Total Pageviews

Sunday 2 December 2018

එක්තරා පිලිපීන ගැහැණියකගේ කතාවක්.......


අපි මෙයාට නීනා කියමු... නීනා කියන්නෙ මං වැඩ කරන තැනදි මුණ ගැහුනු අවුරුදු පණස්පහක් විතර වයස කෙසඟ, කොට පිලීපීන ගැහැණියක්... ඒ උනාට ඈ සුන්දරයි... වයසයි කියල නෑ එයා වැඩට එන යනකොට ඇන්දෙ කොට කලිසම්... ඒක නම් මහ අප්‍රසන්න දර්ශනයක්... ඒ කාලෙ අපි හැමදාම කෑම විවේකයේදි ආහාර ගන්නකොට වාඩිවෙන්නෙ එකම මේසෙ... ඒවා හරියට එක එක කණ්ඩායම් වලට ලියාදීල වගේ... අළුතෙන් කෙනෙක් ආවොත් තමයි වැරදිලා අර මේසෙක වාඩිවෙන්නෙ... මගේ අවධානය ඉස්සෙල්ලම මෙයාට යොමු වුනේ හැමදාම අපට අල්ලපු කෑම මේසෙ ඉඳගන්න මෙයාගෙ කෑම පිඟානෙ කොත ගහල තියෙන කෑම කන්දරාව දුටුව නිසා... අපේ ආයතනය විසින් විවිධාකාර කෑම වර්ග යම් කිසි ප්‍රමාණයක් නොමිලේ ලබා දෙනවා... මෙයා මේ ගොඩ ගහන් එන්නෙ ඒවා... ඒ උනාට මොකද එයින් බාගෙකටත් වැඩිය අන්තිමේදි විසි කරනවා...

පස්සෙ කාලෙක මං එයත් එක්ක තරමක සුහදතාවයක් ගොඩ නගා ගත්තා... ඊට පස්සෙ දවසක් අර වගේ කෑම විසි කරන්න යනකොට මං කිව්වා කන්න පුළුවන් තරමට බෙදාගත්ත නම් ඉවරයිනෙ කියලා... එතකොට එයා කියනවා කෑම දැක්කම ආස හිතිලා කන්න පුළුවන් වේවි කියලා බෙදා ගන්නවලු.... ඒ උනාට ටිකක් කනකොටම බඩ පිරෙනවලු... ඒ කතාවත් එක්ක ඇතිවුනු සුහදතාවය ඔස්සේ නීනා දවසක් මාව එයාගෙ අතීතයට එක්කන් ගියා...

මේ ඇගේ කතාව...


'අපි පුංචි කාලෙ හරිම දුප්පත්... අපේ පවුලෙ දරුවො දහතුන් දෙනෙක් හිටියා... අම්මටයි තාත්තටයි අපි ගැන සොයා බලන්න වෙලාවක් තිබුනෙ නෑ... එයාල ගොවිපොලවල නැහුණා... අපට හරි හමන් ඉන්න තැනක්වත් තිබුණෙ නෑ... පුංචිම පුංචි ගේ කෑල්ලක මැටි පොළොවෙ අපි පාළොස් දෙනෙක් රෑට බුදිය ගත්තා එක පේලියට... සමහර දවස්වල ඉස්කෝලෙ ඇරිලා ඇවිත් අම්මගෙන් කන්න දෙයක් ඉල්ලුවම අම්ම කියනවා අද කන්න දෙයක් නෑ, බඩ පිරෙන්න වතුර ටිකක් බීලා නිදියගන්න කියලා... එහෙම දවස්වලට ගෙදර පුංචි එවුන් ඔක්කොම වතුර බීලා බඩ තදවෙන්න තුන්කුදු ගැහිලා නිදා ගන්නවා... ඒ කාලෙ කන්න නොතිබුනු නිසා දැන් මේ කෑම දැක්කම කන්න ආස හිතෙනවා... ඒකයි බෙදාගන්නෙ...  ඒත් කන්න බෑ...

'මට හොඳට ඉගෙන ගන්න පුළුවන් උනාට මට උගන්වන්න අපේ අම්මටයි තාත්තටයි සල්ලි තිබුණෙ නෑ... ඒ නිසා වැඩි කාලයක් යන්න ඉස්සරින් ඉස්කෝලෙ ගමන නතර කරලා ගෙදර නැවතුනු මම, අම්මටයි තාත්තටයි උදව් කරන්න පටන් ගත්තා... ඔහොම ඉන්නකොට මට මිනිහෙක් මුණ ගැහිලා මං ඒ මිනිහත් එක්ක ගියා...'

'එතකොට වයස කීයද?' මං ඇයට බාධා කළා...

'පහළොවක් විතර ඇති... පවුලෙ කවුරුවත් මොකුත් කිව්වෙ නෑ... එක්කෙනෙක්ගෙ හරි බඩක් පුරවන එක අඩුවුනු එක ගැන සැනසිල්ලක් දැනෙන්න ඇති... ඒත් ඒ මිනිහා මාව කවදාවත් කසාද බැන්දෙ නෑ... මටත් එහෙම ඕන කමක් තිබ්බෙ නෑ...ඒ මිනිහගෙන් මට දරුවො දෙන්නෙක් ලැබුණා... කොල්ලො දෙන්නෙක්... ඒත් ඒ දරුවන්ට බඩ කට පිරෙන්න කන්න දෙන්න අපට පුළුවන් කමක් තිබ්බෙ නෑ...  අපි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ස්ථිර රැකියාවක් තිබුණෙ නැති නිසා මං පුංචි කාලෙ වගේම නොවුනට අපි කවදාවත් වේල් තුනක් කෑවෙ නෑ... එක දවසක් ගෙදර කන්නම දෙයක් නැතුව පොඩි උන් දෙන්නා හාමතේ ඉන්නවා බලන්න බැරි තැන, දරුවො දෙන්නා එහාට මෙහාට යනකම් ඉඳලා මං පොඩි පුතා හුරතලේට ඇති කරපු බලු පැටියව මරලා ඉව්වා...'

'මොකක්?' මට අදහ ගන්න බැරි වුණා... මගේ බඩත් එක්ක දඟලන්න පටන් ගත්තා පිළිකුලෙන්...

'ඉතින් වෙන මොනව කරන්නද කන්න දෙයක් නැති උනාම...? පොඩි පුතා ගෙදර ඇවිත් ඒක දැනගත්තම බිම පෙරලි පෙරලි ඇඬුවා... එයා කෑවෙ නෑ... ඒත් අනිත් අය කෑවා... එයින් පස්සෙ අවුරුදු කිහිපයක් ගියාම මගේ මිනිහ මාව දාල ගියා... මං දරුවො දෙන්නත් එක්ක තනි වුණා... දරුවන්ගෙ ඉස්කෝලෙ ගමනත් නතර වුණා... මං ගෙවල් ගානෙ ගිහින් කුලී වැඩ කළා... දවසට එක වේලයි කෑවෙ... මට ආපහු මගේ ගෙදර යන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ... එහේ ඊටත් අන්තයි...

'ඔහොම ඉන්නකොට දවසක් මගේ යාළුවෙක් මට කිව්වා ඩේටිං සයිට් එකක් ගැන... ඒකෙ හිටියෙ ඔක්කොම ඕස්ට්‍රේලියාවෙ මිනිස්සු... මගේ යාළුවා මට කිව්වා එයින් එක්කෙනෙකුට මේල් එකක් දාන්න කියලා ෆොටෝ එකකුත් එක්ක... ඒ යාළුවාම මගේ ෆොටෝ එකකුත් අරන් දුන්නා... එතැනින් මට හොඳයි කියලා හිතුනු තරමක් තලතුනා මිනිහෙකුට මං මගේ ෆොටෝ එකත් එක්ක විස්තරේ කියලා මේල් එකක් දැම්මා... ඒත් ඒ ගැන මට කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ... ඒ උනාට පුදුමයකට වගේ බොහොම ඉක්මනට ඒකට උත්තරයක් ලැබිලා තිබුණා... මගේ විස්තර වැඩිදුරටත් අහලා... මං කිසි දෙයක් හංගන්නෙ නැතුව කිව්වා... මගේ දරුවො දෙන්නා ගැනත්... අන්තිමේදි ඒ මනුස්සයා මාව කසාද බඳින්න කැමතිවෙලා මාවත් දරුවො දෙන්නත් ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න සියළු වියහියදම් දරලා සෑම දෙයක්ම කළා...'

'ඔයාට බය හිතුනෙ නැද්ද නොදන්න රටක කවදාවත් දැකලා නැති කෙනෙකුට තමුන්ගෙ විතරක් නෙවෙයි දරුවො දෙන්නගෙත් ජීවිත භාර දෙන්න...?'

'මට නැතිවෙන්න දෙයක් තිබුණෙ නෑනෙ... මට නැතත් දරුවො දෙන්නටවත් කලක් යාවි කියලා මං ප්ලේන් එකට නැගලා ඕස්ට්‍රේලියාවට ආවෙ අතේ සතේ නැතිව... මට තාමත් මතකයි ඒ මනුස්සයගෙ ෆොටෝ එකක් විතරක් අතේ තියාගෙන, බයේ ගැහි ගැහි ඇඟේ වෙලිලා හිටපු දරුවො දෙන්නෙකුත් එක්ක කවුරු හරි එක්කන් යන්න එනකම් එයාපෝට් එකේ බලන් හිටපු හැටි... මං එහෙම ඉන්නකොට දැක්කා මගේ පැත්තට එනවා බොහොම වයසක මනුස්සයෙක් හැරමිටියත් ඇන ඇන... මං අතේ තිබ්බ ෆොටෝ එක දිහා බැලුවම ඒ මුහුණෙ තිබ්බ හැඩහුරුකම්වල නෂ්ඨාවශේෂ මං ළඟට ආව වයසක මනුස්සයගෙ මුහුණෙත් තියෙනවා මං දැක්කා... මට තේරුනා එයා මට එවල තියෙන්නෙ එයාට වයස අවුරුදු පණහෙදි විතර ගත්තු පින්තූරයක්ය කියලා... මගේ ඉස්සරහ හිටපු මනුස්සයට අවුරුදු අසූවක් විතර ඇති...'

'ඔයාට මොකද හිතුනෙ?'

'මොනව කරන්නද...? අතේ සතේ නැති මං ආපහු යන්නද...? ඒ මනුස්සයා හලෝ කියල හිනාවෙලා මට කිස් එකක් දෙනකොට, මාළුවෙකුගෙ වගේ සීතලට ගෑවුනු තොල් නිසා මට දැනුනෙ වස අප්පිරියාවක්... ඒත් මං එයත් එක්ක ගියා ඒ හැම දෙයක්ම ඉවසගෙන... අන්තිමට ඒ මනුස්සයා මැරෙනකම්ම මං එයාට ආවතේව කරගෙන හිටියා... මේ රස්සාවට ආවෙ එයා මැරුණට පස්සෙ..'

ඒ මට නීනා එදා කියපු කතාව... දැන් මං කියන්න යන්නෙ ඊට පස්සෙ මං දැනගත්තු කතාව...

නීනා ඕස්ට්‍රේලියාවට ඇවිත් කසාද බැඳපු වයසක මනුස්සයට හොඳට සල්ලි තිබිලා තියෙනවා... එයා නීනටයි දරුවො දෙන්නටයි අත දිග ඇරලා වියදම් කරලා... අන්තිමේදි මෙයා Mahjong කියන සූදුවට පුරුදු වෙලා නවත්තන්න බැරුවම ගිහින්... අර මනුස්සයගෙ සල්ලි ඒවටයි ලස්සන ලස්සන ඇඳුම් වලටයි වියදම් කරලා තියෙනවා... නහයට ප්ලාස්ටික් සැත්කමක් පවා කරගෙන... ළමයි දෙන්නා හැදිලා තියෙන්නෙ එයාලට ඕන විදියට... අන්තිමට වයසක මනුස්සයා මැරෙණකොට එයාගෙ ගේ ලැබිලා තියෙන්නෙ මෙයාට... සූදුවේ ආනිසංස කොහොමද කියනවා නම් අන්තිමේ ගේත් විකුණලා පාරට බහින්න වෙලා තියෙනවා... ඊට පස්සෙ යාළුවෙකුගෙ ගෙදර ඉන්න ගමන් තමයි මේ රස්සාවට ඇවිත් තියෙන්නෙ... දරුවො එතකොට ලොකුයි... ලොකු එක්කෙනා බැඳලා පිලීපීන කෙල්ලෙක්ව... දරුවෙකුත් ඉන්නවා... මට ලේලිගෙයි මුනුබුරාගෙයි පින්තූරෙකුත් පෙන්නුවා... ලේලි හරිම ලස්සනයි... පොඩි පුතා විතරයි ඒ වෙනකොට මෙයාත් එක්ක හිටියෙ...

ඊට පස්සෙ මෙයා අර යාළුවගෙ ගෙදර ඉන්න ගමන් ඒ ගෙදර අර සූදුව කරවන්න පටන් අරන්... මේක පිලිපීන ගෑණුන් අතරෙ ගොඩක් ජනප්‍රිය එකක් නිසා සෑහෙන සංඛ්‍යාවක් එනවලු ගෙදරට... ටික දවසක් යනකොට ඒ ගෙදර අයිති යාළුවට මේක දරාගන්න බැරි තැන මෙයාට එහෙනුත් යන්න කියලා... ඒ ගමන පොඩි පුතා එයාගෙ යාළුවෙක් ළඟටත්, මෙයා ලොකු පුතාගෙ දරුවා බලාගන්නත් එක්ක ඒ ගෙදරත් ගිහින් නැවතිලා...

එක දවසක් මං වැඩ ඇරිලා එනකොට කවුදෝ කෙනෙක් ඇවිත් මගේ මූණට එබුණා... බලනකොට හිනාවෙවී ලස්සනට කෙල්ලෙක් වගේ ඇඳගෙන මගේ ඉස්සරහ හිටියෙ නීනා... එයා එයත් එක්ක හිටිය හරිම ලස්සන කෙල්ලෙක්ව මට හඳුන්වලා දුන්නා එයාගෙ ලේලි කියලා... මට ඇස් අදහා ගන්න බැරිව ගියා... ඒ ළමයා එච්චරටම ලස්සනයි... ළමයෙක් ඉන්නව තියා බැඳලද කියලවත් හිතන්න බෑ... එයා මට කිව්වා ලේලිත් එක්ක නයිට් ක්ලබ් යනව කියලා...

ඔහොම ඉන්න අතරෙ දවසක් මං ලිෆ්ට් එකට යන්න එතැනටම ගියාම ලිෆ්ට් එකේ කවුදෝ හිර වෙලා... බලනකොට නීනා... ලිෆ්ට් එක, එක තට්ටුවක නවතින්නෙ නැතුව ඉහළට පහළට යන්න අරන්... මේන්ටෙනන්ස් කට්ටිය අඬු පඬු ටික උස්සන් උඩටයි පහළටයි දුවනවා... නීනගෙ බොසුත් අතේ තිබුණු රේඩියෝවෙන් එයත් එක්ක කතා කරනව උඩට පහළට දුව දුව... අන්තිමේදි බොහොම අමාරුවෙන් ලිෆ්ට් එක නතර කරලා මෙයාව එළියට අරගෙන මෙඩික්ස්ලා ළඟට අරන් ගියා... මං ඒකට කැමැත්තෙන්ම සහභාගි වුණා... බලනකොට නීනගෙ ප්‍රෙෂර් එක හොඳටම වැඩි වෙලා... ගෑණි කොච්චර බය වෙලාද කිව්වොත් මගේ අත තද කරල අල්ලගෙන මට එයාව දාලා යන්න එපාය කිව්වා... මාත් හිටියා ළඟට වෙලා... අන්තිමේදි තත්වය පොඩ්ඩක් අඩු උනාම අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් ළඟට යන්න කියලා එයාගෙ ලොකු පුතා ගෙන්නලා නීනව එයාට භාර දුන්නා... මාත් එතැනට ගිය නිසා මං එයාගෙ පුතාව දැක්කා... කොණ්ඩයක් බැඳගෙන හිටපු ඒ මනුස්සයා බොහොම හොඳ පෙනුමක් තිබුණු කෙනෙක් උනාට මිනිහා මූණ හංගනවා වගේ මට පෙනුනෙ... මට ඇතිවුනේ මහ නොපහන් හැඟීමක්... අඩු තරමේ එයාගෙ අම්මට ප්‍රතිකාර කරපු මෙඩික්ස්ලට ස්තුති කරන්නවත් ඒකගෙ දිව නැමුනෙ නෑ...

ඊට පහුවදා නීනගෙ යාළුවෙක් එක්ක ඔය ගැන කතා කරනකොට මං එයාගෙ පුතාගෙ හැසිරීම ගැන කිව්වා...
'ඔයා හිතන්නෙ මොකක් නිසා එයා මූණ හැංගුව කියලද...?' ඒ යාළුවා මගෙන් ඇහුවා...
'මට නම් හිතාගන්න බෑ...'
'ඒකා කුඩු විකුණනවා... ඒ විතරක් නෙවේ නීනත් කුඩු ගහනවා...'
මට අදහා ගන්න බැරි වුණා... 'නෑ..!' මට කියැවුණා...
'ඔයා දන්නවද එයාගෙ ලේලි මොකක්ද කරන්නෙ කියලා...?'
'ම්හු..'
'එයා ප්‍රොස්ටිටියුට් කෙනෙක්..!'
මට ඉහළට ඇදපු හුස්ම පහළට දාන්න අමතක උණා... මට මැවිලා පෙනුනෙ ඒ ගෑණු ළමයගෙ ලස්සන...

ඊට ටික කාලෙකට පස්සෙ නීනව රස්සාවෙන් දොට්ට දැම්මා.... හේතුව වැඩ කරන වෙලාවෙ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටීම... එදායින් පස්සෙ එයා ගැන කිසිම ආරංචියක් නෑ...

නීනගෙ සැබෑ කතාව අහපු මට එයා ගැන ඇතිවුනේ කළකිරීමක්... හොඳ ජීවිතයක් ගෙවන්න ජීවිතය විසින් දෙවෙනි වතාවට ලබා දුන්න අවස්ථාව විනාශ කරගත් ගැහැනියක් විදියටයි මං ඈව දකින්නෙ... අනිත් අතට එයා විතරක් නෙවේ, පුතා ලේලි පවා එහෙම ජීවිතයකට වැටෙන්න බලපෑ කරුණු කාරණා මොනවා වෙන්න ඇද්ද...?


පින්තූරෙ ගත්තෙ http://www.theguardian.com/commentisfree/2012/aug/15/age-gap-soros-peoples-panel

20 comments:

  1. ලතාවක වියමනක්
    කියවන්න හිතයි
    දිගින් දිගටම
    හැබැටම සුන්දරයි

    ReplyDelete
    Replies
    1. මට හිතුනා මටත් කවි ලියන්න පුළුවන් උනා නම් කියලා, කවියෙන්ම මේකට උත්තරයක් දෙන්න. රස විඳින්න පුළුවන් උනාට ලියන්න බෑනෙ. බොහොම ස්තුතියි ඇනෝ.

      Delete
  2. පිල්ලියො ගොඩදෙනෙක් ඔහොම තමා..මම රට හිටපු කාලෙ නැවතිලා හිටපු ෆ්ලැට් එකේ අයිති නාකි අරාබි කාරයා කාලෙන් කාලෙට පොඩි පොඩි පිලිපීන කෙල්ලන්ව තියන් හිටියා.. උන් දුප්පත් කමට වෙන්නැති එහෙම එන්නේ.

    මේ ගෑනිනම් හම්බෙච්ච අවස්තා විහින් විනාශ කරගෙන, තමනුත්, දරුවනුත් විනාශ කරලා..

    ReplyDelete
    Replies
    1. මෑතකදි මේක බොහොම සරුවට කෙරීගෙන යන දෙයක් බවට පත්වෙලා තිබුනා මෙහේ. ඒත් මේ වෙනකොට ටිකක් අඩුයි වගේ. වැඩි හරියක් නාකි මිනිස්සු තමයි පොඩි කෙල්ලන්ව ගෙනාවෙ. සෙන්නා කිව්වා වගේ එකා කිහිප දෙනෙක් අරන් එනවා කාලෙන් කාලෙට. දැන් නම් පේන විදියට පිල්ලියොන්ගෙ ජනප්‍රියතාවය අඩුවෙලා ගිහින්. උන්ගෙ කටවල් සද්දයි, නපුරුයි කියලා කියනවා. ආපු දවසෙ ඉඳලාම සල්ලි ඉල්ලනවලු ගෙවල් වලට යවන්න. දුප්පත්කම නිසාම වෙන්න ඇති. අනිත් එක උන්ගෙ භාෂාව මෙයාලට තේරෙන්නෙ නැති හින්දා හෙන අවුල්. මොකක් හරි උනොත් අර මිනිහගෙ සේසතම හූරා ගන්න කට්ටියම එකතු වෙනවා. මං කියන්නෙ මෙහේ ඉන්න අනිත් පිල්ලියොත් ඒ වගේ දේවල් වලට, එකතුවෙලා හෙන සපෝට් එකක් දෙනවා. ඉතින් දැන් මේ මිනිස්සු ටිකක් බයයි වගේ ඒකට.

      නීනා ගැන නම් කියලා වැඩක් නෑ සෙන්නා.

      Delete
  3. I was working in Singapore, they had lot of Phill house maids. They will do anything for money. We had 6 guys in a share house, the house is full of Phill maids on Sundays, anyone can sleep anyone food drinks and around 50$ as taxi money. If you start to like love them, you are finished (you have to fund a small village in Phill)

    ReplyDelete
    Replies
    1. Very true. Thanks ano for the contribution.

      Delete
  4. මැණික් ගලේ පය වැදුනාට කනා ඇහිද ගනීද ?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මනෝජ්...

      Delete
  5. ඔව්වා පිල්ලො ගාව බහුල කතා. කුඩු කේස් එක දරුණු නිසා නේ අලුත් ජනාධිපතිය අමර නීති දැම්මේ.

    ReplyDelete
    Replies
    1. කුඩු කතාව නිසා එහේ කට්ටිය මැනිලා හරහා යන්නත් බයයි. දන්නෙම නැතුව කුඩු පැකට් බෑග් වලට ඔබලා, අහු කරලා දෙන අවස්ථාත් තියෙනවා කියනවා.

      Delete
  6. Replies
    1. මට ඒක මතක් උනේ නෑනෙ කකා. බොහොම ස්තුතියි මතක් කළාට. මං ඒ කතාවෙ ලින්ක් එකක් මෙතැනටම ඔබන්නම්, කැමති කෙනෙකුට කියවන්න.

      http://cloudmind.info/one-of-greatest-australian-scandal-how-to-marry-a-millionaire/

      Delete
  7. පස්සේ දිග කමෙන්ට් එකක් දානකම් (කැම්පස් එකේ ඉන්නෙ)

    ජපානෙත් පිලිපීන් ගෑණු ළමයි ගැන තියන stereotype එක තමයි, prostitution සහ සල්ලි උදෙසා විවාහ වීම කියන දේ. :(

    ReplyDelete
    Replies
    1. ඒ දිග ජපන් විස්තරේ අහගන්න ආසාවෙන් බලන් ඉන්නවා මානවී. :D

      Delete
    2. සමාවෙන්න ඕන පරක්කු උනාට. ටිකක් මහන්සියි මේ දවස් වල, ඉතින් ගෙදර ගියාම අමතක වුණා දිගටම.

      ගොඩක් කමෙන්ට් වල තියනවා නේ මේ සිදුවීම සාමාන්‍යයි කියල, නමුත් මට හරිම සංවේදී බවක් දැනුණා මේක කියවනකොට, විශේෂයෙන්ම ගැහැණු කෙනෙක් විදියට, තවත් ගැහැනියක් ගැන/එයාගේ දුක ගැන කියවනකොට අපි ටිකක් වැඩිපුර හිතනවනේ ඉතින්, නේද?

      ජීවිතේ දෙවැනි අවස්ථාවක් ලැබිලා ඒක නැති කරගනිපු එක නම් ඇත්තටම අපරාදේ, විශේෂයෙන්ම ජීවිත කිහිපයකම වෙනසක් ඇතිකරන්න තිබුණු අවස්ථාවක් නේ? සමහර වෙලාවට මිනිස්සුන්ට හරිම අමාරුයි පිරිහීමට හේතු වුනු නරක හේතුව පසුකාලීනව අත් ඇරගන්න. මට මේක කියවද්දී මතක් වුණා මම කැම්පස් එකේ වැඩ කරපු කාලේ නැවතිලා ඉඳපු බෝඩිමේ ඇන්ටි. කාටහරි සල්ලි වගයක් ඕන වෙලා එයා ගෙදර උකස් කරල ණයක්‌ අරන් දීල තියනව, ඒ මනුස්සයා මග ඇරපු නිසා ඒ ණය ගෙවන්නේ දැන් මේ ඇන්ටි. සල්ලි හිර වුණු ගමන් අපෙන් කීයක් හරි ඉල්ලනව බෝඩින් ෆීස් වලට හිලවුවට කියල. අන්තිමට අපි මාස දෙක තුනකටම හරියන්න එයාට ෆීස් ගෙවල තිබුණ. තව දවසක් හදිසියක් කියල අපෙන් දොළොස්දාහක් ඉල්ලුව, කොහොමහරි අපි තුන්දෙනෙක් හිටියා, ඉතින් එකතු වෙලා දුන්න. ඊළඟ සතියේ බලනකොට එයා දුවගේ උපන් දිනය වෙනුවෙන් පාටියක් දාල. එයාගේ සහෝදරියන්ට පේන්න තමයි මේ පාටි, එයා ලැජ්ජයි අක්කලට නංගිලට අඩුපාඩු දැනෙන්න අරින්න. පස්සේ මට හිතුණා ණය ගැන අපිට බොරුවක් වත් කිවුවද දන්නෙ නැහැ කියල, හැබැයි අපි ඒ බෝඩිමෙන් ගියාට පස්සෙ එයාගෙ ගෙදර උගස් වුණා කියල එක යාළුවෙකුට ආරංචි වෙලා තිබුණ, ඇත්තක්ද මඩක් ද දන්නෙ නැහැ ඉතින්, මොකද ආරංචිය කියල තිබුණේ ඇන්ටි ගේ අසල්වැසියෙක්.

      මම ඇත්තටම දිග කමෙන්ට් එකක් දාන්නම් කියල කිවුවේ, මගේ අත්දැකීම් ගැනම නොවෙයි, ඔයා ලියපු මේ කතාව ගැන. හැබැයි අත්දැකීම් ටිකකුත් එකතු කළා ඔන්න පහළ.

      අත්දැකීම් වශයෙන් ගොඩක් ලොකු විස්තරයකුත් නෑ, නිකම් අහපු දැකපු දේවල් තමයි. ජපානේ ඉන්න ශ්‍රී ලාංකික මිතුරියක් තමයි පිලිපීන උදවිය ගැන තියන ඔය මම උඩින් දාපු stereotype එක ගැන මුලින්ම අහල තිබුණෙ, එයාගෙ බබා day-care එකට දාන්න යනකොට. අපේ ප්‍රෝග්‍රෑම් එකෙත් පිලිපීන ජාතිකයෝ ගොඩක් හිටිය, ඇත්තටම ඔවුන් අධ්‍යාපන වැඩ වලට දක්ෂයි, උනන්දුයි, හැබැයි අපි වගේ නොවෙයි ඒ රටෙන්ම පාට්නර් කෙනෙක් හොයා ගන්න එක ගැනත් ටිකක් විතර උනන්දුවෙන් ඉන්නෙ (ලංකාවේ ඉන්දියාවේ වගේ ගැහැණු ළමයි විදේශීය කෙනෙක් එක්ක සෙට් වෙන්න ටිකක් බයයි/අකමැතියි නේ සාමාන්‍යයෙන්)

      වරක් අපි තුන් දෙනෙක් (පිරිමි ළමයි දෙන්නෙකුයි මමයි) ෆීල්ඩ් වර්ක් වලට ගිහිපු වෙලාවක, පළතුරු වගයක් කන ගමන් නිකම් ඔය south-east ආසියාව ගැන කතා කර කර හිටිය. එක පිරිමි ළමයෙක් පිලිපීන්, අනිත් කෙනා පැසිෆික් දූපත් වල කෙනෙක්, නමුත් එයත් පිලිපීනයේ වැඩ කරල තියනව. එයා එහෙ වැඩ කරනකොට වරක් ටිකක් වැඩිමල් කාන්තාවක් ඇවිත් එයාට කිවුවලු 'මගේ දුව ව බඳින්න කෝ ඔයා' කියල. ඔය වගේ අනං මනං තමයි කතා වුණේ. කොහොමහරි එයා තව කිවුව, තායිලන්තයේ එහෙම ගැහැණු ළමයි විදේශික පිරිමි ළමුන් එක්ක යාලු වෙන්නේ එලියට ගිහින් විනෝද වෙන්න/sex කරන්න/enjoy කරන්න වගේ හේතු වලට වුණාට, පිලිපීන් ගැහැණු ළමුන් විදේශිකයින්ට කැමති සල්ලි නිසා කියල.

      Delete
    3. මටත් ඔයාට වගේ කොයි තරම් සුලබ කතාවල් උනත් මේක දාන්න හිතුනෙ, කතාවට සංවේදී වුනු ගමන, ඒක හිතෙන් අයින් කරන්නම බැරි වුනු නිසා. අදාල පාර්ශ්වයන් ඔක්කොමත් දැක්කනෙ. මං මේ පෝස්ට් එක දැම්මට පස්සෙ එයා ගැන අහනකොට දන්න කෙනෙක් කිව්වා, නීනා සල්ලි වලට එයා දන්න කෙනෙක්ගෙ සහෝදරයෙක් කසාද බැඳලා, පස්සෙ වෙන් වුනා කියලා. හේතුව හිතාගන්න පුළුවන්නෙ.

      මගේ දුවගෙ යාළුවෙකුත් හිටියා, අයියාත් එක්ක ෆ්ලැට් එකක නැවතිලා තනිවම කන්න බොන්න හදාගෙන ඉස්කෝලෙ ගිය ගෑණු ළමයෙක්. හොඳට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි පුදුම කපටියි. කරන්නෙ එකක්, කියන්නෙ එකක්. අපේ අයට කපටිකම් තේරෙන්නෙ නැති හින්දා අර කියන ඒවට නිකම්ම අහු වෙනවා. හරිම භයානකයි. තාත්තයි අම්මයි වෙන් වෙලා, අම්මා ආපහු පිලීපීනෙ, තාත්තා ඩුබායිවල සිවිල් ඉංජිනියර් කෙනෙක් විදියට වැඩ කරලා මේ දෙන්නට සල්ලි එවනවා ඉගෙන ගන්න.

      ඔය පිලීපීන අයට හරියට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්. මට හමුවෙලා තියෙන අයගෙන් බොහොම කලාතුරකින් කෙනෙක් තමයි වැඩ වලට හොර කරන්නෙ.

      ඔයා කිව්ව තායිලන්ත අයගෙ කතාව ගැන මං ඒ හැටි දන්නෙ නෑ. හැබැයි මෙහේ මං දන්න කසාද බැඳපු, නොබැඳපු කියලා නෑ ඕනෑම පිරිමියෙක් තායිලන්තෙ ගියොත් එක සැරයක්, ආයෙ ආයෙ යනවා, එහේ ගැන හොඳ කිය කියා. :D පිලීපීන අය නම් කසාද බැඳලා නැති පිරිමි අයට අසවලාව කසාද බඳින්න, හැබැයි ලාස්ට් විල් එක ලියන්න එයාගෙ නමට කියලා ප්‍රසිද්ධියේ කියනවා මගේ කණටම ඇහිලා තියෙනවා. උන්ට ඒක ගානක්ම නෑ.

      Delete
  8. ලස්සන ලියමනක් .... සංවේදී කතාවක් ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ...

      Delete
  9. පිල්ලෝ කොහොමත් සෝබනේට බර එදා වේල් කාරයෝ...
    උන් ඇමරිකන් වෙන්න ගිහින් අන්තිමට ඇමරිකාවටත් වඩා ඇමරිකන් වෙලා නිසයි ඔය ඉරණම...
    ගෑණු ගැන දන්නේ නැහැ, සෞදි හිටපු පිරිමි හරහා තමයි උන් ගැන යමක් දැනගත්තේ...
    අඳින පළඳින හැමදේම බ්‍රෑන්ඩඩ්ම තමා...
    හැබැයි ඉතින් ඔන්න ඔහේ ෆන් එකේ ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා. වැඩි දෙනෙක් සෝබන කාරයො.

      ලොකු පුතා මේ කියූ දෙයින් නීනා ගැන තවත් දෙයක් මතක් වුනා. එක දවසක් මාත් එක්ක කෙඳිරි ගානවා ඊළඟ පඩිය එනකම් සල්ලි මදි කියලා. පඩි තිබුනෙ කලින් දවසෙ. මං ඇහුවා සල්ලි වලට මොකද කළේ කියලා. ඩොලර් 750 ගානෙ ලොටෝ සින්ඩිකේට් ලොතරැයි දෙකක් ගත්තලු, ඒ වෙනකොට ජැක්පොට් එක මිලියන ගානක් හින්දා. එයාගෙ මුළු පඩියම 1700ක් විතර.

      Delete