පර්ත් සම්බන්ධ පරණ තොරතුරු සොයද්දි මං මේක දැක්කෙ අහම්බෙන්... මීට කලින් මෙහෙම එයාලයින් එකක් ගැන අහලම තිබ්බෙ නැති නිසා විස්තර ටිකක් හොයන්න හිතුනා... ඒවායින් සමහරක් පහළ...
Ansette Australia Airlines කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වලින් 1936 පටන් ගත්තු ඉතා විශාල එයාලයින් ගෲප් එකක්... හරියට දැන් තියෙන Qantas වගෙයි... සමහර ස්ථානවල කියලා තියෙනවා මේක Sir Reginald Miles Ansett විසින් Ansett Airways Pty. Ltd විදියට 1935 දි පටන් ගත්තාය කියලත්... ඒ කාලෙ මේ මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරය මොන තරම් සාර්ථක උනාද කියලා කියතොත් ඒක Victorian Railways එකේ ආදායමට පවා තර්ජනයක් උනාලු... මෙයාලගෙ ගුවන් යානා පළමුවෙනි වතාවට ගමන් කරලා තියෙන්නෙ වික්ටෝරියා ප්‍රාන්තෙ හැමිල්ටන් වල ඉඳලා මෙල්බර්න් දක්වායි.... එක සාර්ථක වෙච්ච පාර තවත් අළුත් ගුවන් යානා ගෙන්වලා අනිත් ප්‍රාන්තවලටත් ගුවන් ගමන් ව්‍යාප්ත කරලා තියෙනවා... 1940 ඉඳලා 1990 දක්වා කාලය තමයි මෙයාලගෙ ස්වර්ණමය යුගය වෙලා තිබිලා තියෙන්නෙ...
මෙයාලා 1993 දි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා... 1993 සැප්තැම්බර් 11 ඉන්දුනීසියාවෙ බාලි වලින් ආරම්භ කරපු ජාත්‍යන්තර ගුවන් ගමන් සේවය, පසුකාලීනව ජපානයේ ඔසාකා වලටත් හොං කොං, සෝල්, තායිපෙයි, ක්වාලා ලම්පූර්, ෂැංහයි, ජාකාර්තා වලටත් ව්‍යාප්ත කරලා... ඒ උනාට වැඩිකල් නොයවාම සෝල්, තායිපෙයි සහ ක්වාලාලම්පූර් ගුවන් ගමන් නතර කරලා තියෙනවා......
2000 න් පස්සෙ තමයි මෙයාලගෙ අවාසනාවන්ත කාලෙ පටන් අරන් තියෙන්නෙ... මුලදි 50% ක කොටස්කරුවෙක් වුනු Air New Zealand, 2000 පෙබරවාරි මාසෙදි News Corporationවල කොටස් මිළදී අරගෙන මේ ව්‍යාපරයේ සම්පූර්ණ අයිතිය එයාල අතට අරගෙන තියෙනවා... ඒකෙන් Ansett ආයතනය වත්කමක් වෙනවට වඩා සල්ලි ඇදලා ගන්න ස්ථානයක් බවට පත්වුනාට පස්සෙ තමයි තේරිලා තියෙන්නෙ කරගනිපු විනාසෙ..... ඒකට හේතුව වෙලා තියෙන්නෙ Ansett ආයතනයෙ වඩා වැඩි සේවක සංඛ්‍යාවකුත්, වැඩි ගුවන් යානා සංඛ්‍යාවකුත් සහ මූල්‍ය වශයෙන් වඩාත් ඉහළ ස්ථානයක සිටීමයි... ඒකෙ ප්‍රතිඵලයක් විදියට අළුතෙන් පටන් ගෙන සාර්ථක බවට පත් Qantas එකත්, වැඩි වැටුප් ගෙවූ කාර්ය මණ්ඩලයත්, පැරණි බවට පත්වීම නිසා සහ නඩත්තු කිරීමේදී ඇතිවූ වැරදි නිසා ගුවන් ගතකිරීම නවතා දැමූ බෝයිං 767 ගුවන් යානාත් හේතුවෙන් Ansett ආයතනය දැඩි මුදල් අර්බුදයකට මුහුණ දීලා තියෙනවා... ඒකාලෙ දවසක පාඩුව ඩොලර් මිලියන 1.3ක් වෙලා..... එතකොට Air New Zealand උත්සාහ කරලා තියෙනවා වියදම අඩු කරගෙන ආදායම ස්ථාවරයක පවත්වගෙන යන්න... නමුත් වියදම අඩු කිරීමේ පියවර නිසා Ansett සේවයට තවත් හානි සිදුවීමෙන් තවත් ගුවන් ගමන් රැසක් නතර කරන්න සිදුවෙලා තියෙනවා... එහෙම වෙනකොට Air New Zealand වලට සමහර ගුවන් මාර්ග වල පාඩු විඳගෙන දුවපු Quantas සමග තරග කරන්න බැරි වෙලා... වියදම අඩු කරලා ආදායම ස්ථාවරයක පවත්වගන්න හැදුවට ඒක කරන්න බැරි වුනු පාර මෙයාලා සේවක මණ්ඩලය කප්පාදු කරන්න පටන් අරගෙන... $1 කට මෙයාලගෙ ලාභය සත 10 ක් වෙද්දි, Quantas එක සත 60 ක ලාභයක් ලබලා තියෙනවා... ඒ වෙලාවෙ New Zealand ආණ්ඩුව Air New Zealand එකට ඩොලර් බිලියන 1 ක ණයක් දුන්නට ගොඩ එන්න, Ansette වලට කොහෙත්ම උදව්වක් කරල නැහැ...
වෙන කරගන්න දෙයක් නොවුනු තැන Air New Zealand විසින් 2001 සැප්තැම්බර් 13 වෙනිදා Ansett ආයතනය 'voluntary administration' එකක් යටතට පත් කරලා තියෙනවා.... voluntary administration කියන එකේ වෙබ් definition එක මේකයි... As a legal concept, administration is a procedure under the insolvency laws of a number of common law jurisdictions. It functions as a rescue mechanism for insolvent entities and allows them to carry on running their business.
ඊට දවසකට පස්සෙ ඒ පාලනාධිකාරිය විසින් තවදුරටත් පවත්වාගෙන යාම අසීරුය කියලා Ansett සහ ඒ යටතේ ඊට සම්බන්ධව තිබූ Hazelton Airlines, Kendell, Skywest and Aeropelican ආයතනවල ගුවන් ගමන් නතර කරලා තියෙනවා.... මේ ගුවන් ගමන් නතර කිරීම පිළිබඳව ඊට කලින් ගනුදෙනුකරුවන්ටවත් කාර්ය මණ්ඩලයටවත් කිසිම අනතුරු හැඟවීමක් කරලා නැහැ... අන්තිම වෙනකම්ම කියලා තියෙන්නෙ කාලසටහන්වල විදියටම දිගටම ගුවන් ගමන් කෙරෙනවා ඇතිය කියලයි.... අදාල දවසෙ වැඩට යනකම්ම කාර්ය මණ්ඩලය මේ බව දැනගෙන ඉඳලා නැහැ... ගුවන් මගීන් දහස් ගණනක් විවිධ ස්ථානවල අතරමං වෙලා... 16,000 කට වඩා සේවක පිරිසකගෙ රැකියා අහිමි වීමෙන් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව තුල සිදු වුනු විශාල සංඛ්‍යාවකට එකවර රැකියා අහිමි වුනු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා...
සමහරු කියන විදියට ආයතනය වසා දැමීම නිසා රැකියාවන් අහිමි වූ අයට දෙන්න කියලා ඒ කාලෙ හොවාඩ් ගවර්න්මන්ට් එකෙන් ගුවන් මගීන්ගෙන් ලෙවි එකක් එකතු කරලා තියෙනවා... මගේ යාළුවෙක් කියපු විදියට ඒ $10ක්.... ඒ උනාට ඒ සල්ලි අදාල අයට ලැබිලා නම් නැතිලු... (හොවාඩ් ලංකාව පැත්තෙ එහෙම ගිහින් තියෙනවද? )
එයාලගෙ වෙබ් සයිට් එක තවමත් තියෙනවා මෙතැන... කැමති අයට ගිහින් බලන්න පුළුවන්...
තවමත් මිනිස්සු බනිනවා හොවාඩ් ගවර්න්මන්ට් එකටත්... එයාලා ගත්තු තීරණ මේ කඩා වැටීමට හොඳටම බලපෑවා කියලා...ඔය කොම්පැනියට මෙහේ මිනිස්සු හරි ආදරෙන් ඉඳලා තියෙනවා හොඳ සර්විස් එකක් දුන්නාය කියලා...
මේ එයාලයින් සමූහය කඩා වැටෙන්න යන බව දැනි දැනි තියෙද්දිත් සමහර සංචාරක ඒජන්තවරු මිනිස්සුන්ට හොලිඩේ පැකේජස් විකුණලා තියෙනවා... ඒත් ගෲප් එකේ ලොක්කා අන්තිම වෙනකම් මීඩියා වලින් එහෙම එකක් නෑ කිය කියා කියපු නිසා කට්ටිය සල්ලි දීලා ඒවා අරගෙන... සමහරු ඒ නිවාඩු ගත කරනවලු මේ ආයතනය තමුන්ගෙ අහස්යානා ගුවන්ගත කිරීම නවතලා දානකොට... ඒ මිනිස්සු ඒ ගියපු තැන්වල හිරවෙලා, වෙනත් එයාලයින් වලින් ආපහු ටිකට් අරන් තමයි ඇවිත් තියෙන්නෙ.... සමහරු ගුවන් ගමන්වලට මිළදී ගත්තු පාවිච්චි නොකරපු ටිකටුත් අනන්ත තිබිලා තියෙනවා... එහෙම ඒවට ආපහු සල්ලි ගෙවනවද...? මං හරියටම දන්නෙ නෑ.... දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.... එක අතකට කොහොම ගෙවන්නද බංකොලොත් උනාට පස්සෙ, කී දෙනෙක් කියලයැ... අනිත් එක තමයි ගුවන් මගීන්ගෙ frequent flyer points ටික... සමහරු සෑහෙන කාලයක ඉඳලා ලොකු ගාණක points එකතු කරගෙන ඉඳලා... ඒවා ඔක්කොම අහිමි වුනු එක ගැන කතා කරන්නෙ හරිම හිතේ අමාරුවෙන්....
මේ තියෙන්නෙ එයාල මුල් කාලෙ නිකුත් කරපු ගුවන් ප්‍රවේශ පත්‍රයක්....
අවසානය...
මේ ඒ කොම්පැනිය වහල දාපු දවසෙ පර්ත් ඔෆිස් එක තිබ්බ විදිය... කොම්පැනිය වහපු බව නොදත් මගියෙක්...?
.
එයාලයින් එක කඩා වැටීමෙන් පස්සෙ මිනිස්සුන්ගෙ කෝපය..
ඔය ඇඩ් වලින් බලාගන්න පුළුවන් කාලයත් එක්ක එයාලගෙ ලෝගෝ එකත් වෙනස් වෙලා තියෙන හැටි...
මෙච්චර දෙයක් වෙලත් මේගොල්ලො පාඩමක් ඉගෙන ගෙන තියෙන බවක් නම් පේන්නෙ නෑ... මේ ඉතිහාසයම නැවත වරක් කරලියට එයිද Qantas එක්ක...? එයාලත් ඔය වියදම් කපා හැරීමට බැහැලා සේවක කප්පාදුවකුත් කළානෙ...
ඕස්ට්‍රේලියාවට බොහොම කලින් සංක්‍රමණය වුනු අයට Ansett ගුවන් යානාවල ගුවන් ගමන් ගිහින් අත්දැකීම් ඇති... එහෙම අය ඉන්නවා නම් ඒ අයගෙ අත්දැකීම් සටහන් කරලා ගියොත් ගොඩක් වටිනවා...
http://www.aussieairliners.org/misc/ansett.html
http://en.wikipedia.org/wiki/Ansett_Australia
https://www.facebook.com/photo.
අපටත් තියෙනවා ඔයවගේ ගුවන් සමාගමක්..නම "මිහින් ලංකා"
ReplyDeletehttp://masandumal.blogspot.com/
නියම සුදු අලියෙක් නේද...?
Deleteඅප්පච්චි ඉගෙනගන්ට මුලින්ම ආපු කාලේ Ansette තිබුණු විත්තිය අහලා තියෙනවා...අහලා බලන්ට ඕනි. ඒකේ ගිහින් ගිහින් පොයින්ට්ස් එකතු කරලා අන්තිමේ ඔක්කොම නැති උණාලු වැහුවට පස්සේ...:)
ReplyDeleteමට මේක ලියනකොට මතක් උනේ ඔයාවයි කකාවයි... මං හිතුවා ඔයාත් මේවයෙ යන්න ඇති කියලා බබා කාලෙ හරි...
Deleteඅයියෝ... ඔය පොයින්ට්ස් ටික නැති වෙච්චි එක ගැන තමයි කට්ටිය බොහොම සෝකයෙන් කතා කරන්නෙ.... :D
පොඩ්ඩි කොහෙ යන්නද බං ...කසාද බැන්දට තාම පොඩි එකී....
Deleteහැබැයි කකා & රයිගමහන්දිය දෙන්න හොදට දන්නවා ඇති මේගැන.ඒ දෙන්නත් ඔහේනෙ ...
මේක 2001 දි සෙත්තපොච්චි වෙච්ච නිසා මං හිතුවෙ පුංචි කාලෙ ඒ වගේ යන්න ඇති කියලා... :D
Deleteඅනිත් දෙන්නම ඇවිල්ලා නෑනෙ කෙන්ජි...
මේ ගැන නං මම දැනන් උන්නේ නෑ... ස්තූතියි දැනුවත් කලාට
ReplyDeleteඔයාටත් ස්තුතියි මධුරංග....
Deleteමං හිතන්නෙ අපේ මහින්ද අංකල් ඕකෙ අයිතිකාරයගෙ නෑදෑයෙක්ද කොහෙද....හුකෑස්...
ReplyDeleteනැත්තං මෙහත් ඕ වගේ නාඩගං නටයියැ
එයා වගේ මේගොල්ලන් නම් ඔළුව අතගගා ඉඳලා නෑ මහේෂ්... උත්සාහ කරලා කරලා බැහැයි කියලා තේරුනු ගමන් අතෑරලා... හොවාඩ් ලොක්කත් කිසිම උදව්වක් කරලා නෑ කියනවනෙ... :D
Deleteඅපිත් පවත්වන් යනවා මෙයා ඔය ජාතියේ එකක්. නොදැන නෙවෙයි දැන දැනම.
ReplyDeleteතොරතුරු වලටනම් ස්තුතියි මියුරු.
ඔව් මෙයා... මං ඕක ගැන එච්චර තොරතුරු දැනන් හිටියෙ නෑ... පස්සෙ බැලුවම නියම වැඩක්නෙ... මේ බලන්නකො විකියෙ තියෙන දේ... ඔයාලා නම් දැනටමත් හොඳට දන්නව ඇතිනෙ...
Deletehttp://en.wikipedia.org/wiki/Mihin_Lanka
අපිත් ආදර්ශයට අරන් තියෙන්නේ ඔය ගුවන් සේවය වෙන්න ඕනේ...:D
ReplyDeleteමේකට නම් රාජ්‍ය අනුග්‍රහය ලැබිලා නෑනෙ මනෝජ්... ඒකනෙ කට්ටිය හොවාඩ් ආණ්ඩුවට බනින්නෙ...
Deleteතොරතුරු වලට බොහොම ස්තුති මියුරු !
ReplyDeleteඔයාටත් ස්තුතියි චන්දන....
Deleteඅපි ඒ අතින් කොච්චර හොඳද.. අපි කරන්නේ හොඳට තියෙන සමාගම කඩල ආණ්ඩුවේ හෙන්චයියොන්ගේ පාඩු ලබන ආයතන දියුණු කරන එක...
ReplyDeleteඅපි කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ ඒ අතින්...
Deleteහොද විස්තරයක්...
ReplyDeleteඑයාලගෙන්ද දන්නෙ කොතලාවල/සක්විති එහෙම ඉගෙන ගත්තෙ ...
Air New Zealand කරපු වැඩේ ආදර්ශෙට ගන්න ඇති සමහරවිට...
Deleteලංකාවේ ඔහොම බැංකුවක් නම් තිබ්බා ප්‍රමුඛ කියලා. ගණුදෙනුකාරයෝ අනාතයි. ඊට පස්සෙත් ඔය වගේ කඩාවැටිලා පාරිභෝගිකයෝ අනාත කරපු මූල්‍ය සමාගම් තිබ්බා. ඒකෙන් වුනේ මිනිස්සු ආයෝජනය කරන්න බිය වීමයි.
ReplyDeleteමම නම් ඔය ගුවන් සේවය ගැන අහලා ඇති බවක් මතක් නෑ.
ඩූඩ්, ප්‍රමුඛ එකේ ඔක්කොම ණය ගෙව්වා ශ්‍රී ලංකා ඉතිරිකීම් බැංකුව නමින් පිහිටවපු බැංකුවෙන්.
Delete@ Henry,
Deleteමේක ගැන විස්තර දැක්කෙ මාත් අහම්බෙන් ඩූඩ්... අපි මෙහාට එනකොට අතුරුදහන් වෙලා ඉවරයි...
ඔය සිදුවීම් ගැන මමත් අහලා තියෙනවා.... සමහර මිනිස්සු තමුන්ගෙ සබ්බ සකලමනාවම විකුණලා ඒ සල්ලි ඕවයෙ දාලා පොලියෙන් ජීවත් වෙලා තිබුණු කතා එහෙම... ඕවා ඇහුවට පස්සෙ මොන ආයෝජනයක්ද... තියෙන ටික පරෙස්සම් කරගන්න දඟලනවා මිසක්...
@ සෙන්නා,
Deleteඔහොම එකක් අහපු බවක් මටත් මතකයි... ඒක ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) නෙවේද සෙන්නා....?
NSB=National Savings Bank කියන්නේ හෙන පරණ රාජ්‍ය බැංකුවක්නේ බං. මම හිතන්නේ, ඒක නෙවෙයි සෙන්නා කියන්නේ, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවක් ගැන. මමත් ඒක ගැන දන්නේ නෑ. ඇත්තෙන්ම සෙන්නා ඒ ඔක්කොම සල්ලි ගෙව්වද?
Deleteමියුරු / ඩූඩ්, මම දන්න විදිහට, ශ්‍රී ලංකා ඉතිරිකිරීම් බැංකුව ( NSB නෙමේ ) කියන්නේ ප්‍රමුඛ එකේ වත්කම්, වගකීම් රජයට පවරගෙන පිහිටවපු අලුත්ම බැංකුව. මම හිතන්නේ ඒකෙන් ඔක්කොම ණය ටික ගෙව්වා තැන්පතු කරුවන්ට. මගේ යාලුවෙකුටත් හම්බුනා.
Deletehttp://www.slsbl.lk/
@ සෙන්නා, ඩූඩ්,
Deleteබොහොම ස්තුතියි දෙන්නටම... මේ ගැන මං දැනගෙන හිටියෙ නෑ...
fyi;
Deletehttp://www.lankanewspapers.com/news/2006/6/7429.html
ලින්ක් එකට ස්තුතියි සෙන්නා... අටුව කඩල පුටුව හදන වගේ වැඩ තමයි ඔක්කොම... මේක හොඳට දුවනවද දැන්...?
Deleteදන්නෑහ්..... මම ඒ ගොල්ලෝ එක්ක ගනු දෙනුවක් නෑ. ඒත් ඔපරේට් වෙනවා මම හිතන්නේ.. මේකයි මෙහෙම හරි අර මිනිස්සුන්ගේ සල්ලි ටික ගෙවපු එක වටිනවා. හොවාර්ඩ්ලා අරෙහෙම වුනාට මෙහෙ මෙහෙමයි.. හෙහ් හෙහ්.. :D
Deleteබලන් ගියාම ලංකාවේ විතරක් නෙවෙයි සක්විති වගේ දක්ෂයෝ ඉන්නේ නේද?
ReplyDeleteආයෙත් අහලා...
Deleteඅපේ රටෙත් මිහින් ලංකා එකට ඉස්සරහට මෙහෙම වුණත් ලංකාවේ කාට හරිත් මේ වගේ පෝස්ට් එකක් ලියන්න පුලුවන් වෙයි වගේ :P
ReplyDeleteමිහින් ලංකා එක නම් වැටෙන වැටෙන පාරට ගොඩ අරන් තියෙන්නෙ අර වැටි වැටි ඇවිදින දරුවෙකුට තාත්තා අත දෙනවා වගේ.... ඒ නිසා ලැජ්ජාවට හරි පවත්තගෙන යාවි නේද පුළුවන් තරම් දුරට... මගෙ අම්මෝ... විකියෙ තියෙන හැටියට දවසකට කොච්චර පාඩුවක්ද... හසිත කියන විදියට මෙහෙම උනොත් නම් ලියන්න පුළුවන් වෙයි තමා... පෝස්ට් එකක් ගොඩ... :D
DeleteMiyuru, it's not Quantas, it's Qantas
ReplyDeleteඅනේ බොහොම ස්තුතියි ඇනෝ වරද පෙන්වල දුන්නට... මට ඕක ලියන්න ගිය බොහොම වෙලාවට හොඳ කල්පනාවෙන් ලිව්වෙ නැත්නම් ලියැවෙන්නෙ ඔහොම්මයි... මං ඒ වරද හදන්නම්... QANTAS කියන්නෙ Queensland and Northern Territory Aerial Services කියන එකටනෙ... Nick name: 'The Flying Kangaroo'
DeleteThank you so much Ano...
Thanks decent Ano and Miyuru both. Learnt something new.
DeleteYou're welcome dude..
Deleteමියුරුගෙන් වෙනස්ම ලිපියක්.. මමත් ඇහුවමයි ඔය ගුවන් සේවය ගැන..
ReplyDeleteහොවාර්ඩ් ගවන්මන්ට් කියන්නේ මොකක්ද ? බලු කම කියන්නේ නොකියා වහපු එක නේද ? සාමාන්‍යයෙන් ආයතනයක් බංකොලොත් වුනාම වෙන කවුරු හරි තදයෙක් ඒක අරගෙන පවත්වාගෙන යනවනේ.. අඩුම ගානේ කීර්තිනාමයවත්.. මේකට එහෙමවත් වෙලා නෑනේ, වහලම දාලනෙ..
සෙන්නා හොවාර්ඩ් ගවර්න්මන්ට් කියන්නෙ 1996 මාර්තු 11 වෙනිදා ඉඳලා 2007 දෙසැම්බර් 3 වෙනිදා වෙනකම් ඕස්ට්‍රේලියාවෙ පාලනය ගෙනියපු අගමැතිවරයාගෙ ආණ්ඩුවට... එකම අගමැතිවරයෙකු යටතේ වැඩිම කාලයක් ඕස්ට්‍රේලියාව පාලනය වුනු දෙවෙනි අවස්ථාව කියනවා ඒ.... අන්තිමට කෙවින් රඩ් තමයි මිනිහව පැරැද්දුවේ... එයාට වෙච්ච හරිය දන්නව ඇතිනෙ... ජෝන් හොවාර්ඩ් ක්‍රිකට් වලට ආස කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධයි... මතකද මුරලිගෙ ප්‍රශ්ණෙ වෙච්ච වෙලාවෙ මෙයානෙ හිටියෙ... එයත් කියල තිබ්බෙ මුරලි නෝ බෝල් දානව කියලා...
Deleteඒක නේන්නම් සෙන්නා... අන්තිම මොහොත වෙනකම් කාර්ය මණ්ඩලයටවත් කියල නෑනෙ... අර කිව්ව වගේ මේකෙ කීර්ති නාමයවත් අරන් නෑ කිසි කෙනෙක්...
//Victorian Railways එකේ ආදායමට පවා තර්ජනයක් උනාලු
ReplyDeleteඇන්සෙට් මියුසියුම් එකේ අය කියපු විදියටනම් Reginald Ansett ට තම මගීන්ගෙන් මුදල් ලබා ගැනීම රජයෙන් තහනම් කරලා තියනවා.බුවා එකෙන් ගැලවිලා තියෙන්නේ යාලු කඩ කාරයෙක් දොඩම් වැඩි මිලට මිලදී ගන්න (මගී ගාස්තුවත් ඇතුලත්) මගීන්ට සලස්වලා.මියුසියුම් එකේ අය තාම Air New Zealand ට බනිනවා රට ප්ලෑන්ක් ගහලා Ansett ගුවන් සේවය වැට්ටුවා කියලා.
http://www.ansettmuseum.com.au/
බොහොම ස්තුතියි නිකං අපේ දිහා ඇවිත් කමෙන්ට් කරලා වැදගත් තොරතුරක් එකතු කරලා ගියාට... ඔයා මේ මියුසියම් එක බලන්න ගියාද...? අපරාදෙ... අපි බැලරත්වලටත් ගියානෙ... දැනගෙන හිටියෙ නෑ මේ ගැන...
Deleteඅපොයි ඔව්... මෙහේ බොහෝ දෙනෙක් Air New Zealand ට බනිනවා තමයි තවමත්... පොයින්ට්ස් ටික නැතිවුනු එකේ හිතේ අමාරුවත් ගොඩක්ම තියෙනවා...
මන් නම් අහලවත් තිබුනේ නැහැනේ මේ ගැන . අපේ දිහාත් ඔය පොයින්ට්ස් පිස්සෙක් ඉන්නවනේ . මට නම් මෙලෝ ගානක් නැහැ ඔව්ව ගැන . ගමනක් යනවා කියන එකේ එපාම කරපු කොටස තමයි එයාපෝර්ට් වල රස්තියාදු වෙන එක .
ReplyDeleteස්තුතියි මියුරු.
ඔයාත් අහල තිබ්බෙ නැද්ද... මාත් දැනගත්තෙ අහම්බෙන්නෙ...
Deleteඅයියෝ, රස්තියාදුව ගැන නම් කියලම වැඩක් නෑ... ට්‍රාන්සිට් වෙන්න තිබුණම හෙන පරිප්පුව පොඩි උන් එක්ක...
මේ ගුවන් සේවයේ ලාංජනය ඔස්ට්‍රේලියාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ඇදුමෙ ඉස්සර තිබ්බා වගේ මතකයි.
ReplyDeleteඔයා දැකපු එක හරි වෙන්න ඕන සිරා... මොකද 2001 වෙනකම් Cricket Australia වල ප්‍රධාන අනුග්‍රාහකයො වෙලා ඉඳලා තියෙන්නෙ මේගොල්ලො... Ansette වැටුනට පස්සෙ තමයි Vodafone අනුග්‍රහය දක්වන්න පටන් අරන් තියෙන්නෙ....
Deleteබොහොම ස්තුතියි අළුත් තොරතුරක් එකතු කළාට.... :D
ඇයි මියුරු එයාලයින් එකේ පාඩුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දරාගන්නෙ නැද්ද,අපරාදෙනෙ.අපෙන් ඇහුවනං කියල දෙන්න තිබුණා
ReplyDeleteමේ වගේ දේවලදි අපි මෙයාලට වඩා ඉස්සරහින් ඉන්නෙ කියන එක හොඳට දැනුවත් කරලා ඉන්න එක කාලීන අවශ්‍යතාවයක් වගේ නේද හැලප... හෙටානිද්ද Qantas එක ගොඩ දාගන්නත් උපදෙස් හෙම ඕන වෙයිනෙ... :D
Deleteමියුරු ඒ ගමන් ලියන රටාවත් එව්නස් කරලද?
ReplyDeleteකාලෙකට පස්සේ මේක කියවනන් ලැබුනේ. කොහෙද දැන් අපිට කියවන්නවත් වෙලාවක් නෑනේ.
එහෙම කළේ නෑ රංගි... මං ඉන්න පළාතෙ තොරතුරුත් ටිකක් එකතු කරන්න හිතුවා අර ලිපි අතරටම... ඔයා බොහොම බිසී බව දන්නවා... ඕන්නොහේ පුළුවන් වෙලාවක ඇවිත් කියවල යන්න අනේ... :D
Delete