Total Pageviews

Monday, 4 February 2013

වෙනස...

අද කියන්න යන්නෙ පොඩි පොඩි කතා හතරක්... මේවා මේ ළඟදි අපට මුහුණ දෙන්න ලැබුණු අත්දැකීම් ටිකක් සහ ඒවා අහගෙන බලාගෙන ඉන්නකොට මට හිතුනු දේ...

අපේ චූටි දුවගෙ හොඳම යාළුවා ෆින්ලේ කියන ගෑණු දරුවා... එයාල දැනට අවුරුදු කිහිපයකට කලින් මෙහාට ආවෙ තස්මේනියාවෙ ඉඳලා.... ෆින්ලේගෙ අම්මා ටමාරා එහේදි කරලා තියෙන රස්සාව ලංකාවෙ සිංහල පවුලක පොඩි දරුවෙකු බලා ගත්තු එක... ඒ පවුලට පින් සිද්ද වෙන්න ටමාරලගෙ හිතේ ලංකාවෙ අය ගැන තියෙන්නෙ බොහොම ප්‍රසන්න හැඟීමක්... තවමත් ඒ ශ්‍රී ලාංකික පවුල ගැන කතා කරන්නෙ බොහොම ආදරයෙන්... ඒ හින්දා වෙන්න ඇති එයාල ආපු ගමන්ම වගේ අපිත් එක්ක බොහොම ලෙන්ගතු උනේ....

මෙහේ තියෙනවා මේ ප්‍රදේශයේ ප්‍රාථමික ඉස්කෝලවල ළමයි එකතු කරලා හදපු බෑන්ඩ් එකක්... අපේ දුවත් ෆින්ලේත් ඒකෙ ගිටාර් ගහන හින්දා මාසෙකට දවස් දෙකක් විතර මුළු බෑන්ඩ් එකම දාලා කරන පුහුණු කිරීම් වලදි ඉස්කෝලෙ ඉවරවෙලා එයාලට යන්න වෙනවා ටිකක් ඈත තියෙන වෙන ඉස්කෝලෙකට.... ටමාරා තමයි මෙයාලගෙ ප්‍රවාහන වගකීම් භාර අරගෙන ඉන්නෙ.... ඒ හේතුව නිසාම මේ පවුල අපිත් එක්ක බොහොම සමීපයි... ෆින්ලේගෙ තාත්තා සෑම්... එයාට ඩැරන් කියල අයියෙකුයි, බ්‍රිට්නි කියල නංගෙකුයි ඉන්නවා...

එක දවසක් බෑන්ඩ් එකේ පුහුණුවීම්වලට ගිහින් ආව චූටි දුව කියනවා, 'අම්මි අද අපි ප්‍රැක්ටිස් යන්න කලින් සෑම්ගෙ ගෙදරට ගියානෙ එයාට සෝෆා එකක් දෙන්න..' කියල... මට පුදුම හිතුනා... 'සෑම් ඉන්නෙත් ෆින්ලෙගෙ ගෙදරනෙ.. එයාට කෙහෙන්ද වෙන ගෙදරක්..? මං කීවා... 'නෑ අම්මි... සෑම් ඉන්නෙ ඩැරන් එක්ක වෙන ෆ්ලැට් එකක... සෑම් එහේ නෑ දැන්...' මට තේරුනා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... 'මං ඇහුවා එතකොට කවුද සෝෆා එක ගෙනිච්චෙ..? කියල... 'ටමාරා අරන් ගියේ... පස්සෙ සෑම්නුත් ගෙදරින් පහළට ඇවිත් දෙන්න එක්කම ඒක උස්සල ගේ ඇතුලට ගත්තා...' ඇත්තටම සෑම්නුත් ටමාරාත් වෙන් වෙච්චි බව අපිට අළුත් ආරංචියක් උනා... මොකද පොඩි උන් ගන්න ගියාම වෙනද වගේම ඒ දෙන්නම මුණ ගැහෙනවා අපිට... එයාල කතා කර කර ඉන්නවා දකිනවා.... කිසිම වෙනසක් තේරුනේ නෑ චූටි දුව මේ කතාව කියනකම්... ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අද වෙනතුරුත් ඒ බව අපිත් එක්ක කියල නෑ...

චූටි දුවගෙම තවත් යාළුවෙක් ඉන්නවා ග්‍රේස් කියලා... එයාගෙ තාත්තා ඩේවිඩ්, අම්මා ලෝරා... මෙයාල අයිරිෂ් පවුලක්.. එයාලගෙ ගෙදර නිතරම වගේ පාටි... හැබැයි අනිත් ගෙවල්වල තියෙන ඒවා වගේ නෙවෙයි මේ පාටි... පොඩි උන්ට ඇතිවෙන්න කන්න ලැබෙනවා වගේම දරුවව ගෙනියන දෙමව්පියනුත් සහභාගි කර ගන්නවා... හරියට අපේ ලංකාවෙ වගේ... අකමැති අයවත් බලෙන්ම කතාකරලා කන්න බොන්න දීලා තමයි යවන්නෙ... ඔක්කොම කෑම හදන්නෙ, සංග්‍රහ කරන්නෙ ඩේවිඩ්... ලෝරා නෙවෙයි ඒ කිසි දෙයක් ගැන වද වෙන්නෙ.... ඔහොම ඉඳලා එකපාරටම අර පාටි නැවතුනා... ඩේවිඩ් බොහොම බිසි උනා... ග්‍රේස් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියේ තවත් ළමයි ටිකක් එක්ක බයිසිකලේ පැදගෙන... සමහර දවස්වලට අම්මා ඇවිත් එක්කන් යනවා... ඔහොම අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සෙ දවසක් ඩේවිඩ් බියර් එකක් බොන්න අපේ මනූට කතා කරලා ඒ බොන ගමන් කියල තිබුණා එයාත් ලෝරාත් ඊට අවුරුද්දකට විතර කලින් වෙන් උනු බව.... ලෝරා බොහොම සැර පරුෂ කෙනෙක් නිසා දරුවො කැමතිවෙලා නෑ අම්මත් එක්ක යන්න... නමුත් සති අන්තෙ අම්මත් එක්ක ඉඳලා එනවා.... නැතිනම් අම්මා මේ ගෙදරට ඇවිත් දරුවොත් එක්ක දවස ගත කරලා යනවා... ඒ තමයි ඩේවිඩ්ගෙ කතාව...

ඉතින් ඔහොම ඔය දෙවලුත් අහගෙන ඉන්න අතරෙ දවසක් මෙන්න මට එනවා කෝල් එකක් මං බොහොම මෑතකදි දැන හඳුනාගත් ලංකාවෙ පවුලක නෝනා කෙනෙක්ගෙන... මෙයාට අපි මාලා කියමු... කෝල් එක පිළිතුරු දෙන්න රිසීවරේ කණේ තියාගත්තු මට එයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ... ගෑණි හෝ ගාල අඬනවා... මොකක් හරි විපැත්තියක් වෙලා කියා නම් තේරුනා... අන්තිමට මං කළේ දඩි බිඩි ගාලා ලැහැස්තිවෙලා එයාලගෙ ගෙදර ගිය එක... මං යනකොටත් මාලා හොටු කඳුළු පෙරාගෙන ෆෝන් එක කණේ ගහගෙන තවත් කවුරුද එක්ක කතාවක්... මොකද වෙලා තියෙන්නෙ බලනකොට මෙයාගෙ මහත්තයා මෙයාව දාලා ගිහින්... නිකම් නෙවෙයි, ගෑණිගෙ කණකර බඩුයි ගෙදර තිබ්බ සල්ලි ටිකයි අතගාගෙන... 'අනේ බලන්න මියුරු.. බලන්න මේ මිනිහා කරපු වැඩේ... දැන් කොහොමද මං ලෝකෙට මූණ දෙන්නෙ... කට්ටිය අහනකොට මං මොනවද කියන්නෙ... මං මේක කිව්වෙ ඔයාට විතරයි...' කිය කිය මාලා විලාප ගහනවා... මට විතරක් කිව්වාය කියල කීවට මං ඉන්දැද්දිම තව කෝල්ස් කිහිපයක් එයාම එක් එක්කෙනාට දිදී විස්තර කියනවා මං අහගෙන, බලාගෙන.... තව කෝල්ස් කිහිපයක් මෙයාට ආවත් එක්ක... අන්තිමට එයා විසින්ම දවස ඉවර වෙනකොට වැඩේට සෑහෙන ප්‍රචාරයක් දීගෙන... 

කොහොමින් හරි දෙපැත්තකට වෙන් උනු දෙන්නා තවමත් දෙන්නගෙ යාළුවොන්ට කිය කියා බැණ අඬගහ ගන්නවා... ෆේස් බුක් එකෙන් පවා වලිය යනවා... ගිය අවුරුද්දෙ අන්තිම මාලි ලංකාවට ගියා මිනිහා හැඳි ගෑවිලා යන්න ගුරුකමක් කරන්න කියල... දැන් මේක දන්න කියන හැමෝටම විහිළුවක් වෙලා... ඇත්තටම විකාරයක් වගේ... සිද්ද වෙච්චි ලැජ්ජා සහගත වැඩ ලිව්වෙ බොහොම අඩු කරලා... පූරුවෙ වාසනාවකටද කොහෙද මේ දෙන්නට දරුවො නෑ... හිටියා නම් දරුවෙකුටවත් පාරෙ බැහැල යන්න ලැබෙන්නෙ නෑ අම්මයි තාත්තයි කරන විගඩම් හින්දා... ඒ අපේ අයගෙ කතා අංක එක...

මේ දෙවෙනි කතාව... දවසක් හැන්දෑවෙ මනූගෙ යාළුවෙක් අපේ ගෙදර එනවා, මනුස්සයා දිහා බැලුවම මතක් උනේ ලංකාවෙ හිඟන්නෙක්ව... මනූට එකපාරටම ඇහුනා 'මොකක්ද බං උඹට උනේ...?' කියලා... මෙයා දරු පවුල පිටින්ම ශිෂ්‍යයෙක් විදියට ඇවිත්, පුදුම කට්ටක් කාලා බොහොම මෑතකදි පුරවැසි භාවය ලබාගත්තු කෙනෙක්... මෙහේ ඉන්න කට්ටිය දන්නවා ඇති දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලක් ශිෂ්‍ය වීසා යටතේ මෙහේ ආවාම විඳින්න වෙන දුක් ගැහැට... මෙයා ඒවා උපරිමයෙන්ම වින්දා... 'අනේ මචං උඹට පුළුවන් නම් මට නවතින්න තැනක් සෙට් කරල දියං... ස්ටුඩන්ට් ඇකමඩේෂන් එකක් උනත් කමක් නෑ..'

පස්සෙ විස්තරේ අහල බලනකොට පුරවැසිභාවය ලැබුණු ගමන් නෝනට දොඩම් ගොඩම බදාගන්න ඕන වෙලා... නෝනා රස්සාවක් කරන්න අකැමැති නිසා මහත්තයා විතරයි රස්සාවක් කරන්නෙ... තනි පඩියෙන් පස් දෙනෙකුගෙ පවුලක් නඩත්තු කරන එක ටිකක් අමාරු වැඩක්... ඒ අස්සෙ නෝනට ඕන උනාලු කාර් එකක්... මේ මනුස්සයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයවෙලා කාර් එකක් අරන් දීලා... ඒත් නෝනට ලයිසන් නෑ..නෝනා නව පාරක්ම ටෙස්ට් එක ෆේල් වෙලා... ඒ උනාට මේ නෝනා එහෙමයි කියලා පහු බැහැලා නෑ... ළමයි තුන්දෙනත් එක්ක කාර් එක එලවගෙන එහෙ මෙහෙ යනවා... මාට්ටු උනදාට ඔක්කොම ඉවරයි... නෝනගෙ වියදමුත් බොහොම සැරයිලු.. ඒ නිසාම දැන් ක්‍රෙඩිට් කාඩ් ණය එකතු වෙලා තියෙනවලු ඩොලර් හතළිස්දාහක්.... ඒ උනාට දැන් නෝනට ඕනලු ගෙයක් ගන්න... අර මනුස්සයා අහනවා කොහෙන් ගෙවන්නද තනි පඩියකින් කියලා... නෝනා පිළිගන්නෙම නැතිලු... අන්තිමට ඒ ගෑණු මනුස්සයා කරලා තියෙන්නෙ මහත්තයගෙ ක්‍රෙඩිට් කාඩ් එකයි, ෆෝන් එකයි තමුන් භාරයට ගත්තු එක... ඒ කරලා ගෙයින් එළියට බැහැලා කෑ ගහ ගහ අහසට වැලි ගහ ගහ තමුන්ගෙ මහත්තයට සාප කරනවලු... අහළ පහළ ගෙවල්වල සුද්දොත් එළියට බැහැල බලනවලු මේ විගඩම මොකක්ද කියල... එවෙලෙම මනුස්සයා ගෙයින් එළියට බැහැල, දරුවො යන්න එපා කිය කියා අඬ අඬා ඇඟේ එල්ලෙද්දි... 'මං කොහොමද මනූ ආයෙ ඒ ගෙදර ඉන්නෙ රෙද්දක් ඇඳගෙන..' ඊළඟ පඩිය හම්බුවෙනකම් සති දෙකක් ජීවත් වෙන්න ඒ මනුස්සයගෙ අතේ ඒ වෙනකොට තිබ්බෙ ඩොලර් එකසිය විස්සයි... දැන් එයා තමුන්ගෙ ගෙදරට ටිකක් ඈතින් කාමරයක් අරන් තනියම ජීවත් වෙනවා...

 මං මේ කතා ටික කිව්වෙ මෙහේ අයගෙයි අපේ අයගෙයි මේ වගේ දෙයකදි හැසිරීමේ වෙනස පෙන්නන්න... දික්කසාදයකදි හරි වෙන්වීමකදි හරි අපේ අය බොහෝ විට වැඩේ චා කරගන්නවා විහින්ම... තමුන්ගෙ හැඟීම් පාලනය කරගන්න බැරි කමින්... අන්තිමට පාරෙ බැහැල යන්න බැරිව අනුන්ටත් විහිළුවක් වෙලා තමයි නවතින්නෙ ප්‍රසිද්ධියේ කුණු සෝදන්න ගිහිල්ලා... අපේ මස්සිනා කියන්න වගේ කක්කා දාලා ඒකට පොල්ලෙන් තලනවා... අන්තිමට අනුන්ගෙ ඇඟේ විතරක් නෙවේ තමුන්ගෙ ඇඟෙත් ජරාව... හැමෝම හදන්නෙ තමුන් නිවැරදිකාරයා කියල අනුන්ට ඔප්පු කරන්න... ඒකෙන් වෙන්නෙ ගෙයි ගිනි පිටට දීමත්, පිටත ගිනි ඇතුලට ගැනීමත්... සමහර වෙලාවට ඔය වගේ දේවලදි අනුන්ගෙ උපදෙස් පතන්න ගියාමත් වැඩේ වරදිනවා... ඒ නොදැනුවත්කමින් හෝ දැනුවත්ව දෙන උපදෙස් වැරදී යාමෙන්... ප්‍රශ්ණෙ සැබෑම තත්වය දන්නෙ තමුන් නිසා (තමුන්ගෙ වැරදි කවුරුවත් අනුන්ට කියන්න යන්නෙ නෑනෙ..) මට හිතෙන විදියට මේ වගේ දෙයකදි නිවැරදි තීරණයක් ගන්න පුළුවන් තමුන්ටමයි...

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි... මේ වගේ දෙයකදි පුළුවන් තරම් ගෙදර බිත්ති හතර ඇතුලත වැඩේ විසඳගන්න උත්සාහ කරන්න... විශේෂයෙන්ම තීරණ ගැනීමෙදි දරුවො ඉන්නවා නම් තවදුරටත් සැලකිලිමත් වෙන්න... මෙහේ නම් කවුන්සලිං වගේ දේවලුත් මේ සම්බන්ධව තියෙනවා... ලංකාවෙත් නැතිවෙන්න බෑ... එවැනි තැනකට ගිහින් උපදෙසක් ගන්න පුළුවන්... මෙහේ මිනිස්සුත් මනුස්සයොනෙ... රටට විහිළුවක් වෙන්නෙ නැතිව ඒ අයට මේ වගේ ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් ඇයි අපේ අයට බැරි...

62 comments:

  1. හරිම වැදගත් පෝස්ට් එකක් මියුරු. මේ පැත්තෙත් ඔය වගේ වැඩ වෙනවා. දික්කසාදය කොයි තරම් දුරට අමිහිරි කරගන්නවාද කියන එක තියෙන්නේ දෙන්නා අතේ. එක වහලක් යට දෙන්නෙකුට සාමදානයෙන්, එකට ඉන්ට බැරි නම් යාලුකමක් හරි තියාගෙන වෙන්වෙන එක තමා හොඳම දේ. මෙතනදි ලංකාවේ අයට නම් සිද්ධවෙන්නේ අනුන් කියන හැමදේම කරන්ට ගිහින් වැඩේ හොඳටම වරද්දගන්න එක. මේ රටේ අය කරන්නේ තමන් හරි කියලා හිතන දේ. අපේ අය ඉතින් අනුන් කියන දේවල් අහන්ට ගිහින් නිකම්ම වෙන්වෙන වෙලාවලුත් මම දැකලා තියනවා. හරිම කණගාටුයි ඒ වගේ දේවල් අහන්ට ලැබෙන එක නම්.

    පිටරකට ගිය හැටියේ අනිත් අය එක්ක තරඟෙකට ලෑස්ති වෙන එක තමා අපේ අයගේ නරකමදේ. ගෑනු තමා වැඩියෙන්ම...:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොඩ්ඩි අපේ අයට වරදින්නෙ ඔය වගේ ප්‍රශ්ණයකදි අනුන්ගෙ උපදෙස් පතන්න යාමෙන්... ඇතැම් වෙලාවට සමහරුන්ගෙ දෙමව්පියො මැදිහත් කරගන්න ගියාමත් වැඩේ ඇනෙනවා මං දැකලා තියෙනවා... මොකද බොහොමයක් දෙමව්පියො ප්‍රශ්ණෙ දෙපැත්ත ගැනම සාධාරණව හිතන්නෙ නැතිව 'අපේ එකා/එකී' බේරගන්න යන නිසා... එතකොට ඉතින් ආයෙ එකතු වෙන්න යාන්තම් හරි ඉඩක් තිබුණු පවුලක් උනත් නිකම්ම වෙන් වෙනවා...

      ඔය තරගෙ ගැනත් මට ලස්සන අත්දැකීමක් තියෙනවා පොඩ්ඩි... ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්නෙ... :D

      Delete
  2. මියුරුගෙ කතාව සහතික ඇත්ත.. බාගයක් ප්‍රසිද්දියෙ කුණු හෝදනවා. වටේ ඉන්න අයත් කුණුගොඩවල් අවුස්ස අවුස්ස ගඳ ගහන ඒවා හොයලා එලියට දානවා හුදී ජන ලාම්පු කණගා‍ටුවට.. දෙන්නෙක් වෙන්වෙනවා කියන එකට හේතු හොයන්න යන පිටස්තරයො ඇතිකරන ප්‍රශ්න දෙන්නගෙ ප්‍රශ්නවලටත් වැඩියි..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සරත්... අපි අතර ඉන්න බොහෝ දෙනෙකුගෙ පුරුද්දක් තමයි අනිත් මිනිහට රිදෙන තැනටම ඇඟිල්ලෙන් අනින එක... යම්කිසි දෙයක් ගැන කතා කරනකොට යමෙකුගෙ හිත රිදෙනවා කියල දැනුනොත් තව තව ඒ ගැනම කතා කරන අය කොයි තරම් ඉන්නවද... හිතල බලන්නකෝ අපි ඉදිරියෙදිම කී දෙනෙක් තවත් කෙනෙකුගෙන් අහල තියෙනවද කියල 'දැන් කොහොමද අර ප්‍රශ්ණෙ..?' කියල හෙම..

      Delete
  3. ලොකු ආදර්ශ ගොඩක් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ආදර්ශ මොනතරම් තිබ්බත් මාළුවෝ, අපේ මිනිස්සුන්ගෙ වැරදි චර්යා රටාවන් කවදා වෙනස් වෙයිද මන්දා...

      Delete
  4. මේ නම් මියුරු උඹ ලියපු සීරියස්ම පෝස්ට් එකක්. පෙනේද ශ්‍රී ලාංකික අභිමානය, නේද?

    ඇත්තට මොකක්ද අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ?

    (උඹ මේ කතා හතර ගැනපු හැටි තමයි මට තාම අවුල්. :D)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩූඩ් මේක තමයි සීරියස්ම පෝස්ට් එක... මගේ අනිත් බයිලා අහලා කියවන කට්ටියට එපා වෙලා ඇති කියල හිතුනු නිසාත් පහුගිය ටිකේ මේ අන්තිම සිදුවීම් දෙක ඇහැට ඇඟිල්ලෙන් ඇන ඇන තිබ්බ නිසාත් ලියල දාන්න හිතුවා මගේ ඔළුවෙ තිබ්බ බර කන්ද අනිත් අයටවත් කියල නිදහස් කරගන්න... අර මාලාගෙ සිද්දිය නිසා මාත් අම්බානක කට්ටක් කෑවා... මටත් කිසිම නිදහසක් නැතිවුනා... මං හිටියෙ ඒ මනුස්සයා කරන මෝඩ වැඩ නිසා පුදුම තරහකින්... ඔය සිදුවීම නිසා මේ මනුස්සයා හිතවත් කී දෙනෙක් තරහා කරගත්තද... අන්තිමට දැන් කවුරුත් කියන්නෙ 'පිස්සු කේස් එකක්..' කියල..

      ඒ මොකද ඩූඩො.. මට ගණන් වැරදිලාද... :D

      Delete
    2. හෝව් හෝව් හෝව්! ඒ බයිලා නම් මොන විදියකටවත් නවත්තන්න හිතන්නවත් එපා ඕං. මගේ ප්‍රියතම හාස්‍යය තියෙන්නෙ මේකෙ. ඔය ඉඳලා හිටලා පෝඩ්ඩක් විතර සීරියස් වුනාම ඇති මේ වගේ, ඒත් ඕනෙම නම්.

      ගණන් වැඩේ අල්ලලා දාහං. මටත් ගණං බෑ. :D

      Delete
    3. අවංකවම ඩූඩ් මං නම් හිතුවෙ කට්ටියට ඔය කතාවල් අහන් ඉඳලා එපා වෙලා ඇති කියලයි... :D
      //ඔය ඉඳලා හිටලා පෝඩ්ඩක් විතර සීරියස් වුනාම ඇති මේ වගේ, ඒත් ඕනෙම නම්// hiks..

      //ගණන් වැඩේ අල්ලලා දාහං. මටත් ගණං බෑ. :D//
      ඇති යාන්තං.. ඒත් ඩූඩෝ, උඹ ගුරෙක් නෙ බං.. ගණන් බැරිවෙලා කෝම... :D

      Delete
    4. බොල මං ඉංගිරිස් ගුරෙක්. ඔන්න ඕකනෙ ඉතින් බැරි. උඹලා cardiologist ගාවට යනවද දත් ගලවන්න? (අතන මුලින් gynecologist කියලා ලියලා පස්සෙ cardiologist කියලා හැදුවා උඹේ කටේ හැටි දන්න නිසා. නැත්නම් ඕක වර නගන්න හදයි.:D )

      Delete
    5. ඉංගිරිසි ගුරෙක් උනාට හුම්... අර උඹ ලියන කතා කියවනකොට නම් මට හිතුනෙ ඩූඩ් කියන්නෙ පයිතගරස්ටත් එහා ගණන්කාරයෙක් කියලා.... :D
      cardiologistලත් දත් ගලවනව බොල බෙහෙත් අරන් එන්න හදද්දි.... ;P

      //අතන මුලින් gynecologist කියලා ලියලා පස්සෙ cardiologist කියලා හැදුවා උඹේ කටේ හැටි දන්න නිසා. නැත්නම් ඕක වර නගන්න හදයි.:D//
      හියැහ් හිඃ පුහ්.... :))))))

      Delete
  5. ගොඩක් අය මොලේට වඩා හදවතට කන්දෙන්න පටන් ගත්තම මෙහෙම වෙන්වා මියුරු..මිනිස්සු ගොඩක් තීරණ ගන්නෙ හැඟීම්වලට වහල් වෙලා..

    ඒත් පාඩමක් ඉගෙන ගත්ත පාටක් නම් පේනෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රූ... සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්ණවලට මුහුණ දෙන අයම අනිත් අයගේ සමාන ප්‍රශ්ණවලදි බොහෝ උපදෙස් දීලා ඇති.... මොකද කැත පැත්ත පේන්නෙ පිටින් බලන අයටනෙ.... ඒ උනාට තමුන් ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නම ඒ අයත් හැසිරෙන්නෙ අර විදියටම තමා... හැඟීම්වලට වහල් වෙලා...

      Delete
  6. අනේ අනේ ඔයා කොහේද මන්දා බටහිර රටක ඉඳහෙන එහේ ඉන්න සුද්දන්ගේ ගොඳ කිය කිය, අපේ පෞඪ ජාතියේ උතුම් පවුල් සම්බන්ධතාවලට අගෞරව කරවා නේද?

    අනික මේ නිදහස් දිනයේදීම?

    ReplyDelete
    Replies
    1. හී.. හී.. කකා...

      //අනික මේ නිදහස් දිනයේදීම?//
      ඔය ගැන කවුදෝ ඇසූ පිරූ ඇත්තෙක් මේ විදියට කියල තිබුණ පොඩ්ඩිගෙ බ්ලොග් එකේ.... :D

      Kathandara Karaya 3 February 2013 20:40
      නිදහස් දිනය තිබුණේ ඉස්සර. ඒ 1972 ට කලින්.

      දැන් තියෙන්නේ ජාතික දිනය.

      (සමාවෙන්න පොඩ්ඩි... ඔයාගෙ බ්ලොගෙන් ඉස්සුවෙ...)


      Delete
  7. පොඩ්ඩක් ඉවසලා ඉන්නකො... අපේ අයට තාම වැඩේට අළුත්නෙ... තාම පිළිවලකට පටන් ගත්තා විතරනෙ...ඉස්සරහට හරි යයි... දැන් දැන් ප්‍රසිද්ධ අය ඩිවෝස් වෙනවා හෝ ගාලා... ඊට අප්ස්සෙ ඒ ගොල්ලන්ව අනුගමනය කරන ඒ ගොල්ලන්ගෙ රසිකයො වැඩේ පටන් ගනන්වා.. වැඩේ නැගලා යයි.. මුලදි කොයි වැඩෙත් ටිකක් අවුල්නෙ.. පස්සෙ බලන්නකො අපේ අය ඩිවෝස් වෙයි ආයෙ බැඳලා එකට හිටියද කියලවත් හොයන්ඩ බැරි වෙන්න.. බලන්ඩකො මම කියන්නෙ බොරුද කියලා.. ඊට පස්සෙ ඔය සුද්දො එයි අපෙන් උපදෙස් ගන්ඩ කොහොමද සද්ද නැතුව ඩිවෝස් වෙන්නෙ කියලා..

    මේ දවස් වල ටෙලියක් යනවා "බොරලු පාර" කියලා.. ඒකෙ හුඟක් උන් ඩිවෝස්.. එක කපල් එකක ඉන්නවා ඩිවෝස් වෙලා අවුරුදු 17ක් එක ගෙදරම ජීවත් වෙනවා.. එකිනෙකාට වෛර කර කර එකට ජීවත් වෙන එකලු ඒ ගොල්ලන්ගෙ පරම සතුට.. හොඳ ආදර්ශයක් ඒක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්... ප්‍රසිද්ධ අය වෙන් උනාම මාධ්‍ය වලිනුත් කුණු සෝදන්නෙ... අන්තිමට අං දෙකයි වලිගෙයි නොපෙනී ගියාම පශ්චාත්තාප වෙනව අපරාදෙ මං මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ගියේ කියල... අර කිව්ව වගේ ඕවා රසිකයො අනුගමනය කරන්න ගියොත් එහෙම... ගියොත් නෙවෙයි.. එයාල දැන් ගෑණිගෙන් දරුවන්ගෙන් වෙන්වෙන්න අනුගමනය කරන්නෙ ඊටත් වඩා ඇඩ්වාන්ස් ක්‍රමනෙ...

      ඔය නාට්‍යය ගැන ගොඩක් අය හොඳ කියල තියෙනව මං දැක්කා... ඒත් ඔය ටික ඇහුවෙ සෙන්නගෙන්... ඒක දැක්කම මට පරණ කතාවක් මතක් උනා... ඒක ගෑණු මනුස්සයෙක් හිටියලු නිතරම මිනිහාගෙන් ගුටි කන... මේ මනුස්සයට ඒක මොන තරම් පුරුදු වෙලාද කිව්වොත් මිනිහගෙන් ගුටි කෑවෙ නැති දවසට හිතට හරි නෑලු... ඉතින් එහෙම දවසට කරන්නෙ කුස්සියේ පත වැලි බෑග් එකක් තියාගෙන, ඒකෙ හයියෙන් හැප්පෙන එකලු...(හුදෙක් සිනාසී අමතක කිරීම සඳහා පමණයි, කතාව... )

      Delete
    2. නාට්‍ය ඇත්තටම හොඳයි මියුරු.. මාත් ආසාවෙන් බලනවා ඒක..ඒකෙ පෙන්වනවා දෙමව්පියො ඩිවෝස් වුනාම ළමයි මුහුණ දෙන ආතතිය.. අර කපල් එකනම් එක්ස්සෙප්ශනල් කේස් එකක්.. ඒත් ඔහොම ලෝකෙට පේන්න හතර වටේට අසුචි විසි කරගන්නවට වැඩිය.. ඩිවෝස් වෙලා එකිනෙකාට වෛර කර කර එක ගෙදරම ඉන්න එකත් හොඳ අදහසක් කියලයි මට හිතෙන්නෙ.

      Delete
    3. ලංකාවෙ නාට්‍ය බැලීම නම් අතහැරලා සෙන්නා... මෑතකදි බැලුවෙ 'රන්ගිර' විතරයි.... ඒකත් අර දිවයින පත්තරේ කොටස් වශයෙන් පලවෙද්දි ඒකට ආසා කළ නිසා... ඔයා කියන විදියට බොහොම රසවත් කතාවක් වගේ... පොඩ්ඩක් ඔළුව දාල බලන්න ඕන...

      Delete
  8. බොහොම වටිනා පෝස්ටුවක්...ගන්න හෝ නොගන්න ආදර්ශ ගොඩයි...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්... අඩුම ගණනේ දකින කෙනෙක් මේ වගේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතුවොත්වත්...

      Delete
  9. අපේ උදවිය යන යන තැන කැපී පේන්න ඉන්න හරිම දස්සයි නේද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... බොහෝ අංශ වලින්...

      Delete
  10. මන් දැක්ක හරිම වේදනා බර ඩිවෝස් කතන්දර දෙකක් යුරෝපිය යුවලවල් දෙකක . එකක් පිරිමියා මේ රටේ කතක් එක්ක හාද වෙලා . බිරිඳ බලා ඉද්දි කෙට්ටු වෙලා හරිම අසරණ පෙනුමක් තිබුනේ. සුරංගනාවියක් වගේ පුංචි දුවෙකුත් හිටියා . ඒගොල්ල සද්ද නැතුව වෙන් වුනා තමයි . නමුත් ඒ ගැහැණු කෙනාගේ ඇස යට තිබ්බ කඳුළු පෙනුන නොපෙනුන ගානයි . පවුල ආපසු ගමරට ගියා . අර බුරු තඩියා මෙහෙ නැවතුන.

    අනික ප්‍රංශ යුවලක් ..හේතුව මන් දන්නේ නැහැ . එතනත් ලමය එක්ක ගැහැණු කෙනා තම රටට ගියා . සැමියා වෙන රටකට ගියා . හැබැයි ඉතින් ඔයා කිවූ කතාවල වගේම මේ ගොල්ලත් සද්දයක් කලේ නම් නැහැ . හැබැයි දෙවෙනි එකේ නම් මන්දා පළවැනි එකේ නම් අර මිනිහගේ තට්ටේ පළල ගියා නම් හොඳයි කියල මට හිතුන .

    හැබැයි මියුරු කියන්න හැදුවේ ගෙයි ගිනි පිටට නොදෙන්න කියල . ඒ කතාවට නම් එකඟයි . මොකද එලියට ගියහම ගින්නට පිදුරු විතරක් නෙමේ භුමිතෙලුත් හම්බ වෙනවා .

    දික්කසාදය අපේ සමාජයේ ලොකු දෙයක් වෙලා තියෙන්නේ දික්කසාද වුන ගැහැණිය දිහා බලන විදිහයි අනික් අතට ආර්ථික ශක්තියක් නැති කමයි නිසා .
    තවත් දුරට ආසියාතික සමාජයේ දරුවන් නිසා ඉවසීම නිසා . ඩෙන්මාර්ක් මිතුරියක් කිවා එහෙ දික්කසාද වෙන එක නිකන් කජු කන්න වගේලු. අවුලකුත් නැහැ . ළමයින්ට ආණ්ඩුවෙන් සේරම කරනවා .
    එයා කසාද තුනක් බැඳලා . නමුත් තවම වැඩිය කැමති පලවෙනියාටලු .

    ReplyDelete
    Replies
    1. වෙන්වීම, දික්කසාදය කියන එක හැමතිස්සෙම වේදනාබර අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නෑ බින්දි... නිශ්ශබ්දව හිටියා උනාට ඒ හැම කෙනෙකුටම වේදනාවක්, තැවෙන්න දෙයක්, අනෙක් පාර්ශවය කෙරෙහි කෝපයක් ඉතුරු වෙනවා ඇති... දෙන්නා දෙපැත්තට ගියාට පස්සෙත් ඔන්න ඔය හැඟීම් ටික බුද්ධිමත්ව පාලනය කරගෙන ඉන්න පුළුවන් නම් තියෙන ප්‍රශ්ණ මදිවට පිටතින් එන බහුතරයක් ප්‍රශ්ණ අඩු කරගන්න පුළුවන් වගේම තමුන්ව අනුන්ට විහිළුවක් වීම වලක්වාගන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ...

      //දික්කසාදය අපේ සමාජයේ ලොකු දෙයක් වෙලා තියෙන්නේ දික්කසාද වුන ගැහැණිය දිහා බලන විදිහයි අනික් අතට ආර්ථික ශක්තියක් නැති කමයි නිසා .තවත් දුරට ආසියාතික සමාජයේ දරුවන් නිසා ඉවසීම නිසා .//
      මෙන්න මේ හේතු නිසා තමයි ඉස්සර නම් අපේ සමාජයේ දික්කසාද කියන ඒවා අඩු වෙන්න ඇත්තෙ... ගෑණු ගොඩාක් දේවල් දරාගෙන පවුල් සංස්ථාව පවත්වාගෙන යන්න උත්සාහ කළේ... ඒත් දැන් නම් අහන දකින දේවල හැටියට ඒ තත්වය වෙනස් වේගෙන යනවා වගෙයි පේන්නෙ...

      //ඩෙන්මාර්ක් මිතුරියක් කිවා එහෙ දික්කසාද වෙන එක නිකන් කජු කන්න වගේලු. අවුලකුත් නැහැ . ළමයින්ට ආණ්ඩුවෙන් සේරම කරනවා//
      මෙහෙත් තනිකඩ අම්මලාට ළමයින්ට ආණ්ඩුවෙන් උදව් කරන එක කරනවා...

      Delete
  11. අපේ අයගේ දික්කසාදය ගැන තියෙන ආකල්පය නම් බිංදුවයි. සමහරු කියන්නේ මීට වඩා හොඳයි මැරිලා ගියානම් කියලත්. දෙන්නෙක් ගැලපෙන්නෙ නැත්නම් දවසගානේ විඳවනවට වඩා කොච්චර හොඳද වෙන් වෙන එක.
    අනික අපේ මිනිස්සු ඔලුවෙන් වැඩ කරන්න ඕන තැනයි හදවටත ඉඩ දෙන්න ඕන තැනයි නිතරම පටලව ගන්නවා. :) කාලෙකින් පෝස්ට් එකක් දැක්කේ අක්කගේ!

    ReplyDelete
    Replies
    1. //අපේ අයගේ දික්කසාදය ගැන තියෙන ආකල්පය නම් බිංදුවයි. සමහරු කියන්නේ මීට වඩා හොඳයි මැරිලා ගියානම් කියලත්//
      මට හිතෙන විදියට මෙහෙම කියනවා ඇත්තෙ ගැහැණු අය වෙන්න ඕන... අපේ රටේ අය නම් මෙහෙම කියනවා ඇත්තෙ සාබිත් අර බින්දි කියල තියෙන දේවල් නිසා වෙන්න ඇති...පහුගිය කාලෙ අපේ රටේ දික්කසාද වෙච්චි ගැහැණිය කියන්නෙ අවලංගු කාසියක් වගේ... ඒ වගේ අයට රැකියාවල් කරන තැන්වල එන ප්‍රශ්ණ මමත් අහලා දැකලා තියෙනවා... මේවා බොහොමයක් සමහර පිරිමින්ගෙන් එන ප්‍රශ්ණ... එතකොට නම් මැරෙන එක හොඳයි කියල හිතෙන්න ඇති...

      //දෙන්නෙක් ගැලපෙන්නෙ නැත්නම් දවසගානේ විඳවනවට වඩා කොච්චර හොඳද වෙන් වෙන එක.//
      මෙන්න මේ දේ වෙන්න ඕන සාබිත් කිසිම බාහිර බලපෑමකින් තොරව ජෝඩුවගෙ කැමැත්තෙන්... ඒ වගේම ඊට හේතු දෙන්නා අතරෙ පමණක් රැකගන්න පුළුවන් නම් තමයි හොඳම දේ... අඩු තරමේ දරුවන්ටවත් කියන්නෙ නැතිව... මොකද අම්මා තාත්තා දෙපලක හිටියා කියලා දරුවොන්ට තමුන්ගෙ දෙමව්පියො නැති කරන්නවත්, අම්මට හරි තාත්තට හරි දරුවොන්ගෙ හිතේ තියෙන ගෞරවය නැති කරන්නවත් ඕන නැහැනෙ... බාහිර අය ලං කරගත්තම තමයි ඔක්කොම කැඳ හැලියක් වෙන්නෙ...

      //අනික අපේ මිනිස්සු ඔලුවෙන් වැඩ කරන්න ඕන තැනයි හදවටත ඉඩ දෙන්න ඕන තැනයි නිතරම පටලව ගන්නවා.//
      හරියට හරි...

      මාස තුනකට පස්සෙ ගිය මාසෙත් එකක් දැම්මා සාබිත්... ඔයාගෙත් කමෙන්ටුවක්වත් දැක්කෙ ඊයෙ ඉඳලද කොහෙද... විභාගවත් තිබුණද...? :D

      Delete
    2. ඒ හැටි වැඩක් තිබ්බෙමත් නෑ. පොඩ්ඩක් හැම දේකින්ම ඈත් වෙලා ඉන්න හිතුනා පොඩි චේන්ජ් එකකටත් එක්ක. :) ජීවිතේ වෙනසක් තියෙන්නත් එපැයි නේද? :p

      Delete
    3. කරදරයක් නැතිව ඉන්නවා නම් කමක් නෑ... අපොයි ඔව්... සුපුරුදු ජීවිත රටාවෙ වෙනසක් නම් තියෙන්නම ඕන කාලෙන් කාලෙට... :D

      Delete
  12. හෆොයි ලංකාවෙ ඔය වගේ සිද්ධි බොහොම සුලබයි. මම දන්න ගෑණු කෙනෙක් ඉන්නවා ඔෆිස් එකට ඇවිත් ඉස් ඉස්සරලාම කරන්නේ තව කාගෙ හරි මේසයක් ලඟට ගිහින් තමන්ගෙ මහත්තයාගෙ දොස් වැරදි, තමන්ට දරුවන්ට කරන මදි පුංචිකම් කිය කියා අඬන බනින එක. ඉතින් අර අහන් ඉන්න මනුස්සයාගෙත් දවස ඉවරයි. එයාගෙ මනුස්සයත් ඉතින් එයාටම තකට තක. කෝල්ස් දිදී වැඩ කරන අයගෙනුයි, අර ගෑණු මනුස්සයගෙ යාළුවන්ගෙනුයි අහනවා තමන්ගෙ නෝනා ගැන. වැඩට ආවද? ෂෝර්ට්ලීව් ගියාද ? කිය කියා. ඔන්න එහෙම කිය කියා ඉඳල එකපාරටම දවසක ඇවිත් කියනවා " අනේ ෂෝක් ෆිල්ම් එකක් ඇවිත්නෙ හෝල් එකට. අපේ හස්බන්ඩ් මාවයි ලමයිනුයි එක්ක ගියානෙ ඒක බලන්න. හරී ෂෝක් මෙයා" දැන් නම් ඉතින් හැමෝටම විහිලුවක් වෙලා මේ දෙන්නා.ඒත් ඉතින් ඒක එයාලට නොතේරෙන එක තමයි පුදුම.

    ReplyDelete
    Replies
    1. ඔහොම අය ඉන්නවා... එක සැරයක් මං වැඩ කරපු ඔෆිස් එකේ හිටිය ගෑණු මනුස්සයෙකුගෙ මහත්තයා සතියකට දවස් දෙක තුනක් ඔෆිස් එකට ඇවිත් අර මනුස්සයගෙ මේසෙ ළඟින් පුටුවක් තියාගෙන වැඩ ඇරෙනකම් ඉන්නවා... හිතන්නකො තත්වෙ... කරගන්න මගුලක් ලෝකෙට නොපේන්න, රටට කියන්නෙ නැතිව කරගන්නවා නම් ඔය වගේ අය අනිත් අයට විහිළුවක් වෙන එක නවතිනවනෙ...

      ඔයා මෙහෙට අළුත් කෙනෙක් වගෙයි... බොහොම ස්තුතියි අරුන්දතී...

      Delete
  13. ගොඩාක් වටිනා අදහස් ටිකක් මියුරු. අපේ අයගෙ වැඩ නම් කියල වැඩක් නෑ. රට ගිහාම යන්නෙත් අඩි ගානක් උඩින් නෙ. බිම පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාන්දි... හිස් කළගෙඩි...

      Delete
  14. අනේ මන්දා... ඉස්සරනම් අපේ රටේ ඔහොම දේවල් ගැන මිනිස්සු දන්නෙවත් නෑ.. ඒ උනාට දැන්......
    ඉස්සරහට කොහොම තියෙයිද....


    CSK LANKA

    ReplyDelete
    Replies
    1. ගැලපෙන්නෙ නැත්නම් විඳව විඳව ඉන්නෙ නැතිව දෙන්නගෙ කැමැත්තෙන් වෙන් වෙන එක හොඳයි කියලයි මං හිතන්නෙ... ඒත් මේ නයි පොළොංගු වගේ වෙලා එකිනෙකාට මඩ ගහගෙන ලෝකෙට විහිළුවක් වෙන එකටයි මං අකැමැති චින්තක... ඉස්සරහට නම් දික්කසාද වැඩිවෙයි කියලයි මට හිතෙන්නෙ... මොකද මාධ්‍ය වලිනුත් බොහෝ වෙලාවට මේ වගේ විස්තර තලු මර මර කතා කරනවා මිස, කසාදයක් දික්කසාද වෙන තැනට නොගොහින් පවුලක් විදියට එකිනෙකාගෙ ගරුත්වය රැකගෙන ඒක පවත්වාගෙන යන විදියක් කවුරුවත් කියන්නෙම නැති තරම්නෙ...

      Delete
  15. මියුරු ආපහු ලියන්න ගත්ත එක ගැන බොහෝම සතුටුයි. අපේ ශත දෙක නොදුන්නට අපි ඔය ලියන ඒවා ඔක්කොම කියවනවා.

    මේකත් කියන්න ඕනේ මියුරු. මම දැකපු දෙයක් මේ. ඔය අනෙකාට දොස් නොකිය දික්කසාද වෙන මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියමු. එහෙම අයගෙන් අනිත් අය අහන්නේ අනේ මේ උඹල බොරු කරන්නේ අපිවද රවටන්න හදන්නේ තාමත් උඹල දෙන්න දකින දකින තැන එකටමයි ඉන්නේ යන්නේ එන්නේ. ඒ කිසිම කෙනෙක් විවාහයක් බිඳ වැටුනම යාළුකමක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නෑ. මට හිතාගන්න බෑ මේ මිනිස්සු ආදරේ කරනවා කියලා මොන බම්බුවකටද කියන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රංගි, මගේ බයිලා කියවන එක ගැන...

      ඔන්න ඔතන නම් ඇත්තටම පොඩි ප්‍රශ්ණයක් තියෙනවා තමයි.... මටත් ඕක ඇහිලා තියෙනවා... අපේ මිනිස්සු හිතන්නෙ දෙන්නෙක් දික්කසාද උනා නම් බැණ අඬගහගන්න ඕන, ගහ මරා ගන්න ඕන කියල... ඇයි එහෙමනෙ අපේ රටේ බොහෝ වෙලාවට වෙන්නෙ... ඒකට සාපේක්ෂව තමයි බලන්නෙ... ඉතින් දික්කසාදෙට පසෙත් දෙන්නෙක් සහයෝගීව ඉන්නවා කියන්න බහුතරයකට අදහාගන්න බැරි දෙයක්...

      Delete
  16. අපේ අය දික්කසාදයක් උනොත් ආපහු මූනවත් බලන්නේ නැති සයිස් එකටනේ වැඩේ සිද්ද වෙන්නේ. විදේශිකයින් එහෙම නැත්තේ ඒ වගේ දේවල් බුද්ධිමත්ව පාලනය කරගන්න තියන හැකියාව නිසාද නැත්නම් ඒ දේවල් එයාලට හරිම සාමාන්‍ය නිසාද කියලා මට තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට සයුරි ඕස්ට්‍රේලියාව වගේ රටවල නීතිමය පැත්ත පවා ගොඩාක් බර කාන්තාවන් දෙසට... ඒ නිසා බහුතරය යම්කිසි අකටයුත්තක් උනොත් නිකම් ඉන්නෙ නෑ.... ඒ වගේ දේවල් උසාවිවල පට්ට ගහ ගහා අදින්නෙ නෑ මං දන්න තරමට... ආර්ථික පැත්තෙන් පවා ආණ්ඩුව විසින් උදව් කරනවා... මං හිතන්නෙ ඔයා ඉන්න රටේ උනත් එහෙම වන්න ඇති... ඒ නිසා අර අපේ රටේ කාන්තාවන්ට වගේ ළමයි එක්ක තනි උනත් හිතන්න බරපතල දේවල් නැති නිසා වැඩේ අල වෙන්න කලින් දෙන්නාගේම කැමැත්තෙන් වෙන් වෙනවා... මං දන්න තරමට එහෙම වෙන් උනත් මෙහේ බහුතරය දික්කසාද වෙන්න දඟලන්නෙ නීතිමය පැත්තෙන් විශාල දේපලක් අයිති වෙන්න තිබුණොත් හරි, වෙන කසාදයක් බැඳගන්න ඕන උනොත් හරි තමා... ඒ මගේ අත්දැකීම...

      Delete
  17. දික්කසාදය කියන්නේ අපි මේ ඉන්න රටවලටනම් සමාන්‍ය දෙයක් නේ මියුරු අක්කේ.. ඒත් ලංකාවේ තත්වේ ඊට වඩා කොච්චර වෙනස්ද?

    ReplyDelete
    Replies
    1. දික්කසාද නොවී ඉන්න කියන එක නෙවෙයි දිනේෂ් මං මෙතැනදි කියන්න උත්සාහ කළේ... මං පිටස්තරයෙක් විදියට දැක්ක ඒ වගේ තත්වයට පත් වුනු පවුල් දෙකක් උඩ බලාගෙන කෙළ ගහගන්න හැටි බලන් ඉඳලා ඇතිවෙච්චි කළකිරීම නිසා, ඇයි අපේ අය ඒ වගේ දෙයක් සාමකාමීව විසඳගන්නෙ නැතිව සදා වෛරක්කාරයො වෙලා රටට විහිළුවක් වෙන තරමට නාඩගම් නටන්නෙ කියන එකයි... අන්තිමට දරුවොන්ටවත් පාරෙ බැහැල යන්න බැරි සයිස් එකක් එනවා...

      Delete
  18. මියුරු අක්කා ගොඩක් කාලෙකින්.. :)

    //ඒකෙන් වෙන්නෙ ගෙයි ගිනි පිටට දීමත්, පිටත ගිනි ඇතුලට ගැනීමත්... සමහර වෙලාවට ඔය වගේ දේවලදි අනුන්ගෙ උපදෙස් පතන්න ගියාමත් වැඩේ වරදිනවා... ඒ නොදැනුවත්කමින් හෝ දැනුවත්ව දෙන උපදෙස් වැරදී යාමෙන්... ප්‍රශ්ණෙ සැබෑම තත්වය දන්නෙ තමුන් නිසා (තමුන්ගෙ වැරදි කවුරුවත් අනුන්ට කියන්න යන්නෙ නෑනෙ..) මට හිතෙන විදියට මේ වගේ දෙයකදි නිවැරදි තීරණයක් ගන්න පුළුවන් තමුන්ටමයි...//

    ඇත්තටම මේ දේ ගොඩක් වටිනවා.. මොකද තවත් කෙනෙක්ගෙ ප්‍රශ්න විසඳන්න යද්දි ඒ ප්‍රශ්නය ගැන හරි වැටහීමක් තියෙන්නෙ ඒ කෙනාටම විතරයි.. තවත් රටකට ගිහින් මේ වගේ හැසිරෙද්දි අපේ රට ගැන පුංචි හරි කැමැත්තක් තිබුණ පිටරැටියෙකුටත් එපා නොවී තියේවිද..

    ReplyDelete
    Replies
    1. අර අහසට වැලි ගහපු වගේ කේස් ඇස් දෙකින්ම දකිනකොට නම් ඔවුන්ට මොනවා හිතෙනවද දන්නෙ නෑ... යම් යම් දික්කසාද වෙන තරමට ඇතිවුනු ප්‍රශ්ණවලදි ඔයිට වැඩිය භයානක දරුණු විදියට ඒවා විසඳන්න හදපු මිනිස්සුත් මෙහේ ඉන්නවා නන්දු.... අන්තිමේදි උනේ දරුවන්ට අම්මත් තාත්තත් දෙන්නම නැතිවුන එක විතරයි...

      Delete
  19. ඇත්ත උඩ බලන් කෙල ගැහුවාම මොකක්ද වෙන්නේ කියල තේරුම් ගන්න ඇතැම් අපේ සිංහලයන්ට බැහැ.

    යුරෝපියන් දික්කසාදයක් වුනාම ලෝකයාට පෙන්වන්න උත්සහ නොකරන්නේ එය ඔවුන්ට අළුත් අමුතු දෙයක් නොවන නිසා වෙන්න බැරි ද?

    ReplyDelete
    Replies
    1. ඒක එක හේතුවක් වෙන්න පුළුවන් උනත් එහෙමමත් නෙවෙයි අසර්... මං දන්නා බොහොමයක් අය තමුන්ගෙ පෞද්ගලික දේවල් ගැන කතා කරන්නෙ හරිම අඩුවෙන්... එයාල අපේ පෞද්ගලිකත්වය හාරා බලන්න උත්සාහ කරන්නෙත් නෑ කැමැත්තෙන් කියන දෙයක් අහගෙන ඉන්නවා මිස... අඩුම තරමේ හොඳ යාළුවෙක් බව දන්නවා උනත්, වෙනත් අයෙකුගෙ දුරකථන අංකයක්වත් දෙන්නෙ නෑ අදාල පුද්ගලයගෙ අවසරයක් නැතිව... මීට වඩා වෙනස් අයත් ඉන්න පුළුවන්...

      Delete
  20. මියුරු අස්වැන්නට ඇවිත් ගිහින් තිබුණා.. ඒ ඔස්සේ තමයි මම ආවේ..

    ලංකාවෙත් එකවරම දික්කසාදයක් ඉල්ලු ගමන් දෙන්නෙ නෑ. ඒකට කවුනසලිං කරනවා. පුළුවන් තරම් උත්සාහ කරන්නේ විවාහය සදාකල් රදවා තබන්නයි. එහෙම නොවෙන නිසා දික්කසාදයෙන් කෙලවර වෙනවා. ලංකාවෙ දැන්නම් මේක එක්තරා විලාසිතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා අයියා මේ පැත්තෙ ආවට....

      මාත් අහල තියෙනවා ඒ කතාව... බොහෝ විට සමහර පවුල් ආයෙ එකතුවෙනවා ඇති ඒ කාල සීමාව තුල...

      //ලංකාවෙ දැන්නම් මේක එක්තරා විලාසිතාවක්//
      ඇත්තටම එහෙම හිතෙනවා... මේ මෑතකදි මං කලින් වැඩ කරපු තැනක යාළුවෙකුට කතා කළ වෙලාවෙ දැන ගන්න ලැබුණෙ අපිත් එක්ක එකට වැඩ කළ ගැහැණු අයගෙන් දෙතුන් දෙනෙක්ම දැන් දික්කසාද වෙලා බව... ඉන් එක්කෙනෙක් කසාද බැඳලා වැඩි කාලෙකුත් නෑ....

      Delete
  21. ඕං අපිත් පස් පෑගුවා මේ පැත්තේ.. ඉදිරියට ඉතිං පස් කනවා හරිනේ...

    ReplyDelete
    Replies
    1. ඕං එහෙනම් දේශක යා උඹේ කටෙත් පස්.. මගේ කටෙත් පස් හරිනේ... :D

      බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...

      Delete
  22. //ගිය අවුරුද්දෙ අන්තිම මාලි ලංකාවට ගියා මිනිහා හැඳි ගෑවිලා යන්න ගුරුකමක් කරන්න කියල... //
    මූදෙන් එහාටත් බලපාන්න නම් ලොකු පවර් එකක් තියෙන ගුරුකමක් කරන්න වෙයි. :D :D


    (හා.. හා.. පුරා කියල මේ පැත්තෙ ආවෙ අද. පුලු පුලුවන් වෙලාවට නොවැරදීම ගොඩවදින්නම්....)

    ReplyDelete
    Replies
    1. හයියෝ කියල වැඩක් නෑ... මෙහෙම වෙලාවල ආත්ම ගාණක මෝඩකම් එක සැරේ මතුවෙනවද කොහෙද... අතේ තිබ්බ තුට්ටු දෙකට තට්ටු කරගෙන දැන් ඔය ඇවිත් ඉන්නෙ...

      ස්තුතියි සිල්වා... මාත් ඒ පැත්තෙ ගිහින් ඔයාගෙ පෝස්ට් ටික මුල ඉඳලම බලාගෙන එනවා මේ දවස්වල... ඒ බ්ලොගේ හරි ලස්සනයි... ඔන්න අනිත් කට්ටියටත් යනවා නම් හොඳ තැනක්...

      Delete
  23. මම අහන්න හිතං හිටිය තැනකට පාර කැපිල වගේ

    අැතැම් රටවල දික්කසාද වීම වැඩි යයි කියන්නේ අැයි? :) :) :)

    ReplyDelete
    Replies
    1. නීතියේ තියෙන ලිහිලත් ආණ්ඩුවෙන් ලැබෙන ආධාරත් බොහොම ලේසියෙන් දික්කසාදය දක්වා යන්න පාර කැපීමක්, උත්තේජනයක් කියලයි මට හිතෙන්නෙ... පවුල් සංස්ථාවෙ වටිනාකම බොහොම අඩුයි...

      අලිය මොකක් ගැනද හිත හිතා හිටියෙ...? :D

      Delete
    2. මං ලගදි අැන්ට එක්ක ප්‍රබල විවාදෙකට පැටලුනා! ඉතිං මට වැලේ වැල් නැති උනා! අද උදේ මෙවන් සර් intellectual trap ගන කිව්වට පස්සෙ නප්පියටම කෙළඋනා! :(

      Delete
  24. මමත් එනවා මියුරු ඉන්න රටට. ලේසියෙන් කසාදයක් කරගෙන ලේසියෙන් ඩිවෝස් වෙලා ආපහු ලේසියෙන්ම බදින්න.

    අනේ මන්ද මට ඔය ගැන පැවසීමට තරම් අත්දැකීම් නැත.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔය ඔක්කොම කරන අතරෙ කට පියන් ඉන්න වෙනව... පුළුවන්ද...? :D

      Delete
  25. ආසියාවේ ආශ්චර්යය ........

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වමයි මතක් උනේ... හැබෑටම ආසියා රටවල අනිත් අයත් මෙහෙමද දන්නෙ නෑ අයිලාස්... ඒක ගැන නම් අබ මල් රේණුවකවත් අත්දැකීමක් නෑ නෙව...

      Delete
  26. මේ ළඟදි ලංකාවේ අහන්න ලැබුනු ඩිවෝස් කතන්දර ඔයාටත් එහෙන් මෙහෙන් ඇහෙන්න ඇතිනේ ඔයා කිව්වත් වගේ රීලා ඒක තලනවා වගේ වැඩක් තමා වෙන්නේ ඕවා පත්තරවලටයි ටීවි වලටයි කියන්න ගියාම....

    හොඳ උපදෙසක් වගේම වෙනදා වගේ එක හුස්මට කියවන්න ලියලා තියෙනවා එල ඈ ජය වේවා

    ReplyDelete
    Replies
    1. අපෝ ඇහුන... දැක්ක නේද දෙතුන් පැත්තම චා කරගත්තු හැටි... වෙනදා වගේම ස්තුතියි ගැමියට...

      Delete
  27. නියම පොස්ට් එක. අදනේ නේ දැක්කේ...

    ReplyDelete