා වැඩේ කරගෙන යන ගමන් කියනවාලු 'තව ටිකක් තියෙනවා...' කියලා. (අනේ ඒ වෙලාවෙ මං එතන හිටිය නම්... :)  ) ඒක ඇහුනාම කට්ටියටම හිනා ගිහින්.. ඒ සද්දෙට තමයි මිනිහ ඔලුව උස්සලා බලල තියෙන්නෙ audience එක දැක්කහම මිනිහට 'අහ්..' ගෑවුනාලු...
තාත්තා මිනිහට එහෙමම වහල උඩ ඉන්න කියලා අර අක්කව යවලා එයාගෙ අම්මව එක්කන් එන්න... මෙන්න ටික වෙලාවකින් අම්මා එනවලු මෙහෙම කියාගෙන,..'අයියෝ මගෙ පුතේ උඹ කොන්ද කඩා ගන්න හදනවද ඔය උඩවල් වලින් වැටිලා.... ඔයා වහල උඩින් වැටුන නම් එහෙම..... අනේ රත්තරන් පුතේ හොඳ පුතා වගේ දැන් පරිස්සමින් බහින්නකෝ....'
ඒ කිව්ව ගමන් බිංදුවත් අඩියට දෙකට බිමට පැනලා අම්මත් එක්ක කිසිම දෙයක් නොවුනු ගානට ගෙදර ගියාලු... අඩු තරමේ අර අම්ම (ගුරුවරියක්) නිකමටවත් අපේ තාත්තට sorry  කියලවත් නැහැ... ඕක අහපු අපේ ලොකු තාත්තා කිව්වෙ එක වචනයයි...
'නෙද්දකින්.....!!'

28 comments:

  1. ඇත්තම නේන්නන්....නෙද්දකින්...හික්ස්

    මාර හොරෙක් නෙ..මහ දවාලෙ හොරකමට එන්නේ...

    ReplyDelete
  2. ඒකනෙ අනේ...ඊට කලින් දවසක අපේ ගස්ලබු ගස්වල තිබුනු බාගෙට ඉදුනු ගෙඩි අතුරුදහන් වෙලා තාත්තා සැක කරලා තියෙනවා මූ වෙන්න ඇති කරන්න ඇත්තෙ කියලා. ඒක හරියටම දැනගන්න තාත්තා මේකා මුනගැහුනම කියලා තියෙනවා 'බින්දු, අර ගස්ලබු තව ටිකක් ඉදුන නම් තමයි රස නේද....?' කියලා. මූ කියනවලු 'හ්ම්...තව චුට්ටක් ඉදුන නම් නියමයි..' කියලා. :))

    ReplyDelete
  3. නියම හොරෙක්නෙ...අන්දරේගෙ මල්ලි කෙනෙක්ද දන්නෙ නෑ....

    ReplyDelete
  4. උගේ වැඩ නම් අන්දරේගෙ වගෙම තමා...හික්ස්...

    ReplyDelete
  5. මහා මොංගල් හොරෙක්නේ... නොදකින්...

    මම අත්දැකලා තියෙනවා ගොඩක් ගුරුවරුන්ට එයාලගේ ළමයින්ව හරියකට හදා ගන්න බැරි බව
    ඒකට හෙතුවක්නම් කියන්න මම දන්නේ නැහැ
    මගේ ගාව ගොඩක් උදාහරණ තියෙනවා
    එකෙක් අපේ මස්සිනාගේ ස්ටුඩියෝ එකේ කැමරා එකක් හොරකන් කළා...
    තව එකෙක් ඊට පස්සේ අපේ අක්කලාගේ ගෙදරට රෑට රෑට කෝල් කරලා කුණුහරප කියන්න තියා ගත්තා
    හැබැයි උන් ඔක්කොම අහු උනා...

    ReplyDelete
  6. ලොකු පුතා ,
    අපේ අම්මත් ගුරුවරියක් තමයි... ඒත් ලොකු පුතා මල්ලි කියපු කතාව නම් සහතික ඇත්ත... මේ බින්දුවගෙත් අම්ම ගුරුවරියක් විතරක් නෙවෙයි, තාත්තා ප්‍රින්සිපල් කෙනෙකුත්.... අපේ ගෙවල් පාරෙ වැඩ වාසය කල වැඩිදෙනා ගුරුවරු.... ඒ නිසා මල්ලි කිව්වා වගේ මටත් අනන්තවත් උදාහරන තියෙනවා.....

    ReplyDelete
  7. හොරෙක් නෙමේ ලෙඩෙක් නේද?

    ReplyDelete
  8. ඌ කාලෙන් කාලෙට එක එක විදියයි... පුංචි කාලෙ මෝඩයෙක්...autistic රෝග ලක්ෂන තමයි තිබුනෙ....... 'ක' ශබ්දය කියවෙන්නෙ නෑ පොරට... නාන්න කැමතිත් නෑ... ඇඟේ කුනු තට්ටු තට්ටු... මිනිහගෙ අයිය වාසය කරන්නෙ පිටරටක... එයා මෙයාට කාර් එකක් අරන් දුන්නාම අපි හිනා උනා පිස්සු කියලා... මෙන්න බොලේ වැඩි දොහක් යන්න කලින් පොර ලයිසනුත් අරන් කාර් එලවනව...තව ටික කාලයක් ගියාම පොර කසාද බැන්ද ලස්සන කෙල්ලෙක්ව... හැමෝම පුදුම උනා.... අවුරුදු තුනක් විතර ඉඳලා නැන්දම්මත් එක්ක ඉන්න බැරිව ඒ ලමයා ගියා යන්න... (අර අම්මමනෙ...)දැන් පොර, කාලයක් තිස්සෙ කාගෙත් සුන්දරී වෙලා හිටිය, කටේ දත් ටිකවත් නැති, ඒකගෙ අම්මට වැඩිය ටිකක් බාල, ලමයි පස් දෙනෙකුත් එක්ක රෙඩි මේඩ් පවුලක් නඩත්තු කරනවා....

    ReplyDelete
  9. අනේ කතන්දරට ස්තුති කරන්නවත් බැරි උනා.... මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට බොහොම ස්තුතියි.....

    ReplyDelete
  10. ෆොටෝ එකක් ගත්තනං පෝස්ටර් එකක් වත් ගහන්න තිබ්බනෙ! :D

    ReplyDelete
  11. @ තනි අලියා,
    ඔව් අනේ... ඒක නම් ඇත්ත....

    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට... අපිත් එන්නම්කො ඒ පැත්තෙ....

    ReplyDelete
  12. මචො ඔය කියන ලමයා ලොකූ උනහම හේන ප්‍රොබ්ලම් එකක් වෙනව එයාලගේ අම්මල දැම්ම මුකුත් නොකලොත්....ගුරුවරයෙක් වෙලත් තෙරෙන් නැති හැටි...ඉස්කොලේ ගොහින් උගන්නනවද...එතකොට අර ඉගෙන ගන්න ලමයින්ට දෙයියන්ගේම පිහිටයි...

    ReplyDelete
  13. @ Raj,

    දැන් නම් මචෝ ඔය ලමය ගොඩක් ලොකුයි...අම්මත් පැංසොං....පුදුමෙ කියන්නෙ ඒ මනුස්සය දක්ෂ ගුරුවරියක්.... තාත්තත් වැලිගං ගිහිං..... පොරගෙ වර්තමානෙ ගැන දැනගන්න මම ඔය උඩින් කතන්දරට දාල තියෙන කොමෙන්ටුව කියවන්නකෝ.....

    බොහොම ස්තුතියි අපිව බලන්න ආවාට.... අපිත් ඇවිල්ල යන්න එන්නම්කො ඒ පැත්තෙ...

    ReplyDelete
  14. දෙන්න තිබ්බෙ පස්සට හොදවයින් ගුටි පාරක් ආය ඒවගෙ දේවල් නොකරන්න

    ReplyDelete
  15. @ නදී,

    අපේ අම්මා නම් කිව්වා අම්මට අහු උනානම් එහෙම තමයි කරන්නෙ කියලා...

    ReplyDelete
  16. මියුරුගෙ තාත්තා මාර මොල කාරයෙක්නෙ....

    ReplyDelete
  17. @ ඇනෝ,

    අපේ තාත්ත ඔය මොලේ පාවිච්චි කොරල තව වෙනස් ජාතියක හොරු අල්ලපු අවස්ථා එහෙම තියෙනව.... දවසක කියඤ්ඤං....

    ReplyDelete
  18. @ ඔබ නොදුටු ලොවක්,

    එහෙම නොවුනට ඒ වගේ තමයි.... :)

    ReplyDelete
  19. ඌ මහ ගෑණු හොරෙක් නේ....

    ReplyDelete
  20. @ පිස්සා පලාමල්ල,

    හික්ස්.... :D

    ReplyDelete
  21. පුදුම හොරෙක් නේ !!!
    ලොකු තාත්තා කියපු අචනේ හරියටම හරි !!!

    ReplyDelete
  22. @ මධුරංග,

    ඒකනම් ඇත්ත....තරහ කොල්ලත් එක්ක නෙවෙයි...ඒකගෙ දෙමව්පියොත් එක්ක... මිනිහට කවදාවත් ගෙදරින් නම් හරි වැරැද්දක් කියල දුන්නෙ නෑ....

    ReplyDelete
  23. පිස්සු හැදෙනවා අප්පා ඔයාගේ තාත්තා නම් නියම පොරක් ෂාහ් අපරාදේ අරූට නිකන් යන්න දුන්නේ.ලංකාදීපේ ඇසුවෙමි දුටුවෙමි එකෙත් තිබ්බා මේ වගේම සීන් එකක්

    හොරා ගෙට පැනලා ඇදක් යට හැංගිලා ඉද්දි නින්ද ගිහිල්ලා ගෙදර මිනිස්සු ගොරවන සද්දයක් ඇහිලා හොයලා බලද්දි හොරා නිදිලු පස්සේ උට නෙලලා පොලිසියට අල්ලලා දීලා.දැං ඔහොම මන්ද හොරුත් ඉන්නවනේ.හි හි

    මරු හලෝ ලියන විදිය පට්ට පටස්

    ReplyDelete
  24. කිරිහාමි වගේ හොරෙක් වෙන්නැති...හික්ස්...

    තැන්කූ ඔයාට.... :D

    ReplyDelete
  25. aeeka num elakiri wade aeeth ara gani num kisi kamakata nha

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයගෙ හැටි තමයි ඒ... දැන් නම් හොඳටම වයසයි....

      Delete
  26. අනේ.. මට මේක මග ඇරිලා නේ....
    නියමයි.... හැක් .. හැක් ...

    ReplyDelete