Total Pageviews

Saturday 26 November 2011

'ඒක මගේ.........'


මේ සිද්දිය උනේ මං දෙවෙනි රස්සාව කර කර ඉන්න කාලෙ... හිරේ වැටෙන්න කලින් බොහොම සැහැල්ලුවෙන් හිටිය දවස්වල ..... ඒ කාලෙ මගේ යාළුවො කාට හරි කොහේ හරි යන්න ඕන උනාම සහයට ඩැනී කෙනෙක් ඕන නම් මාව තමයි එක්කන් යන්නෙ.... ඔන්න දවසක් මං වැඩ කළ තැන යාළුවෙකුට නෑදෑයෙකුගෙ වෙඩිමකට ආරාධනයක් ඇවිල්ල.... ඔහොම උනාම දන්නවනෙ ගෑණු පරාණවලට තියෙන වැඩ රාජකාරි.... ඉතින් ආරාධනය ලැබුණ දවසෙ ඉඳලා මගෙ යාළුවා, ප්‍රීති, පේ වෙනවා ඇඳුම් කැඩුම් ටික ගන්න යන්න.... ඒ වෙනකොට එයාට අවුරුදු තුනක විතර පුතෙක් හිටියා.... අනේ මොනතරම් පෙරුම් පිරුවත් මෙයාට දරුවව තියලා මේ වැඩේට යන්න විදියක් ඇත්තෙම නෑ.... මහත්තයටත් එන්න වෙලාවක් නෑ.... කොහොමින් හරි දැන් යන්න වෙලා තියෙන්නෙ දරුවවත් කරගහගෙන....අන්තිමේදි බැරිම තැන ඔන්න මට සිද්ද උනා සහයට ‘නැනීට’ යන්න....
ඔන්න ඉතින් අපි දෙන්න වරුවක නිවාඩුවකුත් දාල, දරුවත් අරගෙන බස් එකෙන්ම ගමන පිටත් උනා.... හයියෝ දරුව මදිවට ඒකගෙ සෙල්ලම් බඩුත්.... කොල්ලා කැමතිම නෑ එකක්වත් අඩුවෙන් යන්න.... අයින් කරන්න හදනකොටම බෑඟිරි ගහනව.... අන්තිමට ගමන පිටත් උනේම අලි මල්ලකුත් කරගහගෙන....ගියේ පිටකොටුවෙ සාරි කඩ වන්දනාවෙ.... යාළුව දරුව වඩාගෙන රටේම තියෙන සෙල්ලම් බඩුත් කරගහගෙන ඉස්සරහින් යනව.... මං නැනී මල්ලත් අරන් පස්සෙන් යනව....හිතාගන්න පුළුවන්නෙ වැඩේ කොච්චර සීරියස්ද කියල....
මොනතරම් අපහසුවෙන් ගමන ගියත් ප්‍රීති නෙවෙයි එක කඩයක් අතෑරියෙ.... කඩයකට යනවා, සාරි තොගයක් අදිනවා, බලනවා, ආපහු එනවා.... හිතට හරියන සාරියක් එක තැනකවත් නෑ..... මට ඒ වෙනකොට ආපු මෝඩකම කියල හිතිලයි තිබුණෙ.... බැරිම තැන මං කිව්ව රංජනාස් එකට යමු කියල.... ගෑනිත් ඒකට කැමතිවෙලා අනිත් කඩවලට යන එක පැත්තකින් තියලා ඔන්න රංජනාස් එකට ගියා.... එතැන හිටපු සේවක මහත්තුරුත් අපිව බොහොම සාදරයෙන් පිළිඅරගෙන ලෝස් නැතිව සාරි තොග පිටින් කවුන්ටරේ උඩට අතෑරියා.... ඇස් කඩල යන තරම් ලස්සන සාරි.... සාරි ටික දැකල ගිනි කණ වැටිච්ච ප්‍රීතිත්, අත් දෙකෙන්ම සාරි තෝරන්න හිතාගෙන, වැඩි සෙනඟකුත් නොහිටිය නිසා දරුව බිමින් තියල සෙල්ලම් කාර් එකක් අතට දුන්න.... දැන් කොල්ල 'බෲම්...බෲම්ම්ම්ම්ම්....' ගගා කඩේ ඇතුලෙ ඇණ තියාගෙන බිම වාඩිවෙලා කාර් අරිනව.... ඒ දිහා සැරින් සැරේ බල බල, අපි දෙන්න සාරි තෝරන්න ගත්ත....
ඔහොම ටික වෙලාවක් යනකොට මෙන්න බොලේ මාර ගඳක් එනව.... ඉන්නම බෑ, කක්ක ගඳක් වගේ..... කවුරු හරි බලු කක්ක වගයක් පාගගෙන ඇවිත්ද කොහෙද කියල අපිට හිතුනා..... දැන් කඩේ වැඩ කරන මිනිස්සුයි, ගනුදෙනු කාරයොයි ඔක්කොම නහයවල් වහගෙන..... හැමෝම වටපිට බලනව.... එකපාරටම අපි දැක්ක කොල්ල සෙල්ලම් කර කර ඉන්න තැනට ටිකක් එහායින් අලි කක්ක බෙට්ටක්..... අඩියක් විතර දිග ඇති...හෙන මහතයි.... ඕක දැක්ක විතරයි 'ඊයියා........' කියපු ප්‍රීති පැනල කොල්ලව උස්සගත්තා...... එතකොටම කොල්ල කෑගහනව,
'ඒක මගේ......' කියලා, අර කක්ක බෙට්ටට ඇඟිල්ල දික්කර කර....
ඒ කාලෙ ඉතින් දැන් වගේ diapers හේම තිබුණෙ නෑනෙ.... අර කක්ක කරන්න වගේ වාඩිවෙලා ඉන්දැද්දි කක්ක බරක් ආවාම කොල්ලත් එහෙමම කක්ක දාල....ෂෝටක් අන්දල තිබුණු පොඩි එකාගෙ කකුළක් අස්සෙන්, කිසිම කරදරයක් අවහිරයක් නැතිව කක්ක බෙට්ට එළියට ඇවිත්.....
කොල්ල බෙට්ටට අයිතිවාසිකම් කියනව ඇහුනු ප්‍රීති මගේ දිහාට හැරිලා,
'මියුරු... ඒයි...යමු ඉක්මනට....' කිව්ව.
කඩේ කස්ටිය බෙට්ට දකින්න කලින් අපි දෙන්න ගෙනාපු ලට්ට ලොට්ට ටිකයි කොල්ලවයි අතින් කටින් එල්ලගෙන එතැනින් පැනගත්ත..... පස්ස බල බල ටික දුරක් දුවලා වගේ තමයි ගියේ.....ඒ යනකම්ම කොල්ල අම්මගෙ කරේ ඉඳගෙන නාහෙන් අඬ අඬා පයින් අනිනව, 'ඒක මගේ.....' කිය කිය... ඌ ඒක නතර කළේ බෙට්ට උගේ කියල අම්ම පිළිගත්තට පස්සෙ....
කඩේ නොපෙනෙන දුරක් ගියාට පස්සෙ කොල්ලවත් බිමින් තියලා අපි දෙන්න ඇතිවෙන්න හිනාවුණා...

45 comments:

  1. එකකොට මේ කතන්දරේ අයිති කාටද?
    ඒ කොලු පැටියාටද? ඔයාටද?

    ReplyDelete
  2. කතන්දරේ නං මගේ... ඒත් බෙට්ට උගේ....

    ReplyDelete
  3. "කොල්ල 'බෲම්...බෲම්ම්ම්ම්ම්....' ගගා"
    මේකට පොඩි කාලේ ඉඳලම 'රථගාය' තිබිල තියෙනව.

    ගෑනියෙක් එක්ක සාප්පු යන්න තව ගෑනු පරානෙකටත් එපා වෙනවා නං, ගෑනු පරානයක් එක්ක
    සාප්පු යන්න සිද්ධ වෙන අහිංසක පිරිමියෙකුට කවර කතාද?

    වෙලාවට ඔබී සාප්පු යනකොට මාත් එක්ක යන එක ඒ කාලෙම නැවැත්තුව.

    ReplyDelete
  4. ආපො සාප්පු යනවනං ගැහනිය තහනං වචනේ...ගැහැනිය නං සාප්පු සවාරි තහනං වචනේ...මේ පිරිමි පාර්සවෙට ඔකේ...
    ඇත්තනේ ඉතින් මහ එවුන් බොරු කිව්වට...නොදරුවො බොරු කියන්නේ..කරන්නේ..නැනේ..පොඩි එකා හරි...

    ReplyDelete
  5. හී .. හී .. මරු කතාව ..
    තව පොඩ්ඩෙන් පොඩි එකා වැඩේ පත්තු කරනව.
    එහෙම වුනා නම් සහයට නැනීට තමා සුද්ද කරන්න වෙන්නෙ.

    ReplyDelete
  6. අප්පොච්චියේ...කඩේ කස්ටියට ඇහුනානම් සාරි ගැනිල්ල පැත්තක තියෙද්දි කක්කා අයින් කරන්න තමා වෙන්නෙ දෙන්නට...:)))

    ReplyDelete
  7. පොඩි උන් එක්ක ආශ්‍රය කරන්න ඕන පරිස්සමෙන්!ඇයි හිතෙන දේ කියනවනේ!කස්ටිය ඉස්සරහා නලවන්න ගියාම ඕකුන් අපේ රෙදි ගලවනවා!

    ReplyDelete
  8. අපේ අම්මේ ඇති ඔයින් ගියා... දැන් හැදෙන පොඩි උන් නම් පුදුම නසරානි ජාතියක්. කතා කරොත් අපේ පටි රෝල්... :P :P
    මටත් තියෙනවා ඔය සම්බන්දව කතාවක් කියන්න... :)

    ReplyDelete
  9. එච්චර කෑ ගහද්දීත් අර පොඩි එකා දාලා ආපු එක ඔයාල අරගෙන ආපු නැති එකනම් වැරදියි.... :)

    ReplyDelete
  10. අම්මෝච්චියේ.. ඒ අතින් නම් නෝටියා වාසනවාවන්...නෝටිච්චි නම් ෂොපින් ගියාම වන්ෂොට් සේරම ගන්නවා.. ෆැෂන් බග් ගියා.. ගත්තා.... ආවා... උපරිම පැය භාගයයි...

    ReplyDelete
  11. මොනා උනත් මරු කොල්ලා...අයිතිය ගැන නියමෙට කතා කරනවා... කොහොමද කෑ ගැහුවනම් ඒකත් අරන් යන් කියලා....හි හී

    ReplyDelete
  12. හප්පේ මාර සීන් එකක් නේ...කඩේඋන් දැක්කනං ඒකත් නැනීගේ සාක්කුවට දායී.....

    ReplyDelete
  13. පොඩි එකා මොකට අයිතිවාසිකම් කිව්වද දන්නේ නෑ බෙට්ටකට....බෙට්ට උනත් ඉතින් තමන්ගේ දේ නේ...:)

    ReplyDelete
  14. @ Observer,

    ඒකට දැනටත් අඩුවක් නෑ රථ ගායෙන් නම්....

    හයියෝ.... ඇත්තටම මම ආසම නෑ මොකක් හරි බඩුවක් ගන්න ගිහින් වරු ගණන් රස්තියාදු වෙවී කඩ පණහකට විතර යන එකට... මං ලංකාවෙ ඉන්දැද්දි ඇඳුම් ගත්තෙ එකම කඩේකින්.... එතැන කවදා ගියත් මගේ හිතට හරියන එකක් තියෙනවාමයි..... ටිකක් මිළ නිසා කොමන් වෙන්නෙත් නෑ..... එක වර්ගයකින් වැඩිය ඇත්තෙත් නෑ.... ඒ හින්ද ගියා, ගත්ත, ආවා.... අපේ මහත්තයත් පැනලා එනව... ඒ උනාට උන්දට ඇඳුමක් ගන්න ගියාම.... හාපෝ.... එක තැනකින් ගන්නවා... ඒ උනාට තෝරනවා මදියි නොකියන්න....

    ReplyDelete
  15. @ Raj,

    පොඩි එකාගෙ අනිත් අඩුම කුඩුම ටික අරගෙන ආවනම් මිනිහ හිතන්න ඇති ඇයි බෙට්ට විතරක් දාල එන්නෙ කියලා.... පොඩි එකා හරි නොවෙන්නං.....

    ReplyDelete
  16. @ kumaraya,

    කියල වැඩක් නෑ අනේ... නැනී කෙසේවෙතත් උන්දගෙ අම්මට නං කඩේම සෝදන්න වෙන්න තිබුණ....වෙලාවට බෙට්ට දැකල කලින්ම පැනගත්තෙ..... :)

    ReplyDelete
  17. @ නිසුපා,

    ඔව් අනේ... මොකක්දෝ පෙර පිනකටද කොහෙද යාන්තම් බේරුනා......

    ReplyDelete
  18. @ Sabith,

    රෙදි ගලවනව කියන්නෙ , ආයෙ කියල වැඩක් නෑ..... ඒක කිව්වාම මතක් උනා අපේ තාත්තගෙ යාළුවෙකුගෙ ගෙදර ගිහින් වෙච්චි වැඩක්..... පෝස්ටුවක් විදියටම දාන්නම්කො.....

    ReplyDelete
  19. @ Ice (අයේෂා කුලතුංග),

    අහන්න ආසයි අපටත් කියන්නකෝ......

    ReplyDelete
  20. ඒ කාලෙත් පැම්පර්ස් තිබුන 1987 දි කෝනල්ස් සුපර් මාකට් කොල්ලුපිටියෙ. අනූගනං වෙනකොට හැම ෆාමසියෙම වගෙ තිබුන. නොතිබුනා නං අපේ අක්කලා කලේ තඩි සයිස් වෙන්ට නැපි කීපයක් එකට තියල උඩිං ප්ලාස්ටික් පෑන්ටියක් අන්දපු එක ගමනක් යනකොට. ඔයා නොදැන හිටියට ඔයාගෙ යාලුව ඒ වෙනකොට ඕව දැනගෙන ඉන්ටඕන අම්ම කෙනෙක් නිසා. කොල්ලට රථගාය උනාට අම්මට සාරි ඇම්ම තිබිල තියෙන්නෙ. ඒකයි ඔහොම දෙයකට මුහුන දෙන්ට උනේ. කොහොමටත් ප්‍රයෝරිටි දෙන්නෙ මොකටද කියල ලංකාවෙ සමහර තරුණ අම්මල දන්නෙ නැහැ

    ReplyDelete
  21. @ ලොකු පුතා,

    ඒක අරගෙන එන්න උනා නම් හෙම කොහේ දාගෙන එන්නද මන්දා.... හෙන පතෝරියං සයිස් එකක්.... මගේ යාළුව කිව්ව උපන්තේකට කොල්ල ඒ සයිස් බෙට්ටක් කවදාවත්ම දාල නෑ කියල.... වැඩේ කියන්නෙ පස්සෙ චෙක් කොරල බලනකොටත් ඇඳුමෙවත් ගෑවිලා නෑ.... ඒක මැජික් බෙට්ටක්ද කොහෙද.... තැලෙන්නෙ පොඩිවෙන්නෙ ගෑවෙන්නෙ නැතිව බබා වගේ එළියට ඇවිල්ලා....

    ReplyDelete
  22. @ නෝටියා | Naughty's Impression,

    මෙන්න වාසනාවන්තයො....

    ReplyDelete
  23. @ දිල්,

    ඒක අරන් ආවෙ නැති එකටම වෙන්න ඇති ඌ කෑගහන්න ඇත්තෙ මග දිගට.... ඒකගෙ සෙල්ලම් බඩුයි, ඌවයි කුදලගෙන ආව, ඒකගෙ බෙට්ට විතරක් නැතිව.... බෙට්ටත් උගේනෙ.... ඌ බලන්න ඇති ඇයි අම්ම ඒක විතරක් මතක නැති කොරල ආවෙ කියල.... කොල්ල අයිතිවාසිකම් කියනව කඩේ කස්ටියට ඇහුන නං අහුලල සාක්කුවක හරි දාගෙන තමයි එන්න වෙන්නෙ.... :)

    ReplyDelete
  24. @ ඔබ නොදු‍ටු ලොවක්.....

    ඒක නේන්නං.... මාර බේරිල්ලක් බේරුනේ.... හොඳ වෙලාවට කඩේ කස්ටිය දකින්න කලින් අපි දැක්කෙ.... අපි දඩි බිඩි ගාල කොල්ලත් උස්සගෙන ගියාට පස්සෙ බඩු හොයාගත්තු එකා නම් පරම්පරාවම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඇති.....

    ReplyDelete
  25. @ සයුරි,

    ඒකනෙ.... මිනිහට ඒක දාල එනකොට දුක හිතෙන්නැති.....

    ReplyDelete
  26. @ kavikaari,

    අනේ ඇත්තද.... මං දැනං උන්නෙ නැහැනෙ ඒ වගක්....මගෙ උන් නම් නව සියවසේ කස්ටියනෙ.... එතකොට නම් ඒවා ඕනතරම්..... කොහොමහරි ඇත්තටම මං දැකල තිබුණෙ නෑ ඔය කාලෙ පොඩි දරුවො හිටිය මගේ යාළුවො එක්කෙනෙක්වත් පොඩි උන්ට පැම්පර්ස් අන්දලා තියෙනවා.... එහෙම තිබුණා දැනගෙන හිටියත් මිළ හින්දා ගත්තෙ නැතිවද මන්දා.... මේ සිද්දිය උනේ අනූ ගණන්වල මැද හරියෙදි.....කවිකාරි කියන විදියට එහෙනම් මගේ යාළුවා හොඳටම දැනගෙන ඉන්න එපායැ මේ ගැන නේද....

    ReplyDelete
  27. පවු නේ. තමන් දාපු බෙට්ට අරගෙන එන්න කොල්ලට වාසනාවක් නෑ නේ. මොනා කරන්නද දුක තමා.

    මේ මගේ පලවෙනිම කමෙන්ට් එක. දිගටම එන්නම් :)

    ReplyDelete
  28. මට මේක බලල තාමත් කේතියි ඔයාගෙ යාලුව එක්ක. තව ඒමදිවට තමංගෙ ළමයගෙ අසූචි අනුංට සුද්ද කරන්ට තියල ආපු එක කොච්චර වැරදිද? දැං ලංකාවෙ නීතියෙ හැටියට නං නඩු දාන්ටත් පුලුවං. අනික දැං හැම කඩේම වාගෙ කැමරා හයි කරලත් තියෙනව.

    ReplyDelete
  29. මේ කතා ලියන්නේ කට්ටිය බය කරන්ට වෙන්ට ඇතිනේ....:D

    ReplyDelete
  30. @ මධුරංග,

    අර කිව්ව වගේ දුක තමා රංජනී....මොනා කරන්නද...?

    ඔයාව අපේ දිහාට සාදරයෙන් පිළිගන්නවා....බොහොම ස්තුතියි කොමෙන්ටුවට...

    ReplyDelete
  31. @ kavikaari,

    අනේ අප්පේ... මං කරගත්තු පවක්.... උදේ පාන්දරම කවිකාරිව කේන්ති ගැස්සුවා නොවැ.... දැන් ඉතින් මොනව කරන්නද කවිකාරියේ.... කොල්ල බෙට්ට දමලා අවුරුදු 14කට වැඩියිනේ..... :)

    ReplyDelete
  32. @ Podi Kumarihami,

    මගේ යාළුව එදා දරුවගෙ බෙට්ට දමල දිව්වා.... අර කවිකාරි කියපුව කියවලා බලන්නකෝ....දැන් නම් කාටවත් දුවන්න හම්බෙනේකක් නෑ.... දිව්වොත් බෙට්ට අරන් පොලෝසියෙන් ගෙදෙට්ට එයි..... :O හුම්...ඔව්....

    ReplyDelete
  33. මට මැවිලා පේනවා ඔයා බග් එකත් අරන් දුවන විදිය බුවාහ හාආඅ ..

    ReplyDelete
  34. අපරාදේ.. දැන් ඕක උනේ කොයි කාලේද අර මිනිස්සු කඩේ ෆැසිලිටිස් මදි ටොයිලට් එකක්වත් නැ කියලා රංජනාස් පාඩු ලබපු කාලේද?? ඒ කියන්නේ එකට හේතුව ඔය පුතා,

    නැ නේ ඒකට යමු කියපු අක්කේ ඔයා නේද වගකියන්න ඕනේ

    ප.ලි : ඇයි ඉතින් ඔයා ගන්න තැනට එයාව එක්ක නොගියේ.. එහෙමනම් වන්ශොට් ඕකේනේ

    ReplyDelete
  35. ඔන්න ඩයපර්ස් වල වටිනාකම දැනෙන වෙලාව.කොච්චර අපහසුතාවයකට පත් වෙන්නැතිද ඔයාලා එතන ලොල්.:))

    ReplyDelete
  36. @ නදී,

    ඒක දකිද්දි මට නම් ඇත්තටම බය හිතුනා.... කඩේ මිනිස්සු බැන්නොත් වස ලැජ්ජාවනෙ.... හරි වැරැද්දක් ගැන හිතුනෙ නෑ... යාළුව 'යං..' කියල කියනකොටම අඩියට දෙකට පැනගත්ත මිසක්....

    අයියෝ, අපි දරුවො හදනකොට නම් ඩයපර්ස් දෙයියෙක් තමයි....

    ReplyDelete
  37. ගෑණු දෙන්නෙක් එක්ක සොපින් ගියාම ඔය කොයි පිරිමියටත් රෙවෙනවා තමා. ඇති කොළුවට ඔයින් ගියා

    ReplyDelete
  38. නියම කතාව මල්ලි.... නියමම කතාව.... :D :D

    ReplyDelete
  39. අසාඩ්ධාරන ලෝකයක්. අහිංසකයගේ බෙට්ටවත් ඌට නෑනේ ගන්න

    ReplyDelete
  40. @ පිස්සා පලාමල්ල,

    අසාධාරනයි නේන්නං අයියො... :)

    ReplyDelete
  41. හනේ හම්මියෝ පොඩි එවුන් මම ඕකයි උන්ව වඩාගන්නවත් යන්නේ නැත්තේ.

    දවසක් නිකමට පොඩි එකෙක්ට එලොව පොල් පෙන්නන්න ගියාම ඒකා කිව්වා දැක්කේ නෑ ආයේ පෙන්නන්න කියලා එදා ඉදන් ඒකත් නැවැත්තුවා.

    පොඩි එවුන්ට කවන්න පොවන්න ගියාම විදින දුක දැක්කාම හිතෙනවා අපිත් ඔහොමද කියලා.හැබැයි ඉතිං අපෙ අම්මා කියනවා මට කන්න බොන්න දෙන්න කරදර නෑ කියලා දුන්නොත් කෑවා නැත්තන් හොයාගෙන කෑවා හි හි.

    මරු කථාව අක්කේ කොල්ලා නියම වැඩකාරයා

    ReplyDelete
  42. @ ගැමියාගේ පත් ඉරුව,

    ඒ කියන්නෙ පොඩි එකාට එලෝ පොල් බලන්න ආස හිතිල... මාර පොඩ්ඩෙක්නෙ... පොරට රිදෙන්න නැතුව ඇති..

    ReplyDelete
  43. ඒ යකාට කොහෙ රිදෙන්නද මම උගෙ කන් දෙකින් උස්සද්දි උ මගේ අත් දෙකින් එල්ලිලා ආතල් එකේ වටපිට බල බල හිටියේ දැං පොඩි එව්වෝ ඇම්ඩන්ලට හපං

    ReplyDelete
  44. @ ගැමියාගේ පත් ඉරුව,

    අන්න පොඩි උන්....!

    ReplyDelete