ඔන්න දවසක් අපේ මහත්තයගෙ මෑතකදි කැන්ගරු දේශයට ආව යාලුවෙකුට ඔසියෙකුගෙන් ආරාධනාවක් ලැබිල රාත්‍රී භෝජන සංග්‍රහයකට.... සුද්ද යාළුවගෙ කැම්පස් එකේ එකෙක්... මෙයා කසාද බැඳපු කෙනෙක් නිසා ජෝඩුවටම තමයි ආරාධනාව ලැබිල තියෙන්නෙ... හැබැයි භෝජන සංග්‍රහය තියන්න සැලසුම් කරල තියෙන්නෙ fine dinning restaurant එකක.... හැමෝම දන්නව ඇතිනෙ මේ වර්ගයෙ restaurants, dress code එකක් එහෙම තියෙන බොහොම formal විදියට හැම දෙයක්ම සිද්ද වෙන තැන් බව... ඒ වගේම තමයි කෑමත් අනිත් සාමාන්‍ය තැන්වලට වඩා ගොඩක් මිළයි...ඔන්න ඉතින් කියාපු දවසෙ හැන්දෑවෙ දෙන්න ජයටම ලැහැස්තිවෙලා අපේ ගෙදර ආව අපේ මහත්තයට කියල අදාල ස්ථානයට ඇරලවා ගන්න... මොකද මෙයාලා මෙහෙට අළුත් නිසා ඒ වෙනකොට පාරතොට ගැන එච්චර දැනගෙන හිටියෙ නෑ... එයාලගෙ ප්ලෑන් එක උනේ වැඩේ ඉවරවෙලා ටැක්සියක් අරගෙන ගෙදර යන්න....
"මචං හොඳ වෙලාවට බං සුද්ද කතා කළේ... කැම්පස් එකේ සල්ලි ගෙවපු ගමන් මේ දවස්වල රිම් එකෙන් යන්නෙ... වේලක් නිකං කාල එන එකනෙ..." යන්න ලෑස්ති වෙන ගමන් යාළුව එහෙම කියල හිනා උනා...
"ආයෙ අතින් පයින් යන එකක්යැ... හෙට අනිද්දටත් එක්ක කාලම වරෙන්..." අපේ ගුරුන්නාන්සෙත් ඔහොම කියනව මට ඇහුන...
ඉතින් අර යාළුවත් පළපුරුදුකාරයගෙන් උපදෙස් එහෙමත් අරගෙන ගමනට පිටත් උනා...
ඉතින් අපේ එක්කෙනත් ඩැයිවර් වැඩේ එහෙම කොරල ඇවිත් කාල බීල කය්යක් ගහන් ඉන්නකොට මෙන්න එනව කෝල් එකක් යාළුවගෙන්... එතකොට ජෝඩුව පිටත් වෙලා පැය දෙක තුනක් විතර ඇති...
මෙහා පැත්තෙන් මට ඇහුනෙ මේ ටික...
"ඇයි මචං මොකද.. ටැක්සියක් අල්ලගන්න බැරි උනාද...?"
තත්පර කිහිපයකට පස්සෙ අපේ මහත්තයට ලොකු හිනාවක් යනව මං බලාගෙන...
"නෑ...!!" විශ්මයාර්ථයක්... ඇස් දෙකත් නළලෙ...
ඉන් පස්සෙ මහා හිනාවක්....
"හරි දැන් මට හරියටම කියපං උඹ ඉන්නෙ කොතනද කියල...."
ඔය විදියට විස්තර ටික එහාට මෙහාට උනාට පස්සෙ මට ඇහුනා අපේ එක්කෙනා කියනව බයවෙන්න එපා, එයා දැන්ම එනව කියල...
මට මේ අණ්ඩර දෙමළෙ තේරුනේ නෑ... ඇහුවට කිව්වෙත් නෑ.. විගහට ඇඳුමක් දාගෙන කාර් එක ගත්ත ගියා...
පැය බාගයක් විතර යනකොට කස්ටියම එනවා මහ හයියෙන් හිනා වෙවී... ඒත් නෝන නම් හිනාඋනාට හිටියෙ අපහසුතාවයකින් කියල මට තේරුනා...
පස්සෙ බලනකොට වෙලා තියෙන්නෙ මේක...
ජෝඩුව අපේ ගුරුන්නාන්සෙගෙ උපදෙස් අනුව මෙනු එක ආවට පස්සෙ හොඳට බලල, කවදාවත් කාල තියා අහලවත් නැති කෑම වගයක් ඕඩර් කරල... සුද්ද නම් බොහොම සිම්පල් කෑමක් තමයි තෝරගෙන තියෙන්නෙ...
ඉතින් දැන් මෙයාල අතුරුපස පවා ඕඩර් කරලා... ඇයි අපේ උන්දත් කිව්වනෙ ඇරල දාන්න.. සුද්ද වතුර එකක් බීල නිකම් හිටියලු... මෙයාලට පුදුමත් හිතිලා...
අන්තිමට ඉතින් සුහද කතා බහ එහෙම ඉවර වෙලා ගෙනාව බිල එහෙම ගෙවල shake hand කරල බායි කියාගෙන සුද්ද ගියාලු....
අපේ දෙන්නත් ඉතින් හෙලවෙන්න බැරි තරමට කාලා බොහොම අමාරුවෙන් නැගිටගෙන යන්න හදනකොට වේටර්කාරය පොතක් ගෙනත් දුන්නලු... මේ දෙන්න ඒක දිග ඇරල බලනකොට අස්ප ගානක බිලක්ලු.... යාළුව කියල සුද්ද බිල ගෙවලයි ගියේ කියලා... වේටරය කිව්වලු එයා ගෙව්වෙ එයාගෙ බිල, මේක මේ දෙන්නගෙ බිල කියලා.... පොරට කාපු ටික දාල පිච්චිලා ගිහිල්ලා... ඇයි සල්ලිත් නෑනෙ අතේ... බඩ පැලෙනකම් නොමිළෙ කන්නනෙ ආවෙ... ඕඩර් කළෙත් අතින් යනවද පයින් යනවද කියල මිළ වැඩිම ඒවායින්... දැන් ඉතින් ගෙවපල්ලකො...
බලන් හිටිය කියල සල්ලි කොහෙන් පහල වෙන්නද.... කරන්න වෙන දෙයක් නැති නිසා තමයි අන්තිමේදි අපේ දුක්ගන්නාරාළට කතා කරල තියෙන්නෙ...
අනේ ඉතින් උන්ද ගිහින් බිල ගෙවල බේරගෙන එනකම් මුන් දෙන්න ගැහි ගැහි ලැජ්ජාවෙ බැරිව ඉන්නවලු වාඩිවෙලා receptionist ඉස්සරහ....
හපොයි
ReplyDeletehikis...මෙහෙ සුද්දො පුදුම වෙනව අපි ගෙදරට හරි හෝටලේකට හරි එන්ඩ කියල කන්ඩයි බොන්ඩයි දීල උංට බිල ගෙවන්න චෑන්ස් එක දුං නැති වුනාම.
ReplyDeleteහෙහ්...හෙහ්...අර කට්ටිය කිරිම කිරි කෝඩු කට්ටියක් වෙන්නැති. හැබය් ඒගොල්ලොත් පුරුදු වෙයි ටික කාලයක් යන කොට 'බ්රින් අ ප්ලේට්' කියන්න විසිටර්ස් ලට. ඔබී නං ෆුල් විරුද්ධයි ඒකට, අපි සාමන්යෙන් එන්ටර්ටේන්මන්ට් ගෙදරම තමා කරන්නෙ, අපේ කෑම, අපේ බීම, අපේ බයිට්. (මට දිරවන්නෙ නැත්තෙ ගෑණුන්ගෙන්නෙ බයිට් බේර ගන්න බැරි...බයිට් හදංනෙ මං හින්දද දන්නෙ නෑ...හික්ස්)
මට ඔයාගෙ ෆොලෝවෙර් වෙන්ට බැරි ඇයි? ෆොලෝ බ්යි ඊමේල් දම්මා. කතා නං ඉල ඇදෙන ඒව තමා. සඳරුගෙ ෆීමේල් වර්ශන් එක වගෙ. හරි නිර්ව්‍යාජයි. Keep it up.
ReplyDeleteඔව් අනේ... පස්සෙ බලනකොට ඕක ඔසියන්ගෙ හැටියක්... උන්ට entertainment සපයන්න අනිත් එවුන් අතින් කයිට් කරගන්න ඕන... සමහර බෙදාහදාගෙන කන අයත් ඇති... මං වැඩ කරන තැන ඉන්න සුද්දියන්ට නම් මං ඕව ඇදල අරන් සවුත්තුව දානවා... අපේ රටේ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාර, customs ගැන විස්තර කරල මං කිව්ව අපේ රටවල් දුප්පත් උනාට ඉන්න මිනිස්සුන්ගෙ හදවත් හරිම පොහොසත් කියලා...
ReplyDelete@ kavikaari,
ReplyDeleteමං උඩ කොමෙන්ටුව දැම්මෙ emailkavikaari. ට... එතකොට ඒ කවිකාරියි, මේ කවිකාරියි දෙන්නෙක් වගේ නේද? අනේ කවිකාරියේ පහුගිය දවස්වල පොඩි අප්සැට් එකක් තිබුන මගේ බ්ලොග් එකේ... මමම එහාට මෙහාට වන වන ඉඳලා මොනව වෙලාද මන්ද ඔන්න හරි ගිහිල්ල දැන්... බ්ලොගාටම දුක හිතිලද කොහෙද... දැන් බලන්නකො ට්‍රයි එකක් දීලා.. සමාවෙන්නෝනෙ වෙච්චි කරදරේට.... :)
අපි ප්‍රංශෙ ඉන්නකම්ම දෙසැම්බර් 31 පාටි තිබුනෙ අපේ ගෙදර. හැම රටේම අය එනවා. ප්‍රංශ කාරයොත් උන්ට යන්ට තැනක් නැතුවා වගෙ එනවා. කට්ටිය හැබැයි කන බොන ජාති අරගෙන තමා එන්නෙ. බොහෝවිට හොඳ වයින් බෝතලයක් සමඟ අනර්ඝ චොකොලට් පෙට්ටියක් හෝ මල් මිටක් ලැබෙනවාමයි. ළමයින්ට තැගිත් ලැබෙනව ඉඳහිට. මට පේන්නෙ සුදු කට්ටිය රටෙන් රටට වෙනස් වගෙ.
ReplyDeleteemailkavikaari, kavikaari ඔක්කොම මේ මම තමා..සමහර විට ෆොලෝවර්ස්ල පේන්නෙ නැහැ දැන්නං පේනව. ටිකක් කල් යනකං භූතාත්මය වැහිල වගෙ තමා.පස්සෙ හරි යයි. මම තාමත් ඉගෙන ගන්නව මෙව්ව.
ReplyDelete@ Observer,
ReplyDeleteඅයියෝ කියල වැඩක් නෑ ඔබා මාමෙ... අපි මෙහෙ ආව දවස්වල ඔන්න පොඩි දෙන්න ඉස්කෝලෙ ඇරිල ගියා යාළුවෙකුගෙ ගෙදර... බයටම මහත්තය ඒ මිනිස්සුන්ට නොපෙනෙන්න ගේ ළඟ වාහනේ නතර කරගෙන ඉඳල තිබුනා මේ දෙන්න එනකම්... අනේ දෙයියනේ පැය දෙක තුනකට පස්සෙ දෙන්න එනව පට්ට බඩගින්නෙ... ජූස් එකක් විතරයි දීල තියෙන්නෙ...
මටත් පෙන්නන්න බෑ ඒ කෑම අරන් එන්න කියන වැඩේ... මොන බම්බුවක්ද දෙන්න බැරි නම් එන්න කියන්නෙ... ඕක හරියට කරනව ඉස්කෝලෙ ළමයින්ගෙ පාටිවල... අපේ ගෙවල්වල ආවම උන් යන්නෙ බඩ පැලෙන්න කාල තවත් ඒව අතිනුත් අරගෙන ගෙදරත් ගිහින් කන්න... වැඩි දෙනා උයන්නෙත් නැහැනෙ ගෙවල්වල... අපේ දුවගෙ යාලුවෙකුගෙ ගෙදර කවදාවත් උයන්නෙ නෑ.. ඒ ළමයගෙ කාමරේ කබඩ් එකක් පුරවල පැණි රස කෑම... චොකොලට්, අර බාර්, මේ බාර්... ඒ ළමයට බඩගිනි උනාම ඒව අරන්ලු කන්නෙ... ඉතින් මුන්ට මෙච්චර කැන්සර් හැදෙන එක අහන්නත් දෙයක්යැ....
@ kavikaari,
ReplyDeleteහික්ස්... මමත් තවම ඉගෙන ගන්නව... වැඩේ වැරදුනාම නම් වැරදුනාම තමයි.. ආයෙ කොහේ මොකක් උනාද කියල දන්නෙ නැහැ...
අර කවිකාරි කියුව වගේ කට්ටියත් කලාතුරකින් ඇති... ඒත් මුන්ට පුදුම හැකියාවක් තියෙන්නෙ වෙන කෙනෙක් බලන් ඉන්දැද්දි තනියම කන්න...
@ Observer,
ReplyDeleteමමත් බයිට් එකට නම් ඇහැ ගහගෙනමයි ඉන්නෙ... අපේ මහත්තය ඕක දන්න නිසා දෙපාරක් විතර වැඩේ දුන්නට පස්සෙ උකුල උඩ තියන් ඉන්නෙ බයිට් එක බේරගන්න... ඒ කියන්නෙ ඔබා මාම හදන බ්යිට් එකත් ගෑනුන්ට රස වැටිලා ...ආ.. :)
අක්කේ, උඹේ බ්ලොග් එක දැන් අප්ඩේට් වෙනවා.
ReplyDeleteමමත් මේ හදිස්සියේ දැකල ගොඩ උනේ, පෝස්ට් එක කියවන්න උනේ නැහැ තාම.
මම දැන් වැඩට යන්න හදන්නේ. පස්සේ වෙලාවක පෝස්ට් එක බලන්නම්.
ඔව් මලේ... තන්තෝසෙ බැරුවා.... අප්ඩේට් වෙනව නොව දැන්.... ඇවිත් මට මැසේජ්ජුව දුන්නට තන්කූ කිව්ව.... පුළුවං වෙලාවක ඇවිත් බලපංකො....
ReplyDeleteඅඩේ බලු සුද්දෙක් නෙව ඒකා කෑමට ආරාධනා කොරල බිල ගෙවන්නෙ කන්ඩ ආපු උන්ද?හිහ් ගියපු දෙන්නට නියම අද්දැකීමක්.
ReplyDeleteඒකට බලන්ඩකො ලංකාවේ.කවුරුහරි ගෙදරකට ආවමත් ඉස්සරවෙලාම බත් ටිකක් කමු එහෙනම් තියන විදියට කියලනේ මුලින්ම කියන්නෙ.බලු සුද්දෝ!!!
ReplyDeleteහපෝ මුන් ගැන කියල වැඩක් නෑ. අපේ මෙහෙ වුන් ඉන්නව. මුන් වැඩ බැරුව එංගලන්තෙන් එලෝපු උන්නෙව. ඒ උනාට ඉන්නෙ අලි වංසෙන්. මේ අපි එක්ක කතා කොර කොර තනියම ඇපල් ගෙඩියට දීල අරිනවනෙ. අපි ආසියාවෙ උන් පඩේටත් පාටි. අරුන් නෙමෙයි නිකංවත් ලන්ච් එකක් දෙන්නෙ.
ReplyDeleteඒකට ලංකාව කාලා තව දවස් දෙකතුනකට කන්නත් එක්ක අරගෙන යන්නේ... ඒ කාලේ මට උනා නම් ඔහොම එකේ ප්ලේට් ටික හොදලා තමා බිල ගෙවලා එන්න වෙන්නේ
ReplyDeleteදැනගත්තු එක හොඳයි! කවද කොහේදි හරි සුද්දෙක් කෑමකට අඬගැහුවොත් ලැජ්ජ බය පැත්තක තියලා මං නම් අහනවා උඹද බිල ගෙවන්න ඕන මමද කියලා :)
ReplyDeleteදවසක් ලංකාවෙදිම ඔය වගෙ පාටියක යන්න සිද්ද වුනා මටයි .. මගෙ යාලුවෙකුටයි ..[ගල්කිස්ස පැත්තෙ රෙස්ටොරන්ට් එකකට] අපිත් වැඩේ දන්නෙ නැතුව කන්න තමයි ගියේ. පස්සෙ බලත්දි කන ඒවට අපිම ගෙවන්න ඕනේ...
ReplyDeleteහැබැයි අපි දෙන්න අමාරුවෙ වැටිල දඟලන කොට ඕස්ට්‍රෙලියන් කාරයෙක්මයි උදව්වට ආවේ. මිනිහ ඕස්ට්‍රෙලියානු ඇබොජියන් එකෙක්. [ඇබොජියානු ආගන්තුක සත්කාරය ඉස්සරහට පැන්නද දන්නෙ නෑ]
බලාගෙන යද්දී ඔසීයො මාර ජාතියක්නෙ...කන්න ආරාධනා කරලා කන්න ගියාම බිලත් ගෙවලා එන්න ඕනෙ...හික්ස්...අර දෙන්නට මාර වැඩේ ...
ReplyDeleteවලව්ව කියලා රෙස්ටොරන්ට් එකක් තිබ්බා ඉස්සර ඇක්සස් බිල්ඩිමේ..මටත් එකෙක් එන්න කිව්වා ස්කයි වොඩ්කා එකක් ලෝන්ච් කරනවා කියලා...මමත් කන පාත් වෙන්න බිව්වා ..මොකද ඕපනින් එක නිසා නිකං කියලා හිතලා...ටිකකින් මෙන්න එනව බිලක්...හප්පටසිරි ගල් බෝතල් දුසිමක් ගන්න සල්ලි...අත වෙව්ල වෙව්ල සල්ලි ගෙවලා අරුගේ අම්ම මුත්තා මතක් කරලා ආවා එන්න.......
ReplyDelete@ kawikaari,
ReplyDeleteඔයා කියපු හොඳම ටික මට මග ඇරිලනෙ...
"මට ඔයාගෙ ෆොලෝවෙර් වෙන්ට බැරි ඇයි? ෆොලෝ බ්යි ඊමේල් දම්මා. කතා නං ඉල ඇදෙන ඒව තමා. සඳරුගෙ ෆීමේල් වර්ශන් එක වගෙ. හරි නිර්ව්‍යාජයි. Keep it up."
ඔයා ටික කාලෙක ඉඳලම මගේ ෆලෝවර් කෙනෙක් තමයි... අනේ මන්ද මටත් මගේ ෆලෝවර්ස්ලා ඔක්කොම පේන්නෙ ලොග් උනාම විතරයි... නැත්නම් බාගෙට බහිනවා....
බොහොම ස්තුතියි අගය කළාට... මං මගේ හිතට කතාව ගලාගෙන එන වචනවලින්ම ලියනවා වෙනස් කරන්නෙ නැතිව... මේකෙන් පේන්නෙ ඒ ක්‍රමය සාර්ථකයි කියලා බ්ලොග් එකකට... නැවතත් ස්තුතියි...
@ නදී,
ReplyDeleteමූ විතරක් නෙවෙයි අනේ... මෙහේ වැඩි දෙනෙක් ඔහොම තමයි... උන් ආරාධනා කළොත් ගෙවන්න ලෑස්තිවෙලා තමයි යන්නෝන... සමහර පාටිවලට යනකොට තමන්ගෙ කෑම එක ගෙදරින් අරන් යන්න ඕන... අර ඔබා මාම කියල තියෙන්නෙ ඒ ගැන.... සමහර එකට ජීවත්වෙන ජෝඩු කඩේ බඩු ගන්න ගියාම ගෑනි ගන්න ඒවට ගෑනි ගෙවනව... මිනිහ මිනිහගෙ බිල ගෙවනව...ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් එහෙම තමයි වැඩිදෙනා... උන කනකොට පොඩි දරුවෙක් බලන් හිටියත් වගක් නැතිව තනියම කනවා... මගේ පෞද්ගලික නිගමනය නම් සාමාන්‍යයෙන් මේ මිනිස්සු හරි පෙරේතයි... හොඳට කන්න අරන් දෙනව නම්, holiday එක්කන් යනව නම් ඕන තරම් ගෑනු මිනිස්සුන්ට...
@ ඉන්දික උපශාන්ත ,
ReplyDeleteඅයියෝ කියල වැඩක් නෑ... ඉන්දික ඉන්නෙ කැන්ගරු දේශයෙ වගෙයි පේන්නෙ... එහෙනම් මං කියල දෙන්න ඕන නැහැනෙ... හොඳ හොඳ අත්දැකීම් ඇතිනෙ... මුන්ගෙ අක් මුල් එංගලන්තෙ උනාට බලන්න එපායැ දැන්... නයි වෛරයි උන් එක්ක.... පොම්ස්ල කිය කිය...
මට මතක විදියට මේ ඉන්දික ආව පළවෙනි වතාව.... සාදරයෙන් පිළිගන්නවා.. බොහොම ස්තුතියි...
@ හිතුමතේ,
ReplyDeleteමල්ලි ඉන්නෙත් මෙහේද... අනේක වාරයක් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාර මතක් වෙනව මුන් එක්ක ඉන්නකොට....
ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග්ගුවට... බොහොම ස්තුතියි..
@ kumaraya,
ReplyDeleteඇත්තද..? ඌ හොඳ සල්ලි තියෙන ඇබොවෙක් වෙන්න ඇති... අපි උන්ට මෙහෙදි ඇබෝ කියල කියන්නෙ නෑ... කියන්නෙ වැද්දො කියල... මොකද ඇහුනොත් උන්ට තද වෙනව... විශේෂයෙන්ම බීල හිටියොත්... එහෙම නැත්තෙත් කළාතුරකින්... මෙහෙදි නම් උන් අපෙන් සල්ලි ඉල්ලනවා... ලැජ්ජාව කියන්නෙ ඔය ඔරිජිනල් වඳුරු පෙනුම තියෙන ඇබෝල අතරෙ මික්ස් වෙච්චි එවුන් ඉන්නව මේ අපි වගේමයි... අපේ පාට... හොඳට බැලුවාම තමයි පේන්නෙ වෙනස... :)
ඇබොරිජිනල් ආගන්තුක සත්කාරය ගැන නම් මං දන්නෙ නෑ මල්ලි... අත්දැකීම් නෑ...
ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා වගේම බොහොම ස්තුතියි...
@ දිල්,
ReplyDeleteඒ තමයි උන්ගෙ හැටි... ඔන්න ආරාධනයක් ආවොත් අනාගතයෙ, පරෙස්සම් වෙන්න...
ඒ දෙන්න අර ඔබා මාම කිව්ව වගේ කිරිම කිරි කෝඩුනේ... ඒ වෙච්චි ලැජ්ජාව ඒ දෙන්නට ජීවිතේටම ඇති... :)
@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteඅයියෝ පව්... හික්ස්.. හොඳ වැඩේ පිනට බොන්න ගියාට... ;P
@ සාබිත්,
ReplyDeleteඅනේ මට ඔයාගෙ කොමෙන්ටුව මග ඇරිලා... සොරිවෙන්නෝනෙ...
අනිවාර්යයෙන්ම යන්න කලින් අහන එක නම් කෝකටත් ඇඟට ගුණයි මල්ලි... :)
මෙහේ කියලත් වෙනසක් නෑ අප්පා...bring your own drinks..bring your own plate...pot lucks...ඔන්න ඔහොමයි තත්වේ..ගෙදරට ගෙන්නලා කෑමක් දෙන එක ගැනනම් මුන් අහලවත් නැද්ද කොහෙද....
ReplyDeleteමෙතනදී අපිට මග හැරෙන දේවල් කීපයක්.
ReplyDelete1. ඔසියා බිල ගෙවයි කියලා මං කවදාවත් නැති විදියට මහා ගොඩාරික් කනවා. ඒක සීලාචාර වැඩක්ද?
2. දැන් අද ඔසියා මගේ බිල ගෙව්වායි කියන්න. දැන් මගේ යුතුකම පස්සේ දවසක ඔසියාටත් සංග්‍රහයක් කිරීම. එහෙම නොකිරීම අන්තිම නරක වැඩක් නේද? ඉතිං එදාට මං බිල ගෙවනවා. දැන් බිල් දෙකම දෙන්නා වෙන වෙනම භාගේ භාගේ දවස් දෙකේ ගෙව්වත්, එක බිල ගානේ ගෙව්වත් අවසාන ප්‍රථිඵලය එකම නේද?
මෙතන මගේ මිතුරා වන "අපේ ගුරුන්නාන්සේ"ත් වැරදිකාරයෙක් වැරදි උපදෙස් දීඟ ගැන.
අනුන්ට එක ඇඟිල්ලක් දිග් කරන කොට අනිත් ඇඟිලි හතර කොහේද?
@ සයුරි,
ReplyDeleteඅනේ කියල වැඩක් නැහැ සයුරි....
@ කතන්දර,
ReplyDelete1. ඒක සීලාචාර වැඩක් නෙවෙයි.. ඇත්ත..අපේ අයගෙත් වැරදි තියෙනව තමයි... සුද්ද ගෙවනව කියල වැඩිපුර කාපු එක මේ දෙන්න විතරක් කරපු එකක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්...මේ සිද්දියෙදි උනේ එහෙම... ඒ මොනව උනත් මගේ නම් අදහස මම ආරාධනා කළා නම් මගේ අවශ්‍යතාවයට යාළුවෙකුට කෑමකට, විශේෂයෙන්ම රෙස්ටොරන්ට් එකක, මමයි බිල ගෙවන්න ඕන.. ඒ මනුස්සය එන්නෙ මං කිව්ව හින්දයි... මං එන්න කීවෙ නැත්නම් එයා තියෙන විදියකට කාල හරි බඩගින්නෙ හරි ගෙදර ඉඳියි...
2. මං මේ සිද්දියට පස්සෙ වෙච්චි දේවල් දන්නෙ නැහැ... එයාලගෙ මිතුරුදම පස්සෙ කොයි විදියට ගෙනිච්චද කියලවත්, කැම වේලක් දුන්නද නැද්ද කියලත් මං දන්නෙ නෑ... මේ සිද්දියත් මං දැනගත්තෙ කස්ටිය අපේ ගෙදර ඇවිත් ගිය නිසයි... පිට පාරෙන් ගියා නම් මේ ටිකත් දන්නෙ නෑ...
3. අපේ ගුරුන්නසෙත් ඒක ගැන එච්චර හිතන්න නැතිව ඇති සමහරවිට... විහිළුවට ගත්ත මිසක්...ඒකයි මම 'ගුරුන්නාන්සෙ' කියන වචනෙ පාවිච්චි කළෙත්... ඇයි නියම අවවාදයක්නෙ දුන්නෙ...
කන්න බොන්න ගියාම අපේ ලංකාවෙ මිනිස්සු කවදාවත් මේ වගේ වැඩ කරන්නෙ නැහැනෙ... මොනතරම් දුප්පතෙක් උනත් තියෙන විදියකට මොනව හරි දෙනව ගෙදරට ආපු එකාට... අපේ අය රෙස්ටොරන්ට් වලට යන්න අඬගහන්නෙ නැහැනෙ සාමාන්‍යයෙන්... ගෙවල්වලත් ඉන්න ගානට ටිකක් හරි වැඩිපුරනෙ උයන්නෙත්... ඒකයි මේ වගේ දේවල් දැක්කාම අපි පුදුම වෙන්නෙ... අපි කිව්වෙ මේ මම....
මියුරු එක්ක මම එකඟයි...අපි හිතමු මෙහෙම...
ReplyDeleteසාමාන්‍යයෙන් ලංකාවේ වෙන්නේ මෙහෙමනේ...අපිට කවුරුහරි කෑමකට කතා කරනවා..අපි ගිහින් එයාලගේ ගෙදරින් කාලා එනවා...ඊට පස්සේ අපිත් එයාලට කෑමකට කතා කරලා කන්න දෙනවා...මෙතනදීත් අන්තිම ප්‍රතිපලේ එකමයි..වියදම දෙකට බෙදිලා ගියා වගේ. ඒත් අපිට දැනෙන හැඟීම සහමුලින්ම වෙනස්. ඔවුන් අපිට දීපු දේ ගැන අපේ හිතේ සතුටක් ඇති වෙනවා වගේම අපි ඔවුන්ට දීපු දේ ගැන ආත්ම තෘප්තියකුත් ඇති වෙනවා....අර වගේ දේකින් ඔය දෙකම ලැබෙන්නේ නැහැ....මම හිතන්නේ මියුරු ට කියන්න ඕන උනේ ඒ කාරණය...
වැඩේ වැරදියි කියල අපිට හිතෙන්නේ අපේ සංස්කෘතික රාමුවෙන් බලන නිසා. එක එක රටවල සංස්කෘති වෙනස්. 'වෙනස්' කියන්නේ 'හරි' හෝ 'වැරදි' මැනීමක් නෙවේ.
ReplyDeleteඅලුත් රටකට ගියාම ඔය වගේ සන්නිවේදන අවුල් ඇතිවෙන එක වලක්වන්න බැහැ. ඒ සුද්ද සමහරවිට අදහස් කරන්නේ ඇත්තේ 'එකට එලියට ගිහින් කමු' කියල වෙන්න ඇති. දැන් අපි ලංකාවේදී කාට හරි 'අපි එලියට ගිහින් කාල එමු - යමු එන්න' කියල කිව්වොත් එතන කෑම මං ගානේ කියල ව්‍යංගාර්ථයෙන් කියවෙනවා.
මං හිතන්නේ 'ව්‍යංගාර්ථය' අපේ සංස්කෘතියේ කොටසක්. උදාහරනෙකට ලංකාවේ අපි 'ස්තුතියි - කරුණාකර' වගේ වචන වෙනුවට පාවිච්චි කරන්නේ ලෙන්ගතු හිනාවක්. මනුස්සයෙක් හිනා නොවුනොත් අපිට (මට) ඒක හිතට මදි වගේ. නමුත් ඔසියෝ සැහෙන්න 'please, thank you' වචන පාවිච්චි කරනවා. එයාලට ඒවා නැති උනාම ලොකු අවිනීත කමක් කරා වගේ හිතන්නේ. නමුත් වැඩිය හිනා වෙන්නේ නැහැ.
සංස්කෘතීන් වල වෙනස් කම් :)
@ සයුරි,
ReplyDeleteඔයා හරි. ඒකම තවදුරටත් පැහැදිලි කරල තියෙනවා නිරෝෂිනී පහල...
මං මේ පෝස්ටුව ලිව්වෙ ඇත්තටම හරි වැරැද්ද කියනවට වඩා අපේ එකෙකුට වෙච්චි දෙයක් වෙච්චි විදියටම අමුවෙන් කියන්න.... :)
@ niroshini,
ReplyDeleteඔයා කියපු එක හරියටම හරි.
ඇත්තටම මට ඕන උනේ අපේ එකෙකුට වෙච්චි දෙයක්, ඒ සැටියෙන්ම කියල දාන්න... එච්චරයි..
මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා... ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට ස්තුතියි... ඒ උනාට මං කවදාවත් මින් ඉස්සර දැකලා නම් නැහැ මං යන පැතිවල... :)
මොනවා වුනත් පව් අප්පා අපේ උන් දෙන්නා... !
ReplyDeleteඔහේ ඉන්න උන් එක්ක බැලුවහම මෙහේ ඉන්න අරාබි කාරයෝ අම්බානකට හොඳයි වගේ.
උන් ගාව"ඔසී" සුද්දන්ට වැඩිය හොඳ මනුස්සකම් තියෙනවා.
මාත් එක්ක වැඩ කරන සුද්දෝනම් ගොඩ දෙනෙක් උන්ගේ රට මැච් එකක් දිනුවත් මුළු ෆැක්ටරි එකටම මොනවා හරි කන්නයි බොන්නයි දෙනවා. ඒ අතින් උනුත් හොඳයි වගේ උන්ගෙන් හැලිච්ච ඔසියන්ට වඩා...
බෙදා හදාගෙන කන එක මොන ජාතියෙ උනත් හොඳ පුරුද්දක්නෙ නේද....? මේ මං කිව්වෙ කෑම බීම..... වරදවා හිතන්න එපා... :)
ReplyDeleteඅරුන් දෙන්න නම් පව්ම තමා...
ඔසියො ගැන නම් ඉතින් කවර කතාද?
ReplyDelete@ කස්ස,
ReplyDeleteඉන්නෙ කැන්ගරු දේශෙ වගේ... එහෙනම් හොඳ හොඳ අත්දැකීම් ඇති...
ඔයාව මගේ වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා... බොහොම ස්තුතියි..
මදැ වෙච්ච දේ..වෙලාවට සායම බෙරගෙන ඇවිල්ලා..විලිලැජ්ජාවෙ සන්තොසේ බෑරියෝ...අක්කේ වෙලාවකට බ්ලොග් එක අප්ඩෙට් වෙන්නැ..පොඩ්ඩක් බලන්ඩො...
ReplyDeleteඔය ගුරුන්නාන්සෙ ගැන හෙමත් කියාපිය බොල.........
ReplyDeleteඅන්දරේගෙ නැයෙක්ද මහදැනමුත්තගෙ නැයෙක්ද බලන්න...
අම්මප.....
හ්ම්...කොහොම උත්තර දෙන්ටද තේරෙන්නේ නෑ. ආරාධනා කරලා, එන්ට කීවා නම්, ගෙවන එක යුතුකමක්. ඒත් ඒ වගේම අනෙක් කෙනත්, ආරාධනා කරපු අයට සංග්‍රහයක් කරන එකත් යුතුකමක්.
ReplyDeleteඒත් එකෙ, එක්කෙනා තමන්ගේ රටවල හැටියට පුරුදුවෙලා තියන හැටිනේ. ලංකාවේ මිනිස්සු මගුල් ගෙවල්වලට (මගුල් ගෙවල්වලට විතරක් නෙමේ. ) නිකරුනේ නාස්ති කරන සල්ලි ප්‍රමානය බලනකොට මෙහෙම ඉන්න එකත් හරිද කියලත් (එක අතකට ) හිතෙනවා.
මට මතක් උනේ ඒක නෙමේ 'bring a plate' කීවාම පාර්ටියකට හිස් පිඟානක් ගෙනිච්ච අපේ කෙනෙක්ව...:D
@ Raj,
ReplyDeleteපහුගිය දොහේ පොඩි පොඩි නස්පුක් වැඩ ටිකක් උනෝ... දැන් බලන්ඩෝ... මොකක්ද වෙලා තිබිල ඉබේම හරි ගිහිල්ලෝ....ආයි අප්ඩේට් උනේ නැත්නම් කියන්ඩෝ.... :D
@ angidhakka,
ReplyDeleteගුරුන්නාන්සෙ ගැනත් කතා සීරීස් එකක්ම තියෙනව අගිදක්කේ.... උන්ද ඔය පරම්පරා දෙකෙන්ම කලවම් වෙච්චි එකෙක් නොවැ.... ඉතින් විහිළු සපයනව මදියි නොකියන්න....
@ Podi Kumarihami,
ReplyDeleteමේ දෙන්න යුතුකම් නම් කොහොම ඉෂ්ඨ කළාද දන්නෙ නෑනෙ පොඩ්ඩියේ...
ඔය 'bring a plate' කතාව මමත් අහල තියෙන්නෙ ඔයා ලියල තියෙන විදියට ඔය summary එක විතරයි... මටත් හරි ආසයි full ඉස්ටෝරිය දැනගන්න... දන්නව නම් පෝස්ටුවක් විදියටම දාන්නකො... :D
ඔසියො ඔහොම තමා...
ReplyDelete@ පිස්සා පලාමල්ල,
ReplyDeleteදන්නෝ දනිති නේද...
ආහ් මෙහෙම කතාවක් මාත් අහලා තියෙනවා. ලංකාවේ අපි ඉතින් හෝටලේකින් කන්න අපි ඉන්වයිට් කළොත් අපි තමා කට්ටියගෙම බිල ගෙවන්න ඕනේ කියලා, ඒත් පිට රටවල්වල තම තමන්ගේ බිල තම තමන් ගෙවන්න ඕනේලුනේ. ඒක නිසානේ අපි කොහෙවත් යන්නේ නැතිව ලංකාවටම වෙලා ඉන්නේ :))
ReplyDelete@ Hasitha,
ReplyDeleteඔව් හසිත... කෝකටත් මතක තියාගන්න එක හොඳයිනෙ.... පස්සෙ කාලෙකදි හරි සුද්දෙක් ආරාධනාවක් කළොත් හෙම.....
හිනා උනාට දුකි හිතෙනවා. ඒවගේ දේවල් මට වෙලා නැත්තෙමත් නෑ
ReplyDeleteඅනේ දෙයියනේ... අසරණයට මොකෑ උනේ....
ReplyDeleteඔය කතාව ට මම නම් හුඟක් කැමති මොකද මමත් ටික කලක් කැන්ගරු දේසේ ඉඳල ලංකාවට ආවේ නිවාඩුවකට ගිහින් , එහෙදි මටත් ඔය ක්‍රමය ගැන දැනගන්න ලැබුන , මමත් ඕක අනුමත කරන්නේ නැහැ , ආරාධනා කලානම් එම කෙනා බිල ගෙවන්න ඕනේ , එයා එන්න කියන හොටලේටනේ අපි යන්නේ එයා එන්න කියාපු තැනට අපි ගියාම එයා බිල ගෙවන්න ඕනේ අපි අපිට පුළුවන් තැනට එයාට එන්න කියල හරි ගෙදරට එන්න කියල හරි එහෙමත් නැත්නම් අපිට එම කෙනා ගැන තියන පිළිගැනීම, හෝ අපේ හැකියාව අනුව වඩා උසස් තැනකට එන්න කියල හරි රිටන් එක දෙනවා , අනික යාලුවෝ හෝ මිතුරෝ වශයෙන් එක මේසේ ඉඳන් එයා පාන් පරිප්පු කනකොට අපිට පුලුවන්ද බුරියානි කන්න , මම ලංකාවට අවම මෙහෙ කට්ටියට මෙමසිරිත කීව , දැන් මෙම ( ඔබගේ ) කතාව පෙන්නලා ඒක සනාථ කරන්න පුළුවන්.
ReplyDeleteවස ලැජ්ජාවයි නේ බොල. හික්ස් :)
ReplyDeleteඅම්මෝ බඩ පැලෙනකන් කන්න ඇති
@ Suren,
ReplyDeleteඇත්ත සුරේන්.... අපි පොඩි කාලෙ ඉඳන් හැදිල තියෙන සංස්කෘතික වටපිටාව අනුව අපට ඔය දේ හොඳට හයිලයිට් වෙලා පේනවා.... අපට විතරක් නෙවෙයි... මං වැඩ කරන තැන ඉන්න සමහර ආසියානු ජාතිකයො පවා ඔසියොත් එක්ක ඔය ගැන තර්ක කරනවා මං අහගෙන ඉඳලා තියෙනවා... එයාලගෙ තර්කය කන එක්කෙනා තමන්ගෙ කෑමට ගෙවන්න ඕන කියන එකයි....
@ මධුරංග,
ReplyDeleteලැජ්ජාවදත් අහනව... කාපුව දාල පිච්චිලා ගියා කිව්වෙ..... :)
ඕක ලොකු රටක් නේ? මේ කොයි නගරයේද?
ReplyDeletekathandara@gmail.com
.
@ Kathandara,
ReplyDeleteමං ඊයක් එවන්නම්කො... :)
හයියෝ මලාට මම නම් යන්නෑ මුං එක්ක කන්න මටත් පට්ට කථාවක් මතක් උනා මේ පෝස්ට් එකෙන් මේ කතාව විදියේ ගේමක් අපි සෙට් එකකට හම්බුනා අපේම යාළුවෙක්ගෙන් ලියලා දාන්න ඕනේ.ස්තූතියි අක්කේ
ReplyDeleteසිරාවටම ඔයා සදරු අයියාගේ female version එක තමයි මාර ගති කථා ටික ආසාවේ බෑ අප්පා කියවන්න
බොහොම ස්තුතියි... ඒත් සඳරු ලියන විදිය මීට වඩා කොච්චර ලස්සනද...
ReplyDeleteඑහෙනම් ඉඩ තියෙන වෙලාවක ලියල දාන්න... අපි එන්නම් කියවන්න...
මන් හිතුවේ ඩච් සිස්ටම් එක තියෙන්නේ යුරෝපේ විතරයි කියල..
ReplyDeleteඅයියෝ මෙහෙ ගැන නම් කියල වැඩක් නෑ......එක දවසක් අපි දෙන්නට රාත්‍රී කෑමකට ආරාධනාවක් ආවා..එතකොට මට පුතා ලැබෙන්න හිටියෙ...මහත්තයගෙ පරන යාළුවෙක් නිසා අමාරුවෙන් හරි අපි එහෙට ගියා...එයාල වියට්නාම් ජාතිකයො..ඔන්න ගියපුගමන් මිදි ,ඇපල් ජූස් මන් නම් වතුර එකක් බීලා හිටියා හිති හිත හිත මොනවා දෙයිද මෙයාලා..මෙයාලගෙ කෑම කන්නත් බෑ පුරුදුත් නෑ කියල...දැන් අපි පැය 2 ක් විතර කතා බහ කරල මෙන්න මෙයාලා කියනවා අද නම් ඩිනර් හදන්න බැරි උනා .ශොපින් ගියෙ නෑ.ඊලඟ සතියෙ නොවැරදීම එන්න කියලා....හී ..හී එත්කොට රෑත් වෙලා..අයියො මගින් කේ.එෆ්,සී....මෙන්න සතියක් ගිහින් ආයෙමත් අපට එන්න කියල කන්න කැමති දේවල් අහනවා.මන් කීව මහත්ත්යට අනේ වෙන දවසක එන්නම් නෝනට ටිකක් සනීප මදි කියන්න කියල
ReplyDelete