https://www.bigstockphoto.com/image-206592361
Total Pageviews
Monday, 7 January 2019
කාක් දඩයම...
Sunday, 23 December 2018
ර්ර්..රාජ්ජ ෂඟ බෝ හිෂ දී දුගියාට්ඨා....

www.123rf.com/clipart
"මචං, අරූට හොඳටම වැඩියි. පොඩ්ඩක් ගාඩ් එක දීගෙන හිටපං, උඹට පුළුවන් නම්. මං බිසී බං අර පැත්තෙ."
"හරි, උඹ බය නැතුව උඹේ වැඩේ කරගෙන පලයං. මං බලා ගන්නම්."
"හරි, උඹ බය නැතුව උඹේ වැඩේ කරගෙන පලයං. මං බලා ගන්නම්."
Sunday, 16 December 2018
සිතිවිලි...
https://moodsmith.com/thought-action-fusion/
වෙනදා වගේම අදත් උදේ නැගිටලා තේ එකත් හදාගෙන ඉස්සරහ පාර පැත්තෙ ජනෙල් තිර ඈත් කරලා පාර දිහා බැලුවා. මුළු පැත්තම පාළු වෙලා වගේ. අවුරුද්ද අවසානෙ නිවාඩුවට විශ්වවිද්යාල ළමයි තම තමුන්ගෙ ගම් රටවල් බලා ගිහින් හින්දද කොහේද, වෙනදට අපේ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකේ පිරිලා ඉන්න ළමයි එක්කෙනෙක්වත් දැන් පේන්න නෑ. මට දැනුනෙ දුකක්. අපි ඉන්නෙ විශ්වවිද්යාලයක් කිට්ටුව නිසා මේ පැත්තෙ ගෙවල් වැඩි හරියක් ළමයින්ට කුලියට දීලායි තියෙන්නෙ. ඉතින් හැමදාම අවුරුද්දෙ අන්තිම, පැත්ත පළාතම මේ වගේ පාළුවෙලා යනවා. ඒ ළමයි කවුරුවත් මං කවදාවත් දැන හඳුනාගෙන කතා කරලා නැතුවට (වැඩි දෙනා ආසියාතික රටවල් වලින් ආව අය ), මේ කාලෙට මට දැනෙන්නෙ මහ පාළුවක්. ඒ හැඟීම දැන් නත්තලත් එක්ක බැඳිලා. හැම වෙලාවෙම හිත කියන්නෙ කොහේ හරි ගිහින් පොඩ්ඩක් විනෝද වෙයන්, කාත් එක්ක හරි කෑම ටිකක් හදාගෙන රජ්ජුරුවන්ගෙ උයනට පලයන්, එතකොට ඔය ගතිය මග හැරේවි කියලා. කොහෙද, දවස් පහ වැඩ කරලා ඉවර වෙනකොට පාං කියාගන්න බෑ. ඔහේ වැටිච්ච තැනක වැටිලා ඉන්න හිතෙනවා. එහෙම ඉන්න තිබ්බා දරු පවුලක් නොහිටියා නම්.
Tuesday, 11 December 2018
හොඳ කුක් කෙනෙක් වෙන්න ඕන නම්....
https://all-free-download.com/free-vector/cartoon-chef.html
මං ඉස්සෙල්ලම උයන්න ගන්නකොට කරපු ගිනි විජ්ජුම්බර බලන් ඉන්නම බැරි තැන, කොළයක් අරගෙන ලියා ගන්න කියලා අපේ අම්මා මට මෙන්න මේ උපදෙස් ටික දුන්නා. ඒ ටික මට හෙන ප්රයෝජනවත් උනා එක, එක අවස්ථා වලදි. ළඟදි ඒක අහම්බෙන් මගේ අතට පත්වුනු නිසා, මට හිතුනා කවදා හරි, කාට හරි ප්රයෝජනයක් වෙන්නත් එක්ක, ඔන්න ඔහේ ලියලා දානවා කියලා. තමුන්ට දැන් අවශ්ය නැතත් මට වගේ දරුවෙකුට හරි කියලා දෙන්න පුළුවන්නෙ…
Sunday, 2 December 2018
එක්තරා පිලිපීන ගැහැණියකගේ කතාවක්.......
පස්සෙ කාලෙක මං එයත් එක්ක තරමක සුහදතාවයක් ගොඩ නගා ගත්තා... ඊට පස්සෙ දවසක් අර වගේ කෑම විසි කරන්න යනකොට මං කිව්වා කන්න පුළුවන් තරමට බෙදාගත්ත නම් ඉවරයිනෙ කියලා... එතකොට එයා කියනවා කෑම දැක්කම ආස හිතිලා කන්න පුළුවන් වේවි කියලා බෙදා ගන්නවලු.... ඒ උනාට ටිකක් කනකොටම බඩ පිරෙනවලු... ඒ කතාවත් එක්ක ඇතිවුනු සුහදතාවය ඔස්සේ නීනා දවසක් මාව එයාගෙ අතීතයට එක්කන් ගියා...
මේ ඇගේ කතාව...
Sunday, 25 November 2018
ගේ දොර වැඩ නොදත් එකී....

පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න, පොත් කියවන්න, සෙල්ලම් කරන්න ආසාව තිබ්බට කුස්සියට ගිහින් ඒ වැඩ පළ කරන්න නම් මට තිබුනෙ මහා කම්මැලිකමක්... මොන විදියට හිතුවත් ඒ ගැන ආසාවක් ඇතිකරගන්න මේ මෑතක් වෙනකම්ම මට බැරි වුණා...
අපි පුංචි කාලෙ ගෙදර උදව්වට අම්මගෙ ඥාති සහෝදරියො, ඒ කියන්නෙ මං අර කලින් කතාවල කියල තියෙන නැන්දාද ඇතුළුව කවුරුම හරි හිටිය නිසා අම්ම උනත් කුස්සියට ගිහින් එයාලට උදව් පදව් කළා මිසක් ඉවීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාර අරගෙන තිබුණෙ නෑ... ඒත් අනාගතේ වෙන්න යන නස්පැත්තිය තේරුම් ගත්තු අපේ තාත්තා , මං දහයෙ පන්තියට යනකොට ගෙදර උදව්වට හිටපු අය කසාද බන්දාදීම අතුළු වැඩ කටයුතු කරලා අම්මට කුස්සියේ වගකීම පැවරුවා... අපේ අම්මා කුස්සියේම එල්ලිලා නොහිටියා උනාට අම්මට හරි රසට උයන්න පුළුවන්... තාත්තගෙ රැකියා ස්ථානයේ යාළුවොත්, මගේ යාළුවොත් තමයි අදටත් ඒ ගැන වැඩියම මතක් කරන්නෙ....
Sunday, 19 March 2017
අම්මා ගහපු කණේ පාර දවාලෙ තරු පෙනුනා....
මේ සිද්දිය උනේ මං දහයෙ පන්තියේ O/L විභාගෙට සූදානම් වෙන දවස්වල... හරියටම කිව්වොත් විභාගෙට ඉස්කෝලෙන් පෙනී සිටින ළමයින්ගෙ අයැදුම්පත්ර පුරවන කාලෙ.... කතාවෙ කොටස් දෙකක් තියෙන නිසාත් කොටස් දෙකකට කඩල දැම්මම වැදගැම්මක් නැති නිසාත් මේ කතාව ටිකක් දිග එකක් වේවි...
මට මගේම කියල තියෙන්නෙ නම් දෙකක් උනාට පරම්පරා පොජ්ජයි, තාත්තගෙ නමයි එකතුවෙලා එනකොට නම් පහක්.... (මේ නම් පහ මොකක්ද කියල හිතුනෙ කැම්පස් ඉන්න කාලෙ, නම් එකොළහක් තියෙන හාදයෙක් අඳුන ගන්න ලැබුනට පස්සෙ.... අසුවල් අඩවියේ අසුවල් වලව්වෙ අසුවලාගෙ අසුවලා කියල එනකොට ඌට නම් එකොළහක්....) ඉනුත් අර පරම්පරා පොජ්ජ හඳුන්වන කෑල්ලෙ නම් දෙක මහා අපභ්රංසයක්... ඕක ඉංග්රීසියෙන් ලියන්න ගියාම හෙන අකුරු තොගයක්..... අපේ තාත්තට ඒකත් මදි වෙලාද කොහෙද ලංකාවටම එකක් වෙන්න මගේ පළමුවෙනි නමත් දාල ඒකට පරදින්නෙ නැතිවෙන්න.... ඒකත් ලියන්න ගියාම නුපුරුදු නමක් හින්දා බොහොම ටික දෙනායි හරියට ලියන්නෙ... ඒ දවස්වල තාත්තගෙ ඔෆිස් එකේ කට්ටිය විහිළු කළේ ඒ නම යටින් ශ්රී ලංකා කියල ලිව්වම ඇති ලියුම ගෙදරටම එයි කියල....
මට මගේම කියල තියෙන්නෙ නම් දෙකක් උනාට පරම්පරා පොජ්ජයි, තාත්තගෙ නමයි එකතුවෙලා එනකොට නම් පහක්.... (මේ නම් පහ මොකක්ද කියල හිතුනෙ කැම්පස් ඉන්න කාලෙ, නම් එකොළහක් තියෙන හාදයෙක් අඳුන ගන්න ලැබුනට පස්සෙ.... අසුවල් අඩවියේ අසුවල් වලව්වෙ අසුවලාගෙ අසුවලා කියල එනකොට ඌට නම් එකොළහක්....) ඉනුත් අර පරම්පරා පොජ්ජ හඳුන්වන කෑල්ලෙ නම් දෙක මහා අපභ්රංසයක්... ඕක ඉංග්රීසියෙන් ලියන්න ගියාම හෙන අකුරු තොගයක්..... අපේ තාත්තට ඒකත් මදි වෙලාද කොහෙද ලංකාවටම එකක් වෙන්න මගේ පළමුවෙනි නමත් දාල ඒකට පරදින්නෙ නැතිවෙන්න.... ඒකත් ලියන්න ගියාම නුපුරුදු නමක් හින්දා බොහොම ටික දෙනායි හරියට ලියන්නෙ... ඒ දවස්වල තාත්තගෙ ඔෆිස් එකේ කට්ටිය විහිළු කළේ ඒ නම යටින් ශ්රී ලංකා කියල ලිව්වම ඇති ලියුම ගෙදරටම එයි කියල....
Subscribe to:
Posts (Atom)

