Total Pageviews

Wednesday 6 March 2013

රජ්ජුරුවන්ගේ උයන...


බටහිර ඕස්ට්‍රේලියාවෙ, පර්ත් නගරයේ තියෙන මේ රජ්ජුරුවන්ගේ උයන, එහෙම නැත්නම් Kings Park කියන ස්ථානය පර්ත් නගරයේ තියෙන සුන්දරත්වයෙන් අනූන ස්ථානයක්....ඒ නිසා මෙහේ ජීවත්වෙන හුඟක් අය හැන්දෑව ගත කරන්නට තෝරා ගන්නා තැනක් මේක... මේ ස්ථානය හුඟාක්ම ලස්සන තැනක් නිසා බොහෝ දෙනෙක් තමන්ගෙ විවාහ උත්සව සඳහාත් මෙතැන තෝරා ගන්නවා....

එහි සුන්දරත්වය තවත් වැඩි කරන්නෙ ස්වෝන් ගඟ... නගරය අසබඩින් ගලා යන මෙය ගඟක් වශයෙන් නම් කරලා තිබුණත් ඒක ඇත්ත වශයෙන්ම කලපුවක්... 1829 දි මේ ගඟ ආශ්‍රිතව ජනාවාසයක් ඇතිවෙද්දි තමයි මහජන අවශ්‍යතා සඳහා යැයි පවසමින් මේ උයනට අදාල භූමිය එවකට පැවති රජය විසින් වෙන් කරලා තියෙන්නෙ... මේ උයනෙහිම කොටසක් උද්භිද උද්‍යානයක් වශයෙනුත් සැලකෙනවා....මේ ස්ථානයට අයත් භූමිය වරින් වර කරන ලද එකතු කිරීම් වලින් පසුව අද වෙනකොට හෙක්ටයාර් 400.6 ක් පමණ වන බවයි පැවසෙන්නේ...ඒ උනාට මේකෙන් තුනෙන් දෙකක් විතරම බුෂ් ලෑන්ඩ් එකක් විදියටයි සැලකෙන්නෙ... මෙහි, ප්‍රදේශයට ආවේනික ගස් වැල් වර්ග 319 පමණකුත්, ආවේනික කුරුළු වර්ග 80 පමණ ප්‍රමාණයකුත් ඇති බැව් කියනවා...


මේ පින්තූරෙන් පේන්නෙ රජ්ජුරුවන්ගෙ උයනෙ ඉඳලා බැලුවම පර්ත් නගරයේ කොටසක් දිස්වෙන ආකාරයයි... ස්වෝන් ගඟද මෙහි දැකිය හැකියි... ඔය රතු පාට වහලක් පේන්නෙ Perth Brewery එකේ...
 
ලෝඩ් ජෝන් ෆොරෙස්ට් බටහිර ඕස්ට්‍රේලියාවෙ පාලකයා බවට පත් උනාට පසුව, 1892 දී තමයි මෙම ස්ථානයේ පාරවල් හදලා ගේට්ටු දාලා ක්‍රමවත් විදියට උද්‍යානයක් වශයෙන් සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නෙ... ඒ නිසා එතුමාව සිහි කිරීමට මේක ඇතුලෙ දිවෙන එක පාරක් ෆොරෙස්ට් ඩ්‍රයිව් කියලා නම් කිරීමත්, එතුමාගේ ප්‍රතිමාවක් ඉදිකිරීමත් සිදුවී තිබෙනවා...එසේ උනත් ලෝඩ් ෆොරෙස්ට් මේ උද්‍යානය නම් කරල තියෙන්නෙ 'පර්ත් පාක්' කියලයි.... පසුව 1901 දී 7 වන එඩ්වඩ් බ්‍රිතාන්‍යයේ රජකමට පත්වීම සැමරීම වෙනුවෙන් මෙහි නම 'Kings Park' යනුවෙන් වෙනස් කර තිබෙනවා....


මෙම උයනට ඇතුළු වන්නට තියෙන ෆ්‍රේසර් ඇවන්‍යු එක දෙපස වවා තියෙන විශාල ගම් ගස් පේලි දෙක මෙම ස්ථානයට ගෙනදෙන්නෙ අමුතුම චමත්කාරයක්.... රාත්‍රියට විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි ආලෝකයන් එල්ල කර ඇති මේ ගස් පෙල අමුතුම සිරියක් ගන්නවා...මුලින්ම මේ ගස් පෙල සිටුවා තිබෙන්නේ 1898 වසරේදී වික්ටෝරියා රැජිනගේ ජුබිලි උත්සවය සැමරීමටයි... පසු කාලයකදී ඒකට තවත් ගස් එකතු කර එම ගස් පාමුල එය සිටවූ වසර සහ හේතුව සඳහන් කරමින් පුවරු සිටුවා තිබෙනවා... මේ පුවරු අදත් එහි දැකිය හැකියි...
 


ඒ වගේම තවත් ඇතුලට වෙන්නට ඇති උද්භිද උද්‍යානය තුල ඇති පාරවල් දෙපස තිබෙන්නේ පළමුවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධයෙන් මියගිය රණ විරුවන් සැමරීමට ඔවුන්ගේ ඥාතීන් විසින් බොහෝ කලකට ඉහත සිටුවන ලද ගස්... අද වෙනකොට ඒවා ඉතාමත් විශාලව වැඩී පාරවල්වලට සෙවන දෙනවා... ඒවා සිටුවා බොහෝ කාලයක් ගත වුවත් ඒ හැම ගහක් යටම අදාල රණ විරුවාගේ නමත්, උපන් දිනය සහ මිය ගිය දිනයත්, මිය ගියේ කුමන සටනකින්ද යන වගත් ගස සිටුවන ලද්දේ කවුරුන් විසින් කවදාද යන වගත් සඳහන් පුවරු දැක ගත හැකියි...



මෙහි ඇති තවත් වැදගත් ස්ථානයක් වෙන්නේ, බටහිර ඕස්ට්‍රේලියාවෙ ප්‍රධාන රණවිරු ස්මාර්කය මෙහි පිහිටා තිබීම... මෙය හඳුන්වන්නේ ANZAC War Memorial කියලා.... ANZAC කියල හඳුන්වන්නේ Australian and New Zealand Army Corps කියන එකයි... 1916 අප්‍රේල් මාසෙ 25 වැනිදා ඉඳලා සෑම වසරකම අප්‍රේල් 25 ANZAC Day වශයෙන් නම් කරලා, පළමු ලෝක යුද්ධයෙන් මිය ගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් සැමරීම එදින හිරු නැගී එන වෙලාවට සිදු කරනවා...මේ පිළිබඳව වැඩි විස්තර දැන ගන්නට කැමති අයට මේ ලින්ක් එකට ගිහින් ඒ පිළිබඳව දැන ගන්නට පුළුවන් වේවි...

http://anzaac.com/index.php?option=com_content&view=article&id=47&Itemid=68




මෙතැන තියෙන්නෙ රජ්ජුරුවන්ගෙ උයනෙ ඉඳලා බැලුවම පර්ත් නගරයට විරුද්ධ පැත්ත පෙනෙන ආකාරයයි....


මේ එතැන ඉඳලා බලනකොට පර්ත් නගරය රෑට පේන හැටි... ඇත්තටම පුදුම ලස්සනක්... ගියාම ගොඩක් රෑ වෙනකම් එන්න හිතෙන්නෙ නෑ....
 
ඒ වගේම මෙහි විවිධ ආකාරයේ ළමා උයන් කිහිපයක්ම දැකිය හැකියි... ඒවා එකිනෙකට බොහෝ ඈතින් පිහිටා තියෙන්නෙ වැඩිහිටියන්ටත් විනෝද විය හැකි ආකාරයටයි... ඒ කියන්නෙ පොඩි කැෆේ එකක්, බාබෙක්‍යු උදුන් සහිත පික්නික් ඒරියා එකක් සහිතයි.... මේ එයින් එකක්....

 
 
 
මේ අර අපි පොඩි කාලෙ මඩ වගුරුවල බැහැගෙන කරපු ඒවා කරන්න හදාපු තවත් පාක් එකක්....
 



මේ ස්ථානයේ රෑට චිත්‍රපටි පෙන්වීමත් කරනවා... ඒකට කියන්නෙ Moonlight Cinema කියලා... මේ තියෙන්නෙ කට්ටිය ඒ වගේ ච්ත්‍රපටියක් නරඹන අවස්ථාවක්... ඒ වගේම සමහර කාලෙට සංගීත සංදර්ශන පවා පැවැත්වෙනවා.... එතකොට නම් වටේටම වහලා ස්ටේජ් ගහගෙන තමයි කෙරෙන්නෙ....

 
 
මේ තියෙන්නෙ මෙතැන තවත් වැදගත් අංගයක් වෙච්චි Tree Top Walk එක.... මේකෙ හැටි නමින්ම හිතාගන්න පුළුවන්නෙ... අවට තියෙන මහා පත ගස්වල මුදුන් අතරින් යන විදියට තමයි මේක හදල තියෙන්නෙ... මේකෙ යනකොට වටපිටාව හරිම ලස්සනට පේනවා...
 
 



මේ තියෙන්නෙ 1966 දි ඉදි කළ බව කියන DNA Tower එක... එහෙම කියන්නෙ ඇයි කියල දැක්කම හිතාගන්න පුළුවනිනෙ... මේක පඩි 101 කින් සමන්විතයි... උඩටම නගින්න පුළුවන්.... මේක හදපු එකේ අරමුණ වෙලා තියෙන්නෙ අවට සුන්දරත්වය උස් ස්ථානයක සිට නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ලබාදීමයි....





ගොඩක් පිතූර දැම්ම නිසා කට්ටියට පෝස්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් නිසා, තව කියන්න බොහොමයක් දේවල් තිබුණත් මේ විස්තර ටික මෙතැනින් නවත්වන්නම්... පින්තූර ටිකෙනුයි, පොඩි පොඩි විස්තර වලිනුයි කියවන අයට 'රජ්ජුරුවන්ගේ උයන' ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නැති කියල හිතනවා... :D

80 comments:

  1. මියුරුවගේ පලවෙනි සිරා පෝස්ට් එක! :D
    ඇත්තෙන්ම ඕස්ට්‍රේලියාවේ ඔය පැත්ත ගැන අපිට තියෙන්නෙ අල්ප අවබෝධයක්. අපේ උන් ඉන්න තරමක් ඉන්නෙ එහා ඉවුරෙනෙ. ලස්සන විස්තරේ සහ පින්තූර.

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර හිතන් හිටියේ ඩූඩ් ඉන්නෙත් ඕස්ට්‍රේලියාවෙ කියලා.. ;D

      Delete
    2. ආපෝ මුං ඉන්නේ ලෑන්තරස් මුඩුක්කු වගේ දුපත් වල නෙව.. හැක්..

      Delete
    3. අනේ නෑ සෙන්නෝ. හැබැයි මට ඕස්ට්‍රේලියන් ඇක්සෙන්ට් එකකින් කතා කරන්න පුලුවන්.

      ග'ඩ් ඩායි මයිට්!
      (Good day, mate!)

      ඇයි උඹ අහලා නැද්ද අර හොටෙල් රූම් වල බැල්කනි තියෙන්නෙ එලියට පන්නලා.
      උදේ පාන්දර බැල්කන්නියට ආපු එහා පැත්තෙ ඉන්න ඕට්ටේලියන් කාරයා කිව්වලු
      It's a fine day to die! කියලා.(අද මැරෙන්න හොඳ දවසක්)
      මෙහා පැත්තෙ හිටපු යැංකියා ෆ්‍රන්ට් ඩෙස්ක් එකට කතා කරලා කියලා, අරූ සිය දිවි නසාගන්න හදනවා බැල්කනියෙන් පැනලා කියලා.
      පස්සෙ බලනකොට මූ කියලා තියෙන්නෙ
      It's a fine day today!(අද ෂෝක් දවසක්) කියලා ඔසී ඇක්සෙන්ට් එකෙන්.

      හේයි මියුරු අර ෆෝටෝස් ගත්තෙ කවුද? උඹලා ගත්තුවද ජාලෙන්ද? එව්වා නියමයි.

      Delete
    4. @ ඩූඩ්,
      දෙවෙනි එක ඩූඩෝ.... 'වෙනස' කියල ලියපු එක තමයි පළවෙනි එක, මුට්ටිය දාල බලපු...
      මේ පැත්තට ඇත්තටම කට්ටිය එනව අඩුයි ඩූඩ්... මෙහේ ලයිෆ් ස්ටයිල් එකත් අනිත් පැත්තට වඩා වෙනස්... තරගකාරී බව අඩුයි... පිරිසිදුයි... පිළිවෙලයි... ජනගහණය අඩුයි...
      ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් එක ගැන නම් කියල වැඩක් නෑ... මුලදි හරිම අමාරුයි කියන දේවල් තේරුම් ගන්න.... සමහරු නම් ඒ බව තේරුම් අරගෙන හෙමිහිට කියනවා.... එහෙම හිතන්නෙ නැති අය එක්ක කතා කරනකොට තමයි ගොඩක් අමාරු... දැන් නම් ගාණක් නෑ... මෙයාල දිග වචන කොට කරගෙන තමයි පාවිච්චි කරන්නෙ... එතකොට නොදන්න එකා තවත් අන්දමන්ද වෙලා යනවා... අකුරු තුනට වඩා දිග නමුත් එහෙමයි... අකුරු දෙකකට කොට කරගන්නවා...
      ඒ ෆොටෝ වලින් සමහර ඒවා මගේ ෆෝන් එකෙන් ගත්තුවා... වැඩිහරියක් ගූගල් දෙයියන්ගෙ ඉල්ල ගත්තුවා.... පෝස්ට් එක පල කළාට පස්සෙ තමයි ලින්ක් ටික දැම්මෙ නෑ කියල මතක් උනේ...

      Delete
    5. @ සෙන්නා,
      අනේ බං මං හිතන් හිටියෙ එංගලන්තෙ කියල... :D

      Delete
    6. @ දේශක යා,

      හික්..හික්..හික්...
      ඒවා දූපත් වගේද පේන්නෙ... ඒ උනාට දූපත් නම් නෙවෙයි... ඔය පේන ගොඩබිම් ප්‍රදේශ ඔක්කොම එකට සම්බන්ධයි.... පර්ත්වල මැප් එක බැලුවොත් තේරේවි ඔය ස්වෝන් ගඟ (කලපුව ) ගොඩබිම් ප්‍රදේශයේ බූවල්ලෙක් වගේ අඬු පඬු විහිදුවාගෙන ඉන්න හැටි....

      Delete
    7. මට මොහොතකට "වෙනස" පෝස්ට් එක අමතක වුනා.:)

      ඉතින් ලින්ක් දැන් දාලා එඩිට් කරපංකො. මමත් පෝස්ට් එකක් පබ්ලිෂ් කරලා පස්සෙ කීප වතාවක් එඩිට් කරනවා වැරදි අඩුපාඩු හදන්න.

      Delete
    8. @ ඩූඩ්,

      හැක් හැක්.. උන්ගෙ ඉංග්‍රීසි යැන්කියන්ටත් තේරෙන්නැත්නම් අපි ගැන කවර කතාද නේද ඩූඩ්..

      Delete
    9. අනේ ඔසියංගේ ඉංගිරීසිය...
      මැන්ටල් වෙනවා අපි වගේ ආධුනිකයෝ...

      Delete
    10. @ Dude,
      අනේ දෙයියො, උඹමනෙ මට අර කම්මැලි කුසලානෙ දුන්නෙ.... මං මේ දවස්වල ඒක දෑතින්ම බදාගෙන බං ඉන්නෙ.... ආයෙ ඉල්ලන්න නං එපා ඕං.... ;D

      Delete
    11. @ තරියා,
      ඔයාත් කැන්ගරු දේශෙ නේද ඉන්නෙ... හොඳට දන්නවනෙ එහෙනම්, ගොඩ බැහැපු හැටියෙ කියන දේවල් තේරුම් ගන්න බැරිව කන්න වෙන කට්ට... :D

      Delete
  2. ගොඩක් පින මියුරු මේ ගැන කීවාට..ඇත්තටම ගොඩක් රසවින්දා මේ සුන්දර දසුන් ටික..

    මට ආසම හිතුනෙ මූන්ලයිට් සිනමා එකයි රූෆ්ටොප් වෝක් එකයි..දවසක බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා ඔන්න..;)

    ReplyDelete
    Replies
    1. රස වින්දා නම් එච්චරයි මටත් ඕන රූ... මේක මෙහේ තියෙන මං ආසම තැන... මට ඕන උනේ ඒ මං දකින සුන්දරත්වයෙන් බින්දුවක් හරි ඔයාලට විඳින්න සලස්වන්න...

      මූන් ලයිට් සිනමා එකයි, ට්‍රී ටොප් වෝක් එකයි නම් ඇත්තටම ලස්සන අත්දැකීම් තමයි... බලන්න ඕන ලිස්ට් එකට දාගත්තු එක කෝකටත් හොඳයිනෙ.... ;D

      Delete
  3. නියමයි විස්තරය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්... ගොඩාක් විස්තර අඩු කරල, ඕනම ටික විතරක් කියල, පින්තූරෙන් අවබෝධයක් ලබාදෙන්නයි හැදුවෙ...

      Delete
  4. ත්‍රී ටොප් වෝක් එකනං එළට ඇති නේද? දාගන්න ඕන ලිස්ට් එකට හෙට යන්න.. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ ට්‍රී ටොප් වෝක් එක තව හොඳයි... තව තැන්වල තියෙනවා, ආයෙ කියල වැඩක් නෑ... ඒවා ගැනත් විස්තරයක් දාන්නම්කො, පින්තූරත් එක්ක, පස්සෙ... :D

      Delete
  5. ලස්සන විස්තරයක්!!! Tree Top Walk තියනවා Great Ocean Road යද්දිත්.
    පර්ත් කවදාවත් ඇවිත් නෑ. දැන් නම් එන්ට ආසා හිතෙනවා.:)

    ReplyDelete
    Replies
    1. මාත් එහේ යද්දි දැක්කා ඔයා කියන තැන... ඒත් මෙහේ ඒවා කිහිපයක ගිහින් තියෙන නිසා එච්චර උනන්දු උනේ නෑ එතැනට යන්න... මෙහේ දකුණට වෙන්න තියෙනවා තැනක්... ඒකෙ ගිහින් නම් කැරකිල්ලත් හැදුනා... විස්තරයක් දාන්නම්කො පස්සෙ...
      ඔයා ගොඩාක් තැන්වල ඇවිදලා තියෙන කෙනෙක් නිසා පර්ත් මග හරින්න එපා... ඇවිත් යන්න එන්න... අපිත් හැකි උදව්වක් කරන්නම්....

      Delete
  6. මියුරු කදිම විස්තරයක්...ස්තුතියි සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. ලිංග මාරුවක් කරල තියෙන්නෙ මියුරුට...

      Delete
    2. @ Naleen,
      ඔයාත් සමකය වටේ යන කෙනෙක් නිසා වෙලාවක ඇවිත් යන්න... සමකයේ ඉඳල එච්චර දුරක් නෑ.... ;D

      Delete
    3. @ Ano,
      හික්ස්... මාත් දැක්කා... ඒත් මං හිතන්නෙ නලින් දන්නවා මං ගෑණු පරාණයක් කියල....

      Delete
  7. නියමයි.... කවද යන් වේවිද දන්නේ නැහැ. සමහරවිට ලැබෙන එකක්ම නැහැ, ඒ නිසා මෙහෙම හරි දැනගන්න එක ලැබෙන එක වටිනවා

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා කෝරළේ කවදාවත්... ජීවිතේ ගොඩක් වෙලාවට අපි ප්ලෑන් කරල නැති දේවල් ලබා දෙන්නෙ පුදුමාකාර විදියට.. මාත් පුංචි කාලෙ මේ වගේ දර්ශන සංචාරක මැගසින්වල දකිනකොට කට ඇරන් ඒවා බැලුවෙ අනේ ඉතින් අපට කවදා මේවා හැබැහින් දැකගන්නද කියල හිත හිතා... බලන්නකො අද නැවතිලා ඉන්න තැන... ඔයාටත් කවදා හරි, අඩුම තරමේ මෙහේට සංචාරයක්වත් එන්න ලැබේවි... බලන්නකෝ උත්සාහ කරල....

      Delete
  8. හරිම සුන්දර තැනක් ගැන අපූරු විස්තරයක්. ස්තුතියි මියුරු අක්කා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ළිහිණි...

      Delete
  9. ෂහ්... අපේ ගෙවත්ත වගේමයි... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ,
      ආයෙ නොවේයැ රජාගෙ උයන උනාම...හික්ස්...

      Delete
    2. පොඩ්ඩි,
      hiks...

      Delete
  10. අපෝ ඒ ර්ටවල උන්ට මඩ නාන්නත් පාර්ක් යන්න වෙලා... ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද ? පාරට බැස්සත් මඩ නාන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒක නෙන්නම් යසිත්...හික්ස්..
      ඕක මඩ වලක් උනාට, ඔතැන සෙල්ලම් කරපු ළමයෙකුට මොකක් හරි අනතුරක් උනොත් හරි, ඔය වතුර නිසා ලෙඩක් හැදුනොත් හරි, එදාට ඔක්කොම ඉවරයි... නීති තද නිසා මෙතැන වහන්න විතරක් නෙවෙයි, ඒ ළමයට අස්ප ගණන් වන්දිත් ගෙවන්න වෙනව....

      Delete
  11. //...මුලින්ම මේ ගස් පෙල සිටුවා තිබෙන්නේ 1898 වසරේදී වික්ටෝරියා රැජිනගේ ජුබිලි උත්සවය සැමරීමටයි... පසු කාලයකදී ඒකට තවත් ගස් එකතු කර එම ගස් පාමුල එය සිටවූ වසර සහ හේතුව සඳහන් කරමින් පුවරු සිටුවා තිබෙනවා...//

    ලංකාවෙත් වික්ටෝරියාගේ ජුබිලි උත්සවයට ගෝර්ඩන් උද්‍යානය නිර්මාණය කෙරෙනවානේ. ඒක බලන්න යන්න බැරි එක තමා අවුල :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද හසිත... මට තේරුනේ නැහැනෙ... :(

      Delete
    2. ලංකාවේ තියෙන ගෝර්ඩන් උද්‍යානේ තියෙන කොළඹ රජ ගෙදර [ජනාධිපති මන්දිරය ගාවනේ] ඒක අධි ආරක්ෂිත කලාපයක්නේ

      Delete
    3. ලැජ්ජාවෙ බෑ හසිත, ඒක මං දැනගෙන උන්නෙ නෑ... බොහොම ස්තුතියි මේ විස්තරයට... ඒක අස්සෙ නම් තියෙන්නෙ ඉතින් ආයෙ කවදා බලන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ... :D

      Delete
    4. මෙන්න ඒ ගැන පොඩි විස්තරයක්

      http://eatuwawa.blogspot.com/2012/12/statue-of-queen-victoria.html

      Delete
    5. මේ ලින්ක් එකට ගොඩාක් ස්තුතියි හසිත... ඔන්න මං එහේ ගිහින් කමෙන්ටුවකුත් කොටල ආවා... මං වගේ මේ ගැන දන්නෙ නැති තව අය ඉන්නවා නම් හසිතගෙ බ්ලොග් පිටුවෙ ඒ ගැන ගොඩක් විස්තර තියෙනවා... ගිහින් බලන්න...

      Delete
  12. මේ ළඟදි පේරාදේණිය ගාර්ඩ්න් එකට ගිය නිසා ඒකයි මේකයි නිතැතින්ම සැසඳුනා මියුරු.... ඇත්තටම ඒකෙත් මේ වගේ වි‌ෙව්කීව ඉන්න පහසුකම් සහිත කොටසක් තියෙනවා... අර පිට්ටනිය හරිය.. කැම්පස් කපල්ස් ටොලරේට් කරන්න පුළුවන් නම් අවුලක් නෑ.. හි හි....

    ඒත් මට නම් එතන ලොකුම ප්‍රශ්නේ ඒකේ වාහන පාකින් වලට පහසුකම් නැති එක.. පාකින් එකක් ටිකක් ඈතින් හරි තිබ්බනං මාර වටිනවා...

    ReplyDelete
    Replies
    1. අර ගස් පේළිය දකිනකොට මතක් වෙනව තමා... මෙතැන නම් වාහන නවත්වන පහසුකම්, වැසිකිළි පහසුකම් උපරිමයට තියෙනවා.... කාර් පාක් ඕනෑ තරම්... ඒත් වැඩේ කියන්නෙ සති අන්තවලට, පාසැල් නිවාඩු කාලවලට හරි අමාරුයි පාකිං බේ එකක් සොයාගන්න... ඉතින් ගොඩාක් ඈත තියෙන එකක නවත්වලා පයින් එන්න වෙනවා, පුටු කෑම ජාති උස්සගෙන... අනවසර තැනක පාක් කළොත් දඩයක් අනිවාර්යයි...

      ඒ වගේම බස් සර්විස් එකකුත් තියෙනවා.... තව සිටි එක වටේ වැදගත් ස්ථානවලට සංචාරකයන් ගෙනියන හොප් ඕන්-හොප් ඕෆ් බස් සේවයත් තවත් සංචාරක බස් සේවාවකුත් තියෙනවා... ඒවා නවත්වන්නත් වෙනම පහසුකම් තියෙනවා...

      හැකි උනොත් පස්සෙ වීඩියෝවක් එක්කම තව විස්තර ටිකක් දාන්නම්කො.... මේ ස්ථානයේ තව ලස්සන තැන් ගොඩාක් තියෙනවා... :D

      Delete
  13. රස කතා මැද්දෙන් මේ වගේ සිරා පෝස්ට් දාන එකත් පැසසිය යුතුයි.

    >> එසේ උනත් ලෝඩ් ෆොරෙස්ට් මේ උද්‍යානය නම් කරල තියෙන්නෙ 'පර්ත් පාක්' කියලයි.... පසුව 1901 දී 7 වන එඩ්වඩ් බ්‍රිතාන්‍යයේ රජකමට පත්වීම සැමරීම වෙනුවෙන් මෙහි නම 'ඛින්ග්ස් ඵර්ක්' යනුවෙන් වෙනස් කර තිබෙනවා.... <<

    ඛෙත්තාරාමෙටත් ඕකනෙ වුනේ... ප්‍රේමදාස මහත්තයා නම දැම්මෙ "ඛෙත්තාරාමය" කියලා. පස්සෙ කට්ටිය එතුමාට උපහාර පිණිස ඒක "ආර්. ප්‍රේමදාස" ක්‍රීඩාංගනය කළා.. මටනම් අදටත් ඛෙත්තාරාමය කියන නම ලස්සනයි.. ප්‍රේමදාස මහත්තයා ආයෙ ආවොත් එතුමගෙ මුල්ම වැඩේ ඔය පිට්ටනියෙ නම වෙනස් කරන එක.. මොනවද ඔට්ටු ?? :D

    එතකොට අන්තිමට Kings Park වෙලා ඒකට කොහෙවත් ඉන්න එකෙක්ගෙ නම ආවා නේද ? ශිහ්...

    >> ඔය ඈත දකුණු පැත්තෙ පුංචියට පේන ප්‍රදේශයේ තමයි ඔබා මාමාගෙ ගෙවල් තියෙන්නෙ.... :ඪ් <<

    ඕකට :D එකක් දාලා මදි... දාහක්වත් දාන්න ඕනා. පට්ට විහිළුවක්නෙ.. ;D

    මේ වැඩේ දිගටම කරහන් මියුරු අක්කෙ. හරිද..?



    ReplyDelete
    Replies
    1. නම් වෙනස් කරපු එක දේසපාළු උවමනාවලට කරපු වැඩනෙ, දෙකම...හික්ස්.. මෙහේ කරන්න ඇත්තෙත් රජාව සතුටු කරන්න වෙන්නැති....

      ඔබා මාමගෙ ගෙවල් තියෙන පැත්ත පෙන්නපු එක විහිළුවක් නෙවේ සෙන්නා... ඒක ඇත්ත...හැබැයි සෑහෙන දුරයි... මං දන්නෙ නෑ ඔයා වෙනත් දෙයක් අදහස් කළාද කියල... මං එහෙම කිව්ව එක හරි නෑ කියල වගේ....ඒක හරි නෑ කියල වගේ හිතෙනවා නම් කියන්න... මං ඒක අයින් කරලා දාන්නම් හොඳේ....

      බලමුකො දිගටම කරන්න පුළුවන්ද කියල... අර මං නිතර ලියන විදියේ කතා නම් වැඩිහරියක් මගේම අත්දැකීම් නිසා බොහොම ඉක්මනින්, එක පාරින්ම ලියල ඉවර කලෑකි.... කතාව චිත්‍රපටියක් වගේ හිතේ මැවෙන නිසා... ඒත් මේව ලියන්න ගියාම එපා වෙනව... වස කම්මැලියි... සතුටු හිතෙන්නෙ ඔයාලගෙ ප්‍රතිචාර දැක්කම... ඒ අතින් අර ඔයා කරන වැඩේට තෑගි දෙන්න වටිනව.... කම්මැලි නැතුව විස්තර හොයල, ලින්ක් ටිකත් දාල, පින්තූරත් එක්ක රසවත්ව ලියනවට...

      බොහොම ස්තුතියි සෙන්නා...

      Delete
    2. ඔන්න නැට්ට පාග ගත්තා... මම කිව්වෙ, අර කුඩාවට තියෙන පොඩී මුල්ලක් පෙන්නලා කියනවා.. එහෙළු ඔබා මාමගෙ ගේ තියෙන්නෙ කියලා.. ඉතින් හිනා යන්නැද්ද බන්... පිස්සුද ඒක අයින් කරනන් ඕනා නෑ..

      මටත් දැන් එපා වෙලා ඉන්නෙ.. ඒවා ලියලා වැඩක් නෑ අප්පා.. ඒක නිකන් ෆිල්ම් හෝල් එකක වීදි නාට්‍යයක් පෙන්වනවා වගේ වැඩක්.. බලමු තව කොච්චර කරන්න පුලුවන්ද කියලා..

      Delete
    3. හී...හී..

      ඒයි... ඒක නම් නවත්වන්න එපා හොඳද... ගොඩ දෙනෙක් වර්ණනා කර කර ආසාවෙන් කියවපු එකක් ඔයාගෙ බ්ලොග් එක... සම්මානෙකුත් දුන්නෙ නිකම්යැ... ඔයාව තව තවත් දිරිගන්නවන්න, එව්වා ලියන්න... ඔයාටත් හිතට සතුටක් දැනෙන විදියට වෙනස් එව්වත් ලියන්න... එතකොට ඔහොම හිතෙන එක අඩුවෙලා යයි... ඔයාට එහෙම කතාත් බොහොම ලස්සනට ලියන්න පුළුවන්නෙ.... :D

      Delete
  14. හරිම ලස්සනයි අර Tree Top Walk එක තමයි හොදම... ප්ලෑනක් තියනවා ලබන අවුරුද්දෙ විතර ඇවිත් යන්න බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. එන්න, එන්න නදිනි... තව ගොඩාක් තැන් තියෙනවා බලන්න... :D

      Delete
  15. පර්ත් නගරයෙ තියෙන kings park ස්ථානයෙ සුන්දර දසුන්, විශේෂයෙන් මගෙ සිත ඇදුනේ ෆ්‍රේසර් ඇවන්‍යු එකේ දෙපස වවා තියෙන විශාල ගම් ගස් පේලි දෙකට.
    ඔයි තත්වෙට ගන්න කොයිතරම් මහන්සි වෙන්න ඇතිද!
    නියමෙට විස්තර කරලා තියනවා.
    ගොඩාක් ස්තුතියි මියුරු! :))

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ෆාතිමා, මෙහේ ගස් කොළං වවාගන්න සෑහෙන මහන්සි වෙනවා මේ මිනිස්සු... පස සරු නෑ... වැල්ලයි, කළු පාට මැට්ටයි තමයි තියෙන්නෙ... මේ වගේ තැන්වල ගාඩ්නිං කරන මිනිස්සු සෑහෙන මහන්සියක් වෙනවා ඒ ගස් ලොකු කරගන්න... ඒවා වැවුනට පස්සෙත් නොයෙකුත් උපද්‍රව... ලැව් ගිනි වගේ... එක සැරයක් මේ පාක් එකත් ගිනි ගත්තා සමර් එකේදි.... යාන්තම් වැඩිය පැතිරෙන්න කලින් නිවා ගත්තා...

      ඔයාටත් ස්තුතියි ෆාතිමා...

      Delete
  16. අර ලයිට් දාපු පින්තුරේ නම් හම්බන්තොට ටවුන් එක වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තද... කොහොමත් රෑට ලයිට් දාල තියෙනව කවදාවත් දැකල නෑනෙ සුජියා... හික්ස්...

      Delete
  17. පර්ත් පොඩි උනාට ලස්සන නගරයක්... හොඳට සැලසුම් කරල හදාගෙන යනවා... සිඩ්නි වගේ හැමදේම කලවම් වෙලා නැහැ... :)

    ReplyDelete
    Replies
    1. අහවලාත් මේ පැත්තෙද...? ඔයා කියන එක ඇත්ත... මේ පැත්තෙ සංවර්ධන කටයුතු තවම කෙරීගෙන යන නිසා හැමදේම වගේ අළුත්... සිඩ්නි, මෙල්බර්න් වගේ පරණ නෑ...

      Delete
  18. නියමයි මියුරු . . හරිම සිරා මේ විස්තර ටික.

    ඇත්තෙන්ම මේ බ්ලොග් කලාවේ සුවිශේෂත්වය ත් මේකයි.

    එක රටක ඉන්න සහෘදයෙක් ඒ රටේ දේවල් තැන ගැන අනෙක් අය එක්ක අදහස් පින්තූර අත්දැකීම් බෙදා ගන්න එක.

    මේ ලිපිය කියෙව්වාම සමහර විටෙක ඔසී වලට මයිග්‍රේට් කරන්න ඉන්න කෙනෙක්ට එහම ඇත්තෙන්ම ආසා හිතෙන්න පුලුවන් . . . .

    (අඹ ගෙඩිය වගේ තියෙන රට හොඳා තමා . . ඒත් නිදහසේ ජීවත් වෙන්න බැරි නම් ඒ හොඳේ මොකද්ද කියල .. හිතෙන එකෙක්ට මම කිව්වේ )

    ReplyDelete
    Replies
    1. //මේ ලිපිය කියෙව්වාම සමහර විටෙක ඔසී වලට මයිග්‍රේට් කරන්න ඉන්න කෙනෙක්ට එහම ඇත්තෙන්ම ආසා හිතෙන්න පුලුවන් . . . .//
      හී..හී... දුකාටත් එහෙම හිතුනද... මං නොකිව්වට මේ විස්තර ලියන්න පටන් ගත්තු එකේ එක යටි අරමුණක් ඒක.... ලංකාව පැත්තෙ ඉඳල එනකොට පර්ත් ළඟයි, අනිත් පැත්තට වඩා... අපි පර්ත්වල ඉඳලා මෙල්බර්න් පැත්තට යනකොට ලොකු ප්ලේන් එකක නම් පැය තුනහමාරක් විතරත්, පොඩි එකක නම් පැය පහක් විතරත් ගත කරන්න ඕන.... ඩේ ලයිට් සේවිං කාලෙට, ඒ කියන්නෙ සමර් එකට වෙලාවෙ වෙනස පැය තුනයි... නැත්නම් දෙකයි.... මේ පැත්තෙ ඩේ ලයිට් සේවිං කතන්දරේ නෑ... දෙපාරක්ම මත විමසුම් කළා එහෙම කරන්න... ඒත් යෝජනාව පරාදයි... ඉරිදට, පබ්ලික් හොලිඩේස් වලට කඩවල් අරින්න පටන් ගත්තෙත් ගිය අවුරුද්දෙ අන්තිම... මෙහේ මිනිස්සු ගොඩාක් ජීවිතේ නිදහසේ එන්ජෝයි කරනව කියන්න පුළුවන් අනිත් පැත්තට වඩා...

      //අඹ ගෙඩිය වගේ තියෙන රට හොඳා තමා . . ඒත් නිදහසේ ජීවත් වෙන්න බැරි නම් ඒ හොඳේ මොකද්ද කියල .. හිතෙන එකෙක්ට මම කිව්වේ //
      දැන් කාලෙ නම් මෙහෙම ගොඩ දෙනෙකුට හිතෙනවා ඇති තමයි.... ඔය අඹ ගෙඩිය දාල කොහේවත් යන්නෙ නෑ කියල පරසක්වල ගහ ගහ හිටපු කෙනෙක් තමයි අපේ ගෙදරත් ඉන්නෙ, අන්තිමට මෙහේ නැංගුරම් දැම්මට... හැබැයි මෙහේ ඇවිල්ල ජීවිතේ පටන් ගැනීම නම් එච්චර ලේසි නෑ... අවුරුදු දෙකක්වත් යනවා අමුම කට්ටෙන් ගොඩ එන්න... ඔයා කස්සගෙ බ්ලොග් එක කියවනව නම් ඒවා ඇති සැටියෙන් විස්තර කරල තිබුණා එයා... මෙහේ එන්න හොඳම කාලෙ තමයි, ඉතාම තරුණ කාලෙ තනිකඩයෙක් වශයෙන් ඉන්නකොට... එහෙමත් නැත්නම් කසාද බැඳල ජෝඩුව විතරක් ඉන්න කාලෙ ළමයි එන්න කලින්... :D

      Delete
    2. තරුණ කාලේ හිතුවේ කොහේවත් යන්නේ නෑමයි කියලා මියුරු. . .

      ඒත් දැන් එහෙම බෑ දැන් දරුවෙක්ගේ තාත්තෙක් . .

      අපේ කාලේ වගේ නෙමේ ඉස්සරහට ළමයි නිදහස කියන දේ මහ ඉහලින් අගය කරයි කියලා දැනෙනවා. අපේ කාලේ නම් "අසාධාරණේට විරුද්ධව කතාකරලා කලුගල් වල ඔලුව ගහ ගන්නේ නැතුව හිටින්" කිව්වම අපි අම්මලා තාත්තලා වැඩිහිටියෝ කියන දේ අහලා හිටියා. ඒත් අපේ ළමයි එහෙම ඉඳියිද?

      තාමත් අඹගෙඩිය වගේ තියෙන රටේ සිද්ධ වෙන්නේ අසාධාරණේට විරුද්ධ වෙන එකා මර්ධනය කරන එක.

      දියුනු රටවල වගේ නිදහස උපරිමයෙන් පාවිච්චි කරන්න ඉඩක් අපිට කවදාවත් ලැබෙන්නේ නෑ කියලා පේන්න තියෙද්දී ළමයි නැතිකරගනන්වද . . . අමාරුවෙන් හරි අඹ ගෙඩිය දාලා යනවද කියලා හිතා ගන්න බැරුව ළත වෙවී ඉන්නේ . .

      Delete
    3. //තරුණ කාලේ හිතුවේ කොහේවත් යන්නේ නෑමයි කියලා මියුරු. . .
      ඒත් දැන් එහෙම බෑ දැන් දරුවෙක්ගේ තාත්තෙක්//
      දරුවො ඉන්නකොට ඉතින් හැමදෙයක්ම කරන්නෙ දරුවො වෙනුවෙන්නේ... ඒතකොට අර ප්ලෑන් ඔක්කොම වෙනස් වෙනවා නේද... අපට උනෙත් එච්චරයි... දරුවො ලංකාවෙ තියෙන අධ්‍යාපන රේස් එකට දාන්න, යාන්තම් අකුරු ගැට ගහගන්න කාලෙ ඉඳන් ටියුෂන් යවන්න මගේ තිබ්බ අකැමැත්ත තමයි අපි මෙහෙට එන්න මූලිකම හේතුව උනේ... ලොකු නංගිලා අපට කලින් මෙහේ ආව එකත් ලොකු උත්තේජනයක් උනා...

      දරුවො කවදාවත් ඒ අසාධාරණකම් බල බල ඔතැන එල්ලිලා ඉන්න එකක් නෑ කියලයි මට හිතෙන්නෙ දුකා... යාන්තම් හරි පුළුවන් අය වෙන රටකට පැන ගනීවි.... මේ වෙනකොටත් වෙන්නෙ ඒකනෙ... ඔයාගෙ පුතා ලොකු වෙනකොට ඒක මහා පරිමාණයෙන් සිද්ද වේවි.... අපි දන්න පවුලක් ඉන්නවා මෙහේ පිරිමි දරුවො තුන් දෙනෙක් ඉන්න... ඒ තාත්තත් දුකා වගේ මැදපෙරදිග රටක සේවය කරල තියෙන්නෙ දරුවො පොඩි කාලෙ ඉඳලම... පස්සෙ ඒ ලෙවල් කරල ඉවර වෙනකොටම එක්කෙනා එක්කෙනා මෙහේ එව්වා... තුන්දෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා පුරවැසිකමත් අරගෙන...දැන් පවුලම මෙහේ...

      Delete
  19. ශා ලංකාවත් කවදා හරි රාජකීය තත්වෙට එයිනේ..... පර්ත් උයන නියමයි...මට අර මඩවලේ බැහැලා නටන්න හිතුනා

    ReplyDelete
    Replies
    1. එතෙන්ට ගියාම මටත් නම් එහෙම හිතුන පැතුම්... බලන්න ඕන අපිට වගේ ස්වාභාවික මඩ වලවල්වල බැහැල තිත්තයො ඇල්ලුව වගේ අත්දැකීම් නැති පොඩි එව්වො ඕකෙ බැහැල නටන සන්තෝසෙ... දුක හිතෙනව අප්පා...

      Delete
  20. ඔබා මාමා ගැන මතක් වුනා . අපි ඔය ස්වෝන් ගඟ ළඟ ඇවිද්දා .හැබැයි ඔය පාරක් එකට ගියේ නම් නැහැ . පර්ත් ලස්සන නගරයක් තමයි . සාමකාමී නිස්කලංක නගරයක් .

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් පර්ත් ගැන අත්දැකීම් තියෙනවනෙ නේද... මටත් මේක ලියද්දි දිගටම මතක් උනා... ඔබා මාම ඉන්න කාලෙ මං එයාට කිව්ව බින්දි, මේ පාක් එක ගැන ලියන්න කියල... බලනකොට එයා මෙතැනට ගිහින් තිබුණෙ නෑ... ඒක තමයි වෙන්න ඇත්තෙ... මොකද එයාල ඉන්න හරියෙ ඉඳල මෙතැනට ගොඩක් දුරයි.... ආයෙ එන්නකෝ... :D

      Delete
  21. ‍මියුරුගේ මේ පිංතූර ටිකිට් විස්තරයයි දැක්කම රජ්ජුරුවන්ගෙ උයන ගිහින්ම බලන්න හිතෙනවා..
    බලන් ගියාම බ්ලොග් ලියන වැඩිම පිරිසක් ඉන්නේ විදේශ ගතවයි. මියුරුත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්නම වටින තැනක් තමා දයා...

      විදේශගතව ඉන්න අයට තනිකම දැනෙනවා වැඩියිනෙ... ඒක වෙන්නැති ඒ අය වැඩි දෙනෙක් මේ වගේ බ්ලොග් ලියල හරි ඒ තනිකම මකාගන්න උත්සාහ ගන්නෙ...

      Delete
  22. නියමයි මියුරු.. Tree Top Walk මේක නම් ලස්සනට ඇති.

    ReplyDelete
    Replies
    1. ලස්සනයි තමයි චන්දන... ඒත් මෙහේ තියෙන අනිත් ඒවත් එක්ක බලනකොට මේක පොඩියි... මං පස්සෙ විස්තරයක් දාන්නම්කො රජ ට්‍රී ටොප් වෝක් එකක් ගැන.... :D

      Delete
  23. නොදන්නා විස්තරයක්.පර්ත් ගොඩක් ලස්සන පැත්තක් කියල කලින් අහල තියෙනවා. උද්‍යානයේ විස්තර දැනගත්ත. කවදා හෝ දවසක එන්න ලැබෙයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. උත්සාහය අත හරින්න එපා අසර්... කවදා හරි එන්න ලැබෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා....

      Delete
  24. ආයෙත් පාරක් ගියොත් බලන්නෝනා..
    නියම විස්තරයක්!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තරියා නම් කලින් ඇවිත් ගිහින් තියෙනව වගේ.... එහෙනම් ඊ ළඟ සැරේ ආවම ගිහින් බලන්නකෝ....

      Delete
  25. නියම විස්තරයක් මියුරු අක්කේ. පින්තූර ටික බලනකොට තේරෙනවා ලස්සන තැනක් කියල....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනළී... හරිම ලස්සන තැනක්...

      Delete
  26. ගොඩක් කරුණු ලියල.ස්තුතී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කස්සා... ඔයාට නම් ඔය නිවාඩු කාලෙක ඇවිත් බලල යන්න බැරියැ... ඔයාත් ඇවිදින කෙනෙක් කියල හිතුන ඔයාගෙ බ්ලොගේ කියවද්දි....

      Delete
  27. ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ මියුරු. ලස්සනම තැන් බලන්න හරිම ආසයි. ඒ වාසනාව මටත් තිබුනා. මේ ටිකේ ඇවිදීම කලේ නෑ. පැහැදිලි ලස්සන විස්තරේට ගොඩාක් ස්තූතියි. වෙලාවක බලන්න යන්නම්.

    ReplyDelete
    Replies
    1. එහෙම ඇවිදල පුරුදු උනාමත් හරි අමාරුයි නේද එක තැනකට වෙලා ඉන්න... විවේකයක් ලැබුණු ගමන් කොහේ හරි දුවන්නමයි හිතෙන්නෙ... මෙහෙත් බලන්න ඕන තැනක් තමයි චාන්දි... තවත් තැන් ගැන විස්තර දාන්නම්කො පස්සෙ...

      Delete
  28. දැන්වීමයි.. සිනාසීමෙන් කියවන්නන් තරබාරුවීම වැලැක්වීමෙ පරම අභිලාශයෙන් මියුරු සීරියස් ලිපි ලියන්න පටන් ගනී..

    ReplyDelete
    Replies
    1. හික්...හික්...හික්..
      කට්ටියට පොඩ්ඩක් ඔෆිස් එකේදි කියවන්න පුළුවන් වෙන්න එකක් ලිව්ව...

      Delete
  29. පින්තුර ටිකත් එක්ක විස්තරේ හරිම ලස්සනයි අක්කේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනූ....

      Delete