Total Pageviews

Wednesday 23 May 2012

අප්පච්චිගෙ තත්තෙ රැකපු පුතණ්ඩියා....

ඉස්සර අපේ අම්මා කියනව පුංචි කාලෙ මාවත් එක්කරගෙන කොහාට හරි ගියොත් කෑම අල්ලන වෙලාවට අම්ම සහලෝල ගිහින් ඉන්නෙ කියලා.... මොකද කේක් හරි බිස්කට් හරි වගේ ජාතියක් තිබුණොත් ආයෙ තසිමම ඉවර කරලලු පස්ස බලන්නෙ.... ඉතින් අපේ අම්මට හරි ලැජ්ජලු ඔය වැඩේට..... ඒ විතරක් නෙවෙයි.... ගෙදරදි කන්නෙ නැති ජාති, ඔහොම පිට ගෙදරකදි දෙන්න හදනකොට අම්ම කියනවලු, 'අනේ වැඩක් නෑ එයාට ඕවා අල්ලලා... එයා ඕව කනකොට බැරියැ...' කියල... මොන... මෙන්න හිටු කියල කනවලු අම්මට පොළොව පලන් යන්න හිතෙන්න... ඉතින් සමහර අය කියනවලු, 'අම්ම බොරුනෙ කියල තියෙන්නෙ... මේ දරුව යස අපූරුවට කන්නෙ,' කියලා... අනේ පව් අපේ අම්මා... 


මේ පසුබිම් විස්තරයත් එක්ක, හැමදාම මගේ අත්දැකීම් ගැනම ලියන එකේ පොඩි වෙනසකටත් එක්ක අපේ මහත්තයගෙ (මනූගෙ ) පවුලෙ කට්ටිය රස කර කර අදටත් කියන කතාවක් ලියන්නයි හිතුවෙ මේ ගමන.... ඔයාලට මතක ඇතිනෙ මම අර කලින් කතාවෙ කියපු බාල මාමා ගැන.... අන්න ඒ වගේ සම්බන්ධයක් පුංචි කාලෙ ඉඳලා මනූටත් තිබිලා තියෙනවා එයාගෙ බාප්පා කෙනෙක් එක්ක... එයාලගෙ තාත්තගෙ පවුලෙ සහෝදර සහෝදරියො එකොළහක් හිටිය නිසා, පවුලෙ දහ වෙනියා විදියට ඉපදුනු මේ බාප්පා මනූට වඩා වැඩිමහල් අවුරුදු පහළොවක් විතරයි......ඉතින් පුංචි කාලෙ ඉඳලා දෙන්නා හැදිලා වැඩිලා තියෙන්නෙ එකට... අදටත් මනූ එයාගෙ තාත්තට වැඩිය සම්බන්ධයි මේ බාප්පත් එක්ක.... ඒ වගේම තමයි එයාලගෙ තාත්තගෙන් වෙන්න ඕන යුතුකම් හැම දෙයක්ම වගේ ඉෂ්ඨ වෙන්නෙත් මේ බාප්පා අතින්....  බාප්පා පස්සෙ කාලෙක උපාධිධාරියෙකු විදියට අනුරාධපුර පළාතෙ ප්‍රධාන රජයේ ආයතනයක ඉතාම උසස් නිලධාරියෙකු වශයෙන් සේවය කළා.... මට මේ ටික කියන්න ඕන උනේ එයාගෙ රැකියා තත්වය, සමාජ තත්වය මේ කතාව රස විඳින්න අත්‍යවශ්‍යම කාරණයක් නිසා.... ඒ කාලෙ එයාල ජීවත් උනේ රජයේ නිල නිවාසයක...  බාප්පට ඉන්නවා දුවෙකුයි, පුතෙකුයි..... දැන් නම් දෙන්නම ගොඩක් ලොකුයි.... මේ කියන සිද්දිය වෙලා තියෙන්නෙ මල්ලිට අවුරුදු හතක් අටක් විතර වෙන කාලෙ....


ඔය කාලෙ දවසක් අනුරාධපුරයේ තිබුණු ආණ්ඩුවේ ලොකු උත්සවයකට බාප්පාත් ආරාධිත අමුත්තෙක් විදියට සහභාගිවෙලා තියෙනව.... මේකට ඇවිත් තියෙනවා බාප්පත් එක්ක එක එක තැන්වල රාජකාරි කරපු ගෑණු පිරිමි සෙට් එකක්ම.... මෙතන ඉඳපු සමහරු ඇමතිලගෙ ලේකම්ලා එහෙම.... ඉතින් කාලෙකට පස්සෙ කට්ටියම මුණ ගැහුනම, යාළුවො පිට පාරෙන් යවන්න බෑ, එයාගෙ තත්වෙට හොඳ මදි එහෙම කළොත් කියලා හිතලා, උත්සවේට දවල් කෑමත් දුන්නු නිසා බාප්පා ගෙදර පොඩිවට  සංග්‍රහයක් ලෑස්ති කරල..... ඉතින් ඔන්න යාළුවො කට්ටිය ඇවිල්ල සංග්‍රහය භුක්ති විඳින වෙලාවෙ, එක යාළුවෙක් ඒ අහළින් පහළින් හොර ගල් අහුල අහුල එහාට මෙහාට යන මල්ලිව දැකලා, 'ආ...පොඩි මෑන්... පොඩ්ඩක් එනවකො බලන්න...' කියලා මල්ලිගෙ අතින් ඇදල ළඟට අරන් එයාගෙ පුටුවෙන්ම වාඩි කරවගෙන මේසෙට තියල තිබ්බ කේක් කෑල්ලක් අරන් මිනිහගෙ අතට දුන්නලු.... ඒ අහළ පහළ බලන් හිටිය බාප්ප දැක්කලු මිනිහා ඒ කෑල්ල කාල ඉවර කරල තව කෑල්ලකට අත ගහනව.... කමක් නෑ පොඩි එකානෙ කියල නොදැක්ක වගේ ඉන්නකොට මිනිහ ඊළඟ එකත් අතට ගත්තලු..... බාප්ප බලන් හිටියලු දැන් නැතුවට දැන් නවතීවි කියල වැඩේ.... මොන... මිනිහ කේක් කෑලි හයකටම වැඩේ දීල.... කොල්ලව අයින් කරගන්න හදනකොට යාළුව කිව්වලු, 'කමක් නෑ බං... ඔහෙ හිටපුවාවෙ...' කියල.... බාප්පට ලැජ්ජාවෙ බැරි උනාලු ඒක බලන් ඉන්නකොට... හරියට කවදාවත් කේක් කාල නෑ වගේ කොල්ල අඹරපු ඇඹරිල්ලට....


ඉතින් කට්ටිය කෑවට පස්සෙ සිසිල් බීම සංග්‍රහයකුත් තිබිලා තියෙනවා.... පුංචි අම්මා බීම අල්ලන අතරෙ, කෝකටත් කියලා බාප්ප හිස් තසිම් ටික අයින් කරල.... මොකද කොල්ල ඒ වෙනකොටත් මේසේට වාඩිවෙලා ඉඳල තියෙන්නෙ.... බැරිවෙලාවත් තසිම් උඩ තියෙන කුඩු ටික ලෙව කෑවොත් කියල බාප්පට හිතෙන්න ඇති..... ඔය බීම එහෙම බොනකොට අපේ අය වීදුරුවල පොඩ්ඩක් ඉතුරු කරනවනෙ.... ඉතින් මේ කට්ටියත් බීලා ආපහු තියපු වීදුරුවල අඩු වැඩි වශයෙන් ටික ටික ඉතුරු කරල තිබුණලු.... ඉතින් බීම බීපු සැනින් සමහර උදවිය නැගිට්ටලු යන්න පිටත්වෙන්න කියලා.... බාප්පත් ඉස්සෙල්ලම නැගිට්ට කට්ටියත් එක්ක කතා කර කර සාලෙට ආවලු, තව කීප දෙනෙක් බීම ටික බොන අතරෙ.... වැඩි වෙලාවක් යන්න කලින් බාප්පට ඇහිලා තියෙනවා කට්ටියක් හිනාවෙනවා..... බාප්ප කෝකටත් කියල කෑම මේසෙ පැත්තට එබිල බලනකොට සාරි පොටින් කට වහගෙන හිනා වෙවී හිටිය බවලත් කෙනෙක් ඇඟිල්ලෙන් පෙන්නුවලු එතන හිටගෙන හිටිය පුතණ්ඩියව.... බැලින්නම් පොර අර බීම කොට ටික දාගෙන එකතු කරනවලු එක වීදුරුවකට.... බාප්පා "හේයි..." ගානකොට මූ අර ටික ගුඩුස් ගාල බීල පැන්නලු පිටිපස්සෙ දොරෙන් එළියට..... මොකෝ ඉතින් යාළුවො බලන් ඉන්දැද්දි කොල්ලගෙ පස්සෙන් එලවන්නයැ.... දත් කූරු කන ගමන් එයාට යාළුවො එක්කත් හිනාවෙන්න උනාලු.... යාළුවො ටික ගිහින් තියෙන්නෙ එතැනම ඇතිවෙන්න හිනාවෙලා..... පස්සෙ නියමෙට කියන්නැති, 'අන්න අරූගෙ කොල්ල මෙහෙම වැඩක් කළානෙ' කියල.... කොහොමද සනීපෙ... 


යක්ෂාරූඪ වෙලා හිටපු බාප්ප යාළුවො ටික නොපෙනී යනකම් ඉඳලා ටවුමට ගිහින් ගෙනාවලු ලොකු කේක් ගෙඩියකුයි, තඩි ෆැන්ටා බෝතලේකුයි..... ඒ වෙනකොට අම්මගෙ ඇඟේ එල්ලිලා හිටිය කොල්ලට කිව්වලු දැන් මේක ඉවර වෙනකම් කාල, බීපිය කියල බීම එකත්.... අනේ ඉතින් ඌත් අඬ අඬා පුළුවන් තරම් කාල, අම්මා මැදිහත් වෙලා බේර ගන්නකම්....






82 comments:

  1. මන් එක . කියෝලා එන්නම්

    ReplyDelete
    Replies
    1. පළමුවැනියාට හිමි තෑග්ග නුදුරු අනාගතයේම ලැබෙන්නට සලස්වනු ඇත....

      තවම කියෝනවද? :D

      Delete
  2. පට්ට බං..උබ කරපු එකක් නේද මේ ?

    ReplyDelete
    Replies
    1. මං කළා නම් කරන්නෙ අර කේක් වැඩේ විතරයි බං.... බීම නම්... ඊයියා....

      Delete
  3. ළමයි ඔහොමම තමයි . අපේ උනුත් එහෙමයි . හැබැයි රස ජාති විතරයි . මටත් හිතාගන්න බැහැ මිනිස්සු විදුරුවල මොකට මැනස් ඉතුරු කරනවද කියල . මන් නම් බොන්න පුළුවන් මට්ටමේ නම් බින්දුවටම බොනවා . ඇත්තට මේ කිව්වමයි මතක් වුනේ අපේ රටේ තියෙනවනේ අඩියේ ටිකක් ඉතුරු කරන පුරුද්ද . මට ඕක අමතකම වෙලා තිබුනේ . ඒ වගේම තමයි අපි ඉස්සර මල ගෙවල් වල හෙම ගියහම අපේ කට්ටියේ හිටියා සමහර කෙල්ලෝ කෑමක් බිමක් දුන්නම ඇඹරෙනවා. ඉතින් අපිට ඇඟේ ලේ නැහැ මෙයින් එකෙක්ගෙන් අහයි කියල මුලින්ම . ඇයි ඉතින් එපයි කියල අපිටත් නොදී උන්නොත් . යනකොට මගදීම කොල්ලෝ තර්ජනය කරලා අරන් යන්නේ . කන්න බැරි එව්වෝ කට පියන් හිටපියව් කියල .

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම්වෙලා තිබිලා දැනුයි දැක්කෙ...
      ඔය මැනර්ස් ටික ගැන මටත් තියෙන්නෙ තරහක්.... මෙහේ නම් ඕවා නැහැ... පුළුවන් එකා පුළුවන් ටික සුද්ද කරලමයි පස්ස බලන්නෙ.... මමත් කවදාවත්ම ඔය වැඩේ කළේ නෑ... ඉතුරු කරා නම් කළේ බොන්නම බැරි නම් විතරයි...හික්ස්...
      හයියෝ... ඔය මළ ගෙවල්වල කතාව ගැන කියලා වැඩක් නෑ.... සමහරු කෑම කන්නෙත් නෑනෙ.... මට නම් මළ ගෙවල්වල ගිහින් තමයි පැලෙනකම් කන්න පුළුවන්... ඒ නිසා කන්න කිව්වොත් නම් මං නිකම් ඉන්නෙ නෑ කීයටවත්.... මගේ චූටි දුව ලැබෙන්න ඉන්දැද්දිත් මං හුස්ම ගන්න බැරිවෙන්න කාල තියෙනවා මගෙ යාළුවෙකුගෙ තාත්තගෙ මළ ගෙදර ගිහින්.... :D

      Delete
    2. @ Bindi : ඉස්සර අපි බෝඉඩිමේ ඉද්දි ගෙදර ඇන්ටිගෙන් කෑම ලැබෙනවා.. එකෙක් කියනවා "ඇන්ටි කෑම බෙදනවා වැඩී බං අඩුවෙන් බෙදන්න කියන්න ඕනෙ. අපරාදෙනෙ කෑම" ඕක ඇහුනා විතරයි අපි "@#$#%$ තොට කන්න බැරිනම් බල්ලෙකුට දාපිය. අපේ බඩට කෙලින්නෙ නැතුව"

      Delete
  4. ඇති යන්තම්.. පස්සෙ එන්නම්..

    ReplyDelete
    Replies
    1. හි...හි...හි... හා.... එන්නකො.....

      Delete
  5. හහ් හහ් හා.... අපේ තාත්තත් මට මිදි කිලො එකක් කවල තියනවලු....

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තව කට්ටිය...හික්ස්... අපරාදෙනෙ මිදි ගොඩයා කියල නම තියාගන්නෙ නැතුව මී ගොඩයා උනේ.....

      Delete
  6. නියම දෙන්නා ආයේ නෑ තකට තක.... දැන් ගෙදරට යමක් ගෙනාවොත් අඹරන්න දෙන්නෙක්ම ඉන්නවනේ හිනා වෙවී කියෙව්වා...හිනා වුනාට මොකෝ මම තාමත් ඔහොම්මයි...නෑදෑයෝ තියා අඳුරන්නැති ඈයෝ ආවත් ගෙනත් තියන කැවිලි පිඟානෙන් මුල්ම එක මට... ඇයි ඉතින් එන ඈයෝ කන්න බෑ බොන්න බෑ කියලා අදිමදි කරන්න ගියාම අපිට කන්න වෙන්නේ අන්තිමටනේ...ඉතිං මං කොරන්නේ ඒකෙන් අරගෙන ලැජ්ජා වෙන්නැතිව කන්න කියලා හිමින් සැරේ මාරුවෙන එක.අපේ අම්මා තාමත් බනිනවා ඒත් හැදෙන්න බෑ අප්පා කෑම දිහා බලාගෙන උගුඩුවෙක් වගේ ඉන්නවට වඩා එකක් කාලා දුක නිවාගන්න එක දාහෙන් සම්පතයිනේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපේ ගෙදර අවුරුදු මේසෙත් ඔහොමයි.... අමුත්තා කෑම බීමෙන් සප්පායම් වෙලා සාලෙට යනකොට අම්මලත් ඒ පස්සෙන් යනවනෙ.... අපි තුන්දෙනාම ඕකට ඉව අල්ල අල්ල ඉඳලා ඒ මනුස්සය ගිය ගමන්ම සුටුස් ගාල පැනලා කේක් බිස්කට් කැවුම් එහෙම තසිම් උඩ ඉතුරු වෙච්චා ඔක්කොම ඉවර කරනවා.... අම්මා ඉතින් අමුත්තව පිටත් කරලා එන්නෙ ඉතුරු කෑම ටික අරන් තියන්න... අපි තුන්දෙනා ඒ වෙනකොට අරන් තියන්න ඕන ඒවා අරන් තියල තියෙන්නෙ...බඩවල්වල.... පව් අනේ අපේ අම්මා.....

      Delete
  7. ගෙදරදී නොකන කෑම පිට තැන් වල ගිහිල්ලා කන ලෙඩේ නම් මටත් තිබුනා. දැනටත් තියනවා ඉතින් ලාවට :) අනේ මන්දා එකම කෑම උනාට පිට ගෙදරකින් කනකොට අමුතුම රසක් තියනවා...හිහ්

    ReplyDelete
    Replies
    1. ඒක දන්නෙ ඉතින් එහෙම කාපු කෙනෙක්ම තමයි, නේ..... :D

      Delete
    2. මොන එකද මන්දා මටත් ඔය පිටින් කෑමට මාර කැමැත්තක් තියෙන්නේ ඕං... :P

      Delete
  8. හප්පේ මගෙ ගිය ආත්මෙ නිවුන් සහෝදරය ගැනද කොහෙද මේ ලියල තියෙන්නෙ....මේ වගේ ලස්සන විලිලැජ්ජා නැති වැඩ තමා මාත් කරල තියෙන්නෙ..දැන් නම් එක එක්කෙනා ඕව කියනකොට මම ලස්සනට රඟපානවා පොඩ්ඩක්වත් මතක නැති විදියට...ඒත් අනේ ඉහත ආත්මෙත් මතක තියන මට ඕවා අමතක වෙනවද??:D:D:D

    ReplyDelete
    Replies
    1. හික්ස්.... මේ ඉන්නෙ අප්පා තව කට්ටිය ඕන තරම්..... දැන් නෙව ලැජ්ජ හිතෙන්නෙ.... නැද්ද.....
      ඒ මොකක්ද ඉහත ආත්මෙ කතාව...?

      Delete
    2. @ වින්චැට් කිරිල්ලි.

      */ ඒත් අනේ ඉහත ආත්මෙත් මතක තියන මට ඕවා අමතක වෙනවද??:D:D:D /*

      අන්න කතාව..

      Delete
  9. ඔය කේක් කතාව අපේ ගෙදරත් උනානේ.. ඒ අපේ අක්කයි අයියයි පොඩි කාලේ කේක් බෙදා ගනන ගිහින් රණ්ඩු වෙලා.. තාත්තා ලොකු කේක් දෙකක් ගෙනත් දෙන්නටම ඉවර වෙනකන් කන්න කියලා.. එදයින් පස්සේ දෙන්න රණ්ඩු වෙලා නෑ කේක් බෙදා ගන්න..

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ බෙදාගන්නවට වැඩිය බදාගන්නනෙ ට්‍රයි එක නේද.... විශේෂයෙන්ම කෑම, සෙල්ලම් බඩු එහෙම....

      Delete
  10. මමනම් කවදාවත් ඒ වගේ වැඩ කරලා නෑ... මම හිතන්නේ බාප්පාගේ යාලුවෝ පුතාව රවට්ටන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔයා නම් චෝයි බබෙක්..... මෙතන කට්ටිය දාල තියෙන කමෙන්ට්ස් ටික කියෙව්වම වැඩේ හැටි හිතාගන්න පුළුවන් නේද? :D

      Delete
    2. වැඩේ කියන්නේ මම හොඳ එකා වෙන්න එහෙම කිවුවේ බැලින්නම් හැමෝම කරලා තියෙන්නේ ඒ විදියටම නේ මම විතරක් නෙවෙයි. සයුරි කිවුවා වගේ පිට තැනකින් කද්දී අමුතු රසක තියෙනවා.

      Delete
  11. දඟකාර කොල්ලා! ෆන් තමා ඔය වගෙ පොඩි උන් කරන විකාර දැක්කාම නෙ :)

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අවුරුද්දට කට්ටිය එකතු උනාම ඕක නිතරම මතක් කරනවා.... පස්සෙ කාලෙක නම් බාප්ප හිනාවෙවී තමයි ඕක කිව්වෙ.... ඒත් එදා නම් මළම පැනලා.... :D

      Delete
  12. //'අනේ වැඩක් නෑ එයාට ඕවා අල්ලලා... එයා ඕව කනකොට බැරියැ...' කියල... මොන... මෙන්න හිටු කියල කනවලු අම්මට පොළොව පලන් යන්න හිතෙන්න... ඉතින් සමහර අය කියනවලු, 'අම්ම බොරුනෙ කියල තියෙන්නෙ... මේ දරුව යස අපූරුවට කන්නෙ,' කියලා... අනේ පව් අපේ අම්මා... //

    අනේ පව් අපේ අම්මත්!!! :D:D:D

    ReplyDelete
    Replies
    1. අඩේ කුමාරිහාමිත් ඒ සංගමයෙ එක්කෙනෙක්ද...? එහෙනම් පව්ම තමා.... :D :D :D

      Delete
  13. There is a similar scene in the movie Matilda.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මං බලලා නැහැනෙ කතන්දරේ..... ඔහොම කියනකොට ආස හිතුනා බලන්න.....

      Delete
  14. පොඩි එවුන් ඔහොමයි කියලා හැමෝම දන්නවනෙ..

    මම නම් හිතන්නෙ ඒක නිසා ඔහොම කළාම දෙමව්පියො ලජ්ජාවෙන්න ඕනෙත් නෑ. අනික් අය තැන තැන් කියන්න ඕනෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕනෙත් නෑ කිව්වට එහෙමනෙ අනේ ඇත්තටම වෙන්නෙ....

      Delete
  15. සමහර වැඩිහිටියන් හිතන්නෙ එයාල ලග තියන මැනර්ස් ඒ විදියටම ළමයි ලගත් තියෙන්න ඕන කියල. ඒකයි ළමයෙක් අරවගේ දෙයක් කලාම ලැජ්ජා වෙන්නෙ. ටිකක් වැඩිපුර කෑව කියල පොඩි එවුන්ට ගහන්න බනින්න හොද නෑ. පොඩි එවුන්ට හොදට රස දැනෙනව, අනෙක කෑමට ආසයි, වැඩිහිටියන් අතර තියන සීමා එයාලට අදාල නෑ. ඒක ලැජ්ජාවට කාරණයක් වෙන්නෙ කොහොමද කියලයි මට හිතාගන්න බැරි. අනිත්එක ළමයින්ගෙන් 90%ක්ම ඔයවගේ. එහෙම නොවෙනවනම් තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. තියරි එක ඔහොම උනාට ඕකෙ ප්‍රැක්ටිකල් සයිඩ් එකේදි වෙන්නෙ මං කියපු වැඩේනෙ.... ඔහොම දෙයක් උනාම දෙමව්පියන්ට ලැජ්ජ හිතෙනව මිසක් තර්කානුකූලව හිත හිතා ඉන්නෙ නෑනෙ රාජ්... ඔයා කිව්ව ඒව ඇත්ත උනාට වැඩිදෙනෙකුට ඒවා හිතෙන්නෙ පස්සෙ.... කොහොමත් ඉතින් දෙමව්පියො ළමයි පුංචි කාලෙ සිරිත් විරිත් කියන ඒවත් ටිකක් හරි කියල දෙනවනෙ....

      Delete
    2. ළමයි නම් මේ වගේ තමා..ඒත් දෙමව්පියො හරියට තේරුම් කරලා සිරිත් කියලා දුන්නැත්තං ඒ ළමයි කවදාවත් හැදෙන්නෙත් නෑ..
      මේ වගේ කතන්දර වල රසය තියෙන්නෙත් දෙමව්පියො සැර හින්දා කියලයි මට හිතෙන්නෙ..

      Delete
  16. ඊයෙ රෑ කියෙව්වට කමෙන්ට් එකක් දාන්න බැරි වුනානෙ.

    අපේ නංගිටයි,මටයි දෙන්නටම හොදටම හිනා.නියමෙටම තත්වෙ තියලා නේද?මගෙවත් නංගිගෙවත් ඔය වගේ කතානම් අහලා නෑ.අපි දෙන්නම කන්න හොරයි.

    මං නම් ගෙදරදි කන සමහර දේවල් පවා පිට ගියාම නොකන ජාතියේ කෙනෙක්.තාමත් එහෙමයි. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ අම්මලට වගේ කරදරයක් වෙන්න නෑ... හික්ස්...

      Delete
  17. හිහි...ඒ පොඩ්ඩා බීම බිවව එක තමයි හිනා යන වෑඩේ ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ... අර කේක් කාපු එක නම් හිතාගන්න පුළුවන්.... හිතාගන්න බැරි ඒකා කොහොම අර සුප් එක බිව්වද කියලා....

      ඔයා මේ පැත්තට අළුත් කෙනෙක් නේද දම්මි.... බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට හොඳේ....

      Delete
    2. කමෙන්ට්ස් නොකලට මම මේ පෑත්තෙ නිතර ආවා ගියා...
      ඔයා ඉතින් දිගු විරාමයක් අරන් හිටියේ...හිහි...
      මට හිතෙන විදිහට අපි සමාන වයස් වල අය.....

      Delete
    3. ඔන්න එහෙනම් කමෙන්ට්ස් කරපු පාර තමයි දැක්කෙ.... විරාමයක් කියන්නෙ, කියල වැඩක් නෑ.... ටික දවසක් නොලියාම හිටියම පට්ට කම්මැලිකමක් නෙව එන්නෙ....
      සමාන වයස්වල වෙන්න පුළුවන්.... බින්දියි මමයි හිතාගෙන ඉන්නෙත් එහෙම... :D

      Delete
  18. බත් කනකොට පිඟානෙ මුකුත් ඉතුරු කරන්න එපා කියලනෙ තියෙන්නෙ. ඉතිං කේක් කනකොටත් එහෙම පිඟානෙ මොනාවත් ඉතුරු කරන්න හොඳ නෑ. :)

    ReplyDelete
    Replies
    1. හැබෑටම මිනිහත් එහෙම වෙන්නැති හිතන්න ඇත්තෙ... හික්ස්...

      Delete
  19. පොඩිකාලෙ මගෙ කතාවට කිසිම වෙනසක් නෑ! :D අලිය කියන්නෙ නිකංයැ! :D

    ReplyDelete
    Replies
    1. අනෙ අප්පේ... කී දෙනෙක් ඉන්නවද දැන් බැලුවම... අර විදියට බීමත් බිව්වද? :D

      Delete
  20. හේ හේ මමත් එහෙමයි ඉස්සර ගෙදරදී කන්නේ නැහැලු පිට ගියාම කනවලු,. ඒ කන්නෙත් නිකම් නෙමෙයිලු අම්මි උයන ඒවා රස නැහැ කියලලු.. අපේ අම්මිට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති :පි

    ReplyDelete
    Replies
    1. අයියෝ.... කෑව විතරක් නම් මදැයි....

      Delete
  21. මම හිතුවෙ මේ ඔයාගෙ මහත්තයට වෙච්ච අලකලංචියක් කියලා. බාප්පගෙ පුතා නේද ඔය කියන පූතයා..

    මොනවා උනත් රස කතා කියන්ඩ ආයෙ ආපු එකනම් මරු. ඔහොම වෙන වෙන ඒවත් ලියන්ඩ වෙනසකටත් එක්ක.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. මේක නම් උනේ එයාගෙ බාප්පගෙ පුතාට තමා....
      බොහොම ස්තුතියි සෙන්නා....

      Delete
  22. මමත් ඔහොම කතාවක් අහල තියනව අපේ මාම කෙනෙක් ගැන. එයා පොඩි කාලෙ කෙසෙල් ගෙඩි කන්න තිබිච්ච පෙරේතකම නිසා දවසක් ඔය වගේ සිද්ධියකට තද වෙච්ච සීයා කෙසෙල් කැනක් ගෙනත් වේවැල අතේ තියන් කැනම කවල. අපේ අම්ම කියපු හැටියට මිනිහ අඬ අඬ නාහෙන් කටින් කෙසෙල් වැක්කෙරෙද්දි කෑවළු. දැන් වයසට ගිහිල්ලත් එයා අදටත් කෙසෙල් ගෙඩි කන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක කියනකොට මට මැවිල පෙනුනා වැඩේ.... ආපෝ... ආයෙ ජීවිතේටම කෑවෙ නැති එක අහන්නත් දෙයක්ද......

      Delete
  23. අපේ ගෙදරත් ඕක ඔහොමමයි..ඒත් පස්සෙ පස්සෙ අපේ අම්මයි තාත්තයි ජාම බේරගන්න එක එක උපක්‍රම පාවිච්චි කලා කියලා මතකයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් තැනකට ගියාම ලැජ්ජ වෙන්නෙ නැතුව ඉන්නත් එපායැ නේද...? සමහරු මූණටම කියනවනෙ 'කෝ අම්මා දරුවට සිරිත් විරිත් උගන්වල නෑ' කියලා.... අන්තිමට ඉතින් අර ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ වැරදුනොත් අම්මට, හරි ගියොත් තාත්තටනෙ.... හික්ස්....

      Delete
  24. අඩේ ඉස්සර මාත් එහෙමනේ.... මාත් ඕක දෙයක් ඔහේ කාලා දානවා.
    මේ කතාව කියෙව්වම මට මතක් උනේ අපේ ගමේ මඟුල් ගේකට ආපු හාදයෙක් කට්ටිය බීලා ඉතුරු වෙච්ච අරක්කු කොට ටික කාලේ බෝතලයකට දාගෙන ගෙදර අරන් ගියා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය අරක්කු කතාව කිව්වම මට මතක් උනේ.... මම ඉස්සර දවසක් මෙහේ යාළුවෙකුගෙ පාටියකට ගිහිල්ලා එතැනින් එළියට බහිනකොට අපට ඉස්සරහින් එළියට යන්න ආවා ඇබොරිජිනල් පිරිමි දෙන්නෙක්.... දොර ළඟ සික්කල දෙන්නෙක් ඉඳගෙන එළියට යන මිනිස්සු අතේ බියර් වීදුරු හෙම තිබුණොත් එතැන තිබ්බ පොඩි මේසයක් උඩ තියන්න කියනවා.... ඔහොම එකතු වුනු වීදුරු ගොඩක් තිබ්බා එක එක ප්‍රමාණෙට ඉතුරු වෙච්චි බියරුත් එක්ක.... සමහර වීදුරුවල පිරෙන්නම වගෙත් තිබ්බා.... අරුන් දෙන්න දැක්කා ඕක... දැක්ක ගමන් මුන් කියනව, 'What a waste..' කියල... එහෙම කියලා උන් සික්කගෙන් ඇහුවා උන් ඒවා බිව්වට කමක් නැද්ද කියලා... සික්කත් ඔළුව හෙල්ලුවද කොහෙද... අනේ ඉතින් අරුන් දෙන්නා පටන් ගත්තෙ නැතැයි අර කොට ටික බොන්න.... මිනිස්සුත් මේ විලි ලැජ්ජ නැති වැඩේ බලාගෙන... සමහරු හිනා වෙනවා, සමහරු තරහෙන්.... ඉන් පැය කාලකට විතර පස්සෙ අපි කාර් පාර්ක් එකට යනකොට දැක්ක උන් දෙන්නම එළියට බැහැලා උන් උන් මරා ගන්නවා..හික්ස්...

      Delete
  25. මම නම් ආසම වැඩේ තමයි කට්ටිය ගියපු ගමන් වාෂ්ප වෙලා තසිම් ටික සුද්ධ කරලා දෙන එක. පවු නේ අම්මා.

    ReplyDelete
    Replies
    1. අම්මා ගැන දුක හිතිලා උදව් කරපු හොඳ පුතෙක්... අනේ කොච්චර හොඳද... හික්ස්....

      Delete
  26. මම පොඩි කාලෙ අපිට ඔය එහෙන් මෙහෙදි දෙන කෑම කන්න එපා කියලා අම්මා කියලා තිබ්බේ.
    මම අකුරටම පිලිපැද්දා.

    කන්න දීපු ගමන් 'අපේ අම්මා මට කොහෙවත් කෑම කන්න එපා කියලා තියෙන්නේ කියලා.....'
    මට තාමත් ඒ වෙලාවේ අපේ අම්මගේ මූණ රතු වෙනවා මතකයි මතකයි වගේ........

    ReplyDelete
    Replies
    1. හයියෝ... අම්මට පොළොව පලාගෙන යන්න හිතෙන්නැති... :D

      ඔයාගෙ කතාවත් කියෙව්වම මට මතක් උනේ මගේ යාළුවෙකුගෙ නැන්දට වෙච්චි දෙයක්, අපි පුංචි කාලෙ.... නැන්දගෙ ගෙදර වැඩට ගෑණු ළමයෙක් හිටියලු... දවසක් එයාලා කොහේ හරි ගිය වෙලාවක මේ ළමයවත් එක්කන් ගිහිල්ලා.... යන්න කලින් කියල දුන්නලු බීම හෙම ඇල්ලුවොත් වීදුරුව සුද්ද කරල දාන්නෙ නැතුව පොඩ්ඩක් විතර ඉතුරු කරන්න කියලා.... අන්තිමට ගමන ගිහින්, කෙල්ල බීම බීලා අඩියෙ අඟලක් විතර ඉතුරු කරලා සබාවට පේන්න වීදුරුව උස්සල නැන්දගෙන් අහනවලු 'නෝනා, මේ ඉතුරු කළා ඇත්ද?' කියලා.... හික්ස්...

      මම නම් මට බොන්නම බැරි උනොත් විතරයි වීදුරුවල බීම නම් ඉතුරු කරන්නෙ...

      Delete
  27. අර මංඩිය ටිකක් ඉතුරු කරන්නේ ඇයි කියන එක මටත් ප්‍රශ්නයක්! ඉස්කෝලෙ යන කාලේ නම් යාලුවෙක්ගෙ ගෙදර ගියත් අන්තිම බිංදුවත් බීලා සු........ස් ගාලා හුලං ටිකත් ඇදලා තමයි පස්ස බලන්නේ කට්ටිය :)

    ReplyDelete
    Replies
    1. හැබෑටම කොහෙන් ඕක පටන් ගත්තද දන්නෙ නෑ නේද.... ස්ට්‍රෝ එකෙන් බොන්න ගියාම මං තාමත් ඔය කිව්ව වැඩේ කරල බැනුම් අහනව, බබෙක් වෙන්න හදනව කියල..... :D

      Delete
  28. මමත් ඔය වගේ තමා... ගෙදරදි කටේවත් තියන්නේ නැති ඒවා පිටදි කනවා බඩ පැලෙන්න. කොත්තු ඒ වගේ එක කෑමක්. ගෙදරට ගෙනාවට කටේවත් තියන්නේ නෑ. ඒ වුනාට පිටදි ඕනේ තරම් දීලා අදිනවා. හික්ස්.. බාප්පගේ පුතා නම් මරු. අර බීම වැඩේ නම් ඊයායා.....

    ReplyDelete
    Replies
    1. බලනකොට සෑහෙන පිරිසක් ඉන්නවනෙ සංගමේට...හික්ස්...
      මටත් හිතා ගන්න බැරි මොන හිතකින් ඒ බීම එක බිව්වද කියලා....

      Delete
  29. යකුනේ ඌට දියවැඩියාව හැදෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. සොයල බලන්න ඕන කොහොමද කියල දැන් තත්වෙ.... :D

      Delete
  30. දෙයියනේ ,., එලනේ ,., අපෙ මාමටත් අපේ මාමගේ තාත්ත ඔය වගේ එකක කරා හැබැයි ,., බීම නෙවෙයි ,., කිරි ,. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්... තාම කිරි බොනවද උන්දැ....?
      අනේ ෂුදු මාත්තයෝ... උත්තර ලියන්න නම් හොඳටෝම පරක්කු උනා නෙව... තරහ ගන්න කාරි නෑ හොඳේ....

      Delete
  31. අපූයි... මං අන්තිම :(

    ඔය කිව්වට අක්කත් ඔය වගේම නැතෑ...

    ReplyDelete
    Replies
    1. මම නම් අර මුලින් කිව්ව වගේ... ඒත් අර ජාතියේ සුප් නම්... ඊව්වා....

      Delete
  32. කොච්චර වුනත් කට්ටිය එක්ක අර වගේ දෙසන එකේ තරම් ගතියක් නෑනෙ තනියම කනකොට

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... හික්ස්...

      Delete
  33. මෙයානම් දැන් හරි දුර්වලයි අප්පා...

    ReplyDelete
    Replies
    1. දුරුවලයි... දුරුවලයි... හප්පේ....

      Delete
  34. මාසයක් මිසිං..... සනීපෙන් ඉන්නවදෝ????

    ReplyDelete
    Replies
    1. සනීපෙන් ඉන්නවෝ... මේං ආවෝ....

      ඉත්තූතියි හෙව්ව බැලුවට.... :D

      Delete
  35. මියුරු, බ්ලොග් කෙරුවාවෙන් සදහටම සමුගත්තද ? ලියන්ඩකො මොනවා හරි..

    ReplyDelete
    Replies
    1. සමුගන්න හිතුනත් සමුගත්තෙ නෑ ඕං.... හදාගත්තු පැල දාල ගිහින් කොහොමද අප්පා..... :D

      Delete
  36. ඔට්ටේලියාවෙ කොයි මුල්ලකට මකබෑවිලාද ලියන්නැත්තෙ? මියුරුවො කරදරයක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මේං ආව, මකබෑවිලා හිටිය තැනින්... කරදරයක් නම් නෑ.... බොහොම ස්තුතියි ඇහුවට..... කොහෙද ඉතින්.... මක බෑ වෙන්නවත් නිදහසක් නෑ නෙව...

      Delete
  37. ඕක පොඩ්ඩන්ගේ පොදු ලක්ෂණයක් මගේ හිතේ.. අපේ පොඩි එකා කවදාවත ගෙදරදී නොකන දේ පිට තැනකදී කනවා. අම්මි ඉතින් දෙනවා පාඩම ගෙදර ආවාම..

    ReplyDelete
  38. මගෙත් ඉස්සර තිබුණු පුරුද්දක් අපේ අම්මල ඉන්නේ හරි බයෙන් දැනුත් ඉතින් කනවා. හැබැයි ගෙදරදී තමයි ලිමිට් නැත්තේ. හිකිස්......

    ReplyDelete