මං කලින් පෝස්ටුවල කියල තියෙනවනෙ අපේ ගෙදර කෙල්ලොම තුන්දෙනෙක් කියල.... අපි තුන්දෙනා රූපෙන් තුන් විදියක්.... අපේ අම්මා තල එළළු මනුස්සයෙක්... මම අම්මගෙ පාට... රූපෙනුත් අම්ම වගෙයි.... අපේ තාත්තා සුදුම සුදුයි..... ඒ කියන්නෙ තාත්තගෙ පාට රත්තරන් පාටට හුරු සුදු පාටක්.... (රෝස පාටට ළඟ සුදු පාටක් තියෙන කස්ටියත් ඉන්නවානෙ... ඒ සුද නෙවෙයි...) පවුලෙ කස්ටිය කියන්නෙ 'සුදු අයියා' කියලා.... ඒ පාට ගෑවිලාවත් ගිහින් තිබුණෙ ලොකු නංගිට විතරයි..... එයාගෙ රූපෙ තාත්තා වගෙයි....ඊළඟට චූටි නංගි.... කිව්වට විශ්වාස කරන්න, එයා අර අපේ ගෙදර ඒ කාලෙ හිටියා කිව්ව නැන්දා වගෙයි..... එයාගෙ මූණ ඒ නැන්දගෙ වගේම හාට් ෂේප් මූණක්... දිග නිකටකුත් එක්ක..... ඒ දවස්වල අහළ පහළ කස්ටිය නැන්දට කියනව,
'ඔයා කණ්නාඩියෙන් මූණ බලන්න ඕනෙ නෑ... මෙයා දිහා බැලුවම ඇති...' කියලා.
ඕකට නැන්දට නම් හරිම ආඩම්බරයි... ඒත් නගාට මළ...! එයාගෙ පාටත් නැන්දගෙ වගේම තද පාටක් හින්ද තවත් මළ...!! ඔය හින්දම තමයි නැන්දගෙ වැඩි සෙනේ මෙයාට ලැබුණෙ.... එතකොට නම් එයාට නැන්ද හොඳයි.... (ඔය නැන්ද අපේ ගෙදර ආවෙ මට මතක විදියට අම්මට චුටි නංගිව ලැබෙන්න හිටිය කාලෙ.... නේබරස්ලගෙ නිගමනය උනේ ඒ කාලෙ අම්ම උදේ හවා දැක්කෙ අපේ නැන්දගෙ ලස්සන මූණ නිසා නංගිත් ඒ වගේ උනා කියලයි.... ඒකෙ ඇත්ත නැත්ත නම් මං දන්නෙ නෑ... ඒත් බබාල ලැබෙන්න ඉන්න අම්මලා ලස්සන බබෙක්ගෙ පිතූරෙ නිතර දකින්න ඔය බිත්තිවල හේම ගහල තියෙන්නෙත් තමුන්ගෙ බබා ලස්සන වෙන්න කියලා නේද.... ඒක ඇත්තටම එහෙම වෙනවද කියලා දන්නෙ නැති උනත් අපේ නගා, නැන්ද වගේ වෙච්චි එකට කියන්න පුළුවන් එකම හේතුවත් ඕකම තමයි.... හොඳ වෙලාවට නැන්ද යකෙක් නොවුනෙ.... :) ).
අපි කස්ටියෙන් පුංචි කාලෙ අපේ ලොකු නංගිගෙ වැඩ කොල්ලෙකුගෙ වගේමයි.... ඒ කාලෙ අපේ ගෙදර ජනෙල්වලට ග්‍රිල් ගහල තිබුණෙ නැති නිසා ගෑනිගෙ ගමන් බිමන් ඔක්කොම කෙරුනෙ ජනෙල් හරහා.... ගෙයින් එළියට යන්න හිතුනොත් එතනම තියෙන ජනේලෙන් එළියට පනිනව... ගෙට එන්නෙත් ඒ පාරෙන්ම තමයි.... ඉතින් ජනෙල් පඩිය දිගටම දෙපැත්තෙන්ම කකුල් පාරවල්... ඒවා දකින දකින වෙලාවට අම්ම කෑගහනව.... ඒත් මෙයා සැලෙයි ඕවට.... අන්තිමට ජනෙල්වලට ග්‍රිල් ගහපු දවසෙ මෙයාට පුදුම දුකක් දැනුන කියල අදත් කියනව.... ඒකෙන් පස්සෙ තමයි ගෑණි ගෙදර දොරවල් හරහා එළියට ඇතුලට යන්න එන්න පටන් ගත්තෙ....
අපේ ගෙදර මිදුල වටේටම අඹ ගස් පහක් විතර තිබුණ.... ඒවා මධ්‍යම ප්‍රමාණයේ ගස් ඒ කාලෙ.... දැන් නම් මහා වෘක්ෂ රාජයො...... ඔය ගස්වල පහළ අතුවල එල්ලිලා වඳුරු පිනුම් ගහන එක මෙයාගෙ ලොකුම විනෝදාංශයක්..... ඔය කාලෙ කස්ටියට මතකද දන්නෙ නෑ, ළමා පත්තරයක් ආවා 'සූකිරි' කියලා.... මට මතකයි ඒ පත්තරේ පළවෙන දවසට තාත්තා තමයි ඕක ගෙදරට ගෙනාවෙ.... ඒ කාලෙ තාත්තා වැඩ කළේ ටිකක් ඈත පළාතක... වැඩ ඇරිලා එන්න රෑ වෙනවා.... අනිත් දවසට තාත්තා එන්න කලින්ම නිදා ගත්තට, ඔය පත්තරේ ගේන දවසට නම් කිරා වැටි වැටි බලන් ඉන්නවා තාත්තා ගෙදර එනකම්... පත්තරේ කියවන්න.... ඕකෙ තිබුණා කතාවක් දඟම දඟ වඳුරු පැටියෙක් ගැන..... ඒ කතාවෙ නම 'බුහුටිගේ නෑයෝ'... බුහුටි තමයි වඳුරු පැටියා.... ඉතින් මමත් අපේ වඳුරු පැටියව බෞතීස්ම කළා 'බුහුටි' කියලා.... තරහ ගියාම බුහුටි නිකම්ම නිකං 'බුහුට්ටා' බවට පත් වුණා.... ඉතින් ඔහොම ඉන්න අතරෙ එක දවසක් ගහපු පිණුමක් වැරදිලා ගිහින් බුහුට්ටගෙ අතට මොකක්දෝ උනා.... ලොකු දෙයක් නෙවෙයි... ඒ උනාට තාත්තා බය වෙච්චි පාර අර අඹ ගස්වල තිබුණ පල්ලෙහා අතු ඔක්කොම කපලා දැම්මා.... මට තවම මතකයි අපේ වඳුරු පැටියා මිදුලෙ ඉඳන් බුම්මගෙන ඇස් දෙකේ කඳුළුත් පුරෝගෙන තාත්ත අතු කපන දිහා බලන් හිටිය හැටි.....
ඔන්න ඉතින් අපේ චූටි නංගි පුංචිම පුංචි කාලෙ, ගෙදර එයාව බලාගන්න හිටිය කස්ටියට නිදහසේ ඒ වැඩේ කොරගන්න ලේසි වෙන්න අම්ම කළේ ලොකු නංගිවත් අම්ම ඉස්කෝලෙ යනකොට එක්කන් යන එක.... ඒ ගිහිල්ල හෝඩියෙ පන්තියෙන් වාඩිකොරල තියනවලු මොනා හරි ඉගෙන ගන්න.... ඉගෙන ගැනිල්ල කෙසේවෙතත් ගෑණි පැය බාගෙන් බාගෙට එනවලු අම්මව හොයාගෙන.... එන්නෙ මොනවටද... අර අම්ම උදේම බැඳගෙන යන කෑම පොට්ටනියෙන් කන්න... ඉතින් ඔහොම ඇවිත් පැය බාගෙන් බාගෙට විතර අරකෙන් ටික ටික කාල යනවලු.... ඒ දවස්වල අම්ම වැඩ කරපු ඉස්කෝලෙ තිබුණෙ අපේ ගෙදර ඉඳලා හැතැප්ම තුනක් විතර ඈතින්.... හරි හමන් ප්‍රවාහන සේවයක් නොතිබුණු නිසා ඔය දුර ප්‍රමාණය අම්මයි ඒ ඉස්කෝලෙ වැඩ කරපු අනිත් ගුරුවරුයි තරණය කළේ පයින්මයි.... ඉතින් අපේ නගාත් පාරෙ තියෙන ඉස්සරහට හම්බුවෙන ගල් ගෙඩිවලට පයින් ගහ ගහ, පාර දෙපැත්තෙ පඳුරු තල තලා තමයි යන්නෙ එන්නෙ... කස්ටිය කයිය ගහගෙන එන නිසා දුර ප්‍රමාණය නම් ඒ හැටි දැනෙන්න නැතිව ඇති.... ඒත් ඔය ටික පයින් ඇවිත් අපේ ගෙදරට එන්න තිවුනු කන්ද අද්දනකොට තමයි සංසාරෙ එපා වෙන්නෙ....
මම ගියපු ඉස්කෝලෙ තිබුණෙ අපේ ගෙදරට ළඟ නිසා මං ගෙදර ඇවිත් පැයක් විතර ගියාට පස්සෙ තමයි අම්ම නංගිත් එක්ක ගෙදර එන්නෙ....ඒ එනකම් මම බත් කන්නෙත් නැතිව පාර බලාගෙන ඉන්නව.....ඉතින් ඔන්න දවසක් මට පේනව අපේ ලොකු නගා අර කන්ද දිගේ දුවගෙන දුවගෙන එනවා..... ඒ කරලා දොරකඩ හිටගෙන හිටිය මාව නොදැක්කා සේ ගේ ඇතුලට ගියා... මං දැන් බලන් ඉන්නව අම්ම මතු වෙනකම්..... කන්ද අයිනට ගිහින් පාරත් බැලුව... අම්ම පේන මානෙක නෑ...... ඒ ගමන මං ගෙට ගිහින් නගාගෙන් ඇහුව,
'කෝ ලොකු නංගි අම්ම....?' කියලා.
ගෑණි කිසි කතාවක් නැතුව එයාගෙ පාඩුවේ වැඩ.... මට බයත් හිතුන අම්මට මොකුත් කරදරයක්වත්ද කියල.... දැන් නැන්දලාත් දුවගෙන ඇවිල්ල බලනව අම්ම පළාතකවත් නැතුව මෙයා මේ කොහෙන්ද පාත් උනේ කියලා....
මං ආයෙම ගිහින් කන්ද උඩට වෙලා පාර බලන් ඉන්නකොට මට පේනව ඈත අම්ම දුවගෙන දුවගෙන එනව ගේ පැත්ත බල බලා.... අම්ම ඈත තියාම දැක්ක මං කන්ද උඩ ඉන්නව....
'පුතේ... නංගි ගෙදර ආවැයි...?' අම්ම කෑ ගහල ඇහුව....
'අර ආවෙ....'
ඔන්න එතකොට තමයි අම්මගෙ ගමන් වේගය අඩු උනේ..... අනේ පව්... අම්ම පොළවටම බරවෙලා වගේ කන්ද අද්දනකොට මං දුවගෙන ගිහිල්ල අතේ තිබුණු බෑග් එකත් ගත්ත..... අම්මට හොඳටම හති....
'මේ ඇට්ටර කෙල්ල.... මාත් එක්ක රණ්ඩු වෙලා ඉස්කෝලෙන් එළියට බැස්ස වෙලාවෙ ඉඳලා දුවන්න පටන් ගත්තනෙ....'
මුලදි අම්ම හිතලා නැහැ මේ බඩුව ගෙදරම දුවයි කියලා..... අම්ම හිතල තියෙන්නෙ ටිකක් දුර දුවල නතර වෙයි කියලා.... දිවිල්ල නතර වෙන පාටක් නැතිකොට අම්මත් පස්සෙන් දුවලා.... මුලින් මුලින් ඈතින් ඡායාවක් වගේ පෙනුනු කෙල්ල ටික දුරක් යනකොට නොපෙනීම ගිහිල්ලා.... දැන් අම්මට ඇඬෙන්නත් එනවලු.... ඉස්කෝලෙ ඇරිලා ටික වෙලාවක් නිසා ඉස්කෝලෙ ළමයි කවුරුවත් ඒ වෙනකොට පාරවල්වල ඉඳලාත් නැහැ.... එහෙම හිටියා නම් කාව හරි යවන්නවත් තිබුණනෙ.... ඉතින් අම්මත් අඬ අඬා දුවලා ගෙදර එන යන පාර දිගේ..... මගදි හම්බෙන මිනිස්සුන්ගෙන් අහ අහා දැක්කද කියලා.... ඒ කවුරුවත් මෙයාව දැකලත් නැහැ..... කොහෙන් මොන පාරකින් ගෙදර ආවද කියල අද වෙනතුරු දන්නෙ නෑ.... ඒ වෙනකොට අවුරුදු පහක් විතර වෙච්චි මුන්ද දන්නවායැ ආපු පාර කියන්න.... කොහොම හරි පූරුවෙ වාසනාවක් තිබිල ගෙදරටම තමයි ආවෙ.... එදායින් එදා අම්ම උන්දව එක්කරන් ගියේ නැහැ ආයෙ ඉස්කෝලෙ..... ඒකෙන් උනේ එදා ඉඳල නැන්දලගෙ අපල කාලෙ ලැබුව එකයි....
හඃ මාර බඩ්ඩක්නෙ එයා.. කෝ දැන්... ?
ReplyDelete"ළමා පත්තරයක් ආවා 'සූකිරි' කියලා...." එ පත්තරේ අවේ කොයි කාලේද?..අම්මෝ ඔයාගේ වයස පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ ටිකදවසකින් කියන්නම් හික් හික් ..!!
ReplyDeleteඉතින් ඔයාගේ නංගි ඔයා තරම්ම දඟ නැද්ද? වෙනද කථා වගේම real කතාව
ජයවේව!!
sukiri ave 1979 vitara etakota matanam au.7 oka baluvenatnam kave naha vage tamai ave saduda hari brahaspatinda hari eka nisa mama hitanne meyatat au 39-41 vitara ati
ReplyDeleteසූකිරි කියලා ළමා පත්තරයක් ආවා අදමයි ඇහුවේ.. මේ ඇත්තටම ඒ කොයි කාලේ වගේද අක්කේ??
ReplyDeleteහික්ස්...ගස් නැග්ග කාලෙ මතක් උනා...මාත් වඳුරෙක් තමා ඉස්සර...
ReplyDeleteකෙල්ලො තුන් දෙනා ටිකක් ලොකු වෙන කොට වට පිට කොල්ලො පැණි හලපු කතා සීරීස් එක එන කන් මේ බලා ඉන්නෙ මං
ReplyDelete'තල එළලු' කියන්නෙත් 'සුදු' එහෙමත් නැත්තන් 'ෆෙයාර්' කියන එකේම ශේඩ් එකක් නේද?
බය වෙන්න එපා, පේන්ට් මික්ස් කරල අලුතෙන් ස්ප්‍රේ පාරක් ගහන්න නෙමේ ඇහුවෙ, නිකමට දැන ගන්න.
මළ කෙළියයි, කතාව එන්ජෝයි කරනවද නැද්ද නෙමේ කෂ්ටියට ප්‍රශ්නෙ දැන් මියුරු ගේ වයස. හිකිස්....
කොල්ලනේ 'මියුරු නැන්දෙ' කියල කතා කොරහල්ල. [සතුරෙක් ඇති කර ගත්තද මං]
@ Senna,
ReplyDeleteඑයා දැන් ඉන්නෙත් කැන්ගරුදේශෙ... උන්දැට දැන් පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.... දුව එයා පුංචි කාලෙට වඩා හපන්.... කෙල්ල පුටුවල ඉන්නෙ ඔළුවෙන් හිටගෙන.... කවුරුහරි බිත්තියකට හරි කොහේට හරි අතක් ගහගෙන හිටගෙන හිටියොත් ගෑණි ඒ අතේ එල්ලිලා ඔන්චිලි පදිනවා.... :D
@ අසරණයා,
ReplyDeleteඅනේ පලයං බං යන්න.... බොට වෙන වැඩක් නැත්තං අර ඔබා මාමා කියනවා වගේ චූ කරල ගිහිං නිදාගනිං.... :D :D
@ sapare,
ReplyDeleteඅපෝ එච්චරම නෑ... තව චුට්ටක් අඩු කරන්න.... :D
දැන්..ඔය යොදිගේ මහත්තයා දෙයියනේ කියල යහතින් ඉන්නව ඇති නේද....අනේ..ඒ අයියට...සියලු දෙවිදෙවතාවුන්ගේ පිහිටයි...ඇයි හත්වලාමේ..ඔය පොරි සාද අක්කන්ඩිත් එක්ක ඉන්නව කියන එක ලෙසිපහසු කාරියක් යෑ..නේද අක්කේ...
ReplyDeleteහරි ශෝක්! හෙහ් හෙහ්! දැන් එයාගෙ මහත්තයා කොහොම ඉන්නවාද දන්නෙ නෑ?
ReplyDeleteආස හිතෙනවා කියවන්න..:) ෂෝක් පෝස්ට් එකක්...
ReplyDeleteමට හිතුනේ එයා ලස්සන ඇති කියලා. තද පාට, හදවතක හැඩයක් තියන මූනක් එක්ක. :)
ReplyDeleteඑයා බැඳලද?
@ Dinesh,
ReplyDeleteමට නම් හරියටම මතක නෑ මල්ලි... ඔය උඩ කියල තියෙන විදියට නම් 1979 කාලෙ... ඒ කාලෙ හරිම ජනප්‍රිය පත්තරයක්....
@ වින්චැට්කිරිල්ලි.,
ReplyDeleteමාත් ගස් නැග්ගා... ඒත් අපේ නගා වගේ වඳුරු පිණුම් ගහ ගහ නම් හිටියෙ නෑ.... :D
බොහොම ස්තුතියි කමෙන්ට් එකට...
@ Raj,
ReplyDeleteහික්ස්... එයාගෙ ඒ පෝරිසාදකම් තිබුණෙ ජම්බු ගහෙන් වැටනකම් විතරයි.... ඉන් පස්සෙ උන්දැ හෙන නිස්සද්ද විලියොං කෙනෙක් උණා, දන්න කියන හැමෝටම පුදුම හිතෙන තරමට....බලන්නකො මස්සිනාගෙ වාසනාව....!!
වැඩි විස්තර පසුවට...
@ විසිතුරු | visituru,
ReplyDeleteනගා නම් හීලෑ උනානෙ ඊට බොහොම කලින්ම.... ඒ උනාට උන්දලට දැන් ඊටත් හපන් කෙළි පොඩ්ඩියෙක් ඉන්නවා.... :D
@ Observer,
ReplyDeleteහයියෝ... ඔබා මාමා මග හැරිලා ගිහිල්ලනෙ... තව පොඩ්ඩෙන්...!!
ඒ සීරීස් එක ළඟදිම රස විඳින්න පුළුවන් වෙයි... හික්ස්...
මේ ටෑං කියන්නෙ.....අන්න ඒ ටෑං......ඉපදෙන්න කලින්ම සැලූන් එක හරහා ගිහින් ඔය කියන ස්ප්‍රේ පාරක් ගහගෙනමයි ඇවිත් තියෙන්නෙ...... :D
ඒකනෙ කියන්නෙ... මේ වල් කොල්ලොන්ට ඕන්නැති රෙද්දක් නෑ...
ආන්නාන්න.... ඔබා 'මාමත්' නෝටියා වෙන්න හදනවා.... :D :D
@ Kanishka | කණියා,
ReplyDeleteතැන්කූ මලේ... :D
@ Podi Kumarihami,
ReplyDeleteඑහෙම මූණ තියෙන්නෙ අපේ චූටි නංගිගෙ... ලස්සනයි තමා... (රහසෙන්: එයා මේ පැත්තෙ එනවා ඉඳ හිට )
දැන් ඔක්කොම බැඳලා ළමයිත් ඉන්නවා.... චූටි නගාට නම් එක්කෙනයි.... මං එයාට චූටි නංගි කියනව අහං ඉඳලා මගෙ යාළුවෙක් එයාව ඉස්සෙල්ලම දැක්ක දවසෙ කිව්ව 'හොඳ චූටි...' කියලා.... :D
ඔය නගාගේ කෙළි පොඩ්ඩි ගැන කියදිදි ඉතින් කියන්ඩ තියෙන්නේ, ගහේ කටු උල්කරන්ඩ ඕනා නෑ කියලා තමා..
ReplyDeleteඒ ඇට්ටර කෙල්ල බ්ලොග් ලියනව නම හරි බලනවා නම හරි මේ ඇට්ටර කෙල්ලත් එක්ක කෙහෙවලු පටලගෙන.
ReplyDeleteපොච්චියේ අපේ නගාත් මේ විදිහම නොවැ.එයානම් තාමත් හැදිලා නෑ. :))
ReplyDeleteඅර ජම්බු ගහෙන් වැටෙනව කිව්වේ ..
ReplyDeleteපේර ගහෙන් වැටෙනව වගේමද ...?
අර ජම්බු ගහෙන් වැටෙනව කිව්වේ ..
ReplyDeleteපේර ගහෙන් වැටෙනව වගේමද ...?
ඔයා කියපු එක ඇත්තයිනේ.. ඔන්න මගෙ මේ කමෙන්ට් එකත් ඩබල් වෙලා.
ReplyDeleteඅපේ ගෙදරත් අඹගස් 5ක් තියෙනවා... අම්මා මාව ඉසකොලෙත් එක්කන් යනවා.... කලිසං කොටේකුත් අන්දවගෙන... හැබැයි ගස් නගිනවට අම්මා මොකුත්කියන්නෙ නෑ... එයාට ඔනෙ උණාමත් මට තමා කියන්නෙ නගින්න කියලා...
ReplyDeleteඅම්මෝ ලොකු නගාට මොකවත් කියන්න බෑනේ. අපිත් ඉතිං එයාට දෙවැනි නෑනේ.
ReplyDeleteඅපේ නංගිත් ඔයිට දෙවෙනි නෑ! :) අපෙ අම්මා කියනවා කොල්ලෝ දෙන්නෙක් හැදුවා ඒත් මෙච්චර අමාරු උනේ නෑ කියලා!
ReplyDeleteකෙල්ලෝ තුනයි කිව්වට කෙල්ලෝ තුනයි කොලු බාගයයි වගේ!
ReplyDeleteඅද තමයි මේ පැත්තේ ගොඩවෙන්න චෑන්ස් එකක් ලැබුනේ......
මොනව උනත් ගෙදර ජීවිතේ හොඳට විඳල තියෙනව වගේ කට්ටිය.
ReplyDelete//ඒවා මධ්‍යම ප්‍රමාණයේ ගස් ඒ කාලෙ.... දැන් නම් මහා වෘක්ෂ රාජයො...... //
ReplyDeleteමියුරුගේ වයස පිළිබද දැන් සිතාගත හැකිය.
ඔයවගේ සීන් එකක් අපේ අක්කගෙ දුවටත් උනා. යන්තම් බහතෝරන කාලෙ ගෙදරින් එලියට බැහැල ගොඩක් දුර ගිහිල්ල අන්තිමට දන්නකියන මණුස්සයෙක් තමයි එක්කගෙන ආවෙ. හොදම වැඩේ කියන්නෙ ඒ වෙනකනුත් අක්ක දන්නෙ නෑ.
හක හක.. පොඩි කාලේ මතක් වෙනවා අප්පා...
ReplyDelete@ Senna,
ReplyDeleteඒක නේන්නං... දැන් ඒ කාලෙ කරපුවට පොලී පිටින් හම්බවෙනවා.... :D
@ දූපත් වැසියා,
ReplyDeleteඋන්දැ එනවා නේන්නං මේක බලන්න... මේ දවස්වල ලංකාවෙ... හොඳටම බිසී... ඒකයි මං මේ කාලෙම අල්ලල කතාව දැම්මෙ... දැන් ඉතින් එයා එනකොට පෙරහැර ගිහින්..... :D
@ නිසුපා ,
ReplyDeleteඑහෙනම් ඔයාට නගා ගැන කියලම බ්ලොග් එක පුරවන්න පුළුවන් ඇති.... :D
@ kumaraya,
ReplyDeleteඒ කියන්නෙ පේර ගහෙන් වැටුනාම මොනවද වෙන්නෙ...? ඒක ඉස්සෙල්ල දැනගෙන ඉන්න එපායැ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න....
මොකද මලේ ඩබොල් දාලම යන්නෙ... ඔන්න මේ සැරේ නම් එහෙම්ම තියෙන්න අරිනවා....
@ නරකයා...,
ReplyDeleteඑහෙනං නරකයාට නරක් වෙලා නෑ.... :D
@ බට්ටි,
ReplyDeleteඔය අහුවෙන්නෙ තව කස්ටිය.... :D
@ Sabith,
ReplyDeleteඑහෙනං සාබිත්ටත් ඕනතරම් දේවල් ඇති නගා ගැන කියන්න...
අපේ ගෙදර කොල්ලො නැති අඩුපාඩුවටනෙ ඔය.... :D
@ kandyan,
ReplyDeleteඒක නේන්නං...
බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට....
@ 108543860788859599679,
ReplyDeleteඒක නම් ඇත්ත... ලස්සනම ලස්සන ළමා කාලයක් තිබුණ මට කවිකාරියේ....
@ රාජ්,
ReplyDeleteඅක්කට වස ලැජ්ජාවක් හිතෙන්නැති කස්ටිය හිතයි කියලා හරියට දරුවව බලාගන්නෙ නෑ කියල.... ඒ එක්කම දරුව කොහොමින් හරි ගෙදරට ආව එක ගැන ලොකු සැනසීමක් දැනෙන්නත් ඇති....පුංචි එව්වන්ගෙ හැටි තමයි...
අර අනිත් කියපු එකට ආයෙ උත්තර බඳින්න යන්නෙ නෑ මං ඕං... මොකටද නිකං තියෙන පුx හුණු ගාල සවුත්තු කරගන්නෙ.... :D
@ lahirucc,
ReplyDeleteඔයාත් පොඩි කාලෙ මේ වගේ වැඩ කරල තියෙනව වගේ....
පුදුම නංගි කෙනෙක් නේ.
ReplyDeleteඅවුලක් නෑ. කොල්ලෙක් නැති අඩුව වත් නඟා පිරිමහලා තියෙනවා නේ.
හප්පේ බුහුට්ටි තාමත් එහෙමද...මම ඔය වඳුරු පිලුම ගැහුවේ පේර ගහේ....ඒ කාලේ ගස් නැගපුවා මතක් උනා...ආසම පේර අත්ත අල්ලගෙන උඩ පනින්න..ටික වෙලාවකින් ඔටෝම උඩ යනවනේ අත්ත එක්ක..මගේ ඔළුව පේර ගෙඩියක් වගේ ගෙඩි ගැහුනා දවසක් අත්ත ඇතෑරිලා බිම පත බෑවිලා.....
ReplyDeleteමේ මොනවා අහනවද ... මමත් ඔන්න ලිව්වා කතා දෙක තුනක්...
ReplyDeleteඅදයි සෙට් වුනේ... නියම කතා ටික. හිටිංකෝ නිවාඩුවක් හම්බුවෙනකං...
ReplyDeleteදැන් ඉතිං ඔයා ඔය ගස් ගානේ නැග්ගේ නැද්ද...? හරි නම් අක්කලා කරන්න ඕනේ එහෙම. අපි නම්, අපේ මල්ලි ගහේ අත්තකට නැග්ගොත් අපි නගිනවා කොහොම හරි කරලා ඊට උඩ අත්තට...
@ මධුරංග,
ReplyDeleteආයෙත් අහලා..... :D
@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteමමත් කළා ඒ වැඩේ... හැබැයි මොන ගහක අත්තකද කියල මතක නෑනෙ... වැටුනෙ නම් නෑ.... :D
@ prasanna86k,
ReplyDeleteආයෙ පොඩි එකෙකුට සෙකන්ඩ් වෙන්න පුළුවනෑ නේද....
මමත් ගස් නැග්ගා.... හැබැයි තරඟෙට නැග්ග බවක් නම් මතක නෑ....
බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.... නිවාඩු පාඩුවෙ කියවලා බලන්නකෝ.... :D
මහා ඇට්ටර කෙල්ලෙක්නේ ඔයාගේ නංගා
ReplyDeleteපවුලේ කොල්ලෙක් නැති එකේ අඩුව ගානට පිරිමහල තියෙන්නේ...
@lahirucc,
ReplyDeleteඔන්න අපිත් ඒ පැත්තෙ ගිහින් සළු වෙලා හෙම ආව.... :D
@ ලොකු පුතා,
ReplyDeleteඒ ගැන නම් කියල වැඩක් නෑ..... :D
ඔව් ඔව් සලකුණු තිබුණා.. අපිත් මෙහේ සළුවෙනවනේ ලෙසටම
ReplyDeleteජනෙල් හරහා ගමං බිමං කරනව කිවුවාම මතක් උනේ . . . මම දන්න ගෑනු ලමේකුත් හිටිය කෝට්ටෙ පැත්තෙ, යක්කු ගස් ගියාට පස්සෙ පාන්දර එකට විතර ජනේලෙං එලියට එන . . . කෙල්ල එතකොට නමය වසරෙද කොහෙද . .
ReplyDelete@ lahirucc,
ReplyDeleteහික්ස්....
@ ඕනයා,
ReplyDeleteහනේ ඕනයෝ... බෝ රෑ වෙනකම් ඉඳලා කෙල්ල පැන්නුවද ජනේලෙන්.....සංදුක්කාරේ....
මෙකෙන් නැන්දගෙ වයස මාට්ටු ද මන්දා... හික් හික්...
ReplyDeleteඕනයා : යකෝ තෝ කරපු තරමක් බාල අපරාධ නෙව
නැන්ද බැරි නම් අම්ම කිය... මොකෝ වෙන්නෙ බලන්ට.... ;D
ReplyDeleteමටත් දැන් මාර පුරස්නේ හරියටම මියුරු අක්කාගේ වයස 36.මට ඉන්නවා අවුරුදු 33 වයස නැන්දා කෙනෙක් එහෙව් එකේ අක්කට නැන්දා කිව්වට පව් නෑ වගේ....ඕවා ගනන් ගන්න එපා හලෝ හැමෝම වයසට යනවනේ.
ReplyDeleteකියන්න තියෙන්නේ අති විශිෂ්ටයි නන්දක්කේ....
(නැන්ද+අක්කා සන්ධි කිරීමෙන් මේ විශිෂ්ට සොයාගැනීම සිදු කල වගයි)
ජය වේවා......
@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteමට වයස හංගන්න ඕන නං පුතේ මෙච්චර සාක්කි දාවියැ මං දාන පෝස්ට්වල... මම දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් බවත් මං එලිපිටම කියල තියෙනව මුල ඉඳලම.... නැන්ද නෙවේ ලොකු අම්ම කිව්වත් සැලෙයි මං.... :D
හයියෝ :( අක්කට තරහ ගිහින් හි හි ගනන් ගන්න එපා හැමෝම කියපු එකේ මාත් කියලා බැලුවේ ඉතිං සොරි හොදේ
ReplyDelete@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteDon't take arithmetic, honey... No problem... :D