මේක අපි මේ රටට ආව අලුත සිද්ද වෙච්චි දෙයක්.....
ඒ දවස්වල අපේ චූටි බබා මගේ ඇඟේ එල්ලිලාමයි හිටියෙ...අලුත්ම වටපිටාවක් නිසා එයා ගෙදරින් එලියට ගියාම අප්පච්චිගෙ අතටවත් ගියේ නෑ.... ඒ නිසාම එයාට නමකුත් වැටුනා 'අම්මි බබා' කියල.... ඉතින් ඒ දවස්වල ගෙදරින් එලියට ගියාම අප්පච්චි ලොකු දුවව බලා ගන්නවා.... මම චූටි බබාව බලගන්නවා.....
දවසක් අපි රෑ කෑමකට රෙස්ටොරන්ට් එකකට ගියා... ඉතින් අපි කෑම එහෙම අරගෙන ඉස්සර වෙලාම පොඩි උන් දෙන්නට කැව්වා.... අප්පච්චි ලොක්කට...මම පොඩ්ඩට... ඒ දෙන්නට කවල අපි කන්න ලැහැස්ති උනා විතරයි ලොක්ක කියපි 'අප්පච්චි, මට චූ බරයි....' කියලා....
එපාර මම විගහට කෑම එක පැත්තකින් තියලා දරුවව ටොයිලට් එකට එක්කන් යන්න ලැහැස්ති උනා විතරයි පොඩි එකා බෑඟිරි ගහන්න පටන් ගත්තා යන්න එපා කියලා...එයාටත් එන්න කියලා කතා කලත් ඒ එන්නත් බැරිලු.... සද්දෙට දැන් වටපිටාවෙ මිනිස්සුත් ටික ටික අපේ පැත්ත බලන්න පටන් ගත්තු නිසා වැඩේ වර්චස් වෙන්න කලින් අප්පච්චි කිව්වා 'මං එහෙනම් මෙයාව disable toilet එකට එක්කන් යන්නම්...' කියලා, මොකද ගෑනු toilet එකට දරුවා අරන් යන්න එයාට බැරි නිසා. ඔය disable toilets ඇතුලෙ හොඳට wheel chair එකක් හරවගන්න පුලුවන් වෙන තරමේ ලොකු ඉඩ කඩක් එහෙම තියලා තමයි හදලා තියෙන්නෙ....
ඉතින් මේ දෙන්නා එතැනට යනකොට ඒකෙ දොර වහලලු.... ඔහොම ටික වෙලාවක් දොර ලඟ හිටගෙන ඉන්නකොට එතැන වැඩ කරපු සික්කෙක් මේ දෙන්නව දැකලා ‘Hello...’ කියාගෙන ගියාලු.... දැන් මේ දෙන්නා හිටගෙන ඉන්නවා ඉන්නවා ඇතුලෙ ඉන්න එකා එලියට එන්නෙම නැතිලු.... ඔන්න එතකොට අර සික්ක ආයෙම එතැනින් යන්න ඇවිත් මේ දෙන්නා තවම හිටගෙන ඉන්නවා දැකලා.... ඒ මනුස්සයා අපේ දෙන්නට ‘Sorry...’ කියලා අර disable toilet එකේ දොරට හෙමිහිට තට්ටු කලාලු... නැතිලු කිසිම ප්‍රතිචාරයක් ඇතුලෙන්... ඒ ගමන සික්කා හය්යෙන් දොරට තඩි බෑවලු, ඇයි ඇතුලෙ ඉන්න එකාට කරදරයක්වත්ද දන්නෙ නෑනෙ.... ඔන්න එතකොට ඇතුලෙ හිටිය එකා දොර ඇරියලු.... බලනකොට පොලවෙ ගෑවෙන තරමට දිග සායකුයි, හැට්ටයකුයි ඇඳපු අවුරුදු පනහක විතර පෙනුම තියෙන ගෑනියෙක්.... දොර හොඳට ඇරපු නිසා ඇතුලෙ wheel chair එකක්වත් මොනවාවත් නැති බවත් පෙනිලා... සික්ක ඇහුවාම 'Are you ‘kay' කියලා, ගෑනි කිව්වලු ‘Yep, gimme a sec, please..’ කියලා... එහෙම කියලා ගෑනි ආපහු දොර වහගෙන... සික්කත් යන්නෙ නැතිව එතැනම ඉඳලා...
මෙන්න ටික වෙලාවකින් දොර ඇරගෙන එලියට එනවලු අවුරුදු තිස්පහක හතලිහක පෙනුම තියෙන මිනිහෙක්... ගෑනිත් එලියට ආවලු වගේ වගක් නැතිව... මේක දැකපු සික්කට 'What the f.....’ කියල කියවුනාලු.... පස්සෙ සික්කටයි අපේ එක්කෙනාටයි හිනාව නවත්තගන්න බැරි වෙලා අර දොර ඇරපු වෙලාවෙ ඒ මිනිහා ඉන්න ඇත්තෙ කොහේද කියල තේරෙනකොට....
අපොයි....මාර වැඩනෙ ටොයිලට් වලත් වෙන්නෙ...
ReplyDeleteකියල වැඩක් නෑ අනේ... ඔය අපි දැක්ක පලවෙනි සිදුවීම.... සමහර තැන්වල (night clubs) ඔය ස්ථානය වැඩිපුර පාවිච්චි කරන්නෙ ඔය වැඩේට...
ReplyDeleteඑතකොට ඒ මිනිහත් ඉදලා තියෙන්නෙ ඒ ටොයි එකේමද? ඔහ්හ්...
ReplyDelete@ නදී,
ReplyDeleteඔව්නෙ.... ;)
අනේ අපොයි! :-D
ReplyDelete@ විසිතුරු,
ReplyDeleteහික්ස්...
කාමරේකට යන්න සල්ලි නැති අසරණයෝ දෙන්නෙක්ද කොහෙද
ReplyDeleteඅර දොර ඇරිය කියපු වෙලාවේ ඔය මනුස්සය හිටපු තැන ගැන පොඩි අදහසක්නම් තියෙනවා
මිනිහ වැඩිය ඇඟ පත නැති හීන්දෑරි පොරක්වත්ද... :)
අනේ අෆෝයි,. මේ ලංකාවේ නෙමේනේ නේද?
ReplyDeleteඅපො ඔයවගේ ඒවා වෙන තවත් තැනක් බැංකු A.T.M හැබැ රැට....
ReplyDeleteඔය A.T.M ඇතුලට ගියහම ප්රවෙසමේන් අනාත වෙච්චි දරුවො ඉන්ට පුලුවං...( කැමරා චෙක් කරන කොට අනන්තවත් රෙකොඩ් වෙලා තියෙනව...)
@ ලොකු පුතා,
ReplyDeleteඔව්වොව්.... හීන්දෑරි පොරක් තමයි.... :)
@ දේවා,
ReplyDeleteඅපෝ නෑ... ඒත් පහලින් Raj දාලා තියෙන කොමෙන්ටුව කියෙව්වාම තේරෙනවා ලංකාවෙත් මීට සමාන දේවල් සිද්ද වෙනවා කියලා..... එකම වෙනස මෙහේ සිද්ද වෙන්නේ කැමැත්තෙන්.... ලංකාවෙ සිද්ද වෙන්නෙ බලහත්කාරෙන්, Raj කියපු එක මට තේරුනු විදියට....
@ Raj,
ReplyDeleteමෙහේ ඔය වගේ දේවල් රෑට සිද්දවෙන තව තැනක් තමයි public telephone boxes....
හික්ස්...හදිස්සියෙ තරම.....
ReplyDeleteමියුරුට ඔය වැඩේ පිටරටක උනාට මට ඔය වගේම දෙයක් ලංකාවෙදි උනා...
ඒක උනේ Domino`s Pizza රාජගිරිය බ්‍රාන්ච් එකෙදි... වෙලා ඕඩර් එක දාලා මට පිස් කරන්න ඕනෙ නිසා එතැන තියෙන ලේඩිස් බාත් රූම් එකට ගියා.. එකේ ප්‍රධාන දොරත් වහලා...අරින්න ට්‍රයි කලත් බෑ..මම එතැන මැනෙජර් කෙනෙකුට කිව්වම එයත් මා එක්ක එතැනට ආවා..ඇවිත් දොර අරින්න හැදුවත් බෑ..පස්සෙ මැනේජර් කතා කලා දොරට තට්ටු කර කර කර...මෙන්න දොර ඇරගෙන පිරිමි එක්කෙනෙක් එනවා...අපි හොල්මන්..ගෑනු බත් රූම් එකෙ පිරිමි කෙනෙක්... මැනෙජර් ට මළ පැන්න...
" what r u doing in site the ladi`s bath room ? "
කියාගෙන මැනෙජර් ඇතුලට ගියා...මෙන්න එතකොටම තව ගැණු ළමයෙක් ඇඳුම හද හදා එළියට එනවා... වැඩේ තියෙන්නෙ ඒ ඇඳුම HSBC
වැඩේට මට හෙනට හිනා උනත්...අනේ මුන්ට කියලා කේන්තිත් ආවා
@ දිල්,
ReplyDeletePheeeeeeewwwww.....(විසිල් පාරක්....)......
Caught in red-handed...!! lol
ලංකාවත් දියුනු වෙලා තියෙන තරම.... ;)
අර ඉංග්‍රීසි කතා විලාස හැටියට නං මියුරු ඔස්ට්‍රේලියාවෙ වගේ. මං හරිද?
ReplyDeleteහෙහ්..හෙහ්... කොහොමද ඔබා මාමගෙ මොලේ... ටක්කෙටම කිව්වනෙ...
ReplyDeleteඅප්පා...මෙහෙමත් දේවල්. මියුරු කැන්ගරුවොන්ගේ රටෙන්ද එහෙනම්?
ReplyDeleteමම අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ..ලස්සන බ්ලොග් එකක් වගේ...
@ සයුරි,
ReplyDeleteඑහෙන් තමයි සයුරි....
ඔයාට ගොඩාක් ස්තුතියි මේ පැත්තෙ ඇවිත් අපිව දිරිමත් කරන්න කොමෙන්ටුවක් දාලා ගියාට... ඔයාලගෙ කොමෙන්ටු දැක්කම තමයි තව තව ලියන්න හිතෙන්නෙ... මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති.....
හපෝ..නරක මිනිස්සු.....
ReplyDeleteඅර මිනිහා හිටියේ ගෑනු කෙනාගේ දිග සාය අස්සේ වෙන්ටෑ !!! අපොයි...
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්,
ReplyDeleteනරකයි නේන්නම් අප්පා.... :P
@ Chathuranga Perera,
ReplyDelete;P LOL
පව් අනේ......
ReplyDeleteහදිස්සියක් වෙන්න ඇති...
හික්....හික්......
කැන්ගරු කතා ටිකක් අහන්න පුලුවන් අපටත් දැන්.......
ඔව් අනේ... හදිස්සියට තෙල් ටික මාරු කරගන්න ඕන වෙලාද කොහෙද... ;P
ReplyDeleteපව් දෙයියනේ... හදිස්සියනේ...
ReplyDeleteලංකාවට ගිය කලක් කියල මම මේ කල්පනා කරේ දිල්ගෙ කමෙන්ට් එක දැක්කම... HSBC :D
@ පිස්සා පලාමල්ල,
ReplyDeleteඒකනෙ මල්ලි කියන්නෙ... යුනිෆෝම් එකෙන්ම හිටපු එක හොඳයි... ආයතනයට කිකම්ම පබ්ලිසිටි එක ලැබෙනවනෙ....
මට හිතාගන්න පුලුවන් ඒ මිනිහා කොහෙද හිටියේ කියලා. මේ සීන් එක ලංකාවේදි වෙච්ච එකක් ද ? අම්මෝ
ReplyDelete@ මධුරංග,
ReplyDeleteනෑනෙ.... උනේ කැන්ගරු දේසෙ... ඒ උනාට ලංකාවෙත් වෙනව කියල ඔය උඩ දිල් කියල තියෙන්නෙ අතේ මාට්ටු කතාවක්.....
ඕවා හොදයි අප්පා මෙහේ පෙම් මුල්ලේ කොරන වැඩ ඔක්කොටම හපං ඊට එහා මල් වත්තේ ගස් අස්සේ කොරන එව්වා කරන එවුන් හිතන්නේ පේන්නේ නෑ කියලා තුන් පැත්තකින් කවර් උනත් එක් පැත්තක් එළියේ.දවසක් පොඩි එකෙක් ඔහොම තැනකට දුවන් ඇවිත් කිව්වෙ නැතැයි ඊයා කියලා එතන හිටපු ඩබලට දුවන්න ඉඩ මදිවුනා.
ReplyDeleteවිසිල් පිඹින විසිල්කාරයන්ට පේන්නේ අපි වගේ අහිංසකව ගස් යට ඉන්න එවුන්ව විතරයි ඒ වෙලාවට ඉතිං අර චූටි කාලේ වගේ ගස් මාරු කරනවා මාර ආතල්.
හි හි මරු සීන් තමා ඔයාට සෙට් වෙන්නේ නම්