http://www.livinggreener.gov.au/lifestyle-guides/home-entertainment-technology
කියවන අයට මතක නම් මගේ අර අරිෂ්ඨ කතාවයි, ඉදිකට්ටෙ කතාවයි, ඔන්න මේ සිද්දිය උනෙත් ඒ බෝඩිමේදිමයි... ඉදිකට්ට පෝස්ට් එකට කමෙන්ට් කරපු රාජ් මෙහෙමත් කිව්වා... "මියුරු, අපි සල්ලි එකතුකරල වියදම එවන්නං. ඔයා ආයෙත් ඒ බෝඩිමට ගිහිල්ල ඉදගෙන සිද්ධවෙන කතා ටික පෝස්ට් කරන්න. හොදයිනේ........" එච්චරටම හොඳයි වෙච්චි දේවල්...
අර ඉදිකට්ටෙ කතාවට පස්සෙ ආයෙ ඇන්ටිලා සෑහෙන කාලයක් යනතුරු අපිව තනියම දාලා කොහේවත් ගියේ නෑ... ඔහොම ඉන්නකොට අන්කල්ගෙ අතිජාත මිත්‍රයෙකුගෙන් එයාලට ආරාධනයක් ලැබුණා අනුරාධපුරේ පැත්තෙ වන්දනා ගමනක් යන්න... ඒක අතහරින්නම ලෝබ හිතිලද කොහෙද එයාල කළේ ඇන්ටිගෙ අයියා කෙනෙකුගෙ දුවෙක්, ගෙදරයි අපිවයි බලාගන්න නවත්වලා ඒ ගමන ගිය එක...
එයා ඊට කලිනුත් අතරින් පතර එහේ ඇවිත් නැවතිලා තිබුණු හින්දා අපි එයා ගැන දැනගෙන හිටියෙ... එයාට හැමෝම කිව්වෙ සුදු අක්කා කියලා... එයාගෙ ගම ගාල්ලෙ උනාට හැමදාම කෝච්චියෙ කොළඹ වැඩට එන කෙනෙක්... ඒ වෙනකොට වයස තිස් පහක් විතර ඇති, හැබැයි කසාද බැඳලා තිබුනෙ නෑ... නියම ජොලි පොරක්... ඕන දේකට ඔට්ටුයි... එයා ආවදාට නිදා ගන්න ගියාම මහ පාන්දර වෙනකම් හිනාවෙ පණ යන කතා කිය කියා ඉන්නවා අපි, ඇන්ටිලා කෑගහනකම් නිදා ගනිල්ලා කියල, සද්දෙට එයාලට නින්ද යන්නෙ නැති උනාම... ඒ නිසා අපි හරිම කැමැත්තෙන් හිටියෙ සුදු අක්කා එන එකට...
ඔන්න එදා හවස වැඩ ඇරිලා සුදු අක්කා බෝඩිමට ආවා... මූණ කට හෝදගත්තු වෙලාවෙ ඉඳන් එයා කළේ ගේ හැම තැනම ඇවිද ඇවිද පරීක්ෂා කරල බලපු එක... එතකොටයි අපි දැක්කෙ අන්කල් ගෙදර ටෙලිෆෝන් එක තියල ගියපු විදිය... ඒක රිං වෙනකොට ඇහෙන්නෙ නැතිවෙන්න සද්දෙ අඩු කරලා රිසීවරය උඩින් හරහට සෙලෝටේප් එකක් ගහලා... හික්ස්... සුදු අක්කා ඒක දැක්ක ගමන් බඩ අල්ලන් හිනාවෙලා අර සෙලෝ ටේප් එක සීරුවට ගලවලා ප්‍රවේසමින් මේසෙ කොණක ඇලෙව්වා... ඒ කරලා හතර වටේම ඉන්න එයාගෙ යාළුවොන්ට කතා කරලා අපටත් කිව්වා කෝල් කරන්න ඕන කෙනෙක් ඉන්නව නම් කතා කරන්න කියලා... ඒ කාලෙ දැන් වගේ ටෙලිෆෝන් හැම ගෙදරකම නොතිබුනු නිසා අපට වැඩිය කෝල් කරන්න කවුරුවත් හිටියෙ නෑ... ඒ මගඩි වැඩේ ඉවරවෙලා සුදු අක්කා බොහොම සීරුවට ආයෙමත් අර සෙලෝටේප් එක අලවලා කලින් තිබුණා වගේම හැදුවා....
මෙදා පාර නම් ඇන්ටි අපට උයන්න ඉතුරු කරලා ගිහින් තිබුණ නෑ... එයාගෙ අපූරු කෑම ටික උයලා ෆ්‍රිජ් එකේ දාලා ගිහින් තිබුණා... ඒ හින්දා අපි කට්ටියට රෑ වෙනකොට කරන්න දෙයක් තිබුණෙ නෑ... ඔය ඇන්ටිලගෙ ගේ තට්ටු දෙකක්... ප්‍රධාන පාරක් අයිනෙ තිබුණු නිසා පල්ලෙහා තට්ටුව සම්පූර්ණයෙන්ම එක එක ජාතියෙ කඩවල් වලට බදු දීලයි තිබුණෙ... එයින් එක කඩයක් තිබුණා ටීවී, කැසට් රෙකෝඩර් අළුත්වැඩියා කරන අතරෙම වීඩියෝ කැසට් පට කුලියට දෙන තැනක්... එකපාරටම සුදු අක්කා කිව්වා අපි වීඩියෝ එකක් බලමු කියලා පහළින් ඉල්ලගෙන ඇවිත්... අපිත් ඉතින් පැනලා හා කිව්වා...එයා ඔතැනින් යන එනකොට ඔය කඩවල ඉන්න අයත් එක්ක කතා බහ කරගෙන යන නිසා වීඩියෝ කඩේ කට්ටියව මෙයා දන්නවා... විනාඩි කිහිපයක් යනකොට ගෑණි රටක් රාජ්ජයක් දිනුවා වගේ වීඩියෝ කැසට් එකක් අරන් ආවෙ කට කනේ තියන්... ඒකෙ කවරයක් තිබුනෙ නැති නිසා අපිට නම බලාගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ....
'ඉංග්ලිෂ් ෆිල්ම් එකක්...' සුදු අක්කා ආඩම්බරෙන් කිව්වා...
ඒක අන්කල්ගෙ ඩෙක් එකට දාලා සෙට් කරලා බලන්න හැදුවට බම්බුව වැඩ කරන්නෙම නෑ... අනේ ඉතින් අපි ඔක්කොමගෙම බලාපොරොත්තු ඔක්කොම සුනේ සුන් වෙලා කට්ටිය හූල්ලන්න ගත්තා...
'මං ගිහින් කඩේ අයියට කියන්නද මේක හදල දෙන්න කියලා...?' සුදු අක්කා අපෙන් ඇහුවා....
ෆිල්ම් එකක් බලන මූඩ් එකේ හිටිය අපි පැනලා ඒකට හා කිව්වා... සුදු අක්කා ආයෙම පහළට දුවලා ආපහු ආවෙ කඩේ අයියයි තව පිරිමි ළමයෙකුයිත් එක්ක... ප්‍රේක්ෂකාගාරය දැක්කම ඒ දෙන්නා මූණෙන් මූණ බලාගන්නව වගේ මට නම් පෙනුනෙ... ඒ දෙන්නා ඒක හදනකම් අපි කට්ටිය කුස්සියට එකතුවෙලා රෑට කෑවා... ඊට පස්සෙ අපි ටීවී එක ඉස්සරහින් බෙඩ් ෂීට් එලාගෙන කොට්ට දාගෙන පුටු ඇදගෙන ඇවිත් හේත්තුවෙලා ඉන්න එහෙම හදාගෙන කතාව බලන්න වාඩි වුණා..
ඔන්න කතාව පටන් ගත්තා... මොකකදෝ මන්දා පින්තූරෙකුත් වැටුණා... දෙබස් ඇහෙන්නෙත් නෑ... ටික වෙලාවක් යනකම් ඒ මොකක්ද එකමයි පෙන්නන්නෙ...
'මොකක්ද යකෝ මේ...' සුදු අක්කට කියැවුණා...
දැන් හැමෝම ඔළු ගෙඩි ඒ අතට මේ අතට ඇල කර කර බලනවා, මොකක්ද මේ කියලා... ඔළු පහළට හරවලා බලනවා උඩ යට මාරුවෙලාවත්ද කියලා...
ඊළඟ රූප රාමු කිහිපයෙන් කට්ටියටම තේරුනා මොකක්ද ඒ පෙන්නලා තියෙන්නෙ කියලා... හයියෝ... අපිට හිනාව නවත්තගන්න බැරි වුණා... පළවෙනි වතාවටයි එහෙම එකක් දැක්කෙ....
'එහෙම ඒවත් තියෙනවද..?' කියල සුදු අක්කා අහනකොට කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වුණා....
සුදු අක්කට ලැජ්ජ හිතුනු පාර එයා අඩියට දෙකට පැනලා ඩෙක් එක ඕෆ් කළා...
'අරුන්ට මම...!' එයා දත්මිටි කනවා...
අපි එහෙමම අපේ කාමරේට දුවලා ගිහින් ඇඳන්වල වැටිලත් හිනා වුණා.. මෙන්න ඒ අස්සෙ එක්කෙනෙක් බාත් රූම් එකේ වමනෙ දානවා... ඒ අපි අතර හිටපු පොඩිම එකී... සමහරු බනිනවා සුදු අක්කට ඒක ඉවරවෙනකම් බලන්න දුන්නෙ නෑ කියලා...
රෑ නිදාගන්න ගිහින් කට්ටියට නින්ද යන්නෙත් නෑ... සුදු අක්කත් හෙන කල්පනාවක...
'අයියෝ... මං ඉල්ලුවෙ ඔය වගේ වීඩියෝ එකක් කියල අරුන් හිතුවෙ ඇයි?' එයා කියනවා... "ඇයි හත් දෙයියනේ, මං කොහොමද හෙට උන්ගෙ මූණු බලන්නෙ?'
'මං හෙට ඕක උන්ට දීලා හොඳටම බනිනවා, හිටුකො...' කියලා පොරවන රෙද්ද බෙල්ල ළඟටම ඇදගත්තු සුදු අක්කා අන්තිමේ අනිත් පැත්ත හැරුණා...
පස්සෙන්දා එයා මොනව කරගත්තද කියලා දැනගන්න විදියක් තිබුණෙ නෑ... අපි එළියට ගියේ අර කඩේ මග ඇරෙන්න අනිත් පැත්තෙ තිබ්බ ගේට්ටුව ඇරගෙන... හවස් වෙනකොට ගෙදර කට්ටියත් ආවා...
'මේ ටීවී එකට මොකද කරල තියෙන්නෙ...?' හැන්දෑවෙ නිව්ස් බලන්න ටීවී එක දාන්න ගිය අන්කල් බෙරිහන් දෙනව අපට ඇහුණා... හැමෝම මූණෙන් මූණ බලාගත්තා...
කලින් දවසෙ රෑ වීඩියෝ එක බලන්න කඩේ උන් ඇවිත් මොකක්දෝ ජල්බරියක් කළානෙ... දැන් ටීවී එක පේන්නෙ නෑ... ඇන්ටිත් කාමරේට ඇවිත් අපෙන් ඇහුවා ටීවී එකට මොනව හරි උනාද කියලා... අනේ අහිංසක අපි දන්නවයැ... අපි ඔක්කොම ඔළු ගෙඩි හෙල්ලුවා නෑ කියන්න... අන්කල්ට මල් හතක් පැනලා.... අපේ අන්කල්ට කේන්ති ගියාම එයාගෙ කටහඬ අමුතු වෙනවා... උච්ඡ ස්වරයෙන් පටන් ගන්න කතාව ඉවර වෙන්නෙ කට හඬ හීනිවෙලා ගිහින් ඤාව් සද්දෙකුත් එක්ක... දැන් ඤාව් එකක් නෙවෙයි වැලක්ම ඇහෙනවා... අපි බිරාන්ත වෙලා මොකක්ද වෙන්න යන්නෙ කියලා...
'අරුන්ට මම...!' එයා දත්මිටි කනවා...
අපි එහෙමම අපේ කාමරේට දුවලා ගිහින් ඇඳන්වල වැටිලත් හිනා වුණා.. මෙන්න ඒ අස්සෙ එක්කෙනෙක් බාත් රූම් එකේ වමනෙ දානවා... ඒ අපි අතර හිටපු පොඩිම එකී... සමහරු බනිනවා සුදු අක්කට ඒක ඉවරවෙනකම් බලන්න දුන්නෙ නෑ කියලා...
රෑ නිදාගන්න ගිහින් කට්ටියට නින්ද යන්නෙත් නෑ... සුදු අක්කත් හෙන කල්පනාවක...
'අයියෝ... මං ඉල්ලුවෙ ඔය වගේ වීඩියෝ එකක් කියල අරුන් හිතුවෙ ඇයි?' එයා කියනවා... "ඇයි හත් දෙයියනේ, මං කොහොමද හෙට උන්ගෙ මූණු බලන්නෙ?'
'මං හෙට ඕක උන්ට දීලා හොඳටම බනිනවා, හිටුකො...' කියලා පොරවන රෙද්ද බෙල්ල ළඟටම ඇදගත්තු සුදු අක්කා අන්තිමේ අනිත් පැත්ත හැරුණා...
පස්සෙන්දා එයා මොනව කරගත්තද කියලා දැනගන්න විදියක් තිබුණෙ නෑ... අපි එළියට ගියේ අර කඩේ මග ඇරෙන්න අනිත් පැත්තෙ තිබ්බ ගේට්ටුව ඇරගෙන... හවස් වෙනකොට ගෙදර කට්ටියත් ආවා...
'මේ ටීවී එකට මොකද කරල තියෙන්නෙ...?' හැන්දෑවෙ නිව්ස් බලන්න ටීවී එක දාන්න ගිය අන්කල් බෙරිහන් දෙනව අපට ඇහුණා... හැමෝම මූණෙන් මූණ බලාගත්තා...
කලින් දවසෙ රෑ වීඩියෝ එක බලන්න කඩේ උන් ඇවිත් මොකක්දෝ ජල්බරියක් කළානෙ... දැන් ටීවී එක පේන්නෙ නෑ... ඇන්ටිත් කාමරේට ඇවිත් අපෙන් ඇහුවා ටීවී එකට මොනව හරි උනාද කියලා... අනේ අහිංසක අපි දන්නවයැ... අපි ඔක්කොම ඔළු ගෙඩි හෙල්ලුවා නෑ කියන්න... අන්කල්ට මල් හතක් පැනලා.... අපේ අන්කල්ට කේන්ති ගියාම එයාගෙ කටහඬ අමුතු වෙනවා... උච්ඡ ස්වරයෙන් පටන් ගන්න කතාව ඉවර වෙන්නෙ කට හඬ හීනිවෙලා ගිහින් ඤාව් සද්දෙකුත් එක්ක... දැන් ඤාව් එකක් නෙවෙයි වැලක්ම ඇහෙනවා... අපි බිරාන්ත වෙලා මොකක්ද වෙන්න යන්නෙ කියලා...
එක්කෙනෙක්වත් එකාට එකා කතාවක්වත් නෑ... සුදු අක්කව පාවලා දෙන්න කොහොමවත්ම බෑ...
අන්තිමේදි අන්කල් පහළට බැහැලා වීඩියෝ කඩේ අයියව එක්කන් ආවා... අපිව බයේ ගැහුනා, සුදු අක්කා මිනිහට බැනලා ගියා නම් පොර අපිව පාවලා දෙයි වත්දෝ කියලා.... මං හෙමින් කාමරෙන් එළියට ගිහින් බිත්තිය අයිනෙ හැංගිලා හොඳට අහුම්කන් දීගෙන බලාගෙන හිටියා...
'මේ මේකෙ වයර් එකක් ගැලවිලානෙ...' කඩේ අයියා අන්කල්ට කියාගෙන ඔළුව උස්සනකොට බිත්තිය අයිනෙන් බෙල්ල දාගෙන හිටිය මාවත් දැක්කා... ඒත් පොර නොදැක්ක විදියට අන්කල්ට පැහැදිලි කරල දෙන්න පටන් ගත්තා... 'කවුරුවත් මොකුත් කරලා නෙවේ... මේ ටීවී එකත් දැන් සෑහෙන්න පරණයිනෙ... ඒකයි...'
ඒක ඇහුනට පස්සෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ... මං ආපහු කාමරේට දුවල අන්කල් හොරාගෙ අම්මගෙන් පේන අහපු හැටි කිව්වම, එකපාරටම එකියක් ඇහුව, 'එතකොට බං ටෙලිෆෝන් බිල ආපුවම...?'
ඇඟට උනපු ලේ ටික ආයෙත් සැරයක් කොහෙ ගියාද දන්නෙ නැති උණා..
ප.ලි. පස්සෙ කාලෙක මං කසාද බැන්දට පස්සෙ මනූට ඔය සිද්දිය කීවම එයා කියනවා එතැන හයර් කරන්නෙ ඒ ජාතියෙ වීඩියෝ විතරලු... මදැයි!
අන්තිමේදි අන්කල් පහළට බැහැලා වීඩියෝ කඩේ අයියව එක්කන් ආවා... අපිව බයේ ගැහුනා, සුදු අක්කා මිනිහට බැනලා ගියා නම් පොර අපිව පාවලා දෙයි වත්දෝ කියලා.... මං හෙමින් කාමරෙන් එළියට ගිහින් බිත්තිය අයිනෙ හැංගිලා හොඳට අහුම්කන් දීගෙන බලාගෙන හිටියා...
'මේ මේකෙ වයර් එකක් ගැලවිලානෙ...' කඩේ අයියා අන්කල්ට කියාගෙන ඔළුව උස්සනකොට බිත්තිය අයිනෙන් බෙල්ල දාගෙන හිටිය මාවත් දැක්කා... ඒත් පොර නොදැක්ක විදියට අන්කල්ට පැහැදිලි කරල දෙන්න පටන් ගත්තා... 'කවුරුවත් මොකුත් කරලා නෙවේ... මේ ටීවී එකත් දැන් සෑහෙන්න පරණයිනෙ... ඒකයි...'
ඒක ඇහුනට පස්සෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ... මං ආපහු කාමරේට දුවල අන්කල් හොරාගෙ අම්මගෙන් පේන අහපු හැටි කිව්වම, එකපාරටම එකියක් ඇහුව, 'එතකොට බං ටෙලිෆෝන් බිල ආපුවම...?'
ඇඟට උනපු ලේ ටික ආයෙත් සැරයක් කොහෙ ගියාද දන්නෙ නැති උණා..
ප.ලි. පස්සෙ කාලෙක මං කසාද බැන්දට පස්සෙ මනූට ඔය සිද්දිය කීවම එයා කියනවා එතැන හයර් කරන්නෙ ඒ ජාතියෙ වීඩියෝ විතරලු... මදැයි!
චෙ අතට දුන්න දේ කටට දා ගන්න පින නෑනේ මේ කෙල්ලො ටිකට.......:)))
ReplyDeleteකාලෙකට පස්සේ නේ ද ලීයන්නේ......දිගටම ලියමු
අනේද කියන්නෙ මයියා... ඒක ඉවර වෙනකම් බලන්න දුන්නෙ නෑ කියල බැනපු සමහර අය ගැන හිතාගන්න පුළුවන්නෙ... සුදු අක්කා ඔය සිද්දිය එයා වැඩ කරන තැනට ගිහින් කිව්වම උනුත් මුන්දට බැන්නලු මෝඩි කියලා... ඊට පස්සෙ නම් එයා දුක් උනා ඉවර වෙනකම් බැලුවෙ නැතිවට... :D
Deleteවීඩියෝ කඩේ අයියා හරි හොඳයිනේ...
ReplyDeleteඋන්ද හොඳයි කියන්නෙ, ආයෙ මොනව කියනවද... :D
Deleteඩෝං ඩෝං... (ඒ මියුරුගේ පුනරාගමනයට පත්තු කල රතිඤ්ඤා හඬයි)
ReplyDeleteපාන්දරම හිනා වුනා... ඒ පිනෙන් බ්ලොග් වලට ඇබ්බැහිම වේවා.. :D
හයියෝ විළි ලැජ්ජාවෙ බෑ... බෝම ස්තූති.... හික්ස්...
Deleteචන්දනගෙ පැතුම පල දීලද කොහෙද... තාම දවල්ට ඉව්වෙත් නෑ... මේක ඉස්සරහ පැලක් අටෝගත්තු ගමන්.... හාපෝයි..
මටත් උනා ඔය වාගෙම සීන් එකක් .ඉස්සර විඩියෝ සසෙන්ටර් එක කරන කාලේ පස්සේ දවසක ලියන්නං
ReplyDeleteඅනේ ලියන්න, ලියන්න.... මටත් මේක මතක් උනේ පෙට්ටගමේ ලොකු ජෝන් එයාගෙ වස්තුව විකුණන්න දාපු පෝස්ට් එක දැක්කට පස්සෙ...
Deletehttp://oldpettagama.blogspot.com.au/2014/02/blog-post.html?
ඔයාගෙ රසවත් අතීත කතා ආයෙත් අහන්න ලැබීම ගැන බොහොම සතුටුයි. සුදු අක්ක ආව එකෙන් පාඩුවක් උනේ නෑ ඔයාලට නේද ? :D
ReplyDeleteපාඩුවක් වෙන්නෙ නෑ ගිම්හානි ඒක ඉවර වෙනකම් බලන්න දුන්න නම්... කොහෙද ඉතින්... අන්තිමට උන්ද කරපුවට රටේ නැති බොරු කියලා අපි පව් පුරෝ ගත්තා.... පස්සෙ එව්ව අහල එයා නම් බඩ පැලෙනකම් හිනා උනා... හොඳ වෙලාවට එයා ආපහු ආවෙ ගින්න නිවුනට පස්සෙ.... හික්ස්...
Deleteබොහොම ස්තුතියි ගිම්හානි...
යාලුවෝ එකතුවෙලා, හොරෙන් ෆිල්ම්ස් බලපු කාලේ මතක් උණා...:)
ReplyDeleteමියුරු ආපහු ආව එක ගැන සතුටුයි.
මේ ජාතියෙ එව්වත් බැලුවද...? අපේ ගෙදරත් ඉස්කෝලෙ නිවාඩු කාලවලට මූවීස් බලන්න ස්ලීප් ඕවර් තියෙනවා...
Deleteබොහොම ස්තුතියි පොඩ්ඩි...
දැක්කමත් සන්තෝසේ ඉහවහා යනවා අනේ... කතාව පස්සේ කියවන්නං...
ReplyDeleteහි... හි... බොහොම ස්තුතියි දේශකයෝ...
Deleteඈ බං. අරකි වමනේ දැම්මේ ඔය ෆිල්ම් එකේ කෑල්ලක් බලලද? දෙයියෝ සාක්කි, ඔක්කොම බැලුවානම් ක්ලිනික් යන්න වෙයිද දන්නේ නෑ.
ReplyDeleteඅර අංකල් කාරයා වගේ උච්ච ස්වරයෙන් පටන් අරන් ඤාව් සද්දෙකින් ඉවරවෙන්න බනින කෙනෙක් ගැන මම කල්පනා කලා. කාවවත් ඔලුවට ආවේ නෑ. කරලා බලන්නත් බෑ මෙතන ඉඳගෙන.
Welcome back! Stay tuned.
ඒකි වමනෙ දැම්මෙ උන්දැ ආසම පළතුරක් කන එක එපා වෙච්චි පාර බං... උඹට කියන්න මාත් එහෙව් එකක් දැන ගත්තෙ ඒකෙන්... මට එතකොට අවුරුදු විස්සක් විතර ඇති... හිතාගනින්කො මං කොච්චර අහිංසක, ළඳ බොළඳ, සියුමැලි, උපාසිකා....
Deleteඔය අන්කල්ගෙ ඤාව් සද්දෙ එන්නෙ මං හිතන්නෙ කියන ටික කියල ඉවර වෙනකම් හුස්ම අල්ලන් කතා කරන නිසා වෙන්න ඕන... මං කරලා බැලුවා... මට නම් ඤාව් සද්දයක් ඇහුනා... අනිත් අයට මොකක් ඇහුනද දන්නෙ නෑ... ගෙදර ගිහින් කරලා බලපන්කො... :D
අදයි මාත් මෙහෙ ආවෙ...
ReplyDeleteහරි අපූරුවට වචන ගලපනව ඔයා... හිනා කාල ඉවරයි... උදෙන්ම හිනාවෙන්න හොද පෝස්ටුවක් අම්මපා...
හී අර අක්ක කොහෙ ගියාද හැබෑටම ඈ....
එතකොට ටෙලිපෝං බිලට මක්කැයි උනේ.... අංකල්ට උණ ගැණුනෙ එහෙම නෑනෙ නේහ්...............
පුලුවංනං අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න....
Title
ඒ අක්කා ඒ වගේ බයිලා වැඩ කර කර තවමත් අවිවාහකව ඉන්නවා... ටෙලිපෝං බිල ආව දවසෙ ඒක වන වනා අංකල් ඤාව් ඤාව් ගානව ඇහුනා... අපි හිටියා අපි දන්නෙ නෑ, අපට ඇහුනෙ නෑ ගානට.... :D
Deleteබොහොම ස්තුතියි මහේෂ් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට... අනිවාර්යයෙන්ම එනවා ඒ පැත්තටත්...
අර එක්කෙනකුට වමනේ ගියේ ඇයි කියාලා තමයි මේ කල්පනා කරන්නේ!
ReplyDeleteහික්ස්... එයා ජීවිත කාලෙ පුරාවටම ආසාවෙන් කාපු පළතුරක් කන්න එපා වෙච්චි පාරනෙ අනේ... ඈක්කා කිව්වෙ...
Deleteඒ පිනම මදෑ අර අයියට කවදා හරි නිවන්දකින්න අම්මපල්ලා අපේ පැත්තේ හිටියේ නැහැ නේව ඔහොම අයියලා කොච්චර කට්ටක් කාලද අපි ඩෙක් පීස් එකක් බැලුවේ ඒකට දැන් ඉන්න එකාලා පඳුරකට ගැහුවොත් සීඩි වෙබ් සයිට් දහ පහලොස් දාහක් විසිවෙයි මහිතේ ... D
ReplyDeleteඑයා ඊට අවුරුදු පහ හයකට පස්සෙ නිවන් දැක්කා පොලෝසියෙන් අල්ලලා... ඔය වගේම වෙච්ච තවත් සීන් එකක් තියෙනව රාජ්... එදත් හරියකට බලන්න හම්බ උනේ නෑ...
Deleteදැන් කට්ටියට මොබයිල් ෆෝන් වලිනුත් බලන්න පුළුවන්නෙ ඉතින්... නැද්ද? අපි පව් නේ...? ඔයාලටත් වඩා මේ අපි...
සෑහෙන කාලයකට පස්සේ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ. කාළය ඇරෙන්න කිසිම දෙයක් වෙනස් වෙලා නෑ..
ReplyDeleteඇති වෙන්ඩම හිනා උනා. කට්ටිය බලනවා මොකෑ මූ මොනිටරේ බලාගෙන හිනාවෙන්නේ කියලා
ඕගොල්ලන්ට නම් අපට වගේ පොට්ට චාන්ස් පහළ වෙනකම් ඉන්න ඕන නෑනෙ මෙව්ව බලන්න නේද...? පව් නැද්ද අපි..
Deleteකාලෙකින් මියුරු ..ඇත්තටම වීඩියෝ කඩේ අය්යාට මොලේ තිබිලානේ .ඇත්ත කිවා නම් උන්දට කඩෙත් අකුලන් යන්න වෙනවනේ .
ReplyDeleteආයෙත් අහලා බින්දි... පස්සෙ සුදු අක්කා කියපු විදියටත් එයා වීඩියෝ පීස් එක රිටර්න් කරන ගමන් දොස් කිව්වමත් මිනිහ මොකුත් කියන්නෙ නැතුව අහගෙන හිටියලු... කොහෙන් කැරකුනත් වැඩේ එළි දැක් උනොත් යන්නෙ මිනිහගෙ පිටින්නෙ... :D
Deleteඅදයි මුලින්ම ආවේ.. නැවත එන්නම්. ජය!!
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට... බොහොම ස්තුතියි...
Deleteපලිය තමයි බොල මරුම කෑල්ල....මනු ගොයියත් ඒ චිත්‍රපටි බලලද ? ඒවායෙ තියෙන නාටක රගපාන්න ගත්තා නම් බොට විසුමක් වෙන්නෙ නෑ.
ReplyDeleteඑයාත් ඔය කිට්ටුවම නවාතැන් පොලක ඒ කාලෙ වාසය කළ නිසා කොහොමද දන්නෙ කියන එක මට වඩා කොල්ලෙක් වෙච්චි බොට තේරෙන්නෙ නැතුවයැ.... හික්ස්..
Deleteඅපිත් මුල්ම කාලේ එකක් බලන්න ඔය වගේම කට්ටක් තමයි කෑවේ හැබැයි.. කියලා වැඩක් නෑ අෆ්ෆා..
ReplyDeleteමියුරු අක්කා ආයෙම බැහැලා තියෙන්නේ කරලියට.. ආයෙම ලියමු ඈ..
ලියමු බලන්න, කොයි තරම් කල් ආයෙ ලියයිද කියලා... බොහොම ස්තුතියි දිනේෂ්...
Deleteසුදු අක්කා මියුරුගෙන් ගුටි කන්න ඇති නේද? :-)
ReplyDeleteඕව බලපු පමණින් වමනෙ යනවද?
උන්දට දෙකක් දෙන්න බැරි හින්දම ඉවසුවා රාජ්...
Deleteවමනෙ ගියේ අර පොඩි කෙල්ලටනෙ අනේ... හරියට බලලවත් නම් කමක් නෑ... අපට නං යයි වමනෙ... හෙහ්..
මොකෑ බැලුවෙ නැත්තෙ? එයා ගැන තමයි ඇහැව්වෙ!
Deleteඇයි අනේ අර කියල තියෙන්නෙ... ඕන නම් විනාඩි තුනක් බලන්න ඇති වැඩිම උනොත්... පෙන්නන්නෙ මොකක්ද කියල හරියටම තේරුනු ගමන් සුදු අක්කා පැනලා ඕෆ් කළානෙ... ඉතින් කොහෙද..?
Deleteඅප්පා.. මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක්.. හැබැයි ඉතින් ඔහොම කලබලයක් නම් උනේ නැහැ..
ReplyDeleteමමත් යුනි යන දවස් වල හිටපු බෝඩින් එකෙන් කෑම දුන්නා ( පළවෙනි බෝඩිම) එක දවසත් බත් ගෙඩිය ලෙහනකොට එකේ ඇතුලේ තිබ්බා ඉදිකට්ටක්!!
ඕක කියල මම නිකං පල් උනා විතරයි අප්පා.... ඇන්ටි නෙවෙයිනේ පිළිගත්තේ!!
ඔයාල ගෙවපු ගානෙ හැටියට ඇන්ටිට ඉදිකට්ටකට වඩා දෙයක් දාලා දෙන්න බැරි වෙන්නැති... :D
Deleteඔය බෝඩිං ඇන්ටිලා මේං කියලා පිළිගනී එව්ව නම්... ඔය බෝඩිම්වලදි මං කාපු ගල්, වැලි ප්‍රමාණය දන්නෙ මගේ උණ්ඩුකපුච්චෙ විතරයි ඕං...
බොහොම ස්තුතියි උපේක්ෂා මේ පැත්තෙ ආවට... ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට...
මියුරු කීවම එක පාරට මතක් කරගන්නත් බැරිව ගියා.
ReplyDeleteහක් මේ තරම් එහෙම බ්ලොග් නොලියා ඉන්නවැයි නෝනේ. ඕනම නම් මාසයක් බ්‍රේක් ගන්න පුළුවන් ඊට වඩා අවසර නෑ. අපිට නඩු දාන්න පුළුවන් කියවන්නන්ගේ අයිතිවාසිකාම් අහෝසිකිරීම වෙනුවෙන්.
ආපහු ගොඩ බැහැපු එකට සතුටුයි...
අපොයි අපොයි.. එහෙනම් හොඳ වෙලාවට ආපහු ඇවිත් තියෙන්නෙ... :D
Deleteබොහොම ස්තුතියි රංගි...
ෂෙහ්..අපේ පැත්තේ මේ වගේ වීඩියෝ පීස් තියන කඩයක් නොතිබ්බ හැටි..!!
ReplyDeleteදැන් මියුරුලා අයින් වුනාට පස්සේ බොඩිමේ ඇන්ටිලා බෝඩිම් කෙරුවාව නතර කලාද?
ඒකට මේ අපි වගේ පිං කරල තියෙන්න ඕන රූ, පිං... නැත්නම් කාලය, දීපය, දේශය ඔය වගේ හරියන්නෙ කොහොමෙයි... :D
Deleteඊට අවුරුද්දකට විතර පස්සෙ ඇන්ටිගෙ දියවැඩියා තත්වය උත්සන්න වෙලා බෝඩිම කරගෙන යන්න බැරුව ගියා... බෝඩිම වැහුවා... දැන් ඤාව් අන්කලුත් ජීවතුන් අතර නෑ... දැනට අවුරුදු දෙකකට විතර කලින් එයා නැතිවුණා... එයාලගෙ එකම දරුවා වුනු නංගි කසාද බැඳලා කැන්ගරු දේසෙ... ඇන්ටිත් මෙහේ... ගෙවල් දොරවල්වලට මොනව කළාද දන්නෙ නෑ...
හප්පේ කාලෙකින් ඇවිත් ඉන්නේ මම හිතුවා අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට නම දාන්න. අර කඩේ එවුන්ට වටින්නේ නැහැනේ අර වගේ එකක් දෙන්න ගැහැණු පරාන සෙට් එකකකට අර අංකල් ඥාව් කියන එකනම් මරු
ReplyDeleteඒ කියන්නෙ දැන් අතුරුදහන් වෙච්ච එවුන් ලිස්ට් එකකට සෑහෙන්නම ඉන්නවද කෝරලේ...?
Deleteඒකනෙ අනේ... එවුන් තියන්න වටින්නෑ...
ගොඩක් වෙලාවට වීඩියෝ හයර් කරන ෂොප් වල ට ගිය ගමන් ඒතන ඉන්න මිනිහ දන්නවා මෙයාට දෙන්න ඕනෙ මොනවගේ එකක්ද කියලා.සමහර වෙලාවට ගෙදර කවුරුත් නැති බව සැනගෙනම සුදු අක්කට පීස් එක දෙන්න ඇති.
ReplyDeleteඒක නම් හරියටම හරි වෙන්න පුළුවන් දයා... පොර අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඇති අන්කල්ලා නැති බව... සුදු අක්කගෙන්ම ඇහුවද දන්නෙ නෑ අන්කල්ලා ඉන්නවද නැද්ද කියලා... නැත්නම් බය නැතුව ඔහොම එකක් දේවියැ... ඩෙක් එක හදන්නත් උඩට ආවනෙ... :D
Deleteonna mama oyaage 200 weniyaa wunaa, dan mula indan kiyawann ona ....jaya wewaa
ReplyDeleteකියවන්නකො එහෙනම්... බොහොම ස්තුතියි 200 වැනියා උනාටත් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාටත්... ජයම වේවා ඉවාන්...!
Deleteමම මෙහෙම එකක් දැක්කෙ අදයි මියුරු....නැවත ඇවිත් හෙමින් කියවන්නම්...දැනට මෙතනින් මාරුවෙන්නම්.
ReplyDeleteපුදුම වෙන්නෙ නෑ අරූ.. අවුරුද්දකට ආසන්න කාලයක් බ්ලොග් වලින් ඈත්වෙලාම හිටියනෙ... මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි... පුළුවන් වෙලාවක කියවන්න...
Deleteගෙදරක තාත්තා, වැඩට ගිහින් එන ගමන් පොඩි පුතාට බලන්න කියල කාටූන් සී ඩී එකක් අරන් ආව. මේ පොඩි එකාත් සී ඩී එකක් දා ගන්න දන්නව නිතර බලන නිසා. ඉතින් අර තාත්තා පොඩ්ඩට සී ඩී එක දීල ගේ ඇතුලට ගියා. විනාඩියක් දෙකක් යනකොට පොඩි එකා කෑ ගානව, "අම්මේ.. මෙන්නෝ...." කියල. දුවගෙන ආපු අම්මගෙයි තාත්තගෙයි කටවල් තාමත් ඇරිලලු ටී ටී තිරයෙ තිබුනු එක දැකල.. සී ඩී කඩේ එකා වැරදි සී ඩී එකක් දීල තියන්නෙ.. :D
ReplyDeleteහයියෝ පව් පොඩි එකා... මිනිහට මොනවා හිතුනද දන්නෙ නෑ... තාත්තා නම් අහගන්න ඇති එදා අම්මගෙන් කන් දෙක පිරෙන්න... :D
Delete