
පර්ත් සම්බන්ධ පරණ තොරතුරු සොයද්දි මං මේක දැක්කෙ අහම්බෙන්... මීට කලින් මෙහෙම එයාලයින් එකක් ගැන අහලම තිබ්බෙ නැති නිසා විස්තර ටිකක් හොයන්න හිතුනා... ඒවායින් සමහරක් පහළ...
Ansette Australia Airlines කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වලින් 1936 පටන් ගත්තු ඉතා විශාල එයාලයින් ගෲප් එකක්... හරියට දැන් තියෙන Qantas වගෙයි... සමහර ස්ථානවල කියලා තියෙනවා මේක Sir Reginald Miles Ansett විසින් Ansett Airways Pty. Ltd විදියට 1935 දි පටන් ගත්තාය කියලත්... ඒ කාලෙ මේ මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරය මොන තරම් සාර්ථක උනාද කියලා කියතොත් ඒක Victorian Railways එකේ ආදායමට පවා තර්ජනයක් උනාලු... මෙයාලගෙ ගුවන් යානා පළමුවෙනි වතාවට ගමන් කරලා තියෙන්නෙ වික්ටෝරියා ප්‍රාන්තෙ හැමිල්ටන් වල ඉඳලා මෙල්බර්න් දක්වායි.... එක සාර්ථක වෙච්ච පාර තවත් අළුත් ගුවන් යානා ගෙන්වලා අනිත් ප්‍රාන්තවලටත් ගුවන් ගමන් ව්‍යාප්ත කරලා තියෙනවා... 1940 ඉඳලා 1990 දක්වා කාලය තමයි මෙයාලගෙ ස්වර්ණමය යුගය වෙලා තිබිලා තියෙන්නෙ...
මෙයාලා 1993 දි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා... 1993 සැප්තැම්බර් 11 ඉන්දුනීසියාවෙ බාලි වලින් ආරම්භ කරපු ජාත්‍යන්තර ගුවන් ගමන් සේවය, පසුකාලීනව ජපානයේ ඔසාකා වලටත් හොං කොං, සෝල්, තායිපෙයි, ක්වාලා ලම්පූර්, ෂැංහයි, ජාකාර්තා වලටත් ව්‍යාප්ත කරලා... ඒ උනාට වැඩිකල් නොයවාම සෝල්, තායිපෙයි සහ ක්වාලාලම්පූර් ගුවන් ගමන් නතර කරලා තියෙනවා......