Total Pageviews

Sunday 20 November 2011

ජ්‍යෙෂ්ඨ උත්තමයා.....


මොනතරම් ජගතෙක් උනත් කැම්පස් එකකට මුලින්ම යන දවසෙ යන්නෙ රැග් එකට බීත බයෙන්නෙ.... ඉතින් මටත් එච්චරයි... සහයට ඩැනී කෙනෙක් කලින්ම හොයාගත්තත් කරුමෙට, වෙලාවට උන්ද ආවෙත් නෑ මාව දොක්කං යන්න.... අනේ ඉතින් ඉතිපිසෝ ගාථාව කිය කියා තමයි ගියේ.... ගේට්ටුව පහුකරනකොටම මෙන්න ඉන්නව යකෙක් වගේ එකෙක්, කාව හරි අහුලගන්න බලාන.... අපොයි ඉතින් මං කකුල් දෙකේ නියපොතු දිහා බල බල මගේ පළමු චෙක් පොයින්ට් එක පාස් කරන්න හැදුව විතරයි,
'ඒයි, මෙහෙ වරෙං....'
ජ්‍යෙෂ්ඨ උත්තමය මට කතා කරනව.....මමත් බයේ ගැහි ගැහි ළඟට ගියා....
'උඹ කොහේ ඉඳලද....'
මං ඉතින් වචන ටැපලි ටැපලි උත්තර දෙනව.....
එතැනින් පටන් ගත්තු එක මේකා  පැය දෙකක් විතර තිස්සෙ මාව මඩවලා, මගේ ඉස්කෝලෙ ගැන ඉඳල, අම්මලා තාත්තලා ගැන හිටන් අහලා,  මට කොල්ලෙක් ඉන්නවද කියලත් අහල,  සිංදුවකුත් කියවල තමයි අතෑරියෙ.... ඒක මං බලාපොරොත්තු උනු තරම් භයංකාර නොවුනු නිසා මේ විදියට ගියොත් නම් රැග ඒතරම් අවුලක් වෙනේකක් නෑ කියලත් මට හිතුන...
ඔන්න ඉතින් ඔය විදියට එක එක දවසට එක එකාට බයිට් වෙවී රැග් සීසන් එකත් ගලාගෙන යනව.... ඔහොම යනකොට එක දවසක් අපිව අරන් ගියා කැම්පස් එකේ අළුතෙන් බිල්ඩිමක්ද මොකක්ද හදන්න අගල් කපාගෙන යන තැනකට.... ජ්‍යෙෂ්ඨ උත්තමයො අපිට බොහොම ආදරෙන් කිව්ව,
'දැන් දණ ගාපියව් මේකට බැහැල....' කියල...
කියපු සැනින් මං බැස්ස නෙවෙයි පැන්න එක අගලකට....
'තෝ දණ ගාපිය මේ පැත්තට...'
ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් බොහොම කරුණාවෙන් මට කිව්ව දණ ගාන්න ඕන දිශාව...
අනේ ඉතින් ඔන්න මං දණ ගානව... ඉස්සරහින් දකුණට වංගුවක්....මං හැරුන.. මෙන්න බොලේ මගේ ඉස්සරහට තව එකෙක් දණගාගෙන එනව... ඌ ඔලුව උස්සල මං දිහා බැලුව.... අනේ යකෝ.... කවුද මේ මාත් එක්ක අගලෙ දණ ගාන්නෙ.... අර මුල්ම දවසෙ මාව රැග් කළ ජ්‍යෙෂ්ඨ උත්තමය....!!  බලනකොට ඌත් ෆ්‍රෙෂෙක් නොවැ....
හනේ මට නොහිතුනු දෙයක් නෑ..... මගේ මූණ දැක්ක ගමන් ඌට තේරෙන්න ඇති වැඩේ වරදින්නයි යන්නෙ කියල.... මූ හෙමිහිට වටපිට බල බල කියනව,
'හනේ සත්තලං බුදු නංගියේ, වඳින්නම්, කෑගහන්න නං එපා මේ වෙලාවෙ,...' කියලා...
උගෙ මූණත්තහඩුව දැක්කම ඇත්තටම මට පව් කියල හිතුනු  නිසා මං සද්ද නැතිව හිටියා....
අදටත් හිතාගන්න බෑ ඌට බය සැක නැතිව ඒ වැඩේ කරන්න තරම් ගටක් කොහෙන් ආවද කියලා.... අහු උනානම් පලවිපාක මොනව වෙයිද....

47 comments:

  1. පුදනකොටම කාපි යකා....කිව්වලු...ඔය හම්බෙලා තියෙන්නේ හොදි නැතුව රොස්පාං...අම්මපා අරුට මුකුත් කොලේ නැතෙත් ඇයි හැබට...

    ReplyDelete
  2. පින්තූරෙයි පෝස්ට් එකයි හිංද රැග් කතා කීපයක් මතක් වුනා, ළඟදීම එනවා....

    ReplyDelete
  3. ඌ මාර එකෙක්නේ! බැච් එකේ එකෙක් ‍රැග් කරන්න

    ReplyDelete
  4. ඉඩක් ලද කල්හි අනෙකෙකුට වද දීමෙන්, බිය වැද්දීමෙන් සතුටු වීම... මානසික අසහනයක්.

    ReplyDelete
  5. ෆ්‍රෙෂාට අදහසක් පහළවෙලාද දන්නේ නෑ, මුල්ම දවසේ රැග් මුවාවෙන් කතාකලේ.

    ReplyDelete
  6. යකඩෝ ඌ මාර බාන්ඩයක්නේ බැජියෙක්ව රැුග් කරන්න.ඌව නම් තියන්න වටින්නෑ බොල...

    ReplyDelete
  7. රැග කාපු තුන්වෙනි දවසේ මාවත් අන්දන්න ආව ෆ්‍රෙෂෙක්....බයේ ගැහි ගැහී මම වට පිට බලද්දී ..මේකා එක පාරටම දිව්වා.... බැලින්නම් ජ්‍යෙෂ්ඨ උත්තමයෝ රොත්තක් එනවා අපේ පැත්තට...


    " තෝ මොකද මෙතන "

    කණ අගිස්සේ අකුණක් ගැහුවා වගේ...

    " අර ජ්‍යෙෂ්ඨ උත්තමයා නවතින්න කිව්වා "

    " මොකාද...අරූද...ඒ නැවතියන් "

    සද්දෙට දුවන කට්ටිය දැක්කම මට හිතුනා ෆ්‍රෙෂාට බඩු බනිස් වෙන්නැති කියලා....හවස ආයේම එනකනුත් ෆෙෂා හිටගෙන තනි කකුලෙන්....විරිදු කියනවා...

    ReplyDelete
  8. ඇහුවමයි මෙහෙම කතාවක් :)

    ReplyDelete
  9. ‍රැග් ආතල් රස කථා නම් ගොඩයි... අවුල ඉතින් කැම්පස් එකක උනු දේවල් නම් නෙමේ... ඇත්තටම ඒ වුනාට ඒ බැචාව ඔයාලගේ බැච් රෙෆා කරන්න තිබුනේ... මාර ගටක් තියන කොල්ලෙක්නේ

    ReplyDelete
  10. ඌනම් මාර පොරක් තමයි...
    බයක් හැකක් තියෙන මනුස්සයෙක් ඔය වගේ දෙයක් කරයිද

    ReplyDelete
  11. මමත් හෙන කට්ටක් කෑවා කැම්පස් ගිහිල්ලා....ඉගෙන ගන්න නෙමෙයි ප්‍රදර්ශනයක් බලන්න ගිහිල්ලා...බඩේ අමාරුවක් හැදිලා....හික් හික් හික් ....

    ReplyDelete
  12. අඩේ මරු කොල්ලෙක්නෙ.අක්කා පස්සෙ කාලෙක කොල්ලව බයිට් කලේ එහෙම නැතෙයි.??

    ReplyDelete
  13. අනේ අනික් රටවල මේ රැග් කිරිල්ල දැන් නැතිවෙලානේ. අපරාදේ....:D

    ReplyDelete
  14. @ Raj,

    පුදපු ගමන් කාපි යකාදත් අහන්නෙ... මම මොකුත් කළේ නැතුවට මූ බයටම මටයි මගේ යාළුවටයි සති ගාණක් යනකම් හවසට තේයි කේකුයි අරන් දුන්න කැම්පස් එක ඉස්සරහ කඩෙන්...කියාවි කියල බයට, පගාව හැටියට...අපිත් ඉතින් ඔන්න කියන්න මෙන්න කියන්න වගේ තමයි හිටියෙ..උන්ද හැමදාම කැම්පස් එන්න ඇත්තෙ පපුවෙ බිත්තර තම්බ තම්බ... :)

    ReplyDelete
  15. @ Observer,

    එහෙනම් හොඳ රස කතා පෙට්ටියක් ඇති ඉතිහාස පාඩම් ටිකකුත් එක්ක.... අර පඳුර වටේ තලන ඒව හෙම.... ලියමුකො බලන්න පුළුවන් ඉක්මනින්.... :)

    ReplyDelete
  16. @ විසිතුරු | visituru,

    ඒකා නම් ඇත්තටම නොම්මර එකේ අණ්ඩපාලයෙක්.... ඉදිරියට තව කතා ටිකක් දාන්නම්කො පොර ගැන....

    ReplyDelete
  17. @ නලිනි චන්දිමා,

    ඇත්තම කියනවනම් මං කැමතියි අහිංසක රැග්වලට.... ඒ කියන්නෙ සිංදුවක් කියන්න, හාවො පනින්න වගේ දේවලට...ඒ වගේ ඒවා පස්සෙ කාලෙකදි උනත් මතක් කරලා හිනාවෙන්න පුළුවන්නේ.....
    ඒ උනාට නලිනි කිව්ව වගේ මානසික අසහනයෙන් පෙලෙන සමහරු රැග් එකේ මුවාවෙන් කරන අසික්කිත වැඩවලට නම් තරයේ විරුද්ධයි....

    ReplyDelete
  18. @ දූපත් වැසියා,

    අනේ මන්ද... මට නම් හිතාගන්න බෑ.... ඌට එහෙම අරමුණක් තිබුන කියල හිතන්නත් බෑ.... කොල්ලෙක් ඉන්නවද කියල අහන්න ඇත්තෙ නම් අයිතිකාරය ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්ද කියලවත් දැනගන්න වෙන්නැති.... එහෙම උනොත් ඉතින් ආයෙ කැම්පස් එකේ පය ගහන්න හම්බෙන්නෑනෙ කරපු වැඩේ හැරෙන තැපෑලෙන් එළිවුනාම...

    ReplyDelete
  19. @ නෝටියා | Naughty's Impression,

    ඒක නම් ඇත්ත නෝටියෝ....

    ReplyDelete
  20. @ දිල්,

    හොඳ වැඩේ... ඌට නම් නියම දඬුවම ලැබිල තියෙනව.... හික්ස්... දවසෙම තනි අණ්ඩෙන් හිටගෙන විරිදු කියනකොට..... :D

    ReplyDelete
  21. @ සයුරි,

    පුදුමයි, ඒත් ඇත්තයි.... :)

    ReplyDelete
  22. @ ලොකු පුතා,

    ඒකනෙ මට අද වෙනකම් හිතාගන්න බැරි.....

    ReplyDelete
  23. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    ඔය පැත්තෙ ගියාම බඩේ අමාරු නම් හැදෙනව තමා.... :)

    ReplyDelete
  24. @ නිසූපා,

    මම මොකුත් කළේ නැතුවට මූ බයටම මටයි මගේ යාළුවටයි සති ගාණක් යනකම් හවසට තේයි කේකුයි අරන් දුන්න කැම්පස් එක ඉස්සරහ කඩෙන්...කියාවි කියල බයට, පගාව හැටියට...අපිත් ඉතින් ඔන්න කියන්න මෙන්න කියන්න වගේ තමයි හිටියෙ..උන්ද හැමදාම කැම්පස් එන්න ඇත්තෙ පපුවෙ බිත්තර තම්බ තම්බ... :)

    ඌ ඊට පස්සෙත් ඔය වගේ අණඩරස් වැඩ කරන්න ගිහින් මාට්ටු වෙලා ඉල්ලං කෑවා ඇතිවෙන්න.....

    ReplyDelete
  25. @ Podi Kumarihami,

    අනේ ඔව්, දුකේ බැරුවා..... :)

    ReplyDelete
  26. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  27. මාර පොරක්නේ . ඔයාට තිබ්බේ අල්ලලා දෙන්න ලොක්කන්ට

    ReplyDelete
  28. @ Podi Kumarihami,

    ඔන්න අපි නම් හිතන්නෙ නෑ හේම හොඳේ....

    ReplyDelete
  29. @ Bindi,

    මට පව් කියල හිතුන අනේ රුයිත ආසියා වෙච්චි උගේ මූණ දකිනකොට..... :)

    ReplyDelete
  30. අපරාදේ, මියුරුටත් තිබුනේ දිල් කලා වගේ කරන්න. කොහෙද අනුකම්පාව නැමැති සිතක් පහල වෙලානේ...!

    අර ෆ්‍රෙෂාටත් හිතක් පහල වෙලා වෙන්නත් පුළුවන්. නැත්නම් ඌ දොස්තර නෝනා කිව්වා වගේ අසහනකාරයෙක්... මියුරු ඌට මක්කවත් කලේ නැතැයි ???

    ReplyDelete
  31. @ Chathuranga Perera,

    දිල්ට නම් ඒ වෙලාවෙම ජ්‍යෙෂ්ඨ උත්තමයින්ගෙ සහය ලැබිලනෙ.... මං මූ ඇත්තටම ෆ්‍රෙෂෙක් කියල දැනගත්තෙ සතියක් දෙකක් ගියාට පස්සෙ.... මම නම් මොකුත් වැඩිය කරන්න ගියේ නෑ.... ඒත් ඌ බයටම මටයි මගේ යාළුවටයි සති ගාණක් යනකම් හවසට තේයි කේකුයි අරන් දුන්න කැම්පස් එක ඉස්සරහ කඩෙන්...කියාවි කියල බයට, පගාව හැටියට...අපිත් ඉතින් ඔන්න කියන්න මෙන්න කියන්න වගේ තමයි හිටියෙ..උන්ද හැමදාම කැම්පස් එන්න ඇත්තෙ පපුවෙ බිත්තර තම්බ තම්බ... :)

    ReplyDelete
  32. මට පේන්නෙ මියුරු ඌව බ්ලැක් මේල් කරල වගේ........

    ReplyDelete
  33. ඌ නම් මාර බුවෙක්... අහු උනානම් ඌට බඩුම තමා... ඒත් ඌ පව්. අන්තිමට ඌ රැග් වෙලා නේ මෙයාගෙන්

    ReplyDelete
  34. අපි නම කරන්නේ ඕකෙ අනිත් පැත්ත... අපේ එකෙක් දානවා පොඩි උන් අස්සට...

    ReplyDelete
    Replies
    1. අපිත් ඕක කරනවා දොඩම් අයියේ :D අයිය දොඩම් මං දොඩන් :D

      Delete
  35. ඉතිං ඔයාගේ දණහිස් සිදුනයි ?

    ReplyDelete
  36. @ WIMAL,

    අනේ මෙයා ඔයා කියන හරුප නම් මට තේරෙන්නෑ...

    ReplyDelete
  37. @ ඇනෝ,

    බ්ලැක් මේල් නෙවෙයි කරන්න තිවුනේ උන්දව... මං හින්දයි නිකම් හිටියෙ... වෙන කෙනෙක් නම් කොරයි උන්දට..... :)

    ReplyDelete
  38. @ පිස්සා පලාමල්ල,

    බය නිසාම ඌ විහින් රැග් උනා... අපි නම් ඉතින් වැඩිය මොකුත් කොළේ නෑ .... :)

    ReplyDelete
  39. @ පැණි දොඩම්,

    බලාගෙන ගියාම නම දොඩමා උනාට රැග් කිං කෙනෙක් වගේ.... ;P

    ReplyDelete
  40. @ අසරණයා,

    සිදුනදත් අහනවා.... හොඳතෝම සිදුනා....

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. කැම්පස් ගියාට අන්තිමේදි මතක් කර කර හිනා වෙන්නවත් තියෙන්නේ ඔච්චරයි නෙව. මටත් මේ ලිපිය කියවලා ඉවර උනාම කතාවක් මතක් උනා.

    ReplyDelete
  43. @ මධුරංග,

    අනේ ඔව්... අදටත් හිනාවෙනව නොවැ...

    එහෙනම් ලියමුද බලන්න.... :)

    ReplyDelete
  44. බැචා මොකෝ සත්තලං බුදු "නංගී" කිව්වේ ???

    ReplyDelete
  45. @ Hasitha,

    හයියෝ... මේක මං දැක්කෙ අදනෙ... සමාවෙන්නෝනෙ පරක්කු උනාට....

    ඌ අක්කෙ කිව්ව නං හෙම මං කිකම් ඉඳියි කියල හිතුවද... කොහොමද උගෙ මොළේ... :)

    ReplyDelete