Total Pageviews

Thursday 29 December 2011

''කේන්ති යන්නැද්ද මහත්තය... මං කියල මොනව කොරන්නෙයි....'

මේ කියන කාලෙ මං කැම්පස් යන ගමන් මගේ දෙවෙනි රස්සාව කරනව... එතකොට මට යාන්තම් අවුරුදු විස්සක් විතර ඇති... අපරාදෙ කියන්න බෑ ඒ කාලෙ මගේ බොස්ලා නිදහසේ ඉගෙන ගන්න වැඩ ටික කරගෙන යන්න මට උපරිම නිදහස දීලයි තිබුණෙ... හැබැයි කොහොම හරි දවසේ වැඩ කොටස ඉවර කරන්න ඕන.... එදිනෙදා වැඩ ටික නම් මට කරදරයක් උනේ නෑ... ඒත් සමහර වැඩ නම් වෙලාවට කර ගත්තෙ සති අන්තෙ වැඩ කරල.... මං නැති අතරෙ එන හදිසි වැඩ කරල දුන්නෙ මගෙ යාළුවො.... ඒ කාලෙ මේ යාළුවන්ගෙන් මට ලැබුණෙ පුදුම සහයෝගයක්... ඒ වැඩිදෙනෙක් මට වඩා අවුරුදු දහයකටත් වැඩිය වැඩිමහල් විවාහකයො.... පොඩි එකා නිසා මට හොඳට සැලකුව.... ඒ යාළුකම් කිසිම වෙනසක් නැතිව අදටත් තියෙනව...

Sunday 25 December 2011

'මේව නං එයි....'


ඉස්සෙල්ලම කියන්න ඕන මේ සිදුවීම නම් මගේ අත්දැකීමක් නෙවෙයි කියන එක.... මේක ඇත්තටම මගේ යාළුවෙකුගෙ බොස් කෙනෙක්ගෙ අත්දැකීමක්.... මේ යාළුවා වැඩ කරන්නෙ මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක.... හැබැයි අර මං කලින් වැඩ කළාය කියපු එකේ නෙවෙයි, වෙනින් එකක.... ඒ දෙපාර්තමේන්තුවේ නම් මේ කතාව ටිකක් ප්‍රසිද්ධයි කියපු නිසා පසුබිම් විස්තරය මෙතැනින් නවත්වන්නම්.... නැත්නම් මගේ යාළුව මේක කියෙව්වොත් හේම ජාලය හරහා අත දාල මගේ බෙල්ල මිරිකයි.....

මේකයි කතාව.....

Wednesday 21 December 2011

යාළුද කියල බලපු හැටි........

මම ඉස්කෝලෙ ගිය පළමු අවුරුදු පහේ ඉගෙන ගන්න ගිය කණිෂ්ඨ විද්‍යාලයේ පන්ති තිබුණෙ බිංදුවෙ ඉඳල පහට යනකම් විතරයි....මේ ඉස්කෝලෙ ඒ පළාතටම තිබුණු හොඳම කණිෂ්ඨ විද්‍යාල වලින් එකක්... එහෙම කියන්නෙ සම්පත් ගොඩක් වගේම බොහොම දක්ෂ ගුරුවරු ටිකකුත් ඒකෙ උගන්වපු නිසා... ඒ හේතුව නිසාම පහේ ශිෂ්‍යත්ව විභාගෙන් ළමයි සෑහෙන ප්‍රමාණයක්  පාස්වෙලා කොළඹ තියෙන ඉහළම පෙළේ පාසැල්වලට ගියා....

Sunday 18 December 2011

ඉදිකට්ට....


මේකත් අර මං කලින් කියපු අරිෂ්ඨ සිද්දිය වෙච්චි බෝඩිමේදි වෙච්චි දෙයක්...

Friday 16 December 2011

මනමාලයා......



මම ලොකු ඉස්කෝලෙ ගිය කාලෙ අපේ පාසැලෙ ඉඩ කඩ මදි ප්‍රශ්නයක් නිසා සමහර පන්ති පැවැත්තුවෙ හවස් වරුවෙ.... ඕකට අහු උනේ 6, 7 පන්තිවල උන්.... ඒ කියන්නෙ 6 ශ්‍රේණියේ (වසරවල් ආවෙ පස්සෙනේ.. ) සමාන්තර පන්ති දොළහකත් 7 ශ්‍රේණියේ සමාන්තර පන්ති දහයකත් ළමයි.... ඔය කාලෙ අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන වෙලාවට තමයි ලොකු පන්තිවල ළමයි ටියුෂන් එහෙම ඉවරවෙලා ගෙදර යන්නෙ.... ඉතින් පැණියෙ යන අයියලගෙන් කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ අපිට...

Tuesday 13 December 2011

ලොකු නංගි.......

මං කලින් පෝස්ටුවල කියල තියෙනවනෙ අපේ ගෙදර කෙල්ලොම තුන්දෙනෙක් කියල.... අපි තුන්දෙනා රූපෙන් තුන් විදියක්.... අපේ අම්මා තල එළළු මනුස්සයෙක්... මම අම්මගෙ පාට... රූපෙනුත් අම්ම වගෙයි.... අපේ තාත්තා සුදුම සුදුයි..... ඒ කියන්නෙ තාත්තගෙ පාට රත්තරන් පාටට හුරු සුදු පාටක්.... (රෝස පාටට ළඟ සුදු පාටක් තියෙන කස්ටියත් ඉන්නවානෙ... ඒ සුද නෙවෙයි...) පවුලෙ කස්ටිය කියන්නෙ 'සුදු අයියා' කියලා.... ඒ පාට ගෑවිලාවත් ගිහින් තිබුණෙ ලොකු නංගිට විතරයි..... එයාගෙ රූපෙ තාත්තා වගෙයි....ඊළඟට චූටි නංගි.... කිව්වට විශ්වාස කරන්න, එයා අර අපේ ගෙදර ඒ කාලෙ හිටියා කිව්ව නැන්දා වගෙයි..... එයාගෙ මූණ ඒ නැන්දගෙ වගේම හාට් ෂේප් මූණක්... දිග නිකටකුත් එක්ක..... ඒ දවස්වල අහළ පහළ කස්ටිය නැන්දට කියනව,

Sunday 11 December 2011

'පුළුවන් නම් යනවකො මං නැතුව....'


අපි ඉස්කෝලෙ යන කාලෙ අපට කවදාවත් ස්කූල් බස් එකක් තිබුණෙ නෑ.... හැබැයි ඉස්කෝලෙ යන වෙලාවට, ඇරපු වෙලාවට තියෙන බස් නිකම්ම ස්කූල් බස් බවට පරිවර්තනය වෙනවා... ඒවයෙ ඉන්න ඩ්‍රයිවර් අන්කල්ලා, අයියලා වගේම කොන්දොස්තර අන්කල්ලා, අය්යලාත් අපේ හොඳ හිතවත්තු.... ඒ නිසා මගින් නගින්න ඉන්න අය, යාන්තම් නියපොත්තෙන් හරි එල්ලගන්න පුළුවන් නම් කවදාවත් හලලා ආවෙ නෑ.... මේ සමහර ඩ්‍රයිවර් මහත්තුරු හදිසියේවත් පහුවදාට හරි, එදාම හවසක හරි බස් ස්ට්‍රයික් එකක් හෙම තියෙනවා නම් අපට කලින්ම කියනවා විකල්ප ප්‍රවාහන ක්‍රම සොයාගන්න.... ඒ කාලෙ ප්‍රයිවෙට් බසුත් ඒතරම්ම සුලභ නෑ....එව්ව පටන් ගත්තු අළුත වගේ... අපි ඉතින් සීසන් කාරයොනේ... සමහර කොන්දෙස්තරලාට නම් සීසන්කාරයො ඇලර්ජි.... මට මතකයි එක සැරයක් ලංගමේ ලොකු ස්ට්‍රයික් එකක් හදිසියෙම පටන් ගත්තු වෙලාවක ඔය බස් එකක වැඩ කරපු කොන්දොස්තර මහත්මයෙක් ඉස්කෝලෙ ඇරෙන වෙලාවෙ ගේට්ටුව ළඟට ඇවිල්ලා හැමදාම අපේ බස් එකේ යන ළමයින්ව එකතු කළ හැටි..... එයා ළමයි ටික අරන් එනකම් ඩ්‍රැයිවර් මහත්මයා බස් එක අතුරු පාරකට දාලා හංගලා වගේ නවත්වගෙන හිටියා... ළමයි ඔක්කොම වෙනදා වෙලාවට ගමනාන්තය දක්වා ගෙනිහින් බස්සලා තමයි එයාලා ඩිපෝ එකට ගියේ... ඒ වගේ රත්තරන් මිනිස්සුත් ඔය අතරේ හිටියා....

Thursday 8 December 2011

'සැටලයිට්' නොහොත් 'සැට්' ඇන්ටි....

අර කලින් කතාවල කියපු බෝඩිමට කලින් මං නැවතිලා හිටිය බෝඩිමේ, අයිතිකාර ඇන්ටිලාට එක වත්තෙ ගෙවල් දෙකක් තිබුණ... අපි කෙල්ලො 16ක් හිටියෙ එයාලගෙ අළුත් තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ.... ඉස්කෝලෙ ළමයි, කැම්පස් ළමයි, වැඩට යන කස්ටිය... එකම ෆෘට් සැලඩ් එකක් ඒ බෝඩිම..... ලොකු කාමර හතරයි, එක ෂවර් එකයි, ටොයිලට් දෙකයි.... හාපෝ උදේට හෙන පෝලිම.... කෑම අන්තිමයි.... දිය හොදියි, වැලි බතුයි.... මම නම් හිතුවෙ එතැනින් අයින් වෙලා එනකොට මගෙ උණ්ඩුක පුච්චෙත් ඇන්ටිටම දීල එන්න වෙයි කියල....

Sunday 4 December 2011

අම්මගෙ හොරේ.....


මේ සිද්දිය උනේ මං O/L පන්තියේ ඉන්න දවස්වල අවුරුදු නිවාඩුව කාලෙ..... අපේ තාත්තගෙ ඉස්සර ඉඳලා ආස්සරේ කරපු අතිජාත මිත්‍රයෙක් හිටිය අම්බලන්ගොඩ පැත්තෙ.... ගෙවල් දෙකේ තාත්තල දෙන්න විතරක් නෙවෙයි, අම්මලා දෙන්නත් එකට වැඩ කරපු උදවිය.... නිතර දෙපැත්තට ආවෙ ගියේ නැතිවට පවුල් දෙක අතරෙ ලොකු සම්බන්ධකමක් තිබුණ... තිබුණ විතරක් නෙවෙයි, අදටත් තියෙනව.... ඉතින් ඔය සම්බන්ධකම් මත අවුරුද්දට දෙපැත්තට නෑගං යන එක නම් හැම අවුරුද්දෙම වරද්දන්නෙ නැතිව කෙරුණා..... ඒ ජෝඩුවම අපේ අම්මයි තාත්තටයි වැඩිය වයසින් බාල උදවිය... ඒ හින්දම එහේ හිටිය නංගියි මල්ලියි අපිට වැඩිය ගොඩක් බාලයි....

Thursday 1 December 2011

අරිෂ්ඨෙ....


ඔය කැම්පස් ගිය කාලෙ මං නතර වෙලා උන්නු බෝඩිමේම තව කෙල්ලො පස් හය දෙනෙක් නැවතිලා උන්න.... ඉන් එක්කෙනෙක් හරිම කෙට්ටුයි..... හැමදාම නාහෙන් අඬනවා ඇඳුමක් ඇන්දට කිසි ලකයක් නෑ, බට කෝට්ටක එතුව වගෙයි කියල..... ඇත්ත ඒක උනත් අපිට කියතෑක ඒ කියපු එක හරියටම හරි කියල.... අපි ඔය මනෝ විජ්ජාව ගැනත් දන්නව නෙව.... ඉතින් අපි හිත හදන්න නොයෙකුත් ඒව කියනව..... මොනා කිව්වත් ගෑනි දන්නව අපි කියන්නෙ බොරු බව....