Total Pageviews

Showing posts with label චූටි නංගි. Show all posts
Showing posts with label චූටි නංගි. Show all posts

Saturday, 16 July 2016

මතකය...



මං ලියන කතා බැලුවම අපේ පවුලෙ අයට හරි පුදුමයි මට මෙච්චර දේවල් මතක තියෙන්නෙ කොහොමද කියලා... ඒ සමහරක් ඒවා මං ගොඩාක් පුංචි කාලෙදි වුනු සිදුවීම්... සමහර මතකයන් සම්බන්ධව කියන්න තරම් දිග කතා නැත්තෙ ඒවා නිකම්ම සිදුවීම් දාමයන් හින්දයි... ඒ උනාට සමහර මෑත සිදුවීම් මතකයෙන් ගිලිහිලා තියෙන්නෙ පුදුම විදියට... සමහර පුද්ගලයොත් එහෙමයි... සමහරුන්ව දැක්කම හොඳට පුරුදු කෙනෙක් කියල මතක් උනාට කොහෙදිද මෙයාව දැක්කෙ, කතා කළේ, නම මොකක්ද කියන විස්තර මතකයට එන්නෙම නෑ... ටියුබ් ලයිට්... ඒක පත්තු වෙන්නෙ සමහරවිට ගෙදර ආවටත් පස්සෙ... එතකොට පෙරහැර ගිහින් ඉවරයි... ඒ වැඩේ නම් මහ සවුත්තුම දෙයක්....

Monday, 7 April 2014

චූටි නංගි......


අපේ චූටි නංගිට චූටියි කිව්වට ඉතින් පොඩි කාලෙ ඉඳලම චූටි නැතිලු හොඳේ..... මෙයා ඉපැදුනු දවස්වල කොච්චර චූටිද කියනවා නම් අපේ අම්මට තනියම හරහට අරගෙන මුන්දව නාවන්නවත් බෑ.... ඔය කාරණේ හින්දා අර මං කලින් කතාවල කිව්ව නැන්දට අමතරව අම්මල තවත් නැන්දෙක් එක්කන් ආව....

Sunday, 5 February 2012

චූටි නංගි තරහා වෙලා......

මම කලින් ලියපු පෝස්ට් දෙකක ( බිත්තරයක් කළ හදියක්, චූටි නංගිගෙ චක්කරේ) අපේ චූටි නගා ගැන කිව්ව ඔයාලට මතක ඇති.... කියෙව්වෙ නැති අයට කැමති නම් බලන්න මෙන්න ලින්ක් දෙක....

http://miyuruworld.blogspot.com.au/2012/01/blog-post_18.html
http://miyuruworld.blogspot.com.au/2011/11/blog-post.html

Wednesday, 18 January 2012

චූටි නංගිගෙ චක්කරේ.....

අපි තුනේ පන්තියේ ඉන්නකොට අපට නියම වෙලා තිබුණ චක්කර කට පාඩම් කරන්න.... ඕක නැතුව ගණන් හදන්න බැහැනෙ.... මට මතකයි ඒ දවස්වල ගණන් හදන්න ගන්න කොටු රූල් පොත්වල පිට කවරෙ අන්තිම පිටුවෙ 1 ඉඳලා 12ට චක්කර ටිකයි, අනිත් බර, දිග, පරිමාව මණින ඒවයෙ අනුපාතයි දාල තියෙනව.... පස්සෙ කාලෙකදි කොටු රූල් පොත්වල ඒව දාන එක නැවැත්තුව මට මතක විදියට.... එහෙම පොත්වල අච්චු ගහල තිබුණට වැඩක් උනේ නෑ.... මිස් පාඩම් ගන්න වෙලාවට පොත් අනිත් පැත්ත හරවලා ඒවා වහගන්න ඕන.... කට්ටයො වැඩිවෙනකොට මිස් පොත් ටික කලින්ම එකතු කරගන්නව... ළමයින්ට වාසියකට තිබ්බෙ චක්කර පාඩම් ගන්න දවස කලින් කියන එක.... ඒ කිව්ව දවසට පන්තියෙ එව්වො ටික, විශේෂයෙන්ම කොල්ලො උදේ පාන්දරින්ම ඉස්කෝලෙ ඇවිත් චක්කරේ ලියාගන්නව මේසෙ උඩ.... ඉතින් පාඩම් දෙන වෙලාවට මිස් පොඩ්ඩක් අහක බලාගන්නකම් තටම තටම ඉඳලා වෙඩි වගේ කියනව අනිත් පැත්තට හැරුණු ගමන් අරක දිහා බලාගෙන.... මම නම් පුළුවන් ඉක්මනට ඕක පාඩම් කරගත්ත, වෙන මොනවටවත් නෙවේ, ලැජ්ජවෙන්න වෙනවට.... ඒ දවස්වල ඕව බැරි උනාම වේවැල් පාර වදිනව.... එහෙම නැත්නම් පන්තිය ඉස්සරහ දණ ගහගෙන ඉන්න ඕන.... ඒත් නැත්තං පන්තියෙන් එළියට දානව....

Wednesday, 2 November 2011

බිත්තරයක් කළ හදියක්...!!


අපි පුංචි කාලෙ අපේ ගෙදර නැවතිලා හිටියා අම්මගෙ ලොකු මාමන්ඩි.... අපි එයාට කිව්වෙ ලොකු සීයා කියලා... මේ ලොකු සීයා වැඩ වාසය කලේ අපේ ගෙදර ඉස්සරහ කාමරේ... එයා හරියට වෙලාවට, කාලසටහනකට වැඩ කල එක්කෙනෙක්... පාන්දර පහට නැගිටලා පැය භාගයක් සක්මන් කරනවා... පහයි තිහට උදේ තේ එක ... හයහමාරට මූන කට හෝදගෙන හතහමාර වෙද්දි උදේ කෑම එක ඕන... දහයාමාරට තේ එක, හරියට දොලහට දවල් කෑම, තුනහමාරට හවස තේ, රෑ අටට රෑ කෑම, නවයට විතර ප්ලේන්ටියකුත් බීලා නවහමාරට තමයි නිදාගන්න ඇඳට යන්නෙ.... ලොකු සීයා හැමදාම හවස හයහමාරට බුදුන් වඳිනවා... අපි මොනතරම් නටලා දඟලල හිටියත් හරියට වෙලාවට  මූන කට හෝදලා, අලුත් ඇඳුම් ඇඳගෙන, පවුඩර් දාලා පිරිසිදුව ඉන්න ඕන වැඩේට ලැහැස්ති වෙලා... සීය තුන් සූත්තරේම කියල නිසා වැඩේ ඉවර කරන්නෙ, බුදුන් වැඳල ඉවර කරන්න සෑහෙන වෙලාවක් යනවා...