කාලයක් මම වැඩ කළා මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තුවක... මං වැඩ කළ අංශෙ වැඩිපුරම හිටියෙ පිරිමි.... ඔවුන් ඔක්කොම වගේ කසාද බැඳපු අවුරුදු තිහ හතළිහ වයස් පරාසයෙ හිටපු අය... මං තමා පොඩිම එකාත් අලුත්ම එකාත් උනේ.... ඒ උනාට වැඩ කරන්න ගියාම නම් ගෑනු පිරිමිකම්වත්, ලොකු පොඩිකම්වත් නෑ දෙගොල්ලොම එක හා සමානව බැහැල වැඩ කරන්න ඕන යම් යම් ටාගට්වලට යන්න... ඉතින් මට කෑම වෙලාවට කෑම කන්න උනෙත් මේ අයත් එක්ක.... ඒක හරියට දඬුවමක් වගේ.... ඇයි මුන් ටික කණ පිරෙන්න කියන කුණුහරප ටිකත් අහගෙන ඉන්න එපායැ... ඒ මදිවට ඔක්කොම මාතෘකා ගෑනු ගැන... උදේ වැඩට එනකොට දැකපු ගෑනියෙකුගෙ හරි, වෙනත් අංශෙක වැඩ කරපු ගෑනියෙකුගෙ හරි මොකක් හරි දෙයක් අල්ලගෙන කුණුහරපයක් කියල හිනාවෙන එක තමයි වැඩිපුරම කළේ... මං නැති වෙලාවට මටත් එච්චරයි තමා කියල මට හිතුන... සාරිය ඇඳන් වැඩට ගිය නිසා ඇඳුමෙන් ප්‍රශ්නයක් නොවුනට සාරි පොටට එහෙන් මෙහෙන් කටු ගහගෙන වැඩිය හෙල්ලෙන්නෙ නැති විදියට තමයි ඒකත් ඇඳගෙන ගියේ... අපොයි වින්ද දුකක් ඒ කාලෙ....
ඔය විදියට කාලය ගතවෙනකොට මේ කට්ටියට තියෙන අසනීප, ඒවට කරන ප්‍රතිකර්ම එහෙමත් හදිසියේම කතා වෙනවා... වයස අඩු උනත් මේ සෙට් එකට නැති ලෙඩක් නෑ... කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර්, ඩයබිටිස්, ගැස්ට්‍රයිටිස් ආදී මෙකී නොකී, ලොකු පොඩි ඔක්කොම ලෙඩ රෝග වැඩි දෙනෙකුට තිබුනා... අනේ ඉතින් ගෙවල්වල ඉන්න නෝනලා උදේ පාන්දර නැගිටලා, අර ලෙඩවලට හරියන විදියට කෑම හදල, පිඟන්වලට දාල, තව පිඟානකින් වහල, සර්වියට් එකකින් ගැටගහල හෙල්ලෙන්නෙ නැතිවෙන්න කාර්වල ගෙනියන්න පුලුවන් විදියට හරිගස්සල එවනව.... මේ ගෝතයො මොකද කරන්නෙ, අර ගෙදර මනුස්සයා ලස්සනට හදල දුන්න කෑම එක කාට හරි සුලු සේවකයෙකුට දීල, අපට ආවතේවකම් කරන්න හිටිය සැන්ටින් අයියට කියල අහල පහල හෝටලේකින් ගෙන්න ගන්නව තෙල් වැක්කෙරෙන, බැදපු මස්, මාලු එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක්.... එකෙක් ගෙන්න ගන්නව ඇහුනොත් අනිත් උන්ටත් ඕන වෙනව... මෙයාලට සල්ලිවලින් නම් කිසිම අඩුවක් තිබුනෙ නැති නිසා හිතූ හිතූ විදියට වියදම් කරනව... අනේ ඉතින් ගෙදර මනුස්සය දන්නෙ නෑනෙ ඕවා... එයා ඉතින් පාන්දර නැගිටලා මහත්තයට කියලා හිතාගෙන අනුන්ට බත් උයනවා... ඒකට වෙන්න ඕන කරදරේ හොඳට දන්න හින්ද මට හරි කණගාටුවක් හිතුන ගෙවල්වල ගෑනු උදවිය ගැන...
ඉතින් ඔහොම යනකොට ඔන්න කස්ටිය කතාවෙන්න ගත්ත එක්සසයිස් කරන්න ඕන කියල.... එක එක යෝජනාවල්.... වැඩ කරල ඉවරවෙලා යනගමන් ට්‍රැක් කිට් එකකට මාරුවෙලා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් ගිහින් වට කිහිපයක් දුවමු කියලත් කතා උනා.... අන්තිමටම තීරණය උනේ වැඩට එන්න කලින් පාන්දර නැගිටලා කිලෝමීටරයක් විතර දුවමු කියලයි.... දැන් ඔන්න කස්ටිය ඒ වැඩේ පටන් අරන් සමහරු උදේට එනව බාගෙට පණ ගිහින් වගේ...සමහරුන්ට ටික දවසකින් වැඩේ එපා උනා... තව සමහරු දිගටම කරගෙන ගියා.... එහෙම දිගටම දුවපු එක්කෙනෙක් හිටියෙ අපේ ගෙවල්වලට ටිකක් කිට්ටුවට වෙන්න... මං මෙතන අපේ ගෙවල් කිව්වෙ අපේ මහ ගෙදර නෙවෙයි... කසාද බැන්දට පස්සෙ අපි හදාගත්තු ගෙදර.... ඒ නිසා මේ පරිසරය අර මං කලින් කිව්ව කතාවල තිබුනු එකට වඩා වෙනස්....අපේ ගෙවල්වලට ගෙවල් දෙකකට එහායින් තිබුනා පොඩි කඩයක්... ඒකට පාන්දර හය වෙනකොට යන්න ඕන පාන් ගෙඩියක් ගන්න... පරක්කු උනොත් ඉතින් එදාට 'නොකාපාං' තමයි... ඒ හින්දා ගොඩක් වෙලාවට වැඩට ගෙනියන්න කෑම උය උය ඉන්න ගමන්ම ඇඳන් ඉන්න පිජාම එකට උඩින් ගවුමක් දාගෙන දුවල ගිහින් පාන් අරන් එනව...
ඔන්න ඉතින් දවසක් මේ විදියට කලබලෙන් මං දුවනව පාන් ගේන්න... එලියට බහිනකොටම මට ඇහෙනව ඈතින් බල්ලො රැලක් බුරා හැලෙනව.... ටිකක් කන් දීගෙන ඉන්නකොට සද්දෙ තව ටික්ක ලඟින් ඇහෙනව.... පරක්කු උනොත් පාන් ගෙඩිය අහිමි වෙන හින්ද ඔන්න ඔහෙ කමක් නෑ කියල ගේට්ටුව ඇරන් එළියට ඇවිත් සද්දෙ ආපු පැත්ත බලනකොට කවුදෝ මනුස්සයෙක් දුවගෙන එනව පන එපා කියල... පස්සෙන් බලු රෑනක් හිටු කියල පන්නනව.... තත්පර කිහිපයකින් මිනිහ පාස් කළා මං හිටිය තැන... පාස් වෙන ගමන්ම මෑන් මං දිහා හැරිල බැලුව... බොලේ අපේ ඔෆිස් එකේ එකා.... පොරට පස්සෙ හිතෙන්න ඇති මොන මගුලකට හැරිල බැලුවද කියල... ඒ තත්පරේට පාරෙ තිබුන මොකක්ද එකක පැටලුනු මිනිහ වැටුන දඩා....ස් ගාල පොලවෙ ගැහුව වගේ.... පිටිපස්සෙන් පන්නගෙන ආව බල්ලො ටිකට බ්‍රේක් ගහගන්න බැරිඋනා වෙලාවට... උන් සමහරු මිනිහගෙ ඇඟටත් උඩින් පැන්න... සමහරු ඇඟ උඩින් දිව්ව... සමහරු මිනිහ වැටුනු සද්දෙට බය වෙලාද කොහෙද ටිකක් ඈතට දුවල සූදානම් සරීරෙන් බලන් ඉන්නව... සීන් එක දැකල මට මැරෙන්න හිනා.... පොර නැගිටින්නෙත් නැතුව එහෙමම දපල ඉන්නව මළා වගේ.... මළා නම් හොඳයි කියල ඒ වෙලාවෙම හිතෙන්නත් ඇති....
දිවිල්ල නතර උනු හින්ද ආතල් එක නැතිවෙච්චි බලු රැලත් දැන් ඉන්නව අපි නෙවෙයි ගානට...
'ඒයි...අශෝක...' මං ළඟට යන්නෙ නැතිව ඈතින් ඉඳලම කතා කළා...
'හ්ම්ම්ම්....' මිනිහ කෙඳිරි ගෑව..
'අවුලක් නෑනෙ...'
මිනිහ හෙමීට නැගිටල වාඩි උනා.... එතකොටයි මං දැක්කෙ, පොරගෙ දනුස්කොඩි දෙක ලෙලි ගිහින්... ෂෝටක්නෙ ඇඳන් හිටියෙ..
'මොකක්ද අනේ සිද්ද උනේ...'
'මෙන්න මේ වේ... බලු රැල පන්නන්න තියා ගත්තනෙ....' මිනිහ අත් දෙක හරව හරව හම ගිය තැන් බල බල කියනව....
'ඉතින් ගලකින්වත් ගැහුවෙ නැද්ද...'
'නෑ.. මං පොලු කෑල්ලක් සෙට් කරගෙනමයි එන්නෙ...' ලස්සන වැඩේ කියන්නෙ ඒ පොලු කෑල්ල ඒ වෙනකොටත් පොරගෙ අතේ.... බය වෙච්චි පාර දිව්ව මිස ඒකෙන් ගහන්න මිනිහට අමතක වෙලා...
මම පන ඇරගෙන හිනා වෙනකොට මිනිහ බැලුව උඩ ඉඳන් පහලටම මගේ දිහා... එතකොටයි මට මතක් උනේ මං ඇඳන් ඉන්නෙ මොකක්ද කියල... මට හීන් දාඩිය දැම්ම....
'මරු ඇඳුමක්නෙ...' පොර ඒ අස්සෙත් නක්කලේට හිනාවෙනව...
'කවුද දන්නෙ මං මේ පාන් ගේන්න යන ටිකට තමුන්නාන්සෙ මෙතන කරනම් ගහන්න තියාගනියි කියල...හැබැයි ගිහින් මට කාඩ් එහෙම ගහන්න හැදුවොත් මං කියනව වෙච්චි දේ, හොර කොටු පනින්න ගිහින් බල්ලො පැන්නුව කියල....'
'මේ...මේ..මේ... මං පනින්න ගිය හොර කොටුවක් නෑ... මං දිව්වෙ එක්සසයිස් එකට...'
මං මුකුත් කියන්නෙ නැතිව විසිල් පාරකුත් ගහගෙනම කඩේට ගියා.... පොර නැගිටල ඉනට අත් දෙක ගහගෙන මං යන පැත්ත බලන් ඉන්නව ආපහු හැරිල බලපු මට පෙනුන...
පොර නෙවෙයි ඔෆිස් එකේදි කටින් කෙළ බිංදුවක් හැලුවෙ.... Phew....!!
හඃ හඃ හා,,, නියම කතාව
ReplyDeleteස්තුතියි දූපත් වැසියට... මේ ආව පළමුවෙනි පාර නේද? සාදරයෙන් පිලිගන්නවා... දිගටම ඇවිත් යන්න එන්න... :D
ReplyDeleteඉතිං ඔයා පිජාම එක ඇඳල [= නයිටියක්ද..?] ඊට උඩින් තව ගවුමකුත් ඇඳලනෙ හිටියෙ.
ReplyDeleteඒක නිසා කලබල වෙන්න දෙයක් එතන නෑනෙ.
ඇයි අනේ මේ හැම තිස්සෙම ගෑනුන්ගෙ ඇදයක් හොයාගෙන ඒකට අති පයින් දාල කුණුහරප ටිකක් කියල විනෝදවෙන මිනිස්සුන්ට මගේ ඇඳුම ඇති මාස ගානකට.. උදේ හවස බයිට් වෙන්න බෑනෙ.... ඒකයි බය උනේ.... :D
ReplyDeleteමරු කතාව......
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහොම ස්තුතියි රන්දික... මේ පැත්තෙ ආවටත් කොමෙන්ටුවක් දාල ගියාටත්...
ReplyDeleteආහ්... බලු කතාවක්...
ReplyDeleteඕකනේ මම කිව්වේ බව්වන්ට දුවනකන් තියෙන ආතල් එක නතර උනාට පස්සේ නැහැ කියලා.
දැන් බලන්න අශෝක මහත්තයත් බ්රේක් ගහපු නිසානේ බල්ලෝ රංචුවෙන් බේරුනේ... :)
ඔයාගේ ඇඳුම ගැනනම් මම මුකුත් කියන්නේ නැහැ. අශෝකට ඔය වගේ හදියක් උනේ නැත්නම් බලාගන්න තිබුනා ඔයාට සිද්ධවෙන හරිය ඔෆිස් එකේදී.
හික්ස්... ඒකනෙ ඇග්‍රිමන්ට් එකක් ගැහුවෙ ලැබුනු පළවෙනි චාන්ස් එකෙන්ම...
ReplyDeleteඇත්ත නේන්නම්... අශෝකයත් ගහල තියෙන්නෙ බ්‍රේක් එකක්නෙ බැලුවාම... :D
කතාවෙන් ගතයුතු ආදර්ශය, 'ගෑනි බැඳල දෙන බත් මුල කට හරියෙ තියන්න බැරිය'
ReplyDeleteබය නැතුව කොමෙන්ට් එක ලිව්වෙ , ඔබී පලාතකවත් නැති හින්ද. විහිලුවට හේම කිව්වට, ඔබී ඩිනර් එකක් දෙනකොට මේ පැත්තෙ එවුන්, එකීලා, පැනගෙන එන්නෙ.
@ Observer,
ReplyDeleteකෝ ඔබී.. කොහෙද ඉන්නෙ... මං පෙන්නන්න ඔබාගෙ කොමෙන්ටුව.... :)
එහෙම ගැනියෙක් හම්බෙච්චි එක මොනතරම් වාසනාවක්ද ඔබා මාමෙ...
හිකිz බිකිz මරු කතාව.ඔයාට හූවකුත් කියන්න තිබ්බෙ.
ReplyDeleteහක හක හක! පව් වැඩේ...නැගිටින්න පොඩි සප් එකක් දෙන්න එපැයි..ඔය කටු සීන් එක කිව්වම මතක් වෙන්නේ අපේ ඉස්කොලෙට උගන්නන්න අක්කලා (මිස්ලා) එන හැටි :) කොල්ලො විතරක් ඉන්න ඉස්කෝල නේ :)අහන්න ඕන නැහැ නේ!
ReplyDeleteහප්පේ මරු කථාව...සාරිය ඇදන් හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක නං එපා වෙනවා.....අර බුවාට වෙච්ච එකනං මරු...මිනිහා දුවන එක නවත්තන්න ඇති.පිජාමා එකට උඩින් ගවුමක් ඇන්දම නිකන් සර්කස් එකකට යන්න සෙට් වෙලා වගේ නිසා මිනිහ ඒක බලලා වැටෙන්න ඇත්තේ...හික් හික් හික් .....
ReplyDelete@ නදී,
ReplyDeleteඒක නම් ඇත්ත අනේ... මම මදියි නොකියන්න ඌට හිනා උනා....
@ සාබිත්,
ReplyDeleteඒ මිස්ලට වගේ තමයි මටත් උනේ... අපේ කෑම කන තැනට යන්න පහළ තට්ටුවට බහින්න ඕන... ඉතින් කෑම කාල එනකොට අර පඩිපෙල ආපහු නැගගෙන උඩට යන්න ඕන... ඔයවෙලාවට එකෙක්වත් නෑ මට ඉස්සර වෙන්නෙ... හොඳ ජෙන්ටල්මෑන්ස්ල වගේ ලේඩීස් ෆස්ට් කියනවා... අනේ ඉතින් මං සාරි පොටේ යටින් එක කොනක් ඉස්සරහට අරගෙන පුළුවන් තරම් මගේ පස්ස වැහෙන විදියට හදන් තමයි පඩිපෙල නගින්නෙ... මගක් නැගල බලනකොට කට්ටිය මට පස්සෙන් එක සීරුවට මගේ පස්ස දිහා බලාගෙන පඩිපෙල තරණය කරනවා...
@ ඔබ නොදුටු ලොවක්...,
ReplyDeleteඅයියෝ කියල වැඩක් නෑ.... ඔය වගේ දෙයක් කරපු කෙනෙක් හරි, දැකපු කෙනෙක් හරි තමයි ඒක දන්නෙ.... සර්කස් එකක ජෝකර්කෙනෙක් වගේ.... මිනිහ අර පණ එපා කියල දුවන අස්සෙම හැරිල බලන්න ඇත්තෙ මොකක්ද මේ තොයිලෙ කියල තමයි.... :D
නාකිත් තරිකිට තෙයි කාටත් ඔය ටික වෙයි :))
ReplyDelete@ Hasitha,
ReplyDeleteකාටද අනේ නාකියි කිව්වෙ.... මේ සිද්දිය වෙනකොට මං විසි ගණන්වල මැද හරියෙ.... අශෝකයට ඕන්නම් තිස්පහක් විතර ඇති.....
niyamai.... mare maru...kiyala wedaknee.......
ReplyDeleteතන්කූ ඇනෝ.... :)
ReplyDeleteහපොයි අර මනුස්සයාටත් වෙච්චි දෙයක් !!!
ReplyDeleteමෙහෙම කතා කියවන්න තියේ නම් මරු නේ. මාත් දුවන්න පටන් ගන්න ඕනා. නැත්නම් මහත් වෙන එකේ සීමාවක් නැතුව යනවා.
@ මධුරංග,
ReplyDeleteදුවන්න අනේ... මදිපාඩුවට පස්සෙන් එලවන්න බල්ලො ටිකකුත් හොයාගත්ත නම් මීටර් 100 ලෝක වාර්තාවත් කඩන්න පුළුවන් වෙයි දවසක.....
හිනා කාලා මැරෙනවා හලෝ පට්ටයි මිනිහා ඊට පස්සේ දුවන්න නැතුව ඇති නේද වෙලාවට මිනිහා වැටුනේ නොවැටුනානම් ටයිම් එක සෙට් කරන් හැමදාම එකම පාරෙන් දුවන්න තියාගනියි හි හි
ReplyDeleteඑහෙම වෙන්නත් පුළුවන් තමා... හික්ස්...
ReplyDelete