අපේ ගෙදර අපි පුංචි කාලෙ අම්මට අත් උදව්වටත්, අපිව බලා ගන්නත් අම්මට ටිකක් දුරින් නෑයො වෙන නංගි කෙනෙක් හිටියා.... එයාට අපි කිව්වෙ 'නැන්දා' කියලා... සමහර වෙලාවට ලොකුකම් පෙන්නන්න ආවට එයා අපිට හරි ආදරෙයි... එයා අපිත් එක්ක සෙල්ලම් කලා....රන්ඩු උනා....අපිව එයාට පාලනය කරගන්න බැරි උනාම අම්මලට කේලම් කියලා අපට ගුටි පූජාවලුත් ලැබෙන්න සැලැස්සුවා....
ඉතින් ඔය දවස්වල අපේ ගෙදර මෝටරයක් දාලා වතුර අරගෙන තිබුනෙ නෑ... ඒ නිසා රෑ වෙන්න කලින් ගෙදර තිබුනු කල ගෙඩි ටිකටයි අනිත් භාජන ටිකටයි වතුර පුරවලා තියන එක අපේ රාජකාරිය.... ඒ ටික හින්දගත්තු දාට රෑ මැදියමේ හරි ගෙට පල්ලෙහායින් තිබුනු ලිඳට ගාටන්න වෙනවා වතුර ගේන්න.... ඔය වැඩේ හෙන කෝස් එකක්... ගෙට එන පාරෙ පල්ලමේ කලුවරේම ඇවිදන් ගිහින් මගක් හරියෙදි ලිඳ ලඟට යන්න ගල් පඩිපෙලක් තමයි බහින්න තිබුනෙ...එහෙම වෙලාවට පිහිටට එන්නෙ අපේ ගෙදරයි, අහල පහල ගෙවල්වල දාලා තියෙන ලයිට්වල එලියයි, හඳපානයි තමයි.... ආ...තව අපේ තාත්තගෙ ටෝච් එක... ඒක නම් නල්ල මලේ ටෝච් එකක්.... කෝච්චර බැටරි දාලා හදලා තිබුනත් කවදාවත් ඕන වෙලාවට බැලුවාම එලිය නෑ.... අතේ පයේ ගස්වල ගහල තමයි පත්තු කරගන්නෙත්.... සමහර වෙලාවට මොනවට හරි එලියට යන්න ඕන උනාම තාත්තා මහ ලොකුවට කියනවා...'අර ටෝච් එකත් අරන් යන්න...' කියලා. ඒකෙ හැටි දන්න නිසා කවුරුත් නෑහුන ගානට කලුවරේම ගිහින් තමන්ගෙ වැඩේ කරගෙන එනවා...
ඉතින් මේ සිද්දිය උනු දවස්වල අපේ ලොකු මාමගෙ ලොකු දුව ගයනිත් අපේ ගෙදර නැවතිලා ඉඳන් අපිත් එක්ක ඉස්කෝලෙ ගියා.... ඔන්න නැන්දා එදත් පුරවල තිබ්බ වතුර ටික හින්දගෙන රෑ මද්දහනෙ ලිඳට යන්න වෙලා... ඔහොම යන්න වෙනකොට බය හිතෙනව නම් අපි කවුරු හරි එක්ක යන්න කියල තමයි අම්මල එයාට කියල තිබුනෙ.... විශේෂයෙන්ම මේ මාත් එක්ක... අහ්ම්.... මම තමයි කලුවරට බය නැති චන්ඩියා උනේ.... එදා අමාවක දවසක් හින්දා හරියකට එලියකුත් නෑ... අලේ ඉතින් ගෑනි නොවඳිනා වැඳුම් වැන්දා මට එන්න කියල ලිඳට යන්න... මම නෙවෙයි ගියේ.... හේතුව එදා හැන්දෑවෙ පොඩි වලියක් ගියා අපි දෙන්න අතරෙ... මම කරපු මොකක් හරි වැරැද්දක් ගැන අම්මට කේලම් කියල ගුට්ටක් කැව්වෙව්ව මට... මම තරහට උන්දට බැන්න... ඉතින් මේක හොඳ chance එකනෙ මගේ පලිය ගන්න... මමත් නෑහුනා වගේ හිටියා...
ඉතින් මේ සිද්දිය උනු දවස්වල අපේ ලොකු මාමගෙ ලොකු දුව ගයනිත් අපේ ගෙදර නැවතිලා ඉඳන් අපිත් එක්ක ඉස්කෝලෙ ගියා.... ඔන්න නැන්දා එදත් පුරවල තිබ්බ වතුර ටික හින්දගෙන රෑ මද්දහනෙ ලිඳට යන්න වෙලා... ඔහොම යන්න වෙනකොට බය හිතෙනව නම් අපි කවුරු හරි එක්ක යන්න කියල තමයි අම්මල එයාට කියල තිබුනෙ.... විශේෂයෙන්ම මේ මාත් එක්ක... අහ්ම්.... මම තමයි කලුවරට බය නැති චන්ඩියා උනේ.... එදා අමාවක දවසක් හින්දා හරියකට එලියකුත් නෑ... අලේ ඉතින් ගෑනි නොවඳිනා වැඳුම් වැන්දා මට එන්න කියල ලිඳට යන්න... මම නෙවෙයි ගියේ.... හේතුව එදා හැන්දෑවෙ පොඩි වලියක් ගියා අපි දෙන්න අතරෙ... මම කරපු මොකක් හරි වැරැද්දක් ගැන අම්මට කේලම් කියල ගුට්ටක් කැව්වෙව්ව මට... මම තරහට උන්දට බැන්න... ඉතින් මේක හොඳ chance එකනෙ මගේ පලිය ගන්න... මමත් නෑහුනා වගේ හිටියා...
අලේ ඉතින් ගෑනි ගියා තනියම... මමයි ගයනියි කුස්සියේ කාපු බීපු භාජන ටික හෝදනවා..... මෙන්න එක පාරටම දඩං...බඩං...ගාලා බිත්තිවල වැදි වැදි දුවගෙන ආපු නැන්ද..බ්‍රා...ස්.. ගාල ගැහුව බ්රේක් එකක් අපි ලඟ...
‘හලේ...හයියෝ...මොකෙක්ද එකෙක් ඉන්නව ලිඳ ලඟ....’
‘මොකෙක්ද...?’ අපිත් ඇස් දෙක උඩ තියාගෙන ඇහුව..
‘මොකෙක්ද එකෙක්.....’
‘කෝ කලේ...’
‘ලිඳ ලඟ.... මං හේම්ම දාල දුවගෙන ආව....’
දැන් මට බයයි මෙයා මේක අම්මලට කියයිද කියලා... කිව්වොත් මම තමයි ඒකටත් වැරදිකාරයා වෙන්නෙ... ගුටි කාපු එක මදිවට තව අහගනිල්ලකො කන් දෙකේ ඇබ ගහගන්න....
'අපි තුන්දෙනාම යමුද බලන්න...' මම ගයනි දිහා බලාගෙන ඇහුවා...
එයාත් බයවෙලා.... 'හොරෙක්ද දන්නෑ....' ගෑනි කිව්වා.
'අපි මොකක් හරි ආයුධයක් අරන් යමු....' කිව්ව මගෙ අතට අහු උනේ කුස්සියෙ තිබ්බ මන්නෙ..
'යං...' කියල මම ඉස්සර උනා.
දැන් අපි තුන්දෙනා යනවා ලිඳ ලඟට...දම් වැල වගේ අතුත් එකට පටලවගෙන.... එකා පස්සෙ එකා... මුලින්ම මං මන්නෙත් අරගෙන...මගේ අනිත් අත අල්ලගෙන මට පිටිපස්සෙන් නැන්දා... එයාගෙ අත අල්ලගෙන අන්තිමටම ගයනි.... ගැහි ගැහි යනවා මාච් පාස්ට් එකක ස්ලෝ මෝෂන් වගේ.... දැන් අපි වැල, පල්ලමත් ගියා.. ඊලඟට තියෙන්නෙ පඩිපෙල බහින්න... පැත්තම හොඳටම කලුවරයි.... යාන්තම් ලිඳේ ඡායාවයි අහල පහල ගස් කිහිපයක ඡායාවලුයි පෙනුනා... දැන් නැන්දා පස්ස ගහනව....
'ආං අතන.. ඔය..ඔය..'
මට මොකුත් ඇහුනෙවත් පෙනුනෙවත් නෑ.. ‘කෝ මොකුත් නැහැනෙ...’
නැන්ද මාව අත ඇරිය... මම බැස්ස පලවෙනි පඩියට මන්නෙත් අමෝරගෙන... සද්දයක් නෑ... ඒත් මගේ ඇහැ කොනට පෙනුන වම් අත පැත්තෙන් මොකක්දෝ හෙල්ලෙනව.... මං ඒ පැත්ත බලනකොටම ඒ මොකක්ද එක මගේ පැත්තට ආවා... මට ඉබේටම මන්නෙ අත ඇරුන....
'සරබරා.....ස්ස්zzzz......'
'බුදු අම්මෝ....'
මම පඩි ටික එක පිම්මට පැන ගත්තෙ හතරගාතෙන්..... පස්සෙන් හිටිය දෙන්නා දුවනව හිටු කියල.... මට දිව්වට දිව්වට දිවවෙන්නෙත් නෑ.... මට දැනුනෙ එක තැනම හබල් ගානව වගේ.... ටික දුරක් හතරගාතෙන් දුවලා යන්තම් නැගිට්ටගත්ත ගමන් පන එපා කියල දුවල ගිහින් වැටුනෙ සද්දෙ මොකක්ද කියල බලන්න එලියට දුවගෙන ආපු තාත්තගෙ කකුල් දෙක ලඟ..... ඊට පස්සෙ තාත්තගෙ ඇඟේ එල්ලිලා ආපහු ගිහින් බලනකොටයි දැක්කෙ අපි බයවෙලා තිබුනෙ එතැන හිටවල තිබුනු කෙහෙල් ගහක පරඬැලක් හුලඟට හෙලවෙන එකට කියලා..... තාත්ත අහක බලාගෙන හිනාවෙනව...
එදා රෑ ගයනිට නොවඳිනා වැඳුම් වැන්ද ඉස්කෝලෙ ගිහින් කියන්න එපා...මරනව කියලා... ඒ උනාට ප්‍රතිපලේ ආයෙ කියන්න ඕන නැහැනෙ.....
අප්පො බය ගුල්ලියො ටිකක්නේ.මම් හිටියනම් බය නැතුව යනව.(අම්මො! ඔය කිවට මමත් බයයි)
ReplyDeletemeka nam maru... hinakala merenewa.... niyamai mihiri...
ReplyDeleteබුදු අම්මො...හිනාගොහින්...බෙල්ලත් උළුක් උනාද මන්දා...
ReplyDeleteඅප්පේ නියම චන්ඩියෙක්නෙ...මගෙත් ඇති ඔය වගේ කතාවක්..:)))
ReplyDeleteවයස 58 පැනපු නාකියෙකුට කියන්න තියෙන්නෙ, මෙච්චර කාලෙකට මමවත්, වයස 57 ක් වුනු ඔබී වත් තාම අපි දෙන්නට, දෙන්න, ඇර වෙන හොල්මන් දැකල නැහැ.
ReplyDeleteහූ හූ...බය ගුල්ලියො ටික...කොහොමද බය උන හැටි...මට මැවිලා පෙනුනා කස්ටිය හතර ගාතේ දුවන හැටි....
ReplyDeleteකොහොමද චන්ඩියාගේ වැඩ :D
ReplyDeleteඅදහන්න වටිනා වීර චරිතයක්නේ බලාගෙන යනකොට... හික් හික්
ReplyDelete@ නදී,
ReplyDeleteහොඳයි ගිහින් බලමුකෝ....හික්ස්...
@ prasanna86k,
ReplyDeleteThankx Prasanna...
@ Raj,
ReplyDeleteහික්ස්....සිද්ධාලේප ටිකක්වත් එවන්නද...
@ නිසූපා,
ReplyDeleteලියමුකො අනේ එහෙනම්, අපටත් බලලා හිනාවෙන්න.....
@ Observer,
ReplyDeleteඔය සිද්දිය වෙනකොට මමත් ඔයාලව දැකලා තිබුනා නම් මේ වගේ බය වෙන එකක් නැහැනෙ අනේ.....
@ දිල්,
ReplyDelete:D :D :D....
@ සයුරි,
ReplyDeleteඅනේද කියන්නෙ....
@ ලොකු පුතා,
ReplyDeleteහොඳයි නැද්ද මං අහන්නෙ.... :D
ම්,..... බලාගෙන යනකොට බ්ලොග් අවකාශේ ඉන්න ගොඩාක් ගැහැනු ලමයි චන්ඩි නේ..
ReplyDeleteඒක නම් ඇත්තටම හොද දෙයක්.... නැන්දා අර විදිහට කියනකොට උනත් යමු ලියලා ඉස්සර වෙන්න තරම් චන්ඩියෙක් උන එකම ඇති..
ජය වේවා
@ දේවා,
ReplyDeleteහික්ස්...චන්ඩි තමයි මේ වගේ අස්පැට් වැඩක් වෙනකම්...
මරු කතාව. එතන හොල්මනක් එහෙම හිටියා නම් බලන්ට තිබුනා වැඩේ. :D
ReplyDeleteවැඩේ කියන්නෙ ඒ වෙලාවෙ මගෙ ඔලුවට ආවෙ හොල්මනක් කියල නෙවේනෙ... කවුරු හරි එතැන හැංගිලා ඉඳලා අපිව අල්ලගන්න පැන්නා කියල තමයි හිතුනෙ.... අනිත් දෙන්නට නම් මොනව හිතුනද දන්නෙ නෑ...
ReplyDeleteබොහොම ස්තුතියි වලව්වෙ ඇත්තො මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවකුත් දාලා ගියාට...
ඔබා අන්කල් නම් මරු කතා කියන්නෙ හික් හික්
ReplyDelete@ නදී,
ReplyDeleteself introductionනෙ මෙයා.....
බලාගෙනයි කලු කුමාර් දිශ්ටිය හැදෙන්න පුලුවන් :-D
ReplyDeleteඅපිත් ආව ඔලුව දාල යන්න කියල. මරු කතා ටිකක් තියෙනවනෙ කට්ටියගෙම. සමහරු නම් ගෙවල් වල දොරවල් වහල අපි වගෙ අයට. අපිත් ආසයි අදහස් හුවමාරු කර ගන්න දිල්, ඉටැලි ඩිලන් එක්ක එහෙම. මොනා කරන්නද ඉතින්....එක මකුනයි ලමයො කන්නෙ........ ඇයි ඔක්කොම මකුනො මරන්නෙ...........
ReplyDeletethank u miyuru
කලු කුමාරයා එන්නෙත් ඔහොමලු..................
ReplyDeleteලොකුස්සා
@ විසිතුරු,
ReplyDeleteහොඳ වෙලාවට ඒ කාලෙ අපි ඔය කුමාරය ගැන දැනගෙන හිටියෙ නැත්තෙ අනේ... දැනගෙන හිටියෙ අර ට්‍රේල් බයික් උඩ නැගලා පිඹගෙන ගිය කලු කුමාරයො ගැන විතරයි....
@ ඇනෝ,
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවකුත් දාලා ගියාට.... මියුරුගෙ ලෝකයට සාදරයෙන් පිලිගන්නවා...
@ ලොකුස්සා,
ReplyDeleteඇත්තද අනේ.. :O :D
මියුරුගෙ ලෝකයට ආව තවත් අලුත් කෙනෙක් වගේ.... ආදරයෙන් පිලිගන්නවා.......බොහොම ස්තුතියි ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට...මරු නම ඔයාගෙ.... ලොකුස්සා කිව්වම නිකම් 'බකුස්සා' වගේ..... කොහෙන්ද හොයාගත්තෙ.... lol
හූ.....මාර චන්ඩි ටිකක්නේ .....
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්..,
ReplyDeleteචන්ඩිකම පෙන්නන්නෙ නැතිව ඉන්නකම් චන්ඩියො තමා... පෙන්නපු දාට...??? :D
wenas !
ReplyDeleteවෙනස්... මොකක්ද අනේ..? සමාවෙන්න.. ගැත්තාට තේරුම් නොගිය නිසයි ඇහුවෙ... මේක මං උඩින් දාල තියෙන කොමෙන්ටුවට උත්තරයක්ද... හිස් තැන් පිරවිල්ලක්ද... :)
ReplyDeleteobe `text`eka wenas. mata ehema hithenawa.
ReplyDeleteහපෝ හපෝ මහ ලොකු චන්ඩියා !!!!1
ReplyDeleteඔන්න ඔය චන්ඩියා හතරගාතේ දාලා වැටිලා. හික්ස් :)
@ මධුරංග,
ReplyDeleteඑහෙම තමයි අනේ...චන්ඩියොන්ටත් ඉතින් සමහරවෙලාවට හතරගාතෙන් යන්න වෙලා තියෙනවනෙ... හොඳයි නැද්ද...?
හිනා වෙන්න පණ නෑ හලෝ මම හෙටත් කියවන්න ටිකක් තියාගන්න ඕනේ හම්මේ මාර ගති අක්කෝ එලාස්
ReplyDeleteහික්ස්... තැන්කූ හොඳේ...
ReplyDelete