Total Pageviews

Saturday 5 November 2011

Teamwork.....


අපේ ගෙදර පිහිටල තියෙන්නෙ පොඩි කඳු ගැටයක් උඩ කියල මම කලින් කියල තියෙනවනෙ... ඒ නිසා අපේ ලිඳ හරිම ගැඹුරයි... වතුර අදින්න ගියාම පණ යනව...ඉතින් ඔය හින්ද මෝටරයක් දාල වතුර ගන්න කලින් අපි සෑහෙන දුෂ්කරතාවයක් වින්ද වතුරවලට... වැඩිපුරම කට්ටක් කෑවෙ නාන්න ගියාම...  එක වතුර බාල්දියක් නාල අනික ඇදගන්නකොට කලින් 'නෑකම' ගිහිල්ල... ඔය පොදු හේතුව නිසා ඒ කඳු ගැටේ වටේටම හිටපු අය ඔක්කොම වගේ නාන්න ගියේ අපේ ගෙදරට පහල ගෙදර වත්තෙ තිබුනු ලිඳට.... ඒ ලිඳ එච්චර ගැඹුරු නෑ... ඕනනම් අඩි හයක් විතර ගැඹුරු ඇති මයෙ හිතේ...ඒ ලිඳේ වතුර අතින් ඇදන් නාන්න පුලුවන් මට්ටමක තිබුනා.....
මේ සිද්දිය වෙච්චි දවස්වලත් අර මං කලින් කිව්ව ලොකු මාමගෙ දුව ගයනි අපේ ගෙදර නැවතිලා තමයි ඉස්කෝලෙ ගියේ.... දවසක් අපි දෙන්න කිලුටු රෙදි ටිකත් කරගහගෙන ලිඳට ගියා නාන්න... නාගන්න කලින් රෙදි සෝද සෝද ඉන්නකොට එකපාරටම මගේ අතින් ලිස්සල ගිය සබන් කෑල්ල ලිඳට වැටුනා..... හපොයි අලුත්ම සබන් කෑල්ල...!! දැන් මොකෑ කොරන්නෙ... ඇඟේ ගාන සබන් කෑල්ල විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ.... ඒකෙත් පොඩ්ඩයි ඉතුරු.... ඒකෙන් රෙදි හේදුවොත් ඇඟේ ගාන්න ඉතුරු වෙන්නෙ නෑ... ආපහු ගෙදර ගිහින් වෙන එකක් ගේන්නත් පුලුවන්, ඒත් කොනක ඉඳලා ආයෙත් ඇඳගෙන එපායැ යන්න.... හිතන්නත් කම්මැලියි....
'මං බහින්නද...?' ගයනි ඇහුව.
ගෑනිට පීනන්න පුලුවන්...
'කවුරුවත් දැක්කොත් හෙම අපි දෙන්නට ලිඳ ඉහින්න වෙයි.... තමුසෙ බැහැල පීනුවට පස්සෙ මෙලෝ එකෙක් නාවියැ ඕකෙ.....'
'එහෙනම් ඉතින් ගිහිං ගේනෙකයි ඇත්තෙ....'
බම්බුව තමයි... මට බෑ යන්න.... මං හොඳට වටපිට බැලුව..... කවුරුත් නෑ පේන්න.....
'කවුරුවත් පේන්න නම් නෑ... ඉක්මනට බැහැල ගේනවකො එහෙනං...'
ගයනි ඉක්මනටම ලිඳට බැහැල කිමිදිලා ගිහින් සබන් කෑල්ල අරගෙන උඩට විසි කළා.... ඒ කරලා ගෑනි ට්‍රයි කළා උඩට එන්න... මළ හත්තිලව්වට ගහපි කලාබරේ කිව්වලු... ගෑනිට ගොඩට එන්න බෑ..... මං එයාගෙ අතින් ඇදල උඩට ගන්න බැලුව... ගෝනෙක් විතර බරයි...තනියම අදින්නත් බෑ.... දැන් මෙයත් දියබරිය වගේ දඟලනව ලිඳ ඇතුලෙ ඉඳන්... ලිං පඩිය උඩට කකුල තියාගන්න දන්න අඩි ඔක්කොම දැම්ම...ම්ම්හු...
'ඇයි...මොකද ඔය කරන්නෙ...'
මලා... ශීලා ඇන්ටි....!! මේ දොන්තපතං ඇන්ටි හිටියෙ ඔය ලිඳට කිට්ටුව ගෙදරක... එයාලගෙ ලිඳ තිබුනෙත් අපේ නාන ලිඳට කිට්ටු වෙන්න නිසා, එයා ලිඳට එද්දි මං දඟලනව දැකල.... එයාට තේරුනා මොකක් හරි වැරදිලා තමයි කියලා... ඒ ගමන ගෑනි බෙල්ලත් දික් කරගෙන ආවෙ නැතැයි ලිඳ ලඟට....  ඈත තියාම ලිඳෙන් මතුවෙච්චි ගයනිගෙ ඔලු ගෙඩිය පේන කොටම ගෑනි කෑගහන්න තියාගත්ත....
'හත්දෙයිහාමුදුරුවනේ... කවුද ලිඳේ වැටිල ඉන්නෙ...'
ගෑනි දැන් ටයර් ටිකත් හොල්ල හොල්ල දුවගෙන එනව...මට මැරෙන්න හිනා... ගයනි ලිඳේ ඉඳන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ බලන් ඉන්නව කර කියාගන්න දෙයක් නැතුව...
'හිනාවෙන්නෙ.... මේ දරුව ලිඳේ වැටිල ඉන්දැද්දි...ඔයා මාර ලමයෙක්නෙ....' කියපු ඇන්ටි දුවගෙන ඇවිල්ල ගයනිව අදින්න හැදුව උඩට...
'හපෝයි....!!'
ලිං පඩියෙ යන්තම් බැඳිල තිබුනු දියසෙවෙලටද මන්ද ලිස්සල ගිය ඇන්ටි වැටුන ගෙම්බ ගැහුව වගේ... ලිඳේ ඉන්න එකාටත් දැන් මැරෙන්න හිනා.... දැන් ඇන්ටිට නැගිට ගන්න බෑ... මං පැනල උස්සන්න හැදුව...මොන...
'මොකද අනේ වෙලා තියෙන්නෙ.....?' ලිඳ ලඟ ගෙදර ඇන්ටි (එයාගෙ රෙජිස්ටර් නම ) දුවගෙන ආව ශීල ඇන්ටිගෙ ලතෝනියට.... 'මේ මොකෝ...?'
ලිඳේ ඉන්න එකයි, ගොඩ පත බෑවිලා ඉන්න එකයි දැක්කම ඇන්ටිට උතුර දකුණ මාරු වෙන්න ඇති..... මම කෑගහ ගහ විස්තරේ කිව්ව... හැබැයි කිව්වෙ ගයනි ලිස්සල ගිහින් ලිඳට වැටුන කියල.... ඒ ගමන ඔන්න ඒ ඇන්ටියි මායි දෙපැත්තෙන් අල්ලලා ශීල ඇන්ටිව යාන්තම් කෙලින් කරගත්ත.... හොඳ වෙලාවට බරපතල උපද්‍රවයක් වෙලා තිබුනෙ නෑ... තැලීම් සීරීම් විතරයි... ශීල ඇන්ටි කෙඳිරි ගගා පැත්තකට උනා...දැන් ගයනිව ගොඩගන්න එපැයි... ඊට පස්සෙ දන්න වැඩ ඔක්කොම දාල, අපි දෙන්නත් එක්කම ඇදල යාන්තම් එයාවත් ගොඩ දාගත්ත....
අනෙ අප්පේ... ඒ සුමේ ඔක්කොම ඉවර වෙලා මං රෙදි ටික විතරක් හෝදගෙන නොනාම ගෙදර ආව.. මොකාටද පුලුවන් අරය වරුවක් විතර පොඟව පොඟව හිටිය වතුරෙන් නාන්න... පස්සෙන්ද වැඩේ ආරංචි වෙලාද කොහෙද කවුරු හරි පිංවතෙක් ලිඳ ඉහල තිබුන....


29 comments:

  1. ela kiri............
    mata mewila penawa seen eka....

    ReplyDelete
  2. ane appeee...miyuru karala thiyenneth maru weda thamai..

    ReplyDelete
  3. @ ඇනෝ 1,

    :D බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...

    ReplyDelete
  4. @ ඇනෝ 2,

    කියල වැඩක් නෑ අනේ...බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...

    ReplyDelete
  5. තාම ඒ ලි‍ඳෙන් වතුර බොන්නේ නෑ ලු නේද?...

    ReplyDelete
  6. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    හික්ස්.... ඒ ලිඳ වතුර බොන එකක් නෙවෙයි හොඳ වෙලාවට.... නාන්න විතරයි පාවිච්චි කොලේ....

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක්.....

    ඔව්නෙ.... :D

    ReplyDelete
  8. මන් මේ පැත්තේ ආවේ අදනේ . පරණ පොස්ට් ටික හිමිට කියවන්න ඕන . අපිත් පොඩි කාලේ නෑවේ වෙලේ ලින් වලින් . එක එක ජාතියේ ලින් . මාව වැටිලත් තියෙනවා . ඔයාලගේ ලිඳ එච්චර ගැඹුරු නැති හන්දා හොඳයි නේද ,.

    ReplyDelete
  9. ඔව් අනේ... ගයනිට පීනන්න පුලුවන් නිසා බැස්ස මිස මම නම් කොහොමටවත් බහින්නෙ නෑ.... එහෙනම් ඔයා අර මහා ගල්වල වතුර වෑස්සෙන තැන්වල හැදිල තියෙන සුට්ටං ලිං එහෙම දැකල ඇති නේද? හරිම පිරිසිදුයි, සීතලයි වතුර ටික... එක වෙලාවකට පොල්කට්ටකට ගන්න පුලුවන් තරමේ ටිකක් තමයි එකතු වෙන්නෙ.... වෙල්වල තියෙන ලිං වලිනුත් මම නාල තියෙනව....

    ඔයාව සාදරයෙන් පිලිගන්නවා...බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...

    ReplyDelete
  10. hath deyyane..................
    gayanita jala sanniya hadune ehema nethda....

    kele patthara galawanna giye nedda denna ekka
    ude pandara.......

    h00....hoooooo....

    ReplyDelete
  11. ජල සන්නිය හැදෙන්න ඉස්සෙල්ල ගොඩ ආව යාන්තම්... උන්ද නම් උන්දගෙ ජූස්ම නාගෙන ආව my car...my patrol...කියල...

    කැලෑ පත්තර ගැහුව නම් ගහන්නෙ ශීල ඇන්ටියි, ලිඳ ළඟ ගෙදර ඇන්ටියි... උනදලට බොට වගේ උවමනාවක් තිබුනෙ නැහැ නෙව ඒ වැඩේට... ;P :D

    ReplyDelete
  12. හා....හා...මේවටයි එහෙනං මේ 'ටීම් වර්ක්' කියන්නෙ

    ReplyDelete
  13. කාලෙකට පස්සේ නාල වගේ නේද...
    මමත් අද දැම්මේ නාන කතාවක්

    ඔයාගේ බ්ලොග් එකේ අර ලෙඩේ තාම හරි ගියේ නැහැ නේද.
    මමනම් ටෙස්ට් පෝස්ට් එකක් දෙකක් දැම්මා.. ඊට පස්සේ මම බ්ලොග් ඒක Follow කරන එක අහක් කරලා ආපහු දැම්මා..
    ඊට පස්සේ My Blog List එකෙනුත් මගේ බ්ලොග් ඒක අහක් කරලා ආපහු දැම්මා
    ඒකෙන් වැඩේ හරි ගියා, ඒත් මට හිතෙනවා තාම ඒක 100% ක්ම හරි නැහැ කියලා
    මොකද මගේ අලුත් පෝස්ට් ඒක තාම අප්ඩේට් වෙලා නැහැ
    කමක් නැහැ තව ටිකක් බලමු.

    ReplyDelete
  14. ආ හරි දැන් එකත් හරි ගිහින් වගේ...
    ඔයත් ඒ වැඩ ටික කරල බලන්න

    (දිල් තමයි මට කිව්වේ ගිහින් ඔයාව බලල මේ බෙහෙත් ටික කියල එන්න කියල බ්ලොග් එක හරිගස්ස ගන්න)

    ReplyDelete
  15. @ ඔබා මාමා,

    හේනං...

    වැඩිය කියල දෙන්න ගියොත් අර අමුඩෙ මොනවගේද කියල පෙන්නන්න රෙද්ද (ජාතික ඇඳුමෙ ) උස්සපු ඉස්කෝලෙ මහත්තයට වෙච්චි දේ වෙයිද දන්නෙ නැති හින්ද කට පියාගන්නව... :P

    ReplyDelete
  16. @ ලොකු පුතා,

    නාල නේන්නං ඇදගෙනම.... ඔයාගෙ කතාව බලන්නත් එන්නම්කො.. සෑහෙන දවසකින් එන්න බැරි උනා මේ පැත්තෙ වැඩ හින්ද... දැනුයි පටන් ගත්තෙ මිස් වෙච්චා බලන්න...

    මමත් බලන්නම්කො මොකද වෙන්නෙ කියල... ඇත්තම කියනවනම් මට ලිවිල්ලත් එපා උනා... බොහොම ස්තුතියි ලොකු පුතාටත්, දිල්ටත්...

    ReplyDelete
  17. මේ මේ පිස්සු කෙලින්න හදන්න එපා...
    අක්කේ පෝස්ට් අප්ඩේට් උනේ නැහැ කියල ලියන එක නවත්තන්න නෙමෙයි, පොඩ්ඩක් ඔය Settings පැත්තේ එහෙම ගිහින් මොන මොනවා හරි ටිකක් වෙනස් කරලා බලන්න.
    ඊට පස්සේ ටෙස්ට් පෝස්ට් එහෙමත් දාල බලන්න ඒවා අප්ඩේට් වෙනවද කියලා.
    විනාඩි 10 ක් 15 ක් බලලත් අප්ඩේට් වුනේ නැත්නම් එක මකල ආපහු අලුතෙන් Test Post එකක් දාල බලන්න.
    තව බ්ලොග් ඒකෙ Time එකත් වෙනස් කරලා දාන්න ලංකාවේ වෙලාවට.
    ඔන්න ඔය වගේ මොන මොනවා හරි ටිකක් කරගෙන යද්දී බ්ලොග් එක ඉබේම වගේ හරි යයි.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. බොහෝම ස්තුතියි මල්ලි.... මම settings නම් වෙනස් කරල බැලුව මුලදිම... ඔයා කියපු අනිත් ඒවත් කරල බලන්නම්කො...

    ReplyDelete
  20. හි හී... එක නම් හරිම jolly කතාව. ශීල ඇන්ටිත් ලිඳට වැටුන නම් තමයි හොඳ.... :D

    ReplyDelete
  21. එහෙනම් ලිඳ ඉහින්නත් ඕන වෙන්නෙ නෑ නෙව... ඇන්ටි ලිඳේ... ගයනියි වතුර ටිකයි ගොඩ.... :D

    ReplyDelete
  22. @ StArry aNgeL,

    පළවෙනි වතාව නේද මේ පැත්තෙ ආව... සාදරයෙන් පිලිගන්නවා.. දිගටම එන්න... බොහොම ස්තුතියි..

    ReplyDelete
  23. හෆොයි.ළිදට බහින්න බය හිතුන්නෙ නැද්ද අෆ්ෆා.

    ReplyDelete
  24. @ නදී,

    මම නම් බහින්නෙ නෑ කීයටවත්... ගයනිට පීනන්න කිමිදෙන්න පුළුවන් නිසා එයා බය නැතිව බැස්සා... :)

    ReplyDelete
  25. මට ඉතින් මේ කතාව මැවි මැවි පේන්න ගත්තා. වතුරට බැහැලා කිමිදෙන එකත් මරු නේ එහෙනම්.

    ReplyDelete
  26. @ මධුරංග,

    මරු නේන්නං.... ගොඩ හිටපු මට ඩබල් ආතල්.... කිමිදෙනකොට අර ඇඳන් හිටිය දිය රෙද්දට වෙන්න ඇත්තෙ මොකක්ද කියලත් හිතාගන්න පුළුවන් ඇතිනෙ.... ;P

    ReplyDelete
  27. මම මෙච්චර වෙලා කථාව මැවුවා අපරාදේ කොමෙන්ටු කියවද්දියි අක්කා කියලා තිබුණු දිය රෙද්දේ කේස් එක ඔළුවට ආවේ හයියෝ දැන් ඉතින් මුල ඉදලා හිතපන්කෝ.පට්ට සීන් කෝන් එක හිනාව නවත්තගන්න බෑ තව ඩිංගෙන් ආච්චිඅම්මගෙන් අහගන්නවා මහ රෑ සද්දෙට හිනාවෙනවා කියලා.

    අපේ ඉඩමට පල්ලෙහා තියෙන්නේ ඔහොම ළිං 3ක් ඊට පල්ලෙහා වෙල.දැං නම් ළිං දෙකයි පාවිච්චිය එකක් ගෑනු අනික පිරිමි අපේ ගේ ගාවම තියෙන්නේ ගෑනු ලිදනේ අප්පා...

    අනික් ළිදේ එක අක්කා කෙනෙක් වැටිලා මැරුණා කරවටක් ගැඹුර ලිදේ කොහොම ගිලිලා මැරුණද දන්නෑ එදා ඉදලා එතන හොල්මංලු මම නම් ජීවිතේට දැකලා නෑ අපි කජු කඩන්න පොකුණ ගාව ගහටත් නගිනවා මොකෙක්වත් දැක්කේ නෑ හැබැයි කෑ ගහන සද්දයක් නම් ඇහිලා තියෙනවා.

    ඒ අක්කත් කජු කන්න ගස් නැග්ගද දන්නෑ හැබැයි දිය රෙද්ද ඇදන් ගස් යන්නත් බෑ

    හැමදාම කියනවා වගේ උපරිමයි කථාව මැක්සා ඈ මාරම ගති එලකිරි

    ReplyDelete
  28. ෂහ්... පිරිමි ළිඳයි...ගෑණු ළිඳයි... මරුනෙ... අපට නම් තිබ්බෙ එකම ළිඳයි...
    බොහොම ස්තුතියි මේ ඔක්කොම කියවල කමෙන්ට්ස් දාපු එකට... සෑහෙන කාලයක් වැය කරල තියෙනව... :D

    ReplyDelete