හරි නම් මේ එලයිසාට පර්ත්වල හොඳම ඇඳුම ඇඳපු එක්කෙනාට හිමි තෑග්ග නිතර ලැබෙන්න ඕන... මෙල්බර්න් කප් එක දවසෙ ලස්සන ඩිසයිනර් ගවුමක් ඇඳලා තොප්පියකුත් දාලා ෂැම්පේන් වීදුරුවක් අතේ තියාගෙන ඉන්න ඈ, ඕස්ට්‍රේලියන් දිනය දවසට ඕස්ට්‍රේලියන් කොඩිය දවටගෙන දිනයට අදාල වැකි සඳහන් පුවරු ඔසවාගෙන ඉන්නවා... පර්ත්වල ප්‍රධාන බයිසිකල් රේස් එක තියෙන දවසට බයිසිකල් එකකුත් උස්සගෙන ඒකට සහයෝගය පල කරනවා... මේ විදියට එයාගෙ කෙටි ජීවිත කාලය ඇතුලත එයා පර්ත්වල ප්‍රධාන කොටසක් බවට පත්වෙලා ඉවරයි...
බටහිර ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරය තුල එහා මෙහා යනකොට එක එක විදියේ ප්‍රතිමා දකින්න ලැබෙනවා... ඉන් එකක් තමා මේ එලයිසා කියන පිහිනන්න සූදානමින් දෑත ඉදිරියට දිගු කරන් වතුරට පනින්න වගේ සිටින කාන්තාවකගෙ ප්‍රතිමාව.... මේ මොහොත වෙනකොට නම් එයා ඉන්නෙ ඔය උඩ පින්තූරෙ පේන්වා වගේ ලොකු පුංචි කුරුල්ලන්නගෙ වසුරු පෙරාගෙන...
ටෝනි ජෝන්ස් තාත්තා සහ බෙන් ජෝන්ස් පුතා විසින් නිම කළ මෙය, මහජනතාවට විවෘත කළේ පර්ත්වල ලෝඩ් මේයර් විසින් 2007 ඔක්තෝබර් 15 වැනිදා...
මේක තියෙන්නෙ ස්වෝන් ගඟේ කලින් පෝස්ට් එකේ දාපු Perth Brewery එක කිට්ටුව... .... (මේ ගඟ ගැන පොඩි හඳුන්වාදීමක් කලින් දාපු රජ්ජුරුවන්ගේ උයන පෝස්ට් එකෙන් කළානෙ...) University of Western Australia වලට බොහොම ආසන්නව...ලස්සන වැඩේ කියන්නෙ ඔය විශ්වවිද්‍යාලයේ ළමයිනුයි, එක එක ජෝක් කාරයොයි එකතුවෙලා කාලෙන් කාලෙට මේක එක එක විදියට සරසන එකයි... සමහර වෙලාවට මේ එලයිසා ඇඳගෙන ඉන්න ඇඳුම්වල තේරුම පෞද්ගලික එකක් වෙන්න පුළුවන්... ඒක දන්නෙ කුඩා කණ්ඩායමක් විතරයි... සමහර දවස්වලට කරලා තියෙන වැඩ දැක්කම හිනාවෙලා පණ යනවා... ඔය ප්‍රතිමාව තියෙන්නෙත් ගොඩබිමින් මීටර් 15 ක් විතර ඈතට වෙන්න... ඒ හරියෙ වතුර ගැඹුරු නිසා ඕක පයින් ඇවිදන් ගිහින් කරන්නත් බෑ... බෝට්ටුවකින් වෙන්න ඕන ගිහින් කරන්නෙ... ඔය පහළින් තියෙන්නෙ ඒ වගේ අවස්ථාවල් කිහිපයක්...
මේ එලයිසා පර්ත් බයිසිකල් රේස් එකකට සහය පල කරපු අවස්ථාවක්.
ගිය අවුරුද්දෙ අවසන් වටයට තේරුනු ඩොකර්ස් ෆුටි ක්ලබ් එකට සහාය
Breast Cancer Support - Purple Bra Day
එසෙන්ඩන් ෆුටි ක්ලබ් එකේ පුහුණුකරු ජේම්ස් හර්ඩ් ට සහය පල කරමින්
කාගෙ හරි වෙඩින් එකක් වෙන්න ඇති
විලියම් සහ කේට්ගේ රාජකීය මංගල්ලය දවසේ
මෙන්න මේ සයිට් එකට ගිහින් තව ටිකක් බලා ගන්න පුළුවන්...
http://www.randomperth.com/
මේ එලයිසා ප්‍රතිමාවට පොඩි ඉතිහාසයකුත් තියෙනවා... පර්ත් සිටි කවුන්සිල් එක විසින් මේක හදලා තියෙන්නෙ පර්ත් නගරයට අහිමිව ගිය ස්ථානයක් සිහිපත් කරන්න... මේ එලයිසා හිටගෙන ඉන්න ස්ථානයේ තමයි තිබිලා තියෙන්නෙ Crawley Bath කියන මිනිස්සුන්ට නාන්න හදලා තිබුණු ස්ථානය... ඒක විවෘත කරලා තියෙන්නෙ 1914දි... මේක ඒ කාලෙ පර්ත් නගරය තුල ජීවත් වුනු මිනිස්සුන්ට විනෝදය සපයන ස්ථානයක් වෙලා තිබිලා තියෙනවා... මුලින්ම හදපු කොටසේ ඇඳුම් මාරුකරන්න පුළුවන් dressing boxes 106 කුත්, විශාල පාවෙන තාවකාලික පාලම් (pontoons)දෙකකුත්, spring diving boards ගණනාවකුත් මේකට අයත් උනාලු... ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව අතර වැදගත් හමුවීම් මධ්‍යස්ථානයක් වුනු මෙය, ළමයින්ට පිහිනීම උගන්වන ස්ථානයක් විදියටත් ක්‍රියා කරලා තියෙනවා... ඒත් අතීත උරුමයන් ආරක්ෂා කරන නීති රීතිවලට රැක ගන්න බැරි වුනු මෙම ස්ථානය පසු කාලීනව1964 දි විනාශ කර දමා තියෙනවා...
මේ පහළ පින්තූරෙන් පෙනෙන්නෙ 1918 දි මෙතැන තිබුණු විදිය...
මේ දැන්.. ඔය දකුණු පැත්තෙ ඈතින් පේන්නෙ එලයිසා...
පින්තූර ගත්තෙ මේ තැන් වලින්...
http://www.abc.net.au/news/2013-02-14/the-statue-titled-eliza/4519142
http://perthdailyphoto.blogspot.com.au/2011_07_01_archive.html
http://www.flickr.com/photos/merufumoto/6168432055/
http://jobanksjo.wordpress.com/
http://bomberblitz.com/forums/index.php?/topic/123-standbyhird/
http://www.newforms.com.au/www/content/default.aspx?cid=737
ඒ වගේම පර්ත් නගරය මැද තියෙනවා කැන්ගරුවන්ගෙ ප්‍රතිමා කිහිපයක්.. පහළ තියෙන පින්තූරෙ තියෙන්නෙ ඉන් කොටසක්.... දවසක් උදේ මං සිටි එකට යනකොට කවුරු හරි ඔය කැන්ගරුවො ඔක්කොටම කණ්නාඩි දාලා... මට හිනා වෙලා පණ ගියා මිසක් පින්තූරයක් ගන්න මතක් උනේ නෑ... ආපහු එතැනින් යනකොට කවුන්සිල් එකෙන් වෙන්නැති ඔක්කොම අයින් කරලා තිබුණා... අපරාදෙ...
http://granbytravels.wordpress.com/2013/04/20/day-39-fremantle-and-perth-australia/
අපිට බලන්න බැරි වුනානේ ..අපරාදේ . අර පිහිනුම් ස්තානය වහන්න හේතුව මොකක්ද ..පර්ත් හරි සාමකාමී නගරයක් නේ. මෙහෙදී හම්බ වුනා පර්ත් වල එක්කෙනෙක් .සැමියා ශ්‍රී ලාංකික නිසා හොඳටම යාලු වුනා අපි එක්ක. එයා මැරෙන්න හදනවා ආපහු පර්ත් යන්න ඕන කියල . එයාට ලෝකේ කොහේ ගියත් ඒ වගේ නැහැලු .
ReplyDeleteමේක කඩලා තියෙන්නෙ 1962 තිබුණු Commonwealth Games වලට වඩා නවීන පහසුකම් සහිත Beatty Park හැදුවට පස්සෙ... ඕක තියෙන කාලෙ සමහරු විරුද්ධ උනාලු අර කියන රජ්ජුරුවන්ගෙ උයන මුදුනෙ ඉඳල බැලුවම පේන්නෙ මිනිස්සු නාන තැනක්ය, ඒකෙන් ස්වභාවික සෞන්දර්යය විනාශ වෙනවය කියලා... ඒක නම් ඇත්ත වෙන්න පුළුවන් දැන් තියෙන ලස්සනත් එක්ක බැලුවම...
Deleteමේක විතරක් නෙවේ බින්දි, ඔය කඩා බිඳ දැමිලි වලින් පර්ත් නගරයේ සෑහෙන කොටසක් විනාශ වෙලා තියෙනවා කලකට ඉස්සර... මං ඒ ගැනත් ලිපියක් දාන්නම්කො ළඟදිම...
මං පුදුම වෙන්නෙ නෑ ඔයාගෙ පර්ත් යාළුවා කියපු දේ ගැන... ඒක ජීවත්වෙලාම බලන්න ඕන... :D
@බින්දි,
Deleteමේක නයි අරින්ට කියන එකක් නෙමේ. මම ලෝකේ ගොඩක් රටවල සංචාරය කරලා තියෙනවා. සමහර තැන්වල මාස ගණන් ඉඳලත් තියෙනවා. ඒත් ඔස්ට්‍රේලියාව තරම හොඳ රටක් තාම ලෝකේ කොහෙවත් හම්බවෙලා නෑ.
මම නම් කැමතී මෙල්බර්න් වලට. :D
මොන නයිද අනේ
Deleteකැන්ගරුන්ට කන්නාඩි දාලා හරි ලස්සනට තියෙන්න ඇති . හරි ලස්සන විස්තරයක් හැමදාමත් වගෙ .
Deleteමාත් ආසාවෙන් ඉන්නවා ඔය පැත්තේ සංචාරයට .
ලස්සනයි නේන්නම්.... උන් හරි ගැම්මට හිටියා... සංචාරයකදි බලන්න ගොඩාක් දේවල් මෙහේ තියෙනවා ගිම්හානි.... :D
Deleteඔබා ලියූ "Arse end of the world හෙවත් ලෝකෙ අධෝ පැත්ත" ලිපිය සහ මා දැමූ ප්‍රතිචාරය යලි සිහිවිය.
Deletehttp://observer-nireekshaka-observer.blogspot.com/2012/03/arse-end-of-world.html?showComment=1331985287260#c8302238253157097314
අපොයි ඔව්... නැතුව නැතුව... :D
Deleteඔබා මාම හිටිය නම් මීට හොඳ උත්තරයක් දෙයි.... :(
පර්ත් හරි හොඳ නගරයක් කියලා හැමෝම කියනවා. එකමදේ අනික් නගරවලින් ගොඩක් ඈත්වීම.
ReplyDeleteතාමත් එන්ට බැරි උණු තැනක්නේ...:(
පර්ත් කියන්නෙ ලෝකයේ තියෙන හුදෙකලාම වෙච්ච ප්‍රධාන නගරය කියලනෙ කියන්නෙ පොඩ්ඩි... කොහොම හරි ඇවිත් යන්න... ටිකට් වලට යන වියදමත් එක්ක බැලුවම ඊට වඩා චුට්ටක් දුන්නම ලංකාවටම ගියෑකි.... :D
Deleteෂෝක් නෙ.. අර කැන්ගරු ආතල ටිකට කන්නාඩි දාල හැරමිටියකුත් දුන්න නම් තවත් ලස්සනට තියෙයි. ඔයාට බැරිද ඊලඟ දවසෙ යන ගමන් එහෙම කරල ෆොටෝ ටිකක් අරන් දාන්න..? :D :D
ReplyDeleteඒක මං සිටි එකට යන වෙලාවට කරන්න බෑනෙ චන්දන... ඒකට මහ රෑක හරි පාන්දරක යන්න වෙනවා.... කරන්න පුළුවන් නම් ජාති වැඩේ... :D
Deleteවැඩේ තියෙන්නෙ ඕක එලයිසා වගේ තනිවෙච්ච එකක් නෙවේ... නගරයේ ප්‍රධාන රජයේ කාර්යාල ළඟ සිටි එක මැදම තියෙන්නෙ... ඒ නිසා තමයි අර දුටු සැනින් අයින් කරන්නෙ....
අදයි මම මෙහේ ආවේ. මේකත් අපූරු පිටුවක් වගේ. පහුගිය ඒවත් අවුස්සලා බලලා මොනා හරි කියන්න එඤ්ඤං..
ReplyDeleteකියවලා බලන්නකො සරත්... ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා ගියාට බොහොම ස්තුතියි...
Deleteඑළයිසා එළනේ.. විස්තරය අදමයි ඇහුවේ. තැන්කුයි..
ReplyDeleteමෙයා නියමයි නේන්නම් දේශ්... ඔයාටත් බොහොම ස්තුතියි...
Deleteනියමයිනේ බං. ඉතිං ඔය පිළිමෙට ඔය සෙල්ලං දාන එක නීති විරෝදී නැද්ද? ඒ කියන්නේ පොලෝසියෙන් දැක්කොත් ලෙඩක් අදින්නේ නැද්ද? එතකොට ඕකට සික්‍යුරිටි එකක් නැද්ද?
ReplyDeleteමේකට මේ විදියට සෙල්ලම් දාන්න පටන් අරන් තියෙන්නෙ මේක විවෘත කරලා ටික දවසක් ගියාට පස්සෙ ඉඳලාමයි ඩූඩ්... යුනි එක ළඟ නිසා හිතාගන්න පුළුවන්නේ... මුලදි කට්ටිය වපරැහින් බැලුවට පසුකාලීනව මේක පර්ත්වල Cultural phenomenon එකක් විදියට වර්ධනය වෙලා තියෙනවා... දැන් මිනිස්සු බලන්නෙ එලයිසා ඇඳුමක් නැතුව හිටියොත් ඒ මොකද කියලා විතරයි.... සමහර කාලවලට දිනපතාම ඔය ඇඳුම් මාරු කරනවා... සතියක විතර කාලයක් එකම ඇඳුමෙන් ඉන්නෙ කලාතුරකින්... හැබැයි කවුරුවත් දවසක් ගතවෙන්න කලින් වෙන කෙනෙක් අන්දවාපු ඇඳුමක් මාරු කරන්නෙත් නෑ.... එයාලා අතර නිහඬ සම්මුතීන් තියෙනවා... මේ මෑතකදි මිනිහෙක් නිරුවතින් එලයිසාගෙ අත්දෙක මැද හරහට ඉඳලා පින්තූරයක් අරගෙන ප්‍රසිද්ධ කරලා ඒකට නම් ඇක්ෂන් එකක් ගත්තා... එහෙම දේවල් නම් කරන්න දෙන්නෙ නෑ... මේකට විශේෂ සෙක්‍යුරිටි එකක් නෑ... මේක තියෙන්නෙ අර Kings Park එකට පහලින් පේන ප්‍රධාන හයිවේ එකක් අයිනෙ නිසා එතැනින් යන එන මිනිස්සු අනවශ්‍ය දෙයක් වෙනවා දැක්කොත් පොලිසියට කෝල් කරනවා... ඒක තමයි ආරක්ෂාව...
Deleteලස්සනම වැඩේ කියන්නෙ ඩූඩ්, පර්ත්වල ඉන්න පරණ සුද්දො ඇරුනම වැඩි දෙනෙක් දන්නෙ නෑ මේකෙ ඉතිහාසෙ... මොනවටද හයි කරලා තියෙන්නෙ කියලා.... :D
එතකොට ඔය බයිසිකල් එල්ලනවා වගේ ඒවායින් මේ පිළිමේ ඩැමේජ් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේක සිමෙන්ති නෙවෙයි ලෝහ පිළිමයක් වෙන්නැති නේද?
Deleteඑහෙම ඩැමේජ් වෙනවානම් ඔය වැඩේ මෙච්චර කලක් කරන්න දෙන්නෙ නෑ මේගොල්ලො... පිළිමෙ ලෝකඩ එකක්...
Deleteනොදන්නා විස්තරයක්... අදමයි ඇහුවේ මේ ගැන.. !
ReplyDeleteඅළුත් යමක් දැනගත්තා නම් ඒකයි මගෙත් සතුට මධුරංග... :D
Deleteමනාප නම්බර් එල්ලන තරම් ප්‍රජාතන්ත්‍රවාදය දියුණුවෙලා නෑ නේ?
ReplyDeleteඅපොයි මෙහේ ඒ සම්බන්ධයෙන් නම් ඉන්නෙ ලංකාවට බොහොම පිටිපස්සෙන් Pra Jay... :D
Deleteශා මරු වැඩක් නෙ. එක පිළිමෙන් ඇඩ් ගොඩක්. ලස්සන පින්තූර ටිකක්.
ReplyDeleteඒකනෙ සමාධි... නොමිලෙම... :D
Deleteසංචාරක උපායක් විදිහට ලංකාවේත් මේ වගේ එකක් කරන්න පුලුවන්. හැබැයි දේශපාලුවන්ගෙන් පරිස්සම් කරගන්න විදිහකුත් හිතන්න වෙයි :D
ReplyDeleteඑහෙනම් ඉතින් ඒ එලයිසාට හැමදාම උස්සන් ඉන්න වෙන්නෙ දේසපාලුවොන්ගෙ බෝඩ් කටවුට් තමයි.... පෝස්ටර් වලින් ඇඳුමුත් අන්දන්නෙ නැතැයි... :D
Deleteඔස්ට්‍රේලියානුවන් බොහොම විනෝදශීලී පිරිසක් වගේ...පර්ත් වලත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තියෙනවා නේද....
ReplyDeleteඇත්තයම එයාලා විනෝදයෙන් ඉන්න, ජීවිතේ විඳින්න කැමති, සුහද පිරිසක්... ඇයි WACC එක... ලංකාවෙ අය හොඳට දන්න තැනක්නේ.... ඒ උනාට ඒකෙ ආයෙ ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කරන එක සිදු නොවෙන්න ඉඩ තියෙනවා... Cricket Australia එකයි, International Cricket Council එකයි විශ්වාස කරනවා මේ පිට්ටනිය තව දුරටත් ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල නෑ කියලා... එහෙම උනොත් පර්ත් වලින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඈත්වෙලාම යාවි... :(
DeleteSorry... WACA..
Deleteඒ මොකද ඒ...පිට්ටනිය ගිලා බැහැලද ?
Deleteනැහැ... ජාත්‍යන්තර පිට්ටනියක තිබිය යුතු පහසුකම් නැතිලු.... වැසිකිළි පහසුකම් පවා අවමයිලු... පිටවීම් දොරටු පළල් මදිලු.... ඔය ස්ථානයම ලොකු කරන්න අදහසක් අවුරුදු ගාණක් තිස්සෙ තිබුණත් දැන් ඒ යෝජනාවත් අකුලගෙන... ඒ වෙනුවට ඊට ටිකක් එහායින් වගුරු බිමක් ගොඩ කරලා විශාල නවීන පන්නයේ පිට්ටනියක් හදනවා... දැනට නම් කියන්නෙ ඒක ෆුටි වලට විතරයි කියලා...
Deleteඑලයිසා ගැන විස්තරේ ඇහුවේ ඔන්න අද තමයි..ඒකත් හැබැයි හොද සංචාරක ආකර්ශණයේ සළකුණක් නේද?
ReplyDeleteවැඩේ තියෙන්නෙ දිනේෂ් ඔය පිළිමෙ තියෙන්නෙ පර්ත්වල ප්‍රධාන හයිවේ එකක් අයිනෙ.... ඔය හරියෙ වැඩිය ගස් කොළං, ගොඩනැගිලි එහෙම නැති නිසා ඒක බොහොම ඈත ඉඳලම හයිවේ එකේ යන කෙනෙකුට පේනවා... බැහැලා බලන්න යන්නෙ නැතිවම ළඟින් යන ගමන් ෆොටෝ එකකුත් අරන් හිනාවෙලා යන්න පුළුවන්... එහෙමත් කෙනෙක් තමයි ඔතන වාහනයක් නවත්තන්න වද වෙන්නෙ... ඔතන වාහනයක් නතර කරන එකත් මහ කෝස් එකක්... ඒක හින්දම තමයි පර්ත්වල ඉන්න වැඩි දෙනා ඔය පිළිමෙ ගැන ඉතිහාසෙ දන්නෙ නැත්තෙත්... බැහැලා ළඟට ගියොත් විතරයි අර අන්තිම පින්තූරෙ දාලා තියෙන සිහිවටනය පේන්නෙ... ඒ නිසා අඩුම තරමෙ ඔහොම ඇඳුම් අන්දන එකෙන්වත් ඒක ගැන අවධානයක් ඇති වෙන එක ලොකු දෙයක් හින්දා වෙන්න පුළුවන් බලධාරීන් සද්ද නැතුව ඉන්නෙ... එහෙම නොවුනා නම් කවුරුවත් ඔය පිලිමෙ ගැන උනන්දු වෙන එකකුත් නැතිවෙලා ඒකත් තවත් එක පිළිමයක්ම විතරක් වෙන්න ඉඩ තිබුණා...
Deleteනින්දට පෙර දෙවෙනි ලිපිය... :D
ReplyDeleteහයියෝ එයාට දෙන වදයක්...ඒකෙ පොඩි ගතියකුත් තියනවා හැබැයි...
නින්දට පෙර...? රෑද දවල්ද...? :D
Deleteවදයක් කියල අපට හිතුනට අළුත් අළුත් ඇඳුම් අඳින්න ඒ ගෑණු පරානෙත් ආස ඇතිනෙ අනේ... අඩු තරමෙ අර කුරුළු බෙටි ටික හරි වැහිල යනවනෙ.... :D
මේ ඒක නෙවෙයි... ඔයා දැන් වැඩිය බ්ලොග් පැත්තෙ නෑ නේද...? මේ අවුරුද්දටම ලියල නෑනෙ... ඇයි ඒ...?
දැන් ඉස්සර වගේ වෙලාවක් නෑ මියුරු. බ්ලොග් කියවන්නෙත් අර දුටු ගැමුණු කුමාරයා කිරිබත් කෑවා වගේ තමා. :D
Deleteසෙන්නා දැන් ඉන්නෙ ඉස්සර වැඩ කළ තැන නෙමේද...?
Deleteඅපරාදෙනෙ... ඔයාගෙ ලිපියක් කමෙන්ට් එකක් දකින්න නොලැබෙන එක ලොකු අඩුවක්... :(
නෑනෙ මියුරු. මම දැන් ඉන්නෙ ලංකාවෙ. රට ඉන්නකොට වැඩට ගිහින් ඇවිත් කරන්න දේවල් එච්චර නෑනෙ. කාමරේ නිකන් ඉන්න වෙලාව බ්ලොග් කරණයට යෙදෙව්වෑකි. ඒක කාලය ගෙවා ගන්නත් ලොකු උදව්වක්. නැත්නම් පිස්සු හැදෙනවා. දැන් එහෙම බෑනෙ. යන්න එන්නම පැය හතරක් යනවා. ගෙදර ආවට පස්සෙ මේකට යොදවන්න තියන කාලය හරිම අඩුයි. ඉතින් මෙහෙම අතරින් පතර තමා. සමහර ලිපි කියවලා නිකන් ඉන්නවා. කමෙන්ට් කරන්න වෙලා මදි නිසා.
Deleteආනේ ඇත්තද...? එහෙනම් ආයෙ කියන්න දෙයක් නෑ හිතාගන්න පුළුවන්... පොඩි සෙන්නත් ඉන්නවනේ... කාලෙකට පස්සෙ ලංකාවට ආව තාත්තා බ්ලොග්වල එල්ලිලා ඉඳලා කොහොමෙයි....
Deleteසෙන්නා, දන්නවද වැඩක්... ඔය පහළ ඇවිත් ඇනෝ කමෙන්ට් දාල තියෙන්නෙ අර ඔබා මාමා ලියපු කතාවල හිටිය එයාගෙ යාළුවා චන්දරේ... :D
එහෙමද ? මම ඔබා මාමගෙ බ්ලොග් එකෙන් චන්දරේගේ කතා කියෙව්වා මතකයි. යන්න තියෙන්නෙ වෙසක් එකට එන්න කියන නිසා. නින්ද යයිද කියන එක තමා ප්‍රශ්නෙ. හෙහ් හෙහෙ
Delete:D :D
Deleteඇත්තටම එළයිසක්ක ලංකාවෙ උන්න නං කියල මං මේ හිතුවෙ...
ReplyDeleteඑහෙනං....
චන්ද කාලෙට දවසින් දවස පාට මාරැ කරගනියි...
බොදු බල සේනාවෙන් උද්ගෝසනය කරයි
සිහල උරුමෙං නඩු දායි...
හාන්දුරුවො ඇවිත් සිවුරු අන්දයි...
කැම්පස් උං මේකටත් රැග් කොරයි...
තව මොනාද....????
????
???
ම්හු....
මතක නෑ
අයියෝ, ඔව්නෙ මහේෂ්... ඔයා කියපුව මට මැවිලා පේනවා... හැමෝම එයාව අයිති කරගන්න දඟලලා හැම පැත්තටම ඇදලා අන්තිමට බෙලි කෑලි අත් කෑලි අඬු කෑලි තැන් තැන්වල තියෙයි නේද... අන්තිමට එයාව හදපු කෙනාට නඩු වැටෙන්නත් බැරි නෑ තමයි.... :D
Deleteමේ සැරේ වෙසක්වලට කෙන්වික් පන්සලට එන්න. අපේ වෙසක් කූඩුවබලලා දන්සැල් වලඳලා යන්න පුලුවන්. කැමතිනම් කූඩුව හදන්න දායක වෙන්නත් පුලුවන්. මෙන්න ගියපාර කූඩුව.
ReplyDeletehttp://www.youtube.com/watch?v=KkQmVPBzpy8
http://www.youtube.com/watch?v=jb-jq8cfjR8
දැන් අවුරුදු දහයකටත් වැඩි කාලෙක ඉඳන් අපි කෙන්වික් පන්සල් එනවනෙ ඇනෝ... වෙසක් පෝයට විතරක් නෙවේ.... ඔබා මාමගෙ යාළුවා චන්දරේ හදන කූඩුව අපි දවල්ටයි රෑටයි දෙකටම බලනවා... ඉතින් මේ සැරෙත් එහෙම තමයි... හැම අවුරුද්දකම හදපු කූඩුවල පින්තූරත් අපි ළඟ තියෙනවා... මොනව උනත් ආරාධනයට ස්තුතියි... :D
Deleteමම ඔබා මාමගෙ යාලු මාමා තමයි.
Deleteකැමතිනම් පන්සලට කෝල් එකක් දාලා ටීම්එකට ජොයින් වෙන්න.
ස්තූතියි
ආනේ ඔයාද... හී... හී... මතකද මළ ගෙදර දවසෙ මුණ ගැහිලා කතා කළා... අනිවාර්යයෙන්ම... නමේ කෑල්ලක් හරි දාන්න එපැයි මං අහන්නෙ... බොහොම ස්තුතියි...
Deleteදැන් මතකයි ලොකු මල්පොකුරක් අරන්ආවෙ ඔයා නේද?
ReplyDeleteඅන්න හරි... ඒ මේ බ්ලොග්කරුවො වෙනුවෙන් ගෙනාපු මල් පොකුර... එදා මගේ නම අහගත්තා මතකයි... මළ ගෙදර කියලවත් නැතුව ඔබා මාමා කරපු කියපුවා මතක් කරල හිනා උනාත් මතකයි...
Deleteකැන්ගරුවන්ට කන්නාඩි දාපු එක ඇහුවම මටත් හිනා ගියා
ReplyDeleteඅයියෝ මට එදා හිනාව නවත්තගන්න බැරි වුණා කෝරළේ... හැබැයි ඒක වැඩි දෙනෙක් දකින්න නැතිව ඇති කියල මට හිතෙන්නෙ ඔතැන පහු කරල ඊළඟ හෝල්ට් එකේ කන්තෝරුකාරයො ඔක්කොම වගේ බහින නිසා බස් එකේ හිටි වැඩි දෙනා හිටියෙ හිටගෙන හරි ඉස්සරහ බලාගෙන හරි... දිගටම යන නිසා මං හිටියෙ වාඩිවෙලා හොඳට එළිය බල බල... ඒ නිසයි මං දැක්කෙ... :D
Deleteපර්ත් ගැන මම දන්නෙ දැන් අවුරුදු හතළිහකට වගෙ එහා ඉඳල. ක්‍රිකට් උණ හින්දයි ඒ. ඕස්ට්‍රේලියා- වෙස්ට් ඉන්ඩීස් නැත්නම් ඕස්ට්‍රේලියා-එංගලන්ත ටෙස්ට් තරඟ මම රේඩියෝ එකේ අහන්නෙ පාන්දර එලාම් එක තියල නැඟිටල...බ්‍රිස්බේන්, මෙල්බර්න්, සිඩ්නි සහ ඇඩිලේඩ් වල තරඟ පටන් ගන්නෙ පාන්දර හතරට. අම්මට කියල කිරි තේ එකකුත් හදාගෙන උණුවතුර බෝතලේට දාගෙන ඔලුවෙ ඉඳල බෙඩ් ෂීට් එකක් පෙරවගෙන මම මැච් අහන්නෙ.
ReplyDeleteපර්ත්වල ගහනකොට එච්චරම අවුලක් නෑ උදේ හතට වගෙ පටන් ගන්නෙ. වැකා තමයි ග්‍රවුන්ඩ් එක. ඕස්ට්‍රේලියාවෙ ෆාස්ටස්ට් විකට් එක. ලිලීගෙ හෝම් ග්‍රවුන්ඩ් එක. ලිලී ගැන අහල ඇතිනෙ නේද? ඩී.කේ.ලිලී...ඩෙනිස් කීත් ලිලී...අහල නැත්තං අඳුරන වයසක ඕස්ට්‍රේලියන්කාරයෙක්ගෙන් අහල බලන්ට...:)
අම්මෝ... තිබිල තියෙන්නෙ අසාධ්‍යම ක්‍රිකට් උණක්නෙ... ලංකාව ගහන්නෙ නැති මැච් අහන්න පවා... ලංකාවෙ වෙලාවට වඩා පර්ත්වල වෙලාව වෙනස් පැය දෙකහමාරකින්... පර්ත්වලට වඩා නැගෙනහිර පැත්තෙ තියෙන නගරවල වෙලාව ඩේ ලයිට් සේවිං නැති කාලෙට පැය දෙකකුත්, තියෙන කාලෙට පැය තුනකුත් වෙනස්... ඒවයෙ ඉඳලා දුර හිතාගත්තැකිනේ....
Deleteලිලී ඉන්නෙත් ඔය පිළිමෙ කිට්ටුව... ඒ කියන්නෙ ඔය කියපු යුනි එක ළඟ එයාගෙ ගෙදර තියෙන්නෙ... වැකා ග්‍රවුන්ඩ් එකේ එයාගෙ ප්‍රතිමාවකුත් තියෙනවා... පර්ත්වල අළුතෙන් හදාගෙන යන ග්‍රවුන්ඩ් එකට ක්‍රිකට් ගෙනියන්න අවසර ගන්න එයා ලොකු උත්සාහයක් දරනවා... අළුත් ග්‍රවුන්ඩ් එක හදන්නෙ ජේම්ස් පැකර්ගෙ ක්‍රවුන් පර්ත් කැසිනෝ එක ළඟ... පැකර්ගෙ සපෝට් එකත් ගන්න පුළුවන් වෙයි... එයා ක්‍රිකට් කාරයනෙ... තාත්තා කෙරී පැකර් ගැන රවි හොඳට දන්නව ඇතිනෙ... :D
මේකේ කියවන්න සැහෙන දේ තියේ වගේ.ඔය ලිලීට මල් මාල දාලා කතා පවත්වන්නේ නැතෙයි අපේ වගේ..:D
ReplyDeleteඋන්ද මළ දාක අර පිළිමෙට මල් මාලා දාවි... සුද්දො අපට වඩා බොහොම පිටිපස්සෙන් අනේ ඉන්නෙ ඒ අතින්... :D
Deleteනිවාඩු පාඩුවේ කියවන්න මනෝජ්... බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට...
මනහර අත්දැකීම් මත ලියැවෙන නිර්මාණාත්මක ලිපි ගොඩක් ! හදිස්සියෙන් දුටුවේ. වෙලාව අරන් කියවනවා. මේ මහනසියට ගොඩක් ස්තුතියි මියුරු
ReplyDeleteබොහොම ස්තුතියි අගය කළාට වගේම මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාටත් ගුණසිංහ මහත්මයා... මට වඩා ඔබතුමා තමයි අපේ රටේම සිදුවෙන අපි නොදන්නාම දෙයක් ගැන කවුරුවත් වැඩිය නොලියන මානයක් ගැන බොහොම මහන්සියෙන් කරුණු හොයලා ලොකු විස්තරයන් පින්තූරත් එක්ක පල කරලා තියෙන්නෙ...
Deleteඅපේ රටේ ඉතිහාසය ගැන සැඟවිලා තියෙන කරුණු දැනගන්න ආසා කෙනෙක් මේ මහත්මයගෙ බ්ලොග් එකට ගියා නම් බොහොම රසවත් විස්තර ගොඩක් දැනගන්න තිබුණා...
මෙන්න පාර...
http://sugv.wordpress.com
ලස්සන විස්තරයක් ටැන්කිවු ඇ
ReplyDeleteබොහොම ස්තුතියි දමිත් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කරලා ගියාට...
Deleteහයියෝඕ එලයිසාට කරලා තියන දේවල්. ඕකට එලයිසා කියලා නම දාන්නත් හේතුවක් ඇති නේද? කාලෙකට පස්සේ මියුරු වර්ල්ඩ් එකේ ලිපියක් දැක්කේ...බොහොම සතුටුයි
ReplyDeleteඔය නමේ කතාව මේ ස්ථානයට කිසිම සම්බන්ධකමක් නැති ටිකක් දිග එකක් සයුරි... නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලකට උඩදි (1772 - 1858) හිටපු ගවනර් කෙනෙකුගෙ නෝනාගෙ නමින් නම් කරපු කන්දක් තියෙනවා Mount Eliza කියලා... ඒ නෝනගෙ නම Elizabeth Dumaresq. ඒක ඔය එලයිසා ඉන්න තැනට පාරෙ අනිත් පැත්තෙන් තියෙන අර මං කලින් කියපු Kings Park එකේ කොටසක් බවට පත්වෙලයි තියෙන්නෙ... ඒ අනුව කැප්ටන් James Stirling කියන කෙනා ප්‍රතිමාවට ඔය නම තැබුවා කියලා තමයි සඳහන් වෙන්නෙ...
Deleteමට වැඩියම හිතාගන්න බැරි ඔය ගවර්නර් කාරයා හිරකාරයින්ට දස වද දීපු, මිනිස්සුන්ට විනෝදය සපයන වේදිකා නාට්‍ය වගේ දේවල් තහනම් කරපු කෲර පාලකයෙක් විදියට හැඳින්වෙන කෙනෙක්... ඒ උනාට මිනිහා අළුත් පාරවල් එහෙම හදලා නගරය ව්‍යාප්ත කරන්න සෑහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා... එයා කරපු ඒ සේවයට පස්සෙ කාලෙක නයිට් පදවියක් පවා ලැබිලා තියෙනවා... ඒ නිසා ඒ පැත්තෙ තියෙන ගොඩක් විශේෂ භූගෝලීය ලක්ෂණ තියෙන ස්ථාන මෙයාගෙ නමින් නම් කරල තියෙනවලු... ඒ මොනවා උනත් මෙයා අවසාන කාලයෙදි ආපහු එංගලන්තෙට යන්න පිටත් උනාම මිනිස්සු බොහොම සතුටු උනාලු... ඔන්න ඔහොමයි ඒ කතාව...
මේක මගේ දෙවෙනි කතාව සයුරි... කලින් සතියෙත් එකක් දාලා ඇති... :D
්‍ලංකාවෙ නම් දැන්වීම් පුවරුවල අකුරු වෙනස් කරල වෙන තේරුමක් එන අදහසක් නිර්මාණය කරන්න අපේ අය හරි දක්ෂයි. හැබැයි ඔය වගේ ප්‍රතිමා වලට නම් තවම මොනවත් කරන්න පෙළඹිලා නෑ එකත් කරන්න පෙළඹුන දාට........?
ReplyDeleteඒක නම් කියලා වැඩක් නෑ... එහෙම පටන් ගත්තොත් අනිත් මිනිස්සුන්ටත් ගරු කරලා මේ වගේ සංයමයකින් කෙරෙන එකක් නෑනෙ... අන්තිමට මිනීත් මරාගෙන තමයි ඉවර වෙන්නෙ...
Deleteඩ්‍රයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ...විස්තරය නම් අපූරුයි...පරන ඒවත් බලලම එන්නම්...
ReplyDeleteකොච්චර දෙයක්ද ආපු එක... හොඳයි හොඳයි ගිහින් බලලම එන්නකෝ... බොහොම ස්තුතියි හොඳේ.... :D
Deleteනොදැන හිටිය විස්තරයක්. ගති වැඩක් නේද? පර්ත් නම් මතක ක්‍රිකට් නිසා.
ReplyDeleteමෙහේ ස්කොට්ලන්ඩ් වලත් පර්ත් කියලා නගරයක් තියෙනවා. මම ගිහින් තියෙනවා. එහෙත් ලස්සන තඹ ප්‍රතිමාවක් තියෙනවා පාරේ බංකුවක වාඩිවෙලා ඉන්න. The fair maid of Perth කියලා කියන්නේ.
මාත් ඔය කියන ප්‍රතිමාව දැක්කා මේකට පින්තූර සොයන්න ගිහින්... ඒ ගැන විස්තර කියවන්න ගියේ නැති නිසා මං හිතුවෙ ඒකත් මෙහේම තියෙන එකක් කියලා...
Deleteසමහරවිට ස්කොට්ලන්ඩ් වලින් වෙන්නැති මෙහාටත් ඔය නම එන්න ඇත්තෙ...
බොහොම ස්තුතියි අරූ මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට...