මේක අපි මේ රටට ආව අලුත සිද්ද වෙච්චි දෙයක්.....
ඒ දවස්වල අපේ චූටි බබා මගේ ඇඟේ එල්ලිලාමයි හිටියෙ...අලුත්ම වටපිටාවක් නිසා එයා ගෙදරින් එලියට ගියාම අප්පච්චිගෙ අතටවත් ගියේ නෑ.... ඒ නිසාම එයාට නමකුත් වැටුනා 'අම්මි බබා' කියල.... ඉතින් ඒ දවස්වල ගෙදරින් එලියට ගියාම අප්පච්චි ලොකු දුවව බලා ගන්නවා.... මම චූටි බබාව බලගන්නවා.....
දවසක් අපි රෑ කෑමකට රෙස්ටොරන්ට් එකකට ගියා... ඉතින් අපි කෑම එහෙම අරගෙන ඉස්සර වෙලාම පොඩි උන් දෙන්නට කැව්වා.... අප්පච්චි ලොක්කට...මම පොඩ්ඩට... ඒ දෙන්නට කවල අපි කන්න ලැහැස්ති උනා විතරයි ලොක්ක කියපි 'අප්පච්චි, මට චූ බරයි....' කියලා....
එපාර මම විගහට කෑම එක පැත්තකින් තියලා දරුවව ටොයිලට් එකට එක්කන් යන්න ලැහැස්ති උනා විතරයි පොඩි එකා බෑඟිරි ගහන්න පටන් ගත්තා යන්න එපා කියලා...එයාටත් එන්න කියලා කතා කලත් ඒ එන්නත් බැරිලු.... සද්දෙට දැන් වටපිටාවෙ මිනිස්සුත් ටික ටික අපේ පැත්ත බලන්න පටන් ගත්තු නිසා වැඩේ වර්චස් වෙන්න කලින් අප්පච්චි කිව්වා 'මං එහෙනම් මෙයාව disable toilet එකට එක්කන් යන්නම්...' කියලා, මොකද ගෑනු toilet එකට දරුවා අරන් යන්න එයාට බැරි නිසා. ඔය disable toilets ඇතුලෙ හොඳට wheel chair එකක් හරවගන්න පුලුවන් වෙන තරමේ ලොකු ඉඩ කඩක් එහෙම තියලා තමයි හදලා තියෙන්නෙ....
ඉතින් මේ දෙන්නා එතැනට යනකොට ඒකෙ දොර වහලලු.... ඔහොම ටික වෙලාවක් දොර ලඟ හිටගෙන ඉන්නකොට එතැන වැඩ කරපු සික්කෙක් මේ දෙන්නව දැකලා ‘Hello...’ කියාගෙන ගියාලු.... දැන් මේ දෙන්නා හිටගෙන ඉන්නවා ඉන්නවා ඇතුලෙ ඉන්න එකා එලියට එන්නෙම නැතිලු.... ඔන්න එතකොට අර සික්ක ආයෙම එතැනින් යන්න ඇවිත් මේ දෙන්නා තවම හිටගෙන ඉන්නවා දැකලා.... ඒ මනුස්සයා අපේ දෙන්නට ‘Sorry...’ කියලා අර disable toilet එකේ දොරට හෙමිහිට තට්ටු කලාලු... නැතිලු කිසිම ප්රතිචාරයක් ඇතුලෙන්... ඒ ගමන සික්කා හය්යෙන් දොරට තඩි බෑවලු, ඇයි ඇතුලෙ ඉන්න එකාට කරදරයක්වත්ද දන්නෙ නෑනෙ.... ඔන්න එතකොට ඇතුලෙ හිටිය එකා දොර ඇරියලු.... බලනකොට පොලවෙ ගෑවෙන තරමට දිග සායකුයි, හැට්ටයකුයි ඇඳපු අවුරුදු පනහක විතර පෙනුම තියෙන ගෑනියෙක්.... දොර හොඳට ඇරපු නිසා ඇතුලෙ wheel chair එකක්වත් මොනවාවත් නැති බවත් පෙනිලා... සික්ක ඇහුවාම 'Are you ‘kay' කියලා, ගෑනි කිව්වලු ‘Yep, gimme a sec, please..’ කියලා... එහෙම කියලා ගෑනි ආපහු දොර වහගෙන... සික්කත් යන්නෙ නැතිව එතැනම ඉඳලා...
මෙන්න ටික වෙලාවකින් දොර ඇරගෙන එලියට එනවලු අවුරුදු තිස්පහක හතලිහක පෙනුම තියෙන මිනිහෙක්... ගෑනිත් එලියට ආවලු වගේ වගක් නැතිව... මේක දැකපු සික්කට 'What the f.....’ කියල කියවුනාලු.... පස්සෙ සික්කටයි අපේ එක්කෙනාටයි හිනාව නවත්තගන්න බැරි වෙලා අර දොර ඇරපු වෙලාවෙ ඒ මිනිහා ඉන්න ඇත්තෙ කොහේද කියල තේරෙනකොට....