මං කැම්පස් හිටිය කාලෙ නැවතිලා උන්නෙ කැම්පස් එක ළඟ බෝඩිමක.... එතැන ඉඳන් කැම්පස් එකට එන්න පාරවල් දෙකක් තිබුණ.... එකක් ෂෝට් කට් එකක්.... ෂෝට් කට් එකත් එක්ක බලනකොට අනිත් පාරෙන් ගමන ඔළුව වටේ අත දාල නාහෙ අල්ලනව වගේ වැඩක්..... ඒත් ඉතින් වැඩි හරියක් ගමන අර දිග පාරෙන්... කෙටි පාරෙන් නොයන්න ලොකුම හේතුව තමයි ඒ පාර වැටිල තිබුනෙ පිරිමි ළමයින්ගෙ නවාතැනක් ඉස්සරහින් වීම..... ඒ තට්ටු දෙකේ ගෙදර හරියට කැම්පස් එකේ පිරිමි නේවාසිකාගාරය වගේ...... කොල්ලො රොත්තක්ම පදිංචි වෙලා හිටියා.... කොයිවෙලේ බැලුවත් කොල්ලො රංචක් උඩ තට්ටුවේ බැල්කනියෙ.... කෙල්ලෙක් හෙම බැරිවෙලාවත් ඔළුව හරවලා බැල්කනිය දිහා බැලුවොත් උං කරන්නෙ ඇඳන් ඉන්න සරම උස්සලා මූණ වහගන්න එක.... ඉතින් මෙලෝ කෙල්ලෙක් යන්නෑ ඔතනින්.... ගියත් යන්නෙ වැඩිහිටියෙක් එක්ක, ඔළුව පුළුවන් තරම් බිමටම නවාගෙන....
අපේ බැචාලා කිහිප දෙනෙකුත් ඔතන නතරවෙලා හිටියා.... එයින් එකෙක්ගෙ, වජිරගෙ ගෙවල් තිබුනෙත් බොරලැස්ගමුවෙ.... මිනිහට හොඳටම පුළුවන්කම තිබුනා උදේ හවහ කැම්පස් යන්න එන්න ගෙදර ඉඳලම.... ඒත් ගෙදරදි පාඩම් කරන්න බෑ කියල මිනිහ මෙතන නැවතිලා ඉන්නවා.... වජිරය කියපු විදියට උගේ කාමරේ පදිංචිවෙලා හිටිය එවුන්ගෙන් සරමකුයි තුවායකුයි තිබිල තියෙන්නෙ මිනිහට විතරයි.... ඒත් මූට මොනවිදියටවත් ඕක බේරගන්න බැරිලු.... කවුරුහරි ඉස්සරවෙලාම කාමරේට ආව එකා අර තියෙන එකම සරම ඇඳගන්නවලු..... ඊළඟට ගිය එකා තුවාය ඇඳගන්නවලු.... අනිත් එවුන් ඉතින් ටිකක් රෑ වෙනකම් ඉඳලා හෙළුවෙන්ම බුදියගන්නවලු..... ඉතින් අර එක එකා අඳින තුවාය පුළුවනෑ ආයෙ මූණක් හරියට ලං කොරන්න..... ඒ නිසා ඒකත් අතෑරලා ඉබේම ඇඟ වේලෙනකං ඉන්නවලු..... ටික දවසක් යද්දි අර සරම ඇඳන් ඉන්න එකා හත්ගව්වක් ඈත එන්න පිටත්වෙද්දිම දැනෙනවලු ඕං අරූ එනව කියල.... ඇයි ඉතින් ඕව ඉබේ හේදෙන්නෙ නෑ නොවැ..... (මෙවුන්ට ඇති ලෙඩක් නොහැදුනා ඕව මාරු කොරන් අඳිද්දි.... මුන්ගෙ හොඳ වෙලාවටද නරක වෙලාවටද මන්දා සැන්ටිපෝට් මහත්තය ඒ පැත්තෙ නොගියෙ......) උඩ ටික මාරු කොරන් ඇන්දට යට ඇඳුම් ටික නම් බේරුනාලු.... හේතුව විදියට කිව්වෙ සතියක් එක පැත්තක් ඇඳලා, ඊළඟ සතිය අනිත් පැත්ත ගහල අඳින බව කවුරුත් දන්න නිසා, සර්පයෙකුට තරම් බයයිලු ඕකට.... කොහේ හරි ඇඳක් යට හරි ගහල තිබිල අහු උනොත් නහයත් වහගෙන කෝටු කැල්ලකින්ලු ඕක එහා මෙහා කොරල බලන්නෙ කාගෙ එකක්ද කියල....
ඉතින් ඔය ඉස්තානයේ ඉඳලා බෝඩිං ඇන්ටිගෙ වැලි බත් කාල එපා වෙලා අම්මගෙ බත් එක මතක් උනාම වජිරයා කරන්නෙ උගේ බඩු ටිකත් හේම්ම දාල ගෙදර ගිහින් සතියක් දෙකක් ඉඳලා එන එක..... ඔන්න එතකොට අර රූමලා ටිකටත් ගෙදර බත් මතක් වෙනවා..... කැම්පස් නිවාඩු කාලෙ එනකම් ගෙදර යන්නත් බෑ නොවැ ලෙක්චර්ස් කට් කොරගෙන..... ඉතින් අනේ ඒකත් යන්නෙ අර අහිංසක වජිරයගෙ පිටින්..... මුං ටික කරන්නෙ වජිරයා කාමරේ දාලා යන බඩු ටික උගේම බෑග් එකට දාල පැක් කරගෙන, ඒ බෑග් එකත් අරගෙන කස්ටියත් එක්කම නෑ ගං යනව වජිරලගෙ ගෙදර.... හිස් අතින් ගියා කියන්නත් බෑ නොවැ මල්ලක් පුරවල අරං ගියාම.... බෑග් එකයි ඒකෙ තියෙන බඩුයි වජිරයගෙම වෙච්චි එක වෙනම කතාවක්...... ඒ ගිහින් වජිරයගෙ අම්ම හදන කෑම වේල් දෙකකට විතර වග කියල හැන්දෑකොරේ කස්ටිය ආපහු බෝඩිමට සේන්දු වෙනව.... හැබැයි ගෙනියපු මල්ල තියලා එන්නෙ හිස් අතින්..... අනේ අසරණ වජිරය ඉතින් ඒ බරට බර බඩු මල්ලත් කරගහගෙන මල්ල ගෙනිච්ච එවුන්ටයි උන්ගෙ හතරවරිගෙටයි මදියි නොකියන්න පිං දි දී ආපහු එනව සතියකට විතර පස්සෙ.......අපේ බැචාලා කිහිප දෙනෙකුත් ඔතන නතරවෙලා හිටියා.... එයින් එකෙක්ගෙ, වජිරගෙ ගෙවල් තිබුනෙත් බොරලැස්ගමුවෙ.... මිනිහට හොඳටම පුළුවන්කම තිබුනා උදේ හවහ කැම්පස් යන්න එන්න ගෙදර ඉඳලම.... ඒත් ගෙදරදි පාඩම් කරන්න බෑ කියල මිනිහ මෙතන නැවතිලා ඉන්නවා.... වජිරය කියපු විදියට උගේ කාමරේ පදිංචිවෙලා හිටිය එවුන්ගෙන් සරමකුයි තුවායකුයි තිබිල තියෙන්නෙ මිනිහට විතරයි.... ඒත් මූට මොනවිදියටවත් ඕක බේරගන්න බැරිලු.... කවුරුහරි ඉස්සරවෙලාම කාමරේට ආව එකා අර තියෙන එකම සරම ඇඳගන්නවලු..... ඊළඟට ගිය එකා තුවාය ඇඳගන්නවලු.... අනිත් එවුන් ඉතින් ටිකක් රෑ වෙනකම් ඉඳලා හෙළුවෙන්ම බුදියගන්නවලු..... ඉතින් අර එක එකා අඳින තුවාය පුළුවනෑ ආයෙ මූණක් හරියට ලං කොරන්න..... ඒ නිසා ඒකත් අතෑරලා ඉබේම ඇඟ වේලෙනකං ඉන්නවලු..... ටික දවසක් යද්දි අර සරම ඇඳන් ඉන්න එකා හත්ගව්වක් ඈත එන්න පිටත්වෙද්දිම දැනෙනවලු ඕං අරූ එනව කියල.... ඇයි ඉතින් ඕව ඉබේ හේදෙන්නෙ නෑ නොවැ..... (මෙවුන්ට ඇති ලෙඩක් නොහැදුනා ඕව මාරු කොරන් අඳිද්දි.... මුන්ගෙ හොඳ වෙලාවටද නරක වෙලාවටද මන්දා සැන්ටිපෝට් මහත්තය ඒ පැත්තෙ නොගියෙ......) උඩ ටික මාරු කොරන් ඇන්දට යට ඇඳුම් ටික නම් බේරුනාලු.... හේතුව විදියට කිව්වෙ සතියක් එක පැත්තක් ඇඳලා, ඊළඟ සතිය අනිත් පැත්ත ගහල අඳින බව කවුරුත් දන්න නිසා, සර්පයෙකුට තරම් බයයිලු ඕකට.... කොහේ හරි ඇඳක් යට හරි ගහල තිබිල අහු උනොත් නහයත් වහගෙන කෝටු කැල්ලකින්ලු ඕක එහා මෙහා කොරල බලන්නෙ කාගෙ එකක්ද කියල....
ඉතින් වැඩේ ඔය විදියට කෙරීගෙන යනව.... දවසක් අහම්බෙන් මටයි මගේ යාළුව ඉනෝකටයි අර බැචාලා දෙන්නෙක් වජිරයගෙ බෑග් එකත් කරගහගෙන උන්ගෙ ගෙදර යනව හම්බ උනා....
'වරෙං බං යන්න අපිත් එක්ක... හවස ලෙක්චර්ස් නෑනෙ...'
'අපිට උඹල වගේ ගෙවල්වල යන්න බැහැ බං අත් දෙක වන වනා... ඇරත් කාල එන්න....' ගෙදරක උයපු බත් එකක් කන්න මොනතරම් ආසාව තිබුණත් ඉනෝකා එහෙම කිව්ව.....
'අයියෝ... ඔව්ව ගාණක් නෑ බං වජිරයගෙ ගෙදර... උන්ගෙ ගෙදර කොහොමටත් ගෙදර ඉන්න ගාණට වඩා හතර පස් දෙනෙකුට වැඩියෙන් උයනව....'
'ඒ මොකද ඒ...?'
'උන්ගෙ ගෙදර කොල්ලොම තුන්දෙනෙක් බං.... හැමදාම කොහෙන් හරි කීප දෙනෙක් කන වෙලාවට වහනව.... ඉතිං උන්ගෙ අම්මට දහ සැරයක් උයන්න බැරි නිසා එක පාරම උයල දානවා....'
දැන් අපටත් කොහේද නැති ආසාවක් පහළ වුනා වජිරයගෙ ගෙදරින් බත් කන්න.... අපි දෙන්න අතේ තිබුනු ගානට සම්මාදමක් දාලා බිස්කට් පෙට්ටියක් ගත්ත හිස් අතින් ගිහිං බත් කාල එන්න හිතුන්නැති නිසා....
ඔන්න ඉතින් අපි හතර දෙනාත් හරියට කන වෙලාවට වජිරයගෙ ගෙදරට සේන්දු උනා..... ගේ ළඟට යනකොට කිසි හැලහොල්මනක් නෑ.... ජනෙල් දොරවල් ඔක්කොම වහල....
'යකෝ කවුරුවත් නැද්ද බං...' බැචාල බයවෙලා.... ඇස් නළලෙ....
උරහිස කඩං බෑග් එක කර ගහන් ගිය එකා ඒක එතනම අතෑරියා...
'මදැයි කන්න ආව...' මට කියැවුනා...
'තොපි දෙන්න ආව හින්ද තමයි මේක උනේ....නැත්තං ඉතිහාසෙවත් වෙලා තියෙනවද මේ වගේ වැඩක්..... තොපේ කරුමෙ අපේ පිටින් ගියා' දැන් මුං දෙන්න හිටු කියල අපි දෙන්නට බනිනව.... ඇයි හත්වලාමෙ අපි මොනව කොරන්නෙයි... මිනිස්සු ගමන් බිමන් යන්නෙ නැතුවයැ....
'ගං මෙහාට ඔය බිස්කට් පැකට්ටෙකවත්....'
'ඉඳ...' මුන්ගෙ බැනිල්ලට නහුතෙටම තදවෙලා උන්නු ඉනෝකා බිස්කට් පැකට්ටෙක උන් දිහාට විසික් කළා.....
අනේ ඉතින් අපි හතර දෙනා වජිරයගෙ බෑග් එකත් තියාගෙන උන්ගෙ ගෙයි දොරකඩ වාඩිවෙලා අර බිස්කට් පැකට්ටෙක කෑව....
'අපිට පිං දීපල්ල මේක ගත්තට... තව පොඩ්ඩෙන් උඹලට බිස්කට්ටෙකක්වත් නෑ අද දවල්ට....'
උන් දෙන්න මීක් නැතිව ඒකෙන් තුන්කාලකට විතර වගකිව්ව..... ඒ කරල මිදුලෙ තිබුනු ටැප් එකෙන් ඉතුරු හරියට වතුර බීල වජිරයගෙ අම්බානක බර බෑග් එකත් කරගහගෙන ආපහු ආව.....
පෙරෙතකොමට පිං බත් කන්ඩ ගියාට මරු කට්ට....
ReplyDeleteඈ මියුරු අක්කේ, මට නම් හිතෙන්නේ මෙහෙමයි.
ReplyDeleteෂුවර් එකටම වජිරගේ ගෙදර කට්ටිය ගේ ඇතුලේ හැංගිලා ඉන්න ඇත්තේ... ඇයි යකෝ මුන් අද තනියම එනවා මදිවට මල පෙරේතියෝ දෙන්නෙකුත් එක්කන් එනවා කියල හිතන්න ඇති... හිකිස්.. :P :)
පේරා පොරවල් වගේ නෙමේ මේ කැම්පස් එකේ ඉඳලා තියෙන්නේ මහ ජරා කොල්ලෝ ටිකක් නේ!
ReplyDeleteමටත් හිතෙන්නෙ අර අයේෂට හිතුන දේම තමා...ඈත ඉඳන්ම මූණු දැක්ක ගමන් ඩ්ජොරවලුත් අහලා සද්ද නැතුව ඉන්න ඇති මුන්ට තම්බනවා මදිවට තව පෙටේතියන්ටත් තම්බපල්ලකො කියලා...හික්ස්....
ReplyDeleteඅපෝ...බලාගෙන ගියාම මහ නසරානි බැචාලනෙ ඉඳලා තියෙන්නේ....
@කතන්දර Kathandara
අපෝ....පේරා කට්ටිය හොඳයි කියලා හිතාගෙන උන්නට අපි නොදන්න මොණරතැන්න..... ඔය එන්නේ ඒකෙ වෙන දේවලුත් ටික ටික එළියට.....
ආපු බව දැනගන්න බෑග් එක තියල ආවනං හරි
ReplyDeleteකොල්ලො ඉන්න ගෙවල් වල ඔහොම තමා! සතියකට දවස් 2ක් වත් සූ ගාල දෙතුන් දෙනෙක් එනවම තමා!
ReplyDeleteඔයා ජපුරේද?
ReplyDeleteහැමදා නියං එකදා වැහි වලාවේ කතාවේ අනිත් පැත්ත :))
ReplyDeleteහොදම වැඩේ... ඒ කාලේ ඕක දෑනගත්තානම් මොනවාහරි තව කියන්න තිබුනා දැන් ඉතින් ටයිම් පැනලානේ... ඇත්තටම ගෙදර උන්නාමද දන්නේ නැ ඉතින්
ReplyDeleteමටත් හිතෙන්නේ මියුරු අක්කේ ඔයාල දෙන්නා ගිය නිසා තමයි එදා එහෙම උනේ...හිහ්
ReplyDeleteහි හි..මොරටුවෙද , ජපුරෙද?
ReplyDeleteමෙහෙමත් කට්ටිය.හොද වැඩේ අර කොල්ලො ටිකට.ඔයාලානම් පව්.
ReplyDeleteවජිරයා හැංගෙන්න ඇති...හික් හික් .....
ReplyDeleteමම වතාවක් හොස්ටල් කාමරේට ඇස් 5 දැම්ම . . හෙන කුනු ගොඩක් එකතු උනා . . .ඔක්කොම මැද මිදුලට දාල ගිනිතිබ්බ. . . පහුවදා බලද්දි ඔක්කොම තිබ්බ ඒව පිච්චිලා . . . මගෙ එක රූමෙක්ගෙ (තනියා) වවුලෙක් විතරක් ඉන්නව අලුගොඩේ වහල උජාරුවෙං . . පොඩ්ඩක්වත් පිච්චිලා නෑ . . .
ReplyDeleteකොහොම උනාද දන්නෙ නෑ . . . හැබැයි සීන් එක ඩෙඩ් ටෲ
හයියෝ.... කස්ට ගැන නං කියල වැඩක් නෑ.... අපි දෙන්නටත් වඩා කස්ට උනේ අර බැචාල දෙන්නට..... උං කදමළුත් බැඳගෙනනෙ..... :)
ReplyDelete@ Ice (අයේෂා කුලතුංග),
ReplyDeleteපස්සෙ ආරංචි වුනු විදියට නම් පවුලම කතරගං ගිහිල්ලා.... ඒ උනාට හිටිය නම් හැංගුනත් අරුමයක් නෑ.....හික්ස්...
@ කතන්දර Kathandara,
ReplyDeleteහුහ්...පේරා පොරවල්.... මේකෙ ජරා කොල්ලො.....!
අර දිල් කිව්ව වගේ අපි නොදන්න මොණරතැන්න.... :D
@ දිල්,
ReplyDeleteඑහෙම නොහිතුනානං තමයි පුදුමෙ....
අර කතන්දරට දුන්න උත්තරේට දාන්නකො දිල් පහක්...!
@ Observer,
ReplyDeleteඅරුන් දෙන්න තියල එන්න තමයි ලෑස්ති උනේ.... අපේ වදේටම ආපහු අරං ආවෙ අපටත් පලු යනකං බැණ බැණ.... :)
@ Sabith,
ReplyDeleteමං අහල තියෙනව සාබිත්.... ඔව්ව අහලම දැනගන්නව මිසක්කා මොකෝ කොල්ලො ඉන්න එකක්යැ අපේ ගෙදර..... :'(
@ නදී ,
ReplyDeleteඒ මොකද අනේ ජපුරම...? මොරටුවටයි, කොළඹටයි යන්නත් පුළුවන්නෙ උදේ හවා බොරලැස්ගමුවෙ ඉඳල.... හොඳයි නැද්ද.... ;P
@ Hasitha,
ReplyDeleteඅපි ගිය දවසෙම එහෙම උන එකනෙ වැඩේ අනේ...
@ දේවා ගේ අඩවිය,
ReplyDeleteඅපිටත් එහෙම හිතුනෙ නැතුවම නෙවෙයි... ඒත් පස්සෙ ආරංචි උනා පවුලම කතරගං ගියා කියල....
@ සයුරි,
ReplyDeleteහනේ ඇත්තට එහෙමවත්ද දන්නෑ ඉතින්..... :)
@ Mayya,
ReplyDeleteඇයි බොලං... කොළඹට මොකෑ උනේ....
@ නිසුපා,
ReplyDeleteඅනේ නිසූපෝ... ඔයාට ඉතරයි අපි ගැන පව් කියල හිතුනෙ.... මෙන්න ඒ පව් එකට මගෙන් ලොකුවැයින් උම්මා එකක්..... :D
@ ඔබ නොදුටු ලොවක්...,
ReplyDeleteඑදා ඌ ගෙදර හිටිය නං හැංගෙන්නෙ නැතුව ඉන්න එකකුත් නෑ.... මොකද ගිය කස්ටිය කියන්නෙ උන්ගෙ ගෙදර ගියාම වාඩි වෙන්න ඕන, පුටු එහෙම තම තමුන්ම කෙලින් කොර ගෙනලු..... කොල්ලො ටික යකා නටලා පුටු එහෙම අනිත් පැත්ත ගහලා තිබුනට කවුරුවත් නැතිලු ඒව කෙලින් කොරන්නෙ... උන්ගෙ අම්මත් ඒව නොදැක්ක වගේ උඩින් පැනලලු යන්නෙ එන්නෙ... අස් කරලම ඒ මනුස්සයට එපා වෙලා වෙන්නැති.... ඉතින් ඒ ගෙදරට ගියාම යන එකාට වාඩිවෙන්න ඕන නං අර පුටුවක් කෙලින් කරගෙන පිහිදාල වාඩිවෙන්න ඕනෙලු....
@ ඕනයා,
ReplyDeleteඒ වවුල් තුමා හෝදන්නෙම නැතුව අවුරුද්දක් පට්ට ගහපු එකක් වෙන්නැති.... ගිනි ගොඩකට දැම්මත් පිච්චුනේ නැත්තෙ....හික්ස්...
බෝම ඉස්තුතියි ඔබතුමා මේ පැත්තෙ ආවට... මම ඔබතුමාගෙ කොමෙන්ටු හොඳට එන්ජෝයි කරන කෙනෙක්... :)))
මදැයි බත් කන්න ගියා.
ReplyDeleteඔයා ගොඩක් බඩහින්නෙයි හිටියේ.. පව් අප්පා ඒ කොල්ලෝ.මොනවා උනත් කොල්ලෝ බඩගින්නේ තියන්න හොඳ නෑ
ReplyDelete@ මධුරංග,
ReplyDeleteහයියෝ...කියල වැඩක් නෑ....
@ අසරණයා,
ReplyDeleteඅපි දෙන්න ඒ හැටියෙ සාගින්දරෙන් හිටියෙ නැති නිසා තමයි අරුන් දෙන්නට බිස්කට් පෙට්ටියෙන් තුන්කාලකටම වැඩේ දෙන්න පුළුවන් උනේ.....
'.....මොනවා උනත් කොල්ලෝ බඩගින්නේ තියන්න හොඳ නෑ .'
එව්ව සුම්ම මල්ලී අපි බඩගින්නෙ හිටිය නම්.....ගෑණුන්ටත් තියෙන්නෙ බඩගිනිවෙන බඩවල් නොවැ.....හුහ්.... ;P
හක හක... ඇත්තටම කැම්පස් බෝඩිං කොල්ලෝ කියන වචන තුනේ එකතුවට කියන්න පුළුවන් තනි වචනය තමා හිපියා කියන්නේ
ReplyDeleteඇත්තටම ඒකත් එක්තරා හිපි ජීවිතයක් තමා...
ReplyDeleteවෙලාව තමයි... ඒ ජීවිතේ අමුතුම එකක් නේ.. අත්දැකීම නැත. මේ වගේ අහපුව තමයි
ReplyDelete@ පිස්සා පලාමල්ල,
ReplyDeleteගනන් ගන්න එපා අනේ... ඔය හතරවටින්ම ඇහෙන්නෙ.... ටික දවසක් යනකොට ගියා වගේ තියෙයි... :)
හි හි මගේ යාළුවෙක් ඉන්නවා මොරටුව කැම්පස් එක ඉස්සරහා මිනිහාගේ ගෙවල් දෙකකයි උන්ගේ උඩ තට්ටුවෙයි කැම්පස් එවුන් සූ ගාලා අපිට ඉතින් මරු කථා අහන්න ලැබෙනවා....
ReplyDeleteඔය බෝඩිං රූම් වල නිඝන්ටයෝ වැහි වැහැලලු හික් හික්....
මට තාමත් ආසයි එහෙම ෆන් ජීවිතයක් ගත කරන්න ඒත් පුළුවන් වෙයිද මංදා ලබන අවුරුද්දේ විභාගේ මට අළුත් උණක් ගැහුවා බ්ලොග් ලියන්නයි කියවන්නයි මේක හොද වුනොත් හොදයි අප්පා නැත්තම් ඒ ආසාව හීනයක් විතරක්ම වෙනවා.අවස්ථා දෙකක් මග ඇරුනු එක ගැන ඕං දුකකුත් දැනෙනවා දැන්....
දිගටම ලියමු අක්කණ්ඩි පහුවෙලා උනත් කොමෙන්ට් කොලේ කොමෙන්ට් නොකර යන්න බැරි තරම් ලස්සනට ලියලා තියෙන නිසා....මරු ඈ
@ ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteබොහෝම ස්තුතියි ඔයාගෙ කමෙන්ට්ස්වලට....
අනේ පුතේ, විභාගෙ ලබන අවුරුද්දෙ නම් බ්ලොග් කෙරුවාවට පොඩ්ඩක් සීමා පනවලා ඒ පැත්තට අවධානය යොමු කළා නම් තමයි හොඳ.... බ්ලොග් ලියන්න කියවන්න කවද බැරිද... ජීවිතේ වැදගත්ම දේවල් මග ඇරුනොත් මග ඇරුනම තමයිනෙ...
මේ වගේ අත්දැකීම් ලබන්න ආසයිනෙ නේද... මේ කියල තියෙන්නෙ අංශුමාත්‍රයක් විතරයි.... ඒ නිසා කොහොම හරි කැම්පස් ගියොත් කොහොම හිටීවිද ඈ... :D
හ්ම්ම්ම්ම්ම් ඇත්ත තමයි උපදෙසට බොහෝම ස්තූතියි අක්කේ ආසයි තමා ඒත් ඒ හීනේ ගොඩක් දුරයි උපරිම උත්සහය ඒක හැබෑකරන්න වෙලාවකට කලකිරෙනවා අප්පා.දැන් මොලේ දැති රෝද මලකඩ කාගෙන එන්නේ සෑහෙන්න අමාරුයි හයියයෙන් වැඩ කරවන්න.කැම්පස් එක ලගට හරි යනවා මම කොහොමහරි.
ReplyDelete(මාර වැඩේ ඔයා දැන් පුතා පුතා කියන්න අරං මට දැන් ඔයාට කථාකරන්න ඇඩ්‍රස් නැතිවෙන්න යන්නේ දැන් ඇති ඈ.මං කොහොමෙයි කතා කරන්නේ දැං??????????????????????????????)
අපොයි දෙයියනේ... මේක දැක්කෙ තවත් පුතාල දෙක තුනකට පස්සෙනෙ... ඔන්න ආයෙ කියන්නෑ හොඳේ...
ReplyDeleteදැති රෝද මලකඩ කනව නේන්නං වැඩක් ගන්නෙ නැති උනාම...