අපේ බාල මාමා, අම්මගෙ දෙවෙනි මල්ලි නිවුන්නෙක්.... එයාගෙ අනිත් බාගෙ පුංචි කාලෙම මොකක්දෝ බෝවෙන ලෙඩක් හැදිල මියෑදිලා.... ඒක අත්තම්මගෙන් දැනගත්තාම මට හිතුන අනේ එයාත් හිටියා නම් කියල... එහෙම උනා නම් එයා මොන වගේ වෙයිද.... බාල මාමා වගේ වෙයිද...මට ආදරේ වෙයිද...එහෙම උනා නම් මං එයාට කතා කරන්නෙ මොකක් කියලද වගේ දහසකුත් දේවල් මට හිතුනා... ඒත් මං ඒ කිසි දෙයක් බාල මාමගෙන් ඇහුවෙ නෑ එයාට දුක හිතෙයි කියල මට හිතුනු හින්දා.... ඒ උනාට එයා කවදාවත් ඒ අනිත් බාගෙ ගැන කතා කරනව මට ඇහිලා නෑ... පොඩි කාලෙම වෙන් වුනු හින්දා ඒ ගැන හැඟීමක් නැතුවද දන්නෙත් නෑ.... අනේ ඉතින් එයාගෙ හැඩ රුව මොන වගේද කියල බලන්නවත් ෆොටෝ එකක්වත් තිබ්බෙ නෑ...
බාල මාමට පවුලෙ අනිත් අය කියන්නෙ 'බාලයා' කියල... එයාට වඩා බාල තව මාමා කෙනෙක් හිටියට එහෙම තමයි කිව්වෙ... මෙයා පුංචි කාලෙ හරිම සෝමාරි ළමයෙක් කියල අම්ම කියනව... ගම සීයා (අපේ අම්මගෙ තාත්තා) හවසට රා කට්ටක් හෙම ගැහුවට පස්සෙ ඔය කවි, සොලෝක එහෙම කිය කිය ඉන්නකොට බාල මාම ළඟින් යනව දැක්කොත් හෙම, අරවා නතර කරලා ඔළුව වන වනා කියනවලු, 'හැදෙන පුතා පුකෙන් දැනේ...' කියල.... සීයට ඔය බවක් ඒකෙන් දැනුනෙ කොහොමද කියල නම් මගෙන් අහන්න එපා... සීයම තමයි ඒක දැනගෙන ඉන්නැත්තෙ... උන්ද මැරිලා දැන් සෑහෙන කාලයක් හින්දා අහලවත් කියන්න විදියක් නෑ.... ඉතින් ඕක ඇහෙනකොට බාල මාමට හොඳටම මල පනිනවලු... ඒත් ඉතින් මොනව කොරන්නෙයි... තාත්තනෙ.... ඉතින් මෙයාගෙ සෝමාරිකම් හින්දා සීයා හිතල තියෙනව අනාගතේ මුන්දට යන කලක් නැතිවේවි කියල... ඒ හින්දා එයා කරලා තියෙන්නෙ අදටත් ප්‍රසිද්ධ දකුණු පළාතෙ පණ්ඩිත හාමුදුරුකෙනෙක් ළඟ බාල මාමව මහණ කරපු එක... අනේ ඉතින් එහෙම කළාය කියල උන්ද ඉඳල නෑ මහණකමේ.... මෙයාට පරම්පාරාවෙන් උරුම වෙච්චි කවිකාරකම අඩුවක් නැතුව පිහිටල තිබුණු හින්දා ඒ කාලෙත් කරලා තියෙන්නෙ කවි ලියපු එක.... මේ කාලෙ ගායකයොන්ට ගෑණු ළමයින්ගෙන් අඩුපාඩුවක් නැතුව වගේ, ඒ කාලෙ ඒ තැන තිබිලා තියෙනවා කවිකාරයින්ටත්... මහණකමේ ඉඳන් කවි ලියද්දිත් ඕවැයින් අඩුපාඩුවක් වෙන්න නැතිව ඇති.... ඉතින් මනුස්සයා පව් පුරෝගන්නෙ නැතුව සිවුර තියලා ගෙදර ඇවිත්.... මං පුංචි කාලෙ අත්තම්මලහ ගිහින් පරණ පෙට්ටගමක් අවුස්සනකොට දවසක් මට හම්බුනා එයා මහණවෙලා හිටපුකාලෙ ගත්තු මුද්දර සයිස් පින්තූරයක්.... ඒක දැක්කම නම් මට මැරෙන්න හිනා ගියා 'අඩේ අපේ බාල මාමා හාමුදුරුවො' කියල....
ඉතින් ඔය විදියට සිවුරු ඇරලා ගෙදර ආව බාල මාමට රස්සාවක් තිබිලා නෑ.... එයා කරලා තියෙන්නෙ ගමේ දහම් පාසලේ උගන්නපු එක, හිටිවන කවි මඩු තියපු එක, අවුරුද්දකට සැරයක්වත් වෙසක් පෝයට හරි පොසොන් පෝයට හරි කවි පොත් අච්චු ගහපු එක (මේ පොත්වල රට පුරාම හිටිය ප්‍රසිද්ධ කවියන්ගෙ කවි පවා තිබුණා කියල මට මතකයි.. ඒ සම්බන්ධකම් පවත්වාගෙන ගියේ ලියුම් ගනුදෙනු මගින්... දැන්කාලෙ වගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ටනෙට් නෑ නෙව...) ඒ විතරක් නෙවෙයි... අවුරුද්දකට සැරයක් දෙකක් අයියල මල්ලිලා තුන් දෙනා එකතුවෙලා නාට්‍ය හදලා මඩු ගහලා පෙන්නුවා... මං ලොකු කාලෙ කරපු ඒවා මාත් එකක් නෑර බලලා තියෙනව... මට බලන්න එන්න පුළුවන් වෙන්න එයා ඔය වගේ ඒවා සංවිධානය කළේ ඉස්කෝලෙ නිවාඩු කාලවල... මේ තුන්දෙනාටම හරිම ලස්සනට සිංදුත් ගායනා කරන්න පුළුවන් වගේම සර්පිනාව, ඩොලැක්කිය වගේ ගම්වල වැඩිපුරම පාවිච්චි කරන වාදන භාණ්ඩ වයන්නත් හොඳ හැකියාවක් තියෙනව... කට්ටිය එකතු උනාම ඉතින් එකම රස සාගරයක්....
ඉතින් සිවුර ඇරලා ගෙදර ඇවිත් රස්සාවකුත් නැතුව ඔය වගේ වැඩ කර කර රස්තියාදු ගහ ගහ ඉන්නකොට අම්මා එයාව එක්කන් ඇවිත් තියෙනවා අපේ ගෙදරට මාව බලාගන්න... මං චූටිම කාලෙ ඉඳලා අත්තම්මත් එක්ක එකතුවෙලා මාව බලාගත්තු නිසා අපි දෙන්නා අතර ඇති උනේ හරිම තද බැඳීමක්.... මං ටික ටික ලොකු වෙනකොට එයාට පුළුවන් හැමතැනම මාවත් එක්කන් ගියා... මට මතකයි ඒ දවස්වල රෑට සංගීත සංදර්ශන බලන්න යනකොට කොහොම හරි අම්මට කන් කෙඳිරිගාල ඒවා බලන්න මාවත් එක්කරගෙන යනව... මං පුංචි නිසා මට පේන්නෙ නැති උනාම එයා මාව උස්සලා අරන් කරේ තියාගන්නව.... මාත් ඉතින් එයාගෙ කොණ්ඩෙ ගුලි කරල හයියෙන් අල්ලගෙන කර උඩ ඉඳන් හොඳට බලන් ඉන්නවා... එහෙම ගිය ගමන් වලදි තවමත් මට මතක ක්‍රිස්ටෝපර් පෝල් මහත්මයා 'හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හැඩවෙලා...' කියන සින්දුව කියපු හැටි විතරයි.... ඒක ඉවර උනාම කට්ටිය විසිල් ගහපු සද්දෙයි, තව තව සින්දු ඉල්ලලා කෑගහපු සද්දෙයිත් තවම ඇහෙනව වගේ.... සමහර වෙලාවට සංගීතයට කොල්ලො නටනකොට බාල මාමත් මාව කරේ තියන් උන් එක්ක නැටුව.... එක දවසක් අපි ඔහොම සංගීත සංදර්ශණයක් බල බල ඉන්නකොට හදිසියේම මහ වැස්සක් කඩන් හැලුන... බාල මාමා මාවත් කරේ තියාගෙනම දිව්වා ළඟම තිබ්බ ගොඩනැගිල්ලක වහලක් යටට.... පස්සෙ මාව බිමින් තියලා එයා ඇඳගෙන හිටපු ෂර්ට් එක ගලවලා මගේ ඔළුවෙ ඔතලා ආපහු මාව කරෙන් තියාගත්ත... එයා දන්නවනෙ බැරිවෙලාවත් මට හෙම්බිරිස්සාවක්වත් හැදුනොත්, ආපහු මෙහෙම ගමනක් එනව බොරු කියල.... මට හොඳට මතකයි අපි වටේ හිටිය වැඩිදෙනා ඇඳන් හිටිය සරම්... කට්ටිය වැස්ස නිසා ඒවා කැහැපොට ගහගෙන තමයි හිටියෙ.... එකපාරටම අර මුරුගසන් වරුසාව අස්සෙ කවුදෝ කෑගහනව ඇහුන, 'මෙන්නෝ චූ කොන්නෝ....' කියල... අර වැස්ස අස්සෙම කවුරුහරි සරංකාරයෙක් දීල අදින්න ඇති... ඊට පස්සෙ බාල මාමට හොඳටම මහන්සි හින්දා වෙන්නැති මාව බිමට බස්සවන්න හදනකොට මං බෑම කිව්ව... බිම ගලන වතුර පාරවල් මට පෙනුනෙ චූ වගේ... බාල මාමට සිද්ද උනේ අමාරුවෙන් හරි මාව කරගහගෙන ඉන්න.... වැස්ස නිසා සංගීත සංදර්ශනෙත් නැවතුනා.... අන්තිමට ගෙදර යන්න තාර පාරට ආවට පස්සෙ තමයි මං එයාගෙ කරෙන් බැස්සෙ....
මට අවුරුදු 12-14 විතර කාලෙ මං තමයි මගේ කොණ්ඩේ කපාගත්තෙ... ඒ කාලෙ කවුරුවත් විශ්වාස කළෙත් නෑ මමමයි කපාගන්නෙ කියල... පාරබල් සයිස් එකට තිබ්බ උනාට මොකෝ හරියකට කොණ්ඩෙ කපාගන්න සැලූන් එකකට ගිය දාට බාබරය පලුයන්න බනිනව කලින් කපාපු බාබර්ට කොණ්ඩෙ කාල කියල.... කාක්කො කොටල වගේලු... තැන් තැන් වලින් පදාස පදාස නැතිලු... මාත් ඉන්නව ඉතින් කලින් කපාපු එකාට බැණ බැණ.... මං එහෙම වෙලාවට බැරිවෙලාවත් අම්මගෙ මූණ දිහා නම් බලන්නෙ නෑ... සාරි පොටින් කටවහගෙන ඇස් දෙකින් හිනා පිපිරි පිපිරි ඉන්න අම්මව දැක්කොත් මටත් හිනා ගිහින් කණත් කපන් යයි කියල බයට... පොඩි කාලෙ නම් ගියේ බාල මාම එක්ක එයාගෙ බාබර් යාළුව ගාවට... එයා තමයි සිරි මාමා.... දෙන්නත් එක්ක විටක් හෙම කන ගමන් කයියක් ගහගෙන තමයි සිරි මාමා මගේ කොණ්ඩේ කපන්නෙ... දැන් නම් ඒ සැලූන් එක තිබ්බ තැන තියෙන්නෙ බයිසිකල් විකුණන කඩයක්... ඊට පස්සෙ බාල මාමා මාවත් බයිසිකලේ තියාගෙන යන්නෙ පැට්රල් ෂෙඩ් එකට... එතන ඉන්නව එයාගෙ තවත් යාළුවෙක්, අදටත් මට මතක හිටින අමුතු නමක් තිබ්බ... ලසින්ටන්... ලසින්ටන් මාම පෙට්‍රල් ගහන, භූමිතෙල් විකුණන අතරෙම අපිත් එක්කත් කතා කරනව... අන්තිමේ අපි ආපහු එන්න පිටත් වෙනකොට ළඟ කඩේකින් මට අයිස්ක්‍රීම් එකකුත් අරන් දෙනව... ඒ හින්දා මං හරිම ආසයි ලසින්ටන් මාමව බලන්න යන්න...
ඉතින් ඔය මං තනියම කොණ්ඩෙ කපාගන්න කාලෙ, දවසක් මං ගමේ ගියාම බාල මාම ඇහුව කවුද කොණ්ඩෙ කැපුවෙ කියල...
'මං...'
'ඇත්තට... බැරිද එහෙනම් මගේ කොණ්ඩෙත් කපන්න...'
'හා...'
මං ඉතින් කොණ්ඩෙ කපන අඩුවැඩියත් ලං කරගෙන, බාල මාමගෙ කර වටේ අත්තම්මගෙ චීත්තෙකුත් ඔතල පටන් ගත්ත වැඩේ....
ඒ කාලෙ බාල මාමගෙ කොණ්ඩෙ තිබ්බෙ බම්ප් එකක් හෙම මැදින් තියල, පැත්තට පීරල....
මං කළේ කතුර ගත්තු ගමන් අර බම්ප් එකේ නළලට වැටෙන්න තියල තිබ්බ කොණ්ඩ ගුලිය බරස් ගාල මුලින්ම කපල දාපු එක....
'හා.... වැඩේ හරි වගේ...' කියල එයාට ඉබේම කියැවුණා....
මටත් දැන් තේරුනා වැඩේ දෙල් තමයි කියලා.... ඒක හදන්න කියල මං කළේ ඒ හරියෙ තිබ්බ කොණ්ඩෙ ටික චරස් චරස් ගාල මුලින්ම කප්පාදු කරල දාපු එක... බැලින්නං කැලේට හෙන ගහල වගේ හරියටම කොණ්ඩෙ ඉස්සරහ...
'දෙන්නකො බලන්න කණ්නාඩිය...'
මාත් බයෙන් බයෙන් දුන්න කණ්නාඩිය එයාගෙ අතට....
'හා ඔය තියෙන්නෙ නියමෙට කපලා...'
අනේ මගෙ බාල මාමට තරහ ගියේ නෑ.... එයා ඇතිවෙන්න හිනා උනා....
'අදට ඇති ඔය...' කියල එයා සැලූන් එක වැහුව.....
අන්තිමට පිටිපස්සෙන් කොණ්ඩෙ ඇදල අරගෙන ඒ හරිය යන්තම් වහගෙන තමයි එදා පාරෙ බැහැල ගියේ.... හවස ගෙදර ආවම කිව්ව, යාළුවො ඇහුවලු 'කොහෙන්ද බං උඹ කොණ්ඩෙ කැපුවෙ....' කියල..
අනේ පව්... එයා ඊට පස්සෙන්ද පාන්දරම ගිහින් තට්ටෙම ගාගෙන ආව.... බාබර් කිව්වලු වෙන කරන්න කිසිම දෙයක් නෑ කියල....
මරු මාමයි ලේලියි ජෝඩුව..
ReplyDeleteඉතිං මියුරු ඔය පොඩි කාලෙ ආසාව හැකියාවකට හරවගන්න බියුටි කචල් කෝස් එකක්වත් කලේ නැද්ද?
මොන කෝස්ද අනේ... මේ වගේ සහජ දක්ෂතාවයක් තියෙද්දි.... :D
Deleteමෙයාට හොඳ පරම්පරාවක් ඉඳලා තියනවා නේද... ? ආසයි අප්පා ඔය කතා දකිනකොටත්..
ReplyDeleteඅපරාදෙ කියන්න බෑ සෙන්නා, ඒක නම් ඇත්ත.... ඒකයි මං හැමතිස්සෙම කියන්නෙ මට තිබුණෙ හරිම ලෝබ හිතෙන තරම් ලස්සන ළමා කාලයක් කියලා.... ඒ දේවල් මගේ දරුවන්ට තියා මගේ නංගිලාටවත් විඳින්න ලැබුනෙ නෑ....
Deleteඅඩේ අපේ මියුරු අක්කා පොඩි කාලෙමනේ සැලුන් එකක් දාලා තියෙන්නේ...හොඳ හැකියාවක් තිබිලා තියෙනවා අපරාදේ සහජ දක්ෂතාවයට තැන දුන්නනම් ලංකාවේ ප්‍රසිද්ධම මිනිස්සුන්ගේ ලස්සන විනාශ කරන කෙනා වෙන්න තිබුනා....
ReplyDeleteහිනාව තද කරගෙන බොහොම අමාරුවෙන් කියෙව්වේ මේක දඟ මල්ලක්නේ ඇති මාමාගේ වැදගත් අංගෝපාංග නොකපා ඉතුරු කලා...
ඇත්තටම අක්කේ තනියෙන් කොණ්ඩේ කපාගන්නේ කොහොමෙයි
ඉරිසියා කරන්න එපා බං මල්ලියේ... ඒක සහජ දස්සතාවය....
Deleteඉස්සර අපි දෙන්න එකතුවෙලා හොඳ හොඳ වැඩ කරල තියෙනව... මට දැනුත් මැවිල පේනව මේ ලොකු කාලෙ උනත් මාව දකිද්දි එයාගෙ හිනාව...
Deleteසහජ දක්ෂතාවය ගැන නම් කියන්නම දෙයක් නෑ කියල පේනවනෙ...හික්ස්...
shani akke.... irisiya hitenne nadda appa...
Deletemiyuru akke oyage lamai dethun denata kathurak deela oya nidagena inna welawaka eyalata oyage konde kapala daanna kiyala ugannanna hthuna....(gahe katu ul karanna one natiwei maye hithe) :D
එයාල නම් ඒ වැඩේ කරන්න කවදාවත් උත්සාහ කළේ නෑ හැබැයි... මට තියෙන්නෙත් කොට කොණ්ඩයක් නිසා වෙන්නැති... ඒත් එයාලගෙ අප්පච්චි නම් ඒ කිව්ව වැඩේ කළාලු පුංචි කාලෙ එයාගෙ නංගිලාට..... :D
Deleteඑතකොට හැබෑට අර ගස් දෙකේම කටුවලට මොකැයි උනේ.... :D
//බාබර් කිව්වලු වෙන කරන්න කිසිම දෙයක් නෑ කියල.... //
ReplyDeleteමාරම හැකියාවක් තිබී ඇත.
හික්...හික්...හික්... ආයෙත් අහලා....
Deleteකපපු කඅන්ඩෙ ෂෝක් එකට තියෙන්න නැතෑ :D :D :P
ReplyDeleteඅර දඩෝරියං කැලෑවල කොටසක් ගස් පාලුවො කැපුවාම තියෙන්නෙ... අන්න ඒ වගේ... :D
Deleteහයියෝ මේක කියවලා හිනා වෙලා මගේ කැස්ස වැඩි වුණෝ....
ReplyDeleteඅක්ක නම් පට්ටයි ඈ.. මැවිලා පේනවා සීන් එක... අපේ අම්මත් දවසක් ඔය වගේම බාබර් වැඩක් කළාලු ගමේ කෙල්ලෙක්ට... :)))
අර ඕනයගෙන් කොරෙක්ස් ඩී එකක්වත් ඉල්ලගත්තනම් කැස්ස හොඳවෙයි පටාස් ගාල....
Deleteඒ කතාවත් ලියමුද ශානි... :D
හපොයි . . . මම දැං කාටවත් කොරෙක්ස් ඩී දෙන්නෙ නෑ . . . (ඕනෙම නං ඩයිසිපෑම් දෙන්නං)
Deleteඉස්සර කට්ටිය ඔහොම බම්ප් තියනවා තමයි නේද...ඒක කැපුවා කියන්නේ ඉතින් මැරුම් කන වැඩක් නේ කරලා තියෙන්නේ. මාමා හොඳ හින්දා හොඳයි.
ReplyDeleteඅන්න... සයුරි දන්නව වගේ ඒ බම්ප් එක බම්ප්කාරයන්ට කොච්චර වටිනවද කියල.... මම පට්ට බයෙන් තමයි කණ්නාඩිය එයාගෙ අතට දුන්නෙ.... මං හිතුව බනියි කියල විතරක් නෙවේ, අපේ යාළුකමත් ඉවරයි කියල.... ඒ මාම හින්දම හොඳයි තමා....
Deleteඅක්කා දැන් සැලුන් එකක් එහෙම නෙමෙයි නේ කරන්නේ? නැත්නම් ඉතින් එන කට්ටියට දෙයියන්න්ගේ පිහිටයි..
ReplyDeleteජහමනයාගේ හිත සුව පිණිස අපි ඔව්ව කොරන්න ගියේ නැහැ නෙව....
Deleteමට කවදාවත් ඒ වගේ දේවල් කරන්න ආසාවක් ඇති උනේ නැහැ... ඉගෙන ගත්තු එකම තමයි නාකි වෙනකම් කළේ දිනේෂ්....
හැදෙන පුතා පුකෙන් දැනේ..ඒමොකක්ද අප්පා...අදමයි ඒක ඇහුවේ....මරු මාමයි දුවයි....පොර ජීවත් වෙලා ඉන්නවද තාම....
ReplyDeleteඅපේ සීයගෙ උපහැරණ තමා ඔය.... රා කට්ටක් ගහපු වෙලාවට.... බාල මාම නොහැදෙන එකෙක් වග කියන්න තමයි එහෙම කරල තියෙන්නෙ...
Deleteඅපොයි බොහොම හොඳට ජීවත්වෙලා ඉන්නවා... පස්සෙ කාලෙක එයා ආණ්ඩුවෙ රස්සාවකට ගියා.... දැනට අවුරුදු පහකට විතර උඩදි පැන්ෂන් ගත්තා... ලොකු දුවෙකුයි පුතෙකුයි ඉන්නව.... අර කලින් කරපු ඔක්කොම වැඩ දැන් ආයෙමත් කරනව... දැන් නාට්‍ය හදවන්නෙ දහම් පාසලේ ළමයි ලව්ව.... දැනට මාස හයක් විතර ඇතුලත හිටිවන කවි මඩුවකුත් බොහොම සාර්ථක විදියට කළා කියල ආරංචි උනා.....
හැබැයි එයාගෙම දුවටයි පුතාටයිවත් මං එයාත් එක්ක ගත කරපු තරම් ලස්සන කාලයක් ගත කරන්න ලැබුනෙ නම් නැහැ.... එයාල ඉපදෙනකොට ගම වෙනස්වෙලානෙ..... නංගි ඉපදෙන්නත් ඉස්සරින් අත්තම්මත් නැති උනා.....
ඔයානම් මාර කෙල්ලෙක්.ලස්සන අතීත මතකය තියෙනවා.අපේ මාමලත් එක්ක ඔච්චර කිට්ටු සම්බන්දයක් තිබුනේ නැහැ.සමහර මාමල මම අදටත් දැකල නැහැ. හැබැයි ඔයා ඒ කාලේ ඉඳලම ජොලි කෙල්ල නේ.
ReplyDeleteමට එහෙම ජොලි ජීවිතයක් ගතකරන්න ලැබුනෙ අපේ අම්මලගෙ පැත්තෙ කට්ටිය නිසා.... තාත්තලගෙ පැත්තෙ අයත් අපට ආදරෙයි... ඒ උනාට එයාල තාත්තා පවුලෙ වැඩිමලා නිසා තාත්තට හරියට රෙස්පෙක්ට් කළා... අපට එයාලගෙ ආදරේ ලැබුනෙත් ඒ රෙස්පෙක්ට් එක ඇතුලෙමයි.... ඒක හින්දා එයාල අපට දැනුනෙ ගොඩක් දුරස්ව.... අර තරම් විවුර්තව එයාලත් එක්ක දඟලන්න ලැබුනෙ නෑ....
Delete:D
ReplyDeleteමෙයාට හොඳ නෑයෝ ටිකක් ඉඳල්නේ. බාල මාමා පව් නේද? තාමත් අනික් අයගේ කොන්ඩා එහෙම කපනවද? නෑ මම ඉතින් නිකමට ඇහුවේ...:D
ReplyDeleteඅපේ මාමලා සෙට් එකයි, අම්මගේ මාමණ්ඩි කෙනෙකුගෙ පුතාලයි තමයි ඔය වගේ පිස්සු කෙලියේ.... ඒවට අපේ තාත්තයි අම්මයිත් හවුල් වෙනව සිංහල අවුරුදු කාලෙට.... ඒ කාලෙ අළුත් අවුරුද්ද කියන්නෙ ඉතින් ආයෙ කියල වැඩක් නෑ.... මං පුංචි කාලෙ අවුරුදු එනකම් බලන් ඉන්නෙ අළුත් ඇඳුම් හම්බ වෙන එකටත් වඩා ඔය සෙට් එක අපේ ගෙදර එකතු වෙනකම්.... ඒ කාලෙ ගැනත් කියන්නම්කො....
Deleteආ... කැපුව නේන්නම් පොඩි උන් දෙන්නගෙ... නොතේරෙන කාලෙ නම් සද්ද නැතුව හිටිය... ඒත් ටික ටික තේරෙන්න ගන්නකොට කැපුවට පස්සෙ විලාප ගහ ගහ අඬන්න පටන් ගත්ත.... පස්සෙ පස්සෙ කතුර ගන්නකොටම අඬනව... දැන් නම් මං කොණ්ඩ කෑල්ලක් හරි කපන්න ලෑස්ති උනොත් උන් දෙන්න හොයා ගන්නත් නෑ.... :D
"...ඒත් ටික ටික තේරෙන්න ගන්නකොට කැපුවට පස්සෙ විලාප ගහ ගහ අඬන්න පටන් ගත්ත..."
Deleteඔක්කමත් හරි මේ ටිකත් හරි...
කී බෝඩ් එකෙයි ස්ක්‍රීන් එකෙයි කෙල බිඳිති විසිරිලා ගියා..
:-)
ඒක කියවල එච්චරම හිනා ගියා නම් මං කතුර ගන්නකොටම උන් දෙන්න ඔළු දෙක බදාගෙන දුවල ගිහින් හැංගෙන හැටි දැක්ක නම් කොහොමට තියෙයිද.... හික්ස්....
Deleteඅනේ පව් අප්පා බාල මාමා.. මෙයා දස වද දීලනේ. :D
ReplyDeleteඋන්දට දස වදම නේන්නම් දුන්නෙ... මට ආදරේ හින්ද කියන කියන ඔක්කොම කරනවනේ.....
Deleteහැදුනේ නගරයක වුනාට මේ වගේ ගමේ ජිවිත වලට මම ගොඩක් ආදරෙයි...
ReplyDeleteපව් දෙයියනේ අර මාමට කරලා තියෙන වැඩේ...
අදටත් මං ඒ ගමේ ගත කළ ජීවිතයට පුදුම විදියට ආදරෙයි සිහින.... ඒ වගේ ජීවිතයක් ගත කරන්න ලැබුනු එකත් වාසනාවක් කියලයි අදටත් හිතෙන්නෙ....
Deleteපව් නේන්නම්.... නිකමටවත් බැන්නෙ නැති එකම මදැයි....
මමත් පොඩි කාලෙ මූණට වැටෙන කොණ්ඩේ කපාගන්නවා.. හැබැයි ඔහොම නෙවෙයි.අර නැවෙන ප්ලාස්ටික් අඩිරුලක් තියල කෙලින්. මගේ ඒ හැකියාවට අපේ ගෙදර අයත් සැහෙන්න හිනා උනා නෙව. හැබැයි මම නෙවෙයි සැලුනේ ... හිකිස්..
ReplyDeleteහික්...හික්...හික්... අඩිරූලකුත් තියලද කැපුවෙ.... එහෙනම් කෙලින් ඉර ගැහුව වගේ තියෙන්නැති.... හැබැයි අඩිරූල නැවෙන නිසා අර කෝණමානෙ වක් පැත්තෙන් ඉර ගැහුව වගේ තිබ්බද දන්නෑ.... ඔය වගේ එව්වට හිනා උනාට සැලෙන්නම හොඳ නෑ...
Deleteහරි ශෝක්.. මං පුංචිකාලේ අපේ ලොකු අත්තා එක්ක මල පැනල උන්දැගෙ බුලත් කොටන වංගෙඩියට වැලි දාල කොටලා තිබ්බා... අනේ ඉතින් උන්දැ බුලත් කොටාන වැලි පිටින් කාල කියනවලු අත්තම්මට මෙකානම් මැණිකේ 77 මැරුණ ත්‍රස්තවාදියෙක් වෙන්න ඇති කියල.
ReplyDeleteඅයියෝ... හික්..හික්..හික්... පව් අනේ ලොකු අත්තා....
Deleteහරිම සුන්දර කාලයක් ඒ වගේම මාමා
ReplyDeleteඅනේ ඔව් ලොකු ජෝන්.... ඒ කාලෙ නම් හරිම සුන්දරයි....
Deleteපරන තරහකට කරපු වැඩක් මගෙ හිතේ !
ReplyDeleteමම අපේ බාල මාමත් එක්ක අද වෙනකම් කිසිම කිසි දාක කිසිම දෙයකට තරහ වෙලා නැහැනෙ පොඩි සෑම්.... :D
Deleteකියවපුවාම මාමා ගැන ආදරයක් ඇති වුනා.මගේ අතීතෙත් හිතින්ම පීරලා බැලුවා එහෙම ඒවා තියනවද කියලා.අපේ මල්ලි දවසක් ඔහොම කොන්ඩේ කපාගෙන තිබුනා.අම්ම එක දැකලා අර "සඳ බලන්න බැ මට ඔය මුන මතක් වෙනවා" සින්දුව කියනවා.එයාගේ ඇහි පිල්ලන් දිගයි දිගයි කියලා හැමෝම කියන නිසා ඇහි පිල්ලනුත් කපාගෙන තිබුනා දවසක්.තව හොඳ හොඳ ඒවා කපාගෙන තියෙනවා.ඒවා කියන්න බැ.පොර දැන් ලොකු හින්දා චරිතෙට හානියක් උනොත් කසාදයක් බැඳ ගන්න වෙන්නේ නැනේ...හිකිස්...... ...
ReplyDeleteහික්...හික්...හික්.... අයියෝ... දිග ඇහි පිල්ලම් ලස්සනයිනෙ... කිව්වෙ නැද්ද මල්ලිට....
Deleteයන්තම් අවශ්‍ය අඩයට්ටං ටික බේරගත්ත නං ඇති අප්පා....
පොඩිකාලෙ මගෙ කොන්ඩෙ කැපුවෙ අපේ ඉස්කෝලෙ පල්ලෙහෑ කිරා මුදලාලිගෙ කඩේ පැත්තක අටෝල තිබ්බ සැලුන් එකේ මයිල් බාබර් (ඇග පුරා වලහෙක්ගෙ වගේ මයිල්). බුවාගෙ පුතා සමන් මගෙත් එක්ක එක පන්තියෙ හිටියට කොල්ලො කෙල්ලො කවුරුවත්ම දැනං හිටියෙ නෑ මයිල් බාබර්ගෙ නම. අපේ සීය මල්ලිව කරේ තියාගෙන මගෙ අතින් අල්ලගෙන තමයි කොන්ඩෙ කපන්න එක්කයන්නෙ . . එක්කෙනෙක්ගෙ කොන්ඩෙ කපල ඉවරවෙනකං අනිත් එක්කෙනාට ඇති තරං කන්න පුලුවං කිරා මුදලාලිගෙ තේ කඩේ තියන ඕනෙම කෑමක්.
ReplyDeleteලෝකෙ මොන තරං කට් තිබ්බත් මයිල් බාබර් පොඩි එවුංගෙ කපන්න දන්නෙ ඩයන කට් එක විතරයි . . නිකං හිතල බලන්නකො ඩයන කට් එක කපපු කොලලෙක් පහුවදාට ඉස්කෝලෙ ගියාම තත්වෙ මොන වගේ වෙන්න ඇද්ද කියල . . .
'මයිල් බාබර්'... මරු නම... හික්..හික්..හික්...
Deleteඅර විදියට කන්න ලැබුනනං බොහොම සන්තෝසෙන් වෙන්නැති ඩයන කට් උනත් කොණ්ඩෙ කපන්න යන්නෙ...
අයියෝ... ඩයන කට් කපපු කාලෙ ගත්තු පින්තූරයක්වත් නැද්ද අනේ බලන්න... අයියයි මල්ලියි දෙන්න නියමෙට ඉන්නැති.... :D
අනේ ශෝක් අක්කේ ඒ මාමා.
ReplyDeleteඅක්කාට ගොඩාක් ආදරෙයි කියලා තේරෙනවා :)
මාමා හරිම හොඳයි සයුරි... ඒ ආදරේ ගැන නම් කියල වැඩක් නෑ... ඒක අදටත් එහෙමමයි.....
Deleteඅඩෙ අප්පා... වර්ණාට නේද මේ සයුරි කියල තියෙන්නෙ... සමාවෙන්නෝනෙ නෝනෙ.....
Deleteමමත් ඒ දවස්වල තනියෙන් කොණ්ඩෙ කපාගෙන තියෙනව. ඒත් වැඩේ කියන්නෙ කපල දාන්න පුළුවං උනේ ඔළුවෙ කණ්ණාඩියෙන් පේන හරියෙ කොණ්ඩෙ විතරයි.
ReplyDeleteඅපිත් එක්ක ඉස්කෝලෙ ගිය මල්ලි කෙනෙක්ගෙ කොණ්ඩෙ කපල තිබ්බෙ වෙනම මෙතඩ් එකකට. නෑඹිලිය මුනින් නවල ඹළුව උඩින් තියල නෑඹිලියෙ ගැට්ට වටේ පේන්න තියෙන කොණ්ඩෙ කපල දාල. නියම හෙයා කට් එක :D
මම නම් පිටිපස්සෙනුත් කණ්නාඩියක් තියාගෙන ඉස්සරහ කණ්නාඩියෙන් බලන් කොණ්ඩෙ පිටිපස්සත් කැපුව.....
Deleteඒ කට් එකට කියන්නෙ නෑඹිලි කට් කියලනෙ නේද...?
ඔය නෑබිලි කට් එක නේද බීට්ල්ස් කට් එක ???
Deleteඔව්... ඒක තමයි... පොඩි උන්ගෙ නම් තාමත් එහෙම කපල තියෙනව දකිනව... සමහර චුට්ටොන්ට නම් ඒක හරි හැඩයි.... මෑතකදි එහෙම ලොකු එකෙක් කපලා තියෙනව දැක්කා අර වියට්නාම් කොලුවෙක් විට්නි හූස්ටන්හෙ 'I'll always love you...'සින්දුව කියල ජනප්‍රිය උනේ... අන්න ඒකගෙ....
Deleteමරු කොණ්ඩේ කැපිල්ලක් !!!
ReplyDeleteඅක්කා නම් තාමත් කැමති ඇති කවුරු හරි කරේ තියාගෙන ඉන්නවා නම්..
දැනටත් අහින්සකයෙක්ගෙ කරේ නැගල ඉන්නෙ ගෝනි නැතුවම
Delete@ මධුරංග,
Deleteආයෙ නැතුව.... ඔය ඕනය දීල තියෙන්නෙ උත්තරේ.... :D
@ ඕනයා,
එතකොට ඔය අහිංසක ඕනයා බබාගෙ කරේ ගෝනි නැතුව කී දෙනෙක් තියන් ඉඳල තියෙනවද අප්පේ.... ;P
අයියෝ අක්ක මාමට පුදුම වදයක්නෙ දීල තියෙන්නෙ.......:)))
ReplyDeleteඔව් අනේ... එසේ මෙසේ වදයක් නෙවේ... ඒත් බොහොම කැමැත්තෙන් විඳ දරාගෙන හිටියා....
Deleteසීයත් නියම චරිතයක් වෙන්න ඕනෙ...හෙහ්...හෙහ්...
ReplyDelete'මියුරු සොරි මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩවෙලා '
හප්පා ඔව්... ඒත් සීය ගැන මං වැඩියම දන්නෙ අම්ම කියපුවගෙන්... එයා මං පුංචිකාලෙම නැති උනා සෙංගමාලෙ වැරදිලා.... ඒ හින්දා මට මගේම කියලා තියෙන්නෙ හරිම සුළු මතකයක් සීයා ගැන.... අපේ තාත්තගෙ තාත්තා නැතිවෙලා තියෙන්නෙ තාත්තලා පුංචි කාලෙ... ඉතින් මට සීයෙක් ගැන කියල හරි මතකයක් තියෙන්නෙ පස්සෙ කාලෙකදි අර මං කලින් කීව, අපේ ගෙදර නැවතිලා උන්නු අම්මගෙ ලොකු මාමණ්ඩි, ලොකු සීයා ගැන විතරයි....
Deleteහී..හී... ඒ කාලෙ පෝල් මහත්තයා හරියට මැණිකෙල ගැන සිංදු කිව්වා නේද...?
ආ.. ඒක නෙවෙයි.. අද Channel 7 - Today Tonight programme එකේ පර්ත් මින්ට් එකේ වෙච්චි අර 1 කොටසෙ කියපු perth mint swindle ගැන විස්තරයක් ගියා බැලුවද...? මට හරියකට බලාගන්න ලැබුනෙ නෑනෙ... මං උයනවා එතකොට...
චැනල් 9 එකේ 11 ඉරිදා ඉඳන් පටන් ගත්ත 'පර්ත් මින්ට් ස්වින්ඩ්ල් ' කියල 'අන්ඩබෙලි ' වගේ සීරීස් එකක්. 7 එකෙන් එකට ඇටැක් එකට මොනා හරි කියන්න ඇති
Deleteකමක් නෑ කවදා හරි බැදලා ගියාම මහත්තයාගේ කොන්ඩේ කපන්න බැරියයි :P
ReplyDeleteහික්...හික්..හික්... අනේ ඔව්... මාත් මේ එහෙම තමයි හිතාගෙන ඉන්නෙ....
Deleteඅනේ පවු මාමා
ReplyDeleteඅපේ මාමාත් සීයාගෙ මන්තර පොතක් අරන් බීපා ඇවිත් ගිනි සිසිලද මොකක්ද කරන්න ගිහින් පපුවෙ මයිල් ටික ඔක්කොම පුච්ච ගත්තා. මතක් වෙන කොට තාම හිනයි.
හයියෝ පව්.... මරු ගිනි සිසිල....හික්ස්...
Deleteසමාවෙන්නෝනෙ මේ තරම් කාලයක් පරක්කු උනාට උත්තරයක් ලියන්න... එක එක වැඩ එනවනෙ කාලෙන් කාලෙට....
මාර ලස්සන අතීතයක් . අපේ බාප්පත් ඔය වගේ . ඒ කාලේ ළමයි ගොඩක් නිසා බාලම බාප්පා සහ චුටි නැන්දලා හරිම තරුණයි අපි පොඩි කාලේ . යාලු වෝ වගේමයි . අපි ශරීරයෙන් කැලණියේ හිටියට අපේ පුංචි හිත් ජිවත් වුනේ ගමේ . අවුරුදු නිවාඩුවට මොන දෙය්යන්ට වත් බැහැ අපි ගමේ යන ඒක නවත්වන්න . අපේ බාප්පා ආච්චිටයි ආහාටයි හොරෙන් අපිවත් අල්ලාගෙන නසරානි වැඩ මයි කලේ . [ඔයාගේ බාල මාමට නම් නසරානි ලේලියක්නේ ඉඳල තියෙන්නේ .].
ReplyDelete'...ඔයාගේ බාල මාමට නම් නසරානි ලේලියක්නේ ඉඳල තියෙන්නේ'
Deleteහික්ස්... හරියටම හරි අනේ...
එහෙම පුංචි කාලයේ මතක සටහන් නම් හරිම සුන්දරයි නේද බින්දි... එහෙම බලනකොට අද කාලෙ දරුවන් ගැන හරිම දුකක් හිතෙනව... හැමෝම රේස් එකකට වැටිලනෙ....
ඇයිද මන්ද මට මේ පෝස්ට් එක මිස් උනේ....මට මාමල 7 දෙනෙක් ඉන්නවා...අපේ අම්මට සහෝදර සහෝදරියො 10 ක් ඉන්නවා.......
ReplyDeleteකොච්චර හොඳයිද අනේ එහෙම ඉන්නකොට..... මගුලකදි මරණෙකදි වගේ වෙලාවලදි තමයි පවුලෙ කට්ටිය වැඩිපුර ඉන්න එකේ අගේ දැනෙන්නෙ....
Deleteශොරි වෙන්ටොනෑ සුට්ටක් පරක්කු උනාට.. මක්කරන්නද අක්කේ විභාග තිබුණනේ...
ReplyDeleteමාත් මෙහෙම උන්නට මාමෙක්... හැබැයි ඒ පුතෙක්ගේ.. දුවෙක්ගේ මාමෙක් වෙන්නත් ආසාවක් තියෙනවා.. කොහොම උනත් මාමලා සහ බෑණලා/ලේලිලා අතර මහා ලොකු බැඳීමක් තියෙනවා..
කතාවක් තියෙනවා අම්මට කිරි නැත්නම් මාමට කිරි එරෙනවා කියලා..
අක්ක රංකිරි කටගෑම ගැන දන්නවාද.. ඒකටත් මාමාගේ සම්බන්ධයක් තියෙනවා
ඔයා ශුට්ටක් පරක්කු උනාම මොකද, මං ගොඩාක්ම පරක්කු වෙලානෙ.... විභාගෙට හොඳට ලියන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා....
Deleteරං කිරි කට ගෑම ගැන මාත් අහල තියෙනවා... ඒත් ලොකු විස්තරයක් නම් දන්නෙ නෑ....
මොකෝ සද්දයක් නැත්තේ.......
ReplyDeleteපහුගිය දොහේ වැඩිය සද්ද බද්ද දාන්න බැරුව අත පය බැඳල දාල වගේ හිටියෙ... ගෙදරට අමුත්තො ඇවිල්ලා... කොම්පියුටර් පොඩි උන් අයිති කොරගෙන... කට්ටිය ගියාට පස්සෙ තමයි මේ පැත්තට ආයෙ අතගහන්න පුළුවන් උනේ.....
Deleteබොහොම ස්තුතියි 'නොදුටු' හොයල බැලුවට.... :D
කොන්ඩෙ කපන එක තමයි මරු අලේ.. ගිය අවුරුද්ද වෙනකං මගෙ කොණ්ඩෙ කැපුවෙ අම්මා.දැන් ඉතින් මං ලොකුයිනේ.ඒක නිසා කොණ්ඩෙ වවනවා.මටත් දවසක් පිටින් කොණ්ඩෙ කපන්න ගිහින් ඔහොම කතාවක් අහගන්න වුණා.හී..හී.
ReplyDeleteඅම්මා ලස්සනට කොණ්ඩෙ කපල කියල බාබර් වර්ණනා කළාද...හික්ස්...
Deleteදැන් ඔයාගෙ බ්ලොග් එකේ ප්‍රශ්නෙ හරිද වර්ෂා.... ඒ පැත්තෙ එන්නම්කො ඉක්මනින්ම.....
මොකෝ සද්දයක් නැත්තේ.....
ReplyDeleteඔන්න උඩින් දාල තියෙනව මොකෝ කියල... අනේ බොහොම ස්තුතියි හොඳේ සෙව්ව බැලුව එකට.... :D
Deleteමැඩ්ම්.. මොකෝ මේ ටිකේ සද්දෙ වහලා.. කාලෙකින් ලස්සන කතාවක් කියෙව්වේ නැහැ.. දැම්මනම් මොනා හරි..
ReplyDeleteහනේ හයියෝ.... පහුගිය දොහේ සෑහෙන වැඩ කන්දරාවක එරිලයි හිටියෙ ගෙදරට අමුත්තො ඇවිදින්.... ඔන්න දැන් නම් ටිකක් නිදහස්....
Deleteලබන සතියෙ පොඩි උන්ට ඊස්ටර් නිවාඩුව.... ඒක පටන් ගන්න කලින් පෝස්ට් එකක් දාන්නම්කො කොහොම හරි....
සෙන්නාටත් ගොඩාක්ම ස්තුතියි අපි ගැන හොයල බැලුවට හොඳේ....
මට මේ බ්ලොග් එක මිස් වෙලාද මන්දා..
ReplyDeleteඒත් මේ කතාව නම් කලින් කියවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කියන කතාවත් ෆැමිලියර් වගේ. සමහරවිට අපි දන්න කියන ඈයොද දන්නේ නෑ.
හැබෑද... මං නම් දන්නෙ නෑ වෙන කොහෙවත් පල උනාද කියලා... මොකද මගේ බ්ලොග් එකේ ඇරෙන්න වෙන තැනක නම් මම මේක පල කරලා නෑ හැබැයි.... ඒ කියවපු තැන මතක නම් ලින්ක් එකක් දාන්න පුළුවන්ද.... ලොකු උදව්වක්.... කතාව අහල පුරුදු නම් කියන්න බෑ දන්න කෙනෙක්ද කියල නේද....
Deleteමියුරුවෝ තිට මක්ක වෙලාද ලියන්නැත්තෙ? කීසැරයක් නං ඇවිත් ගියාද
ReplyDeleteහපොයි දෙයියනේ.... මේ ලියනව... මේ ලියනව..... :D
Deleteඋදවුවක් විදියට වල් සුද්ද කලා . . හැමදාම බෑ මේ වැඩ කරන්න මෙහෙම
ReplyDeleteඅනේ බොහොම ස්තුතියි, කුලියක් මලියක්වත් ඉල්ලන්නෙ නැතුව වල් කොටල ගියාට.... :D
Deleteහී.. හී..... හිනා වෙලා කඳුලුත් ආවා බාබර් නෝනගේ වැඩ වලට... අනේ ....බෑ කියන්න නම් එපා,මගෙත් කොන්ඩේ කපලා දෙන්නකෝ පණේ..... අනේ... අනේ...... හා නේද? හා කියන්නකෝ ..........!!!!!
ReplyDeleteමගෙ සුදු නංගි බබෝ , ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)
අනේ පණේ, දැන්නම් බාබර් බිස්නස් එක අතෑරලා.... කස්ටමර්ස්ල නෑ නෙව...
Deleteමමත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව...
හැබැයි මම නංගි බබෙක් නම් නෙවෙයි.... නංගි බබාල දෙන්නෙකුගෙ අම්ම කෙනෙක්.... :D
මට මේ පෝස්ට් එක මිස් වෙලානේ බං අක්කේ..
ReplyDeleteමමත් ලොකු මාම කෙනෙක් උනාට අපේ අක්කලගේ පොඩි එව්වන්ට මේ තරම් ආදරෙන් ඉඳල නැද්ද මන්ද
මම උන්ට ටිකක් සැර වැඩි මාම කෙනෙක්.... :(
මමත් අපේ මලයාගේ, අක්කගේ පුතාගේ එහෙම කොන්ඩේ කපල තියෙනවා කිසි කරදරයක් නැතුව.
හැබැයි උන්ට පාරේ යන්න බැරි තත්ත්වයක්නම් උදා කලේ නැහැ
අලුතින් පෝස්ට් එකක් දාන්න අදහසක් නැද්ද...?
මං ඒත් බැලුව මොකෝ නාවෙ කියල.... මාත් ආවෙ නෑ බං ලොකු පුතේ සෑහෙන කාලෙකින්... නොලිය ඉන්නකොටත් වස කම්මැලිකමක් එනව අප්පා ලියන්න.... කතාවක් බාගෙට ලියලත් තියෙන්නෙ..... හෙට අනිද්දාවත් ඒක ඉවරයක් කරල පෝස්ට් කරන්න ඕන.....
Deleteපොඩි උන්ට සැරවෙන්න එපා මාමෙ.... ආදරෙන් හිටියම ලස්සන මතක එකතුවෙනව ජීවිතේට..... කවදාවත් ඒ ගැන පසුතැවිලි වෙන්න වෙන්නෙත් නෑ......
ඇත්තටම කෝ දැන් ඒ මාමා? කවියෙක් නං ඉතිං නමෙන්ම දන්න කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා!
ReplyDeleteඒ මාමා තවමත් කවි ලිය ලියා, හිටිවන කවි මඩු පවත්වමින් බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා ගමට වෙලා.... එයා දැන් විශ්‍රාම අරන් ඉන්න නිසා ආයෙමත් අර පරණ වැඩ පටන් අරන්..... අනිවාර්යයෙන්ම දන්නව ඇති නිතර කවි පොත් ගැන කවි මඩු ගැන අවධානයෙන් ඉන්නවා නම්..... මම හිතන විදියට එයාව ගොඩක් දන්නෙ දකුණු පළාතෙ අය....
Deleteබාල මාම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වගේ. නැත්නම් ලස්සනට බම්ප් එහෙම තියාගෙන ඉඳපු කොන්ඩේ කප්පාදු කලාමත් හිනා වේවි යැ. කොහොමත් කෙල්ලෝ පොඩි කාලේ මාමලට ආදරෙයි කියනවා නේද..
ReplyDeleteලස්සන අතීතයක් :)
අනේ ඔව් චන්දන... එයා හැමදාම හිටියෙත් ඉන්නෙත් සැහැල්ලුවෙන්ම තමා... තවම ඉස්සර වගේමයි... රූපෙන් උනත් වැඩි වෙනසක් වෙලා නෑ... ඒ සැහැල්ලු බව නිසාම වෙන්නැති...
DeleteThank you..