අපේ ගුරුවරු ඔක්කොම සිස්ටර්ස්ලා... ඔක්කොම තුන්දෙනෙක් හිටියා... තව මදර් කෙනෙකුත් හිටියා හැමදාම උදේට දකින... සුදුම සුදුයි... හැබැයි හෙන බරපතල මූණක් තිබ්බෙ... කාත් එක්කවත් හිනාවක් නෑ... අපි පියානෝ එක ළඟට ගිහින් 'පායනා කාලෙදී - රෑ දවල් මහන්සි වී - කන්න දේ රැස් කරයි කූඹියෝ' කියනකොට පියානෝ එක ගැහුවෙ එයා තමයි... ඔය සිස්ටර්ස්ලා අතරින් මට විශේෂ ආදරයක් පෙන්නපු කෙනෙකුත් හිටියා... අපේ අම්මටත් ඒක දැනිලා මගෙන් ඇහුවා ඒ සිස්ටර්ගෙ නම මොකක්ද කියලා...
'සැලළිහිණියා..' මං ගත් කටට කිව්වා...
'සැලළිහිණියා කියන්නෙ නමක් නෙවේනෙ පුතේ... කුරුල්ලෙක්නෙ...' අම්මා කිව්වා..
'ඒ උනාට ඒක තමයි එයාගෙ නම...'
ඉතින් කොහේ විරුද්ධ වෙන්නද අම්ම... ඒ උනාට මං එදා ඉඳලා හැමදාම ඒ සිස්ටර්ගෙ නම ඇහුවත් ගෙදර එනකොට මං බබාට මතක සැලළිහිණියා කියන එකමයි... කාටද ඒ වගේ බරපතල දිග නම් මතක තියාගන්න පුළුවන්...
ඔය මොන්ටිසෝරියට අපි ඔක්කොම උදේම ගියාම මට මතක විදියට සිස්ටර්ස්ලා දොර වහලා යනවා පොඩි වෙලාවකට පන්තියෙන් පිටතට... ඒ මොකටද කියලා මතකයක් නම් මට නැහැ... අර මං කලින් කිව්ව කොන්වන්ට් එක තිබ්බෙ මේ පල්ලියට පිවිසෙන්න තිබුණු ගේට්ටුවෙන් දකුණු පැත්තෙ.... මැද පල්ලිය.... වම් පැත්තෙ කන්ද උඩට වෙන්න මොන්ටිසෝරිය.... මොන්ටිසෝරියට ඇතුළු වෙන පැත්තට වෙනම ගේට්ටුවකුත් දාලා තිබුණා... ඒ උනාට එතැන ඉඳලා අපේ පන්තියට එන පාර එල් අකුරක් වගේ ලොකු වංගුවක් ආකාරයට වැටී තිබුණු නිසා ඔය ගේට්ටුව පැත්තෙ වෙන දේවල් අපට පේන්නෙ නෑ.... අම්ම උගන්නපු ඉස්කෝලෙ තිබ්බෙ පාරෙන් අනිත් පැත්තෙ... ඒකට යන්න අතුරු පාරක ටික දුරක් යන්න ඕන... එතැනත් අර පල්ලියටම සම්බන්ධ පොඩි පල්ලියක් තිබුණා... ඒකෙ නම් ඉන්නව මං දැක්කෙ ෆාදර්ස්ලා විතරයි... සෙමනේරියක්ද මන්දා...
සමහර වෙලාවට ඔය සිස්ටර්ස්ලා නොපෙනී ගිහින් ඉන්න අතරෙ අපට ඈතින් ඇහෙනවා සද්දයක්... 'ඩං..ඩං... ඩං ඩං ඩං...' ඔන්න එතකොට හැමෝම කර කර ඉන්න වැඩ නවත්තලා කන් උස්සලා බලනවා ඒ පැත්ත...
'බෑන්ඩ් එක...' එකෙක් කියනවා..
'යං යං..' කියලා ඉස්සර වෙන එකෙක් අර ඇතුලෙන් අගුළු දාලා තියෙන දොර ඇරගෙන එළියට පනිනවා... ඒ පස්සෙන් අනිත් එවුන් රොත්තත් එළියට පැනලා දුවනවා අර පාර දිගේ, මං ඇරෙන්න... මං බබා තනියම පන්තියට වෙලා බලන් ඉන්නවා අනිත් එවුන් රේස් එකේ පහළ වංගුවෙන් නොපෙනී යන දිහාව...
මං එහෙම දිව්වෙ නැත්තෙ සිස්ටර්ස්ලට තිබ්බ බයටත් වැඩිය අම්මට තිබ්බ බයට... මං එහෙම දුවලා සිස්ටර්ස්ලා අම්මට කිව්වොත් හෙම... අනිත් වැදගත්ම කාරණාව තමයි මං කලින් ඔය කියන ජාතියේ බෑන්ඩ් එකක් දැකලා නොතිබුණු නිසා මං හිතුවෙ බෑන්ඩ් එක කියන්නෙ ලොරියක් කියලා.... මොන එකක්ද මන්දා බෑන්ඩ් එක කියන වචන දෙක ඇහෙනකොටම මගේ ඔළුවට ආවෙම ලොරියක රූපයක්... ඉතින් ඔය පාරෙදි නිතරම දකින ලොරි කබලක් බලන්න පාර පල්ලෙ බෙල්ල කඩාගෙන දුවන්න ඕනයැ... මං හිතුව මේගොල්ලො මේ දුවන්නෙ ඕන නම් වැඩියම ඔය ලොරිය පාට පාටින් සරසල ඇති නිසා ඒක බලන්න වෙන්නැති කියලා... එතකොට මගේ හිතේ මැවුනෙ පාට පාට ක්‍රේප් කොළ ඇදලා සරසපු ලොරියක්... මං හිටියා පන්තියට වෙලා.... ටික වෙලාවකින් සිස්ටර්ස්ලා පන්තියට ආවම ළමයි එකෙක්වත් නෑ මං බබා ඇර...
'අනිත් ළමයි ටික කෝ?' එයාල මගෙන් අහන්නෙ ඇස් උඩ තියන්...
'බෑන්ඩ් එක බලන්න ගියා...'
ඊට පස්සෙ තියෙන්නෙ සිස්ටර්ස්ලා තුන් දෙනත් අර ලෝගු හුළඟේ පා කර කර බෙල්ල කඩාගෙන පාර පල්ලෙ දුවන දර්ශනේ... ඊටත් විනාඩි කිහිපයකට පස්සෙ ළමා කැලත ආයෙ මේ අතට දුවනවා හිටු කියලා.... එතකොටත් ඉස්සරහින් දුවගෙන එන්නෙ අර වීරයා වගේ දොරත් ඇරගෙන ඉස්සෙල්ලම එළියට පැන්න එකාමයි... මට හොඳට මතකයි, මිනිහගෙ නම දිනේෂ්.... ඒ පස්සෙන් සිස්ටර්ස්ලා තුන් දෙනා එනවා හති ඇර ඇර... ඔය සිද්දිය ඔය විදියටම දෙපාරක් විතර උනාට පස්සෙ සිස්ටර්ස්ලා තරවටු කළා ආයෙ ගියොත් හෙම දඬුවම් කරනවා කියලා...
ඔය විදියට අනතුරු හඟවලා හිටපු අතරෙ ඔන්න දවසක් ආයෙත් ඇහුනා අර සද්දෙ... මොනවද ආයෙ, අර ළමයින්ට මෙලොවක් මතක නෑ.... දොර ඇරගෙන පැන්නා එළියට, දුවන්න ගත්තා... එදා නම් මං බබාටත් හිතුනා ඒ පස්සෙ දුවන්න... මාත් දිව්වා නැට්ට අල්ලගෙන... මං යනකොට කට්ටියම අර මොන්ටිසෝරියට එන පැත්තට තිබ්බ ගේට්ටුවේ රිලව් ටික වගේ එල්ලිලා එහා පැත්ත බලන් ඉන්නවා... අප්පද බොල මේකද බෑන්ඩ් එක කියන්නෙ.... කොන්වන්ට් එකේ ලොකු අක්කලා බෙර ගහනවා.... ඉස්සරහින් යන කෙනා පොල්ලකුත් වනන්නෙ... ආයිෂ් අප්පා... අපරාදෙ මං මෙච්චර කලක් ආවෙ නැත්තෙ.... සිහිසන් නැතිව හිටිය මට පියවි සිහිය ආවෙ පස්ස පැත්තට හෙමිහිට වැදුනු අතුල් පාරකින්... ආපහු හැරිලා බලනකොට සිස්ටර්ස්ලා තුන්දෙනා යක්කු වගේ එතැන... ගේට්ටුවෙන් බැස්සා නෙවෙයි හැලුණා... ආයෙ සැරයක් අනිත් උන්ගෙ නැට්ට අල්ලගෙන මාත් අනිත් පැත්තට දිව්වා... එදා තමයි මං බෑන්ඩ් එක බලපු පළමුවෙනි සහ අවසන් දවස.... ඊට පස්සෙන්දා ඉඳලා සිස්ටර්ස්ලා අරම අතුරුදහන් වෙනකොට අපිව බලාගන්න, සිස්ටර්ස්ලා වෙන්න පුරුදු වෙන ලොකු අක්කලා දෙන්නෙක් ගෙනැත් තිබ්බනෙ... ඒ විතරක්යැ... එදා මං පාරට දුවපු බව සිස්ටර් සැලළිහිණියා අම්මටත් කිව්වා... අම්මගෙ මූණත් නරක් වෙලා අවවාද පෝලිමකුත් ලැබුණා මතකයි...
ඔය මොන්ටිසෝරිය ඉවර උනාට පස්සෙ ළමයි ටික ඒ වෙනකොට ඇවිත් ඉන්න දෙමව්පියන්ට භාරදීලා ඉතුරුවෙලා ඉන්න කට්ටිය සිස්ටර්ස්ලා ඇතුළු කාමරේකට එක්කන් යනවා... මං බොහොම වෙලාවට ඔය ගොඩේ ඉන්නවා අම්මා එනකම්... එහෙම ඉන්න අතරෙ පාට කරන්න චිත්‍ර තියෙන පොතුයි පැස්ටලුයි දෙන නිසා අපට කම්මැලිකමක් දැනෙන්නෙ නෑ... ඒ උනාට සමහරදාට අපිව දකින මදර් අපිව දක්කන් යනවා පියානෝ එක ගාවට... එයා හොඳට වාඩිවෙලා පියානෝ ගහද්දි අපි හිටගෙන අර උදේට කියන සුපුරුදු සින්දු කියන්න ඕන... මට පෙන්නන්න බෑ ඒ වැඩේ නම්... උදේට නම් හොඳයි... හවසට මහන්සි වෙලාවට හිටගෙන ඉන්න ගියාම කුකුලුත් රිදෙනවා... අවුරුද්ද අවසානෙ විවිධ ප්‍රසංගයට පුරුදු වෙනකොට ඒක තවත් වැඩියි... ඔය විවිධ ප්‍රසංගයේ මට හොඳට මතකයි මං පාට පාට මල් රෙද්දකුයි තැඹිලි පාට අත් බෝරිච්චි හැට්ටෙකුයි ඇඳගෙන නැටුවා 'රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වීලා...' කියන සින්දුවට... (ඒ රෙද්ද තවමත් අපේ මහ ගෙදර තියෙනවා පාටෙන්වත් කිසිම අඩුවක් නොවී...) ඊට පස්සෙ 'කිරි මූද කළඹාලා ගෙනා - මගේ කුඩා පුතුටයි..' සින්දුවට බෝනික්කෙකුත් අරන් නැටුව චම්මි කියන ළමය නටන අතරෙ, එයාගෙ රෙද්ද කඩා වැටුන බවත් මට මතකයි... තිරේ අස්සෙ හැංගිලා හිටිය සිස්ටර් කෙනෙක් ප්‍රේක්ෂකාගාරයෙ සිනා හඬ මැද්දෙ දුවල ගිහින් ඒ ළමයව ඇදගෙන ඇවිත් රෙද්ද ආපහු හොඳට අන්දලා නටන්න යැව්ව බවත් මතකයි...
දවසක් අපි තුන් දෙනෙක් ඔහොම අර කාමරේ වාඩිවෙලා ඉන්නකොට එතැනින් යන්න ආපු සිස්ටර් සැලළිහිණියා අපිව දැකලා ළඟට ඇවිත් ඇහුවා ඔයාලා ආගමේද බුද්ධාගමේද කියලා... මං බුද්ධාගම කියල වචනයක් අහල තියෙන බවක් මතක නැති උනාට ආගම කියන වචනෙ නම් මට මතක තිබ්බා... එක්කෙනෙක් බුද්ධාගමෙයි, අනිත් එක්කෙනා ආගමෙයි කියද්දි මාත් කිව්වා ආගමේ කියලා... ඒ ගමන එයා අපි දෙන්නව දෙපැත්තෙන් අල්ලගෙන එක්කන් ගියා පල්ලිය ඇතුලට... පල්ලියට ඇතුල් වෙද්දි මගේ හිතට ආවෙ අමුතුම හැඟීමක්... ඒක අදටත් පල්ලියකට ඇතුළු වෙද්දි මගේ හිතට දැනෙනවා.... කවදාවත් පල්ලියකට ගිහින් තිබ්බෙ නැති මං හොඳට වටපිට බැලුවා... සිස්ටර් කෙනෙකුයි වයසක ෆාදර් කෙනෙකුයි පේලි දෙකක දණ ගහගෙන හිටියා... කිසිම සද්දයක් නෑ... ඒක මහ විශාල ශාලාවක්... ආරුක්කුවක් වගේ වහල, පාට පාට වීදුරු දාපු පින්තූර තියෙන ජනේල, මේස බංකු පේලි ගොඩ... ඒ මදිවට අර කාවද ඉස්සරහ බිත්තියේ එල්ලලා තියෙන්නෙ... අනේ පව්... එයාට හොඳටම රිදිලද කොහෙද... අත් වලිනුයි කකුල් වලිනුයි ලේත් එනවා... සුරුවම ඉස්සරහ තිබ්බ බංකුවක අපිව වාඩි කරවපු සිස්ටර් සැලළිහිණියා එතැන දණ ගහගෙන අත් දෙක බැඳගෙන අපේ මූණු දිහාත් හිනාවීගෙන බලාගෙන මොන මොනවදෝ කිව්වා... මට මොකුත් තේරුනේ නෑ... මාත් එක්ක හිටපු අනිත් ළමයා නම් සිස්ටර් එක්කම ඒවා කිව්වා... මං කල්පනා කළා ඒ කියපුවා මං කවදාවත් අහලවත් නැත්තෙ මොකද කියලා... ඊට පස්සෙන්දා අපේ අම්මා නියමිත වෙලාවටම මාව එක්කන් යන්න ආවම සිස්ටර් ඔය ගැන අම්මගෙන් ඇහුවා... අපි බුද්ධාගෙමෙයි කිව්වම සිස්ටර්ගෙ මූණ වෙනස් වුනු හැටි මට දැනුනා... එයා කිව්වා එයා මාව පල්ලිය ඇතුලට එක්කන් ගියේ මං අපි ආගමේ කියල කියපු නිසා බව... එදා තමයි අම්මා මට කිව්වෙ අපි බුද්ධාගමේනෙ පුතේ කියලා...
අම්මා ඔහොම මොන්ටිසෝරිය ඇරිලා මාව එක්කන් ගියාට පස්සෙ පැයක් දෙකක් මට අම්මගෙ පස්සෙන් ඇවිද ඇවිද ඉස්කෝලෙ ඉන්න වෙනවා... අම්මලගෙ ස්ටාෆ් රූම් එකේ එක පැත්තක තිබ්බ දොරක් විවෘත උනේ ඉස්කෝලෙ කැන්ටිමට... ඒකෙ අනිත් පැත්ත ඊට වඩා පළල් දොරකඩකින් ළමයින්ට විවෘත වෙලා තිබුණා... මං දවසක් අහම්බෙන් ඒ දොරෙන් පොඩ්ඩක් එළියට බැස්සා... ආව්... වටේටම ගොඩනැගිලි, ඉස්කෝලෙ සුදු ඇඳගෙන හිනාවෙවී ඒ මේ අත යන ගෑණු, පිරිමි ළමයි... ඒ මදිවට ඒ දොරට උඩින් උඩ තට්ටුවට යන පඩි පෙලකුත්... ඒ විතරක් නෙවෙයි, ඒ පඩි අතරෙ හිදැසුත්... මං උඩ බැලුවම මට පෙනුනනෙ මැජික්...! ආව්... මේ ඉස්කෝලෙ නම් නියමයි... ඊට පස්සෙ ඉඩක් ලැබුනු හැම වෙලාවකම මං පැනලා ගිහින් හිටියෙ ඒ පඩිපෙළ යට... කවුරුවත් අහළ පහළ නැති වෙලාවක් බලලා මං උඩ බලන් ඉන්නවා මැජික් බලන්න...අපේ අම්මා උගන්නපු පන්තියකුත් තිබ්බ ඔය පඩිපෙල මුදුනෙ හෝල් එකේ... ඉතින් සමහර දවස්වලට මටත් යන්න වෙනවා අම්මත් එක්ක එතැනට... මං අම්බානක බයයි ඕක නගින්න.... කකුලක්වත් අර හිදැස අතරින් යයිදෝ කියලා... අම්මා පඩිපෙල නගින්නෙ එක අතකින් මාව බාගෙට උස්සගෙන... එහෙම කළේ නැත්නම් ඉතින් හතරගාතෙන් තමයි... මොන විළිලැජ්ජාවක්ද.... මට නෙවේ... අම්මට... පව් අපේ අම්මා...
අම්මා උගන්නන අස්සෙ මං මොකක් හරි පෝරිසාද වැඩක් කළාම අම්මා එක්කෝ සැර කරනවා, නැත්නම් හීනියට ටොක්කක් අනිනවා... ළමයි ඉස්සරහ එහෙම කළාම ලැජ්ජාවට මං රිංගනවා ගුරු මේසෙ යටට... එහෙම වෙලාවකත් මට අහම්බෙන් පෙනුනනෙ මැජික්..! ඊට පස්සෙ මං අම්ම ටොකු අනින්න කලින්ම රිංගනවා ගුරු මේසෙ යටට මැජික් බලන්න.....
අම්මා උගන්නන අස්සෙ මං මොකක් හරි පෝරිසාද වැඩක් කළාම අම්මා එක්කෝ සැර කරනවා, නැත්නම් හීනියට ටොක්කක් අනිනවා... ළමයි ඉස්සරහ එහෙම කළාම ලැජ්ජාවට මං රිංගනවා ගුරු මේසෙ යටට... එහෙම වෙලාවකත් මට අහම්බෙන් පෙනුනනෙ මැජික්..! ඊට පස්සෙ මං අම්ම ටොකු අනින්න කලින්ම රිංගනවා ගුරු මේසෙ යටට මැජික් බලන්න.....
මේක යක්ස කෙල්ලෙක් නෙ.. මැජික්..!! :D :D
ReplyDeleteරන් වන් දුල් ද රන්වන් රන් ද මියුරු.. ? මට ඇහෙන්නෙ රන්වන් රන් කරලින් පැසිලා කියල වගෙයි. මියුරු ලියන මේව පුංචි කාලෙ මතක විදිහට ලිව්වත්, ඒ ඔස්සෙ කාටත් පොදු ලමා සිතුවිලි ත් ලස්සනට මතු වෙලා තියනව කියලයි මට හිතෙන්නෙ.
ඒක 'රන්වන් දුල්' ම තමා චන්දන... හොඳට අහන්නකෝ...
Deletehttp://www.chords-lanka.com/song_view.php?song_id=1729
ඒ පුංචි කාලෙට ආපහු ගිහින් කතාව ලියනකොට ඒ කාලෙ මගේ හිතට ඇවිත් තදින් සටහන් වෙච්ච හැඟීම් ඊට ආසන්නව දැනෙන්න ගන්නවා වගේ හැඟෙනවා... ඔය බෑන්ඩ් එක ගැන ලියනකොට මගේ හිතේ මැවුනු ලොරිය මට අදටත් ඒ විදියටම මතක් කර ගන්න පුළුවන්... ඒ හින්දා වෙන්න ඇති අර ඔයා කිව්ව විදියට දැනෙන්නෙ... :D
අනේ චන්දන මගේ බ්ලොගේ පොඩි අප්සැට් එකක් වෙලා... යමක් අහගන්න ඕන... මට පුළුවන් නම් ඊයකින් ඔයාගෙ මේල් එක එවනවද...?
miyuruw77@gmail.com
එව්වා. :)
Deleteබොහොම ස්තුතියි චන්දන...
Deleteමොකක්ද දැක්ක මැජික් එක
ReplyDeleteමං බබා ඒක කාටවත් කියන්නෙ නෑ... ඒක රා..සා...ක්..! :D
Deleteමොනාද ඉතින් අක්කලගෙ කකුල් අයියලා අතගානවා පේන්න ඇති. ඒවත් ඒ කාලෙට මැජික් තමයි...නේද මියුරු.
Deleteමොනවද ඉතින් අයියලා අක්කලගෙ කකුල් එහෙම අත ගානවා දකින්න ඇති... ඒවත් ඒ කාලෙට මැජික් තමයි...නේද මියුරු.
Deleteචීයා... මෙයා කියන එව්වා... ඒක නෙවෙයි අය්යෝ... වෙනින් එකක්... වෙනින් එකක්... :D
Deleteහැබැයි මට නම් හිතෙන්නේ සිස්ටර් ගැහුවා මදි කියලා. මටත් මගේ මොට්ටසෝරි කාලේ මතක්වුනා
ReplyDeleteහොඳ වෙලාවට සිස්ටර් මගේ රා...ස දැනගෙන නොහිටියේ... නැත්තං මට දෙයි දුං විසිවෙන්න... :D
Deleteහපොයි ඔය මැජික්.......චි.....යා.....:D
ReplyDeleteඒ උනාට අර පඩි පෙල අර විදියට ගෑණු ළමයිත් ඉන්න ඉස්කෝලෙක හදල තියෙන්න ඇත්තෙ ඔය මැජික් පෙන්නන්නම තමයි, ඔයා චී...යා කිව්වට... :D
Deleteඅපූරු මතක සැමරුම මියුරු..!
ReplyDeleteරෙද්ද කැඩුනාම හිනා වුනේ ඒ අය මොන්ටිසෝරි ගෙහුන් නැති අය වෙන්ටෑ මයෙ හිතේ...
එහෙම අපහාසයට හිනා උනා නෙවේ වෙන්නැති සරත්... ඒ වෙලාවෙ අර කවදාවත් හිනාවෙන්නෙ නැති මදරුත් හිනා උනානෙ... :D
Deleteමෙන්න මියුරුගේ අර පරණ ලියවිල්ල ආයෙත් උඩට ඇවිත්.
ReplyDeleteඅර මේසේ යට මොනාද තිබුණු මැජික් අනේ...රාස කියලා දාන්ට. :)
හී හී...නටනකොට රෙද්ද කඩාගෙන වැටුණු එකට නම් හරියට හිනාගියා. මමත් පුදුම දැඟලිල්ලක් දැඟලුවෙ පොඩි කාලේ. හැබැයි ගුටි කෑවේ නම් නෑ.
දැන් කියලා වෙනසක් ඇතෑ.
Delete@ පොඩ්ඩි,
Deleteමං බබා ඒම කියන්නෑ... මෙයාලා මාව රවට්ට ගන්නමයි හදන්නෙ... ඔන්න තොකෝ එකක් දුන්නොත් නං....
@ සරත්,
Deleteඅනේද කියන්නෙ... :D
ඔ්වෑ මැජික්ම තමා! :D
ReplyDeleteහොඳයි කෝමද අලියා ඒක දන්නෙ...?
Deleteඈ අලියො... කොහෙද හිටියෙ මෙච්චර දවසක්... බ්ලොගේ අතහැරලයි...? අලිය හිටි ගමන් පෙනී හිටපු එකත් මැජික් එකක්නේ... :D
මේ දවස්වල චුට්ටක් කචල් හොඳේ! :) නිවාඩු වෙලාවක් සෙට් වෙච්ච ගමං පාත් වෙන්නංකො!
Deleteහොඳයිකො... අත හැරලම දාන්න එපා හොඳේ... :D
Deleteමාර මැජික් ඈ...
ReplyDeleteබෑන්ඩ් එක ලොරියක් කියලා හිතුවේ මොකද කියලා මම මේ කල්පනා කරන්නේ...
ඒ මැජික් මාලයි නේන්නං....
Deleteමාත් මේ කල්පනා කරන්නෙ ඒකමයි සෙන්නා... පුංචි කාලෙ සමහර විශේෂ දේවලට මං ඔය ලොරි කතාව කියල තියෙනවා... කලින් ආත්මෙ ලොරි ඩැයිවර් කෙනෙක්ද දන්නෑ... :D
අඩේ මොට්ටසෝරි කාලෙ ගැන මෙලෝමතකයක් නෑනෙ... ආ... මා කාට හරි පොල්ලකිං පත බාල හිටං නට් වෙන්න කෑව නං මතකයි ලාවට... ටීචගෙං නෙමේ... අපේ තාත්තගෙං... ඒ ටීච හොදා... එයාට අපේ හැම වැඩක්ම හිච්චි එකාලගෙ දග කං විතරයි
ReplyDeleteඔය මතක් වෙලා තියෙන්නෙ මතක නෑ කිව්වට... මහේෂ් පටන් අරන් තියෙන්නෙම තග දාල වගේනෙ... :D
Deleteදැන් ඉතින් අපි කම්පනා කරන්න එපැයි මෙයා මොනාද දැක්ක මැජික් එක කියලා..
ReplyDeleteකම්පනා කරන්න, කම්පනා කරන්න... බබා නං කියන්නෑ... :D
Deleteමේ ඉන්නෙ අපේ "ටොට්ටොචං" මොන රටේ කොයි සංස්කෘතිය යටතේ ඉපදුනත් ඔය මහ බරපතල් විදිහට කියන සමානාත්මතාවය, නිදහස වගේ දේවල් සැබෑ විදිහට තියෙන්නෙ සුන්දර ලොවක සැරිසරන පුංචි දරුවො අතර විතරයි. මේ ලිපිය කියවමින් යද්දි මට ඇතිවුන සිතිවිල්ලක් ඔබ සුන්දර සිතිවිලි ලෝකයකට අපව ගෙනියනවා.
ReplyDeleteමේක කියවපු ගොඩ දෙනෙකුට පුංචි කාලෙ මතක් වෙලා... ඒ වගේ නිර්ව්‍යාජ සමයක් නම් ජීවිතේ ආයෙත් එළැඹෙයි කියල හිතන්න අමාරුයි... ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත...
Deleteකිව්වාම උඹ විශ්වාස කරයිද දන්නේ නෑ, මමත් පොඩි කාලේ ගියානේ කොන්වන්ට් එකකට. බලංගොඩ සේන්ට් ඇග්නස් එකට. ඒකෙත් හිටියා සිස්ටර් ගේයිට්න්, එතකොට ඔය එක එක කරන්න අක්කා කෙනෙක් සෙලස්ටීන් කියලා. මට මතක් වෙන්නේම ඒ කලේ තිබ්බ Zellers චොක්ලට් වල අනුග්‍රහයෙන්, සෙලර්ස් ටිං කියලමයි.
ReplyDeleteඅඩේ උඹලත් මැජික් බලන්න කැමතිබව මම දන්නේ නෑනේ.
හී... හී... ඒ කාලෙ සමහර ගෑණු ඉස්කෝලවල පිරිමි ළමයි ඉඳලා තියෙනවා පහේ පන්තියට යනකම් කියලා මං අහලා තියෙනවා... හැබැයි කොල්ලො වැඩිය ඉඳලා නෑ.... ඒකත් එහෙම ඉස්කෝලයක්ද...? යාළුවො සවුත්තුව දැම්මෙ නැද්ද ගෑණු ඉස්කෝලෙකට යනවය කියලා...?
Deleteමටත් ඔය සෙලර්ස් චොකලට් හොඳට මතකයි... හෙන තඩි එව්වා... ඒවා දැන් නෑ නේද...? සෙලර්ස් ටිං... හික්ස්...
පොඩි කාලෙ ඔය සිද්දියට පස්සෙ තමයි තේරුනේ මැජික් බලන්න පුළුවන් කියලා... පස්සෙ හොය හොයා බලන්න ගත්තා... ඒක නැවතුනේ අම්මගෙන් හොඳ කෑමක් කෑවට පස්සෙ... ඇයි අප්පා විළිලැජ්ජයිනෙ... අපේ අම්මට මේකෙ කමෙන්ට් කරන්න පුළුවන් උනා නම් කියයි... :D
මේ කියන්නේ හිඩැස් තියෙන පඩිපෙලෙන්, ගවුම් ඇඳගත්තු ගෑනු අය ගියහම වෙන්න ඕන ඔය කියන මැජික් පේන්නේ..හෙහ්..
ReplyDeleteඅපි නම් ඕවට කිව්වේ ලයිට් කියලා :)
අපි ලයිට් කිව්වෙ මේකෙම වෙනින් කැටගරියක ඒවට... :D
Deleteඑතකොට මම මැජික් එක තෝරපු එක හරිද අක්කා... ?
Deleteගිනි...ගිනි...ගිනි...ගිනි... (ගිනිද ඇල්ද සෙල්ලම දන්නව ඇති කියලා හිතනවා... ) :D
Deleteඔන්න ඔරිජිනල් මියුරුවතී ඇවිත්.. මට මතක නෑ නේ බොල මං මොන්ටිසොරි ගිය වස්ත්‍රයක්.. අම්මගෙන් අහන්න විදියකුත් නෑ අම්මත් ගියා නෙව..
ReplyDeleteඅයියෝ... මතක් කරන්න, මතක් කරන්න දේශකයා... සමහරවිට වැඩිමහල් සහෝදර සහෝදරියො හිටිය නම් එයාලා මොන්ටිසෝරිය දැම්මා වෙන්නත් බැරි නෑ... :D
Deleteපවුලටම හිටිය ලොකුම එකා තමා මෙමා..
Deleteමමත් ඔය විදිහේ කට්ටක් කාල තියෙනව අපේ ලොකු ඩබලම ගුරුවරුනේව ඉතින් ඉස්කොලේ ඇරෙනකං හුඟක් දාට මාත් ඉස්කොලේ හැබැ අර මැජික් නං දැක්කේ නැද්ද කොහේද හික්ස්.... D
ReplyDeleteමටත් ඕවා බලන්න පිනා පාර වැදුනෙ අහම්බෙන්නෙ රාජ්... අන්තිමට අම්මා කණෙන් අල්ලගන්නකම් බැලුවා තමයි මැජික්...! :D
Deleteටෝට්ටෝ චාන් කලෙත් විදි සංදර්ශනයක් එකක් බලන්න ජනේලේ ලඟට ගිය එකනේද ..
ReplyDeletestreet musicians...! හනේ එක නේන්නං අන්තිමට උන්දැට ඉස්කෝලෙනුත් අස් වෙන්න උනේ... එයා ඉඳලා තියෙන්නෙත් පල්ලෙහාම තට්ටුවේ... හැබැයි පාර අයිනෙ... ඒ හින්දා උඩ බැලුවට වැඩක් වෙන්න නැතුව ඇති බින්දි... :D
Deleteඅනේ මාරම ලස්සනයි මියුරු මේ ලියැවිල්ල..මාත් ගියෙ සිස්ටර්ලා ඉන්න මොන්ටිසෝරියකට. ඒ අතීතය මතක් වුනා.
ReplyDeleteඑහෙනම් ඔයාටත් මේ වගේ අත්දැකීම් ඇතිනෙ බස්සි... මං කිව්වෙ සොන්ටිමෝරියෙදි වෙච්චා.... ලියන්නකො වෙලාවක... ඔයා ලියාවි මීටත් වැඩිය ලස්සනට... :D
Deleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කරලා ගියාට...
සිංහල සාහිත්ය අභාවයට යනවා කීවට හොඳම නිර්මාණකරුවො සේරමල ඉන්නෙ සයිබර් අවකාශයේනෙ. සේරම පෝස්ට් කියවනවා මං අනිවාරෙන්ම. පිලිගන්න මගේ සුබපැතුම්..
ReplyDeletehttp://masandumal.blogspot.com/
ස්තුතියි මනෝෂ් අගය කිරීමටත් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාටත්... ඔයාලගෙ පැත්තෙ බොහොම නිස්කලංකව එන්න බලාපොරොත්තු වෙනවා කලබලේ ගිහින් රස විඳින්න බැරි නිසා...
Deleteහප්පා...මාර මැජික්..මම මේ කල්පනා කරේ ඔය ඉස්කෝලේ අයියලත් ඕන තරම් මැජික් බලන්න ඇති නේ..
ReplyDeleteආයෙ මොනවද සයුරි... අයියා බබාලා නිකම්ම ඉන්න ඇති... :D
Deleteමොන මගුලකට ඒ පඩිපෙල ඔහොම හදල තිබ්බද මන්දා... ඉස්කෝලෙක ඔහොම තියෙනවා මං දැක්කමයි... තාමත් එහෙමද දන්නෙ නෑ... නෙට් එකෙන් බැලුවම ඉස්කෝලෙ ඒ කාලෙට වඩා බොහොම දියුණු බව පේනවා... පින්තූර වලින් නම් මට ඒ ඉස්කෝලෙමද කියලා අඳුන ගන්නත් බැරි තරම්....
මියුරුටත් අතීතයට යන්න හිතිලා. ඇත්තමයි ඒ දේවල් හරිම මිහිරියි. මම කවදාකවත් මිශ්‍ර පාසලකට ගිහින් නැහැ. හැබැයි මොන්ටිසෝරි ගෙදර නම් මගේ යෙහෙලියෝ හිටියා. මටත් මියුරුට වගේ ඒ මුහුනු ඒ ඇඳුම් ඒ ටීචර් කන්න බොන්න දීපු ඒවා තාම මතකයි. අපි පස් හය දෙනෙක් හිටියේ. ගර්ල්ස්ලාගේ නම් තාම මතකයි. චම්පා, තක්ෂිලා, විශාකා.....මට ඒ අය ඉස්සර හරි ආදරෙයි. මගේ ගාව වාඩි වෙන්නත් පොරකනවා. ඒ ටීචර් කියනවා එයා ගාවට එන්න කියලා...මේ රන්ඩු බේරන්න බැරි නිසා.
ReplyDeleteමිශ්‍ර පාසල් තිබුනා නම් හොඳයි කියලා මම හිතනවා....එතකොට ඒ හැඟීම් සහ සිතුවිලි අරුමයන් නොවෙන්න තිබුනා.
ඔය අතීතයෙ සිදුවීම් මතක තියෙන එක නම් මාරම වැඩක් අරූ... සමහර සිදුවීම් මං අම්මත් එක්ක කියනකොට අම්මා අහනවා මට ඒවා මතක තියෙන්නෙ කොහොමද, ඒ සිදුවීම වෙනකොට මගේ වයස අවුරුද්දක් විතර ඇතිනෙ කියලා... ඒක ඇහුවම මටත් පුදුමයි... මට ඒවා මේ අද ඊයෙ උනා වගේ මතකයි... ඒ වෙලාවලදි ඒ අය ඇඳන් හිටපු ඇඳුම්, ඇඳුම්වල පාට පවා...
Deleteමටත් මොන්ටිසෝරි යාළුවන්ගෙ නම් මතකයි... ඉනෝකා, දිනේෂ්, බන්දුල, චම්මි, ගංගා... අර පන්තියෙන් එළියට පැනලා දුවන දිනේෂ්, පළවෙනි දවසෙ එහෙම කරනකොට ඇඳගෙන හිටියෙ කළු, සුදු හරහට ඉරි තියෙන අත් දිග ටී ෂර්ට් එකකුයි, කළු කොට කලිසමකුයි, කළු මේස් සපත්තුයි... අර සිස්ටර් සැලළිහිණියා පල්ලියට එක්කන් ගියේ මාවයි ගංගාවයි... ගංගලාගෙ ගෙවල් තිබ්බෙ මොන්ටිසෝරිය ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ... එයාලගෙ අවිවාහක මාමා තමයි අපේ අම්මා උගන්වපු ඉස්කෝලෙ ප්‍රින්සිපල්... සමහරදාට ගංගා අපිත් එක්ක එනවා ගුරු නිවාසෙ හිටපු මාමලගෙ ගෙදර... එහෙමදාට නම් අම්මට මුළු ඉස්කෝලෙම පීරන්න ඕන ගෙදර යන්න ලැහැස්තිවෙලා මාව සොයාගන්න... වාසනාවකට තමයි අපි මැටි මිස්ගෙ මැටි පන්තියේ මැටි අන අන ඉඳලා අල්ලගන්න ලැබුනොත්...
මට පසු කාලෙක ගෑණු පාසල්වලට ගිය යාළුවො ඉඳලා තියෙන නිසා ඔය වෙනස මං හොඳට දන්නවා අරූ... ඔහොම යාළුවො නිසා අනන්ත පරිප්පු වැඩ වෙලා තියෙනවා... :D
මං මේ දවස්වල අරූගෙ ලිපි ටික මුල ඉඳලම කියවනවා... සමහර ඒවට කියන්න ගොඩක් දේවල් තිබ්බත් කතාව කියවන් යන්න තියෙන ආසාවට සමහර ඒවට කමෙන්ට් කරන්නෙත් නැතුව කියවන් ගියා...
මියුරු බබා දැකපු දේවල්.... :O
ReplyDeleteබබා හොඳ හොඳ දේවල් දැක්කා නේන්නම් අකම්... :D
Deleteඅපි නම් ඉස්සර මැජික් බැලුවේ පන්තියේ ඉස්ස්රහාම් පේලියේ ඉන්න දවසට පැන බිමට වැටුනම ,දැනගහලා පිටිපස්ස හැරිලා ගන්න පැන . අප්පේ ඒ දවස් වල පැන බිමට වැටෙනවා වැටෙනවා ඉවරයක් නෑනේ ....:D
ReplyDeleteඅයියෝ ඉවාන්... අපේ පන්තියේ කොල්ලොත් ඔය වැඩේ කළානෙ... අපට මුලින්ම ඕක එච්චර ගාණක් ගියේ නෑ... පස්සෙනෙ තේරුනේ මුන් මොකක්ද කරන්නෙ කියලා, එකෙක්ගෙ පෑන හැට සැරයක් විතර එක දිගට බිම වැටෙන්න ගියාම.... ස්තුතියි ඉවාන් මේක මතක් කරල දුන්නට... :D
Deleteමේ අතීත මතකය හරිම රහයි මියුරු. ඔබ එය අකුරු කරපු ආකාරයත් කදිමයි. අපරාදෙ කියන්න බෑ ඉතාම සුන්දර ළමා කාලයක් මට තිබුනා අද දරුවන්ට නොලැබෙන. ඇලේ වෙලේ බැහැලා සරුංගල් යවලා ඒ වින්ද නිදහස කවදා හරි දවසක මගේ දරුවෙකුටත් ඒ විදියටම විදින්න දෙන්නයි මගේ ආශාව.
ReplyDeleteඔය බෑන්ඩ් කෙරුවාවෙ තදටම හිටිය කෙනෙක් තමයි මමත්. ඔය වනන පොල්ලට අපි අපේ භාෂාවෙන් කියන්නෙ මේස් එක කියලා. ඒකෙන් විවිධ සංඥා දෙන්නත් පුලුවන් කණ්ඩායමේ අනිත් අයට. ප්‍රසංග අවස්ථාවල අපි ඒ සියලු කාරණා භාවිතා කර තියෙනවා...වෙලාවක කාමරෙන් කියවලා බලන්න මගේ බෑන්ඩ් කෙරුවාව ගැන. පවු නේද අනේ අර රෙද්ද කැඩුන ළමයා...:D
කියල වැඩක් නෑ සිරා... අපි අදටත් මතක් කරලා මේ සතුටු වෙන්නෙ ඒ වගේ සුන්දර මතකයන් තියෙන නිසානෙ... දැන් ළමයින්ට වෙලාවක් තිබුණත් අද වෙලකට බස්සවන්න පුළුවන්ද රසායනික බෙහෙත් ගහන හින්දා.... මී උණෙයි කියයි අරවා කියයි මේවා කියයි...
Deleteරෙද්ද කැඩුනු ළමයා නම් පව් තමයි... ඒත් ඒ ළමයා රෙද්ද බිම තියෙද්දිත් ඔහේ හිටගෙන බලන් හිටියා සිස්ටර් පැනලා උස්සන් යනකම්... එච්චර තේරුමක් තියෙන්න නැතුව ඇති...
ඔයාගෙ බෑන්ඩ් එක ගැන මං කියවලා තියෙනව වගේම බ්ලොහේ දාපු පින්තූරත් දැක්කා සිරා... ඔයාට නම් ඕක ගැන හොඳටම අත්දැකීම් තියෙනවනෙ... :D
මං පොර මොන්ඩිසොරි ගොහින් නැතිය ,ගියේ අවුරුදු තුනේ සිටම පාසැල් ය .
ReplyDeleteමං නම් ඉස්කෝලෙ ගියේ අවුරුදු හතෙන්... ඒ කාලෙ හෝඩියක් තිබ්බෙ නෑ... පස්සෙ තමයි හෝඩි කුක්කො ආවෙ... :D
Deleteමේකෙ මට අල්ලල ගිය කෑල්ල තමයි බෑන්ඩ් එකට ලොරියක් මවා ගැනීම. ඔයවගේම මනස් චිත්‍ර ගනනාවත් මටත් තිබුන.
ReplyDeleteමැජික් බලන්න නං කවුද අකමැති :=)
ඔය වගේ වැඩ දැනුත් සමහර වෙලාවට වෙනව රාජ්... නොදන්නම වචනයක් ඇහුවම ඉස්සෙල්ලම හිතේ මැවෙන්නෙ ඒ වචනෙට කොහෙත්ම අදාල නැති චිත්ත රූපයක්...
Delete//මැජික් බලන්න නං කවුද අකමැති :=)// :D
අප්පට සිරි මේ තියෙන්නේ මියුරුගේ රස කතා. මේවනෙ මම හොය හොය හිටියේ. ඊයෙ කියවපු එකේ එහෙම නෑ කියලා මම කොමන්ට් එකකුත් දැම්මා මතකයි.
ReplyDeleteඔයාගෙ කාලේ හෝඩියේ පන්තියක් තිබුනේ නැත්තේ කොහොමද මගෙ කාලෙත් තිබුනකොට. මම නම් මොන්ටිසෝරි ගියා වෙන්න ඕනේ. ඒත් අවුරුද්දක් කලින් ස්කෝලෙත් ගියා. අනිත් ළමායි හයෙන් යනකොට මම පහෙන්.
(මේ ළඟදි (2011 වෙන්න ඕනේ)මට පන්තියේ උගන්වපු ටීචර් කැන්සර් එකක් හැදිලා මම මහරගමට බලන්න ගියා. එදා ටීචර් කතා කරන්න බැරිව අමාරුවෙන් වුනත් මගේ දඟකම් කියලා අර පොර වෙලා අඬන්නේ නැතිව ඉන්න හදන මාවත් ඇඬෙව්වා. ඊට මාස කිහිපයකට පස්සෙ අක්කලා එයාව බලන්න ගියාමත් කියලා තිබුනා මාව බලන්න ආසයි කියලා. ඒත් මම යන්න කලින් එයා මිය ගියා. )
එයා මම පොඩි පන්තියෙ අඉන්න කාලේ ලස්සන සාරි අඳිනවා. මගෙ වැඩේ කොහොමහරි එයාගේ සාරියේ කෑල්ලක් අල්ලගන්න එක. මැජික් කෙසේවෙතත් ඒවා දැන් නම් එහා ලෝකෙන් එන සුන්දර මතක වගේ.
ඇත්තමයි රංගි... මං යනකොට තිබ්බෙ නෑ... ඊට අවුරුද්දකට හරි දෙකකට හරි පස්සෙ තමයි ආවෙ... ඔයා මට වැඩිය බාල ඇති... කොහොම හරි මං ඉස්කෝලෙ යන්න පටන් ගන්න කොට අපේ පන්තියෙ හිටියා වයස අවුරුදු හත සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න ළමයි...
Deleteඔයාගෙ ටීචර් ගැන ගොඩක්ම දුකයි... අඩුම තරමේ එයා නැතිවෙන්න කලින් ඔයාට එයාව බලන්න යන්න පුළුවන් උනානෙ එක සැරයක් හරි... දන් එයා විඳපු වේදනා වලින් මිදිලා කොහේ හරි හොඳ තැනක ඇති...
මටත් සෑහෙන මතක තියෙනවා මොන්ටිසෝරිය සම්බන්ධයෙන්.හැබැයි ඉතින් එකක්වත් හොඳ මතක නෙමෙයි.ඉස්සරෝම කාලේ මං හෙනම ප්‍රචණ්ඩ චරිතයක්ලු.කිව්වොත් කිව්වා ඉල්ලුවොත් ඉල්ලුවා ඒවා වුනේ නැත්තං කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරනවලු....
ReplyDeleteදවසක් මම හැමදාම සෙල්ලම් කරන සෙල්ලම් කෝච්චිය වෙන එකෙක් ඇල්ලුවා කියලා මං ඌට ඇනලා තියෙනවා පැන්සලෙන් තුඩ ඇතුලෙ හිටින්නම අතට.තාමත් අපි එකට හම්බුවෙනවා ඒකා තාමත් මතක් කරනවා හම්බුනාම...
අනිත් සිද්ධිය තමා කවුරුහරි නිකමට හරි මාව ඇල්ලුවොත් ඌට නෙලනවලු ඇඟ උඩ නැගගෙනම.ඔහොම ගහලා ගහලා ඒකට වමනෙ ගිහිල්ලා හෙන ජංජාලයක් වුනා.අන්තිමට මට ගහලා දැම්මා කළුවර කාමරේකට.. තරහින් ටික වෙලාවක් හිටියා කෑ ගහන්නැතිව දත්මිටි කකා.මිස්ලා බයවෙලා දොර අරිනකොටම දුවලා ගිහින් සාරියෙ එල්ලිලා මිස්ට පයින් ගහගෙන ගහගෙන ගිහින් තියෙනවා.ඊට පස්සෙ අපෙ අම්මට කතා කරලා එවෙලෙම ගෙදර යැව්වා මතකයි.
ඒ කාලෙ ආපු පුංචි ගෑනු ලමෙක්වත් මතකයි මට යාන්තමට.හරිම ලස්සනට එයාව අන්දලා එවනවා බෝ එකකුත් දාලා.මගෙන් මොන්ටිසෝරිය ගැන ඇහුවොත් ඉතින් ඒ ලමයා ගැනම තමයි මගෙ කතාව.එයා ගාවින් වාඩි වෙන්නත් ගහගත්තා වගේ ලාවට මතකයක් තියෙනවා.
අන්තිමට කොන්සර්ට් එකේදි මට රඟපාන්න වුනේ අන්දරේට.මං දෙබස් ටිකක් කිව්වලු කියන්න තියෙන ඒවා අමතක වෙලා මුළු හෝල් එකේම හිටිය මිනිස්සු බඩ අල්ලන් හිනා වුනාලු.තාම ඒ පොටෝ තියෙනවා...
සෑහෙන මිහිරි මතකයන් ගොන්නක් තියෙන්නෙ... බොහෝම ස්තූතියි මතකය හෑරුවට
මැජික් තමා මැජික්.... අපේ ඉස්කෝලෙත් ඉස්සර ඔහොම මැජික් පෙන්නුවනෙ.6 වසරේ ඉඳන්ම හි හි. කොහෙද ඉතින් කට පියාගෙන ඉන්න බැරි එකෙක් මැජික් එකේ පාටවල් පෙන්නපු කෙනාට කියන්න ගිහින් අම්බානක ගුටි කෑවා කෙල්ලගෙන්.අනික ඒ කාලෙ කෙල්ලො හෙන උසයි බයේ බෑ ගහන්න පන්නනකොට.මොන මැජික්ද ඉතින් ඊට පස්සෙ...
අපෙ අප්පෝ... ගැමිය හරි චණ්ඩියෙක් වගේනෙ පොඩි කාලෙ... තව ටිකක් වැඩ දාල ගත්ත නම් චොප්පෙ වගේ වෙන්න තිබ්බ... චොප්පෙ හොඳ වැඩියි හැබැයි...
Deleteඔයා ගහගත්තෙ පොඩි කාලෙ උනාට ගෑණු ළමයි හින්දා ගහගන්න ලොකු අය්යලත් ඉන්නව අප්පා ඔය ලොකු ඉස්කෝලවල...
මට මැවිල පේනව කෙල්ලො ගහන්න පන්නනකොට හිටු කියල ආතබූත කඩන් දුවන ගැමියව... :D
මාත් පුංචි කාලේ ඒ වගේ පඩිපෙල්වලට බයයි හිදැස් අස්සෙන් කකුල් යයි කියලා..එහෙම එකක් තිබ්බා අපි පුංචි කාලේ සමුළු නිවාසවල.අපි පුංචි එවුන් ටික ඒ කාලේ සෙල්ලම් කළේ ඒ පඩිපෙල් යට.ඒත් මැජික් නම් දැක්කා මතකක් නැහැ..චීකේ...මෙයා ගුරු මේසේ යටින් මැජික් බලලා...ඉන්න අම්මට කියන්නම්...:P
ReplyDeleteමටත් පොඩි කලේ මතක් උනා. ඒ කාලෙ යාලුවෙක් හිටිය ඒකි මන් නැත්නම් මොන්ටිසෝරිය ඇතුලට යන්නෙ නෑ. වැඩේ කියන්නේ දැන් ඒ යෝදි මාව දැක්කම දැක්කෙ නෑ වගේ යනව. අම්ම මට පෙන එන්න කිරි එක හදල දුන්නේ නැත්නම් මොන්ටිසෝරි යන්නෙ නෑ. ඒ පුරුද්දද මන්ද තාම ආසයි කිරි එකේ පෙන තියේනම්.
ReplyDelete