මේ සිදුවීම උනෙත් අර 'මකියගෙ පස්ස' කතාව සිද්දිය උනු ඔෆිස් එකේ වැඩ කරන කාලෙදිමයි... එතැන අපිත් එක්ක වැඩ කළා තිලකසිරි කියල හාදයෙක්... මේ මනුස්සයා හරිම ජොලි පොරක්.. මිනිහා සාමාන්‍යයෙන් දෙයක් කිව්වත් ඒවට දාන ආරළු බූරළුවලට හිනා යනවා... ඒ නිසා තිලකෙත් එක්ක වැඩ කරනකොට වෙලාව ගතවෙනව දැනෙන්නෙනෑ... සමහරදාට මං වැඩ ඇරිලා එනකොටත්, පාරෙදි, මිනිහා කියපුව මතක් උනාම තනියම හිනා යනවා.... අහළ පහළ මිනිස්සු දැක්කොත් පිස්සුය කියල හිතයි කියල බයට හිනාව නවත්තගන්න අත රිදෙන්න කොනිත්තා ගත්තු වාර අනන්තයි....
අපේ ලන්ච් රූම් එකේ තිබුණා ටීවී එකක්... දවසක් අපි කෑම කාලා කයියක් ගහගෙන ටීටී එක දිහා බලන් ඉන්නවා... අපිත් එක්ක හිටියා නලින් කියල අවිවාහක හාදයෙක්... මිනිහා එතකොට කසාද බඳින්න කෙල්ලෙක් හොය හොයා හිටියෙ... එයා හෙව්වෙ ඉටි රූපයක්... ඉතින් අනිත් උන් බනිනවා 'ලස්සන කෙල්ලො බොට කැමති වෙන්න බෝත් හැන්ඩියෙක් වෙන්න එපායැ' කියලා... ඒ මොනව කිව්වත් මිනිහ නෙවේ එයාගෙ ස්ථාවරය වෙනස් කළේ... ඉතින් මේ කියන දවසෙ ඔන්න ටීවී එකේ යනවා බ්‍රිට්නි ස්පියර්ස්ගෙ සින්දුවක්... ඒ කාලෙ එයා දැන් වගේ නෙවෙයි... ලස්සන ස්ලිම් ඇඟක් එහෙම තිබුණා... ඉතින් ඕක බලන් ඉඳලා නලින් කියනවා 'ඔන්න ඔහොම එපායැ කෙල්ලො ඉන්න' කියලා...ඒක ඇහුනු තිලකෙ කියනවා 'ඕකෙ මොන හැඩක්ද බං... ඉඳල හිටල ජිල් බෝලයක් ගහන්න සයිස් බුරියක්වත් තියෙන්න එපායැ..' කියලා....
ඒ කාලෙ අපේ කාකාස මහත්තයා හැමදාම උදේ පාන්දරට අපි එක එක්කෙනාගෙ මේස උඩින්, රත් කරලා නිවපු වතුර බෝතලය බැගින් ගෙනත් තියනවා... ඕක හම්බ වෙන්නෙ දවසට එක සැරයයි... හැමදාම ඉස්සෙල්ලම තමුන්ගෙ වතුර බෝතලේ ඉවර කරගන්නෙ නලින්... ඒ කරලා අනිත් උන්ගෙ වතුර ටික ඉවර කර කර ඇවිදිනවා...තිලකයට ඕක දිරෙව්වෙම නෑ... එක දවසක් නලින් තිලකෙගෙ වතුර බෝතලේට අත ගහනකොටම මූ කියනවා 'මචං අපි කසාද බැඳපු මිනිස්සු.... අපේ කටවල් හොඳ නෑ.. උඹ තනිකඩය හින්දා අපි කට ගහපු බෝතල් වලින් බොන්න යන්න එපා බං' කියලා... හයියෝ... කට්ටිය ඊට පස්සෙ ඕකට තව තව ඒව එකතු කරල කිව්ව... අනේ ඉන් පස්සෙ නලියා කවදාවත් අනුන්ගෙ බෝතල් වලින් වතුර බොන්න නම් ආවෙ නෑ...
දවසක් අපි වැඩ කරන වෙලාවක ජනේලෙ අයිනට වෙලා පාර බල බල හිටපු උපාලි එක පාරටම කෑ ගැහුව 'අඩේ ඔන්න මචං පුක් නිමලෙය එනව, මං මාරු..' කියල... ඒක ඇහුන විතරයි මිනිහා විතරක් නෙවේ අනිත් උන් ටිකත් පුටු ටිකත් පෙරලගෙනම වගේ එළියට ගියා කොහේ ගියාද දන්නෑ... ඉතුරු උනේ අහිංසක තිලකයා විතරයි... ඒ දවස්වල අපි දෙන්නම ලොකුම ලොක්කත් අත දාපු කේස් එකක් ඉක්මනට ඉවර කරන්න මැරීගෙන වැඩ කරපු හින්දාත්, ලොක්ක සැරින් සැරේ කෝල් කර කර මිනිහගෙන් අරක මේක අහන හින්දාත් මිනිහට හෙල්ලෙන්න විදියක් තිබ්බෙ නෑ... මං තිලකෙගෙ මූණ බලනකොට මිනිහගෙ මූණත් වෙනස් වෙලා දාඩියත් දාල තියෙනව මං දැක්කා... 'ෂිහ්..' කියලා මිනිහා කියපු විදියට මං ඇහුවා 'මොකද තිලකෙ..?' කියලා...
'මියුරු, ඔළුව උස්සලවත් බලන්නෙ නැතුව ෆයිල් එකටම ඔළුව ඔබාගෙන ඉඳින්... මං පස්සෙ කියන්නම් විස්තරේ..' කියල කියපු මිනිහා තවත් ෆයිල් දෙක තුනක් කොහෙන්දෝ ඇදලා අරගෙන මේසෙ උඩට දැම්මා විතරයි අපේ අංශෙ දොරින් ඇතුළු උනේ උස මහත අවුරුදු හතළිස් පහක විතර පෙනුම ඇති මනුස්සයෙක්...
මම ටක් ගාලා ෆයිල් එක දිහා බලාගත්තා... තිලකෙයා ගජ රාමෙට වැඩ ඔළුව උස්සන්නෙවත් නැතිව...
'ආ තිලකේ... වැඩ වගේ...' පොර කියනව ඇහුනම මං හොරැහින් තිලකසිරි දිහා බැලුවා...
මිනිහට ඇහුනෙ නැති ගාණයි... මටත් ඔළුව උස්සලා බලන්න එපා කිව්ව නිසා මාත් කරබාගෙනම හිටියා උනාට අවධානයෙන් හිටියෙ මොකක්ද මෙතන වෙන්නෙ කියල... වෙනද මෙහෙම දේවල්වලට හිනා ගියාට එදා නම් මොකක්දෝ හේතුවකට මට හිනා ගියෙත් නෑ...
'ආ... මේ කෙළි පැටික්කියෙකුත් ඉන්නෙ..' ඒත් අපි දෙන්නම සද්ද නෑ...
බැරිම තැන 'මොකක්ද බං ඔච්චර ෆයිල් එකේ මූණ අලවං කරන වැඩේ...?' කියාගෙන මිනිහා මං හිටිය තැන පහු කරලා වටෙන් ඇවිත් තිලකසිරි ගාවට ගිහින් හිටගත්තා විතරයි තිලකය නැගිට්ටා පුටුව පස්සට දාලා විදුලි සැරයක් වැදුන වගේ... බය වෙච්චි පාර මටත් නැගිට්ටවුනේ ඉබේටම... ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිව මමත් හිටියෙ...
ටිං ගාලා මගේ පුටුවත් තල්ලු කරගෙන මිනිහා අනිත් පැත්තට ගියේ 'මේ ලොක්කගෙ කේස් එකක්' කියාගෙන...
'කෝ බං මේකෙ ඉන්න අනිත් උන්..? ඔන්න ඕක ඔය එකෙකුට බාර දීල වරෙන් යන්න මේ කේස් එකට...' කියූ මනුස්සය අතේ තිබ්බ ෆයිල් එකක් පෙන්නුව...
තිලකසිරි නෑහුනා වගේ වෙනින් ෆයිල් එකක් ඇදලා අරගෙන මට එක එක උපදෙස් දෙන්න පටන් ගත්තා අරම කරන්න මෙහෙම කරන්න කිය කියා... අර මනුස්සයත් ටිකක් වෙලා බලන් ඉඳලා 'උඹලට වැඩනෙ... මං පස්සෙ එන්නම්... යන්නම් නංගී..' කියාගෙන දොරෙන් එළියට ගියාට පස්සෙ තමයි තිලකයා හුස්මක් ගත්තෙ හරියට...
පස්සෙ බලනකොට ඒ නිමල් කියන මනුස්සයා සමරිසි පොරක්... ඒ හින්දා කට්ටිය එයාට කියන්නෙ පුක් නිමලයා කියල.... නිමල්ට තමුන් ඉස්සරහ ඉන්න පිරිමියා කවුරු උනත් කමක් නැතිලු උන් හිටි තැන් බලන්නෙත් නැතිව එහෙන් මෙහෙන් අල්ලනවලු... ඒක තමයි අර අනිත් පුරුෂ පරාණ ටික මිනිහ එනවා කියල ඇහුනා විතරයි පටස් ගාල මාරුවෙලා තියෙන්නෙ... මිනිහට පොඩි ක්‍රෂ් එකක් තියෙනවලු තිලකසිරි ගැන... තිලකයා බැඳලා තියෙන්නෙ පහුවෙලා නිසා ඒ මනුස්සය හිතල තියෙන්නෙ තිලකෙත් එයා වගේ කියලා... ඉතින් ඒ දවස්වල පස්සෙන් වැටීගත්තු ගමන්මලු... කසාද බැන්දමත් මිනිහ හිතල තියෙන්නෙ තිලකෙ ඒක කළේ ලෝකෙට පේන්න කියලලු... ඒක ඇහුවම නම් මට හිනා ගියා... ඒකට තවත් උල්පන්දම් දීපු සිදුවීමක් උනේ තිලකසිරිට බබාලා නොසිටීමලු... ඉතින් පස්සෙ අර පැනලා ගිය උන් ටික එකා එකා ඇවිත් නිමල් මොනවටද ආවෙ කියල විස්තර අහනකොට තිලකසිරි කිව්ව 'ඌත් එක්ක කේස් කරන්න කතා කරන්නෙ...' කියල... ඒක අහන් ඉඳලා උපාලි කියනවා 'මචං උඹ ඌත් එක්ක කේස් කරන්න යනව නම් පුකට ලෑල්ලක් ගහගෙන හරි ගාඩ් එකක් දාගෙන හරි පලයං... නැත්නම් විසුමක් වෙන්නෑ..' කියල... ඔහොම ඒවා කිය කිය කට්ටිය එදා දවසම ඇතිවෙන්න හිනා උනා...
එදා හිනා උනාට වැඩේ බරපතලකම මට තේරුනේ ඊට සතියකට විතර පස්සෙ... එදා අපි දෙන්නා ආයතනයේ වෑන් එකට අදාල කේස් එකටම සම්බන්ධ ෆයිල් තොගයයි සාම්පල් ටිකයි පටවගෙන හෙඩ් ඔෆිස් යනව ලොක්කව මුණගැහෙන්න... මෙන්න වාහනේ ස්ටාට් කරගෙන වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ ටිකක් හෙමින් ගිය නිසාද කොහෙද, කොහෙදෝ අස්සක ඉඳලා නිමල් පැන්නා වාහනේ ඉස්සරහට... තිලකසිරි ඩ්‍රයිවර් සීට් එක ළඟ තිබ්බ ජනේලෙ වීදුරුව පහත් කරගෙන හිටියෙ ඒ වාහනේ ඒසී තිබ්බෙ නැති නිසා...වාහනේ බ්‍රේක් ගහල නැවැත්තුවා විතරයි ජනේලෙ ළඟට පැනගෙන ආව නිමල් මං ඉන්නව කියල වගේ වගක් නැතුව 'ආ තිලකේ...' කියල කියන ගමන්ම ජනේලෙන් අත ඇතුලට දාල තිලකසිරිගෙ කළවෙ මිරිකුවා... 'ඒයි.. ගනින් අත අහකට' කියපු තිලකසිරි සුක්කානම අත හැරලා අත් දෙකෙන්ම අරකාගෙ අත ඇදලා අරන් ජනේලෙන් එළියට තල්ලු කරලා වාහනේ රේස් කරගෙන ගියේ ඒ මිනිහට මොනව උනාද කියලවත් බලන්නෙ නැතිව... නිමල් ගැන අහල තිබ්බට මං ඇස් දෙකින් දකිනකම් හීනෙකින්වත් හිතුවෙ නෑ මිනිහ ඒ වගේ වැඩක් කරයි කියල... තිලකසිරි මග දිගටම නිමල්ගෙ අම්මා මතක් කර කර කුණුහරපෙන් බැණ බැණමයි ආවෙ... මං සද්ද නැතිව හිටියා මිනිහට කේන්ති ගිය එක සාධාරණ නිසා...
ඒ සිද්දියටත් පස්සෙ ආයෙම දවසක මමත් තිලකසිරිත් මොකක්දෝ වැඩකට ලොක්කව මුණගැහෙන්න හෙඩ් ඔෆිස් යන්න පිටත් උනා පයින්ම... නිතරම ඔය වගේ කුණු ගොඩවල්වලට මටත් තිලකසිරිටත් යන්න වෙච්චි හේතුවක් තමයි සාරි පොටක් දැක්කම මොන වැරැද්දකටවත් ලොක්ක කඩන් පනින්නෙ නැහැයි කියන මතයත්, තිලකසිරි කිසිම දෙයක් මග ඇරලා යන්නෙ නැතිව අතින් වියදම් කරලා හරි වැඩක නිමාවක් දකින්න උත්සාහ කරන එකෙක් වෙච්චි එකත්... පාරට ඇවිත් ටිකක් දුර යනකොට ඔන්න මට පේනවා නිමල් එනවා අපේ පැත්තට...
'තිලකේ... ඔන්න නිමලය නම් එනවා...' මං අනතුරු හඟවනකොට කලබල වෙච්චි පොර ඇහුව 'කෝ.. කොහෙද..?' කියලා..
'ඔය එන්නෙ ඉස්සරහ'...
අපිව දැක්ක නිමලයගෙ කට කිරි හට්ටිය වගේ... මිනිහත් එක්ක තව කවුද සාරිය ඇඳගත්තු බවලත් කෙනෙකුත් හිටියා... ඒ වෙනකොට තිලකසිරිට පැනගන්න අවස්ථාවක් තිබ්බෙ නෑ...
හිනාවේගෙන අපි ඉස්සරහට ආව නිමල් අර කලින් සිදුවෙච්චි කිසි දෙයක් නොසිදුවූ ගානට 'තිලකෙ.. හෙඩ් ඔෆිස් යනවද?' කියල ඇහුවා...
'ඔව් මචං... ලොක්ක හම්බවෙන්න කියල පොඩි කේස් එකකට..'
'මචං මේ මගෙ අම්මා... පිටකොටුවෙන් පොඩි බඩු වගයක් අරන් දෙන්න කියල එක්කන් ආව..' කියල නිමල් එයාත් එක්ක හිටපු ගෑණු කෙනාව හඳුන්වලා දුන්නා...
ඒක ඇහුනු තිලකසිරි එයා දිහා බලලා, 'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි...
ලේසියෙන් අහු වෙන්නේ නැති අවස්ථාවක්.. තිලකයා අනිත් ටිකත් දිග ඇරියේ නැද්ද අම්මට පුතාගේ කෙරුවාව දැනගන්න...
ReplyDeleteනැහැනෙ මාරයෝ... ඒ අම්මා ගමක කෙනෙක්.. සමහරවිට කිව්වත් ඕක තේරෙන එකක් නැතිවෙයි... මේ කාලෙ නම් කට්ටිය එහෙන් මෙහෙන් ඔය වගේ දේවල් ගැන යන්තමින් හරි අහල තිබ්බට මං හිතන්නෑ ඒ කාලෙ, විශේෂයෙන්ම ඔය ගම්වල හිටපු වයසක මිනිස්සු ඔව්ව ගැන අහල තිබ්බය කියල...
Delete//ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි...//
ReplyDeleteඅපොයි ගම කාලා. ඒ ගෑණු කෙනාට මොනා හිතුනද දන්නේ නෑ. :D
හි හි අපේ ඔෆිස් එකෙත් හිටියා මේ වගේ මනුස්සයෙක්. කාකාස කෙනෙක්. ඔය ප්‍රශ්නෙ ආවෙ නම් අනිත් කාකාසලාටයි, ලේබර්ස්ලටයි තමා.අය්යෝ කට්ටිය ඔය මනුස්සයා ගැනත් හරියට කතන්දර කිය කියා හිනා උනා. අවුරුදු 45 වෙද්දිම මනුස්සය මැරිල ගියා බීපු බීමටම වකුගඩුයි අක්මාවයි දිය වෙලා.
ඒ මනුස්සයට නම් තේරෙන්න නැතිව ඇති අරුන්දතී මොනවා කිව්වද කියල...
Deleteඕක මෑත කාලෙදි සිදුවුනු සිදුවීමක්ද...?
අපොයි ඔව් මියුරු. ඒ මනුස්ස්යගෙ තුන් මාසෙ දානේ තිබුනේ ගිය මාසේ. කට්ටිය ඒත් ඉතින් කිය කියා හිනා වෙනවා රෑට ඔෆිස් එකේ ඉන්න එපා කොල්ලොන්ව හොයාගෙන අවතාරෙ එනවා කියලත්.. :)
Deleteඇත්තටම උන් බය ඇති රෑට ඉන්න... හික්ස්...
Deleteඔයාලගේ ඔපිස් එකෙත් මරු චරිත ඉදල තියෙනවා වගේ ,,,
ReplyDeleteමම ඔෆිස් කිහිපයක වැඩ කරල තියෙන නිසා මට නොයෙක් විදියේ මිනිස්සු මුණ ගැහිලා තියෙනවා සංජය... ඒත් මේ ජාතියේ විලි ලැජ්ජා නැති මිනිහෙක් මුණ ගැහුනු එකම අවස්ථාවයි ඔය... ලංකාවෙදි වෙන සමරිසි මිනිස්සු මුණ ගැහිලා නොතිබුණාට මෙහෙදි නම් වැඩ කරන තැන්වලදි ඕන තරම් මුණ ගැහෙනවා... ඒත් ඔය වගේ අනුන්ගෙ පස්සෙන් ගිහින් කක්ක ගොඩක් වෙන්නෙ නම් නෑ....
DeletePatta..
ReplyDeleteThanks.
Deleteපිස්සු කොර! වැඩේ කියන්නෙ බං මියුරි, ඔය හැම එකටම වගේ අපේත් තියෙනවනෙ වෙන වර්ෂන් එකක්.
ReplyDeleteජිල් බෝල ගහන්න පුලුවන් බුරියට අපි කියන්නෙ වතුර පුරෝලා බැහැලා ඉන්න පුලුවන් බුරියක් කියලා.
බැඳපු මිනිස්සුන්ගෙ කට හොඳ නෑ කියන එකටම සම්බන්ධව අපි කිව්වේ බැඳපු උන්ගෙ රැවුල ඉදෙන්නෙ ඔය වගේ හේතුවකට කියලා.
අර අන්තිම කතාවට නම් බං පැන්නා හිනාවක් මට ලඟ හිටිය එකත් මාදිහා බලලා හිනාවුනා. අරූට අල්ලගෙන නෙලුවා නම් හරිනේ. අනික බං කට්ටියම දුවන්නෙ නැතුව නැවතිලා අරූව නැතිකරන්න පුලුවන්නෙ මඩවලාම.
ඒ වර්ශනුත් නියමයි... අනේ ඉතින් ඔය කතා හදන ඔක්කොම එකම විදියට හිතන පිරිමිනෙ, උපහැරණ පොඩ්ඩක් වෙනස් උනාට... හික්ස්...
Deleteමට දැනගන්න ලැබුණු විදියට මිනිහා සෑහෙන කාලයක් ඔය නාඩගම නටලා තියෙනවා... ගුටි කාපු, බැණුම් අහපු වාර ගණන අනන්තයිලු... මං කියන කාලෙ වෙනකොට මිනිහගෙ ලැජ්ජාව කියන එක නම් නැතිවෙලාම ගිහින්... විළි ලැජ්ජාවක් කියල දෙයක් නැති කිඹුල් හමක් තියෙන මිනිහෙකුට මොනවද කරන්න බැරි... අර ගහන බනින ඒවා නිකම් ආලෝක කිරණයක් පරාවර්තනය වෙනව වගේ මිනිහගෙ ඇඟේ වැදිල ආපහු හැරෙනවා... ඒ නිසා ඒ වෙනකොට කට්ටිය පුරුදුවෙලා හිටියෙ කොහොම හරි තමන් බේරෙන්නෙ උපක්‍රම යොදාගන්න...
මම මේල් එකක් එව්වෝ. ෂුවර් එකටම ස්පෑම් එකේ ඇති.
Deleteඒක ගාණට අදාල තැනට ඇවිත් තිබ්බ ඩූඩෝ... තැන්කූ...
Deleteකොම්පීතරේ දිහා බලාගෙ හිනාවෙන්න පටන් ගත්තාම අනිත් මිනිස්සු කන්න වගේ බලන එක ගැන ඉතින් මියුරුට තමා බනින්න වෙන්නෙ!!
ReplyDeleteඅන්තිම කතාව කියවලා තමා හිනාව එළියට පැන්නෙ..
ඕකනෙ මං කියන්නෙ... මේක ඔය කවුරුවත් අහල පහල නැති වෙලාවක හරි ගෙදරදි හරි කියවන බ්ලොග් ගොන්නට දාගන්න කියල... :D
Deleteඅරූගේ අම්මට විස්තරේ කිව්වනම් ඔන්ද ස්පොට් මැරෙනවා. කනට දෙකක් දුන්නනම් ආයේ එන්නේ නැහැ
ReplyDeleteඅනේ කෝරළේ ඒ අම්මා ගමක අහිංසක මනුස්සයෙක්... ඒ අම්මට ඕක කියල දුන්නට තේරෙන එකකුත් නැතිවෙයි සමහරවිට... මේ සිද්දිය වෙලා සෑහෙන කාලයක් වෙනවනෙ... ඒකා ගුටි කාල අත් දෙක හිටන් කඩවගෙන තියෙනවලු ඉස්සර... ඒත් වැඩේ නැවතිලා නෑ...
Deleteහප්පා... පජාතයි නේ ඉතින් :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හයියෝ... කියල වැඩක් නෑ...
Deleteඔබතුමාටත් එසේම වේවා...!!
ෂුවර් එකට තිලකයා අරෑගේ අම්මා මතක් කර කර ඉන්න ඇත්තේ ඒ වෙලාවේ... ඒකයි ටක් ගාලා අර කතාව කටට එන්න ඇත්තේ... හි හි..
ReplyDeleteඇත්තටම ඒක නම් එහෙම වෙන්නම ඇති හිරු... නිමල් දකින්න ඕනත් නෑ... මිනිහව මතක් කරපු ගමන්ම තිලකයා මන්තරයක් වගේ ඕක කියනවා.... :D
Deleteමාත් උගේ අම්මව මතක් කරා කියන්න.. හැක්... හිනා කනවා...
ReplyDeleteආයෙ මුණ ගැහුනු වෙලාවක කියන්නම්කො දැන් අන්න ජංජාලෙනුත් කට්ටිය මතක් කරනව කියල... :D
Delete\\\'අඩේ ඔන්න මචං පුක් නිමලෙය එනව, මං මාරු..'\\\
ReplyDeleteසියලු 'ගේ' පොරවල් පුක් කාරයෝ නොවෙති.....මේක මට කියලා දුන්නේ ඇනෝවෙක් මං දාපු පොස්ට් එකක්ට...:) ඔකේ අනිත් පැත්තත් හරි ඇති...සියලු පුක් කාරයෝ 'ගේ' ද නොවෙති....
ඒක නම් හැබැයි මං කියන්න දන්නෙ නෑ... දන්න කෙනෙක් කිව්වා නම් වෙන්න ඇති... :D
Deleteඅප්පට සිරි විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව යන්නැති අර
ReplyDeleteඅම්මගේ ..
අනේ උන්දැට ඒක තේරෙන්න නැතිවැති සහන්... තේරුනා නම් පොළොව පලන් යන්න හිතේවි... හැබැයි නිමලයට නම් තේරෙන්නැති තිලකෙ කිව්වෙ මොකක්ද කියල...
Deleteයකෝ ඔහොම බලහත්කාරකම් කරන්න පුලුවන්ද පිරිමින්ටත් . . . ඕකට ද කියන්නේ සෙක්ශුවල් හැරෙස්මන්ට් ඇට් වර්ක් ප්ලේස් කියලා හික් හික් හික් . . .
ReplyDeleteඒක නේන්නම්... මාත් ඔහොම එකක් දැක්කමයි... නිමල් එනව දැක්කම කට්ටිය ආත බූත කඩන් දුවන්නෙ... සමහරු නම් ඉන්නව දත් මිටි කකා හොඳයි ආපුවාවෙකො කිය කිය... :D
Deleteමේ වගේ රටක උනා නම් ඉතින් අර දුකා කිව්ව එක යටතෙ නඩුත් ගිහින් රස්සාවත් නැතිවෙලා...
බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...
හික්ස්.... අන්තිම කතාවේ අන්තිම ටිකනම් මරු.... :D
ReplyDeleteඔන්න ඔහොමලු උනා කියන්නෙ මාලූස්... :D
Deleteවෙලාවට මම කතාව තනියෙන් කියෙවුවෙ.හිතපු නැති සිද්දියක් නේ අන්තිමටම සිද්ද වුනේ.
ReplyDeleteමම වැඩ කරපු ආයතන වල එහෙම එවුන් හිටියේ නැහැ වගේ.එහෙම හිටියනම් වැඩි කල් ඉන්න වෙන්නෙත් නැහැ.කොල්ලොන්ට වඩා කෙල්ලෝ නොන්ඩි කරලම එලවයි.
මේ ආයතනයෙ ගෑණු පරාන වැඩිය නොසිටීමත් එක හේතුවක් වෙන්න ඇති... අර කිව්ව වගේ සමහර විට ගෑණුන්ගෙන් එන නෝන්ඩියට ප්‍රතිචාරය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබ්බා... ඒක පිරිමි රාජධානියක්... :D
Deleteයාළුවෙකු ගේ වුනත් අම්මා කෙනෙක් ඉස්සරහා ඔහොම කියන්ණ පුළුවන් එකා නම් එක විදියට එකෙක්!
ReplyDeleteඒ වයසක අම්මට ඒක තේරුනා නම් ලෝක පුදුමයක් කකා... ඒ අම්ම දන්නෙත් නැතුව ඇති තමන්ගෙ පුතා මේ වගේ එකෙක් කියල.... තිලකයා කිව්ව දේ කියන්න ඇත්තෙ බොහෝ විට නිමල්ට වදින්න...
Deleteඅම්ම නිමල්ගෙ හැටි දැනගෙන හිටියද එහෙමත් නැත්මන් කාර්යාලයේ යාලුවන්ගෙ හැටි දැනගෙන හිටියද මංදා..නිමල් එයාගෙ යාලුවත් එක්ක කතාකරනවිට
ReplyDeleteඒක නම් කියන්න දන්නෑ අනේ... මම දැක්කෙ තිලකසිරියා නිමල් හින්දා වින්ද වදයක මහත තමයි... නිමල් අහල පහල ඉන්නවා නම් ඒ මනුස්සයට තමන් කරන කියන දේකට අවධානය යොමු කරන්නවත් බෑ...
Deleteඔන්න මං ආවා ඔයාව එක්කන් යන්න.. :)
ReplyDeleteඔන්න මාත් ඔයාගෙ සාරි පොටේ එල්ලීගෙනම ඒ පැත්තට ගියා... :D
Deleteඔයාගේ ඔෆිස් කතා හරිම රසවත්. මට ඔයාගේ පරණ ලියපු පෝස්ටු මතක් උනා මේ කතාව කියවපුවාම.මට ආසයි ඒ ඔෆිස් එකේ සතියක් විතර ඉඳලා බලන්ට.:)
ReplyDeleteනිමල් හරි එක්කෙනෙක් නේද එහෙම හිතෙන හිතෙන අයගේ එක, එක තැන් අල්ලන්ට.
//අහළ පහළ මිනිස්සු දැක්කොත් පිස්සුය කියල හිතයි කියල බයට හිනාව නවත්තගන්න අත රිදෙන්න කොනිත්තා ගත්තු වාර අනන්තයි....// :D:D:D
හික්ස්... ඔයාට ඒ ඔෆිස් එකේ වරුවක් හිටියොත් පිස්සුත් හැදෙයි... මටත් එපාම උනා මුලදි... පස්සෙ පස්සෙ ඒකෙ විනෝදාත්මක පැත්තයි අර මං පොඩි කාලෙ ඉඳල ආස කරපු රහස් පරීක්ෂක වැඩේ තරමක් දුරට සිද්ද වෙන හින්දයි ගැන සලකලා එතැන රැඳුනා... ලොකුම අවුල උනේ කල්ප කාලයක් ගෑණු පුළුටක් නැතිව තිබ්බ ආයතනයෙ ගෑණුත් එක්ක වැඩ කරනකොට තියෙන සීමා මායිම් ගැන පුරුද්දක් මේ මිනිස්සුන්ට නැතිවීම.. හිතාගන්න පුළුවන්නෙ...
Deleteනිමල් නම් හරිම එක්කෙනෙක් තමා... මගේ ජීවිතේට මං ඔය ජාතියේ මිනිහෙක් දැක්කමයි... :D
ඔන්න අදමයි මෙහෙට ගොඩ වුනේ. මරු කතා තිකක්. හොන්දවෙලවට අපේ ඔෆිස් වල මෙහෙම උන් නැහැ.
ReplyDeleteස්තුතියි අයිලාස් මේ පැත්තෙ ආව එකට...
Deleteමෙහෙම අය හිටියෙ නැත්තෙ වාසනාවට වෙන්න ඇති...
// 'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි..//
ReplyDeleteමේකා මාර පොරක්නේ
දැන්නේ මමත් දැක්කේ මේක අපරාදේ කියලා හිතුනා පරක්කු කලේ ඔපීසියේ ඉන්න ගමන් මේ කියවන්නේ මරු ලිවිල්ල ඈ
යකඩෝ කොල්ලන්ටත් බේරිලා ඉන්න බැරි තත්වයක්නේ බැලින්නම් සෑහෙන්න පරිස්සම් වෙන්ඩෝන හ්ම්ම්ම්
දැන් ඔයා රස්සාවක් කරනවද ගැමියෝ... මං ඒක දැනගෙන හිටියෙ නෑනෙ... මං හිතුවෙ ඉගෙන ගන්න වැඩ වෙන්න ඇති කියල... ඇයි, ඉගෙන ගන්න එක අත ඇරල දැම්මද...?
Deleteදැන් කාලෙ නම් කොල්ලො කියල නෑ අප්පා... දෙගොල්ලොම පරෙස්සම් වෙන්න ඕන එක වගේම...
ඉගෙන ගන්න එක අතෑරියේ නෑ අක්කේ ඒත් ඉතින් ප්‍රයිවට් ඩිග්‍රි කරන්න ගියාම සෙල්ලං නෑනේ ඒකයි රස්සාවක් කරන ගමන් ඉගෙන ගන්න පටන් ගත්තේ හිතන තරම් ලේසිත් නෑ වැඩිය නිදහසකුත් නෑ මේ කොමෙන්ට් කොටන්නේ යන්තම් හුස්ම ගන්න වෙලාව ලැබුනම තමා
Deleteතව අවුරුදු දෙකක්වත් මේ කට්ට කන්නයි බලාපොරොත්තුව
වෙලාවට මෙහෙ නම් වැඩිපුර ස්ත්‍රී වර්ගයා ඉන්නේ ඒ නිසා අවුලක් නෑ
මට හිතාගන්න අමාරු නෑ ගැමියා ඉන්න තත්වෙ... මාත් මගේ මුළු යුනි කාලයම ගත කළේ රස්සාවල් කරන ගමන්... ලංකාවෙදි කරපු එක කළ හැටි මං කියල තියෙනවනෙ... මෙහේ කරද්දි මං උදේ කැම්පස් ගිහින් හවසට ගෙදර ඇවිත් පැය දෙකක් විතර නිදාගෙන, ආපහු යනවා වැඩට... වැඩ ඉවර උනේ පාන්දර හතරහමාරට... මෙහේදි නිතරම කෝස් එකට අදාලව තැනකට ගිහින් ප්‍රැක්ටිස් කරන්න ඕන... මං ඒක කළේ හොටෙල් එකක... ඒක පාන්දර පහට පටන් ගන්නෙ... ලොකර් එකේදිම නාගෙන යුනිෆෝම් මාරු කරගෙන ඒකට යනවා... පැය අටක් එතැන වැඩ... මගේ ටයිම් ටේබල් එකට අනුව තමයි ඒක හදාගෙන තිබ්බෙ... සමහරදාට ඒ ජොබ් එක ඉවරවෙලා එහෙමම ආයෙ කැම්පස් යනවා... කෝච්චියෙදි තමයි ටිකක් නිදාගන්නෙ එලාම් එක තියාගෙන... හරියට දඬුවමක් වගේ... මං ඒ යුද්දෙ කළේ දරුවො දෙන්නෙකුත් ඉන්දැද්දි... ඔයාට ඒ ප්‍රශ්ණ නැති නිසා පොඩි කැපකිරීමක් කළාට කමක් නෑ මේ කාලෙ... මං මේ ටික ලිව්වෙ ඔයාව ධෛර්යමත් කරන්න... මං කාපු කට්ටෙන් බාගයක්වත් ඔයා කන්නෙ නෑ නේද... ඒ නිසා ඉතුරු අවුරුදු දෙකත් කැපවීමෙන් ඒ වැඩේ කරලා ගොඩ දාගන්න ගැමියෝ... ඔය කාලෙ කිසිම දෙයක් අමාරු නෑ...අනාගතය වෙනුවෙන් ඵලදායී ආයෝජනයක්නෙ...
Delete//වෙලාවට මෙහෙ නම් වැඩිපුර ස්ත්‍රී වර්ගයා ඉන්නේ ඒ නිසා අවුලක් නෑ//
ඔය තියෙන්නෙ... හැබැයි අර අශාන්ට වෙච්චි දේ වෙයිද දන්නෑ... පරෙස්සමින් හොඳේ... :D
එච්චර කට්ටක් කන්නේ නෑ නේන්නං මට සැප වැඩියිනේ බලන් ගියාම :D
Deleteමටත් දඬුවමක් කියලමයි දැනෙන්නේ නිදහසේ කොරන්ඩ පුළුවන් කාලේ අප්සට් කරවගත්තට හොඳ වැඩේ මට.රස්සා නවත්තන්න අනන්තවත් හිතුනා ඒත් ඉගෙන ගන්න බෑ එහෙම කලොත්.ඉගෙන නොගෙන අනාගතයක් නෑ ඉතින් කාගෙන කරනවා මොන දේ උනත්
අනික කෙල්ලන්ට ඔහොම කරතෑකි නම් කොල්ලන්ට බැරි මොකැයි අනිවාර්යෙන් කරගත්තෑකි මේක
බොහෝම ස්තූතියි අක්කේ.මං දන්නවනේ ඉතිං එදා ඉඳන්ම ඔයා මොකක් හරි වැදගත් දෙයක් කියනවමයි කියලා.වැඩේ ඉතින් තාම හරියට ප්‍රයෝජන නොගත්ත එක.ඩුඩිතුමාගෙන් අම්බානකට බැනුමුත් අහගත්තා ඒ නිසාම
ඕක තේරෙන්නෙ පස්සෙ... අපරාදෙ නේද මං මෙහෙම කරගත්තෙ, අච්චර හොඳට ගොඩ යන්න වාසනාව තියෙද්දි කියල... ඔයාට ඔය වැඩේ කරගෙන යන්න රස්සාවකුත් ලැබිල තියෙන එකේ දැන් පෙරලුනු පිට හොඳයි කියල ඔය කරන ඉගෙනුමට මහන්සි වෙන්න... ඔයා ගොඩාක් විශේෂ හැකියාවල් තියෙන ළමයෙක්... ඒවා අපතේ යන්න හරින්න එපා... ඩූඩ් ගුරුවරයෙක් නිසා මටත් වැඩිය හොඳට එයාට ඒක පේනව ඇති.... ඒකයි උන්නැහෙත් බනින්න ඇත්තෙ... :D
Deleteමාත් ආව ඔයා බලන්න. කලිනුත් ආවත් කමෙන්ට් කරන්න බැරි උනා... කතාව නම් මලේ මලු...
ReplyDeleteඔයාට බොහොම ස්තුතියි නදිනි... :D
Deleteහහ් හහ්.. ඒක තමයි කිවිල්ල....තිලකයා සෑහෙන වෙහෙසක් ගන්න ඇති නේද නිමලයගෙන් බේරි බේරි ඉන්න...
ReplyDeleteසෙන්නා, ඒක නම් බලන් ඉන්නකොටත් තරහ යනවා... මම නම් ඇත්තටම මුලදි ඕකට හිනා උනා... පස්සෙ තමයි තේරුනේ වැඩේ සීරියස් කියල... තිලකසිරි කසාද බැඳල තිබුණෙ යෝජනාවකින්.... මිනිහ ඒ දවස්වල ඇඟේ ලේ නැතිව ඉඳල තියෙන්නෙ ඔය සිද්දිය නිසා...
Deleteඅයියෝ නිමලෝ
ReplyDeleteඅනේද කියන්නෙ සුජියා... ඒකට ඉතින් කැමති කෙනෙක් අල්ලගත්ත නම් ඉවරනෙ, අනුන්ට වද දෙන්නෙ නැතිව, නේද...?
Deleteඅදමයි මේ පැත්තේ ආවෙ. ඩූඩ් ගෙ ඔත්තුවකට.
ReplyDeleteනියම කතාව. මටනම් හිනා ගිය පාරට බඩේ කක්කුමකුත් හැදුණා. ඒත් තිලකයාටනම් නිමල් දකිද්දී බඩේ දැවිල්ල හැදෙනවා ඇති නේද?
ඒ බඩේ දැවිල්ල ගැන නම් ආයෙ කියල වැඩක් නෑ.. පව්...
Deleteඩූඩ්ටයි අකම්ටයි දෙන්නාටම ස්තුතියි..... :D
හෆ්ෆා අක්කගේ ඔෆිස් එකේ කතා මරු හැමදාම වගේ..
ReplyDeleteඒ කතා මෙච්චරම මෙහෙම වෙන්න ඇත්තෙ පිරිමි රාජධානියක සේවය කළ නිසා වෙන්නැති... හික්ස්...
Deleteඅම්මේ .. මං හිතුවෙ මූ අම්ම ඉන්න තැනත් අරවගෙ කරයි කියලා.
ReplyDeleteහයියෝ..හික්..හික්..හි..
Deleteමිනිහ උපාසකය වගේ අම්මා ඉස්සරහ හිටියෙ... ඒ උනාට මිනිහට එහෙම හිතෙන්න ඇති නම් තමා... :D
නිමලා කුජීත ඩයල් එකක්නේ අප්පා...මේ ලෝක ධාතුවේ විවිධාකාර ජීවී පරාන ජීවත්වෙනවනේ..අපිට උන් හදන්න යන්න බෑනේ..එහෙම කියල ඇණයක් වේගෙන එනකොට නම් හොම්බට දෙක තුනක් ඇන්නට වැරද්දක් නෑ හැබැයි. හෙහ් හෙහ්
ReplyDeleteඒක නේන්නම් පැතුම්... ඒ මිනිහ මොන රිසි උනත් කාටවත් ප්‍රශ්ණයක් නෑ අනිත් මිනිස්සුන්ට පරාල ඇණයක් නොවී ඉන්නව නම්... ඒකා ඕන තරම් එක එකාගෙන් ගුටි කාල තියෙනවලු ඔය හේතුව හින්දා... ඔයා කිව්ව වගේ හැමෝම ඉවසන්නෙ නැහැනෙ... ඒත් වගේ වගක් නෑ... මං එතැනින් එනකම්ම එහෙමයි...
Deleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...
අක්ක ලියන්නෙත් හරියට හාවා හඳ දකිනවා වගේ... හැබැයි ලියනවා සිරා ලිවිල්ලක් මාසයක් හිනාවෙන්න...
Deleteඅලුත් වචනයකුත් දැක්කා අහල නොතිබුණු - සමරිසි....
මමත් ඔය වචනෙ ඉගෙන ගත්තෙ බ්ලොග් ලෝකෙන්මයි... මට මතක විදියට මං ඕක ඉස්සෙල්ලම දැක්කෙ කතන්දරගෙ බ්ලොග් එකේද කොහෙදෝ... :D
Deleteබොහොම ස්තුතියි අනූ...
සිනා සපිරි පෝස්ටුවක්.. :)
ReplyDeleteතිලකසිරි හොඳ ඉවසීමක් තියන කෙනෙක් වෙන්න ඕන. වෙන එකෙක් නං අරූට නෙලනවා මතක හිටින්න. පව් අර අම්මා නං.
හික්ස්... තිලකසිරි කියන්නෙ වලිවලට හරිම බය මිනිහෙක්... හරි බයයි එහෙමවෙලා තමන්ගෙ රස්සාව නැතිවෙයි කියල... ඒ නිසා එයා නම් කරන්නෙ බණින එක විතරයි, අනිත් මිනිස්සු අත පය කඩල තිබ්බට...
Deleteඅම්මා නම් ඇත්තටම හරිම පව් තමා... කොහොමත් ඔය හැම කුණුහරපයකම බනින්නෙ අම්මට නෙ... වැරැද්ද කළ හිපාටුවා නිකම්ම නිකම් පුතා... හරිම අසාධාරණ නිර්මාණකරුවො...
බුදු අම්මෝ.. අද කාලෙ කොල්ලෙක්ටවත් පාරක බැහැල යන්න බෑනේ.... කණ පැලෙන්න හැමෝම ඉස්සරහ දුන්න නම් ඉවරයි..
ReplyDeleteබය වෙන්නෙපා යසිත්, මං හිතන්නෑ මේ වගේ ලැජ්ජා නැති ගෝතයො හැම තැනම ඉන්නවාය කියල... එහෙම අම්බානක ගුටි කාපු හිස්ට්‍රියක් තියෙන එකෙක් උනාට ඒවා අඩුවෙලා නෑ... :D
Deleteහි හි.. මට තාමත් හිනා... අර අම්මට මොනවා හිතෙන්න ඇතිද...
ReplyDeleteතිලකසිරි ඒක කියනකොට මං හොඳට බැලුවා ඒ අම්මගෙ මුහුණ දිහා... කිසිම වෙනසක් උනේ නෑ අනේ... ඒ වයසක මනුස්සයට තේරෙන්න නැතිව ඇති මේකා මොකක්ද කීවෙ කියල... හැබැයි නිමල්ට නම් තේරෙන්න ඇති...
Deleteහික්...හික්....හික්.... නිමලේ තමා නිමලේ.....
ReplyDeleteපව් අප්පා අර අහිංසක අම්මා.....
අනේද කියන්නෙ සමනළී... අම්මලා පව් නේන්නම්...
Delete//'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි...
ReplyDelete//
හෆොයි..! හිනාව නවත්තගන්න බැරිව ඉන්නෙ.. :D :D
ඔෆිස් ජීවිතේ රස මතක..!
ඔෆිස් ජීවිතේ රස මතක නම් අනන්තයි නන්දු... වැඩිහරියක් ලංකාවෙදි වෙච්චි ඒව තමා... :D
Delete