අපේ ගෙවල් ළඟ අයිය කෙනෙක් හිටියා අරුණ කියලා...අපි එයාට කිව්වෙ අරුණයියා කියලා.... කොයි දේ මොන විදියට කිව්වත් පොරගෙන් බේරෙන්න බෑ.... කොහොම හරි එයාගෙ වාසියට පෙරළ ගන්නවා.... ගොඩක් වෙලාවට මිනිහ හිටියෙ ගස් උඩ, ගල් උඩ...රිලව වගේ තමයි....
ඔන්න මිනිහ පේර ගහක් උඩ පේර කකා ඉන්න වෙලාවට අපි එතැනින් ගියොත් මිනිහ අහනව,
ඔන්න මිනිහ පේර ගහක් උඩ පේර කකා ඉන්න වෙලාවට අපි එතැනින් ගියොත් මිනිහ අහනව,
'උඹල පේර කනවැයි...?' හරියට දෙන්න වගේ.... අනේ ඉතින් අපිත් පැනල කියනව,
'ඔව් අයියෙ...' කියලා.
එහෙම කිව්වාම මූ කියනව,
'එහෙනම් ඉතින් මං දෙන්න ඕන්නෑනෙ.. උඹල කනවනෙ...' කියල එයාම කනව.
ඔන්න ඊළඟ සැරේ ඔය විදියටම ඇහුවාම අපි කියනව 'නෑ...' කියල. එතකොට මූ කියනව,
'කන්නැති එවුන්ට මොනවටද දෙන්නෙ....' කියල එයාම කනව.
මොනව කිව්වත් යන්නෙ මිනිහගෙ බඩට....
ඒ දවස්වල ගුවන්විදුලියේ, මට මතක හැටියට නම් වෙළඳ සේවයේ තිබුණ වැඩසටහනක් 'ළමා උපන්දින සුභ පැතුම් තීරය' කියල... දවසක් මිනිහ අපට කතා කරනව ඕක අහන්න.... කාගෙද උපන්දිනේ කියල ඇහුවට කිව්වෙ නෑ...
'අහගෙන හිටපල්ලකො...' කියල කිව්ව.
ඔන්න ඉතින් අපිත් අහගෙන ඉන්නව.... අපි විතරක් නෙවෙයි, එයාලගෙ පවුලෙ අයත් රේඩියෝ එක ඉස්සරහ.....
මෙන්න ටික වෙලාවකින් යනව,
'මී ළඟට සුභ උපන්දිනයක් සමරන්නේ නන්දන විජේතිලක චූටි පුතා.... චූටි පුතේ, අපි ඔයාටත් සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා...'
'හූඌඌ....'
ගෙදර පිරුනා මහා හූවකිනුයි, හිනාවකිනුයි....
උපන් දිනේ අරුණයියගෙ තාත්තගෙ.... මේකා ඒක ළමා උපන්දින සුභ පැතුම්වලට දාලා....
රත්තරං පුතෙක්!තාත්තට ගොඩක් ආඩම්බර හිතෙන්න ඇති!
ReplyDeleteඅපොයි .. හුඟ දවසකින් නේ ආවේ ..
ReplyDeleteමං හිතුවා අර ''කලිකාල'' වගේ ආ ගිය අතක් නැතිවෙයි කියලා.
නන්දන විජේතිලක චූටි පුතා අරුනයියගේ කණ මිරිකුවේ නැද්ද දන්නේ නැහැ ගෙදර ගිහින්....
ReplyDeleteවෙලාවට තාත්තගේ නම නන්දන වුණේ ..
ReplyDeleteධර්මපාල වගේ නමක් වුණානම් කෝමට තියේවිද ?
අක්කේ මේ කොමෙන්ටුව දාන්නේ ඔයාගේ බ්ලොගේ හැම පෝස්ට් එකක්ම කියවලා.. ඇත්තටම ඔයා ඇතුළු අතළොස්සක් අයට කලාතුරකින් ලැබෙන ජාතියේ ඒ චමත්කාර ජීවිතේ ලස්සන තැන් හැමෝම එක්ක බෙදාගන්න එක ගොඩාක් වටිනවා.. කාලෙකින් තමා තාත්විකව හිනා උනේ.. එලකිරි බන් අක්කේ දිගටම ලියන්න. ෆට්ට ෆට ෆට..
ReplyDeleteපේර කතාවක් දැක්ක ගමන් දුවගෙන ආවේ.
ReplyDeleteඉස්සර මට මතකයි අපේ වත්තේ කන්ද උඩට නැග්ගම පේර කැලයක් තියෙනවා. ඒ හරියේ පේර ගස් විතරයි. ඒ කාලේ සාක්කු පිරෙන්න මාත් පේර ගෙදර අරන් එනවා. අම්මට අහුවෙච්ච ගමන් පේර කැලේ.
මේ හැමදේම දැන් මතක විතරයි.
අරුනයියා මාර පොරක්නේ....හික් හික් ...මමත් මාර ආසයි පේර කන්ට..අපේ ගෙදර ඉස්සරහ පේර ගහක් තිබ්බා මං පොඩි කාලේ...දවසම ගහේ තමයි ඉන්නේ..රතු පේර එකක් ඉදුනම....මම නං කෑවෙම සුදු කාලේ...ඉදෙනකං බලං ඉන්න බෑ.....
ReplyDeleteඑළ එළ
ReplyDeleteහික්...හික්.......
ReplyDeleteඅරුන අයියාට හොඳම වැඩේ.......
@ Sabith,
ReplyDeleteහයියෝ...ඔය සත්තලං පුතා කරපු වැඩ නම්... කියල වැඩක් නෑ...
@ kumaraya,
ReplyDeleteමොකක්ද අනේ ඒ 'කලිකාල' කතාව...?
@ ලොකු පුතා,
ReplyDeleteනන්දන විජේතිලක චූටි පුතා වැඩ ඇරිල ගෙදර ආවම කස්ටිය ඕක කණේ තියල....ඒ මනුස්සයට තංතෝත හිතිල පුතණ්ඩිය ගෙදර ඇත්තන්ට එයාගෙ උපන්දිනේ මතක් කොරල දුන්නු එකට....
@ සඳරු,
ReplyDeleteහිකිස්... එහෙම උනා නම් ගුවන්විදුලියෙ කස්ටියටත් සැක හිතෙයි....
@ lahirucc,
ReplyDeleteඉස්සිස්සරවෙලාම මෙහාට ආව ඔයාව සාදරයෙන් පිළිගන්නවා... ඇත්තටම මට ලස්සන පුංචි කාලයක් තිබුණා.... ඔයා ඒ කතා රස විඳලා දිරි ගන්වන්න කොමෙන්ටුවකුත් දාල ගිය එකට බොහොම ස්තුතියි... දිගටම ඇවිත් තව තව කතා අහල යන්න.....
Il mondo di una povera pazza,
ReplyDeleteමගෙ අප්පේ නමේ දිග.... සිරා නමක්නෙ... :)
පේර කැලේ කිව්වම මගේ ඔළුවට ආවෙ ඇඹුල් පේරයි, රතු පේරයි... අපේ ගෙට උඩින් නම් තිබුණෙ දං කැලයක්....අපිත් හරියට බැණුම් අහනව ඕකට රිංගපුදාට.... දං අරන් එන්නෙ ගවුම් වාටි නවලා ඔඩොක්කු හදාගෙන ඒවයෙ දාලා...ඉතින් ඇඳුම් විනාසයි දං කහට ගෑවිලා....
බොහොම ස්තුතියි ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට...
@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteඅපේ ගෙදර දොරකඩත් පේර ගහක් තිබුණා....සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න එකෝමෙක පේර ගෙඩියක් හැදුන.... අපි ඉතින් ඕකට ඉව අල්ල අල්ල හිටිය ඉදෙනකම්.... යාන්තම ඉදීගෙන එනකොට තාත්ත රෙදි කෑල්ලකුත් බැන්ද... අපි ඉතින් ඒකත් අවුස්සලා ගේ පැත්තට ගෙඩියෙ කොටසක් පේන විදියට පාදගත්ත වැඩි හොඳට ඉදුනාම පේන්න... ඔන්න දැන් පේර ගෙඩිය ලස්සනට ඉදිලා.... තාත්ත ගියා කඩන්න.... අර රෙදි ඇඳුම අයින් කරල බලනකොට පේර ගෙඩියෙ තියෙන්නෙ අර ගේ පැත්තට පේන්න තිබුණු කොටස විතරයි... අපේ චූටි නංගි ඉදෙනකම් ඉන්න බැරුව ගහේ තියෙද්දිම ඒකෙ අනිත් පැත්ත කාලා...දැන් නම් මතක් වෙනකොටත් හිනා... ඒ වුනාට එදා නම් මරන්න කේන්තියි....
@ සයුරි,
ReplyDeleteතැන්කූ...තැන්කූ...
@ ඇනෝ,
ReplyDeleteමොකක්ද අනේ අරුණයියට වෙච්චි හොඳම වැඩේ....?
දැන් පොර වැඩකරන්නේ නගර සභාවෙද....ඔකා කාටවත් නොදි කාල තියෙන විදිහට උගේ බඩත් ජරා වලක්වෙන්ට ඇතිනෙව....තාත්තට ඔහොම කොලානම් අනිත් අයත මක්ක උනාම මොකැ නේද අක්කේ...
ReplyDeleteහික්ස්... පොර ජර්මන් ටෙක් ගියා... දැන් පවුල් වෙලා... ඌ කරපු ජාතියෙම ඇට්ටර වැඩ කරන කොල්ලො දෙන්නෙක්ම ඉන්නවා මිනිහට.... අර පිස්සු වැඩ මොකුත් දැන් නෑ...දැන් හරි සීරියස්...
ReplyDeleteනියමයි ආ ............
ReplyDeleteමමත් දුවගන ආවේ පේර කන්ට. මම පේර බොන්ටත් ආසයි. ආ ගෑනු ලමයි ඔය පිරිමි ලමයින්ට එහෙම කියන්ට එපා. පෙර කොල කොටලා ඉස්ම මූනේ ගෑවාම හොඳට පාට වැටෙනවා. පරම්පරාගත රහස් ඕවා. පිටට එහෙම දෙන්ට එපා....:D
ReplyDeleteඅනේ මාවත් පුංචි කාලයට අරන් ගියා "පේර" ගැන කිව්වම, මාත් ඉස්සර වැඩි හරියක් කාලය ගතකරේ වත්තේ තිබ්බ පේර ගස් වල. :)
ReplyDeleteඈත්තටම පස්සේ කාලෙක දැන ගත්තේ පේර ඉතාමත් ගුණ කෑමක් කියල.
හික්ස්.... නියම කතාව අක්කේ... කමක් නෑ තාත්තගෙ උපන්දිනේට එහෙම හරි දෙයක් කරන්න පුලුවන් වුන එක කොච්චර දෙයක්ද නේද??
ReplyDeleteඅන්න තාත්තලාට ආදරේ පුත්තු.
ReplyDeleteතාත්තට ආඩම්බර ඇති පුතා ගැන..
ReplyDeleteඉතිං පේර ගහෙන් වැටුනද?
ReplyDeleteදැන් මං අපෙ ඇදුරුතුමා ඉන්න තැන ඔයාගෙ පෝස්ට් කියවන්ට බයයි. කීප සැරයක්ම මම මාට්ටු ලැප් ටොප් එක එක්ක හිනාවෙලා. මනුස්සය හිතනව ඇති මට පිස්සු කියල.ඔයාගෙ කතාවල තියෙනව අර මොකක්ද ගතියක් හරි තාත්විකව කතන්දරය මවාගන්ට පුලුවන් කමක්. මං ඔයාව දකින්නෙ සඳරුගෙ අනිත් වර්ශන් එක හැටියට.
ReplyDeleteමටනම් මාර හිනා... (හික් හික්) කතාවට.ලස්සනට ලියාලා තියෙනවා අද තමා ඔයාගේ බ්ලොග් එකට අපු මුල්ම දවස.
ReplyDelete@ බට්ටි,
ReplyDeleteතන්කූ හොඳේ...
@ Podi Kumarihami,
ReplyDeleteආනේ... ඇත්තද ... කට...කට....කට .... කට පරෙස්සම් කරගන්නව හොඳයි වලව්වෙ ඇත්තො..... කාටවත් ඇහුනොත් හෙම.... මට නම් ඉතින් ඔය ඉඳල හිටල පරම්පරාගත රාසක් කිව්වට කාරියක් නෑ.... මං ඉතින් ඔය කාටවත් කියයි කියලයැ..... :D
@ වසිලිස්සා,
ReplyDeleteඅපේ අළුත් ගෙදරත් තියෙනව රතු පේර ගහක්.... ඒත් ඒක දැන් දන්සැල් දාලා.... අවට කස්ටිය අතු ටික තාප්පෙන් අනිත් පැත්තට ඇදගෙන හිටු කියල කඩනවාලු, ගෙදර කවුරුත් නැති නිසා...
@ නිසුපා,
ReplyDeleteකියල වැඩක් නෑ අනේ... වෙලාවට ඒ වෙනකොට තාත්තා වැඩ ඇරිල ගෙදර ඇවිත් තිබුනෙ නෑනෙ.... හිටිය නම් ඒ මනුස්සයත් බඩ ගෙඩිය උඩ දම දම හිනා වෙයි... :)
@ රාජ්,
ReplyDeleteආන්න බලන්න... ඒකනෙ කියන්නෙ...මොකෝ ඕගොල්ලන්නට ඔහොම හිතිල තියෙනවද කවදාවත්....?
@ Dinesh,
ReplyDeleteපුතාට විතරක් උපන් දිනේ මතක් වෙච්චි එක ගැන නම් ආඩම්බර හිතෙන්නැති....
@ කතන්දර Kathandara,
ReplyDeleteඅඩි දන්න නිසා ඌ නම් කවදාවත් ගහකින් වැටුනෙ නෑ.... මම නම් වැටුනා... ඒත් පේර ගහෙන් නෙවෙයි, ජම්බු ගහෙන්.... ;P
@ kkavikaari,
ReplyDeleteහිකිස්.... කවිකාරිටත් වෙන්නෙ හරිම වැඩ තමා... ඇදුරුතුමා හිතුවොත් කවිකාරිට මොකක් හරි නුහුගුණයක් තියෙනව කියලා, අනේ මේ අපි නම් නෑ ඔන්න... :D
බොහොම ස්තුතියි අගය කිරීමට කවිකාරියේ....
@ අසරණයා,
ReplyDeleteබොහොම ස්තුතියි අසරණයට.... ඔයාත් ඇතුළුව අළුතෙන් මේ පැත්තෙ ආව හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා හොඳේ....
සොරි වෙන්න ඕනා... ටිකක් ලේට් උනනේ... ඔන්න පේර එහෙම ඔනේ නම් කියන්නකෝ... මගෙත් ආසම කැම.. හැබැයි පුන්චි පේර තමා ගොඩාක්ම රස
ReplyDeleteමරු කතාවක්නෙ....
ReplyDeleteතැන්කූ සනූ....
ReplyDelete@ දේවා,
ReplyDeleteමල්ලිගෙ කොමෙන්ටුව මගේ ඊ මේල් එකට ඇවිත් තියෙනවා... ඒත් මේකෙ නෑ... ඔන්න මං ඒක පහළ පළ කළා....
දේවා ගේ අඩවිය
සොරි වෙන්න ඕනා... ටිකක් ලේට් උනනේ... ඔන්න පේර එහෙම ඔනේ නම් කියන්නකෝ... මගෙත් ආසම කැම.. හැබැයි පුන්චි පේර තමා ගොඩාක්ම රස
@ දේවා,
ReplyDeleteමල්ලි කිව්ව වගේ පුංචි පේර ඉදුනම ගොඩක් රසයි... එක කටට කතෑකි...
ඌ නම් සිරාම ඩයල් එකක්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහාපෝ, ජර්මන් ටෙක් යන්නෙම ඔය වගේ වුන් තමා
ReplyDelete@ පිස්සා පලාමල්ල,
ReplyDeleteහිකිස්....
@ Observer,
ReplyDeleteආයෙත් අහලා.... අත්දැකීමෙන් නොවැ කියනව ඇත්තෙ.... :D
තාත්තට පුතා ගැන ලොකු ආඩම්බරයක් හිතෙන්න ඇති නේ. ආදර්ශමත් පුතෙක්
ReplyDeleteආදර්ශමත්ද කියලත් අහනව..... :)
ReplyDeleteමෙවන් පුතෙක් ලද මවක්
ReplyDeleteමෙවන් පුතෙක් ලද පියෙක්
මෙවන් සැමියෙක් ලද බිරියක්
නිවී සැනසෙනවා සිකුරුයි :))
@ Hasitha,
ReplyDeleteඔහු වන් අයෙක් බිහි කළ මවක්...
ඔහු වන් අයෙක් දැඩි කළ පියෙක්...
නිවුනි සසරේ.....
මරු අයිඩියා එක මමත් කොරලා බලන්න ඕනේ හි හි.....
ReplyDeleteබලන්න... බලන්න... ඒ කරල ප්‍රතිපලේ කියන්න... :D
ReplyDelete